logo3.gif (702 bytes)

HOME


ක්‌වොන්ටාවේ කතාව 23
දෙවියෝ දාදු කෙළියේ

"ඉලෙක්‌ට්‍රොaනය නිරීක්‌ෂණය කරන තුරු අපට ඇත්තේ භෞතික නො වන සම්භාවිතා තරංගය පමණි. එහි නිශ්චිත ඉලෙක්‌ට්‍රොaනයක්‌ නමින් දෙයක්‌ සෛද්ධාන්තික ව වත් නොමැත. යම් ලක්‌ෂ්‍යයක දී එය හඳුනාගැනීමෙන් පසු පමණක්‌ අංශුවක්‌ ලෙස ඊට පැවැත්මක්‌ ලැබේ. ක්‌වොන්ටම් සම්භාවිතාව අප ගේ නො දන්නාකම නිසා නො වේ.

"මේ සිද්ධාන්තය මගින් බොහෝ දේ පැහැදිලි කරන නමුත් මගේ යටි සිත කියන්නේ මෙය ලෝකය ගැන නිවැරැදි චිත්‍රය නො වන බවයි. දෙවියන් දාදු කෙළියේ නො යෙදෙන බව මට ස්‌ථිරයි"

- අයින්ස්‌ටයින්

හයිසන්බර්ග් ගේ න්‍යාස යාන්ත්‍රිකය ගොඩනැගූ මැක්‌ස්‌ බෝන් ෙෂ්‍රාaඩිංගර් ගේ තරංගය දෙස බැලුවේ වෙනස්‌ ඇසකිනි. මේ තරංගය භෞතික ලෝකයේ යමක්‌ නිරූපණය කරනවා යන සිතිවිල්ල ඔහු ඉවත් කළේ ය. ඒ වෙනුවට ඔහු ඉලෙක්‌ට්‍රොaනය අංශුවක්‌ ලෙස ම ගත්තේ ය. ඉන් පසු ඔහු කීවේ ෙෂ්‍රාaඩිංගර් ගේ තරංගයෙන් නිරූපණය වන්නේ ඉලෙක්‌ට්‍රොaනය අංශුවක්‌ ලෙස අවකාශයේ යම් තැනක නිරීක්‌ෂණය වීමට ඇති සම්භාවිතාව බව ය. ඉලෙක්‌ට්‍රොaනයේ පිහිටීම නිශ්චිත ව අපට පුරෝකථනය කළ හැකි නො වේ. එය යම් මොහොතක අවකාශයේ යම් තැනක හඳුනාගැනීමට යම් ඉඩක්‌ ඇත. ඒ සම්භාවිතාව ෙෂ්‍රාaඩිංගර් ගේ තරංග සමීකරණයෙන් ගණනය කළ හැකි ය. එනම් ඒ තරංගයක්‌ ලෙස විසිර ඇත්තේ සම්භාවිතාවයි. නිරීක්‌ෂණය නො කරන විට ක්‌වොන්ටාවේ (ඉලෙක්‌ට්‍රොaනයේ) අවස්‌ථාව තරංග ශ්‍රිතයෙන් ඉදිරිපත් වේ. එහෙයින් එය භෞතික යමක්‌ නො වේ.

සමබර කාසියක්‌ උඩ දැමීම ගනිමු. එහි H වැටීමට 1/2 සම්භාවිතාවක්‌ ඇත. අපට කාසියේ කුමන පැත්ත වැටේ දැයි නිශ්චිත ව ම කිව නොහැකි ද? ඇත්තෙන් ම එය ගණනය කළ හැකි ය. කාසියේ මූලික කෝණික හා රේය ප්‍රවේග, අවස්‌ථිති ඝූර්ණය, වායු ප්‍රතිරෝධය වැනි දේවල් හෙවත් ආරම්භක කොන්දේසි හරියට ම දන්නේ නම් වැටෙන්නේ කුමන පැත්ත දැයි දැනගත හැකි ය. කාසියේ H නමැති පැත්ත කාසිය වැටීමට පෙර ද පවතී. එනම් මේ සම්භාවිතාවට යටින් නියති භාවයක්‌ ඇත. ඇතැම් සාධක පිළිබඳ අපේ නො දන්නාකම නිසා අපි සම්භාවිතාව යොදාගනිමු. තවත් ලෙසකින් කියන්නේ නම් සම්භාව්‍ය භෞතික විද්‍යාවේ දී ආරම්භක කොන්දේසි සර්වසම නම් සැම විට ම එක ම ප්‍රතිඵලයක්‌ ලැබේ. උදාහරණයක්‌ ලෙසත කාසියක්‌ එක්‌ වරක්‌ උඩ දමා H පැත්ත වැටුණේ යෑයි සිතමු. දැන් සියලු සාධක ඒ ලෙස ම පවත්වාගනිමින් කාසිය පෙර ලෙස ම නැවත උඩ දැමුව හොත් H පැත්ත නියත ව ම වැටේ. සම්භාවිතාව අවශ්‍ය වන්නේ ආරම්භක කොන්දේසි අප නිවැරැදි ව ම නො දන්නා නිසා යෑයි කියවේ. එහෙත් ක්‌වොන්ටම් සම්භාවිතාව එසේ නො වේ.

