logo3.gif (702 bytes)

HOME


ක්‌වොන්ටාවේ කතාව 28
යථාර්ථය වෙනුවෙන් සටන ඇරඹෙයි

"දිගින් දිගට ම බෝර් හමුවේ වූ පරාජයන් ගෙන් පසු ව වූවත් අයින්ස්‌ටයින් වෙනස්‌ වූයේ නම් නැත. "ක්‌වොන්ටම් සිද්ධාන්තය සංගත විය හැකියි. එහෙත් එය අවසන් සත්‍යය නො වේ. අනාගතයේ දිනක පරිපූර්ණ සිද්ධාන්තයක්‌ මගින් ක්‌වොන්ටම්වාදය කුණු කූඩයට යවා යථාර්ථය බේරාගනු නිසැක ය" ඔහු කීවේ ය.

බෙල්ජියමේ උපන් අර්නස්‌ට්‌ සොල්වේ (Ernest Solvay), සෝඩියම් කාබනේට්‌ මහාපරිමාණ ව නිෂ්පාදනය කිරීම සඳහා වූ බාධාව ඉවත් කළේ ය. 1865 වන විට ඔහු සිය සොහොයුරා සමඟ සෝඩියම් කාබනේට්‌ නිෂ්පාදනය සඳහා කර්මාන්ත ශාලාවක්‌ ද ආරම්භ කොට තිබිණි. දහ නව වැනි සියවස අවසානය වන විට සොල්වේ ගේ ක්‍රමය ලොව වටා පැතිර යන්නට විය. ඉක්‌මනින් ම ඔහු ධනවතෙක්‌ විය. ඔහු ගේ අනුග්‍රහය යටතේ 1911 දී "විකිරණ සහ ක්‌වොන්ටා" නමින් සම්මන්ත්‍රණයක්‌ බ්‍රසල්ස්‌හි දී පැවැත්වුණේ නම ගිය විද්වතුන් ගේ සහභාගිත්වයෙනි. එය 'ප්‍රථම සොල්වේ සම්මන්ත්‍රණය' ලෙස නම් විය. වසර තුනකට වරක්‌ පැවැත්වීමට නියමිත වූ සොල්වේ සම්මන්ත්‍රණයේ පස්‌වැන්න පැවැත්වුණේ 1927 ඔක්‌තෝබර් මාසයේ ය. එය පසු ව ප්‍රසිද්ධ ම සොල්වේ සම්මන්ත්‍රණය බවට පත් විය. අපෙන් තොර වූ, සියල්ල යටින් දිවෙන යථාර්ථයක්‌ වෙනුවෙන් අයින්ස්‌ටයින් සහ නීල්ස්‌ බෝර් අතර සටන එහි දී ඇවිළ ගියේ ය.

1927 ඔක්‌තෝබර් 24 දින පස්‌ වැනි සොල්වේ සම්මන්ත්‍රණය ඇරඹිණි. එහෙත් නියම සටන ඇවිළී ගියේ දෙවැනි දිනයේ සිට ය. ඩි බ්‍රොග්ලිs කීවේ ඉලෙක්‌ට්‍රොaනය අංශුවක්‌ වන අතර ම ඊට බැඳී ගිය තරංගයකින් ද යුක්‌ත බවත් ඒ දෙකේ ම පැවැත්ම යථාර්ථයක්‌ බවත් ය. අංශුවත් ඒ හා වෙළී ගිය තරංගයත් එක්‌ වර පවතී. එය මැක්‌ස්‌ බෝන් කියන ආකාරයේ සම්භාවිතා තරංගයක්‌ නො වේ. මෙය ඇසූ බෝර් ඇතුළු පිරිස දැඩි ව නැගී සිටිය හ. බෝර් ගේ අනුපූරකතා මූලධර්මයට අනුව ඉලෙක්‌ට්‍රොaනයට අංශුවක්‌ ලෙසත්, තරංගයක්‌ ලෙසත් එක්‌ වර පැවැත්මක්‌ නැත. එය තරංගයක්‌ ද අංශුවක්‌ ද යන්න තීරණය වන්නේ කුමන නිරීක්‌ෂණයක්‌ සිදු කරන්නේ ද යන්න මත ය. නිරීක්‌ෂණය නො කරන විට ඉලෙක්‌ට්‍රොaනය අංශුවක්‌ වත් තරංගයක්‌ වත් නො වේ. කිසිදු පරීක්‌ෂණයකින් අංශු තරංග ප්‍රතිබද්ධ ගුණ දෙක එක්‌ වර දැකිය හැකි නො වේ. අංශු තරංග ගුණ දෙක ම ඇති යථාර්ථයක්‌ නොමැත. ඩි බ්‍රොග්ලි නැවත නො එන්නට ම පසුබැස්‌සේ ය.

