logo3.gif (702 bytes)

HOME


විද්‍යා ප්‍රබන්ද
ඇට්‌ලැන්ටිස්‌ ආක්‍රමණය 02

тттттттттттттттттт

C24 පොරොන්දු වූ පරිදි උද්‍යානයේ මේපල් ගහ යට බංකුවේ වාඩි වී සිටියේ ය. ඔහුට ප්‍රතිවිරුද්ධ බංකුවට තරබාරු කාන්තාවක්‌ පැමිණ අසුන්ගත්තා ය. C33 මෙවර තරබාරු කාන්තාවක ලෙස වෙස්‌ වලාගෙන සිටියේ ය. ඔවුන් සවස 3ට හමු වනවා යෑයි පැවසුව ද, රහස්‍ය භාෂාව අනුව එය උදෑසන 8 විය.

"ලස්‌සන තොප්පියක්‌" එකිනෙකා අනන්‍යතාව තහවුරු කරගත් පසුව C24, C33ට උපහාසාත්මක ව පැවසී ය.

"තොප්පිය වැටුණොත් ඔක්‌කොම ඉවරයි. මගේ බොරු කොණ්‌ඩය සවි වෙලා තියන්නේ මේ තොප්පියටයි." C33 සිය තොප්පියේ ආනතිය වෙනස්‌ කරන ගමන් සිනාසිණි.

"ඒක නෙමෙයි, හරි පුදුම වැඩක්‌ෘ එඩ්වඩ් ගේ පරිගණකයේ ඡායාරූප ඇත්තට ම මොකක්‌ හරි අබිරහස්‌ නගරයක ඡායාරූප තමයි. ඒවා චිත්‍ර නො වෙයි. ඒ කීවේ ඇට්‌ලන්ටිස්‌ මිථ්‍යාවක්‌ නො වෙයි. මට පෙනුණ විදිහට ඒක ලොකු නගරයක්‌. ඒත් හැම දේ ම හැදිල තියන්නේ රතුපාටට හුරු ද්‍රව්‍යවලින්. ඔය නගරය කොහේ තියනව ද කියල මට නම් හිතා ගන්න බැහැ. ඒ වගේ ම මිනිස්‌සු මිටියි. ගැහැනු සාපේක්‌ෂව උසයි. මේ ඔක්‌කෝට ම වඩා භයානක දෙයක්‌ ඒ පරිගණකයේ දත්ත ගබඩාවේ තිබුණා. ඒක අමුතු මෙවලමක්‌. මම හිතන්නේ මොකක්‌ හරි යානාවක්‌. හරියට ගෝලයකට පුනීලයක්‌ සවි කරලා වගේ. ඒ යානාව ඇතුළත පාලක මධ්‍යස්‌ථානයක්‌ තියෙනවා. ඒක මොකක්‌ වුණත්, ඒක ක්‍රියාක්‌මක කරන පරිගණක වැඩසටහනක්‌ තියෙනවා. නමුත් ඒ වැඩසටහන ක්‍රියාත්මක කරන්න බැහැ. ඒක අකුරු හතරක රහස්‍ය පදයකින් ආරක්‌ෂා වෙලයි තියන්නේ. ඒ විතරක්‌ නො වෙයි, ඒ රහස්‍ය පදයේ අකුරු හතර ඇඟිලි සලකුණු හතරක්‌ හා සම්බන්ධයි. ඒ කීවේ, අදාළ ඇඟිල්ලෙන් අදාළ අකුර හෝ ඉලක්‌කම ඇතුළු කරොත් විතරයි රහස්‍ය පදය වංලගු වෙන්නේ." C 33 බැරෑරුම් ලෙස කරුණු පැහැදී ය.

C24 කල්පනාවකට වැටිණි. "අපි නො දන්න නගරයක්‌, වෙනස්‌ මිනිස්‌ විශේෂයක්‌, අත්භූත මෙවලමක්‌.... මේක පිටසක්‌වළ දෙයක්‌ වෙන්න බැරි ද? අනික ඔයා කොහොම ද දන්නෙ රහස්‍ය පදය ඇඟිලි සලකුණු එක්‌ක සම්බන්ධයි කියලා?" ඔහු විමසී ය.

