logo3.gif (702 bytes)

HOME


ජීවිතයේ අරුත පිළිබඳ විද්‍යාත්මක සහ දාර්ශනික සාකච්ඡා - 25

ලිපි 25ක්‌ පමණ ලියමින් සිදු කළ ජීවිතයේ අරුත පිළිබඳ සාකච්ඡා මේ ලිපියෙන් අවසන් කරන්නට බලාපොරොත්තු වෙමි. ජීවිතයේ අරුත පිළිබඳව අප ගේ මතවාදය වන්නේ ජීවීන් බිහි වී ඇත්තේ DNA, RNA සහ ප්‍රොaටීන් නිෂ්පාදනය සඳහා විය හැකි ය යන්න ය. එම නිෂ්පාදනය සිදු කෙරෙන්නේ අප ගේ භාවිතයට අනුව ශක්‌තිය ලෙස නම් කර ඇති ක්‍රිsයාදාමය විසිනි. ශක්‌තිය යනු විශ්වය බව අප පෙන්වා දී ඇත. විශ්වය යනු ශක්‌තියේ නොයෙකුත් විද්‍යාමාන වීම් හෝ ප්‍රකාශ වීම් මිස වෙන කිසිවක්‌ නො වේ. DNA, RNA ප්‍රොaටීන් ද එලෙස ම ශක්‌තියේ ප්‍රකාශ වීමක්‌ වන්නේ ය. DNA, RNA ප්‍රොaටීන් සම්භාරය විශ්වයට අවශ්‍ය වී ඇත. එසේ වන්නේ කෙසේ දැයි යමකුට ඇසිය හැකි ය. විශ්වයේ ඇති වස්‌තු සම්භාරය විශ්වයට අවශ්‍ය නො වන්නේ යෑයි කිව හැකි ද? එසේ කීමට අපට ඇති අයිතිය කුමක්‌ ද? විශ්වයේ අප දන්නා සහ නො දන්නා වස්‌තුව ද්‍රව්‍යල ක්‍රියාදාමල අති විශාල සංඛ්‍යාවක්‌ ඇත. ඒවා විශ්වයට අවශ්‍ය නිසා ය විශ්වය ඒවා නිර්මාණය කර ඇත්තේ. ඒවා නිර්මාණය කරන්නට නොයෙකුත් ක්‍රම විශ්වය/ශක්‌තිය භාවිත කරන බව කිව හැකි ය. ඉතාම වැදගත් උදාහරණයක්‌ වන්නේ මහා පිපිරීම ය. (Big Bang Theory). මේ ගැන පසුගිය ලිපියේ සඳහන් කර තිබිණි. එය සිදු වූ දෙයක්‌ බවට වැදගත් සාධක ඇති බව අප පෙන්වා දී ඇත. DNA, RNA, ප්‍රොaටීන් නිෂ්පාදනය සඳහා ද විශ්වය ජීවීන් නමැති ක්‍රමවේදය භාවිත කරයි.

ජීවිතයේ අරුත සොයන විට සැලකිල්ලට ගත යුතු කාරණයක්‌ වන්නේ ජීවිතයෙන් ප්‍රයෝජනයක්‌ වන්නේ කාට ද යන්න ය. අප ගේ ජීවිතයෙන් අපට ලබාගත හැකි ප්‍රයෝජනයක්‌ නැති බව පෙන්වා දී ඇත. ඉන් ප්‍රයෝජනයක්‌ ලැබෙන්නේ විශ්වයට විය යුතු ය. විශ්වයට ලැබෙන ප්‍රයෝජනය කුමක්‌ ද? කුමක්‌ හෝ ක්‍රමයකින් අප ගේ ජීවිතවලට ස්‌ථිරසාර යහපතක්‌ සිදු වේ නම් ජීවිතයේ අරුත එය විය හැකි ය. එවැනි දෙයක්‌ නොමැති බව අපි අත්දැකීමෙන් දන්නෙමු. බොහෝ දේවල් බුදුරදුන් පැවසූ ලෙස දුකින් කෙළවර වේ. සැම දා පවතින සතුට සහ ජීවිතය අපට ලැබෙන්නේ නැත. තාවකාලික සතුටකින් අප පොලඹවනු ලැබ ඇත්තේ විශ්වය විසිනි. එසේ කර ඇත්තේ අප ලවා DNA, RNA, ප්‍රොaටීන් නිෂ්පාදනය කරවා ගැනීම සඳහා ය.

