logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


බලශක්‌ති සංරක්‌ෂණයෙන් නැවුම් වෙනසක්‌ අත්දකින්න ඔබත් සුදානම් ද? (2 වැනි ලිපිය)...



අවස්‌ථාවන්ට ගැළපෙන පරිදි විදුලි බල්බ සවි කිරීමට නිවැරැදි පුහුණුවක්‌ අවශ්‍ය වේ. ඒ ඒ ස්‌ථානවල විදුලි බල්බ යෙදිය යුතු ආකාරය එකිනෙකට බොහෝ සෙයින් වෙනස්‌ වන බව පහත දැක්‌වෙන උදාහරණ තුළින් පැහැදිලි වනු ඇත.

* නාන කාමරය - මුහුණ බලන කණ්‌ණාඩියට පසෙකින් සවි කරන බල්බ, වර්ණය සහ අවකාශය පිළිබ`ද අදහසක්‌ දනවන ස්‌පොට්‌ ලයිට්‌, ජලයට සහ හුමාලයට ඔරොත්තු දිය යුතු ය.

* නිදන කාමරය - අල්මාරිය සහ කණ්‌ණාඩි මේසය ස`දහා ආලෝකය සපයන බල්බ

- කාමරයේ නිර්මාණාත්මක බව සහ මනෝභාවය වැඩි කරන සෞම්‍ය ආලෝකයක්‌ ලබා දෙන බල්බ

- ආලෝක ප්‍රමාණය අඩු වැඩි කළ හැකි ස්‌විච සහිත බල්බ

* කෑම කාමරය - බිත්තියේ වර්ණයට ගැළපෙන වර්ණයක්‌ සහිත හෝ සුදු පැහැයෙන් යුතු සෞම්‍ය (නිල් පැහැයට බර) හෝ උණුසුම් (කහ පැහැයට බර) බිත්ති ලාම්පු

- කැමති ම චිත්‍රයකට හෝ විසිතුරු භාණ්‌aඩයකට හෝ විශේෂිත ආලෝකයක්‌ ලබා දෙන ස්‌පොට්‌ ලයිට්‌

- කබර්ඩ් ඇතුළත කුඩා LED පහන්

* කොරිඩෝ සහ පඩි - වැඩි වේලාවක්‌ දල්වා තබන නිසා, බලශක්‌තිය පිරිමසන පහන් විය යුතු ය.

* මුළුතැන්ගෙය - හොඳ තත්ත්වයේ ආලෝකයක්‌ ලබා දීමට සිවිලිම් පහන් හෝ එල්ලෙන පහන්

- කාර්යයන් කරන ස්‌ථානවලට ආලෝක ධාරාවක්‌ ලබා දෙන පහන්

* විසිත්ත කාමරය - අවශ්‍යතාවට අනුව භාවිත කළ හැකි පැති ලාම්පු හෝ මේස ලාම්පු

- විලාසිතා අනුව හෝ අලංකාරත්වය ලබා දෙන සේ යෙදූ ස්‌පොට්‌ ලයිට්‌

බොහෝ විට කාර්යාල ආලෝකකරණයේ දී සිදු වන බලශක්‌ති හානිය අවම කරගැනීමට පියවර ගැනීම ඒවායේ දියුණුවට හේතු වනු ඇත. කාර්යාල කටයුතු අවසන් වී සියලු දෙනා බැහැර වූවත් විදුලි පහන් තවදුරටත් දැල්වෙන අවස්‌ථා අප ඕනෑ තරම් දැක ඇත. එවැනි අවස්‌ථා ම`ගහරවා ගැනීමට පුද්ගල දේහ චලනයට හෝ දේහ උෂ්ණත්වයට හෝ සංවේදී පහන් යෙදීම සිදු කළ හැකි ය.

ආලෝකකරණයේ දී විදුලිය අනවශ්‍ය ලෙස අපතේ යැම වැළැක්‌වීමට ප්‍රධාන වශයෙන් පහත ක්‍රම අනුගමනය කරන්න.

* ප්‍රයෝජනයට නො ගන්නා විට විදුලි පහන් නිවා දමන්න.

* කාර්යයට සුදුසු ආලෝක ක්‍රමයක්‌ ප්‍රයෝජනයට ගන්න. පාඩම් කරන විට මේස ලාම්පුවක්‌ පාවිච්චි කරන්න. අවශ්‍ය තැනට පමණක්‌ ආලේකය යොමු කරන්න.

* උපරිම ආලෝකය ලබාගැනීම පිණිස බල්බ පිරිසිදු ව තබා ගන්න (කාලයත් ගත වන විට දූවිලි බැ`දී ලැබෙන ආලෝක ප්‍රමාණය අඩු වන බැවින්).

* දිවා ආලෝකයෙන් උපරිම ප්‍රයෝජන ගන්න.

* ළා පැහැති වර්ණවලින් කාමර සරසන්න. ළා පාට බිත්ති, සිවිලිම් සහ බිම අතුරන කැට (floortiles) වලින් ආලෝකය පරාවර්තනය කරගැනීමට උනන්දු වන්න.

* එළිමහන ආලෝක කිරීම සීමා කරන්න. අවශ්‍ය නම් පමණක්‌ භාවිත කරන්න.

* වීදි ලාම්පුවලට ආලෝක සංවේදක හෝ කාලගණක යන්ත්‍ර සවි කිරීමෙන් නිවැරැදි ක්‍රියාකාරීත්වයක්‌ ලබා දෙන්න.

* LED බල්බ දිගු කලක්‌ පවතිනවාක්‌ මෙන්ම කාර්යක්‌ෂමතාවෙන් ද ඉහළ ය. ඒවා එළිමහනේ දී ද සැරසිලි ස`දහා ද වඩාත් පාවිච්චි වේ.

* අදාළ ප්‍රමිතියෙන් යුතු බල්බ සැම විට ම ප්‍රයෝජනයට ගන්න.

එදිනෙදා ජීවිත රටාව තුළ දී යොදා ගන්නා ආලෝකකරණ ක්‍රියාවලිය ඉහත පරිදි අවශ්‍යතාවන්ට සහ තත්ත්වයට ගැළපෙන අයුරින් කාර්යක්‌ෂම ව සහ ඵලදායි ලෙස යොදාගැනීම මඟින් නිකරුණේ වැය වන විදුලි බලය ඉතිරි කිරීමෙන් විදුලි බිල අවම කරගත හැකි වන අතර එම`ගින් අමතර විදුලි වියදම් අවම වී ඔබගේ මුදල් ඉතිරි වේ.

එබැවින් විදුලි ආලෝක පහන්a අනවශ්‍ය ලෙස හෝ අධි භාවිතය හෝ නවතා අවශ්‍යතාවන්ට උචිත අයුරින් භාවිත කිරීමෙන් ඔබත් ඔබගේ නිවසේ සිට ම විදුලි බල හානිය අවම කර අද සිට බලශක්‌ති සුරක්‌ෂිත ශ්‍රී ලංකාවක්‌ ගොඩනැ`ගීම පිණිස බලශක්‌ති සංරක්‌ෂණ සංග්‍රාමයට දායක වීමට අධිෂ්ඨාන කරගන්න.

සුදීප ලක්‌ෂාන්
(බලශක්‌ති කළමනාකරුවන්ගේ සංගමය)