logo3.gif (702 bytes)

HOME


විද්‍යා ප්‍රබන්ධ
මතකයේ එන්නත
2 කොටස

ඇන්ඩර්සන් ගේ සිහින් තොල් සඟල වේව්ලන්නට විය. ඔහු කාමරයේ ඒ අතටත් මේ අතටත් වැනි වැනී ගොස්‌ වාඩි වී ගත්තේ අපහසුවෙන් සිනා වන්නට උත්සාහ ගනිමිනි.

"මේක එන්නත දෙන ප්‍රමාණය මත බලපානව සූසන් අපි දැන් කිව්ව නෙ. අපි පරීක්‌ෂණ කරපු හැම සතෙකු ගෙ ම ඉගෙනගැනීමේ හැක්‌sයාව වැඩි වුණා. අපි මතකය නැති කරන රසායනිකය සම්පූර්ණයෙන් අයින් කරන්නෙ නැහැ. ඒකෙ ක්‍රියාවල් අඩපණ කරනව විතරයි."

ඇන්ඩර්සන් මොහොතකට කතාව නතර කළේ ය. සූසන් නෙත් කොනින් ජෝන් දෙස බැලුවා ය. ඔහු බලා සිටිනුයේ වසඟ වූ ලෙසිනි.

අනිත් කාරණේ අපිට හේතු තියනවා මිනිස්‌ මොළයට මේක දරාගන්න පුළුවන් බව පෙන්වන්න. ඒ කියන්නේ මතකය නැති කරන රසායනිකය සම්පූර්ණයෙන් ම මොළයෙන් අයින් කළත් මිනිසුන්ට ඒක දරාගන්න පුළුවන් වෙන්න ඕන. මොකද අපි පරීක්‌ෂණ කරපු හැම සතකුට ම වඩා වැඩි ලොකු මොළයක්‌ මිනිස්‌සුන්ට තියෙන්නේ.

ඇන්ඩර්සන් චතුර ලෙසින් කියවයි. ජෝන් නො සැලී ම බලා හිඳියි. ඔහු ගේ දිගු දැස්‌ භාවනාවකට සමවැදී ඇති සෙයකි. තමන් තුළ අනියත බියක්‌ නැෙගනු සූසන්ට දැනිණි.

"හැම දෙයක්‌ ම මතක තියාගන්නයි මිනිස්‌ මොළය හැදිල තියෙන්නෙ. මතකය නැති කරන රසායනිකයන් විනාශ වෙලා නැති එක පරිණාමයේ වැරුද්දක්‌. මතකය නැති වීම පහත් ජීවීන් ගේ ලක්‌ෂණයක්‌."

"ඇත්තට ම"

ඒ ජෝන් ය.

"ඇත්ත කියල කියන්නෙ කොහොම ද?"

සූසන් තෙපළා ය.

"අපිට සහතිකයි."

කූෆර් පවසන්නට විය.

"ඒත් අනිත් අයටත් ඒක පෙන්නන්නයි අපට ඕන. ඒකයි අපි මනුෂ්‍යයෙක්‌ ව යොදාගෙන පරීක්‌ෂණ කරන්න හදන්නෙ..."

"ජෝන්ව වෙන්නැති."

සූසන් පැවසුවේ අමනාපයෙනි. ඇගේ ඉවසීමේ රතු ඉර පනිමින් තිබිණි.

"ඔව්"

"ඇයි ජෝන්ව? වෙන මිනිස්‌සු නැද්ද?"

ඈ අමනාපය පළ කරමින් ම විමසුවා ය.

පිටතින් තද සුළං හමනු ඇසෙයි. කුණාටුවක්‌ ළං ව එනවා වත් ද?

