දේශීය කිරි නිෂ්පාදන ක්‌ෂේත්‍රයේ සංවර්ධනයට ශ්‍රී ලාංකීය පර්යේෂකයන් ගෙන් නව සොයාගැනීම්

සියලු ක්‌ෂීරපායීන් ගේ පළමු ආහාරය වන කිරි, අප ගේ දෛනික ආහාර අතර වැදගත් ස්‌ථානයක්‌ හිමි කරගනියි. කිරි, ආහාර කාණ්‌ඩයක්‌ ලෙස දෙවැනි වන්නේ ධාන්‍යවලට පමණි. එහි අඩංගු ඉහළ තත්ත්වයේ ප්‍රොaටීන, ලිපිඩ, කාබෝහයිඩේ්‍රට, විටමින්, ඛනිජ ලවණ, ඇමයිනෝ අම්ල වැනි පෝෂ්‍ය පදාර්ථ නිසා එය ස්‌වභාවධර්මයා විසින් තිළිණ කරන ලද ආසන්නතම අංග සම්පූර්ණ ආහාරය (Near Perfect Food) ලෙස අවිවාදයෙන් යුතු ව පිළිගැනෙයි.

වර්තමානය වන විට ශ්‍රී ලාංකීය කිරි කර්මාන්ත ක්‌ෂේත්‍රය 7.5%ක වර්ධන වේගයක්‌ හිමි කරගෙන සිටී. දශකයක පමණ කාලයක සිට දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සහ ජනතාව දියර කිරි පරිභෝජනයට යොමු කරවීම උදෙසා රජය මඟින් බොහෝ ව්‍යාපෘති දියත් කොට ඇත. එහෙත් ශ්‍රී ලංකාවේ කිරි පරිභෝජන අවශ්‍යතාවෙන් දේශීය ව සපුරාලිය හැකි වී ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක්‌ පමණි. මේ හේතුවෙන් වාර්ෂික ව කිරි පිටි ආනයනය වෙනුවෙන් ඉතා විශාල විදේශ විනිමයක්‌ වැය කිරීමට අප රටට සිදු වී තිබේ. මෙවන් පසුබිමක්‌ තුළ දේශීය ව නිපදවෙන කිරි අපතේ යැම අවම කිරීමත්, තත්ත්වයෙන් උසස්‌ දේශීය කිරි නිෂ්පාදන වෙළෙඳපොළ වෙත හඳුන්වා දීමත් කාලීන අවශ්‍යතාවකි.

...
 

logo3.gif (702 bytes)

 

logo4.gif (427 bytes)

     
 
 
 
 

 

ulogo.jpg (6856 bytes)
Produced by
Upali Newspapers Private Limited
Your comments to
Editor  | Webmaster  | Manager Internet Operations
powered by
Lanka Com Services