logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


විද්‍යා ප්‍රබන්ධ
දම් පැහැ මමිය

අනතෝලි ද්නෙප්රෝව්

වර්ෂ 1919 දී උපන් අනතෝලි ද්නෙප්රෝව් එක්‌සත් සෝවියට්‌ සමාජවාදී ජනරජයේ විද්‍යාඥ ඇකඩමිය හා සම්බන්ධ ආයතනයක සේවය කළ කීර්තිමත් භෞතික විද්‍යාඥයෙකි. 1960 වසරේ දී ඔහු විසින් රචනා කරන ලද "මැක්‌ස්‌වෙල් සූත්‍රය" නම් විද්‍යා ප්‍රබන්ධය ලේඛකයකු ලෙස ඔහු ගේ දස්‌කම් ප්‍රකට කළේ ය. ද්නෙප්රෝව් ගේ ප්‍රියතම විෂය වූයේ සයිබනතික විද්‍යාව (මොළය, ස්‌නායු පද්ධතිය හා විද්යුත් යාන්ත්‍රික පද්ධති අතර සන්නිවේදනය හරහා ගොඩනැෙගන ස්‌වයංක්‍රීය සන්නිවේදන හා පාලන ක්‍රමවේද අධ්‍යයනය) හා එහි විස්‌මයාන්විත ජයග්‍රහණ හා ඇදහිය නොහැකි විභවයන් පිළිබඳ අධ්‍යයනය ය. විද්‍යාත්මක යථාවාදී බව ඔහු ගේ රචනාවන්හි සුවිශේෂි ව පෙනෙන ලක්‌ෂණයකි.

සිංහල වියමන - මාධව වෛද්‍යරත්න

2

"ඔහු ගේ ලියන මේසේ පිටිපස්‌සෙන් වම් මුල්ලෙ තියල තියෙන ශාස්‌ත්‍රඥ ෆිලෝ ගේ උඩු කය ප්‍රතිමාව දිහා බලන්න" මට මායා ගේ දැනමුතුකම සිහිපත් විය.

අවසානයේ දී උඩු කය ප්‍රතිමාව බැල්මට හසු කරගත් මම නාමාවලියේ පිටු පෙරළන්නට වීමි. අවශ්‍ය පිටුව සොයාගත් මම එය මහාචාර්යවරයා වෙත පෑවෙමි.

"මේ බලන්න" මම කීමි. "නුඹ දන්නව ද මේ කවුද කියලා?"

"ඒ ෆිලෝ" මහාචාර්ය සයෙන් පිළිතුරු දුන්නේ දෙගෙඩියාවක ලේෂමාත්‍රයකුදු නොමැති ව ය. "මට දැනගන්න ඕනෑ නුඹ මොකට ද මේ අර අදින්නේ කියලා මොන වගේ සූදුවක්‌ ද නුඹ මේ සෙල්ලම් කරන්න ලෑස්‌ති වෙන්නෙ?"

මේ නොඉවසිල්ල දැක්‌වීමේ මාගේ වාරයයි. මම ඔරලෝසුව වෙත ඉක්‌මන් බැල්මක්‌ හෙළීමි. අපේ මේ කෙටි පිළිසඳර දැන් බොහෝ සේ දිග්ගැසුණු කටයුත්තක්‌ බවට පත් වී තිබේ. හෙලිකොප්ටරයක ඡායා මාත්‍ර දර්ශනයක්‌ යළිත් ජනේලය තුළින් දිස්‌ වූයේ ය. ඒ කියන්නේ තවත් විනාඩි පහක්‌ ගත වෙලා.

"සමාවෙන්න මහාචාර්යතුමනි, සැකයක්‌ නැහැ මේ නාමාවලියේ ප්‍රකාශයට පත් කරලා තියෙන හැම ලිපියක්‌ ම නුඹ නො කියවන බව."

හේ නොඉවසිලිමත් ව දෑතේ ඇඟිලි එකිනෙක අතර රුවා උණ්‌ඩි කළේ ය. මා ඔහුට පවසන්නට වෑයම් කරමින් සිටි අදහස, උන්හිටි ගමන් ඔහුට වැටහී ගියාක්‌ වැන්න. ද්‍රව්‍යමය සංස්‌කෘතික කෞතුකාගාරයක නාමාවලියේ ෆිලෝ ගේ ආලේඛ්‍ය චිත්‍රයක්‌ ඇතුළත් කිරීම කවර නම් අරුමයක්‌ ද?

