logo3.gif (702 bytes)

HOME


ක්‌වොන්ටාවේ කතාව 35
සදා සැඟවුණ සැඟවුණු විචල්‍යයෙන් යථාර්ථයට මුක්‌කුවක්‌

"නැවත නැවතත් පෙනෙන්නේ එක ම සන්දර්භය තුළ පවා අප ගේ අත්දැකීම් පැහැදිලි කරගත හැකි හා ඒ තුළ යම් පුරෝකථනයන් කළ හැකි ක්‍රම එකකට වඩා තිබිය හැකි බවත්, විටෙක යථාර්ථය උපකල්පනය කළ හැකි අතර විටක එවැන්නක්‌ නැතැයි සලකා ද සංගත දැනුම් ගොඩනැඟිය හැකි බවත් ය. යොදාගන්නේ කුමක්‌ ද යන්න සාපේක්‌ෂ නිගමනයකි.

යුද්ධයෙන් පසු නැවතත් ක්‌වොන්ටම්වාදයේ යථාර්ථය පිළිබඳ ප්‍රශ්නය කරළියට ආවේ ය. 1948 වසරේ ද බෝර් සහ අයින්ස්‌ටයින් අතර සටන ඇවිළ ගියේ ය. ප්‍රශ්නයට විසඳුමක්‌ තාම නැත. එහෙත් 1952 දී ක්‌වොන්ටම්වාදය යථාර්ථයට ගැටගැසීමේ අලුත් ම උපක්‍රමයක්‌ ඉදිරිපත් කෙරිණි. ඒ, පරමාණු බෝම්බය තැනූ මෑන්හැටන් ව්‍යාපෘතියේ ද වැඩ කළ ඇමෙරිකානු ජාතික ඩේවිඩ් බෝම් (David Bohm) විසිනි.

1917 උපන් ඩේවිඩ් බෝම් පසුව කැලිෆොaනියාහි බර්ක්‌ලේ විශ්වවිද්‍යාලයෙන් උසස්‌ අධ්‍යාපනය ලැබූ අතර, එහි සිය ගුරුවරයා වූ ඔපෙන්හයිමර් සමඟ මෑන්හැටන් ව්‍යාපෘතියට එක්‌ විය. කලක්‌ ප්‍රින්ස්‌ටන් සරසවියේ දේශකයකු ද වූ හෙතෙම 1951 දී සේවයෙන් පහ කරන ලද්දේ ඔහු ගේ මාක්‌ස්‌වාදී අදහස්‌ නිසා ය. ඔහු කොමියුනිස්‌ට්‌ පක්‌ෂයේ සාමාජිකයෙක්‌ ද විය. ඉන් පසු ඔහු බ්‍රසීලයටත්, එතැනින් එංගලන්තයටත් සංක්‍රමණය වුයේ ය.

යථාර්ථය හා ක්‌වොන්ටම්වාදය එකිනෙක නො පෑහෙන බව වොන් නිව්මාන් සාධනය කළ බව අපි දුටුවෙමු. එනම්( යථාර්ථය රැකගනිමින් ක්‌වොන්ටම් ලෝකයේ නිරීක්‌ෂණ පැහැදිලි කිරීමට බැරි බවයි, සැඟවුණු විචල්‍යයන් නොමැති බවයි. එහෙත් ඩේවිඩ් බෝම් පෙන්වා දෙන්නේ සැඟවුණු විචල්‍යයන් ඇතැයි සලකා වුවත් ක්‌වොන්ටම් නිරීක්‌ෂණ පැහැදිලි කළ හැකි බව ය. යම් යථාර්ථයක්‌ නිර්මාණය කළ හැකි බව ය. ඒ බෝම් ගේ නියමු තරංගයෙන් ය (Pilot Wave). ඩේවිඩ් බෝම් කෝපන්හේගන් අර්ථකථනය මුලින් පිළිගත්තත් ප්‍රින්ස්‌ටන්හි අයින්ස්‌ටයින් සමඟ සිදු කළ සාකච්ඡාවල දී දුටුවේ ක්‌වොන්ටම්වාදයට යථාර්ථයක්‌ ඈඳීමට හැකි බවයි. මාක්‌ස්‌වාදයේ යාන්ත්‍රික භෞතිකවාදී අදහස්‌ ද බෝම්ට මෙහි දී බලපාන්නට ඇත. 1953 දී ඔහු ඉලෙක්‌ට්‍රොaනය සඳහා නව ආකෘතියක්‌ හඳුන්වා දුන්නේ ය. ඒ නිරීක්‌ෂණය නො කරන විට දී ද ඉලෙක්‌ට්‍රොaනයට නිශ්චිත පැවැත්මක්‌ ඇති බවත්, සම්භාවිතාවක්‌ සහිත ප්‍රතිඵල ලැබෙන්නේ සැඟවුණු විචල්‍යයක්‌ ඇති නිසා බවත් ය. එනම්, සියලු කොන්දේසි සමාන වුවත් වෙනස්‌ ප්‍රතිඵල ලැබෙන්නේ යම් සැඟවුණු, අපට දැනගත නොහැකි වෙනස්‌කමක්‌ ඇති නිසා ය.



