logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ජලබෙත්ම පරිපාලන සීමා ලෝකයට කියා දුන්නේ අපි

ලංකා රාජවංශය විජය (ක්‍රි.පූ. 543 - 505) ගෙන් ආරම්භ වන සේ ලියා තැබීම අපේ ඉතිහාසයට කුමන සක්‌විත්තකු විසින් කරනු ලැබුවත් සාහසික ක්‍රියාවක්‌ ලෙසට ම ඉතිහාසගත වනු ඇත. හෙළ රජදරුවන්තේ දස්‌කම් විස්‌කම් වළලා දැමීම ඉතිහාසය කෙටි කිරීම හරහා ඉතා සාර්ථක ලෙස ඉටු කරගත හැකි බැව් එසේ කරන්නවුන් දන්නවා හෝ නො දන්නවා ද විය හැකි ය. ශ්‍රී ලංකාවේ ප්‍රෙෘඪත්වය විදහා දක්‌වන ජල ශිෂ්ටාචාරය විජය ගෙන් ආරම්භ වූවක්‌ නො වේ. එහි නටබුන් මනා ලෙස අධ්‍යයනය කරන්නකුට එම ඉතිහාසය මහා වංශය තුළට සිර කොට තැබිය නොහැකි ය. මහාවංශය ද ඊට පෙර වූ දීපවංශය ද පෙරටු කොටගත් ඉතිහාස වාර්තා ලෙස පිළිගන්නා පූජාවලිය, නිකාය සංග්‍රහය, සද්ධර්ම රත්නාකරය, රාජ රත්නාකරය, රාජාවලිය ආදි ග්‍රන්ථ සියල්ල අභිබවා යන ඓතිහාසික සාක්‌ෂි මේ ලක්‌ බිමෙන් මතු කරගැනීමට බොහෝ අය දැන් දැන් වෙර දරති. එය නම් ප්‍රශංසනීය කරුණක්‌ ම වේ.

විජය සංක්‍රමණිකයකු නො ව ආක්‍රමණිකයෙකි. අපේ රටට විදෙස්‌වලින් සිදු වූ ආක්‍රමණික තර්ජන අපේ ලියවුණු මෙන්ම නො ලියවුණු ඉතිහාසය පුරාවට ම පවතී. රාවණ යුගයට (ක්‍රි.පූ.2554 - 2517) පෙර යුගයේ විසූ මන්ද්‍රdත රැජණ ලංකාව පාලනය කොට ඇත්තේ කොට්‌ඨාස තුනකට බෙදීමෙනි. එම කොට්‌ඨාශ තුන පාලනය කිරීම සඳහා දේවයාණි රැජනගේ පුත් කුමරුන් තිදෙනා වන තාරක, සූරපද්ම සහ සිංහමුඛ වෙත පවරා දී ඇත. තාරක කැලණිය රාජධානිය කොටගෙන පාලනය කළේ ය. මායා රට ලෙස පසුව නම් කෙරුණේ මෙය විය හැකි ය. රුහුණු රට ලෙස පසු කලෙක නම් කෙරුණු දකුණු රාජධානිය තිස්‌සමහාරාමයට නුදුරු පෙදෙසක සූරපද්ම කුමරු විසින් ඉදි කරන ලදි. සිංහමුඛ පාලනය කළ ලංකාපුර පසුව පිහිටි රට වන්නට ඇත. සිංහමුඛ තම රාජධානිය නිර්මාණය කිරීම සඳහා ඉන්දියාවෙන් ගෙන්වාගත් විශ්වකර්ම නම් වූ නිර්මාණ ශිල්පියාගේ උපදෙස්‌ ලබාගත් බැව් කියෑවේ. සිංහමුඛ නාමය පවතින පරිද්දෙන් තම පුරවරය සැලසුම් කරන ලෙස විශ්වකර්මට සිංහමුඛ ගෙන් උපදෙස්‌ ලැබිණි. සිංහමුඛ දොරටුව සහිත විශ්වකර්ම නිර්මාණය බිහි වන්නේ එලෙසිනි. වඩා සමීපතම ඉතිහාසයට අනුව කාශ්‍යප කුමරු එතැන්හි සිය රාජධානිය ඉදි කරගන්නේ එයින් වසර තුන් දහසකට පමණ පසු ව ය. කෙසේ වුව ද ජල ශිෂ්ටාචාරය බිහි වූයේ පිහිටි රටෙහි ය. ඉන්දියාවේ සිට පැමිණි කතිර නම් ආක්‍රමණිකයා ගෙන් තාරක සහ සූරපද්ම ජීවිතක්‍ෂයට පත් වූ පසු සිංහමුඛ ද පලා යැම හේතුවෙන් රට අරාජික විය. කුවේර බලයට පත් වන්නේ ඉක්‌බිති ව ය. ඔහු රාවණගේ ඥාති සොහොයුරෙකි. රාවණ රාජ්‍ය සමය ආරම්භ වන්නේ ඔහු කුවේර ගෙන් රාජ්‍ය බලය පැහැරගැනීමෙන් පසු ව ය.