දුකින් ටික කාලයක්‌ ජීවත් වන ජීවීන් විශ්වය විසින් නිර්මාණය කරන ලද්දේ DNA, RNA ප්‍රොaටීන් නිෂ්පාදනය සඳහා ය. මේ කාර්යය සතුටින් සැම දා ජීවත් වන ජීවීන් ලවා සිදු කරගත හැකි නො වන්නේ දැයි ඇසිය හැකි ය. අප කරන හැම දේක ම සතුටක්‌ පමණක්‌ ඇති විය හැකි ලෙස අප ගේ මනස විශ්වය විසින් සකසනු ලැබ නැත්තේ ඇයි ද? එසේ කළේ නම් අප සැම දා සතුටින් ජීවත් වෙමින් DNA, RNA ප්‍රොaටීන් නිෂ්පාදනය කරන්නට හැකි වනවා නො වේ ද? විශ්වය එසේ නො කර ටික කාලයක්‌ දුකින් ජීවත් වන ජීවීන් නිර්මාණය කළේ ඇයි ද?

අප කරන සැම දෙයක ම සතුටක්‌ තිබුණේ නම් අප ඉතා පහසුවෙන් තෘප්තියට පත් වන්නේ ය. එවිට අලුත් දෙයක්‌ කිරීමට ඇති ආශාව ඇති නො වන්නට ඉඩ ඇත. අප අලුත් නිර්මාණයක්‌ කරන්නේ අප ගේ සතුට තාවකාලික නිසා ය. දුක, සතුට, තෘෂ්ණාව චක්‍රීය ක්‍රියාදාමයන් ලෙස ජීවීන් පාලනය කරමින් ධාවනය කරයි. මේවා පාලනය කිරීමට ජීවීන්ට හයියක්‌ නැති බව පෙනෙන්නට ඇත. තෘෂ්ණාව පාලනය කිරීමට අප කාටවත් ශක්‌තියක්‌ නැත. බුදුහු එය පාලනය කළ හැකි ක්‍රමවේදයක්‌ නිර්මාණය කළ සේක. එම මාර්ගයේ ගමන් කොට තෘෂ්ණාව පාලනය කරගන්නට හැකි රහතුන් වහන්සේ පිළිබඳව අපි දන්නෙමු. මේ නයින් බලන කල පෙනී යන්නේ දුක, සතුට, තෘෂ්ණාව චක්‍රීය ලෙස විශ්වය/ශක්‌තිය විසින් පාලනය කෙරෙන බව ය. එසේ නම් ජීවීන් ගේ ජීවිත තාවකාලික වන්නේ ඇයි? ඔවුන් මරණයට පත් වන්නේ ඇයි? මරණයට පත් නො වී ජීවීන් සදාකාලික වූවා නම් එය අප ගේ යහපතට විය හැකි ද? දුකින් හෝ සැම _ ජීවත් වන්නට ඇත්නම් එය යහපතක්‌ යෑයි සිතිය හැකි ද? මරණයට කිසිවකු කැමැති නැත. දුකින් වුව ද හැම දා ජීවත් වන්නට ඇත්නම් හොඳ යෑයි සැවොම සිතන බව පෙනේ. එම නිසා මරණය අප ගේ යහපතට නො ව විශ්වයේ අවශ්‍යතාවක්‌ සඳහා සිදු වන දෙයක්‌ යෑයි සිතිය හැකි ය.