මුල් කාලයේ ම අයින්ස්‌ටයින් දැරූ මතයක්‌ නම් ෆොaටෝන විද්යුත් චුම්බක ක්‌ෂේත්‍ර මත තරංග ලෙස ගමන් කරනවා යන්නයි. එහෙත් පැහැදිලි ලෙස මේ නියමු තරංග අදහස මුලින් ම ඉදිරිපත් කරන ලද්දේ ඩි බ්‍රොග්ලි විසින් 1927 සොල්වේ සම්මන්ත්‍රණයේ දී ම ය. ඔහු කීවේ ෙෂ්‍රාaඩිංගර් ගේ තරංග ශ්‍රිතය බොර්න් කී ලෙස (කෝපන්හේගන් විවරණය) සම්භාවිතා නිරූපනයක්‌ නො වන බවත්, එය භෞතික යථාර්ථයක්‌ බවත් ය. ඔහුට අනුව ඉලෙක්‌ට්‍රොaන ඇතුළු ක්‌වොන්ටම් ද එසේ නිරීක්‌ෂණයෙන් තොර ව යථාර්ථයක්‌ ලෙස පවතී. එනම් ඉලෙට්‍රොaනයක පිහිටීම හෝ ගම්‍යතාව හෝ නිරීක්‌ෂණයේ ප්‍රතිඵලයක්‌ නො වේ. එසේ නම් තරංග ශ්‍රිතයෙන් ලබා දෙන අකාරයේ සම්භාවිතාවක්‌ ඉලෙක්‌ට්‍රොaනය පෙන්වන්නේ ඇයි? ඩි බ්‍රොග්ලි කීවේ මේ යථාර්ථයක්‌ වූ තරංගය (එහි හැසිරීම ෙෂ්‍රාaඩිංගර් ගේ තරංග ශ්‍රිතයෙන් විස්‌තර වේ) මත ඉලෙක්‌ට්‍රොaන අංශුව ගමන් කරන බවයි. එනම් ඉලෙක්‌ට්‍රොaනයේ අවකාශය මේ තරංගයයි. ඉලෙක්‌ට්‍රොaනයේ ගමනේ නියමුවා මේ තරංගය වන අතර ඒ තරංගය ෙෂ්‍රාaඩිංගර් ගේ තරංග ශ්‍රිතයෙන් විස්‌තර වේ. එයට නියමු තරංගය කියන්නෙ එබැවිනි. පිහිටීම සම්භාවිතාවක්‌ වන්නේ එබැවිනි.