වික්‌ෂේපී සිනාවක්‌ පෑ හේ සුරත ඔසවා ආඩතාඩේට නළල අතගා ගත්තේ ය.

"නුඹ දන්නව ද, මට කොහොමට වත් ඒක ගැන නිච්චියක්‌ තිබුණේ නැහැ. මං ඒක දැක්‌ක එක හැබෑ තමයි. ඒත් මට ඒක ඒ හැටි විචාරයක්‌ තිබුණෙ නෑ. ඇත්තට ම ඒක රේඩියෝ නක්‌ෂත්‍ර තොරතුරු අංශයේ කාරියක්‌.... මං හිතනවා..."

කතාව එක්‌වර නතර කළ මහාචාර්ය සයෙන් සුදුමැළි වූයේ ය. සෙමෙන් සෙමෙන් කවිච්චියෙන් නැඟී සිටින ඔහු ගේ විසල් ව ඇරුණු දෑසේ බැල්ම මගේ මුහුණේ ඇලී තිබිණ. 'මේ හැම දේක ම ශාස්‌ත්‍රඥ ෆිලෝ එක්‌ක තියන සම්බන්ධය මොකද්ද' යන ප්‍රශ්නයේ ගිනි පුළිඟු ඔහු ගේ බියපත් දෑස්‌ වෙතින් විහිදුණේ ය.

"කෝ බලමු ආයෙත් ඔය නාමාවලිය" හෙතෙම කොඳුළේ ය.

නාමාවලිය සිය අත් පසුරෙන් තදින් ග්‍රහණය කරගත් හේ අධ්‍යයනාගාරය හරහා එහා මුල්ලට ගමන් කරන්නේ සිය ලියන මේසයේ නො හැපී බේරුණේ යාන්තමිනි. අවසන ඔහු මේ සුප්‍රසිද්ධ භාෂා විශේෂඥයා ගේ උඩු කය මූර්තිය ඉදිරිපිට ඉද්ද ගැසුවාක්‌ මෙන් නතර වූයේ ය.

තත්පර ගණනාවක්‌ යන තුරු ආතතියෙන් පිරුණු නිශ්ශබ්දතාවක්‌ අධ්‍යයනාගාරය පුරා පැතිර ගියේ ය. අනතුරුව මහාචාර්යවරයා සිය ඩික්‌ටෙෆොaනයේ යතුරු කිහිපයක්‌ එබී ය.

"මට අන්ෙද්‍රdaව් මුණ ගැහෙන්න වුවමනායි. දැන්ම ම මගේ අධ්‍යයන කාමරයට එන්න කියන්න."

ඔහු ගේ කටහඬෙහි වූයේ මුදු ස්‌වරයක්‌ වුව ද, සියුම් තර්ජනාත්මක බවක්‌ යන්තමින් එහි තැවරී තිබිණ. දුරබනුවේ අත් දණ්‌ඩ එසැවූ හේ ඊට කතා කළේ ය.

"ඔය අගිනොව් ද? අපේ අන්තිම නාමාවලී කලාපයේ අන්ෙද්‍රdaව් ගේ ලිපි සංස්‌කරණය කළේ කවුද? කවුද ඒක මුල් පිටපත් එක්‌ක සංසන්දනය කරලා පරීක්‌ෂා කළේ? නුඹට හොඳට ම විශ්වාස ද? හරි. එතකොට කවුද පින්තූර ගන්න වැඩේ කළේ? හොඳයි. බොහොම ස්‌තුතියි."

මහාචාර්යවරයාට මා සිටි බවක්‌ අමතක වූවා සේ ය. ලියන මේසය අසල හිඳගත් හේ නාමාවලියෙහි වූ ආලේඛ්‍ය චිත්‍රය පිරික්‌සමින් අතිශයින් ගැඹුරු වූ කල්පනාවක නිමග්න වූයේ ය.

හදිසියේ ම ඔහුට මා එහි සිටින වග මතක්‌ විය.

"අර ගැහැනු ළමයා ගේ පින්තුරය මට දීපන්..."

"මොන ගෑනු ළමය ගෙ ද?"