ඉලෙක්‌ට්‍රොaනයක බැමුම පිළිබඳව අපි මීට පෙර දුටුවෙමු. මේ බැමුම මගින් ඉලෙක්‌ට්‍රොaනයට චුම්බක ෙත්‍රයක්‌ තිබීම පැහැදිලි කරයි. බැමුමේ දිශාව චුම්බක ෙත්‍රයේ දිශාව වේ. දැන් අපි මෙසේ පරීක්‌ෂණයක්‌ කරමු. ඉලෙක්‌ට්‍රොaන සමූහයක බැමුම උඩු අතට සර්වසම ව සකසමු (ප්‍රභල චුම්බක ෙත්‍රයක්‌ යොදා එය කළ හැකි ය). දැන් සියලු ඉලෙක්‌ට්‍රොaනවල බැමුම එක ලෙස උඩු අතට වන අතර ඒවා සිරස්‌ අතට (උඩු-යටි) බැමුම මනින උපකරණයක්‌ හරහා යෑව්ව හොත් ඒ සියල්ලේ බැමුම උඩු අතට ලෙස උපකරණය මගින් පෙන්වයි. එහි අමුත්තක්‌ නැත. දැන් අප මේ සර්වසම උඩු අතට බැමුම සැකසු ඉලෙක්‌ට්‍රොaන තිරස්‌ (වම-දකුණ) බැමුම මනින උපකරණයක්‌ හරහා යවමු. දැන් ප්‍රතිඵලය විස්‌මයජනක ය. ඇතම් ඉලෙක්‌ට්‍රොaනවල තිරස්‌ බැමුම දකුණු දිශාවට ලෙසත් අනෙක්‌ ඒවායේ වම් දිශාවට වන ලෙසත් මිනුම් ලැබේ. බොහෝ ඉලෙක්‌ට්‍රොaන ප්‍රමාණයක්‌ සඳහා මිනුම් කළ හොත් 50%ක දකුණු දිශාවටත්, 50%ක වම් දිශාවටත් බැමුම ලැබේ (රූපය 1). එහෙත් උඩු (හෝ යටි) අතට බැමුම සැකසූ යම් නිශ්චිත ඉලෙක්‌ට්‍රොaනයක්‌ සඳහා තිරස්‌ බැමුම වමට වේ ද, දකුණට වේ ද යන්න මැනීමට පෙර කිව නොහැකි ය. ඒ සඳහා ඇත්තේ 50%ක සම්භාවිතාවකි. සර්වසම ඉලෙක්‌ට්‍රොaන දෙකක්‌ සර්වසම මිනුම්වලින් වෙනස්‌ ප්‍රතිඵල දෙකක්‌ ලැබේ. ක්‌වොන්ටම් පුදුමය එයයි. එහෙත් සම්භාව්‍ය භෞතික විද්‍යාවේ දී ආරම්භක කොන්දේසි සර්වසම නම් සැම විට ම එක ම ප්‍රතිඵලයක්‌ ලැබිය යුතු ය.