එහෙත් ප්‍රශ්නය නම් මේ ෙෂ්‍රාaඩිංගර් ගේ තරංග ශ්‍රිතය ක්‌වොන්ටම් එකකට වැඩි පද්ධතියක දී සාමාන්‍ය මාන තුන ඉක්‌මවා යන හුදු වියුක්‌ත අවකාශීය නිරූපණයක්‌ වීමයි (Configuration space). ඉතින් එවැනි අවකාශයක්‌ හෝ ඒ අවකාශයේ පවතිනවා යෑයි කියන ඉලෙක්‌ට්‍රොaනයක්‌ හෝ යථාර්ථයක්‌ වන්නේ කෙසේ ද? එවැනි හුදු ගණිතමය අවකාශයක දී ඉලෙක්‌ට්‍රොaනයක පිහිටීම යනු කුමක්‌ ද? කෝපන්හේගන් අර්ථකථනයට මෙය ගැටලුවක්‌ නො වන්නේ එහි දී තරංග ශ්‍රිතය හුදු ගණිතමය නිරූපණයක්‌ ලෙස ම සලකන බැවිනි. එහි දී තරංග ශ්‍රිතයෙන් නිරූපණය වන්නේ ක්‌වොන්ටාවක නිරීක්‌ෂණය නො කළ තත්ත්වයයි. ඩි බ්‍රොග්ලිට පිළිතුරක්‌ තිබුණේ නැත. ක්‌වොන්ටම්වල අප්‍රත්‍යස්‌ථ ගැටුම් සම්බන්ධයෙන් පවුලී යොමු කළ ප්‍රශ්නයට ද පිලිතුරු දීමට ඩි බ්‍රොග්ලි අපොහොසත් විය. පසුබා ගිය ඩි බ්‍රොග්ලි සිය නියමු තරංග අදහස සදහට ම අතහැර දැම්මේ ය. ඔහු ඉන්පසු කෝපන්හේගන්වාදියෙක්‌ විය.

කෙසේ වුවත් 1953 දී ඩේවිඩ් බෝම් නැවත ඩි බ්‍රොග්ලි ගේ අදහස කරළියට ගෙන වර්ධනය කළේ ය. ඉලෙක්‌ට්‍රොaනය යනු නිරීක්‌ෂණය කළත් නො කළත් නිශ්චිත පිහිටීමක්‌ හා ප්‍රවේගයක්‌ සහිත අංශුවක්‌ ලෙස බෝම් ද ගත්තේ ය. දැන් මේ ඉලෙක්‌ට්‍රොaන අංශුව හා බැඳුණු තරංගයක්‌ හෙවත් විසිරී ගිය ෙෂ්‍රාaඩිංගර් ගේ තරංග ශ්‍රිතයෙන් විස්‌තර වන විභවයක්‌ ඇතැයි ද ඔහු කීවේ ය. ඉලෙක්‌ට්‍රොaනය හසුරුවනු ලබන්නේ මේ තරංගය විසිනි. එහෙයින් ඩි බ්‍රොග්ලි කළ ලෙස ම එය නියමු තරංගය ලෙස නම් කෙරිණි. මෙය තරංග ශ්‍රිතය මෙන් ඉලෙක්‌ට්‍රොaනය සඳහා වූ හුදු ගණිතමය නිරූපණයක්‌ නො වේ. බෝර් ගේ අනුපූරකතා මූලධර්මයෙන් කියවෙන පරිදි ඉලෙක්‌ට්‍රොaනය යනු විටෙක තරංග මෙන් ද, විටක අංශු මෙන් ද අප අත්දකින නිශ්චිත යමක්‌ නො වේ. එහෙත් බෝම්ට අනුව ඉලෙක්‌ට්‍රොaනය ද, තරංගය ද දෙක ම හැම විට ම සැබෑ ලෙස ම පවතී. ඒවා යථාර්ථයන් ය. එහෙත් මේ තරංගය සැඟවී ඇත. ඉන් නො නැවතුණු බෝම් නියමු තරංගය මගින් චලිත කරනු ලබන ක්‌වොන්ටාවේ පථය (බෝම් ප්‍රක්‌ෂිප්තය) සඳහා සමීකරණයක්‌ ද ලබාගත්තේ ය (Guiding Equation).