ජීවීන් ගේ මරණය විශ්වයට අවශ්‍ය වී ඇත්තේ ඇයි ද? අප මරණයට පත් නො වී සැම දා ජීවත් වූයේ නම් එය විශ්වයට යහපතක්‌ ද අයපහතක්‌ ද? විශ්වයට අවශ්‍ය ජීවීන් නො ව ඔවුන් නිෂ්පාදනය කරන DNA, RNA, ප්‍රොaටීන් ය. සදාකාලික ජීවීන් DNA, RNA, ප්‍රොaටීන් නිෂ්පාදනය කරමින් සැම _ ජීවත් වූයේ නම් විශ්වයට අවශ්‍ය දෙය සිදු නො වන්නේ ද? එහෙත් අප එක්‌ දෙයක්‌ අමතක නො කළ යුතු ය. විශ්වයේ ඇත්තේ සීමාසහිත ශක්‌ති ප්‍රමාණයක්‌ විය හැකි ය. ශක්‌තිය ඇති කරන්නට හෝ නැති කරන්නට හෝ බැරි බව අපි දනිමු. ජීවියකු බිහි වී වැඩෙන්නට සහ ජීවත් වන්නට ශක්‌ති ප්‍රමාණයක්‌ වැය වන්නේ ය. ජීවීන් මරණයට පත් වූයේ නැති නම් එම සීමාසහිත ශක්‌තිය ජීවීන් ගේ නිෂ්පාදනය සඳහා ම වැය වී අවසාන වන්නේ ය. විශ්වයට අවශ්‍ය එය නො වේ. චක්‍රීය ක්‍රියාදාමයක්‌ ලෙස ජීවීන් ගේ බිහි වීම සහ මරණය පවත්වාගෙන යැමෙන් විශ්වයට අවශ්‍ය ලෙස DNA, RNA, ප්‍රොaටීන් නිෂ්පාදනය සිදු කරගන්නේ විශ්වයට අයත් ශක්‌ති ප්‍රමාණය ක්‌ෂය නො වන්නට වගබලා ගනිමිනි. අප ගේ මරණය විශ්වයට වැදගත් අවශ්‍යතාවක්‌ වන්නේ ඒ නිසා ය. අප මරණයට පත් වූවාට අප නිෂ්පාදනය කළ DNA, RNA, ප්‍රොaටීන් අප විසින් තෘෂ්ණාව නිසා නිෂ්පාදනය කරන ලද අප ගේ දරුවන් තුළ ඉතිරි වී ඇත්තේ විශ්වයේ ප්‍රයෝජනය පිණිස ය. මුල් ජීවියා DNA, RNA වූයේ නම් එය ද නිර්මාණය කරන ලද්දේ විශ්වය/ශක්‌තිය විසිනි. එසේ ම ජීවියා මරණයට පත් කෙරෙන්නේ ද විශ්වය/ශක්‌තිය විසිනි.

අප පවසා ඇත්තේ අප නො දන්නා යම්කිසි හේතුවක්‌ සඳහා විශ්වයට DNA, RNA, ප්‍රොaටීන් අවශ්‍ය බව ය. ඒවා අති විශාල ප්‍රමාණයක්‌ අවුරුදු මිලියන ගණනක්‌ ජීවත් වූ ජීවීන් නිෂ්පාදනය කොට ඇත. ඒවා නොයෙක්‌ අන්දමින් වෙනස්‌ වී වර්ධනය වී ඇත. ඒවා අයිති සමහරක්‌ ජීවීන් නෂ්ඨ වී ගිය නිසා ඒවා නැති වී ගොස්‌ ඇත. විශ්වයට ඒවා අවශ්‍ය නො වන නිසා විය හැකි ය. අවශ්‍ය ඒවා පමණක්‌ පවත්වාගෙන යන බව පෙනේ. මෙය සිදු වන්නේ පෘථිවිය මතුපිට පමණක්‌ නො වන්නට පුළුවන. විශ්වයේ ග්‍රහවස්‌තු මිලියන මිලියනයක්‌ පමණ ඇතැයි පැවසේ. ඒවායේ ජීවීන් සඳහා හැඩගැසුණු ග්‍රහලෝක විශාල ප්‍රමාණයක්‌ ඇති බව ද පැවසේ. එය එසේ විය යුතු ය. අප ගේ ග්‍රහ මණ්‌ඩලයේ ඇති ගෝල්ඩිලොක්‌ යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශයේ තිබෙන ග්‍රහලෝක ජීවීන් සඳහා සුදුසු ය. මේ බව පෙර ලිපිවල විස්‌තර කොට ඇත. මෙවැනි ගෝල්ඩිලොක්‌ ප්‍රදේශ සහිත ග්‍රහමණ්‌ඩල පමණත් තිබෙන්නට පුළුවන. එය එසේ විය යුතු ය. එම නිසා පෘථිවිය වැනි ජිවීන්ට සුදුසු ග්‍රහලෝක විශාල ප්‍රමාණයක්‌ තිබෙන්නට පුළුවන. එම ග්‍රහලෝකවල ද ජීවීන් බිහි වී විශ්වයට අවශ්‍ය DNA, RNA, ප්‍රොaටීන් නිෂ්පාදනය කරනවා විය හැකි ය. එය අති විශාල ප්‍රමාණයක්‌ විය යුතු ය. අපට අති විශාල වූවාට විශ්වයට එය අනවශ්‍ය ලෙස අති විශාල නැතැයි සිතිය හැකි ය.