ආරම්භක කොන්දේසි එක ලෙස ම වන සර්වසම විකිරණශීලී පරමාණු දෙකක්‌ ගත හොත් ඒ දෙක විකිරණ පිට කොට ස්‌ථායි වීම එක විට සිදු නො වේ. එකක්‌ දැන් සිදු වී අනෙක වසර බිලියනකට පසු ව ද විය හැකි ය. විකිරණ පිට වන්නේ කොයි මොහොතක දැයි කිසි ම ලෙසකින් පුරෝකථනය කළ නොහැකි ය. මෙය ඉලෙක්‌ට්‍රොaනයේ හෝ අනෙක්‌ ක්‌වොන්ටම්වල පිහිටීම, ගම්‍යතාව වැනි ගුණ සඳහා ද මෙසේ ම ය.

X නම් ලක්‌ෂ්‍යයක ඉලෙක්‌ට්‍රොaනයක්‌ නිරීක්‌ෂණය කළා යෑයි සිතමු. දැන් දෙවැනි වර එම ඉලෙක්‌ට්‍රොaනය නිරීක්‌ෂණය කළ හොත් එය Y නම් ලක්‌ෂ්‍යයක පවතින්නේ යෑයි ද සිතමු. සියලු ම අවස්‌ථා ඒ ලෙස ම පවත්වාගනිමින් එම ඉලෙක්‌ට්‍රොaනය හෝ වෙනත් සර්වසම ඉලෙක්‌ට්‍රොaනයක්‌ නැවත වරක්‌ X ලක්‌ෂ්‍යයේ නිරීක්‌ෂණය කොට පෙර ලෙස ම නැවත නිරීක්‌ෂණය කළහොත් එය Y ලක්‌ෂ්‍යයේ නො වීමට පුළුවන. සියලු දේ සර්වසම නම් අවස්‌ථා දෙකේ දී වෙනස්‌ ප්‍රතිඵල ඇයි? ඉලෙක්‌ට්‍රොaන ඇතුළු අනෙක්‌ ක්‌වොන්ටම්වල ද සියලු පරීක්‌ෂණාත්මක ප්‍රතිඵල එසේ ම ය. එක ම කොන්දේසි සහිත ඉලෙක්‌ට්‍රොaන දෙකක්‌ නිරීක්‌ෂණයෙන් ප්‍රතිඵල දෙකක්‌ ගෙන දෙන්නේ ඇයි? නිරීක්‌ෂණය කිරීමට ප්‍රථම ඇත්තේ විසිර ගිය හුදු ගණිතමය සම්භාවිතා තරංගයක්‌ ලෙස ගෙන මෙය පැහැදිලි කළ හැකි ය.

මේ ක්‌වොන්ටම් සම්භාවිතාව ෙෂ්‍රාaඩිංගර් ගේ තරංගයෙන් (එහි විස්‌තාරයේ වර්ගයෙන්) ඉදිරිපත් වේ. X නම් ස්‌ථානයක ඉලෙක්‌ට්‍රොaනය නිරීක්‌ෂණය කළා යෑයි සිතමු. දැන් මෙයින් කියවෙන්නේ නිරීක්‌ෂණයට පෙරත් Xහි ඉලෙක්‌ට්‍රොaනය තිබූ බවත් අපේ නො දන්නාකම නිසා Xහි ඉලෙක්‌ට්‍රොaනය හඳුනාගැනීමට සම්භාවිතාවක්‌ තිබූ බව නො වේ. එසේ නිරීක්‌ෂණයට පෙර එය Xවල පවතී නම්, වෙනත් එවැනි සර්වසම නිරීක්‌ෂණවලින් එම ප්‍රතිඵලය ම ලැබිය යුතු ය. එහෙත් එය පරීක්‌ෂණාත්මක ව එසේ වන්නේ නැත. ඉලෙක්‌ට්‍රොaනය නිරීක්‌ෂණය කරන තුරු අපට ඇත්තේ සම්භාවිතා තරංගය පමණි. එහි නිශ්චිත ඉලෙක්‌ට්‍රොaනයක්‌ නමින් දෙයක්‌ (ඒ නිරීක්‌ෂණය කරන ගුණය) සෛද්ධාන්තික ව වත් නොමැත. එසේ යමක්‌ පවතී නම් ගණිතමය භෞතික නො වන තරංගයක්‌ අවශ්‍ය නො වේ. පිහිටීම නම් ගුණය නොමැති ව ඉලෙක්‌ට්‍රොaනය යන්නට අර්ථයක්‌ තිබේ ද? එනම් නිරීක්‌ෂණයට පෙර ඉලෙක්‌ට්‍රොaනය නමින් අවකාශීය පැවැත්මක්‌ නොමැති අතර යම් ලක්‌ෂ්‍යයක එය හඳුනාගැනීමෙන් පසු පමණක්‌ අංශුවක්‌ ලෙස ඊට පැවැත්මක්‌ ලැබේ. නිරීක්‌ෂණය නො කළ ඉලෙක්‌ට්‍රොaනය යනු හුදෙක්‌ ම සම්භාවිතා තරංගයයි. එහෙත් කාසියේ H අගය නිරීක්‌ෂණය නො කළත් පවතී. මැක්‌ස්‌ බෝන් නියතිවාදයට මරු පහරක්‌ එල්ල කර ඇත. "පරමාණුක ලෝකයේ දී මට නියතිවාදය අතහැරීමට සිදු වනවා" ඔහු ලීවේ ය. කෙසේ වුවත් ඔහු වරක්‌ කීවේ, ඔහු ගේ පෞද්ගලික අදහස නම් මේ සම්භාවිතා තරංගය යම් භෞතික යථාර්ථයක්‌ නිරූපනය කරනවා යන්නයි.