රාවණ ශ්‍රේෂ්ඨ රජ කෙනකු ලෙස අපේ දිවයින වසර 37ක්‌ පාලනය කොට ඇත. එම කාලය තුළ බිහි වූ දැනුම් සම්භාරය ලංකාද්වීපය ලෝකයේ ශේ්‍රෂ්ඨත්වයට පත් කිරීමට ඉවහල් විය. අද අප කතා කරන ජල ශිෂ්ටාචාරයට පදනම වැටුණේ ද මේ යුගයේ දී ය. ඔහුගේ සොයුරු විභීෂණ ඉන්දියානු සහාය ලබාගෙන රාවණ ගෙන් රාජ්‍ය බලය පැහැරගන්නා තුරු මේ ශේ්‍රෂ්ඨ නරනිදු විසින් සිදු කරන ලද රාජ්‍ය පාලනය නිසාවට ම ලංකාද්වීපය ලෝකයේ විවිධ රටවල ඉතිහාසයට එක්‌ වූවා පමණක්‌ නො ව එම රටවල විකාශනය වූ තාක්‍ෂණික ඥානයට ද මහත් රුකුලක්‌ විය. මෙය වෙනත් රටවලින් ලැබෙන ඓතිහාසික සාක්‍ෂි මගින් ද මනාව පැහැදිලි වේ.

අද අප දකින ජල ශිෂ්ටාචාරයේ බොහෝ නිමැයුම් ඉතිහාසයට එක්‌ වී ඇත්තේ එහි මුල් ම ඉදි කිරීම කරන ලද රජුගේ නාමයෙන් ම නො වේ. නිදසුනක්‌ ලෙස කලාවැව ඉදි කරන ලද්දේ ධාතුසේන රජු විසින් යෑයි ද, යෝධ වැව පරාක්‍රමබාහු රජුගේ නිර්මාණයක්‌ යෑයි ද ඉතිහාසගත වී ඇතත් ඒවායේ මුල් ම ඉදිකිරීම් සිදු ව ඇත්තේ ඉන් ඔබ්බට ගිය ඉතිහාසයේ රජ කෙනකු ගෙනි. මේ අනුව සමහර නටබුන්වල ඉතිහාසය ගවේෂණය කරන්නකුට එහි ආරම්භය රාවණ යුගය දක්‌වා දිවෙන බවට සාක්‍ෂි සොයාගත හැකි වනු ඇත.

රාවණ රජු ශීර්ෂ දහයකින් යුක්‌ත වූවකු ලෙස සාහිත්‍යමය, ඉතිහාස ග්‍රන්ථ රචනාවල ලියවී ඇත. එනිසා ම ඔහුට 'දසිස්‌' (දසශීර්ෂ) ලෙස නම් පටබැදුණු බැව් සඳහන් ය. පර්වතයක මුදුනට ද ශීර්ෂය ලෙස සඳහන් කළ හැකි ය. එවැනි පර්වත 10ක ශීර්ෂ මත රාජධානි ඉදි කළ පාලකයකු ද දසිස්‌ ලෙස හැඳින්විය හැකි ය. ජල ශිෂ්ටාචාරයේ නිර්මාතෘ රාවණ එය ආරම්භ කළේ තම පරිපාලනය ගිරි ශීර්ෂ 10ක ස්‌ථානගත කරමින් ගංගාෙද්‍රdaණි ජල පාලනය සැලසුම් කිරීමෙන් ය.

