![]() |
|||||
DNA සහ ජාන අධ්‍යයනය කිරීමේ මහා
පරිමාණ ව්‍යාපෘති පෙළක මීළඟ පියවර කෘත්‍රිම ගෙනෝම සංශ්ලේෂණය මානව ගෙනෝමය කෘත්‍රිමව සංශ්ලේෂණය කළ හැකි වන බවට මෑතක දී ලොව පුරා පුවත් පළ විය. ආසන්නතම පුවත වන්නේ පසුගිය මැයි මාසයේ ඇමෙරිකාවේ නිව්යෝක් ගෙනෝම මධ්‍යස්‌ථානයට රැස් වූ 200ක පමණ විද්‍යාඥයන් වසර පහක් හෝ ඊට අඩු කාලයක් තුළ මානව ගෙනෝමය කෘත්‍රිමව සංශ්ලේෂණය කර නිම කිරීමට පිඹුරුපත් සකස් කිරීම ය. ඊට සහභාගි වූ නැන්සි කෙලී නම් විද්‍යාඥවරිය පවසුවේ 2003 වසරේ සම්පූර්ණ වූ HGP-read ලෙස හැඳින්වූ මානව ගෙනෝම ව්‍යාපෘතිය සහ වර්තමානය දක්‌වා මානව ගෙනෝමය සම්බන්ධව වැඩි දියුණු වූ විද්‍යාත්මක දැනුම ද සැලකූ විට තවමත් මානව ගෙනෝමය හරිහැටි සම්පූර්ණයෙන් ම අධ්‍යයනය කර අවසන් කිරීමට නොහැකි වී ඇති බවත්, මානව ගෙනෝමය පිළිබද බොහෝ කරුණු අප තවමත් නො දන්නා බවත් ය. (ගෙනෝමය යනු යම් ජීවියකු ගේ සෛලයක න්‍යෂ්ටිය තුළ අඩංගු මුළු ප්‍රවේණික ද්‍රව්‍ය එනම් DNA භෂ්ම පෙළගැස්‌ම එකට සැලකූ කල ලැබෙන දත්ත සමූහයයි). දැනට මානව ගෙනෝමය සම්බන්ධව අප දන්නා මූලික කරුණු අතර ප්‍රධාන තැනක් ගන්නේ, DNA (Deoxyribonucleic acid) යනු න්‍යqක්‌ලියෝටයිඩ නම් ඒක අවයවික විශාල ගණනක් ක්‍රමිකව එකකට පසු එකක් දම්වැල් පුරුක් සේ බැඳී සකස් වුණු විස්‌මයජනක යෝධ අණුවක් බවත්, විශේෂයෙන් එක මානව සෛලයක් තුළ, DNA සහ ක්‍රොමටින් නම් විශේෂිත ප්‍රොaටීන වර්ගයකින් නිර්මිත වර්ණදේහ හෙවත් ක්‍රෝමසෝම ව්‍යqහ යුගල් 23ක් පවතින බවත් ය. දම්වැලක්, දම්වැල් පුරුක් විශාල ගණනක් එකතු වී සෑදී තිsබෙන්නේ යම් සේ ද, DNA අණුවක තැනුම් ඒකකය වන න්‍යක්‌ලියොටයිඩ මිලියන ගණනක් එකතු වී ද්විත්ව දාමයක් ලෙස සෑදී තිබේ. අප ගේ එක් සෛලයක් තුළ ඇති න්‍යෂ්ටියේ අඩංගු DNA අණු සියල්ල හෙවත් මානව ගෙනෝමය සලකන කල එය න්‍යqක්‌ලියොටයිඩ බිලියන 3.2කින් සමන්විත වේ. ඕනෑ ම DNA අණුවක/ඕනෑ ම ගෙනෝමයක පවතිsන එකිනෙකට වෙනස් න්‍යqක්‌ලියොටයිඩ වර්ග ගණන හතරකි. ඒවා හැඳින්වීමට ඉංග්‍රීසි හෝඩියේ A,G,C සහ T යන අක්‌ෂර, සංකේත ලෙස යොදාගැනෙයි. (රූපය 1). එනම් මෙකී සංකේත හතර භාවිතයෙන් අප ගේ මුළු ගෙනෝමය ම විදහා දැක්‌විය හැකි ය. HGP-read ලෙස හැඳින්වූ මානව ගෙනෝම ව්‍යාපෘතිය ආරම්භ වී වසර 13කටත් අධික කාලයක් එය සම්පූර්ණ කිරීමට ගත විය. එයට හේතුව, මානව ගෙනෝමය පිළිබද කිසිදු පූර්ව දැනුමක් ඒ වකවානුව වන විට නො වීමත් ගෙනෝමය කියවීම සදහා එකල බහුලව ම භාවිත කළ Sanger sequencing නම් වූ තාක්‌ෂණය සදහා සැලකිය යුතු කාලයක් ගත වීමත් ය. (HGP-read