"පළමු ප්‍රශ්නයට උත්තරය, ඕව්. මමත් අපේ ටීම් එකේ අනෙක්‌ නිලධාරීනුත් ඔයා හිතපු දේ ම තමයි හිතුවේ. මේක මොකක්‌ හරි පිටසක්‌වළ මගඩියක්‌. මෙච්චර දියුණු තාක්‌ෂණයක්‌ සහ එච්චර දියුණු නගරයක්‌ අපේ ලෝකේ සැඟවිලා තියෙන්න විදිහක්‌ නැහැ. අනෙක සියලු ම වීදි, ගොඩනැඟිලි රතු පාටේ විවිධ ප්‍රභේදවලින් නිර්මාණය වෙලයි තියෙන්නේ. ඇයි කියන්න දන්නේ නැහැ. දෙවැනි ප්‍රශ්නය, මම ඉංගී්‍රසි හෝඩියේ පළවෙනි අකුරේ ඉඳන් අන්තිම අකුර දක්‌වා එක්‌ එක්‌ අකුරු යතුරු පුවරුවෙන් ඇතුළු කරන්න උත්සාහ කළා. උදාහරණයක්‌ හැටියට, A අකුර එන්ටර් කරාම, පරිගණකය "වැරදි අක්‌ෂරය, වැරදි ඇඟිලි සලකුණ" කියලා පිළිතුරු දෙනවා, B අකුර එන්ටර් කරාමත් එහෙමයි. මේ විදිහට M අකුර එන්ටර් කළා ම නිවැරැදි අක්‌ෂරය, වැරැදි ඇඟිලි සලකුණ කියලා කිව්වා. අනෙක පළවෙනි අකුර නිවැරැදි ඇඟිලි සලකුණෙන් එන්ටර් කරන කල් දෙවැනි අකුර එන්ටර් කරන්න බැහැ" C33 පැහැදිලි කළේ ය.

"දැන් අපි කරන්න තියෙන්නේ, එඩ්වඩ් පිටසක්‌වළයෙක්‌ නම්, එයා පෘථිවියට ආවේ ඇයි? ඇට්‌ලන්ටිස්‌ තියෙන්නේ කොහෙ ද? අර මෙවලම මොකක්‌ ද කියලා හොයාගන්න ඕනේ. එහෙම නේ ද?" ඒ පැනය C24 ගෙනි.

ඒ සමඟම C33 ගේ ජංගම දුරකථනය නාද විය. "මොනවා? මම දැන්ම එන්නම්" ඇමතුමෙන් කලබල වූ ඔහුට කියවිණි. ඔහු C24ට ඇසෙන ලෙසින් "එඩ්වඩ් දරුවව ප්‍රාණ ඇපකාරයෙක්‌ විදිහට අරගෙන. වහා ම අපේ රාජකාරි තැන්වලට වාර්තා කරමු." යෑයි පවසා, සිය තොප්පියට අත තියාගෙන වේගයෙන් දිව ගියේ ය. ඔහු දිව යන ආකාරය දුටු අවට සිටි ඇතැම් පිරිස්‌ ඔහුට උසුළු විසුළු කරමින් සිනාසිණි. C24 ද හනික නැඟිට ඇවිදගෙන ගොස්‌ සෙනඟ අතර අතුරුදන් විය.

тттттттттттттттттттт

අයිවන් හැමිල්ටන් භීතියෙන් එඩ්වඩ් ගේ කාමරය දෙසට දිව ගියේ ය. ඔහු එනු දුටු එඩ්වඩ් කුඩා දරුවාව දැඩිව අල්ලාගෙන ඔහු ගේ ගෙලට ගිනි අවියක්‌ තියාගෙන සිටියේ ය. කාමරය තුළට කඩා වැදුණු අයිවන් සිටියේ තැතිගෙන ය.

"අනේ මගේ අහිංසක දරුවට මුකුත් කරන්න එපා. ඔන්න ඔයා අණ කරපු විදිහට පොලිසියට ගියෙත් නැහැ, ආයුධ මුකුත් නැතුවයි මම ආවේ. කරුණාකරලා මගේ දරුවව අතහරින්න. ඇයි ඔයා මේ අහිංසක දරුවට වද දෙන්නේ?"