DNA, RNA, ප්‍රොaටීන් පිළිබඳව අප ගැඹුරින් විස්‌තර සහිතව සාකච්ඡා කොට ඇත. මේවා විශේෂ වූ ද්‍රව්‍ය බව පැවසිය හැකි ය. ඒවායින් DNA සහ RභA අති විශේෂ වන්නේ ය. ප්‍රතිවලිත හැකියාව (Replication) ඇති ඉතා ම සංකීර්ණ අණු ඇත්තේ ඒවාට ය. ප්‍රතිවලිත හැකියාව ඇති පද්ධති කිහිපයක්‌ ම ඇත. ඒවායින් ස්‌ඵටික (Crystal) විශේෂ වන්නේ ය. ස්‌ඵටිකවලට එය නිම වී ඇති ද්‍රව්‍ය ඉතා නිවැරැදිව තවත් එකතු කරගනිමින් වැඩෙන්නට පුළුවන. එසේ කරන විට වරදක්‌ සිදු වුව හොත් එම වරද නිවැරැදි කරගැනීමේ හැකියාව ද ඊට ඇත. පිටපත් කිරීම ඉතා ම නිවැරැදි ලෙස ද සිදු වේ. ජීවීන් ගේ බිහි වීම පිළිබඳව ස්‌ඵටික පද්ධති මුල් වන්නට ඇතැයි විශ්වාස කරන විද්‍යාඥයෝ ද සිටිති. කෙසේ වුව ද DNA, RNA ඉතා ම විශේෂ වූ ද්‍රව්‍යයක්‌ වන්නේ ය. තොරතුරු ගබඩා කරගැනීමේ හැකියාව ද ඒවා තුළ පිහිටා ඇත. ජීවියා ගේ ව්‍යqහය සහ ක්‍රියාකාරිත්වය තීරණය කරන ප්‍රොaටීන් නිර්මාණය වන්නේ එසේ ගබඩා වී ඇති තොරතුරුවලට අනුව ය.

ජීවියා ගේ ව්‍යqහය සහ ක්‍රියාකාරිත්වය පිළිබඳ තොරතුරු ගබඩා වී ඇත්තේ DNA, RNAවල නිසා වැදගත් වන්නේ ජීවියා ද නැතිනම් DNA දැයි ප්‍රශ්නයක්‌ නැගිය හැකි ය. ජීවියා පරිසරයට අනුව වෙනස්‌ වන්නේ ය. එය සිදු වන්නේ DNAවල සිදු වන වෙනස්‌වීම් නිසා ය. පරිසරය පාලනය කෙරෙන්නේ විශ්වය/ශක්‌තිය විසිනි. ඊට අනුව DNAවල සිදු වන වෙනස සිදු විය හැක්‌කේ ජීවියකු තුළ පමණ ය. එම නිසා ය ජීවියකු අවශ්‍ය වී ඇත්තේ. විශ්වයට වැදගත් වන්නේ DNA, RNA මිස ජීවියා නො වේ. පවතින්නේ DNA, RNA ප්‍රොaටීන් ය. ජීවියා මරණයට පත් වන්නේ ය. ඉපිදෙමින් මැරෙමින් සංසාරයේ සැරිසරන ජීවියා නිසා DNA, RNA, ප්‍රොaටීන්වල විවිධත්වයත් සංඛ්‍යාවත් වර්ධනය වන්නේ ය. එලෙස ම ජීවීන් ද විශාල ප්‍රමාණයක්‌ බිහි වන්නේ ය. DNA, RNA ප්‍රොaටීන් වර්ධනය වන්නේ ජීවීන් තුළ ය. ජීවීන් වනාහි DNA, RNA, ප්‍රොaටීන්වල වාහකයක්‌ ලෙස ද සැලකිය හැකි ය.

