logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


විද්‍යාව ප්‍රචලිත කිරිමේ අභියෝගය ජයගන්නේ කවදා ද?



'විද්‍යාව' යන්නෙහි ලතින් බසින් අර්ථය 'දැනුම'ය. විද්‍යාවට අදාළව සරලතම අර්ථකතනය වන්නේ ද 'පරික්‌ෂාවට ලක්‌ කළ හැකි පැහැදිලි කිරීම් සහිත දැනුම ගොඩනැ`ගීමේ ක්‍රමවේදය' යන්න ය. විද්‍යාත්මක පර්යේෂණ ම`ගින් විද්‍යාත්මක දැනුම බිහි කළ ද එම දැනුමෙන් නිසි ඵල ලබන්නට නම් එම දැනුම ව්‍යාප්ත කළ යුතු ය. එනම් විද්‍යාව ප්‍රචලිත කළ යුතු ව ඇත. විද්‍යාත්මක ඥනය හුදු රහසක්‌ ව පවතින තාක්‌ එහි ප්‍රයෝජන ලබන්නේ එක්‌කෝ සීමිත පිරිසකි. නැත හොත් කිසිවකු ප්‍රතිලාභ ලබන්නේ නැත. එහෙත් විද්‍යාව ප්‍රචලිත කිරීම ඉතා පහසු හෝ සරල ක්‍රියාදාමයක්‌ ද නො වන්නේ ය. පර්යේෂකයා, විද්‍යාව ප්‍රචලිත කිරීමට අදාළ රාජ්‍ය දේහ හෝ රාජ්‍ය නො වන සංවිධාන හා ජනමාධ්‍ය මෙහි දී සුසංයෝග විය යුතු ව ඇත. එහෙත් බොහෝ විට මේ පෑහීම සිදු නො වේ. Journal of History Culture andArt Research ජර්නලයේ නවතම කලාපයට Popularisa-tion of Science in the RussianMedia මැයෙන් නිබන්ධයක්‌ සපයන තුර්කියේ Karabuk විශ්වවිද්‍යාලයයේ R. Bakanov පෙන්වා දෙන්නේ ජනමාධ්‍යවේදීන් විද්‍යාව නිසි ලෙස ප්‍රචලිත කරන්නට උචිත දැනුමෙන් හා හැකියාවන් ගෙන් සන්නද්ධ වී නැති බවයි. ජනමාධ්‍යවේදීන්ගේ පවත්නා එම දුර්වලතාව විද්‍යා දැනුම ව්‍යාප්ත වීමට සුවිශාල බාධාවක්‌ බව ද එම අධ්‍යයනය පෙන්වා දෙයි. මේ තත්ත්වයට ජනමාධ්‍ය ආයතන මෙන්ම ජනමාධ්‍යවේදීන් පුහුණු කරන විශ්වවිද්‍යාල හා වෙනත් එවැනිs ආයතන ද වගකිව යුතු බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

එහි දී පර්යේෂකයෝ මෙවැනි අවධාරණයක්‌ ද ඉදිරිපත් කරති.

"විද්‍යාව සන්නිවේදනයේ දී කර්තෘවරයා/ ලේඛකයා තමාගේ ඉලක්‌ක කණ්‌ඩායම ගැන අවබෝධයෙන් සිටිය යුතු ය. ලියන විෂය/ මාතෘකාව පිළිබ`ද පුළුල් අවබෝධයකින් සිටිය යුතු වනවා පමණක්‌ නො ව විශාල පාඨක/ ශ්‍රාවක/ප්‍රේක්‍ෂක පිරිසකට තම පණිවිඩය නිරවද්‍යව සරල ව (සරලව යනු අතිශය ප්‍රාථමික බසකින් නො වේ) සන්නිවේදනය කිරීමේ ශක්‍යතාවෙන් යුක්‌ත විය යුතු ය. නිශ්චිත විද්‍යාත්මක සංසිද්ධි න්‍යාය වැනි දේ විකෘති කිරීමකින් තොර ව ඉදිරිපත් කරන්නට හැකි විය යුතු ය. එසේ ම බහුමාධ්‍ය ප්‍රවේශ මාර්ග (multimedia platforms) සම්බන්ධ පුළුල් අවබෝධයක්‌ ඇත්තකු විය යුතු ය. පත්තර ස`ගරා නො කියවන, රූපවාහිනි නො බලන, නව තාක්‌ෂණය පමණක්‌ වැළ`දගත් පිරිසකට ආමන්ත්‍රණය කරන්නට දැන සිටින අය විය යුතු ය."