කුඩා දරුවා බියෙන් සලිත ව සිටියේ ය. එඩ්වඩ් ඔහුට කතා කිරීමට හෝ කෑ ගැසීමට හෝ නොහැකි වන පරිදි, එක අතකින් ඔහු ගේ කට තඳින් වසාගෙන සිටි අතර, අනෙක්‌ අතින් ඔහු ගේ ගෙලට ගිනි අවියක්‌ තද කරගෙන සිටියේ ය.

"මූ මොන අහිංසකයෙක්‌ ද? අපේ මුළු ඇට්‌ලන්ටිස්‌ මානව සංහතියට ම මූ තර්ජනයක්‌ෘ" එඩ්වඩ් වියරුවෙන් පවසා, ඔහු අසළ තිබූ ලැප්ටොප් පරිගණකය දෙස බලන ලෙසට අයිවන්ට හිසින් ඉඟි කළේ ය.

අයිවන් පුදුමයෙන් මුව අයාගෙන පරිගණක තිරයට එබුණේ ය. එහි තිරය දික්‌ අතට දෙකට බෙදා තිබිණි. වම් තිරයේ බොත්තම් තුනක්‌ විය. ඒ start, pause සහ stop ලෙසිනි. ඊට යටින් රහස්‍ය පදය ඇතුළු කිරීමට කොටුවක්‌ විය. දකුණු තිරය වම් තිරයට වඩා විශාල විය. එහි අමුතු දසුනක්‌ විය. අමුතු ආකාරයේ මිනිසුන් සමූහයක්‌, මිටි මිනිසුන් සහ උස ගැහැනුන් යම් යානාවකට ඇතුළු වනු පෙනිණි. එම යානාව පුනීලයක්‌ සවි කළ ගෝලයක්‌ වැනි විය. ඔවුන් ඇතුළු වූයේ පුනීලය කොටසිනි. එම දසුනට යට තීරයේ රතුපාට දැඩි අකුරින් විනාඩි සහ තත්පර සටහන් ව තිබිණි. ඒ වන විට විනාඩි 48(25ක්‌ ලෙස සඳහන් ව තිබූ අතර, වේලාව තත්පරයෙන් තත්පරය අඩු වන්නට විය.

එඩ්වඩ් දරුවව තවමත් දැඩිව අල්ලාගෙන, නපුරු ලෙස සිනහාසෙමින් කථා කරන්නට විය.

"ඔය අපේ භූගත ඇට්‌ලන්ටිස්‌ නගරයයි. අපි ඉතා දියුණු මානව විශේෂයක්‌. අපේ ග්‍රහලෝකයේ බාගයක විතර මේ භූගත ඇට්‌ලන්ටිස්‌ නගරය පැතිරිලා තියෙනවා. අපේ ග්‍රහලෝකයේ තියෙන්නේ මේ ඇට්‌ලන්ටිස්‌ ජනපදය විතරයි. නමුත් අපේ දියුණුකම නිසා, මරණ අනුපාත අඩු වෙලා. අපේ වයසට යැමේ ක්‍රියාවලිය අවුරුදු 300කින් ප්‍රමාද වෙලා තියෙනවා. මේ නිසා අපේ මානව ගහණය අපට උහුලන්න බැරි තරමට වැඩි වුණා. අර්....ම්... පෘථිවියේ තාමත් ගොඩක්‌ ඉඩ තියෙනව නේ ද? අපිට හිතුණා අපි ඔයගොල්ලන් ගේ පෘථිවිය ආක්‍රමණය කළොත් අපිට වනාන්තර එළි කරලා, ගංගා ඇළදොළ ගොඩ කරලා වෙනත් ඉඩක්‌ හදාගන්න පුළුවන් වේ වි කියලා" එඩ්වඩ් සංසුන් ලීලාවෙන් විස්‌තර කළේ ය.

"ඒත් මගේ අසරණ දරුව මේකට බිලි වුණේ කොහොම ද? කරුණාකාර එයාව අතඅරින්න" අයිවන් බැගෑපත් වන්නට විය.

