logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


කාර්යක්‍ෂම ප්‍රවාහනයෙන් - ඉදිරියට...



ඔබ එදිනෙදා ගමන් බිමන්වල දී බලශක්‌ති කාර්යක්‍ෂමතාව පිළිබඳව ම`දක්‌ හෝ සිතුවේ ද?

එහෙත් ඔබ ප්‍රවාහනයේ දී බලශක්‌තිය ඉතිරි කළ හොත් ඔබගේ ප්‍රවාහන වියදම් ඔබ නො සිතන අයුරින් අවම වේ. බොහෝ විට ඔබේ නො දැනුවත්කම නිසා ම ප්‍රවාහනයේ දී අනවශ්‍ය ලෙස බලශක්‌තිය අපතේ යයි. ආරක්‍ෂිත හා බලශක්‌ති කාර්යක්‍ෂම නාගරික ප්‍රවාහනය ම`ගින් යහපත් සෞඛ්‍යය ඇතුළු තිරසර ඉලක්‌ක කිහිපයක්‌ ළ`ගා කරගත හැකි ය. ඔබේ වාහනයේ ඉන්ධන කාර්යක්‍ෂමතාව, වාහනය පැදවීමේ පුරුදු ද මේ බලශක්‌ති කාර්යක්‍ෂමතාව කෙරෙහි බලපායි.


නිසි ලෙස සැලසුම් කරමු
අනවශ්‍ය ගමන් බිමන් අඩු කරමු


කෙටි දුර ගමන් කරන අවස්‌ථාවල දී පයින් යැමට හෝ බයිසිකලය පැදීමට හෝ පුරුදු වන්න. එය ඔබගේ සෞඛ්‍යයට හිතකර ය.

හැකි සැම විට ම පොදු ප්‍රවාහන සේවා භාවිත කරන්න. සිතන්න, මිනිසුන් 60 දෙනකුට එක ම ගමනාන්තයකට යැමට අවශ්‍ය බව. රූපය දෙස බලන්න. මේ 60 දෙනා ම වාහනවල ගමන් ගත හොත්, මහා මාර්ගයේ කෙතරම් ඉඩක්‌ ඔවුනට අවශ්‍ය වනවා ද? එහෙත් මේ හැම දෙනා ම පොදු ප්‍රවාහන සේවය භාවිත කළ හොත් ඔවුන්ට අවශ්‍ය වන්නේ එක්‌ බස්‌ රථයක්‌ පමණි.

* කාර්යාල නිසා ඇති වන වාහන තදබදය ඇතුළු වාහන තදබද වැඩි අවස්‌ථා ම`ග හරින්න.

* කාර් පූලින් (car pooling) ක්‍රමවේදය ප්‍රචලිත කරන්න. කාර් පූලින් යනු කණ්‌ඩායමක්‌ එකතු වී එක ම වාහනයකින් සැමගේ අවශ්‍යතාව සපුරාගැනීමයි.

* අනවශ්‍ය ගමන් වළක්‌වාගන්න. බිල් ගෙවීම් සඳහා ඔන් ලයින් බැංකු සේවා භාවිත කරන්න. අද වන විට සියලු ම බිල්පත් ගෙවීම් ඔබගේ පරිගණකයෙන් හෝ ජංගම දුරකථනය භාවිතයෙන් හෝ කළ හැකි ය.

* ධාවනයේ දී ක්‍ෂණික ව වේගය වැඩි කිරීමෙන් වළකින්න. (ඉන්ධන නිකරුණේ නාස්‌ති වන බැවින්)

* ධාවනයේ දී ආරක්‍ෂාව පිණිස මිස එක වර තිරිංග තද කිරීමෙන් වළකින්න. (වැඩි ඉන්ධන දහනයක්‌ සිදු කළ යුතු බැවින්)

* වාහන තදබදය පිළිබඳ අවබෝධයෙන් මාර්ගයට පිවිසීමට පෙර වාහන තදබදය පිළිබඳව තොරතුරු ලබා දෙන ගූගල් මැප්ස්‌ (Google maps) ම`ගින් සහාය ලබාගන්න.

* වාහනය ගමන් නො කරන විට හෝ විනාඩි දෙකකට වැඩි කාලයක්‌ වාහනය නවතා තබන විට වාහනය අක්‍රිය කරන්න. එම`ගින් ඛණිජ තෙල් අපතේ යැම වැළකේ.


නියමිත කාල - නිසි ලෙස නඩත්තු

* නිසි පරිදි එන්ජිම සුසර කරන්න. නිසි ලෙස සුසර කර නොමැති එන්ජිමක්‌ යථා තත්ත්වයට ගැනීමෙන් 4%කින් ඉන්ධන පිරිමැස්‌ම ළ`ගා කරගැනීමට හැකිවේ.