මේ අධ්‍යයනය ස`දහා පර්යේෂකයන් රුසියාවේ ප්‍රකට විද්‍යා ජර්නල පහක්‌, පුවත්පත්, වෙබ් අඩවිවලින් සමන්විත නියෑදියක්‌ භාවිත කර තිබේ.

විද්‍යාත්මක තොරතුරු ප්‍රචාරය කිරීමට කැප ව සිටින ඇතැම් මුද්‍රිත මාධ්‍ය (විද්‍යා ස`ගරා) තමන්ගේ වෙබ් අඩවි භාවිත කරන ආකාරය ගැන ද පර්යේෂකයෝ විමර්ශනය කළ හ. ඒ විමර්ශන හරහා ඔවුන් පෙන්වා දෙන්නේ එවැනි ස`ගරාවල වෙබ් ප්‍රකාශන නිසි පරිදි ක්‍රියාත්මක නො වන බවයි. එනම් ඒවාට පහසුවෙන් ප්‍රවේශ වන්නට නොහැකි බවත්, ඒවායේ කරුණු අඩංගු කර ඇති ආකාරය අවුල් සහගත බවත් පර්යේෂකයෝ පෙන්වා දෙති. කෙසේ වෙතත් ප්‍රශස්‌ත මට්‌ටමෙන් පවත්වාගෙන යන ඇතැම් වෙබ් අඩවි ගැන ද අධ්‍යයනයෙහි ස`දහන් වේ. එවැනි එක්‌ වෙබ් අඩවියක්‌ සිය Portals ම`ගින් විෂයට අදාළ වීඩියෝ පවා නිකුත් කරයි. පර්යේෂකයන් යෝජනා කරන්නේ විද්‍යා ජර්නල හෝ ස`ගරා සිය මුද්‍රිත පිටපතේ ම අන්තර්ජාල පිටපතක්‌ නිකුත් කිරීමෙන් වැළකී, වෙබ් අඩවි ස`දහා නිර්මාණශීලී ප්‍රවේශ යොදාගත යුතු බවයි. රාජ්‍ය සහාය ම`ද වීම ද විද්‍යාව ප්‍රචලිත කිරීමට බාධාවක්‌ බව එම අධ්‍යයනය පෙන්වා දෙයි.

මේ මාතෘකාව පිළිබ`දව ම සාකච්ඡා කෙරෙන Science in Media Landscape නම් වූ අධ්‍යයනය ද ඉතා ඵලදායි එකකි. ජර්මනියේ Helmholls පාරිසරික මධ්‍යස්‌ථානයේ StefanieR. Luts ඇතුළු පිරිස විසින් සිදු කරන ලද මේ අධ්‍යයනය Hydrology and Earth System ජර්නලයේ 2018 කලාපයේ පළ ව තිබිණි. එම අධ්‍යයනය පෙන්වා දෙන්නේ දෙන එක්‌ කරුණක්‌ නම් විද්‍යාව ව්‍යාප්ත කිරීමට පවත්නා බාධාවක්‌ වන්නේ ජනමාධ්‍යවේදීන් විද්‍යාඥයන්ගේ පණිවිඩය නිරවද්‍යව ජනතාව වෙත ගෙන යැමට අසමත් වීම බවයි. එසේ ම ජනමාධ්‍ය විද්‍යාත්මක තොරතුරු ද සාවද්‍ය ලෙස වාර්තා කිරීම ගැන ද අධ්‍යයනය ස`දහන් කරයි. මීට අමතර ව විද්‍යාත්මක අනාවරණ පිළිබ`ද මාධ්‍ය මුණිවත රැකීම ද ගැටලුවක්‌ සේ පැනන`ගින බව අධ්‍යයන පෙන්වා දෙයි.


