logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ද්විපාද චරණයේ ආරම්භය තවදුරටත් අතීතයට යයි?

 


 

දෙපයින් ගමන් කිරීම හෙවත් ද්වීපාද චරණය යනු මානවයන් බිහි වීම සඳහා වැදගත් වූ දියුණු පරිණාමීය ලක්‌ෂණයක්‌ ලෙස සැලකෙයි. එමෙන් ම දෙපා මත සෘජු ව ඇවිදීමට හැකි වීම සෙසු ප්‍රයිමේටාවන් අතරින් ආදි මානවයන් වෙන් කළ හැකි මූලික ලක්‌ෂණයක්‌ ද වෙයි. එබැවින් ද්විපාද චරණය හෙවත් දෙපාවත් බව (bipedalism) ඇති වූ කාල වකවානුව පරිණාමය ගැන අධ්‍යයනය කරන විද්‍යාඥයන්ගේ අවධානයට ලක්‌ වූවකි. ඒ පිළිබඳව දිගු කලක සිට වාද විවාද ඇති විය. නිදසුනක්‌ ලෙස ගත හොත්, මේ ලක්‌ෂණ මානවයන්ට ලැබී තිබෙන්නේ රුක්‌වාසී ව ජීවත් වූ ඔරන්උටන් වැනි වානරයන් ගෙන් ද, නැත හොත් ඇ`ගිලි මත ඇවිද යන පොළොව මත වැඩි කාලයක්‌ ගත කරන ගොරිල්ලා වැනි වානරයෙකු ගෙන් ද යන්න මෙහි දී සාකච්ඡාවට ලක්‌ වූ වැදගත් කරුණකි.

ද්වීපාද චරණය පිළිබඳව මේ වන විට ඇති පැරැණි ම නිශ්චිත සාධක වන්නේ Ardipithecus ramidus නම් ආදි මානව (hominin) විශේෂයයි. පැහැදිලිව දෙපයින් ගමන් කළ සත්ත්ව විශේෂයක්‌ වන ඔවුන් වාසය කළේ අදින් වසර මිලියන 4.4කට පමණ කාලයකට ඉහත දී ය. එමෙන් ම අදින් වසර මිලියන 6ත් 7ත් අතර කාලයකට පෙර මේ දෙපා මත සංචරණයේ ආරම්භය සිදු වන්නට ඇති බව විශ්වාස කරන්නට සාධක ඇත. චිම්පන්සින් හා බොනබෝ වැනි වානර විශේෂ අයත් වන පරිණාමීය ශාඛාව, ආදි මානව ශාඛාවෙන් වෙන් ව ගොස්‌ ඇත්තේ අදින් වසර මිලියන 7කට පෙර ය.

මේ පිළිබඳව වැදගත් වන සොයාගැනීමක්‌ පිළිබඳ විස්‌තර පසුගිය දා ප්‍රකාශයට පත් අධ්‍යයනයක සඳහන් වෙයි. එම`ගින් පැහැදිලි කරනු ලබන්නේ ද්වීපාද චරණය පිළිබඳ ලක්‌ෂණ පෙන්වන වානර විශේෂයක පොසිලයක්‌ ගැන ය. ඒ පොසිල අදින් වසර මිලියන එකොළහකටක්‌ වඩා පැරැණි ඒවා ය. පොසිලවලින් හෙළි වන සාධක අනුව එම වානරයන්ගේ පූර්ව ගාත්‍රා හෙවත් අත් ගස්‌වල එල්ලී සිටීම සඳහා ගැළපෙන ඒවා වුව ද, අපර ගාත්‍රා හෙවත් දෙපාවල ලක්‌ෂණ හා කො`දු ඇට පෙළෙහි ලක්‌ෂණ අනුව පෙනී යන්නේ එම වානරයන්ට දෙපාවලින් ගමන් කළ හැකි වූ බවයි. ඒ අනුව එම පර්යේෂකයන් ද්විපාද චරණය ආරම්භ වන්නේ අදින් වසර මිලියන 12කට පමණ පෙර බව යෝජනා කර ඇත. එය පිළිගනු ලැබුව හොත්, ද්විපාද චරණයේ ආරම්භය සඳහා මෙතෙක්‌ ලබා දී තිබූ කාලය වඩා ඈතට යයි.


ජර්මනියෙන් ලැබුණු පොසිල සාධක

දකුණු ජර්මනියේ පිහිටා ඇති බැවේරියාවේ මැටි පතලකින් 2015 හා 2018 අතර කාලයේ දී ලැබුණු වානර විශේෂයට අයත් සතුන් සිව් දෙනකුගේ පොසිල මේ අධ්‍යයනයට ලක්‌ වූ ඒවා ය. ඒ අතර පිරිමි සතෙකුගේ, ගැහැනු සතුන් දෙදෙනකුගේ හා පැටියකුට අයත් අස්‌ථි සාධක තිබිණි. මේ පොසිල අතර, ඌර්වස්‌ථි කොටස්‌, ජංඝස්‌ථි කොටස්‌, අත්වල පහළ කොටස්‌වල අස්‌ථි, කො`දු ඇට කොටස්‌ හා අත්වල හා පාදවල අස්‌ථි ආදිය ඇතුළත් විය.

