logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


ඔබේ ගෙවත්තේත් කුඩා වනාන්තරයක්‌ සකසාගැනීමට ජපානයෙන් නව ක්‍රමයක්‌

කුරුල්ලන්ගේ ශබ්දයෙන් පිරී ගිය සමනළයන්, අනෙකුත් කෘමීන් නිරතුරු ව සැරිසරන ජෛව විවිධත්වයෙන් ගහණ සිසිලසින් පිරී ගිය වනාන්තර පරිසරයක්‌ ඔබේ ගෙවත්ත තුළ ම ගොඩනගාගැනීමට හැකි නම් එය කෙතරම් අපූරු ද? එහෙත් ස්‌වාභාවික තත්ත්ව යටතේ නව වනාන්තරයක්‌ බිහි වීම වසර සියයකටත් වඩා ගත වන දීර්ඝකාලීන ක්‍රියාවලියකි. තත්ත්වය මෙසේ වුවත් ජපන් ජාතික විද්‍යාඥයකු වන ආචාර්ය අකිරා මියවාකි මේ සඳහා කදිම විසඳුමක්‌ ලබා දී ඇත. මේ ක්‍රමය මියවාකි ක්‍රමය (Miyawaki method) ලෙස හඳුන්වන අතර මෙමගින් වසර සිය ගණනක්‌ තුළ සිදු වන වනාන්තරයක්‌ ඇති වීමේ ක්‍රියාවලිය වසර දහයක්‌ වැනි කෙටි කාලයක්‌ තුළ සිදු කරගැනීමේ හැකියාව ලබා දෙයි.

මෙහි මූලික සංකල්පය නම් සිරස්‌ සහ තිරස්‌ අවකාශය උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමින් ඉහළ ඝනත්වයක්‌ සහිත ව ශාක වර්ධනය කරගැනීමයි. එසේ ම පසේ තත්ත්වය වැඩිදියුණු වන ආකාරයට පාරිසරික සාධක ඉතා ම සුළු වශයෙන් වෙනස්‌ කිරීම ද මෙහි දී සිදු කරයි.

ඔබේ ගෙවත්තේ වනාන්තරයක්‌ ඇති කරගැනීමේ දී පළමුව සිදු කළ යුතු වන්නේ අදාළ ස්‌ථානයේ පසෙහි තත්ත්වය පරීක්‌ෂා කිරීමයි. ජලය හොඳින් වහනය නො වන්නේ නම් පළමුව පසේ තත්ත්වය වැඩිදියුණු කළ යුතු ය. පසේ මැටි ගතිය වැඩි නම් පසෙහි සවිවර ස්‌වභාවය අඩු වන අතර ජලය වහනය වීමේ හැකියාව අඩු ය. එවැනි අවස්‌ථාවක කොළ රොඩු ආදි ද්‍රව්‍ය යොදා හොඳින් මිශ්‍ර කිරීම මගින් එම තත්ත්වය පහ කරගත හැකි ය. පසේ ජලය රඳවාගැනීමේ හැකියාව ද ඉතා ම වැදගත් ය. ඔබේ ගෙවත්තේ පසේ ජලය නො රඳන බව පෙනෙන්නේ නම් පීට්‌ වැනි ජලය රඳවාගැනීමට දායක වන ද්‍රව්‍යයක්‌ පසට එක්‌ කළ යුතු ය. මෙහි දී පස අඩියක්‌ දෙකක්‌ යටට හාරා මිශ්‍ර කිරීමට හැකි නම් වඩාත් ඵලදායක ය. මීළඟට ඇති ගැටලුව නම් වේගවත් වර්ධනයක්‌ සඳහා අවශ්‍ය පෝෂක තත්ත්වය වැඩිදියුණු කිරීමයි. ඒ සඳහා පොහොර හෝ වෙනත් ද්‍රව්‍යයක්‌ යෙදීම සාමාන්‍ය කෘෂිකාර්මික ක්‍රමයයි. ඒ වෙනුවට මේ ක්‍රමයේ දී සිදු කරන්නේ පසෙහි තත්ත්වය වැඩිදියුණු කිරීමට අදාළ ක්‌ෂුද්‍ර ජීවීන් අදාළ ස්‌ථානයට හඳුන්වා දීමයි. ඒ සඳහා හොඳ ම ක්‍රමය නම් හොඳින් වාතනය කරමින් පවත්වාගත් කොම්පෝස්‌ට්‌ පොහොර පසට එක්‌ කිරීමයි. එම කොම්පෝස්‌ට්‌වල පසෙහි පෝෂක ප්‍රමාණය වැඩිදියුණු කිරීමේ හැකියාව සහිත ක්‌ෂුද්‍රජීවීන් අඩංගු වේ.