පසු ව හයිසන්බර්ග් සහ බෝර් ඒකාබද්ධ ව ක්‌වෙන්ටම්වාදය සම්බන්ධයෙන් පූර්ණ විස්‌තරයක්‌ කළෝ ය. අවිනිශ්චිතතාව සහ අංශු තරංග ද්විත්ව හැසිරීම ක්‌වොන්ටම්වාදයේ අනිවාර්ය ප්‍රතිඵලයක්‌ බවත්, ක්‌වොන්ටම් සිද්ධාන්තය පරිපූර්ණ සිද්ධාන්තයක්‌ බවත්, එහි මූලික හරය අනාගතයේ වෙනස්‌ නො වනු ඇති බවත් ඔවුහු කීවෝ ය. කෝපන්හේගන් අර්ථකථනය (ලිපිය 27) අනුව යමින් බෝර් තවදුරටත් කීවේ නිරීක්‌ෂකයා ගෙන් තොර වූ යථාර්ථයක්‌ නැමැති බවත් ඉලෙක්‌ට්‍රොaනයකට පිහිටීමක්‌ හෝ ප්‍රවේගයක්‌ හෝ ලැබන්නේ මැනීම හෙවත් නිරීක්‌ෂණය නිසා බවත් ය (බැමුම, කාලය, ශක්‌තිය වැනි ගුණ ද එසේ ම ය). නිරීක්‌ෂණය නො කරන විට එම ගුණ නො පවතී. නිරීක්‌ෂණය නො කරන විට ඉලෙක්‌ට්‍රොaනය අප සාමාන්‍යයෙන් අත්විඳින ආකාරයේ අංශුවක්‌ වත් තරංගයක්‌ වත් නො වේ. නිරීක්‌ෂණය මගින් ඉලෙක්‌ට්‍රොaනයට යථාර්ථයක්‌ හෙවත් පැවැත්මක්‌ ආරෝපණය වේ.

අයින්ස්‌ටයින් සිය දිගු නිහැඩියාව බින්දේ ය. නිරීක්‌ෂකයා හිටියත් නැතත් පවතින නිරපේක්‌ෂ යථාර්ථය පිළිබඳ දැක්‌ම නිව්ටන් ගේ මෙන් ම අයින්ස්‌ටයින් ගේ ද පදනම විය. අංශු තරංග සංකලනය වූ යථාර්ථයක්‌ පිළිබඳව ඔහු විශ්වාස කළේ ය. අපේ නිරීක්‌ෂණවලින් සාපේක්‌ෂ ව පෙනෙන්නේ නිරපේක්‌ෂ ලෝකයක්‌ යන්න ඔහු ගේ විශ්වාසය විය. ඔහු ගේ සාපේක්‌ෂතාවාදයේ ද පදනම එයයි. අයින්ස්‌ටයින් ගේ ප්‍රධාන ඉලක්‌කය අවිනිශ්චිතතා මූලධර්මය විය. ඒ සඳහා ඔහු සුපුරුදු ලෙස චිත්ත පරීක්‌ෂණයක්‌ (Thought Experiment) ඉදිරිපත් කළේ ය.

