මානව පරිණාමයේ නවතම වංශකතාව...
නූතන මානවයා බිහි කළ ඒ දීර්ඝ
පරිණාමීය වංශකතාව ඇරඹෙන්නේ එක් වැදගත් පියවරකිනි. ඒ දෙපයින් ඇවිද යෑම
ඇරඹීමයි. අදින් වසර මිලියන හයකට පමණ පෙර අප දන්නා අපේ ආදිතමයන් කිහිප දෙනා
අතරින් එක් අයකු වන Sahelanthropus මානවයා වානරරූපී ගමන් විලාසයේ සිට
දෙපයින් ඇවිදීම දක්වා වෙනස් වීම ආරම්භ කර තිබිණි. එහෙත් Homo sapiens
මානවයා කල එළි බසින්නේ තවත් වසර මිලියන 5කටත් වැඩි කාලයක් ගත වීමෙන් පසුව
ය. ඒ දක්වා ගත වූ දීර්ඝ කාලය තුළ විවිධ මානව විශේෂ ජීවත් වී, පරිණාමය වී,
වඳ වී ගිය අතර ඒ අතරමැද සමහර විට අන්තර් අභිජනනය ද සිදු විය.
...