"අපට ඕන සාමාන්‍ය මනුෂ්‍යයෙක්‌. එතකොටයි සාමාන්‍ය තත්ත්වය පෙන්නන්න පුළුවන් වෙන්නේ. කොම්පැනියෙ ඉන්න හැම මිනිහෙක්‌ ගැන ම අපි දන්නවා. වාසනාවකට මේකට හොඳට ම ගැළපෙන්නෙ ජෝන්. එයා ශාරීරික වත්, මානසික වත් සාමාන්‍යයි."

තමා සුළු වෙලාවකට පෙරත් සිතමින් සිටියේ තමන්ට දක්‌ෂතා නොමැති වීම ගැන ම නො වේ ද? සූසන් ඉදිරියේ කුෆිර් මේ පවසන්නේ මොනවා ද? ජෝන් අප්‍රසාදය පළ කරමින් බලා සිටියේ ය.

"හරි.... ජෝන්ට එන්නත් කළයි කියමු.... එතකොට ජෝන් ජෝන් ම ද?"

සූසාන් ගේ තියුණු පැනයෙන් ඇන්ඩර්සන් අසරණ වූවේ ය. ඔහු මුහුණට සිනාවක්‌ නඟාගත්තේ වෑයමෙනි.

"ඒක හරි, හිතාගන්නත් බැරි තරම් වේගයකින් ජෝන් තත්ත්වයෙන් ඉහළ යා වි. ලෝකයේ ඉන්න වැදගත් මිනිහෙක්‌ වේ වි. ඒක ඔය දෙන්න ගෙ සම්බන්ධයටත් හොඳ ශක්‌තියක්‌ නේ ද?"

"අපිට මේකෙන් මොනා ද නැති වෙන්නෙ?"

"මොනවත් ම නැති වෙන්නෙ නෑ. මේක හොඳ අවස්‌ථාවක්‌. හෙට... ඉරිදට අපි පටන් ගනිමු. පැය කීපයක්‌ අපේ පරීක්‌ෂාව යටතේ ජෝන්ව තියාගන්නවා....."

සූසන් විරුද්ධත්වය පාමින් හිස සැලුවා ය. එය සිදු නො කළ යුත්තකි.

"මං තීරණය කරන්ව සූ.... මට මේ සාමාන්‍ය තත්ත්වයෙන් ගොඩ එන්න ඕන."

"ජොනී"

"...ඕන නැහැ."

"මම අපි දෙන්න ගැන ම හිතලයි මේ තීරණය ගත්තේ සූ...."

සූසන් ගේ දැස්‌ රතු විණි. ඔහු තීරණය ගෙන හමාර ය. ජෝන් තම අදහසෙහි ම දැඩි ව එල්බ ගන්නෙකි.

"බොහොම හොඳයි....."

ඇන්ඩර්සන් පවසන්නට විය.

"අපි සම්මුතියෙ කොළ තියල යන්නම්. හොඳට කියවල බලල අත්සන් කරන්න. අත්සන් කළත් නැතත් කාට වත් පෙන්නන්න එපා. අපි හෙට උදේ එන්නම් ජෝන් ව පරීක්‌ෂණාගාරයට ගෙනියන්න."

ඔවුහු පිට වූ හ.

කුණාටුවකට පසු පැතිර යනු තරමේ දැඩි නිහඩතාවක්‌ පැතිරිණ.

සූසන් පහතට නැඹුරු කරගත් හිස එසවූයේ නැත.

"ඔහොම ඉන්න එපා සූ. ඒක මට කණගාටුවක්‌ සූ....."

ජෝන් ගේ හෙඩහි වූයේ ආයාචනයකි.

"බලන්න, මට දක්‌ෂතා තියෙන මිනිහෙක්‌ වෙන්න පුළුවන් වූණාට....."

"මොකක්‌ ද වෙනස මේ ලෝකෙ බොහොමයක්‌ මිනිස්‌සු සන්තෝෂයෙන් ඉන්න සාමාන්‍ය මිනිස්‌සු. මමත් සාමාන්‍ය කොල්ලෙක්‌."