පසුව සිදු කළ යුත්තේ වගා කරන පැළ වර්ග සහ ප්‍රමාණ හඳුනාගැනීමයි. ප්‍රදේශය තුළ පවත්නා ස්‌වාභාවික වනාන්තර තුළ පවතින ශාක වර්ග නිරීක්‌ෂණය කිරීමෙන් සුදුසු පැළ වර්ග තීරණය කළ හැකි ය. පළමුව මේ පැළ වර්ග අතරින් නෙරු ස්‌ථරය, වියන් ස්‌ථරය, උප වියන් ස්‌ථරය, යටි වියන් ස්‌ථරය, පඳුරු ස්‌ථරය තුළ හමු වන ශාක වෙන් කරගත යුතු ය. ඒ අනුව මේ එක්‌ එක්‌ ශාක වර්ගවලින් සිටුවිය යුතු ප්‍රමාණය තීරණය කළ යුතු ය. නෙරු ස්‌ථරයේ ශාක එකිනෙකට ඈතින් අඩු සංඛ්‍යාවක්‌ සිටුවිය යුතු අතර, ඒ අතරින් ඊට වඩා වැඩි සංඛ්‍යාවක්‌ වියන් ස්‌ථරයේ ශාක සිටුවිය යුතු ය. පසුව ඒ ශාක මධ්‍යයෙන් උප වියන් ස්‌ථරයේ ශාක සිටුවිය යුතු අතර මේ ශාක සංඛ්‍යාව වියන් ස්‌ථරයේ ශාකවලට වඩා වැඩි විය යුතු ය. අනතුරුව මේ ශාකවලටත් අතරින් පතර හැකි උපරිම ප්‍රමාණයක්‌ පඳුරු ශාක සිටුවිය යුතු ය. ප්‍රදේශයේ වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ පැළ තවාන් පැළ ලබා ගැනීමට හැකියාව ඇති අතර එසේ නොහැකි අවස්‌ථාවන්වල දී බීජ සොයාගෙන පැළ සාදාගැනීම සිදු කළ හැකි ය.

පැළ සිටුවීමෙන් අනතුරුව දහයියා හෝ පිදුරු වැනි ද්රගව්යගයන්ගෙන් පැළවල මුල් ආවරණය කිරීම මගින් පසේ තෙතමනය පවත්වා ගැනීමට හැකියාව ලැබේ. වසර තුනක කාලයක්‌ පමණ යනතුරු ජලය යොදමින් සහ වල් පැල ඉවත් කරමින් පැළ රැකබලා ගැනීම අවශ්යි නමුත් වෙනත් කිසිම ආකාරයක මැදිහත් වීමක්‌ අවශ්යළ නැත. ආචාර්ය අකිරා මියවාකි පවසන ආකාරයට මෙම තත්වයට පත්වූ පසු වනාන්තරයට ලබා දිය හැකි හොඳම කලමණාකරණය නම් කිසිදු මැදිහත් වීමක්‌ නොකර ස්‌වභාවිකව වර්ධනය වීමට හැරීමයි.

ජපානය සහ ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක ඉතාමත් මෙම ක්‌ර්මය ජනප්රියය වී ඇති අතර ලොව පුරා වනාන්තර 800 කට ආසන්න සංඛ්‍යයාවක්‌ මේ වන විට බිහිකර ඇත. දිනෙන් දින පහළ යන වන ගහණය යතා තත්වයට පත්කර ගැනීම සඳහා මෙම ක්‌රනමය ශ්‍රී ලංකාව සඳහා ඉතාමත් ප්ර්යොජනවත් ක්‌රයමයකි. එසේම ඉතා සුළු වෑයමකින් අපගේ ගෙවත්ත තුලද ජෛව විවිධත්වයෙන් අධික පරිසරයක්‌ නිර්මාණය කරගැනීමට මෙමගින් හැකියාව ලබා දෙයි.

මේ පිළිබඳව ඔබට තවදුරටත් තොරතුරු දැනගැනීමට අවශ්ය නම් අප සමග සම්බන්ධ විය හැකි අතර මෙවැනි වන වගාවක්‌ ඔබේ ගෙවත්තේත් ඇති කර ගැනීමට අවශ්ය නම් ඒ සඳහා අවශ්යන විද්යාතත්මක දැනුම මෙන්ම ශ්රවමයෙන් සහ පැළ ලබාදීම මගින්ද දායකත්වය ලබාදීමටද අප සූදානමින් සිටින්නෙමු.

තාරක විඡේරත්න

පරිසරය සහ සන්ධිපාදිකයන් සුරැකීමේ සංගමය