logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


තිරසර පුරාණ වාරිකර්මාන්තය තුළ පුරාණ ගම හා එල්ලංගා පද්ධතිය, එහි වර්තමාන තත්ත්වය හා අනාගත ප්‍රවේශය

ඝර්ම කලාපීය රටක්‌ ලෙස ශ්‍රී ලංකාව මෝසම් වර්ෂා කලාපයේ පිහිටා ඇති අතර නිරිතදිග හා ඊසානදිග මෝසම් වර්ෂා කාලච්ඡේදයට අනුරූපී ව පිළිවෙළින් යල හා මහ ලෙස ප්‍රධාන වගා කිරීමේ කාලයන් (කන්න) දෙකකින් ද, අන්තර් මෝසම් කාල පරිච්ඡේදවල සංවහන වැසිවලින් සමන්විත වැසි සම්පතකට ද හිමිකම් කියන නිවර්තන රටකි. බෙංගාල බොක්‌කට හා අරාබි මුහුදට මැදි වූ මේ දිවයිනට ඉහත කී සාගර කලාපවල හටගන්නා අවපාතයන් මඟින් කලින් කලට අධික වර්ෂාවක්‌ ලබා දේ. මෙලෙස ලබා දෙන වැසි සම්පත මධ්‍යම කදුකරයේ දී ප්‍රධාන වශයෙන් වනගහනය මඟින් ද, තැනිතලාවේ දී ජලය මනා ලෙස කළමනාකරණයට අවශ්‍ය වාරි අංග පුරාණ කාලයේ දී නිර්මාණය කළ

පැරැන්නන් මෙරටට විස්‌මයජනක තිරසාර වාරි කර්මාන්තයක්‌ උරුම කර දී ඇත.

මේ සුවිශේෂී වාරි පද්ධති වැඩිපුර ම දක්‌නට ලැබෙන්නේ උතුරුමැද පළාත හා උතුරු, නැඟෙනහිර, වයඹ පළාත්වලත් උතුරු මැද පළාතට මායිම් වන සමහර භූමි කොටස්‌ ද ඇතුළත් උතුරු වියළි කලාපයේත් ය. මේ කලාපයේ දක්‌නට ලැබෙන සුවිශේෂ භූ විෂමතා ආකාරයක්‌ වන්නේ එකිනෙකට අඩු වැඩි වශයෙන් සුළු උච්චාවචනයන් ගෙන් මායිම් වන බේසමක්‌ ආකාර ජල ෙද්‍රdaණි සමූහය හා ෙද්‍රdaණි තුළ ක්‍රමානුකූල ව පිහිටි රැළිබිම් ශ්‍රේණි සමූහය ය. මේ රැළිබිම් හරහා ගලන වර්ෂා ජලය එක වර ම ප්‍රවාහයක්‌ ලෙස අඛණ්‌ඩ ව ගලා යැම වළක්‌වා හරස්‌ බැමි මඟින් ජලය රඳවාගන්නා ව්‍යqහ තැනින් තැන නිර්මාණය කිරීම මඟින් ජලය රැස්‌ කිරීම පිළිබඳ දැනුම ලේඛනගත ඉතිහාසයට පෙර යුගවල පවා පැවැති බව ජනශ්‍රැතිවලින් හා, තහවුරු කරගැනීම තවදුරටත් සිදු කළ යුතු ගරා වැටුණු වාරි අංගවලින් තහවුරු වේ.

මෙවැනි ජල රැඳවුම් වැව් (වාපි) ලෙස හඳුන්වන අතර ඒවා පිහිටි උච්චත්වය අනුව වැව්වල ජලය උතුරා යන විට ජලය පිටවීමට වැව් බැම්මට වඩා අඩු උසකින් ගලින් නිර්මාණය කරන ලද බැම්මක්‌ වන, වාන මඟින් කඩා හැළෙමින් අතරමැදි භූමි භාග හරහා ගලා ගොස්‌ එකිනෙකට යා වන ලෙස හා උච්චත්ව ශ්‍රේණිය අනුව ජල ෙද්‍රdaණියක ජල

රැඳවුම් පද්ධතීන් හරහා ජලය ගමන් කරන ලෙස පැරැන්නන් විසින් නිර්මාණය කරනු ලැබ ඇත. මෙවැනි පද්ධතියක්‌ එල්ලංගාව ලෙස හැදින්විය හැකි ය.