ශ්‍රී ලංකාවේ පවතින ගංගා ෙද්‍රdaණි 103 අතරින් වඩාත් වැදගත් මෙහෙයක්‌ වන්නා වූ ප්‍රධාන ගංගා ෙද්‍රdaණි 16ක්‌ ඔහුගේ කළමනාකරණ පද්ධතියට ඇතුළත් වී තිබිණි. මේවා නම් යාන් ඔය, මල්වතු ඔය, කලාඔය, දැදුරු ඔය, මෝදරගංආරු, මී ඔය, කැලණි ගග, කළු ගග, වළවේ ගග, මහවැලි ගග, කුඹුක්‌කන් ඔය, මැණික්‌ ගග, කිරිඳි ඔය, මාදුරු ඔය, මුන්දෙනිආරු සහ ගල්ඔය වේ. මේ ගංගා ෙද්‍රdaණි 16න් ආවරණය වන මුළු බිම් ප්‍රදේශය වර්ග කි.මී. 38,595කි. උතුරු ප්‍රදේශයට අයත් ගංගා ෙද්‍රdaණි 20ක ආවරණ ප්‍රදේශය වර්ග කි. මී. 4,727කි. මෙසේ එකල ජලෙද්‍රdaණි කළමනාකරණය ලංකාවේ මුළු බිම් ප්‍රමාණයෙන් 2/3ක්‌ ආවරණය වන අයුරින් පරිපාලන රටාව තුළ සැලසුම් කර තිබිණි.

ගිරි ශිඛර 10ක උප රාජධානි 10ක්‌ ඉදි කොට ඒවායේ අමාත්‍යවරුන් හෝ යුව රජවරුන් හෝ රඳවා අදාළ සංවර්ධන කටයුතු මෙහෙයවන්නට ඇත. කලින් කලට මේවායේ ක්‍රියාකාරකම් වෙනස්‌ වන්නට ද ඇත. අද වන විට මේ ජල ශිෂ්ටාචාර පුරවරයන් වනගත වීම හෝ පුරාවිද්‍යාත්මක නටපුන් පිහිටි ස්‌ථාන හෝ එසේත් නොමැති නම් ආගමික සිද්ධස්‌ථාන බවට පත් ව ඇත. මේ ලිපියෙන් කෙරෙන්නේ මේ ස්‌ථාන 10 පිළිබඳ කෙටි විස්‌තරයක්‌ ඉදිරිපත් කිරීම ය. එහි දී වර්ග පුරාණය පුස්‌ථකයේ සඳහන් රාජධානි නාම භාවිත කිරීමට වගබලා ගැනිණි.

රකුන්ගිරි - වත්මන් නාමය රිටිගල ය. මල්වතු ඔය ෙද්‍රdaණි ශීර්ෂයේ මෙය පිහිටා ඇත. මල්වතු ඔය ෙද්‍රdaණියේ වර්ග ප්‍රමාණය වර්ග කි.මී. 3,246කි. නාච්චාදූව (පට්‌ඨපාසානවසී), නුවර වැව (නගරවාපී), මහකනදරාව (ඛානුවාපී හෙවත් කනදියදොර), තිසා වැව (තිසාවාපී), බසවක්‌කුලම (අභයවාපී), මානන්කට්‌ටිය (මහානික්‌කවිට්‌ටී) ආදී පුරාණ ජලාශ මෙහි පිහිටා ඇත. යෝධ වැවට ජලය ගෙන ගොස්‌ ඇත්තේ ද මල්වතු ඔයෙනි. රාවණ රජුගේ අග්‍ර රාජධානිය ලෙස සැලකෙන අනුරාධපුරය පිහිටා ඇත්තේ ද මේ ෙද්‍රdaණිය තුළ ය. කලින් කලට පණ්‌ඩුකාභය රජු (ක්‍රි. පූ. 437 - 366), දේවානම්පියතිස්‌ස රජු (ක්‍රි. පූ. 250 - 210), වළගම්බා රජු (ක්‍රි.පූ. 103 - 102), වසභ රජු (ක්‍රි.ව. 65 - 105), පළමු වැනි ගජබා රජු (ක්‍රි.ව. 114 - 116), මහසෙන් රජු (ක්‍රි.ව. 276 - 303), දෙවැනි මුගලන් රජු (ක්‍රි.ව. 535 - 555) ආදී රජවරුන් මේ ජල ශිෂ්ටාචාරයට දායක වී ඇත.

