logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


'උක්‌ බැගෑස්‌' අද්‍රdව්‍ය ආහාරමය තන්තු ප්‍රභවයක්‌ ලෙස

බ්‍රසීලය, ඉන්දියාව සහ කියුබාව වැනි නිවර්තන කලාපීය රටවල මෙන් ම ශ්‍රී ලංකාවේ ඌව පළාතේ ප්‍රධානතම වැවිලි භෝගයක්‌ ලෙස උක්‌ වගාව හඳුන්වා දිය හැකි ය. මහා පරිමාණයෙන් සීනි නිෂ්පාදනයටත් අතුරුඵලයක්‌ ලෙස ඉක්‌ෂුපාක මඟින් එතනෝල් මද්‍යසාරයත් කුඩා හා මධ්‍යම පරිමාණවලින් පිරිසිදු උක්‌ පැණි හා උක්‌ හකුරුත් නිෂ්පාදනයට උක්‌ ශාකය යොදාගනු ලැබේ. උක්‌ත නිෂ්පාදන සඳහා සුදුසු ප්‍රමාණයට පරිණත වූ උක්‌ ශාක කඳන් කපා අඔරා උක්‌ යුෂ ලබාගත් පසු ඉතිරි වන ප්‍රධානතම අතුරුඵලය උක්‌ රොඩ්ඩ, 'බැගෑස්‌' (Bagasse) ලෙස හැඳින්වේ. සීනි නිෂ්පාදන ක්‍රියාවලියේ දී මෙය ඉන්ධනයක්‌ ලෙස දහනය කිරීමට යොදාගන්නා නමුත් උක්‌ පැණි හා හකුරු සෑදීමේ දී බොහෝ විට මේ 'බැගෑස්‌' ජෛව - අපද්‍රව්‍යයක්‌ ලෙස පරිසරයට එකතු වේ. එබැවින්, ආහාර කර්මාන්තයේ අද්‍රdව්‍ය ආහාරමය තන්තු (Insoluble Dietary Fibers) ලෙස මේ 'උක්‌ බැගෑස්‌' අගය - එකතු කිරීමට (Value - addition) ඇති හැකියාව පිළිබඳ ව ලොව ආහාර විද්‍යා පර්යේෂකයන් විසින් සොයා බලනු ලැබේ. උක්‌ ශාක කඳක සාමාන්‍යයෙන් උක්‌ යුෂ 73-76%ක ප්‍රතිශතයක්‌ දරන අතර තන්තු ප්‍රාමාණය 18-25%ක ප්‍රතිශතයක්‌ වේ. 'උක්‌ බැගෑස්‌'හි රසායනික සංයුතිය සලකා බැලීමේ දී මූලිකව ම සෙලියුලෝස්‌ (Cellulose, 55-58%), හෙමිසෙලියුලෝසස්‌ (Hemicelluloses, 26-32%) සහ ලිග්නින් (Lignin, 19-22%) බහුඅවයවිකවලින් යුක්‌ත වේ. මින්, සෙලියුලෝස්‌, ලිග්නින් හා සමහර හෙමිසෙලියුලෝස පැහැදිලිව ම ජල අද්‍රdව්‍ය බහු තන්තු වේ. නෙළාගත් උක්‌ කඳන් එලෙස ම ඇඹරීමෙන් පිට පොත්ත සහිත බැගෑස්‌ ලැබෙන අතර නෙළාගත් උක්‌ කඳන්වල පිට පොත්ත ඉවත් කර ඇඹරීමෙන් පිට පොත්ත රහිත බැගෑස්‌ ලැබේ. මේ බැගෑස්‌ හොඳින් වියළා, අඹරාගෙන, පෙනේරයකින් හළාගැනීමෙන් බැගෑස්‌ කුඩු (Bagasse powder) ලබාගත හැකි ය.

