'උක්‌ බැගෑස්‌' අද්‍රdව්‍ය ආහාරමය තන්තු ප්‍රභවයක්‌ ලෙස

බ්‍රසීලය, ඉන්දියාව සහ කියුබාව වැනි නිවර්තන කලාපීය රටවල මෙන් ම ශ්‍රී ලංකාවේ ඌව පළාතේ ප්‍රධානතම වැවිලි භෝගයක්‌ ලෙස උක්‌ වගාව හඳුන්වා දිය හැකි ය. මහා පරිමාණයෙන් සීනි නිෂ්පාදනයටත් අතුරුඵලයක්‌ ලෙස ඉක්‌ෂුපාක මඟින් එතනෝල් මද්‍යසාරයත් කුඩා හා මධ්‍යම පරිමාණවලින් පිරිසිදු උක්‌ පැණි හා උක්‌ හකුරුත් නිෂ්පාදනයට උක්‌ ශාකය යොදාගනු ලැබේ. උක්‌ත නිෂ්පාදන සඳහා සුදුසු ප්‍රමාණයට පරිණත වූ උක්‌ ශාක කඳන් කපා අඔරා උක්‌ යුෂ ලබාගත් පසු ඉතිරි වන ප්‍රධානතම අතුරුඵලය උක්‌ රොඩ්ඩ, 'බැගෑස්‌' (Bagasse) ලෙස හැඳින්වේ. සීනි නිෂ්පාදන ක්‍රියාවලියේ දී මෙය ඉන්ධනයක්‌ ලෙස දහනය කිරීමට යොදාගන්නා නමුත් උක්‌ පැණි හා හකුරු සෑදීමේ දී බොහෝ විට මේ 'බැගෑස්‌' ජෛව - අපද්‍රව්‍යයක්‌ ලෙස පරිසරයට එකතු වේ. එබැවින්, ආහාර කර්මාන්තයේ අද්‍රdව්‍ය ආහාරමය තන්තු (Insoluble Dietary Fibers) ලෙස මේ 'උක්‌ බැගෑස්‌' අගය - එකතු කිරීමට (Value - addition) ඇති හැකියාව පිළිබඳ ව ලොව ආහාර විද්‍යා පර්යේෂකයන් විසින් සොයා බලනු ලැබේ. උක්‌ ශාක කඳක සාමාන්‍යයෙන් උක්‌ යුෂ 73-76%ක ප්‍රතිශතයක්‌ දරන අතර තන්තු ප්‍රාමාණය 18-25%ක ප්‍රතිශතයක්‌ වේ. 'උක්‌ බැගෑස්‌'හි රසායනික සංයුතිය සලකා බැලීමේ දී මූලිකව ම සෙලියුලෝස්‌ (Cellulose, 55-58%), හෙමිසෙලියුලෝසස්‌ (Hemicelluloses, 26-32%) සහ ලිග්නින් (Lignin, 19-22%) බහුඅවයවිකවලින් යුක්‌ත වේ. මින්, සෙලියුලෝස්‌, ලිග්නින් හා සමහර හෙමිසෙලියුලෝස පැහැදිලිව ම ජල අද්‍රdව්‍ය බහු තන්තු වේ. නෙළාගත් උක්‌ කඳන් එලෙස ම ඇඹරීමෙන් පිට පොත්ත සහිත බැගෑස්‌ ලැබෙන අතර නෙළාගත් උක්‌ කඳන්වල පිට පොත්ත ඉවත් කර ඇඹරීමෙන් පිට පොත්ත රහිත බැගෑස්‌ ලැබේ. මේ බැගෑස්‌ හොඳින් වියළා, අඹරාගෙන, පෙනේරයකින් හළාගැනීමෙන් බැගෑස්‌ කුඩු (Bagasse powder) ලබාගත හැකි ය.

...
 

logo3.gif (702 bytes)

 

logo4.gif (427 bytes)

     
 
 
 
 

 

ulogo.jpg (6856 bytes)
Produced by
Upali Newspapers Private Limited
Your comments to
Editor  | Webmaster  | Manager Internet Operations
powered by
Lanka Com Services