logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


නව කොරෝනා වයිරසය අපටත් තර්ජනයක්‌ වෙයි ද?



මේ දිනවල ලෝකය තුළ සුවිශාල බියක්‌ ජනිත කරවමින් අවධානයට ලක්‌ ව ඇති මාතෘකාවක්‌ වන්නේ නව කොරෝනා (New corona) වයිරසයයි. පළමුව චීනය බියෙන් මුසපත් කරවූ මේ වයිරසය අද වන විට අප රටේ ජනතාව තුළත් නැතිගැන්මක්‌ ඇති කොට තිබේ. එයට හේතු ගණනාවක්‌ තිබේ. පළමුවැන්න චීනය හා වර්ධනය වී ඇති සබඳතා අනුව චීන ජාතිකයන් සුවිශාල ලෙස මෙරටට පැමිණීම හෝ පිට වීම සිදුවීමත්, චීන ජාතිකයන් විශාල ලෙස රට තුළ ගැවසීමත් ය.

එනිසා චීනයෙන් මේ වයිරසය අපටත් ඒවි දොa යන සැකය හා බිය සාමාන්‍ය ජනයා තුළ ඇති වීම අපේක්‌ෂා කළ හැකි ය. කෙසේ වෙතත් මේ පිළිබඳ විද්‍යාත්මක මතය නො විමසා නිගමනයකට එළැඹීමට ද නොහැකි ය. එසේ ම ඒ පිළිබඳව අනවශ්‍ය ලෙස කලබල වීම ද නුසුදුසු ය.

මේ අවදානම ගැන කතා කිරීම (විශේෂයෙන් ම චීනය ද සම්බන්ධ වී ඇති කරුණක්‌ නිසා) අනවශ්‍ය ලෙස මිනිසුන් බිය කිරීමක්‌, අනවශ්‍ය දේශපාලන ගැටලු ජනිත කරන්නක්‌ ලෙස ඇතැමුන් පැවසුවත් අපගේ අවශ්‍යතාව මේ පිළිබඳ සැබෑ තත්ත්වය විමසීමයි.

මෙය පළමුව හටගත්තේ චීනයේ වුව ද මේ වන විට එය ඇමෙරිකාවට ද ඇතුළු තවත් රටවල් රැසකට ද පැතිර ගොස්‌ අවසාන ය. ඇමෙරිකාවෙන් වාර්තා වූ පළමු රෝගියා වොෂින්ටන් වැසියෙකි. ඔහු දින කිහිපයකට පෙර චීනයට ගොස්‌ ඇති අතර මේ ව්‍යසනය පැතිරුණ වුහාන් නගරය ඔහුගේ එක්‌ ගමනාන්නතයක්‌ වී තිබේ. ඔහු වුහාන් වෙත ගිය ද එහි වූ සාමුද්‍රික ආහාර අලෙවි මධ්‍යස්‌ථාන වෙත නො ගිය බවට සහතික වී තිබේ. ඔහු එසේ කීමට හේතුව නම් මේ වයිරසය චීනය තුළ බහුල ව පැතිර ගියේ සාමුද්‍රික ආහාර අලෙවි ස්‌ථාන හරහා බැවිනි.

එසේ ම මේ වයිරසයට ගොදුරු වීමෙන් මිය ගිය පළමුවැන්නා වුහාන්හි මස්‌ වෙළෝදසලකට සම්බන්ධ අයෙකි. වයිරසය සංක්‍රමණය වන්නට ඇත්තේ මස්‌ වෙළෝදපොළේ තිබූ සාමුද්‍රික මස්‌ හෝ වෙනත් සතුන්ගේ මස්‌ හරහා විය හැකි යෑයි පළමු දිනවල දී සැක පහළ කෙරිණි.

වුහාන්හි සාමුද්‍රික සත්ත්ව මාංශ අලෙවිසල් මෙන්ම කුකුළු හා හරක්‌ මස්‌ කඩ ද බහුල ය. එසේ ම මේ සාමුද්‍රික මාංශ අලෙවිසල්වල කුකුළු මස්‌, බළල් මස්‌, හා මස්‌, නරි මස්‌ වැනි මාංශ ද අලෙවි වේ. සමහරුන් සැක කරන්නේ කුකුළු මස්‌ හෝ සජීවී කුකුළන් හෝ හරහා මේ විෂබීජය පැතිරුණ බවයි.