බෝම් ගේ මේ නියමු තරංගය අපට නො පෙනෙන අතර, එය හඳුනාගත හැක්‌කේ එමගින් ඉලෙක්‌ට්‍රොaනය මත සිදු කරනු ලබන බලපෑමෙන් පමණි. එමෙන් ම නියමු තරංගය විශ්වය පුරා විසිර ඇත. විශ්වයේ කොහේ හෝ යම් වෙනසක්‌ සිදු වූ විට (උද: නිරීක්‌ෂණයක්‌) නියමු තරංගයේ හැඩය වෙනස්‌ වේ. එම වෙනස ඒ ක්‌ෂණයෙන් එම නියමු තරංගයට අදාළ ඉලෙක්‌ට්‍රොaන අංශුවට දැනෙන අතර එහි පිහිටීම හා ප්‍රවේගය එමගින් වෙනස්‌ වේ. නිරීක්‌ෂණ නිසා නියමු තරංගය වෙනස්‌ වී ඉලෙක්‌ට්‍රොaනයේ පිහිටීම, ගම්‍යතාව, කාලය, ශක්‌තිය වැනි ගුණ අවුල් කරයි. නිරීක්‌ෂණය නො කරන විටත් මේ ගුණයන් සහිත ඉලෙක්‌ට්‍රොaන පවතින නමුත් නිරීක්‌ෂණයේ ස්‌වභාවය අනුව නියමු තරංගය වෙනස්‌ වන බැවින් ඉලෙක්‌ට්‍රොaනවල ගුණ සම්භාවිතා ශ්‍රිතයකින් නිරූපණය කිරීමට සිදු වේ. උදාහරණයක්‌ ලෙස ඔබ පිහිටීම නිරීක්‌ෂණය කිරීමට ගිය හොත් එහෙයින් නියමු තරංගය කැලඹෙයි, ඒ ක්‌ෂණයෙන් ඉලෙක්‌ට්‍රොaනයේ පථය වෙනස්‌ වේ, ගම්‍යතාව වෙනස්‌ වේ. එහෙයින් පිහිටීම මනින ක්‌ෂණයේ ඇති ගම්‍යතාව කිසි විටක නිරීක්‌ෂණය කළ නොහැකි ය. හයිසන්බර්ග් ගේ අවිනිශ්චිතතා මූලධර්මය එසේ ම ය. එහෙත් ඒ කෝපන්හේගන් විවරණයේ මෙන් පිහිටීම නිශ්චිත විට ගම්‍යතාව නොමැති නිසා නො ව, එය දැනගැනීමට අපට ඇති නොහැකියාව නිසා ය.
ෙෂ්‍රාaඩින්ගර් ගේ තරංග ශ්‍රිතය ම මෙහි නියමු තරංගය වන බැවින් නිරීක්‌ෂණ පැහැදිලි කිරීම හා පුරෝකථනය අතින් බෝම් ගේ නියමු තරංග ආකෘතිය කෝපන්හේගන් ආකෘතියට සර්වසම වේ. වෙනස ඇත්තේ අර්ථකථනයේ වේ. බෝම් නිරීක්‌ෂකයාට ප්‍රමුඛතාව නො දෙන අතර කෝපන්හේගන් අර්ථකථනයේ නිරීක්‌ෂකයා ප්‍රමුඛ වේ. කෝපන්හේගන් අර්ථකථනයේ දී ක්‌වොන්ටාවක්‌ නිරීක්‌ෂණය නො කරන විට ඒ නිරීක්‌ෂණයට අදාළ ගුණය නිශ්චිතව නො පවතින අතර බෝම්ට අනුව ඒ ගුණය සැම විට ම නිශ්චිත යථාර්ථයකි. එහි විය හැකි සියලු අවස්‌ථා අධිස්‌ථාපනය වී නැත. එහෙත් මේ සිද්ධාන්තය සන්ගත වීමට නම් ක්‌ෂණික සන්නිවේදනයක්‌ සිදු විය යුතු ය. එක්‌ තැනක වන වෙනස මුළු නියමු තරංගයට ම එක්‌ වර දැනිය යුතු ය. මෙහි නියමු තරංගය භෞතික යථාර්ථයක්‌ බැවින් මේ ක්‌ෂණික සන්නිවේදනය භෞතික තොරතුරක්‌ ගලා යැමකි. එය සාපේක්‌ෂතාවාදයට මරු පහරකි. කෝපන්හේගන් අර්ථකථනයේ දී ද මේ ක්‌ෂණික සන්න්වේදනයේ අවශ්‍යතාව ඇති වන බව අපි EPR පරීක්‌ෂණය ගැන ලිපියේ දුටුවෙමු. එහෙත් එහි දී තරංග ශ්‍රිතය සම්භාවිතාව සඳහා වූ හුදු ගණිතමය නිරූපනයක්‌ බැවින් මේ ක්‌ෂණික සන්න්වේදනය භෞතික නො වන්නක්‌ කියා සාපේක්‌ෂතාවාදය බේරාගත හැකි ය. එහෙත් බෝම්ට එසේ කළ හැකි නො වේ.