"මටත් අවුරුදු 200කට කලින් මේ වගේ හුරතල් කොල්ලෙක්‌ හිටියා. එයා අද අර යානාවේ ප්‍රධාන නියමුවා. ඔයා ගේ මේ කොල්ලා මාත් එක්‌ක හරි යාලුයි. එයා ලොකු වුණා ම ගවේෂණ කරලා ඇට්‌ලන්ටිස්‌ නගරයේ නටබුන් හොයාගන්නවායි කිව්වා. ඒත් එයා සැබෑ ඇට්‌ලන්ටිස්‌ නගරය තියෙන්නේ කොහෙ ද කියලා දන්නේ නැහැ. මමත් මූ අහිංසක කොල්ලෙක්‌ කියලා හිතාගෙන මගේ පරිගණකයෙන් සැබෑ ඇට්‌ලන්ටිස්‌ නගරයේ ඡායාරූප කිහිපයක්‌ පෙන්නුවා. මට ඕනේ කරේ ඇට්‌ලන්ටිස්‌ කියන්නේ කොයි තරම් ප්‍රෙෘඪ, බලවත් නගරයක්‌ ද කියලා පෙන්වන්නයි. නමුත් මේ කපටි කොල්ලා, අද මම වැසිකිළියට ගිය වේලේ මගේ පරිගණක දත්ත ගබඩාවට හොරෙන් ඇතුළු වෙන්න උත්සාහ කරලා තිබුණා. මේ පරිගණකයට ඇතුළු වෙන්න පුළුවන් මට විතර මයි. ඒකේ රහස්‍ය පදය මගේ මවු ග්‍රහලෝකයේ නමයි. විශ්වයේ ජීවය තියෙන ග්‍රහලෝක මිලියන ගණනක්‌ තියෙනවා. ඔයාලා ඒ ගැන දන්නෙ වත් නැතු ව ඇති. ඒ අතරින් ඔයාලා මගේ ග්‍රහලෝකයේ නම, ඒ කීවේ මේ පරිගණකයේ රහස්‍ය පදය හොයාගන්න කොට, අර යානාව පෘථිවිය ආක්‍රමණය කරලා තියේ වි. ඔයාලා වැරදිලා හරි ඒ රහස්‍ය පදය සොයාගත්තත් ඒක ඇතුළු කරන්න පුළුවන් මගේ අතින් විතරයි. මොකද ඒක මගේ ඇඟිලි සලකුණුවලට සංවේදීයි. ඔයාලාට පෘථිවිය බේරාගන්න තියෙන්නේ තව විනාඩි...." එඩ්වඩ් තිරය දෙසට නෙත් යොමු කළේ ය. "විනාඩි 22 තත්පර 38යි" ඔහු වියරුවෙන් සිනාසෙන්නට විය.

අයිවන් ඔහු ගේ වියරු සැලැස්‌ම කඩාකප්පල් කිරීමේ අරමුණින් ඔහු ගේ පරිගණකය උදුරාගත්තේ ය. ඊට සැණින් ප්‍රතිචාර දැක්‌වූ එඩ්වඩ්, මෙතෙක්‌ වෙලා දරුවා ගේ හිසට තබාගෙන සිටි ගිනි අවිය අයිවන් ගේ කකුල දෙසට එල්ල කොට ඔහු ගේ දකුණු කලව ප්‍රදේශයට වෙඩි තැබී ය. ඒ ගිනි අවියෙන් කිසිදු ශබ්දයක්‌ නිකුත් නො වී ය. දැඩි වේදනාව ඉවසාගත නොහැකි ව අයිවන් සිය කකුල අල්ලාගෙන බිම වාඩි විය. එහෙත් ඔහු වේදනාවෙන් කෑගැසුවේ නැත. මන්ද, ඔහු වේදනාවෙන් කෑ ගැසුවොත් එඩ්වඩ් තමාව සහ දරුවා ව සදහට ම නිශ්ශබ්ද කරනු ඇතැයි ඔහු තේරුම්ගත් බැවිනි. ඔහුට වෙඩි වදින විට ඔහු ගේ අතින් ගිලිහී බිම වැටුණු පරිගණකයට කිසිදු හානියක්‌ වී නොමැති බව ද අයිවන් නිරීක්‌ෂණය කළේ ය. එහි තිරයේ දිස්‌ වුණු යානාවේ දොර වැසිණි. එය ඇට්‌ලන්ටියන්වරුන් විශාල ප්‍රමාණයක්‌ සමඟ පෘථිවිය කරා ගමන් ඇරඹී ය.

