logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


 
'හරිත කොළඹ' ලෝක පුනර්ජනනීය බලශක්‌ති 19 වැනි සැසිය මෙවර ශ්‍රී ලංකාවේ දී

ලෝක ව්‍යාප්ත පුනර්ජනනීය බලශක්‌ති 19 වැනි සැසිය මෙවර ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතියි. 'හරිත කොළඹ' ලෙස තේමාව නම් කර ඇති මේ සමුළුව සැප්තැම්බර් 29 සිට ඔක්‌තෝබර් 04 දක්‌වා කොළඹ දී පැවැත්වේ.

ලෝක පුනර්ජනනීය බලශක්‌ති සම්මේලනය යනු එක්‌සත් රාජධානිය තුළ ස්‌ථාපිත ලාබ නො ලබන සමාගමකි. හරිත පුනර්ජනනීය බලශක්‌තිය ප්‍රවර්ධනය කිරීමට අතහිත දීම එහි ප්‍රමුඛ කාර්යභාරය වේ.

නගර සංවර්ධනයේ දී පරිසර හිතකාමී බලශක්‌තිය, අඩු පිරිවැය ගෘහ නිර්මාණ ශිල්ප, පුනර්ජනනීය බලශක්‌ති උත්පාදනය, වැඩි වන බලශක්‌ති ඉල්ලුමට විසඳුම් සෙවීම, සුහුරු නගර සහ අධික වාහ තදබදය ඇතුළු ප්‍රවාහන ගැටලු වැනි විවිධ ක්‌ෂේත්‍ර මේ සම්මේලනයේ දී සාකච්ඡා වනු ඇත.

මේ ගැන දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවේ දී අදහස්‌ දැක්‌වූ නාගරික සංවර්ධන අධිකාරියේ ආචාර්ය ජගත් මුණසිංහ මහතා මෙරට ඉදි කෙරෙන වර්ග අඩි 4000කට වැඩි සියලු ගොඩනැගිලි හා ඊට වැය වන ගොඩනැගිලි ද්‍රව්‍ය සඳහා හරිත සහතිකය ලබාගැනීම ඉදිරි වසර 5 ඇතුළත පෞද්ගලික අංශයට ද අනිවාර්ය කරන බව පැවසී ය.