"අර නුඹ මට කලින් පෙන්නුවෙ"

"ඔය කියන්නෙ මායා ද?"

"මම දන්නෙ නෑ ඇගේ නම මොකක්‌ ද කියලා...ඒත් ඒක මට දීපන්... ඉක්‌මනට..."

"ඒක මගේ බිරිද ගේ ඡායාරූපයක්‌." මම අධිෂ්ඨාන සහගතව කීවෙමි.

"ඒකෙ ඇති වැදගත්කමක්‌ නැහැ" ඔහු කොටින් මා වළහමින් පැවසී ය. දෙඅත්ල මැද සිය මුහුණ රඳවාගත් හේ දිගු වේලාවක්‌ තිස්‌සේ ආලේඛ්‍ය චිත්‍රය දෙස දෑස්‌ නෙරවාගෙන පසු වූයේ ය.

ළා කහ පැහැති ක්‍රීඩා ඇඳුමකින් සැරසුණ තලත්තෑනි, උස මිනිහෙක්‌ විවර වූ දොරෙන් අධ්‍යයනාගාරය තුළට ඇතුළු වූයේ ය. ඔහු මහාචාර්යවරයා ගේ ලියන මේසය වෙත ආවේ දිගු කඩිනම් පියවර තබමිනි.

"මේ නුඹේ වැඩක්‌ ද?" මහාචාර්ය සයන් ඇසුවේ දෑස්‌ ඉවත නො හරවමිනි.

"ඔව්."

"නුඹට, නුඹ ගැන ලැඡ්ජාවක්‌ නැද්ද?"

"මට තේරෙන්නේ නැහැ නුඹ ඒකෙන් අදහස්‌ කරන්නේ මොකක්‌ ද කියලා."

"තව ටිකකින් නුඹට තේරෙයි. මේ බලපන්." සයන් මගේ බිරිඳ ගේ සේයාරුව මුහුණට දමා ගැසුවා නො ගැසුවායින් අන්ෙද්‍රdaව් වෙත දිගු කළේ ය.

"මේ තියෙන්නේ නුඹේ දම් පාට... මමිය." අනතුරුව කෝප සහගත බැල්මක්‌ මා දෙසට හෙළා විනිවිදිනසුලු ඇනුම් ස්‌වරයෙන් මෙසේ ඇසී ය.

"බාග විට නුඹේ මේ ගෑනු ළමයා.."

"මගේ බිරිඳ." මම අප්‍රමාදීව මැදිහත් වුණෙමි.

"...නුඹේ මේ බිරිඳ ඇත්ත වශයෙන් ම මමියක්‌ ද?" අන්ෙද්‍රdaව් මායා ගේ ආලේඛ්‍ය චිත්‍රය දෙස දෑස්‌ නෙරවාගෙන සිටියේ ය. ඔහු දෙස බැලූ මහාචාර්යවරයා ගේ දෑසේ තැවරී තිබුණේ අවඥාසහගත පිළිකුලකි.

"අපේ කාලෙ මෙහෙම දෙයක්‌ වෙන්න... මෙහෙම ඇස්‌බැන්දුමක්‌...මෙහෙම රැවටිල්ලක්‌?"

අවසන සිදු වූ මේ සියල්ල, මා සමග සෘජු ව සම්බන්ධ බව වටහාගත් අන්ෙද්‍රdaව් කඩිනම් ගමනින් මා වෙත ආවේ ය.

"මගේ මමියේ ප්‍රතිබිම්බ රූපය හැදුවෙ නුඹයි එහෙනම්?"ඔහු ගේ ප්‍රශ්න කිරීම තර්ජනාත්මක සතුරු ස්‌වරයක්‌ ගත්තේ ය.

මම හිස සැලීමි. වචනයකුදු නො දොඩා මගේ අතකින් ඩැහැගත් අන්ෙද්‍රdaව් මා අධ්‍යයනාගාරයෙන් පිටතට ඇදගෙන ගියේ ය. ආලින්දයෙහි වූ ජංගම ගමන් පථය ක්‍රියාත්මක කළ හේ අනතුරුව මා කැටුව දකුණු පසට යුහු ව ගමන් කොට මා සෝපානයක්‌ තුළට තල්ලු කළේ ය. ඊ ගහක්‌ සේ පහළට බට අපි, තවත් පටු ආලින්දයක්‌ ඔස්‌සේ දිව යන්නේ, වෙනත් මඟකින් අප යන ස්‌ථානයට ම ගමන් කරමින් සිටි මහාචාර්යවරයා ගේ ඇඟේ හැපුණා නො හැපුණායින් නතර වීමු. අනතුරුව අප කඩා වැදුණේ මන්දාලෝකයෙන් එළිය වුණ විශාල ශාලාවකට ය. එහි මැද හා බිතු දිගට වීදුරු මංජුෂාවන් රැසක්‌ පෙළ ගස්‌වා තිබිණ. අපි ඉන් එකක්‌ අභිමුව නතර වීමු.