ඉලෙක්‌ට්‍රොaන ප්‍රවාහයක්‌ කුඩා සිදුරකින් යැමේ දී තරංගයක්‌ ලෙස විවර්තනය වී විසිර යයි (රූපය 1). මේ විවර්තන රටාව පොස්‌පරස්‌ තිරයක ඇති කරන දිළිසුම් මගින් නිරීක්‌ෂණය කළ හැකි ය. සියලු දිළිසුම් සැලකූ විට තරංගයක විවර්තනය වීමෙන් ඇති වන රටාව මැවේ. එහෙත් තනි ඉලෙක්‌ට්‍රොaනයක්‌ සැලකූ විට එය තිරයේ යම් නිශ්චිත ලක්‌ෂ්‍යයක ගැටෙයි. හෙවත් දිළිසුම ඇති කරයි. එය නිශ්චිත පිහිටීමකි. කෙසේ වෙතත් බොහෝ ඉලෙක්‌ට්‍රොaන ප්‍රමාණයක්‌ වෙන වෙන ම එක බැගින් එව්වත් සියලු දිළිසුම්වල එකතුවෙන් ගොඩනැෙගන රටාව පෙර පරිදි ම වූ විවර්තන රටාවයි. එනම්( සර්වසම ඉලෙක්‌ට්‍රොaන දෙකක්‌ තිරය දෙසට එව්ව හොත් එය දෙවැනි තිරයේ කුමන ස්‌ථානයේ දිළිසුම් ඇති කරන්නේ දැයි පුරෝකථනය කළ නොහැකි ය. එය සම්භාවිතා තරංග ශ්‍රිතයෙන් ඉදිරිපත් වේ.

දැන් අපි එක්‌ ඉලෙක්‌ට්‍රොaනයක්‌ නිකුත් කරන්නේ යෑ යි සිතමු. කෝපන්හේගන් අර්ථකථනයට අනුව දිළිසුම ඇති වීමට හෙවත් පිහිටීම නිශ්චිත වීමට මොහොතකට පෙර පිහිටීම යන්නට අර්ථයක්‌ නැත. ඇත්තේ තිරය පුරා විසිර ගිය සම්භාවිතාවකි. පිහිටීමට අර්ථයක්‌ එන්නේ දිළිසුම ඇති වීමෙනි. තරංග ශ්‍රිතය ක්‌ෂණික ව බිඳ වැටීමෙනි. දැන් A නම් ලක්‌ෂ්‍යයේ දිළිසුම ඇති වූවා යෑයි සිතමු. එනම්( දැන් A හැර තිරයේ අනෙක්‌ සියලු ලක්‌ෂ්‍යවල දිළිසුම ඇති වීමේ ඉඩ ක්‌ෂණික ව නැති වී යයි. ඒ තොරතුර ගමන් කරන්නේ කෙසේ ද? Aහි දී ඉලෙක්‌ට්‍රොaනය අංශුවක්‌ ලෙස නිරීක්‌ෂණය මගින් නිර්මාණය කළ බව තිරයේ අනෙක්‌ ලක්‌ෂ්‍යවලට දැනේනේ කෙසේ ද? සාපේක්‌ෂතාවාදයට අනුව තොරතුරු ක්‌ෂණික ව ගමන් නො කරන අතර, එහි සීමාව ආලෝකයේ ප්‍රවේගයයි. තරංග ශ්‍රිතය බිඳ වැටීම ක්‌ෂණික විය නොහැකි ය. එබැවින් කෝපන්හේගන් අර්ථකථනය අසම්පූර්ණයි, අයින්ස්‌ටයින් කීවේ ය.