"නැහැ. නැහැ. ඔයා කොයි තරම් දක්‌ෂයි ද? ලස්‌සනයි ද?"

"හරි මං ඔයා ගෙ ලස්‌සන කෙල්ල. ඒත් මං සාමාන්‍ය කෙල්ලෙක්‌ ජොනී."

වාද විවාදවලින් දැන් පලක්‌ නො වේ. ජෝන් කිසිසේත් අදහස වෙනස්‌ කර නො ගන්නා බව පැහැදිලි ය.

මේ සිදු වන්නට යන්නේ කුමක්‌ ද?

එදින රැය පුරා ම සූසන් වැළපුණා ය. තමන් ගේ විවාහයට තව ඇත්තේ දෙසතියක්‌ ම පමණකි. හරියට ම පසු දා උදැසන අටට එන්නත ජෝන් ගේ මොළයට ඇතුළු කෙරිණි.

කාමරය පුරා වූ උපකරණ අතර සිටින එක ම සජීවී ප්‍රාණියා සේ සූසන් බලා සිටියා ය.

දෙවියනි ඔහුට යහපතක්‌ ම සිදු වේ වා.

ෆෆෆ ෆෆෆ ෆෆෆ ෆෆෆ

"ජෝන් ටිකක්‌ විවේක ගන්න ඕන...."

කූෆර් කතා කරන්නට වූයේ සෙමිනි.

"හැම දෙයක්‌ ම හොඳට සිද්ධ වෙනවා. ඒ වුණාට කලබල වුණොත් පපුවේ ගැස්‌මයි රුධිර පීඩනයයි වැඩි වෙන්න පුළුවන්. එතකොට ප්‍රතිඵල වැරදෙයි."

"මං කොහොම ද විවේක ගන්නෙ?"

ජෝන් කෙඳිරුවේ ය.

"ප්‍රතිඵල දන්නෙ නැති පරීක්‌ෂණයක ප්‍රතිඵල ගැන මොන කතා ද?"

සූසන් කෝපයෙන් කෑගැසුවා ය. ඇගේ දැස්‌ වේදනාවත් බියත් නිසා රතු වී තිබිණි. මේ අනවශ්‍ය කරදරකාරයන් නිසා තමන් ගේත් ජෝන් ගේත් සුන්දර ජීවිත අවුල් ව යන හැටි....

"නෑ... බොරිස්‌ කිව්වෙ හැම දෙයක්‌ ම හොඳින් සිද්ධ වෙනවයි කියල. අපි මේ එන්නත විදින්න ඉස්‌සර සත්තුන් ව සන්සුන් කරන්න වෙන එන්නතක්‌ විදිනවා. මෙතන දී එහෙම කළේ නැති නිසා දැඩි ගතියක්‌ දැනෙන්න පුළුවන්. හෙමින් හුස්‌ම ගන්න. එතකොට දැඩි ගතිය අඩු වේ වි."

ජෝන් උපකරණවලින් නිදහස්‌ වන විට සැඳෑ හිරු බැස යමින් තිබිණ.

"කොහොම ද දැනෙන්නෙ"

ඇන්ඩර්සන් විමසුවේ ය.

"සිහිය අවුල් වෙලා වගේ... නැත්නම් සේරම හරි".

"ඔළුව කැක්‌කුමක්‌ නැද්ද?"

"නෑ. ඒත් මට වැසිකිළියට යන්න ඕන. මේ පෝච්චි පාවිචිචි කරන්න මට අමාරුයි."

ජෝන් නැගිටුණේ අපහසුවෙන් මෙනි.

"කිසි ම මතකය වැඩි වීමක්‌ මට දැනෙන්නෙ නෑ."

"ආ... ඒකට ටික කාලයක්‌ යා වි. මතකය වැඩි වීම හෙමින් සිද්ධ වෙන්නෙ. දන්නව නෙ එන්නතට ගමන් කරන්න ඕන මාර්ගය."