උපුල්වන්ගිරි - මේ රාජධානිය පිහිටියේ වත්මන් දඹුලුගිර ය. කලාඔය ෙද්‍රdaණිය ආරම්භ වන දඹුලු ඔය සහ මිරිස්‌ගෝනියා ඔය අතර පිහිටි උච්චතම ස්‌ථානය මෙය වේ. කලාඔය ෙද්‍රdaණිය වර්ග කි.මී. 2,772ක්‌ පුරා විහිදේ. කලා වැව (කලා වාපී), බළලු වැව, සියඹලන්ගමුව, අංගමුව (අංගගාමවාපී) ආදී පැරැණි ජලාශ ඇත්තේ මෙහි ය. මහා පරාක්‍රමබාහු රජු (ක්‍රි.ව. 1,153 - 1,186), ධාතුසේන රජු (ක්‍රි.ව. 459 - 477) වැනි රජවරුන්ගේ දායකත්වය මේ ෙද්‍රdaණියේ ජල කළමනාකරණයට ලැබී ඇත.

කවස්‌තලාභ - යාං ඔය ගංගා ෙද්‍රdaණියේ ශීර්ෂය වන සීගිරිය සහ පිදුරංගල මේ රාජධානිය වේ. යාන් ඔය කි.මී. 150ක්‌ පමණ මග ගෙවා පුල්මුඩේහි දී මුහුදට සම්බන්ධ වේ. ෙද්‍රdaණියේ භූමි ප්‍රමාණය වර්ග කි. මී. 1,520කි. පැරැණි ජලාශ වූ හුරුළු වැවත් (වල්ලුරවාපී) වාහල්කඩ (වීරනාපී හෙවත් සිරිවලාහස්‌ස) වැවත් පිහිටා ඇත්තේ මේ ෙද්‍රdaණියේ ය. මහසෙන් රජු (ක්‍රි. ව. 270 - 303) සහ කාශ්‍යප රජු (ක්‍රි. ව. 477 - 495) මේ ෙද්‍රdaණියේ වාපී ශිල්පීය ක්‍රම පෝෂණය කළ හ.

නීලගිරි- මෙය මානෑව කන්ද ලෙස දැන් හැඳින්වේ. මෝදරගංආරු ආරම්භ වන ප්‍රදේශයට පෙනෙන තරම් දුරින් මේ කන්ද පිහිටා ඇත. මෝදරගං ඔයේ නිම්න ප්‍රදේශය වර්ග කි. මී. 932ක්‌ වේ. විල්පත්තු අභය භූමිය හරහා ගොස්‌ මරිච්චුකඩ්ඩිහි දී මුහුදට ගලා බසින මේ ගංගාවේ ෙද්‍රdaණිය තුළ මහවිලච්චිය (මායෙට්‌ටි) මෝදරගංආරු අමුණ සහ වියාඩිකුලම නමැති ජලාශ පිහිටා ඇත. මානෑව කන්ද සහ එහි ආශ්‍රිත ප්‍රදේශයේ ඇති පොකුණු, මළිගා ආදියේ නටබුන් මෙතක්‌ විධිමත් ගවේෂණයකට බදුන් වී නොමැත. 'අපි රාවණගෙන් පැවැතෙන සූර්ය වංශිකයෝ' යෑයි අද ද මානෑව වැසියෝ උජාරුවෙන් පවසති.

කේවේසස්‌ත - වර්ග පුරාණයට අනුව රාවණගේ මුනුපුරකු වූ කේවේසස්‌තට ඒ නමින් අගනුවරක්‌ කොට ඔහුට උත්තර ප්‍රදේශයේ ගංගා ෙද්‍රdaණිවල පාලනය බාර දුනි. මේ අගනුවර මඩුකන්දේ පිහිටා තිබිණි යෑයි අනුමාන කළ හැකි ය. නයාරු, පරංකිආරු, පෙරාරු, කනගරායන්ආරු ආදී ෙද්‍රdaණි 20කින් සැදුම් ලත් මේ ජල ෙද්‍රdaණි පොකුර තුළ ඉරණමඩු, මුතුඅලියන්කඩ්ඩු සහ වව්නිකුලම් ජලාශ පිහිටා ඇත. මේ ෙද්‍රdaණි ප්‍රදේශය වර්ග කි. මී. 4,727ක්‌ පුරා විහිද ඇත.