ඉහත සඳහන් උතුරු වියළි කලාපය ප්‍රධාන කොට අතීතයේ දී ගොඩනඟන ලද අනුරාධපුර රාජධානිය සීමිත වපසරියකින් යුත් ඇතුළු හා පිට නුවරවලින් ද, ඉතා පුළුල් එල්ලංගා පද්ධති රාශියකින් ද සමන්විත ව තිබූ බවට සාක්‌ෂH ඇත. ලෝකයේ වැඩි ම කාලයක්‌ එනම් වසර 1,400කට වැඩි කාලයක්‌ පැවැති රාජධානිය ලෙස අනුරාධපුරය පවත්වාගෙන යැමට ඉවහල් වී ඇත්තේ තිරසාර වාරි කර්මාන්තයක්‌ සහිත එල්ලංගා පද්ධතීන් බව සිතිය හැකි ය.

එල්ලංගා පද්ධතියක්‌ ආශ්‍රිත ව ගම් රාශියක්‌ පිහිටා තිබිය හැකි ය. එක්‌ වැවකට අදාළ ව බොහෝ විට එක්‌ ගමක්‌ තුළ කුඹුරු යායක්‌, හේන් යායක්‌, පෝෂක ප්‍රදේශ වනපෙතක්‌, පොකුරක්‌ ආකාරයට පවතින ගම්ගොඩක්‌ හා විහාරස්‌ථානය පිහිටා ඇත. මේ කොටස්‌වල එකතුව ලෙස හා ඒවා පිහිටා ඇති සුවිශේෂ භූමි භාග හා කොටස්‌ අතර අෙන්‍යාන්‍ය එකඟතාව සලකා ගොඩනගන ලද පුරාණ ගම, පරිසරය හා එකඟතාවක්‌ මත සැලසුමකට අනුව ගොඩනඟන ලද දකුණු ආසියාවේ පිහිටි උත්කෘෂ්ට භූමි භාවිතයක්‌ ලෙස පිළිගැනීමට ලක්‌ ව ඇත. අවම පාංශු ඛාදන ක්‍රමවේද, ගොවිතැන් කිරීමට අපහසු උස්‌ ගල්තලාවල විහාරස්‌ථානය පිහිටුවීම් ආදිය මගින් ලබාගත් කාර්යක්‌ෂම භූමි භාවිතය, හොදින් ජල වහනය සිදු වීමට හා ජලයේ අපද්‍රව්‍ය පෙරා ඉවත් කිරීමට පාදක වූ ව්‍යqහ සහිත කුඹුරු යාය, පුරාණ ගමේ පිහිටි වැවට ඉහළින් කැළෑබද ව පිහිටා ඇති කුළු වැව් පද්ධතිය, ආරක්‌ෂාව හා කාර්යක්‌ෂම භූමි භාවිතය සඳහා වූ පොකුරුගම්ගොඩ යන ආදි සියල්ල ඇතුළත් පුරාණ ගම තිරසර පැවැත්ම ළඟා කරගැනීම සඳහා වූ ප්‍රධාන භූමි භාවිතයක්‌ විය.