"සුපිරි වෙළෝදසල්වලින් ගන්න ලැබෙන ශීත කළ මස්‌වලට වඩා සමහරු කැමතියි මස්‌ කඩේට ගිහින් අමුවෙන් මැරූ කුකුළෙක්‌ ගන්න. ඒවා අලුත් නිසා මස්‌ රස බව මිනිස්‌සු විශ්වාස කරනවා. හැබැයි මේ තැන්වල පවිත්‍රතාව අඩුයි. නිරෝධායනයක්‌ නැහැ. ඒ නිසා විෂ බීජ ව්‍යාප්ත විය හැකියි" එසේ පවසන්නේ චීනයේ පීකිං විශ්වවිද්‍යාලයයේ මූලික වෛද්‍ය විද්‍යාවන් පිළිබඳ පීඨයේ ප්‍රතිශක්‌තිවේදය පිළිබඳ මහාචාර්ය Wang Yuedan ය.

අනෙක්‌ අතට මේ එළැඹෙන්නේ චීනයේ උත්සව සමයයි. චීනය 2020 දී අලුත් අවුරුද්ද සමරන්නේ ජනවාරි 25 වැනි දා ය. උත්සව කාලය නිසා මස්‌ මාංශවලට විශාල ඉල්ලුමක්‌ තිබෙන අතර මස්‌කඩ වසා තැබීම ද අපහසු දෙයක්‌ වනු ඇත. මස්‌ මාළු භාවිතයෙන් විවිධ ආහාර වර්ග පිසීම හා එක්‌ ව ආහාර ගැනීම මේ උත්සවයේ එක්‌ අංගයකි. දැනට නිවැරැදි ව ම නිශ්චය කොට නැතත් වවුලන් ගෙන්, සර්පයන් ගෙන් හෝ මීයන් ගෙන් මේ විෂබීජය මූලිකව ම පැතිරෙන්නට ඇතැයි සැක කෙරේ. මේ සියලු සතුන්ගේ මස්‌ වර්ග චීනයේ දී පාරිභෝජනයට ගැනෙන බැවිනි.

මේ ලිපිය ලිවීම අරඹන මොහොත වන විට චීනය තුළ කොරෝනා වයිරසය ම`ගින් සිදු වූ මරණ ගණන 9ක්‌ ව තිබිණි. වාර්තා වී තිබූ රෝගීන් ගණන 450කි. දිනක්‌ ඇතුළත ලිපිය ලියා අවසාන කරන මොහොත වන විට එය 17ක්‌ බවට පත් ව තිබේ. එනම් එක්‌ දිනක්‌ තුළ ආසන්න ව 100%කින් වැඩි වීමකි. සඳුදා හවස වන විට එනම් පුවත් පත මුද්‍රණයට යන විට මරණ ගණන 81කි.

චීන ජාතිකයෝ මේ උත්සව කාලයේ දී තම ගම්බිම් බලා යන්නටත්, විදේශ සංචාරවල යෙදෙන්නටත්, සිද්ධස්‌ථාන වන්දනාවේ යන්නටත් කැමැත්ත දක්‌වති. එහෙත් දැන් සිදු ව ඇති දෙය අනුව ඔවුන්ට මේ සංචාර සීමා කරන්නට සිදු ව ඇත.

වයිරසය පැතිරෙන්නේ සත්ත්ව මාංශ (හෝ සෘජු ව ම ජීවී සතුන් ම`ගින්) හරහා නම් ගමන් බිමන් සඳහා බිය විය යුතු ඇයි ද යන්න ඔබට ගැටලුවක්‌ විය හැකි ය.

එහෙත් අලුතෙන් ම හෙළි ව ඇති කරුණක්‌ නම් මේ විෂබීජය මිනිසා ගෙන් මිනිසාට සෘජු ව ම සම්ප්‍රේෂණය වීමේ හැකියාව ඇති බවයි.


මිනිසා ගෙන් මිනිසාටත් සම්ප්‍රේෂණය වනවා

මිනිසා ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වීමේ හැකියාව මේ වයිරසය සතු බව සොයාගැනීමෙන් පසුව චීනය සංචාරක කටයුතු සඳහා යම් ආකාරයක සීමා පනවා ඇත. එයට හේතුව නම් මිලියන 400-450කට ආසන්න ප්‍රමාණයක්‌ එහා මෙහා ගමන් ගැනීම හේතුවෙන් හා පොදු ස්‌ථානවලට රොක්‌ වීම හේතුවෙන් මෙය වසංගතයක්‌ වීමට ඉඩ තිබීමයි. තර්ජනය ඇරඹුණු ප්‍රදේශය සෙසු ලෝකයෙන් හුදෙකලා කිරීමට ද චීනය විසින් පියවර ගන්නා ලදි.