රෑ මැදියම ද උදා විය. සූසන් මෙන් ම ජෝන් ද නිහඩ ව රූපවාහිනිය දෙස බලා උන් හ.

අහස්‌ කුසේ තරු දිළිසෙනු කවුළුවෙන් පෙනෙයි. මුළු ලොව ම නිදිගත් සෙයකි.

අවසානයේ සූසන් ආයාසයෙන් කතා කළා ය.

"අද රෑට මෙහේ නවතින්න. මොනා ද වෙන්නෙ කියල දන්නෙ නැති නිසා ඔයාව තනි කරන්න මං කැමති නෑ."

"මට කිසි අමාරුවක්‌ නෑ."

ජෝන් ලැඡ්ජා වූයේ ය.

"... මං තාමත් ජෝන් මයි."

"මං මේකට හිත හදාගෙන ඉවරයි ජොනී."

ආදරයෙන් හා කරුණාවෙන් ඇගේ කටහඩ පීරී තිබිණි.

"ඔයාට අමාරුවක්‌ හරි අපහසුවක්‌ හරි දැනෙනව ද?"

"මං හිතන්නෙ නැහැ."

එහෙත් ඒ දිගු දැස්‌වල යම්කිසි පටලැවිල්ලක්‌ සැඟවී ඇති බව ඇය වටහාගත්තා ය.

"මේක කළේ නැතිනම් කොයි තරම් හොඳයි ද?"

"මං මේකට කැමති වුණේ අපි දෙන්න ගැන ම හිතලා සූ."

ජෝන් විඩාපත් ලෙස සිනාසුණේ ය.

ඔහු වෙලාවට නිදාගත්තේ ය. දුබලයකු සේ අවදි වූයේ ය. කෙසේ හෝ වෙලාවට කාර්යාලයට ගියේ ය.

එහෙත් උදැසන එකොළහ වන විට ජෝන් ගේ ප්‍රධානියා වූ මයිකල් රොස්‌ ගේ අවධානය ඔහු වෙත යොමු වී තිබිණි.

"මොකද වෙලා තියන්නෙ ජෝන්? කෝ හිනාවයි කතාවයි?"

ස්‌වාභාවයෙන් ම තමන් අප්‍රිය කරන රොස්‌ මෙසේ තමන් ඇමතීම ජෝන් තූළ ඇති කළේ අප්‍රසාදයකි.

"නෑ වෙනසක්‌ නෑ සර්"

ඔහු රොස්‌ දෙස නො බලා ම පිළිතුරු දුන්නේ ය.

"හා බොහොම හොඳයි. කතා බහ අඩු වූණා ම යාළුවන් ගෙ කරදරයක්‌ නෑ නෙ?"

ජෝන් සැබැවින් ම අමනාප වූයේ ය. මේ දැවැන්ත මිනිසා කතා කරන්නේ සිත රිදවන අයුරින් ම ය.

ඔහු තවත් අමනාප කරවමින් මත්පැන් ගඳක්‌ දැනිණ. ඒ අලෙවි අංශයේ ප්‍රධානියා ඡේම්ස්‌ ප්‍රෙස්‌කොට්‌ ළඟ ඇති බවට සලකුණකි.

"රොස්‌ කවද ද මොනව ද අපි වික්‌කෙ ගිය සීත සෘතුවේ රාවේවල දි. මගේ කොම්පියුටරයෙ දත්ත වැරදියි කියලයි මට හිතෙන්නෙ. ඒ ගැන පොඩි ප්‍රශ්නයක්‌ තියෙනව."

ප්‍රෙස්‌ කොට්‌ ගේ පැනය ජෝන් වෙත යොමූ වූවක්‌ නො වේ. එහෙත් ජෝන් නිරායාසයෙන් ම එයට උත්තර දෙන්නට විය.