පුරාණ ගැමි කෘෂිකර්මය සදහා ආන්තික දේශගුණික තත්ත්වයන් වූ නියඟය හා ගංවතුර බලපෑම් සමනය කිරීම පිණිස වී ප්‍රභේද ද (නියඟය සදහා පච්චපෙරුමාල්, ගංවතුර සදහා දෙවරැද්දිලි යන ආදි වී ප්‍රභේද) හා අනෙකුත් ගොඩ බෝග ප්‍රභේද ද සදහා අදාළ ගමට ම සීමා වූ භූමි දර්ශ රාශියක්‌ දක්‌නට ලැබෙන අතර සතා, සිවුපාවා සමග එකගතාවකින් ගොවිතැන් කිරීම සදහා පුරාණ කාලයේ කුඹුර කෙළවර කැලයට යාබද ව පිහිටි විශේෂ වූ ලියද්ද කුරුලු පාළුව ලෙස හඳුන්වයි. ද, සතුන් නො මරා විකර්ෂණය කරන විශේෂිත ශාක ප්‍රභේද රාශියක භාවිතයන් ද දක්‌නට ඇත. තව ද සංස්‌කෘතික හා ආගමික නැඹුරුතාවක්‌ ඇති වත්පිළිවෙත්, කෙම් ක්‍රම ආදිය මඟින් දේශීය කෘෂිකර්මය පවත්වාගෙන යැම ද ඉහත කී පුරාණ ගම අදාළ උත්කෘෂ්ට සැලැස්‌මේ අංගයන් විය.

උතුරු වියළි කලාපයේ ජල ෙද්‍රdaණි අතර ජල හිඟතාවක්‌ හෝ ගංවතුර තත්ත්වයන් හෝ වළක්‌වා වාරි සෝදාපාළුව අවම කර ජල කළමනාකරණය සදහා, පැරැන්නන් මේ කලාපයට සුවිශේෂ වන යෝධ ඇළ පද්ධතිය නිර්මාණය කර ඇත. ෙද්‍රdaණිය තුළ ජල කළමනාකරණය සඳහා යෝධ ඇළෙන් සිදු වන කාර්යභාරය යටතට වියළි කාලයේ දී භූ ජල මට්‌ටම පොළොව මතු පිටට ආසන්න ව පවත්වාගෙන යැම, ෙද්‍රdaණිය තුළ ගංවතුර පාලනය කිරීම, සෝදාපාළුව අවම කිරීම හා වැව් ගොඩවීම වළක්‌වා රොන්මඩ, යෝධ ඇළ පද්ධතියේ ම තබාගෙන පහළ පිහිටි ගඟකට හෝ ඔයකට යොමු කිරීම, වැව් පද්ධතියට ජලය සැපයීම, වැව්වල අමතර ජලය ඉවත් කිරීම, වියළි කාලවල මිනිසුන්ට හා සතුන්ට 'කලි' ලෙස හඳුන්වන යෝධ ඇළේ වංගු සහිත ස්‌ථානවල රඳවාගත් ජලය ලබා දීම යන ආදිය අඩංගු ය.

පුරාණ ගම සංකල්පයේ මූලික පදනම සකස්‌ වන්නේ වැව ආශ්‍රිත ව ය. වැව යන්නට ඉංග්‍රීසී භාෂාවෙන් tank යන්න යොදනු ලැබුව ද එය හුදු ජල ටැංකියක්‌ නො ව හාත්පස පරිසරය හා මනා සම්බන්ධතාවක්‌ හා ඒකාබද්ධතාවක්‌ ඇති අධික නිෂ්පාදන ධාරිතාවක්‌ ඇති පරිසර පද්ධතියකි. ආධ්‍යාත්මික වටිනාකමක්‌ ද සහිත භෞතික නිර්මාණයකි. පැරැන්නන් වැව සම්පතක්‌ ලෙස තිරසර ව භාවිත කර ඇත. එදා වැවේ මත්ස්‍ය අස්‌වැන්න කොටස්‌ කර, වයෝවෘද්ධ, බෙලහීන හා අනෙකුත් අවශ්‍යතා සහිත ජන කොටස්‌ සඳහා සාධාරණ හා සමාන ආකාරයට බෙදා දී ඇත. බෝල්පනා අතු ඉහළ කෙළවරේ බැඳි උස්‌ රිටක්‌, සිඳී ගිය වැවක ඉතිරි වී ඇති ජලය අසල සිටුවීම මඟින් සංකේතවත් වන අණබෝල බැඳීම මඟින් මසුන් මැරීම පාලනය කිරීම, මත්ස්‍යයන් බෝ වීම හා සංරක්‌ෂණය සඳහා ගස්‌ගොම්මන නමින් හඳුන්වන තුරුගොමුවක්‌ සහිත කොටස වැව තුළ ස්‌ථාපනය කිරීම ආදිය මෙන් ම ජල සම්පත බෙත්ම ක්‍රමය මඟින් කාර්යක්‍ෂම ව භාවිත කර ඇත.