චීන ජනාධිපති Xi Jinping මාධ්‍යවලට ප්‍රකාශ කොට සිටියේ වයිරසය ව්‍යාප්ත වීම වැළැක්‌වීමට ගත යුතු හැම පියවරක්‌ ම රජය ගන්නා අතර රෝගීන්ට හොඳ ම ප්‍රතිකාර ලබා දෙන බවයි.

තායිලන්තය, ජපානය හා දකුණු කොරියාව යන රටවලින් ද රෝගීන් වාර්තා වී ඇති අතර ඒ සියලු දෙනා චීනය සමඟ සබදතා පැවැත්වූ අයයි.


උතුරු කොරියාව තහංචි පනවයි

උතුරු කොරියාව වයිරසයට එරෙහි ව ක්‍රියා කරන්නට පටන්ගත්තේ අමුතු ම ආකාරයකට ය. එරටට එන විදේශිකයන්ට තාවකාලික තහනමක්‌ පනවන ලදි. උතුරු කොරියාවට සංචාරකයන් වැඩියෙන් ම එන්නේ චීනයෙනි. එය එරටට විශාල ආදායමක්‌ සපයන ව්‍යාපාරයකි. එහෙත් ආර්ථික ලාබ වෙනුවෙන් සෞඛ්‍ය ගැටලු ඇති කරගත නොහැකි බව සඳහන් කරමින් ඔවුන් මේ තීරණය ගෙන තිබේ.


විකෘති සැදිය හැකියි

ජනවාරි 21 වැනි දා මාධ්‍ය හමුවට සහභාගී වෙමින් චීන සෞඛ්‍ය ඇමැතිවරයා පැවසුවේ රට පුරා ජනතාව ගැවසෙන තැන්වල වයිරස පැතිරීම අවම කිරීම සඳහා පරික්‌ෂා කිරීමේ මධ්‍යස්‌ථාන ඇති කර තිබෙන බවයි. විශේෂයෙන් ම ගුවන්තොටුපළ ආශ්‍රිත ව මේ පිරික්‌සුම් මධ්‍යස්‌ථාන ස්‌ථාපනය කර ඇත.

චීන වෛද්‍ය කණ්‌ඩායම් දැනට අනාවරණය කරගෙන ඇත්තේ මේ වයිරසයට අනුවර්තන සහිත විකෘති (mutants) වර්ධනය කරගැනීමේ හැකියාව ඇති බව ය. එය භයානක තත්ත්වයක්‌ වන්නේ දැනට මේ වර්ගයේ වයිරස මර්දනයට ගැනෙන ක්‍රමෝපාය ද එම විකෘතිවලට එරෙහි ව යොදාගත නොහැකි වීමට ඉඩ ඇති හෙයිනි.


වයිරසය ක්‍රියාත්මකවන්නේ කෙලෙස ද?

මේ වයිරසය සතුන්ගෙන් සතුන්ට මෙන්ම සතුන් ගෙන් මිනිසාට ද ඊට අමතර ව ද මිනිසා ගෙන් මිනිසාට ද සම්ප්‍රේෂණය වන බව හෙළිව තිබේ. මේ වයිරසය රෝගී වූ පුද්ගලයකුගේ සෙම සොටු වැනි ශ්‍රාව හරහා බෝ විය හැකි ය. එනම් වාතය හරහා බි`දිති මගින් බෝ වේ. මේ වයිරසය RNA හා ප්‍රෝටීනවලින් සමන්විත වන අතර ප්‍රෝටීනවල ව්‍යූහය SARS විෂබීජයට සමාන ය. මානව සෛලයට මේ වයිරසය බැ`දීම සිදු වන්නේ වයිරසයේ පවතින Angiotensin Converting Enzyme 2 (ACE 2) නම් එන්සයිමය ම`ගිනි. උග්‍ර ලෙස මානව සෛලවලට හානි කළ SARS වයිරසයේ ද මෙය පැවතිණි.


ආචාර්ය මනෝඡ් ප්‍රසන්න රත්නායක