"මේ සිද්ධාන්තය මගින් බොහෝ දේ පැහැදිලි කරන නමුත් මගේ යටි සිත කියන්නේ මෙය ලෝකය ගැන නිවැරැදි චිත්‍රය නො වන බවයි. දෙවියන් දාදු කෙළියේ නො යෙදෙන බව මට ස්‌ථිරයි" අයින්ස්‌ටයින් මැක්‌ස්‌ බෝන්ට එසේ ලීවේ ය. ෙෂ්‍රාaඩිංගර් මෙන් ම අයින්ස්‌ටයින් ද මේ සම්භාවිතා කතාව පිළිගැනීමට සූදානම් නැත. ඉලෙක්‌ට්‍රොaන ශක්‌ති මට්‌ටම් අතර පැනීමට ඇත්තේ සම්භාවිතාවක්‌ යෑයි අයින්ස්‌ටයින් කීවේ 1916 දී ම ය. දැන් 1926 අවසානේ බෝන් ඉලෙක්‌ට්‍රොaනයේ මේ සම්භාවිතාව තරංග සමීකරණයෙන් නිරූපණය කරන විට අයින්ස්‌ටයින් එයට එරෙහි වෙයි. ඇත්තෙන් ම අයින්ස්‌ටයින් එකල බලාපොරොත්තු වූයේ අනාගතයේ දිනක නියතිවාදී ලෙස මේ ඉලෙක්‌ට්‍රොaන පැනීම විසෙදයි කියා ය. එහෙත් දස වසරකට පසු එය මුල් තැනට ම පැමිණ ඇත.

නිරපේක්‌ෂ යථාර්ථයේ අනෙක්‌ සියලු දේ මෙන් ම ඉලෙක්‌ට්‍රොaනයේ හැසිරීම ද අධිනිශ්චිත විය යුතු ය. එය යම් නියමයන්ට අනුව හැසිරේ. අප ඒ නියමයන් සියල්ල දන්නේ නම් සම්භාවිතාවට ඉඩක්‌ තිබිය හැකි නො වේ. අප සිටියත් නැතත් ඉලෙක්‌ට්‍රොaනය යම් මොහොතක යම් නිශ්චිත තැනක තිබිය යුතු නො වේ ද? එය හරියට ම කීමට බැරි වීමට හේතුවක්‌ නැත. නිව්ටන් ගේ මෙන් ම අයින්ස්‌ටයින් ගේ ද ඇදහීම එයයි. එහෙත් පරීක්‌ෂණාත්මක ප්‍රතිඵලයන් පැහැදිලි කරමින් බෝන් පෙන්වා දෙන්නේ එය එසේ නො වන බව ය. කෙසේ වුවත් තාම අයින්ස්‌ටයින් ගේ අධිනිශ්චිත ලෝකය සෙලවුණා පමණි. එය පුපුරා බිඳ වැටීමට ආසන්න බව ඔහු දැන සිටියේ නැත. ඒ පිපිරවීම සදහා හයිසන්බර්ග් ඒ වන විටත් සූදානම් වන බව කිසිවකු දැන සිටියේ නැත.

ලබන සතියේ : 24 කොටස : නියතිවාදය දෙදරයි

සමිත ප්‍රසන්න හේවගේ