පිට පොත්ත සහිත බැගෑස්‌ සැලකීමේ දී එහි අපට හිතකර පොලිෆීනෝලික සංයෝග (Polyphenolics) සහ පොලිකොසනෝල් ලිපිඩ (Polycosonols), පිට පොත්ත රහිත බැගෑස්‌වලට සාපේක්‌ෂ ව බහුල ව අඩංගු වේ. එහෙත්, ශ්‍රී ලංකාවේ උක්‌ අස්‌වැන්න ආහාරමය සැකසීමේ දී නෙළාගත් උක්‌ කඳන් සේදීමක්‌ සිදු නො කරන නිසා පිට පොත්ත සහිත බැගෑස්‌ වෙනුවට පිට පොත්ත ඉවත් කර සැකසීමෙන් ලැබෙන බැගෑස්‌ සෞඛ්‍යාරක්‌ෂිත බවින් ඉහළ ය. තව ද, පිට පොත්ත ලිග්නොසෙලියුලෝස්‌ (Lignocellulose materials) ද්‍රව්‍ය බහුල නිසා පිට පොත්ත සහිත බැගෑස්‌ යොදා ආහාරයකට අගය - එකතු කිරීමක දී මෘදු වයනයක්‌ ලබා ගැනීම අසීරු ය. කෙසේ වෙතත්, උක්‌ කඳන් ඇඹරීමට පෙරාතුව පිට පොත්ත ඉවත් කිරීම අමතර ඒකක - ක්‍රියාවලියක්‌ (Unit operation) නිසා ආර්ථිකව අමතර බරපැනකි.



ලොව උක්‌ සකසන අනෙකුත් රටවල උක්‌ බැගෑස්‌ සත්ත්ව ආහාරයක්‌ ලෙස, ඇල්ෆා - සෙලියුලෝස්‌ හා හෙමිසෙලියුලෝස්‌ නිපදවීමට, කාබනික පොහොර සෑදීමට සහ කඩදාසි කර්මාන්තයට උපයෝගී කොටගනු ලැබේ. වැඩි තන්තු ආහාර අනුභවය දියවැඩියාව හා අධික කොලෙස්‌ටරෝල් සඳහා සුදුසු නිසා නූතන ආහාර කර්මාන්තයේ දී ආහාරමය තන්තු එකතු කරන ලද ආහාර සඳහා වැඩි ඉල්ලුමක්‌ පවතී. යුෂ වෙන් කරගැනීමෙන් පසු ඉතිරි වන ඇපල්, කැරට්‌, සීනි බීට්‌ රොඩු හා උක්‌ බැගෑස්‌ වියළා අඹරාගත් ආහාරමය තන්තු එකතු කරන ලද නව ආහාර නිෂ්පාදන පර්යේෂණ මට්‌ටමින් අන් රටවල හඳුන්වා දී ඇත. පෙර ප්‍රකාශිත විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාවකට අනුව බේකරි කර්මාන්තයේ පාන් සෑදීමේ දී අද්‍රdව්‍ය ආහාරමය තන්තු ලෙස උක්‌ බැගෑස්‌ එකතු කර ඇත. එමෙන් ම, අද්‍රdව්‍ය ආහාරමය තන්තු ලෙස උක්‌ බැගෑස්‌ 5% ප්‍රතිශතයකින් යෙදූ සීනි එකතු නො කරන ලද කුකීස්‌ (Sugarcane bagasse-enriched cookies) සහ උදෑසන ධාන්‍යමය ආහාර (Sugarcane bagasseenriched extruded breakfast cereal) පර්යේෂණ සාර්ථක මට්‌ටමේ පවතී. උක්‌ බැගෑස්‌ 5% ප්‍රතිශතයකට වඩා එක්‌ කිරීමෙන් මෘදු වයනයක්‌ නො ලැබෙන නිසා නව ආහාර සැකසීමේ දී 5%ට වඩා අඩු ප්‍රතිශතයකින් බැගෑස්‌ එකතු කිරීම සුදුසු ය.



ස්‌තුතිය : උක්‌ පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‌ෂ ආචාර්ය ඒ. පී. කීර්තිපාල, තාක්‌ෂණික නිලධාරිනී රුවිනි පෙරේරා සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර පර්යේෂණ ඒකකයේ ප්‍රධානී

රන්ජිත් ප්‍රියසිරි