ජාත්‍යන්තර ව කතාබහට ලක්‌ වුණු ශ්‍රී ලාංකීය විද්‍යාඥයන් විසින් නිපදවන ලද පෝෂක සහලක්‌

ශ්‍රී ලාංකික අප බොහෝ දෙනා ප්‍රධාන ආහාර වේල් තුනට ම බත් පරිභෝජනය කිරීමට පුරුදු වී සිටිනවා. බොහෝ අයගේ විශ්වාසය වන්නේ එමඟින් නිරෝගී ජීවිතයක්‌ ගත කිරීමට අවශ්‍ය නිසි පෝෂණය ලැබෙන බවයි. එහෙත් අප කරන්නේ පිෂ්ටය අඩංගු වන බත් පමණක්‌ වැඩි වශයෙන් ආහාරයට ගෙන ප්‍රොaටීන්, විටමින්, ඛනිජ ලවණ වැනි අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ අඩංගු ආහාර ඉතා ම සුළු වශයෙන් පරිභෝජනය කිරීමයි. අප රටේ වැඩිහිටියන් බොහෝ දෙනකු පෝෂණ ඌනතාවලින් පීඩා විඳින අතර කුඩා ළමයින් අතර මන්දපෝෂණය සැලකිය යුතු ලෙස දක්‌නට ලැබෙනවා. මෙයට එක්‌ ප්‍රධාන හේතුවක්‌ ලෙස සමබල ආහාර වේලක්‌ නො ගැනීම හා ශරීරයට අවශ්‍ය නිසි පෝෂණය ලබා දෙන ආහාර නො ගැනීම දැක්‌විය හැකියි. මේ තත්ත්වය දක්‌නට ලැබෙන්නේ රජයෙන් සහ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයෙන් ද අප රටෙන් මන්දපෝෂණය තුරන් කිරීමට විවිධ වැඩසටහන් දියත් කොට තිබිය දී වීමත් සැලකිය යුතු කරුණක්‌.

...
 

logo3.gif (702 bytes)

 

logo4.gif (427 bytes)

 
     
 
 
 
 

 

ulogo.jpg (6856 bytes)
Produced by
Upali Newspapers Private Limited
Your comments to
Editor  | Webmaster  | Manager Internet Operations
powered by
Lanka Com Services