චාලක - මී ඔය ගංගා ෙද්‍රdaණි ප්‍රදේශයට අයත් රාජධානිය මෙනමින් හදුන්වා ඇත. කුවේණි කුමරිය පාලනය කළ මේ ප්‍රදේශයට තම්බපන්නී වෙරළ අයත් වේ. මෙය පුත්තලම් කලපු ප්‍රදේශයට අයත් කොටසක්‌ විය යුතු ය. මී ඔය මුහුදට එක්‌ වන්නේ පුත්තලම කලපුවෙනි. මී ඔය ෙද්‍රdaණි ප්‍රදේශය වර්ග කි.මී. 1,516ක්‌ වේ. තබ්බෝව ජලාශය පිහිටා ඇත්තේ මේ ෙද්‍රdaණියෙහි ය. චාලක නම් රාජධානිය තිබෙන්නට ඇත්තේ කුඩා බඩගල කන්දේ යයි අනුමාන කළ හැකි ය. කුවේණි රැජනගේ කාල පරිච්ඡේදය වන විට ඇය නාවිකයන් සමග වෙළෙඳ කටයුතු හා සම්බන්ධ වූ බැවින් වෙරළාසන්න ප්‍රදේශයක්‌ ඇගේ රාජධානිය ලෙස තෝරාගත්තා විය හැකි ය. මන්නාරමට දකුණින් පිහිටි අරිප්පු ප්‍රදේශයේ පිහිටා ඇති අල්ලිරානී වරාය භාණ්‌ඩ හුවමාරුවට හා බදු අය කිරීම සඳහා යොදාගන්නට ඇත.

ධූමක කද්දීර - මේ රාජධානිය දැදුරු ඔය ගංගා ෙද්‍රdaණියේ ඉහළ ස්‌ථානයක්‌ වූ මොරොක්‌කන්දේ පිහිටා තිබෙන්නට ඇතැයි අනුමාන කළ හැකි ය. දැදුරු ඔය ෙද්‍රdaණිය වර්ග කි.මී. 2,616ක්‌ වන අතර එහි ජලය ගලා විත් හලාවතින් මුහුදට වැටේ. මේ ගංගාවට ඓතිහාසික වැදගත්කමකින් යුත් කොලමුණු ඔය, කුඩා ඔය, හක්‌වටුනා ඔය, කිඹුල්වානා ඔය ආදි අතු ගංගා අයත් වේ. පළමුවැනි පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1,153 - 1,186), මහසෙන් (ක්‍රි.ව. 274 - 3,017), ධාතුසේන (ක්‍රි.ව. 455 - 473), පළමුවැනි අග්ගබෝධි (ක්‍රි.ව. 571 - 607) වැනි රජවරුන් විසින් ඉදි කරන ලද වාරි ව්‍යqහයන් මෙහි දක්‌නට ඇත. සමහර ව්‍යqහයන් කලින් තිබී නැවත මේ රජවරුන් ප්‍රතිසංස්‌කරණය කොට ඇත. මේවායේ මුල් කාල වකවානු පිළිබඳ නිශ්චිත නිගමනයක්‌ නැත. පුරාණ දැව අමුණක්‌ වූ කොට්‌ටබද්ධ අමුණෙහි දැව ශේෂ දැනුදු දැකිය හැකි ය.

මහාගිරි - මේ රාජධානිය සමනළ ගිර මත පිහිටා තිබූ බැව් වර්ග පූර්ණිකාව සඳහන් කරයි. මෙමගින් පරිපාලනය වූයේ විශාලතම ගංගා ෙද්‍රdaණි සතරකි. එනම් කැලණි ගංගා ෙද්‍රdaණිය (වර්ග කි. මී. 2,278), කළුගග ෙද්‍රdaණිය (වර්ග කි. මී. 2,688), වළවේ ගංගා ෙද්‍රdaණිය (වර්ග කි. මී. 2,442) සහ මහවැලි ගංගා ෙද්‍රdaණිය (වර්ග කි. මී. 10,327) වේ. සමනළ ගිර රාමායනයේ ත්‍රිකූට ලෙස සඳහන් කරමින් එය රාවණගේ රාජධානිය ලෙස හදුන්වා දෙයි. ඔහුගේ ප්‍රධාන ගුවන් තොටුපොළ හතරෙන් එකක්‌ පිහිටියේ මේ රාජධානියට යාබද හෝටන්තැන්නේ ඇති තොටුපළ කන්දේ ය.