වැව ශ්‍රී ලංකාවේ උත්කෘෂ්ඨ නිර්මාණයක්‌ ලෙස පැවසීම සාධාරණ ය. විශේෂයෙන් ම අදටත් ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන් ම විග්‍රහ කළ නො හැකි ජල පාලනය සඳහා වූ බිසෝ කොටුව තිරසාර ජල කළමනාකරණයට මඟපාදා ඇත. අද අපට විශාල ගැටලුවක්‌ වී ඇති වැව් ගොඩ වීම එදා ක්‍රමානුකූල ව පාලනය කර ඇති අතර කුළු වැව් පද්ධතියේ හා වැවේ ඉහළ වැව් පිටියේ අඩි 1 - 2 ක්‌ පමණ නියරක්‌ ආකාර ගොඩැල්ලක්‌ ලෙස පිහිටා ඇති ව්‍යqහයක්‌ වන ඉස්‌වැටියේ ක්‍රියාකාරිත්වය හා වැවට රොන්මඩ ගලා ඒම මඟහැරෙන පරිදි හේන් යාය පිහිටුවීම ආදිය පිළිබඳ ව සැලකිලිමත් වීම තුළින් ද සමහර කුඩා වැව්, වැව උතුරන අවස්‌ථාවක දී බැම්ම කැඩී යැමට සකස්‌ කර තිබීම මඟින් ද වැවේ රොන්මඩ ඉවත් කිරීම සිදු කර ඇති බව පෙනී යන අතර මඩ හොරොව්ව මඟින් ජලය සමඟ වැවේ රොන්මඩ ඉවත් කරන ක්‍රමවේදයක්‌ ක්‍රියාත්මක කර ඇත.

වර්තමානයේ ශ්‍රී ලංකාව දැනුම් කේන්ද්‍රයක්‌ ලෙස වර්ධනය කිරීමට මහත් උත්සාහයක්‌ දරනු ලබන අතර අතීතයේ යම් තරමක හුදකලා දිවයිනක්‌ ලෙස පැවැති ශ්‍රී ලංකාවේ පරම්පරාවෙන් පරම්පරාවට ආ පරිසරයෙන් උකහාගත් වැදගත් දේශීය දැනුම් සම්භාරයක්‌ ගබඩා වී තිබේ. කෘෂිකර්මාන්තය සදහා දේශගුණ කාලගුණ තත්ත්ව පුරෝකථනය කිරීම පිණිස සතුන්ගේ හා ශාකවල චර්යා මෙන් ම ඉරහඳ, තාරකා, හා අනෙකුත් අජීවී වස්‌තුවල විවිධ ස්‌වරූපයන් මඟින් ද මේ දැනුම පෝෂණය වී තිබිණි. දේශීය වෛද්‍ය ක්‍රමය යටතේ පැවැති සියලු රෝගාබාධ සඳහා ශාක හා සත්ත්ව ප්‍රභවයන් සහිත ඖෂධ, එම ඖෂධ භාවිත කරන පිළිවෙළ පිළිබඳ දේශීය දැනුම අදටත් විස්‌මයජනක ය. මේ පිළිබඳ ව සලකා හොරිවිල වෙද පරපුරේ දේශීය දැනුම සමඟ රිටිගල ප්‍රදේශයේ පවතින බුද්ධ වර්ෂයට පෙර පරම්පරාවල සංස්‌කෘතික, ආගමික, දේශීය දැනුම ඇතුළත් රිටිගල, හොරිවිල එල්ලංගා පද්ධතිය ලෝක උරුමයක්‌ ලෙස ප්‍රකාශයට පත් කිරීමට එක්‌සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) කටයුතු කර ඇත.