'මා දකින විදිහට ඉලෙක්‌ට්‍රොaනය (නිරීක්‌ෂණය නො කළ) හුදු තරංගයක්‌ ලෙස ම නො ගෙන එම තරංගයට බැඳුණ අංශුවක්‌ ද පවතී ලෙස ගැනීම වඩා හොඳ ප්‍රවේශයක්‌ වේ වි' අයින්ස්‌ටයින් කීවේ ය. එනම් නිරීක්‌ෂණය නො කළ ඉලෙට්‍රොaනය යනු පිහිටීම හා ගම්‍යතාව එකවිට අර්ථදැක්‌වෙන යථාර්ථයක්‌ බවයි. මෙය ඩි බ්‍රොග්ලි ගේ අදහසට සමගාමී වේ. අයින්ස්‌ටයින් තවදුරටත් කීවේ ක්‌වොන්ටම් නිරීක්‌ෂණ සමස්‌තයක ප්‍රතිඵලයක්‌ ලෙස දැකිය යුතු බවයි. තරංග ගුණ පෙන්වන්නේ ඉලෙක්‌ට්‍රොaන සමූහයකි. එක්‌ ඉලෙක්‌ට්‍රොaනයක්‌ තිරය මත එක්‌ පිහිටීමක්‌ පමණක්‌ ඇති කරයි. එහෙයින් එක්‌ ඉලෙක්‌ට්‍රොaනයක්‌ විසිර ගිය තරංගයක්‌ ලෙස ගැනීම නිවැරැදි නො වන බව ඔහු ගේ අදහස විය. මෙය කෝපන්හේගන් විවරණයට විරුද්ධ වේ.

එනම් අයින්ස්‌ටයින්ට අනුව නිරීක්‌ෂණය නො කළ ඉලෙට්‍රොaනය යනු පිහිටීම හා ගම්‍යතාව එක විට අර්ථ දැක්‌වෙන යථාර්ථයක්‌ බැවින් ඉලෙක්‌ට්‍රොaනයේ ගමන් මගත් එහෙයින් එය තිරයේ ගැටෙන ලක්‌ෂ්‍යයත් නිශ්චිත ව ම ගණනය කළ හැකි විය යුතු ය. ඉලෙක්‌ට්‍රොaන සිදුරේ දාරවල ගැටීම නිසා විසිරී යන අතර විවර්තන රටාව ඇති වන්නේ එහෙයිනි (රූපය 1). එනම්( සිදුරත් තිරයත් අතර යම් ඉලෙක්‌ට්‍රොaනයකට නිශ්චිත ගමන් මාර්ගයක්‌ තිබේ. තනි ඉලෙක්‌ට්‍රොaනයක්‌ සැලකූ විට එහි පිහිටීම සහ ප්‍රවේගය නිශ්චිත වේ. අයින්ස්‌ටයින් සභාවට ඉදිරිපත් කළේ ය. අවිනිශ්චිතතා මූලධර්මය නිවැරැදි නො වේ. එහෙත් ඉලෙක්‌ට්‍රොaන බොහෝ ප්‍රමාණයක්‌ සැලකූ විට ඒ ඒ ඉලෙක්‌ට්‍රොaන වෙන වෙනත් මාර්ගවල ගමන් කොට තිරයේ වෙන වෙනස්‌ තැන්වල ගැටේ. සියලු ඉලෙක්‌ට්‍රොaන සිදුරේ ගැටෙන්නේ එක ම ලෙස නො වේ. විවර්තන රටාව ඇති වන්නේ එබැවිනි. අයින්ස්‌ටයින් කතාව අවසන් කළේ ය.

කෙසේ වුවත් බෝර් අවිනිශ්චිතතා මූලධර්මයත් කෝපන්හේගන් අර්ථකථනයත් රැකගත්තේ ය. මුල් ප්‍රශ්නයට පිළිතුර වූයේ තරංග ශ්‍රිතය යනු හුදු ගණිතමය නිරූපනයක්‌ විනා භෞතික යථාර්ථයක්‌ ලෙස පවතින තරංගයක්‌ නො වන බවයි. එබැවින් එහි බිඳ වැටීම සම්බන්ධයෙන් සාපේක්‌ෂතාවාදයෙන් කියන භෞතික ප්‍රවේග සීමා අදාළ නැත.