බෝම්ට අනුව කෝපන්හේගන් අර්ථකථනයෙන් කියන ලෙස නිරීක්‌ෂණය නිසා බිඳ වැටෙන සම්භාවිතා තරංග ශ්‍රිතයක්‌ නැත. අසන්තතික බිඳ වැටීම වෙනුවට බෝම් කාටත් පුරුදු නියතිවාදී සන්තතික පරිණාමයක්‌ නිර්මාණය කොට ඇත. අප අත්දකින සම්භාවිතාවට හේතුව ඒ ඒ ඉලෙක්‌ට්‍රොaනවල නියමු තරංගවල වෙනසයි. උඩ දැමූ කාසියක ප්‍රතිඵලය අහඹු වන්නේ ඊට බලපාන සියලු සාධක අප නො දන්නා නිසා ය. එමෙන් ම බෝම් කියන්නේ ක්‌වොන්ටම් සම්භාවිතාවත් හුදු නොදන්නාකම නිසා මිස, නෛසර්ගික අහඹුවක්‌ නිසා නො වන බව ය. එනම් අපෙන් තොර වූ යථාර්ථයක්‌ පවතින බව ය. ඒ යථාර්ථයටත්, නියතිවාදයටත්, භෞතිකවාදයටත් නැවත පණ දීමට දැරූ උත්සාහයක්‌ විය.

බෝම් පෙන්වා දී ඇත්තේ ක්‌වොන්ටම්වල ගුණ නිරීක්‌ෂකයා ගෙන් ස්‌වායක්‌ත යථාර්ථයක්‌ යෑයි සලකා වුවත් ක්‌වොන්ටම් නිරීක්‌ෂණ හරියට ම පැහැදිලි කරන මාදිලියක්‌ නිර්මාණය කළ හැකි බවයි. එසේ නම් එය කළ නො හැකියි කිව් සියලු දෙනා පාහේ පිළිගත් නිව්මාන් ගේ සාධනයේ අවුල කුමක්‌ ද? නිව්මාන් නො සිතුව දෙයක්‌ නම් නිරීක්‌ෂණයේ ස්‌වභාවය අනුව (කුමන ආකාරයේ මිනුමක්‌) ඉලෙක්‌ට්‍රොaනය ක්‌ෂණික ව හැඩගැස්‌වන සැඟවුණු විචල්‍යයක්‌ එක්‌ කළ හැකි බවයි. බෝම් ගේ නියමු තරංගය එවනි සැඟවුණු විචල්‍යකි.