"මේ බලපන්."

වීදුරු පෙට්‌ටිය දෙස බැලූ මම එසැණින් ම දෑස්‌ වසාගතිමි. "මේක වෙන්න බැහැ... වෙන්න බැහැ"

"බලාපන්... හොඳට බලාපන්.." අන්ෙද්‍රdaව් විධාන කළේ හුස්‌ම පවා නාල්ලමිනි.

"මම... මේ... බල...නවා තමයි." මට ගොත ගැසුණේ ය.

"මොනව ද පේන්නෙ?" මහාචාර්යවරයා ඇසුවේ මගේ මුහුණට ම එබෙමිනි.

"මට පේනවා මායා.." නිරුවත් ගැහැනිය ගේ ප්ලාස්‌ටික්‌ අනුරුව වෙතින් දෑස්‌ ඉවත හරවමින් මම කොඳුළෙමි.

"මොන මහසෝනෙක්‌ ද මේ මායා කියන්නේ?" අන්ෙද්‍රdaව් ප්‍රශ්න කළේ තියුණු ස්‌වරයෙනි. "නුඹ මට කියන්න හදන්නේ මේ ප්‍රාණියා හඳුනනවා කියල ද?"

පැතිර ගිය අජීවී නිහඬතාව තුළ කටහඬ අවදි කරගත් පළමු සමතා මම වීමි.

"සමාවෙන්න ඒත් මේක මගේ බිරිඳ මායා ගේ අනුරුවක්‌.."

කොක්‌සන් හඬින් පුපුරා හැළුණු අන්ෙද්‍රdaව් කෑගැසුවේ ය.

"තව හොඳට බලාපන්...බාගවිට නුඹට හොයාගන්න පුළුවන් වෙයි නුඹේ බිරිඳ ගේ ඇඟේ තියෙන විශේෂ උපන් ලප එහෙමත්."

ඔහු 'නුඹේ බිරිඳ' යන වචන මත තැබූයේ කාරවනසුලු අවධාරණයකි.

දෑස්‌ විවර කොටගෙන ජීවමාන ස්‌වරූපයෙන් වැතිරී සිටින මේ ගැහැනු අනුරුව දෙස මම නැවත වතාවක්‌ නෙත් හෙළීමි. එය නිමවා තිබූ ප්ලාස්‌ටික්‌ ද්‍රව්‍යය දම් පැහැයක්‌ ගත්තේ ය. සියලු ආකාරයේ අසම්භාව්‍ය සිතිවිලි වර්ග මගේ මනස සිසාරා ගුම් නඟන්නට පටන්ගෙන තිබිණ. මා උමතු වන්නට පටන්ගෙන වත් ද?

"පෙනෙන විදිහට ඔක්‌කොම දේවල් සමානයි, ඇගේ ශරීර වර්ණය ඇර.."

ඒ සමඟ ම නැවත ආයේ සරදම්කාරී සිනා පිපිරුමකි.

"ඔහෝ...එහෙනම් පාටයි ප්‍රශ්නය. ඒ කියන්නේ ඇය නුඹේ බිරිඳට සම්පූර්ණයෙන් සමාන නැහැ?"

'නුඹේ බිරිඳ' යන වචන මත නැවත වරක්‌ කර්කෂ ආම්ලික අවධාරණය රැඳිණ. මම දැඩි අපහසුතාවකට පත් වීමි.

මම අන්ෙද්‍රdaව් දෙස ආයාචනාත්මක බැල්මක්‌ හෙළීමි. මේ අගනුවර, උගත් පැලැන්තියේ මිනිස්‌සු තමන් ගේ මතවාද ඔප්පු කිරීමට වන් කළ සියලු යහ චාරිත්‍රයන්හි මූලික රීති පවා කඩ කිරීමට පසුබට නො වෙති.