පත්තරකාරයන් ටයිටේනියම් බියක්‌ මැවූ හැටි

සුරිච් මහාචාර්යවරයකු වූ James Kirchner 2017 දී පර්යේෂණ පත්‍රිකාවක්‌ ඉදිරිපත් කරමින් කියා සිටියේ යුරෝපීය රටවල භූගත ජලයෙහි ඉතා ම සුළු වශයෙන් ටයිටේනියම් පැවතීමේ ඉඩක්‌ ඇති බවයි. එයට හේතුව 50 දශකයේ දී සිදු වූ න්‍යෂ්ටික අත්හදා බැලීම් බවත් ඔහු ස`දහන් කළේ ය. මේ සම`ග ම Daily Mail නම් බ්‍රිතාන්‍ය ටැබ්ලොයිඩය ලිපියක්‌ පළ කරමින් ලොව ම කැළඹීමට පත් කළේ ය.

"ලොව පුරා භූගත ජලය පානය කරන බිලියන ගණනක්‌ වන ජනයා විකිරණශීලී විෂ ම`ගින් අනතුරට පත් වීමේ අවදානමක්‌ ඇත" යනුවෙන් ශීර්ෂයක්‌ එම ලිපියේ විය. එය මහාචාර්ය Kirchner ගේ ප්‍රකාශයේ අතිශෝක්‌තිමය වර්ධනයකි. මහාචාර්යවරයා නො කිව් බොහෝ දේ එහි විය. ටයිටේනියම් ඇති වතුර බීමෙන් පිළිකා වැළෙ`දන බව ද ලිපියේ ස`දහන් විය. මහචාර්ය Kirchner වහා ම Daily Mail පුවත්පතට කියා සිටියේ මේ ප්‍රවෘත්තිය නිවැරැදි කරන ලෙසයි. අවම වශයෙන් පුවත්පත ඒ ඉල්ලීමට කන් දුන්නේ හෝ නැත.

විද්‍යාව ප්‍රචලිත කිරීම සම්බන්ධව මාධ්‍ය භාවිත වන ආකාරය ගැන කිසියම් අධ්‍යයනයක්‌ අප රටේ සිදු ව ඇත්ද යන්න ගැන මේ ලේඛකයා අන්තර්ජාලයෙන් හා විශ්වවිද්‍යාල පුස්‌තකාල කිහිපයක්‌ හරහා සොයා බැලුව ද ප්‍රශස්‌ත මට්‌ටමින් කෙරුණු එවැනි අධ්‍යයනයක්‌ සොයාගත නොහැකි විය. එසේ වෙතත් උක්‌ත අධ්‍යයනවලින් ගෙන හැර පෑ අභියෝග අප රටට ද අනිවාර්යයෙන් ම අදාළ ය.