ලෙස හැඳින්වූ ගෙනෝම ව්‍යාපෘතිය තුළ භාවිත වූ ශිල්ප ක්‍රමය 'පැහැදිලි කිරීම 1' තුළ කෙටියෙන් විස්‌තර කර ඇත). දැනට පවතින තොරතුරු අනුව මානව ගෙනෝමය තුළ ප්‍රොaටීන සාදන ජාන 19,000ත් 20,000ත් අතර ප්‍රමාණයක් පවතී. එය මුළු ගෙනෝමයෙන් 1.1%කටත් අඩු ප්‍රමාණයක් වන අතර ගෙනෝමයේ ඉතිරි 98%කට ආසන්න ප්‍රමාණයෙන් සිදු වන දෑ පිළිබදව අපට ඇත්තේ ඉතා ම අල්ප දැනුමකි. ගෙනෝමයේ 98%ක් වන ඉතිරි කොටස මගින් සිදු වන ක්‍රියාවලීන් අධ්‍යයනය කිරීම මගින් සම්පූර්ණයෙන් ම එම ක්‍රියාවලීන් පහදා දීම ප්‍රමාද වී ඇත්තේ සජීවී සෛල තුළ සිදු වන ඉතා සංකීර්ණ ජාලයක් ලෙස සැකසුණු ක්‍රියාවලි සමුදාය එක වර අධ්‍යයනය කිරීමට ඇති අපහසුව නිසා විය හැකි ය. HGP-Write ව්‍යාපෘතිය සාමාන්‍යයෙන් සත්ත්ව හෝ ශාක හෝ ගෙනෝමයක් ස්‌වාභාවිකව සංශ්ලේෂණය වන්නේ සජීවී සෛලයක් තුළ පමණි. එසේ ම මෑතක් වන තුරුත් ලෝකයේ සෛලවලින් පිටත දී සංශ්ලේෂණය කළ හැකි ව තිබුණේ ඉතා ම කුඩා DNA අණු කොටස් පමණකි. මුළු මානව ගෙනෝමය ම සෛලවලින් පිටත දී සංශ්ලේෂණය සදහා යෝජිත නව ව්‍යාපෘතිය HGP-Write ලෙස හදුන්වයි. HGP-Write ව්‍යාපෘතිය අවසානයේ දී ඉහත මානව ගෙනෝම ව්‍යාපෘතියෙන් (HGP-read) ලැබුණු ජීවයේ සැකැස්‌ම වැඩිදුරටත් අවබෝධ කරගත හැකි වනු ඇති බව පැවසේ. මේ HGP-Write ව්‍යාපෘතියේ මූලික ම අරමුණ වනුයේ විශාල ගෙනෝමයන් අනාගතයේ දී පරීක්‌ෂා කිරීම් සහ විවිධ වෙනස්‌කම් සිදු කිරීම් ආදි ක්‍රියාවලි සදහා වැය වන මුදල් විශාල වශයෙන් අඩු කරගැනීම ය. විශේෂයෙන් සම්පූර්ණ මානව ගෙනෝමයේ විවිධ වෙනස්‌කම් සිදු කිරීම, ගෙනෝමය හා සැබැදුණු විවිධ ජීව ක්‍රියාවලි විස්‌තරාත්මකව අධ්‍යයනය කිරීම, ප්‍රවේනික අබාධ පිළිබදව විස්‌තරාත්මකව අධ්‍යයනය කිරීම සහ මානව සහ අනෙකුත් සත්ත්ව කොට්‌ඨාශයන්හි පරිණාමය පිළිබදව අධ්‍යයනය කිරීම ඇතුළු කරුණු රැසක් මීට අන්තර්ගත වේ. එහෙත් මෙහි දී වැදගත් වන විශේෂ කාරණයක් වන්නේ දැනට පවතින මිල ගණන් අනුව Next Generation Sequencing යන තාක්‌ෂණය යටතේ මානව ගෙනෝමයක් සම්පූර්ණයෙන් ම කියවාගැනීමට එනම් මුළු ගෙනෝමයේ ම භෂ්ම අනුපිළිවෙළ සෙවීම සදහා වැය වන මුදලට එනම් ඇමෙරිකානු ඩොලර් 1000ක මුදලටත් වඩා වැඩි මුදලක් මානව ගෙනෝමයක් සම්පූර්ණයෙන් ම සංශ්ලේෂණය කිරීමට වැය වීම ය. එහෙත් විද්‍යාඥයන් විශ්වාස කරනුයේ වේගයෙන් දියුණු වන තරගකාරී තාක්‌ෂණික සහ විද්‍යාත්මක දියුණුව හමුවේ HGP-Write ව්‍යාපෘතිය අවසාන වන වකවානුව වන විට ගෙනෝමයේ ම භෂ්ම අනුපිළිවෙළ සෙවීම සදහා වැය වන මුදලට වඩා බෙහෙවින් අඩු මුදලක් ගෙනෝමයන් කෘත්‍රිමව