සතර දෙසකට ගලා ගොස්‌ ලෝකෝපකාරය පිණිස කැප වූ සිව් මහ ගංගාවන්ගේ යහපාලනය සහ ආරක්‍ෂාව තහවුරු කිරීමේ ෙච්තනාවෙන් නො වන්නට රාවණ රාජධානියක්‌ මෙතැන ඉදි නො කරන්නට ඉඩ තිබිණි. මන්ද යත් රාජ්‍ය ආක්‍රමණයක දී දියට වස මුසු කොට ජන සමූලඝාතනයක්‌ කිරීමට සතුරාට සුදුසු ම ස්‌ථානය මෙය බැවිනි.

අග්නි - අග්නි රාජධානිය නමුණුකුල පිහිටි බවට සාක්‍ෂි ඇත. රාවණ - විභීෂණ යුද්ධය පැවැති කල රාවණගේ මේ රාජධානිය තුළ යුද ගැටුම් පැවැති බවත් ජයග්‍රහණයෙන් පසුව විභීෂණ ඔහුගේ රාජධානිය කැලණියේ ඉදි කළ බවත් පැවසේ. අග්නි රාජධානියෙන් කුඹුක්‌කන් ඔය ෙද්‍රdaණිය (වර්ග කි. මී. 1,218), මැණික්‌ ගග ෙද්‍රdaණිය (වර්ග කි. මී. 1,272), සහ කිරිඳි ඔය ෙද්‍රdaණිය (වර්ග කි. මී. 1,165) ආවරණය වේ. කුඹුක්‌කන් ඔයත් මැණික්‌ ගගත් අතර ඇති යාල වනෝද්‍යානය තුළ පැරැණි වාරි ශිෂ්ටාචාරයේ බොහෝ නටබුන් සැගව ඇත. පැරැණි වැව් (අතුරුමිතුරු, පල්ලේපොතාන, මන්දාගල, බක්‌මීවැව ආදී), අමුණු (මහවෙල්තොට, කුඩාගල, මහගල ආදී), වනවාසී ගුහා සහ සෙල්ලිපි බොහෝ ඇත. මේවා ක්‍රි.පූ. 300 - ක්‍රි.ව. 200 කාලයට අයත් යෑයි අනුමාන කළ ද නිශ්චිත කාල නිර්ණයක්‌ මෙතෙක්‌ සිදු කොට නැත.

ඉන්ද්‍ර - මේ රාජධානිය මහියංගනයට නැෙගනහිරින් පිහිටා තිබෙන්නට ඇත. බිබිල ප්‍රදේශයට උතුරු දෙසින් ඇති කදු වළළු ගවේෂණයෙන් මේ ස්‌ථානය පිළිබඳ අදහසක්‌ ලබාගත හැකි ය. මේ කදුවලින් ආරම්භ වන ගංගා ෙද්‍රdaණි තුනක්‌ ඇත. ඒවා නම් මාදුරු ඔය (වර්ග කි.මී. 1,541), මුන්දෙනිආරු (වර්ග කි. මී. 1,280) සහ ගල්ඔය (වර්ග කි. මී. 1,792), වේ. ක්‍රි.පූ. සයවැනි සියවසට පෙර යෑයි සැලකෙන මාදුරුඔය ජලාශයේ පුරාණ සොරොව්ව විජයාගමනයට පෙර තිබූ ජල ශිෂ්ටාචාරයට කදිම නිදසුනකි.

කෘෂිකර්ම සහ ජල කළමනාකරණ ජාතික උපදේශක, රජරට විශ්වවිද්‍යාලයයේ බාහිර කථිකාචාර්ය

ආචාර්ය පී. බී. ධර්මසේන