ආසන්නතම නිදසුනක්‌ ලෙස ඉකුත් නොවැම්බර් පළමු වැනි දා මෙරට පැවැති ලෝක විද්‍යා දින සැමරුම දැක්‌විය හැකි ය. ජාතික විද්‍යා පදනමේ මෙහෙයවීමෙන් එම උළෙල අති උත්කර්ෂවත් අයුරින් බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී සමරන ලදි. එහෙත් මේ පිළිබ`ද පසු විපරමක යෙදෙන විට එක්‌ ගැටලුවක්‌ පැනන`ගියි. එය නම් මුද්‍රිත හා විදයුත් මාධ්‍ය මේ උළෙල ගැන හෝ ලෝක විද්‍යා දිනය ගැන දැක්‌වූ සංවේදිතාවයි. කිසිදු මාධ්‍ය ආයතන ප්‍රධානියකු ඒ උත්සවයට පැමිණ සිටියේ නැත. ජාතික විද්‍යා පදනමෙහි නිලධාරීන් ජනමාධ්‍ය ආයතනවලට මේ උළෙල ගැන දැන්වූ බව මේ ලේඛකයා පෞද්ගලිකව ම දනී. එහෙයින් ඔවුනට තමන් මේ ගැන නො දන්නා බව පවසන්නට නොහැකි ය. නළුවකු නිළියක හෝ බාල දේශපාලනඥයකු හෝ මොනවා හෝ පොඩි දෙයක්‌ කරන කියන විට එතනට මයික්‍රපෝන රැගෙන දිව යන රූපවාහිනි හෝ ගුවන් විදුලි නාළිකාවල නිවේදකයන්, කැමරාකරුවන් එහි පැමිණ සිටියේ නැත. සමහර විට එසේ වූයේ දේශපාලනඥයන්ට මේ උළෙලට ආරාධනා කර නො තිබූ නිසා ද විය හැකි ය. මේ උළෙල කිසිදු දේශපාලනඥයකුගේ හිස්‌ වදන් ම`ගින් කිළිටි නො කිරීම ගැන ජාතික විද්‍යා පදනමේ සභාපතිවරයාටත් අධ්‍යක්‍ෂ මණ්‌ඩලයටත් ප්‍රණාමය හිමි විය යුතු ය. එනිසා ම මේ උළෙල ජාත්‍යන්තර මට්‌ටමේ විද්වත් උළෙලක සිරි ඉසිලී ය. එහෙත් අපේ රටේ විද්යුත් මාධ්‍යවේදීන්ට දේශපාලකයකු සහභාගි නො වන ඉසව්වක්‌ තම ප්‍රවෘත්තිවලට හෝ විශේෂ වැඩසටහනකට හෝ ඇතුළත් කරන්නට තරම් වැදගත් නො වනවා විය හැකි ය. ඒ ඉසව්ව බොහෝ නාළිකාවල ප්‍රවෘත්ති වලට හෝ ඇතුළත් කර නොතිබුණේ එහෙයින් විය හැකි ය. මෙවර ලෝක විද්‍යා දිනයෙහි තේමාව වී තිබුණේ ස්‌වාභාවික සම්පත් තිරසර ලෙස භාවිත කිරීමයි. ඒ පිළිබ`දව ඉතා අගනා දේශනයක්‌ රජරට විශ්වවිද්‍යාලයයේ බාහිර කථිකාචාර්ය ආචාර්ය පී. බී. ධර්මසේන මහතා විසින් සිදු කරන ලදි. සිය දේශනයේ දී ඔහු අතීත ගැමියා පරිසරයට දැක්‌වූ ආදරය ගැනත්, ඒ හරහා ස්‌වාභාවික සම්පත් රැකගත් ආකාරයත් කදිමට පැහැදිලි කර දුන්නේ ය. එහි දී ඔහු පස්‌ පැටි (පැටව් 5ක්‌) රැකීම ගැන ද කීවේ ය. එනම් කෙනකු සිය ජීවිතයේ දී පැටවුන් 5ක්‌ රැකබලා ගත යුතු පෝෂණය කළ යුතු බවයි. ඒ පැටවුන් නම් දරු පැටවා, බලු පැටවා, බළල් පැටවා, ගව පැටවා හා කුකුළු පැටවායි. අතීත ගැමි විශ්වාස, වත්පිළිවෙත් හා කියමන් පරිසරය හා ස්‌වාභාවික සම්පත් සුරැකුම සම`ග හා බද්ධ වන්නේ කෙලෙස ද යන්න ගැන ඔහු ඉතා ව්‍යක්‌තව පැහැදිලි කළේ ය. සතුන්ට ආදරය කරන හා රැකබලාගන්නා පුද්ගලයා අනිවාර්යයෙන් ගහ කොළට ද ආදරය දක්‌වයි. ගහ කොළ සතා සිව්පාවට රැකවරණය දෙන කෙනා මහපොළොවට ද ආදරය කරයි. මේ පවත්නා අෙන්‍යාන්‍ය සබ`දතාව ගැන ඔහු විද්‍යාත්මකව ඉතා පැහැදිලිව පහදා දුන්නේ ය.

මීට අමතර ව මේ උත්සවය තුළ පාසල් සිසුන් ඉදිරිපත් කළ විශේෂාංග රැසක්‌ ම විය. ඒ විශේෂාංග අතරින් පරිසරය රැකගැනීමේ වැදගත්කම කියවෙන නාට්‍යය සැම දෙනාගේ ම සිත් ඇදබැ`දගත්තේ ය. එම නාට්‍යයෙන් කියවුණේ එක්‌තරා මෝඩ රජකු හා ඔහුට ම ගැළපෙන රැජණක විසින් එම රාජධානියෙහි සත්ත්ව ප්‍රජාව හා ශාක ප්‍රජාව වනසා දමනු ලබන ආකාරයයි. පළමුවෙන් ම සිදු වන්නේ