* නිසි කාලයේ දී/ දුර ප්‍රමාණයේ දී ෆිල්ටර්, ලිහිසි තෙල්, සිසිලනකාරක මාරු කරන්න.

* නිසි වේලාවට වීල් එලයින්මන්ට්‌ පරික්‌ෂා කරන්න. එම`ගින් ඉන්ධන 10%කින් සහ ටයර් පීඩනය නිසි ලෙස තබා ගැනීමෙන් ඉන්ධන පරිභෝජනය 3% අඩු කරගත හැකි ය.

* කාබියුරිත එන්ජිමක්‌ සහිත වාහනයක එයාර් ෆිල්ටර් මාරු කිරීමෙන් ඉන්ධන පිරිමැසුම් 2 - 6% පමණ වේ.

* නිසි ලෙස ඉන්ධන පිරවීමෙන් පසු පියන වසන්න. එම`ගින් ඉන්ධන වාෂ්පීකරණය වළක්‌වා දෙයි.


ගුණත්වයෙන් ඉහළ ලිහිසි තෙල් තෝරාගන්න.

* වාහනයේ "භාවිත කරන්නාට උපදෙස්‌"හි සඳහන් පරිදි නිවැරැදි දුස්‌ස්‍රාවිතා ශ්‍රේණිය සහිත උසස්‌ තත්ත්වයෙන් යුතු ලිහිසි තෙල් වාහනය ස`දහා යොදාගන්න.

* නිසි කාලය හෝ දුර ප්‍රමාණය ඉක්‌මවීමට පෙර ලිහිසි තෙල් මාරු කරන්න.


වාහන පැදවීමේ දී යහපත් පුරුදු

* වහලය මත නිසි පරිදි සවි නො කරන ලද රාක්‌ක (roof racks) නිසා ඉන්ධන දහනය 10%කින් වැඩි වේ. පුරුද්දක්‌ ලෙස නො ව අවශ්‍ය විට දී පමණක්‌ roof racks සවි කරගන්න. ස්‌පොයිලර් සහ බොඩි කිට්‌ ම`ගින් වාහනවලට අමතර බරක්‌ එකතු වනවා පමණකි. එම`ගින් වාහනයේ කාර්යක්‍ෂමතාවට කිසිදු බලපෑමක්‌ ඇති නො වේ.

* සැම විට ම සියලු ම බර වැඩි ගමන් මලු රථයේ පිටුපසින් තබන්න (රථයේ ඩිකිය තුළ).

* සැම විට ම පළමු ගියරයේ සිට වාහනය පැදවීම ආරම්භ කරන්න. මඩ හෝ බෑවුමක හෝ ගමන් ගන්නේ නම් පමණක්‌ දෙවැනි ගියරයේ පදවන්න. එන්ජිමට අරගලයක්‌ නැතැයි දැනුණු විට ඉහළ ගියරයකට දමන්න.

* නිවැරැදි මොහොතේ ගියර් මාරු කිරීම ම`ගින් රථයේ ඉන්ධන පිරිමසයි. එන්ජිමේ භ්‍රමණය වේගවත් වන අතර පහළ ගියරයක පැදවීමේ දී වැඩි ඉන්ධන ප්‍රමාණයක්‌ වැය වේ.

* නිශ්චල වීමට ක්‌ලචය (වාහනය පදවන විට) භාවිත කිරීමෙන් වැඩි වශයෙන් ඉන්ධන දහනය වේ.

* බෑවුමක්‌ මත වාහනය නතර කරන විට තිරිංග යෙදීම අනිවාර්ය වන අතර, නැවත ධාවනයේ දී තිරිංග නිදහස්‌ කළ යුතු ය.

* නිරතුරු රථය හිස්‌ කිරීමට මතක තබාගන්න. අප බොහෝ දෙනා බොහෝ විට අනවශ්‍ය දෑ බොහොමයක්‌ රථයේ තබා ඇත. එම`ගින් රථයට අනවශ්‍ය බරක්‌ එකතු වන බැවින් කාර්යක්‍ෂමතාව අඩු වේ.

ඉහත ක්‍රමවේදයන් හැකි අයුරින් පිළිපැදීමෙන් ප්‍රවාහනයේ දී සිදු වන බලශක්‌ති හානිය අවම කරගත හැකි ය. එම`ගින් බලශක්‌ති කාර්යක්‍ෂම ශ්‍රී ලංකාවක්‌ සහ හරිත ආර්ථිකයක්‌ ගොඩන`ගන ගමනේ ඉදිරි පියවරක්‌ තැබිය හැකි ය.

ශ්‍රී ලංකා බලශක්‌ති කළමනාකරුවන්ගේ සංගමයේ
සුදීප ලක්‌ෂාන්