පරිසරයේ ජෛවගතික සමතුලිතතාව පවත්වාගෙන යැම වර්තමාන තිරසාර සංවර්ධනයේ මූලික අඩිතාලම වේ. මේ සඳහා පරිසරයේ චක්‍රීයතාව පාදක වන අතර පස සංරක්‌ෂණය කිරීම වඩාත් ම වැදගත් වන්නේ පාරිසරික චක්‍රීයතාව ක්‍රියාත්මක වන්නේ පස ඔස්‌සේ නිසා ය. එල්ලංගා පද්ධතිය සැලකූ විට එය එකට ක්‍රියාත්මක වන පද්ධතියකි.

එහි කොටස්‌ කොටස්‌ කඩාගෙන ඒවාට තමන්ට රිසි පරිදි කටයුතු කිරීමට ගිය හොත් සමස්‌ත පද්ධතිය ම විනාශ වනු ඇත. මේ අනුව ඒ ඒ ප්‍රදේශවල ජනතාවට තම ප්‍රදේශය තුළ තමන්ට අවශ්‍ය දේ කිරීමට ඉඩහැරීමේ පැහැදිලි සීමා ඇත. වර්තමාන එල්ලංගා පද්ධතියේ විනාශයට හෝ පිරිහීමට හෝ එක්‌ ප්‍රධාන හේතුවක්‌ වන්නේ එම සීමාවන් ඉක්‌මවා පෞද්ගලික අයිතිය මත ක්‍රියාත්මක වීම ය.

පුරාණ වාරිකර්මාන්ත හා වත්මන් වාරිමාර්ග ජලාශ සැස විට දක්‌නට ලැබෙන ප්‍රධාන වෙනසක්‌ වන්නේ සංකල්පමය වශයෙන් මහ වැව්වලට සාපේක්‌ෂ ව ජලාශ මහා පරිමාණ වන අතර පරිසරය වෙනස්‌ කිරීම ද අති මහත් ආකාරයට සිදු කිරීම ය. මේ තුළින් ඉහත කී ජෛවගතික සමතුලිතාව බිඳ වැටීම සිදු වී පරිසරයේ චක්‍රීයතාවට බාධා පැමිණවීම සිදු වේ. වර්තමාන මහා ජලාශ හුදකලා වූ ක්‍රොන්ක්‍රීට්‌ ව්‍යqහ වශයෙන් පවතින අතර ඉපැරැණි මහ වැව් සතා සිව්පාවා, මිනිසා හා ඔවුන්ගේ සංස්‌කෘතික ආගමික නැමියාවන් සලකා මනා ලෙස පිහිටුවූ පරිසරානුගත නිර්මාණයක්‌ ලෙස තවදුරටත් පවතින බව පැහැදිලි කළ හැකි ය.

පරගැති ඝෘණාත්මක සංකල්පවලට අනුව ජනතා සිතුම් පැතුම් හා ආකල්පවල සිදු කරන ලද වෙනස්‌වීම්වල එක්‌ ප්‍රතිඵලයක්‌ ලෙස අද එල්ලංගා පද්ධතිය සමග සමස්‌ත කෘෂිකාර්මික සමාජය ම විනාශයට පත් වීම සිදු වී ඇති අතර ඒවා මුල් තත්ත්වයට ගෙන ඒම අපහසු වන්නේ අනෙකුත් සමාජීය, ආර්ථික, ශිල්පීය සාධක සියල්ල ද වෙනස්‌ වී ඇති නිසා ය. මේ පද්ධති අවම වශයෙන් වර්තමානයට ගැළපෙන ලෙස සුදුසු මට්‌ටමකට පත් කිරීම ද තරමක්‌ අපහසු ය. මේ සඳහා වැදගත් වන එක්‌ පර්යේෂණයක්‌ මඟින් පෙන්වා දී ඇත්තේ පිරිහී ගිය එල්ලංගා පද්ධතිය පරිසර විද්‍යාත්මක ව ප්‍රතිස්‌ථාපනය කළ හැකි බව ය.

ගාමිණී ගමගේ