"පී. සී. ඒ. පී නළ හතළිස්‌ දෙකක්‌. දිනය අප්‍රේල් 14. නොම්මරේ පී - 20543, දවස්‌ 30කින් ගෙව්වොත් සියයට පහක මිල අඩු කිරීමක්‌ එක්‌ක. සම්පූර්ණ මුදල ලැබුණේ මැයි 8"

"ආ....? ම්..... ආයෙ සැරයක්‌...."

ප්‍රෙස්‌ කොට්‌ ගේ දැස්‌ දොඹගෙඩි දෙකක්‌ තරම් විශාල විය.

ප්‍රෙස්‌ කොට්‌ ගේ පමණක්‌ නො ව කාමරයේ හුන් සියලු දෙනා ගේ ම දැස්‌ දොඹගෙඩි වී ඇති සේ ය.

"කොහොම ද....කොහොම ද.....ඕව කියවන්නෙ දෙවියනේ?

sප්‍රෙස්‌ කොට්‌ අමාරුවෙන් වචන ගලපා ගති. ජෝන් මොහොතක්‌ ඔහු දෙස බලා හුන්නේ ය. ජෝන් ගේ මුහුණෙන් පළ වූයේ මවිතයට පත් වූ බවකි.

"මට මතක්‌ වුණා සර්. ඒකයි."

"ආ... ආයෙමත් කියන්න බලන්න."

ජෝන් නැවතත් එය ම පැවසුවේ ය. ප්‍රෙස්‌ කොට්‌ වහ වහා ලියාගන්නට විය. ඔහුට හුස්‌ම ගැනීමට ද අපහසුව ඇති සෙයකි. මත්පැන් ගඳ නැහැයට ඒම වළක්‌වාගන්නට ජෝන් උත්සහ කළේ ය.

"රොඩ් මේවා ඔහෙ ගෙ කොම්පියුටරයෙන් පරීක්‌ෂා කරල බලන්න."

කතා කරමින් ම ප්‍රෙඩ්කොට්‌ ජෝන් වෙත හිස හැරවූයේ ය. ඔහු මුහුණෙහි වූයේ නොරිස්‌සුම් බැල්මකි.

"මං ඔය විහිළුවලට වැඩිය කැමති මිනිහෙක්‌ නෙවෙයි. මොනව ද ජෝන් කරන්නෙ ඔය ඉලක්‌කම් ඇත්ත ඒවා කියලා මං පිළිගත්තොත්?"

"ඒව හරි"

ජෝන් ඒ ස්‌ථිර බව සනාථ කළේ ය.

"මේ කොම්පියුටරයෙ දත්ත"

රොස්‌ තම පරිගණකයෙන් ලබාගත් දත්ත ඉදිරිපත් කළේ ය. ඔහු ප්‍රෙඩ්කොට්‌ සමඟ වහ වහා කියවන්නට පටන් ගති.

සියල්ල නිවැරැදි ය.

"ජෝන්? ඔහේ තවත් කොම්පියුටරයක්‌ ද?" මේ දත්ත සේරම හරි.

ප්‍රෙඩ්කොට්‌ ගේ කටහෙඩහි ද මවිතය ගැබ් ව තිබිණි.

ජෝන් දුබල ලෙස සිනාසෙන්නට උත්සාහ කළේ ය. ප්‍රෙඩ්කොට්‌ ඒ නුදුටු සේ උගුරෙන් ශබ්දයක්‌ කරමින් පිට ව ගියේ ය.

මත්පැන් ගඳ තවමත් කාමරය හැර නො ගියේ ප්‍රෙඩ්කොට්‌ සිටි බව අමතක නො කරවමිනි.

තව කොටසක්‌ ලබන සතියේ
(අයිසෙක්‌ ඇසිමොව් ගේ විද්‍යා ප්‍රබන්ධයක අනුවාදයකි)
දම්මිකා සෙනෙවිරත්න