කුඩා දරුවා බියෙන් සලිත ව සියල්ල බලා සිටියේ ය. මේ අතර කාමරය පිරිසිදු කරන්නෙක්‌ එඩ්වඩ් ගේ කාමරය ඇතුළත කුමක්‌ සිදු වන්නේ ද නො දැන, කාමරය පිරිසිදු කිරීම පිණිස ඊට ඇතුළු වෙමින් සිටියේ ය. ඔහු රෝද සවි කරන ලද වතුර පිරි පනිට්‌ටුවක්‌ අදිමින්, පිටුපසට හැරී, ඔහු ගේ පසුපස ප්‍රදේශයෙන් දොර තල්ලු කර විවර කළේ ය. අයිවන් කුතුහලයෙන් ඔහු දෙස බලා "මූ වැඩේ කනවා" යෑයි තමන්ට ම මුමුණාගත්තේ ය. එඩ්වඩ් ද කෝපයෙන් පිරිසිදු කරන්නා අමතන්නට විය.

"මේ, ඔයා කාගෙන් අහල ද මේ කාමරයට ආවේ?" මෙතෙක්‌ වෙලා එඩ්වඩ්ට පිටුපස හරවාගෙන සිටි පිරිසිදු කරන්නා, එඩ්වඩ් ගේ හඩ ඇසෙත් ම ඔහු දෙස හැරී බැලී ය. දුටු දසුනින් මහත් සේ බිය වී, වේවලමින් ඔහු කතා කරන්නට විය.

"අනේ මහත්තයෝ, මම මේ කාමරය පිරිසිදු කරන්නයි ආවේ. මේ මොකද මේ? අනේ මට වෙඩි තියන්න නම් එපා. මම එළියට යන්න ද මහත්තයෝ?" ඔහු අත් ඉහළට ඔසවමින් ඇසී ය.

එඩ්වඩ් නපුරු ලීලාවෙන් සිනාසිණි. "උඹ මේ කාමරයට ආවා නම් වෙඩි කන්න ම වෙනවා. ගැලවීමක්‌ නැහැ. ඒත් දැන් ම නො වෙයි. තවත් විනාඩි 13 තත්පර 32කින්."

අයිවන් දෙසට හැරුණු එඩ්වඩ් "පෘථිවි මිනිසුන් මහ මෝඩයෝ නේ? පෘථිවිය ආක්‍රමණය කරන්න අපි හිතුවටත් වඩා ලේසියි වගේ," යෑයි පාරම්බාන්නට විය.

"ඔයා දන්නව ද අයිවන්, අපි Homo neanderthalensis විශේෂයේ මානවයෝ. අපේ මුතුන් මිත්තන් ඔයගොල්ලන්ගේ Homo sapiens මානවයෝ එක්‌ක මේ පෘථිවියේ වාසය කරා. ඒත් ඔගොල්ලෝ අපේ මානව විශේෂය වඳ කරන්න උත්සාහ කළා. ඒ උත්සහය සාර්ථක වුණත්, අපේ මුතුන් මිත්තන්ට යම් කාලයක දී පිටසක්‌වළ ජීවීන් උදව් කරලා තියනවා. ඒගොල්ලෝ අපේ මුතුන් මුත්තන්ව බේරාගෙන ගිහින් වෙනත් ග්‍රහලෝකයක භූගත නගරයක පදිංචි කරවලා තියනවා. ඔයගොල්ලන්ට සමාන්තරව අපි එහෙ පරිණාමය වුණා. අපි අපේ අධිරාජ්‍යය ඇට්‌ලන්ටිස්‌ කියලා නම් කරා. අපි වරින් වර පෘථිවිවාසීන් ගෙන් තෝරාගත් සීමිත පිරිසකට අපේ පැවැත්ම ගැන ඉඟි දුන්නත්, අපේ සැබෑ අධිරාජ්‍යය තියෙන්නේ කොහෙද කියලා, ආරක්‌ෂක හේතූන් මත කවරදාක වත් එළි කළේ නැහැ. ඒ වගේ ම අපි ඔබට එත්තු ගන්නපු තව බොරුවක්‌ තියෙනවා. ඒ පෘථිවි මෝඩයන් හිතන්නේ, ඇට්‌ලන්ටිස්‌ කියන්නේ අත්ලාන්තික්‌ සාගරයේ ගිලී විනාශ වුණු මිථ්‍යා නගරයක්‌ කියලයි."

නිමාෂි ප්‍රනාන්දු