logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


මේ වසරේ රසායන විද්‍යාව සඳහා පිරිනමනු ලබන නොබෙල් ත්‍යාගය ජෛව අණුවල ප්‍රතිබිම්බ ලබාගැනීමේ නව්‍ය ක්‍රමවේදයක්‌ වෙනුවෙන්

මේ වසරේ රසායන විද්‍යාව සඳහා පිරිනමනු ලබන නොබෙල් ත්‍යාගය දිනාගනු ලබන්නේ cryo-electron microscopy නම් තාක්‌ෂණය භාවිතයෙන් ජලීය ද්‍රdවණ තුළ ඇති ජෛව අණුවල ව්‍යqහය නිර්ණය කළ හැකි ශිල්පීය ක්‍රමයක්‌ (high resolution structure determination) සොයාගැනීම උදෙසා ය. මේ ක්‍රමය මගින් ජෛව අණු ඉතා ඉහළ විභේදනයකින් හෙවත් පැහැදිලිතාවකින් යුතු ව (high resolution) රූපකරණය කළ හැකි වීම මගින් සිකා වයිරසය (Zika virus) හා ඇල්සයිමර් රෝගය (Alzheimer's disease) වැනි තත්ත්වයන් හා බැඳුණු ජෛව අණු සම්බන්ධ වැඩි විස්‌තර අධ්‍යයනය කිරීමේ හැකියාව ලැබිණි. Cryo-electron microscopy ක්‍රමය මගින් ජීව අණු පරමාණුක මට්‌ටමේ පැහැදිලිතාවක්‌ සහිතව රූපකරණය කළ හැකි ය. එමගින් ජෛව පද්ධති තුළ දී හැසිරෙන ආකාරය හා රසායනික ක්‍රියාකාරිත්වයන් හොඳින් අධ්‍යයනය කිරීමේ හැකියාව විද්‍යාඥයන් හට ලබා දෙන ලදි. උදාහරණයක්‌ ලෙස යම් රෝග තත්ත්වයක්‌ සදහා හේතු වන ප්‍රොaටීනයක්‌ මිනිස්‌ සිරුර තුළ වෙනත් සංයෝග සමග දක්‌වනු ලබන රසායනික ක්‍රියාකාරිත්වය මේ ක්‍රමය මගින් අධ්‍යයනය කිරීමෙන් රෝග නිවාරණ ක්‍රම සොයාගැනීමට හැකියාවක්‌ ලැබිණි.

මෙවර රසායන විද්‍යාව සඳහා පිරිනමනු ලබන නොබෙල් ත්‍යාගය හිමි වන විද්‍යාඥයන් ප්‍රකාශයට පත් කිරීමත් සමග එම පුවතට අදාළව බොහෝ විට භාවිත කෙරුණු එක්‌ රූපසටහනක්‌ පහත දක්‌වා ඇත. මේ රූපසටහන මගින් දැක්‌වෙන්නේ සිකා වයිරසයයි. රූපසටහනේ දකුණුපස කොටසෙන්, මේ cryo-electron microscopy මගින් රූපකරණය කළ විට හා වම් අර්ධයෙන් මේ තාක්‌ෂණයට පෙර, එනම් 2013 වසරට පෙර තිබූ ක්‍රම මගින් ව්‍යqහය නිර්ණය කොට ලබාගත් රූපය පෙන්වා ඇත. cryo-electron microscopy මගින් නිර්මිත දකුණු අර්ධය සතු ඉතා පැහැදිලි හා වඩාත් විස්‌තරාත්මක බව දැකගත හැකි ය.

මේ ජෛව අණු රූගත කිරීමේ cryo-electron microscopy ක්‍රමවේදය සඳහා මූලික වූ සොයාගැනීම් වෙනුවෙන් විද්‍යාඥයන් තිදෙනකුට මෙවර රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය පිරිනැමෙනු ඇත.

මේ සඳහා පිරිනැමෙන ත්‍යාගය වන ස්‌වීඩන් ක්‌රෝන මිලියන නවයක්‌ (9 million Swedish krona) මොවුන් තිදෙනා අතර සම ප්‍රමාණයෙන් බෙදී යන ලෙස පිරිනැමෙයි. මේ විද්‍යාඥයන් තිදෙනා ගේ සොයාගැනීම් මත පදනම් ව වැඩිදුරටත් දියුණු වූ ඉලෙක්‌ට්‍රොaන අණ්‌වීක්‌ෂය 2013 වසරේ දී පරමාණුක මට්‌ටමේ ත්‍රිමාන සැකැස්‌ම ලබාගත හැකි තත්ත්වයට පත් විය. කළ හැකි තත්ත්වයට පත් විය.