කෙසේ වුවත් බෝම් ගේ ආකෘතියට ප්‍රශ්න කිහිපයක්‌ ඇත. එකක්‌ නම් එය අප දුටු පරිදි සාපේක්‌ෂතාවාදය සමඟ සන්ගත නො වීමයි. එහෙත් මේ කරුණ කෝපන්හේගන් විවරණයට ද යම් ආකාරයකට අදාළ වේ. මේ ආකෘති දෙක ම ස්‌ථානීය (Local) නො වේ. අනෙක නියමු තරංගය මගින් ඉලෙක්‌ට්‍රොaනය තල්ලු කරනු ලබන ක්‌වොන්ටම් විභවය කුමක්‌ ද? එය බෝම් ගේ අභිමතය පරිදි එක්‌ කිරීමකි. අනෙක නම් සැම විට ම නියමු තරංගය මගින් ඉලෙක්‌ට්‍රොaනය හැසිරුවත් නිරීක්‌ෂණ මගින් නියමු තරංගය වෙන්ස්‌ වුවත් ඒ ඉලෙක්‌ට්‍රොaනයේ හැසිරීම පෙරළා නියමු තරංගයට බලපෑමක්‌ කරන්නේ නැත. ඒ ඇයි? ඩි බ්‍රොග්ලිට ආ ඉහත අප දුටු නියමු තරංගය මාන තුන ඉක්‌මවා යැමේ ගැටලුවට ද විසඳුමක්‌ නැත. මෙහි දී ද නියමු තරංගය යන්න හුදු ගණිත නිරූපනයක්‌ පමණක්‌ ලෙස සැලකීම එක්‌ පිළිතුරක්‌ වුවත් එවිට බෝම් ගොඩගන්න හැදූ යථාර්ථය නැවත ගසාගෙන යයි. අනෙක්‌ අතට මේ සැඟවුණු නියමු තරංගය ('සැඟවුණු' සැඟවුණු විචල්‍යය) කිසි දා දැනගත නොහැකි බැවින් බෝම්ට අනුව ද අවිනිශ්චිතතා මූලධර්මයේ සීමාව කිසිදු පරීක්‌ෂණයකින් ඉක්‌මවිය නොහැකි ය. "බෝම් ගේ ක්‍රමය ඉතා බාලයි" අයින්ස්‌ටයින් ලීවේ ය. හයිසන්බර්ග් සහ පවුලි කීවේ මේ බෝම් ගේ තරංගය හුදු මන(කල්පිතයක්‌ බවයි.

කෙසේ වුවත් බෝම්ට මෙහි දී යථාර්ථය හා නියතිවාදය රැකගෙන සැඟවුණු විචල්‍යයක්‌ ගැන උපකල්පනය කොට ක්‌වොන්ටම් නිරීක්‌ෂණ පැහැදිලි කරන මාදිලියක්‌ නිර්මාණය කිරීමට හැකි විය. එහෙත් බෝම් ගේ නියමු තරංග ආකෘතියට පිළිගැනීමක්‌ ලැබුණේ නැති තරම් ය. ඒ ඉහත ප්‍රශ්න නිසා ම නො වේ. කෝපන්හේගන් විවරණය බොහෝ දුරට පිළිගත් මතය වුවත් එය ට ද බොහෝ ප්‍රශ්න ඇත. කෝපන්හේගන් විවරණයේ යථාර්ථයට හා නියතිවාදයට පහර දෙන විප්ලවීය අදහසට ද බොහෝ දෙනා ඇදී ගිය අතර නැවත යථාර්ථයේ සිර වීමට ඔවුනට අවශ්‍ය නැත. අනෙක්‌ අතට කෝපන්හේගන් විවරණය නියමු තරංග ආකෘතියට ප්‍රථම ඉදිරිපත් වීම ද එය පිළිගත් මතය වන්නට හේතුවක්‌ වන්නට ඇත. බෝම් ගේ ගුරුවරයා ම වූ ඔපන්හයිමර් වරක කිවේ "අපට බෝම් ගේ සිද්ධාන්තය බොරු බව ඔප්පු කරන්න බැරි නම් ඒක නො සලකා හරින්න ඕන" යන්නයි. නියමු තරංග කතාව ආරම්භ කළ ඩි බ්‍රොග්ලි පවා බෝම්ට එරෙහි ව ගියේ ය.

මෙහි දී ද නැවත නැවතත් පෙනෙන්නේ එක ම සන්දර්හය තුළ පවා අප ගේ අත්දැකීම් පැහැදිලි කරගත හැකි හා ඒ තුළ යම් පුරෝකථනයන් කළ හැකි ක්‍රම එකකට වඩා තිබිය හැකි බවත්, විටෙක යථාර්ථය උපකල්පනය කළ හැකි අතර විටක එවැන්නක්‌ නැතැයි සලකා ද සංගත දැනුම් ගොඩනැගිය හැකි බවත් ය. යොදාගන්නේ කුමක්‌ ද? නිවැරැදි කුමක්‌ ද? (බෝර් ද? බෝම් ද?) යන්න සාපේක්‌ෂ නිගමනයකි.

ලබන සතියේ : 36 කොටස : යථාර්ථය පිළිබඳ ගැටලුව අයින්ස්‌ටයින් හා බෝර් සමඟ මිය නො යයි.

සමිත ප්‍රසන්න හේවගේ