"මේක මෙතන තිබීම ගැන ඇත්ත වශයෙන් ම මගේ විරෝධතාවක්‌ නැහැ," මම කීවෙමි. "ඒ බව නුඹලා තේරුම්ගත යුතු ව තිබුණ... මෙහෙමයි, ඔය පින්තුරෙ හිස පමණක්‌ නුඹලා ගේ නාමාවලියේ පළ කරපු එක හොඳ දෙයක්‌... ඒ වගේ ම..."

"නුඹටත් ඇහුණ ද මට ඇහිච්ච දේ? නුඹට ඇහුණ ද ඔහු මේ දැන් කීව දේ? මේක මෙතන තිබීම ගැන එයා ගේ විරෝධතාවක්‌ නැහැලුෘ නුඹට අදහසක්‌ තියනව ද ඔය 'මේක' කියන්නෙ මොකද්ද කියල? දෙයියන්ට ඔප්පු වෙන්න, මේක තමයි ඉතිහාසේ මෙතෙක්‌ කරපු විශිෂ්ට ම සොයාගැනීම. ලෝකේ තියෙන බලසම්පන්න ම රේඩියෝ දුරේක්‌ෂ හතරක්‌ පැය සීයකටත් වඩා දිවා රෑ දෙකේ වැඩ කළා මේකේ සංඥාවලින් පොඩිත්තක්‌ වත් මඟ නො හැරෙන්න. ලැබිච්ච තොරතුරු එක විඩේ මොස්‌කව්වලයි, පැරිස්‌වලයි විකේතනය කළා. තොරතුරු ගොනු කරගෙන මේ වැඩේ සාර්ථක කරගන්න අපි පාවිච්චි කළේ ලෝකේ තියෙන හොඳ ම යන්ත්‍රෘ දැන් නුඹ කියනවා......"

අන්ෙද්‍රdව් ගේ උද්වේගකර වාග් ප්‍රවාහයට බාධා කරන ලද්දේ මහාචාර්ය සයන් විසිනි.

"ශාස්‌ත්‍රඥ ෆිලෝ ගේ හිසත් මොස්‌කව් පැරිස්‌ දෙතැනේ ම ගොනු කළා ද?" ඔහු මැදට පැන්නේ දයා රහිත තියුණු ස්‌වරයෙනි.

එකවර කතාව නතර කළ අන්ෙද්‍රdaව් කටත් ඇරගෙන හිටි පියෙන් ගල් වූයේ ය.

"මොන ෆිලෝ ද" අවසන වචන පිට කරගන්නට ඔහු සමත් වූයේ ය.

"මෙන්න මෙයා."

මහාචාර්යවරයා ශාලාව මධ්‍යයෙහි වූ වීදුරු ශීර්ෂාවරණය වෙතට හැරුණේ ය. මම මහාචාර්යවරයා ගේ අධ්‍යයනාගාරය තුළ තිබූ උඩු කය අනුරුවේ පිටපත හඳුනාගතිමි. එය ද නිමවා තිබුණේ දම් පැහැති ප්ලාස්‌ටික්‌ ද්‍රව්‍යයකිනි.

අන්ෙද්‍රdaව් වටහාගත් බවට හිස සැලුවේ ය.

"හොඳයි එහෙනම්, කියමු බලන්න මොනව හරි." මහාචාර්යවරයා ප්‍රශ්න කළේ ය.

"ඔව්... අපි ඒ දෙකට ම යොදාගත්තේ එක ම යන්ත්‍ර තමයි"

"කවුද 'අපි' කියල කියන්නේ?"

"මං... ඒ කිව්වේ මුළු අභ්‍යවකාශ තොරතුරු විකේතන අංශය ම... දන්නව නේ... අර නායක මණ්‌ඩලයට පිටිපස්‌සේ... අර අතන අරකට කිට්‌ටුවෙන්..."

අන්ෙද්‍රdaව් එක වර නතර වූයේ ය. ඔහු අප වෙත හෙළුවේ වියරු බැල්මකි.

"නුඹලා මාව විශ්වාස කරන්නේ නැහැ... නේ ද?" ඔහු පුපුරා හැළුණේ ය.

(ලබන සතියේ තවත් කොටසක්‌)