බැලූ බැල්මට මේ වානරයා තරමක්‌ හෝ සමාන වන්නේ අද වෙසෙන බොනොබෝ නම් වානරයකුට ය. මීටරයක්‌ පමණ උස බව සැලකෙන මේ සත්ත්වයාගේ බර සෙසු මහා වානරයන්ගේ උසට වඩා අඩු ය. පිරිමි සතකු කිලෝග්‍රෑම් 31ක්‌ පමණ ද, ගැහැනු සතකු කිලෝග්‍රෑම් 18ක්‌ පමණ ද වන්නට ඇති බව ගණන් බලා ඇත. මේ වානර විශේෂය Danuvius guggenmosi යන සත්ත්ව විද්‍යාත්මක නාමයෙන් නම් කර ඇත. ඔවුන් අදින් වසර මිලියන 11.62ක පමණ කාලයකට පෙර ජීවත් වූ බවට කාල නිර්ණය කර ඇත.

මේ වානර පොසිල මනාව ආරක්‌ෂා වූ තත්ත්වයක පැවතිණි. එබැවින් මේ වානරයන් ගමන් කරන ආකාරය පිළිබඳව මනාව අධ්‍යයනය කිරීමට පර්යේෂකයන්ට හැකියාව ලැබී ඇත. විශේෂයෙන් වැලමිට, දණහිස, උකුල හා වළලුකර වැනි ක්‍රියාකාරිත්වය අතින් වැදගත් ශරීර සන්ධි පිළිබඳව විශ්ලේෂණය කිරීමට හැකියාව ලැබී ඇත. මෙතරම් පැරැණි කාලයකට අයත් එක ම ඇට සැකිල්ලකින් එවැනි අවස්‌ථාවක්‌ ලැබී ඇත්තේ පළමුවැනි අවස්‌ථාවට බව දක්‌වා ඇත.


පොසිලවල දැකිය හැකි වූ ලක්‌ෂණ

මේ වානර පොසිලවල කො`දු ඇට හා පාදයේ අස්‌ථිවලින් පෙනී ගොස්‌ ඇත්තේ එම සතුන් පාද දෙකකින් ගමන් කළ හෙවත් ද්විපාද චරණයේ යෙදුණු බවයි. ඇතැම් කො`දු ඇටවල හැඩය ම`ගින් පෙනී ගොස්‌ තිබුණේ අදාළ වානරයාගේ දේහයේ යටි කයේ පසු පෙදෙස (lower back) දිගු හා නම්‍යශීලී එකක්‌ වූ බවයි. ඒ උඩු කයෙහි බර උකුල මත දරාගනිමිනි. එම ස්‌වභාවය නූතන මානවයාට පවා සිය සමබරතාව රැකගෙන දෙපාවලින් Rජු ව ඇවිද යැමට උපකාර වන ලක්‌ෂණයකි. එමෙන් ම මේ වානරයන්ගේ දණහිස්‌ හා වළලුකරවල ද බර දරාගැනීමට හැකි අනුවර්තන දැකිය හැකි බව ද පෙන්වා දී තිබේ. මේ ලක්‌ෂණ අනුව එම වානරයා සිරිතක්‌ වශයෙන් තම දෙපා මත සිය ශරීරයේ බර දරාගනිමින් Rජු ව ගමන් කළ බව හෙවත් ද්විපාද චරණයක යෙදුණු බව මේ පර්යේෂකයන් පැහැදිලි කර ඇත.

කෙසේ වෙතත් මේ වානරයාගේ අත් හෙවත් පූර්ව ගාත්‍රාවල මෙන්ම පාදවල ද දැකිය හැකි වී තිබෙන්නේ වඩා වෙනස්‌ තත්ත්වයකි. ඒවායේ දැකිය හැකි වී තිබෙන්නේ ගස්‌වල අතු තදින් අල්ලාගැනීමට ගැළපෙන අනුහුරු වීම් ය. ඒ අනුව මේ වානරයන් අපූරු හා ඔවුනට ම ආවේණික වූ ගමන් විලාශයක්‌ දක්‌වන්නට ඇති බව මේ විද්‍යාඥයන්ගේ අදහසයි. ඒ අනුව මේ වානරයන් රුක්‌වාසී ජීවිතයක්‌ ගත කළා විය හැකි අතර, දෙපාවලින් පමණක්‌ ගමන් කරමින් සිය ශක්‌තිමත් අත්වලින් අතුවල එල්ලීමට හැකියාව තිබූ බව ඔවුන්ගේ අදහස වෙයි.

ද්විපාද චරණයේ ආරම්භය

ද්විපාද චරණයේ ආරම්භ වීම පරිණාමයේ වැදගත් අවස්‌ථාවක්‌ වන්නේ එම`ගින් තවත් කටයුතු ගණනාවක්‌ සඳහා අවස්‌ථාව සැලසුණු බැවිනි. යමක්‌ ඇල්ලීමට, විමසා බැලීමට, විවිධ මෙවලම් භාවිතයට මෙන්ම යමක්‌ රැගෙන යැම සඳහා ද අවස්‌ථාව ලැබෙන්නේ මේ පරිණාමීය ඉදිරි පියවරත් සම`ග ය.