DNA, RNA, ප්‍රොaටීන්වලට කළ හැක්‌කේ ජීවියකු ගේ ව්‍යqහය සහ ක්‍රියාකාරිත්වය නිර්මාණය කිරීම පමණ ද? අප නො දන්නා ප්‍රයෝජනයක්‌ ඒ තුළ ඇතැයි සිතිය හැකි ද? මරණයට පත් වන ජීවියකුගෙන් ලබාගත හැකි ප්‍රයෝජනයකට වඩා වැදගත් ප්‍රයෝජනයක්‌ ඊළග පරම්පරාව මගින් වර්ධනය වන DNA, RNA ප්‍රොaටීන්වලින් ලබාගත හැකි ද? විශ්වයට වඩා අවශ්‍ය ජීවීන් ද නැතිනම් DNA, RNA ප්‍රොaටීන් ද? හැකියාවන් බොහෝ ඇති මිනිසා වැනි ජීවියකු ගෙන් විශ්වයට ප්‍රයෝජනයක්‌ ලබාගත හැකි නො වේ දැයි සිතෙන්නට ඉඩ ඇත. එසේ හැකියාවන් කිසිවක්‌ නැති DNA, RNA ප්‍රොaටීන්වලින් විශ්වයට ප්‍රයෝජනයක්‌ ලබාගත හැකි ද? මිනිසාට හැකියාවන් බොහොමයක්‌ ඇති බව ද ඒවා ඉතා වැදගත් බව ද සිතන්නේ අප ය. විශ්වය ඒ ලෙස සිතනවා යෑයි සිතිය නොහැකි ය. විශ්වයට අවශ්‍ය ජීsවීන් ගේ හැකියාවක්‌ ද නැතිනම් DNA, RNA, ප්‍රොaටීන් ද?

ක්‍රියාකාරිත්වයක්‌ නො පෙන්වන ජාන ජීවීන් තුළ ඇති බව අප මීට පෙර ලිපිවල පෙන්වා දී ඇත. ඒ ලෙස ක්‍රියාකාරිත්වයක්‌ නොමැති ව පවතින ජාන 50% - 70% අතර ප්‍රමාණයක්‌ ඇතැයි සොයාගෙන ඇත. කේත නො සපයන (non-coding) ජාන හෝ සුන්බුන් ජාන ලෙස ද ඒවා හැඳින්වේ. මේ ජානවල ජීවීන්ට ප්‍රයෝජනයක්‌ නැති නිසා ඒවා සුන්බුන් ලෙස හැඳින්වේ. එහෙත් ඒවා විශ්වයට අවශ්‍ය විය හැකි ය. ජීවීන්ට අවශ්‍ය නො වන මෙතරම් ජාන ප්‍රමාණයක්‌ වර්ධනය කරමින් මෙතරම් කාලයක්‌ රැගෙන ආවේ අහම්බෙන් වන්නට බැරි ය. මෙය අප ගේ මතවාදය සනාථ කිරීම පිණිස ඉදිරිපත් කළ හැකි වැදගත් කරුණකි. මේ ජාන ප්‍රොaටීන නිෂ්පාදනයට හෝ වෙනයම් ක්‍රියාවකට හෝ සහාභාගී වන්නේ නැත. අවුරුදු මිලියන ගණනක්‌ ජීවියාට අනවශ්‍ය ජාන ජීවියා තුළ වර්ධනය වූයේ කා ගේ වුවමනාවට ද? දියුණු යෑයි සැලකෙන ජීවීන් තුළ තිබෙන කේත නො සපයන ජාන සංඛ්‍යාව නොදියුණු යෑයි සැලකෙන ජීවීන් තුළ ඇති සංඛ්‍යාවට වඩා අඩු නැත. ජීවීන් පරිනාමය මාර්ගයෙන් යුණු වන විට ජීවියාට අනවශ්‍ය බොහෝ දේ ඉවත් වන බව පැවසේ. එහෙත් මේ ජාන එලෙස ඉවත් වී නැත. එසේ වී ඇත්තේ කුමක්‌ නිසා ද? ඒ ජාන (DNA) විශ්වයට අවශ්‍ය නිසා විය හැකි ය. මේ කරුණ පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කළ යුතු ව ඇත. එහෙත් අප ගේ සාකච්ඡාවට ද අවසානයක්‌ තිබිය යුතු ය.

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග DSc