Jacques Dubochet, වසර 1942 දී ස්‌විස්‌ටර්ලන්තයේ උපත ලබා, 1973 දී ආචාර්ය උපාධිය ලබාගත් අතර, වර්තමානයේ ස්‌විට්‌සර්ලන්තයේ Lausanne විශ්වවිද්‍යාලයයේ මහාචාර්යවරයකු ලෙස සේවය කරයි.

ඉලෙක්‌ට්‍රොaන අණ්‌වීක්‌ෂයකින් වස්‌තුවක්‌ නිරීක්‌ෂණයේ දී නිරික්‌සිය යුතු වස්‌තුව රික්‌තයක්‌ තුළ තැබීම අත්‍යවශ්‍ය විය. එම නිසා ජලීය ද්‍රdවණයක්‌ තුළ ඇති ජෛව අණු ඉලෙක්‌ට්‍රොaන අණ්‌වීක්‌ෂයක්‌ මගින් නිරීක්‌ෂණය කළ නොහැකි ය. Jacques Dubochet විසින් 1980 දී, ජලීය ද්‍රdවණයක්‌ ඉතා ශීඝ්‍රයෙන් සිසිල් කිරීමෙන් ජෛව අණු වටා ජලීය කලාපයක්‌ රික්‌තයක්‌ තුළ ඇති කළ හැකි ක්‍රමයක්‌ සොයාගන්නා ලද අතර එමගින් ඉලෙක්‌ට්‍රොaන අණ්‌වීක්‌ෂය මගින් ජලීය ද්‍රdවණ තුළ ඇති අණු රූපකරණය කළ හැකි විය.

Joachim Frank, වසර 1940 දී ජර්මනියේ දී උපත ලබා 1970 දී ආචාර්ය උපාධිය ලබාගත් අතර, වර්තමානයේ දී ඇමෙරිකා එක්‌සත් ජනපදයේ ඤකමපඉස්‌ විශ්වවිද්‍යාලයයේ මහාචාර්යවරයකු ලෙස සේවය කරයි.

මොහු විසින් ඉලෙක්‌ට්‍රොaන අණ්‌වීක්‌ෂයක්‌ මගින් ලබාගනු ලබන ද්විමාන රූපයක්‌ සාර්ථක ලෙස එහි ත්‍රිමාන රූපයක්‌ බවට පත් කළ හැකි තාක්‌ෂණයක්‌ 1986 දී සොයාගන්නා ලදී.

Richard Henderson, වසර 1945 දී ස්‌කොට්‌ලන්තයේ දී උපත ලබා, 1969 දී ආචාර්ය උපාධිය ලබාගත් අතර, වර්තමානයේ බ්‍රිතාන්‍යයේ Cambridge විශ්වවිද්‍යාලයයේ සේවය කරයි.

මොහු විසින් 1990 දී සාර්ථක ලෙස ඉලෙක්‌ට්‍රොaන අණ්‌වීක්‌ෂයක්‌ මගින් ප්‍රොaටීන අණුවක ත්‍රිමාන ව්‍යqහය ලබාගන්නා ලදි. මීට ප්‍රථම ඉලෙක්‌ට්‍රොaන අණ්‌වීක්‌ෂයේ ඉලෙක්‌ට්‍රොaන කදම්බය නිසා ජෛව අණු විනාශ වී යැම හේතුවෙන් ජෛව අණු එම තත්ත්වයෙන් ම නිරීක්‌ෂණය කළ නොහැකි විය. එහෙත් මේ තාක්‌ෂණයත් සමග ඉලෙක්‌ට්‍රොaන අණ්‌වීක්‌ෂයක්‌ මගින් ජෛව අණු ද රූපකරණය කළ හැකි ක්‍රමයක්‌ බිහි විය.

ආචාර්ය එම්. එන් කෞමල්
සභාපති, විද්‍යා ව්‍යාප්ති කමිටුව,
විද්‍යාභිවර්ධන සංගමය.

ජ්‍යෙෂ්ඨ කථරිකාචාර්ය, රසායන විද්‍යා අධ්‍යයනංශය, කොළඹ විශ්වවිද්‍යාලය.