අයින්ස්‌ටයින් ගේ අවිනිශ්චිතතා මූලධර්මය සම්බන්ධ ප්‍රශ්නයට පිළිතුර පහත පරිදි විස්‌තර විය. ඉලෙක්‌ට්‍රොaනය සිදුරේ කොනක ගැටීම නිසා සිදුර හා තිරය යම් චලනයකට ලක්‌ වේ. අයින්ස්‌ටයින් කියන ලෙස ඉලෙක්‌ට්‍රොaනයක පිහිටීම නිශ්චිත වීමට නම් සිදුරත් තිරයත් කිසි ම සෙලවීමක්‌ නො වන ලෙස දෘඪ විය යුතු ය. දැන් සිදුරේ දී පිහිටීම නිශ්චිත වුවත් සිදුරට චලිත විය නොහැකි බැවින් ඉලෙක්‌ට්‍රොaනය හා සිදුර අතර සිදු වන ගම්‍යතා හා ශක්‌ති හුවමාරුව ගණනය කළ නොහැකි ය. ඉලෙක්‌ට්‍රොaනයේ ගම්‍යතාව හා ශක්‌තිය අවිනිශ්චිත වේ. එබැවින් සිදුර හා තිරය අතර ඉලෙක්‌ට්‍රොaනයේ පථය නිශ්චිත නැත. අනෙක්‌ අතට ඉලෙක්‌ට්‍රොaනය ගැටීමෙන් සිදුරට චලිත වීමට ඉඩහැරියේ යෑයි සිතමු. දැන් එහි චලිතය සලකා ඉලෙක්‌ට්‍රොaනයේ ගම්‍යතාව ගණනය කළ හැකි ය. එහෙත් දැන් සිදුරේ චලිතය නිසා ඉලෙක්‌ට්‍රොaනය නික්‌මෙන පිහිටීම නිශ්චිත නො වේ. සිදුර හා තිරය අතර ඉලෙක්‌ට්‍රොaනයට නිශ්චිත ගමන් මගක්‌ නැත. එමෙන් ම සිදුරේ හෝ තිරයේ චලිතය මැනීමට එය නිරීක්‌ෂණය කළ යුතු ය. ආලෝක අංශු ගැටෙයි, එක ක්‌වොන්ටාවක්‌ හෝ හුවමාරු වෙයි. එනම් එය නිරීක්‌ෂණය මගින් කැලඹීමට ලක්‌ වෙයි.

අවිනිශ්චිතතා මූලධර්මයත් කෝපන්හේගන් අර්ථකථනයත් බිඳ හෙළිය නොහැකි විය. බෝර් එහි දී ක්‌වොන්ටම් නො වන වස්‌තු සඳහා ද අවිනිශ්චිතතා මූලධර්මයේ බලපෑම සලකා ඇත. කෙසේ වුවත් අයින්ස්‌ටයින් තවතවත් ප්‍රශ්න ගෙන ආ අතර, බෝර් ඒවාට සාර්ථක ව පිළිතුරු දුන්නේ ය. තරුණ විද්වතුන් අතර බෝර් වීරයකු ලෙස නැගී සිටියේ ය. අයින්ස්‌ටයින් නිහඩ විය. පස්‌වන සොල්වේ සම්මන්ත්‍රණය එසේ අවසන් විය.

ඉන් පසු 1928 වසරේ බෝර් කෝපන්හේගන් අර්ථකථනය තවදුරටත් වර්ධනය කළ අතර, අයින්ස්‌ටයින් දැඩි ලෙස අසනීප වුවත් ක්‌වොන්ටම්වාදයේ අවිනිශ්චිතතාව සදහට ම තුරන් කිරීමේ මගක්‌ සෙවීමට තම මුළු කාලය ම කැප කළේ ය. චිත්ත පරීක්‌ෂණ ඔහු ගේ ප්‍රධාන අවියයි. බෝර්ට වැටෙන්න ම පහර දිය හැකි චිත්ත පරීක්‌ෂණයක්‌ වෙනුවෙන් හෙතෙම සිය තීක්‌ෂ්ණ මොළය වෙහෙස වූයේ ය. ඔහු 1930 වසරේ හයවැනි සොල්වේ සම්මන්ත්‍රණයට ආවේ ඒ පරීක්‌ෂණය ද අතැති ව ය. මේ සැරේ නම් බෝර්ට ගොඩ ඒමක්‌ නැතැයි ඔහු සිතුවේ ය.

ලබන සතියේ : 29 කොටස : යථාර්ථයට එරෙහි වූවන්ට ජය

සමිත ප්‍රසන්න හේවගේ