රැජණ කැරපොත්තන් හා වෙනත් කෘමීන්ට අකැමැති වීම නිසා ඒ මට්‌ටමේ සතුන් සමූල ඝාතනය කිරීමයි. පසුව මහේක්‍ෂ ජීවීන් ද වනසා දැමේ. මෙහි ප්‍රතිඵල ලෙස සම්පූර්ණ පරිසරය ම වැනසී යයි. අවසානයේ දී ඔවුනට එම රාජධානිය අතහැර කැළෑවට යන්නට සිදු වේ. කැළෑවට යන මේ රජු හා රැජණියත් ඔවුන්ගේ කණ්‌ඩායමත් කැළේ සතුන් හා ගැටුම්වලට මැදි වේ. පසුව මැදහත් විනිශ්චයකරුවකු මේ මිනිසුන් හා සතුන්ගේ ආරවුල විස`දීමට එක`ග වෙයි. සතුන් පවසා සිටින්නේ මිනිසුන් තම වාසභූමි ආක්‍රමණය කළ බවයි. මිනිසුන් කියා සිටින්නේ කැළය ද තමන්ට අයිති බවයි. මානව අධිකරණවල දී මෙන්ම මේ කතාවේ අධිකරණයත් දිගින් දිගට ම නඩුව කල් දමයි. අවසානයේ දී සතුන් මෙන්ම මිනිසුන් ද සහමුලින් ම විනාශ වී යයි. මෙවැනි විචිත්‍ර අංග රැසකින් සමන්විත වූ මේ උළෙල විද්‍යාව ප්‍රචලිත කරවීමේ මෙවලමක්‌ ලෙස කදිමට භාවිත කළ හැකි ව තිබිණි. ඒ අපූර්ව අවස්‌ථාව ජනමාධ්‍යවේදීන් විසින් ම`ගහරින ලදි. මේ එක්‌ අවස්‌ථාවක්‌ පමණි. මෙරට තුළ විද්‍යාව ප්‍රචලිත කිරීමට අදාළ ව සිදු කෙරෙන ක්‍රියාදාම ස`දහා මාධ්‍ය ආයතනවලින් ලබා දෙන සහයෝගය ප්‍රශස්‌ත මට්‌ටමක නොමැති බව කණගාටුවෙන් වුව ද කිව යුතුව ඇත. පසුගිය දිනවල ලංකාවේ ක්‍රියාත්මක වන සියලු ම රූපවාහිනි නාළිකාවල ප්‍රවෘත්ති විකාශන පිළිබ`දව මේ ලේඛකයා විසින් විමර්ශනයක්‌ කරන ලද අතර එහි දී පෙනී ගියේ විද්‍යාත්මක කටයුතුවලට අදාළ ප්‍රවෘත්ති ප්‍රකාශයේ දී ලබා දෙන කාලය ඉතා ම අඩු බවයි. ඇතැම් නාළිකා කිසිදු මට්‌ටමක දායකත්වයක්‌ මේ ක්‍රියාව ස`දහා ලබා දී නැත. පුවත් පත්වල තත්ත්වය පවා මීට වෙනස්‌ නො වේ. අතීතයේ දී විද්‍යාව වෙනුවෙන් පිටුවක්‌ වෙන් කර තිබූ ජාතික පුවත් පත් දැන් ඒ පිටුවද කපා හැර තිබේ. ඇතැම් ජාතික පුවත්පත්වල සතියකට වරක්‌ විද්‍යාවට අදාළ වන ප්‍රවෘත්ති හෝ විශේෂාංග හෝ යම් මට්‌ටමකින් පළ වේ. එහෙත් එම පුවත් පත් පවා විද්‍යාත්මක සැසි වාර (Sumposium) වැනි ඉහළ ඇකඩමික ක්‍රියාදාම විස්‌තර කරන්නට උනන්දු නො වේ. එම පුවත්පත්වල බොහෝ විට පළ වන්නේ කෘෂිකර්මයට අදාළ විද්‍යාත්මක පුවත් ය. විද්‍යාව ප්‍රචලිත කිරීමේ දී කෘෂිකර්මය නොවැදගත් වේ යෑයි මින් අදහස්‌ නො වේ. එහෙත් එවැනි සීමාවකින් ඔබ්බට ගොස්‌ අපේ ජාතික පුවත් පත් හා රූපවාහිනි නාළිකා විද්‍යාව ප්‍රචලිත කිරීමට උනන්දු විය යුතු ව ඇත.

ආචාර්ය
මනෝඡ් ප්‍රසන්න රත්නායක