සංශ්ලේෂණය සදහා වැය වනු ඇති බවයි. විද්‍යාඥයන් මෙලෙස HGP-Write ව්‍යාපෘතිය සම්බන්ධව පෙරැයීම් කරන අයුරින් ම එය සාර්ථක වේ ද යන්න යමකුට ගැටලුසහගත වනු ඇත. එම ගැටලුවට යම් හෝ අස්‌වැසිල්ලක් ගෙනෙනුයේ දැනට ඇතැම් බැක්‌ටීරියා සහ යීස්‌ට් වැනි කුඩා ගෙනෝම සහිත ජීවීන් ගේ ගෙනෝමයන් කිහිපයක් කෘත්‍රිමව සාර්ථකව සංශ්ලේෂණය කර තිබීමයි. HGP-Write ව්‍යාපෘතිය සාර්ථක වුව හොත් මේ ව්‍යාපෘතිය හරහා විවෘත වන දැනුම සමගින් මානව සෞඛ්‍ය ගැටලු සමූහයකට පිළිතුරු සෙවීමේ දී ඉමහත් පහසුවක් සැලසෙනු ඇති බවට ද විශ්වාස කෙරේ. එහි දී විශේෂයෙන් ම අවයව බද්ධ කිරීම්වලට අදාළව පවතින ගැටලු විසදාගැනීමට, genome wide recording යන තාක්‌ෂණය යටතේ විවිධ වයිරස මගින් බෝ වන රෝග සදහා ප්‍රතිශක්‌තිකරණ යාන්ත්‍රණයන් විධිමත් කිරීම සහ නව ආකාරයකට සකස් කිරීම, පිළිකා ඇතුළු රෝගාබාධ සදහා නව ඖෂධ සොයා බැලීම සදහා විශේෂ මාධ්‍යයක වගා කරනු ලබන මානව සෛල මෙහෙයවීම සහ ඉතා කාර්යක්‌ෂම එන්නත් නිපදවීම ඇතුළු විවිධ කර්තව්‍යයන් පහසු කරනු ඇත. මීට අමතරව විද්‍යාඥයන් දැනටමත් සිදු කර ඇති ඇතැම් මූලික පර්යේෂණ ද මේ ක්‍රියාවලිය අනාගතයේ දී සාර්ථක වන බවට ඉගි පළ කරයි. ඒ අතර සිදු කර ඇති එක පර්යේෂණයක් වන්නේ මානව ගෙනෝමය තුළ පවතින ජාන නො වන DNA කොටස් හෙවත් non coding DNAවල පවතින විවිධත්වයන් මානව ජාන ප්‍රකාශනයට කෙසේ බලපාන්නේ ද යන්න සොයා බැලීම සදහා කෘත්‍රිමව සංශ්ලේෂණය කරන ලද මානව non coding DNA කොටස් පර්යේෂණ සදහා සාර්ථකව යොදාගැනීම ය. එසේ ම මේ සංශ්ලේෂණය කරන ලද non coding DNA කොටස් විවිධ මානව රෝග අවස්‌ථාවල දී කෙසේ හැසිරෙන්නේ ද යන්න ද සොයා බලන ලදි. එසේ ම මේ කෘත්‍රිම DNA සංශ්ලේෂණ ක්‍රමය යටතේ ඇතැම් මානව වර්ණදේහ පවා සංශ්ලේෂණය කර ඇති අතර උදාහරණයක් ලෙස පිළිකාවල දී ලබා දෙන රසායනික ප්‍රතිකාරවල උපරිම කාර්යක්‌ෂමතාවක් ලබාගැනීම සදහා මානව වර්ණදේහ විශ්ෂයෙන් වෙනස් කර සකසා පර්යේෂණ සිදු කර ඇත. එසේ ම මානව අවයව බද්ධ කිරීම්වල දී ඌරන් ගෙන් ලබාගත් අවයව මිනිසුන්ට බද්ධ කළ හැකි දැයි යන්න නිතර සොයා බලන කරුණකි. එහෙත් එහි දී මතු වන ගැටලුවක් වන්නේ එම අවයව වෙනත් සතකු ගේ බැවින් මිනිසාට බද්ධ කළ පසු සිරුර තුළින් විවිධ ප්‍රතිරෝධයන් සහ සංකූලතා මතු වීම නිසා විවිධ ගැටලු මතු වීම ය. එහෙත් කෘත්‍රිමව සංශ්ලේෂණය කරන ලද ජාන හෝ DNA කොටස් යොදාගනිමින් ඌරන් වැනි සතුන් ගේ විවිධ වෙනස්‌කම් සිදු කර එම සතුන් ගේ අවයව මිනිසාට බද්ධ කළ පසු ඇති විය හැකි සංකූලතා අවම කිරීමේ උත්සායක් පවතී.
|
|
||||
|