මේ නව අධ්‍යයන වාර්තාවෙන් යෝජනා කරනු ලබන්නේ ද්විපාද චරණයේ හැකියාව ලැබෙන්නේ මානවයන් හා මහා වානරයන්ගේ පොදු පූර්වජයකු ගෙන් බවයි. ඒ අනුව ද්විපාද චරණය හෙවත් දෙපා මත ඇවිදීම මුලින් ම පරිණාමය වන්නේ අදින් වසර මිලියන 12කට පමණ පෙර ගස්‌ මත විසූ වානරයෙකු ගෙනි. එම දිනය මෙතෙක්‌ විශ්වාස කළ කාලයට වඩා වසර මිලියන 5ත් 6ත් අතර කාලයක්‌ පැරැණි ය. එමෙන් ම ඒ හැකියාව ලැබී තිබෙන පොදු පූර්වජයා වාසය කර තිබෙන්නේ මෙතෙක්‌ විශ්වාස කළ ආකාරයට අප්‍රිකාවේ නො ව, යුරෝපයේ ය. එය ද මෙතෙක්‌ තිබූ පුළුල් විශ්වාසය අභියෝගයට ලක්‌ කරන්නකි.

මේ අනුව මහා වානරයන් හා ආදි මානවයන්ගේ පරිණාමය පිළිබඳව මෙන්ම, දිවි පාද චරණය ආදි මානව ලක්‌ෂණයක්‌ ය යන අදහස මේ අධ්‍යයනයෙන් අභියෝගයකට ලක්‌ කර ඇත. මෙහි දී යෝජනා වී ඇති පරිදි ද්විපාද චරණය ආදි මානව විශේෂ බිහි වීමට පළමුව සිදු වී තිබේ නම් එය වැදගත් ය. ද්විපාද චරණය ආදි මානවයන්ට සුවිශේෂී වූ හා ආදි මානව ස්‌වභාවය තීරණය කරන ලක්‌ෂණයක්‌ ලෙස මේ වන විට සැලකේ. ඉහත දක්‌වා ඇති පරිදි එම මතය හා දින වකවානු මේ නව අධ්‍යයනය ම`ගින් ප්‍රශ්න කර ඇත. ඒ සඳහා කෙබ`දු පිළිගැනීමක්‌ ලැබෙනු ඇති ද?


නව අදහස්‌ පිළිගැනීමට ලක්‌ වේ ද?

කෙසේ වෙතත් මේ මතය සම`ග සියලු විද්‍යාඥයන් එක`ග නො වන බවක්‌ පෙනෙයි. නිදසුනක්‌ ලෙස ගත හොත් දිගු හා නම්‍යශීලී යටි කය ප්‍රදේශයක්‌ තිබූ බව පැවසීමට තරම් ප්‍රමාණවත් කො`දු ඇට කොටස්‌ හමු වී නැති බව සමහර විද්‍යාඥයන් පෙන්වා දි ඇත. එමෙන් ම අස්‌ථිවල හැඩය පමණක්‌ පදනම් කරගෙන වානරයන් ගමන් කරන ආකාරය ගැන අදහස්‌ දැක්‌වීම අපහසු බව ද තවත් විද්‍යාඥයන් පිරිසක්‌ පෙන්වා දී ඇත. අනෙක්‌ අතට මේ වානර විශේෂය වඩා පැරැණි වූ පමණින් ආදි මානවයන්ගේ Rජු පරිණාමීය රේඛාවට එම විශේෂය අයත් වී යෑයි තීරණය කිරීම නැණවත් තීරණයක්‌ විය හැකි ද යන්න තවත් විද්‍යාඥයන් ප්‍රශ්න කර තිබෙයි. එක්‌ අයකු පවසා ඇත්තේ ඇතැම් විට වානරයන් අතර ද්විපාද චරණය එක්‌ වරක්‌ නො ව කීප වරක දී පරිණාමය වන්නට ඇති බවයි. එසේ ද්විපාද චරණයක්‌ දැක්‌වීමට මේ වානරයන්ට යම් අවශ්‍යතාවක්‌ ඇති වන්නට ඇත.

මේ අනුව පෙනී යන්නේ ඉදිරි පර්යේෂණ මත මේ වානර විශේෂය අයත් වන ස්‌ථානය වඩා නිවැරැදිව තීරණය වනු ඇති බවයි. එය පිළිගනු ලැබුණ හොත් එය පුරාමානව විද්‍යාව හා පරිණාමය සම්බන්ධව වැදගත් ම`ග සලකුණක්‌ වනු ඇත. මේ අනුව මානවයන් හා මහා වානරයන් අතර ඇති අඩු පුරුක (missing link) මේ වානරයා ද යන්න තීරණය සඳහා තවත් කල්ගත විය හැකි ය.

ධනේෂ් විසුම්පෙරුම