logo3.gif (702 bytes)

HOME


ජීවිතයේ අරුත පිළිබඳ විද්‍යාත්මක සහ දාර්ශනික සාකච්ඡා - 24

අප සාකච්ඡා කරමින් සිටින්නේ ජීවිතයේ අරුත පිළිබඳව විද්‍යාවෙන් සහ දර්ශනයෙන් ගත හැකි කරුණු ය. ජීවිතයේ අරුත පිළිබඳව අප ඉදිරිපත් කොට ඇති මතවාදයට එකග වන හෝ නො වන කරුණු අපි සාකච්ඡා කරන්නෙමු. අප ගේ මතවාදය වන්නේ ජීවිතයේ අරුත විය හැක්‌කේ DNA, RNA සහ ප්‍රොaටීන් නිෂ්පාදනය බව ය. විශ්වයට මේවා කුමක්‌ සඳහා හෝ අවශ්‍ය ව ඇත. අප මෙසේ පැවසීමට පහත සඳහන් හේතු ඉදිරිපත් කළ හැකි ය.

1. අප කෙටි කාලයක්‌ දුකින් ජීවත් වී මරණයට පත් වන්නේ ය.

2. අප සතුටින් සැම දා ජීවත් වේ නම් ජීවිතයේ අරුත එසේ ජීවත් වීම වන්නේ ය.

3. අප ගේ මරණින් පසු සැම විට ඉතිරි වන්නේ ඊළග පරම්පරාවට දායාද වන DNA, RNA සහ ප්‍රොaටීන් ය.

4. ජීවීන් ගේ නොයෙකුත් ක්‍රියාවන් සහ පරිසරයේ බලපෑම නිසා මේ DNA, RNA ප්‍රොaටීන් නිරන්තරයෙන් වෙනස්‌ වෙමින් පවතී.

5. ජීවි පරිනාමය යනුවෙන් හැඳින්වන්නේ DNA, RNA ප්‍රොaටීන්වල මේ වෙනස්‌වීම මගින් ජීවීන් ගේ ව්‍යqහයේ සහ ක්‍රියාකාරීත්වයේ ඇති වන වෙනස්‌ වීම් ය.

6. විශ්වයට අවශ්‍ය වන්නේ මේ ජීවී පරිනාමය නො වේ. ඊට අවශ්‍ය වී ඇත්තේ අලූත් DNA, RNA ප්‍රොaටීන් නිෂ්පාදනය ය.

ජීවී පරිනාමයේ අරමුණ කුමක්‌ ද? එය මිනිසකු නිර්මාණය කිරීම නො වන බව පවසා ඇත. ජීවී පරිනාම වෘක්‌ෂය නොයෙකුත් අතු ඉතිවලට බෙදෙමින් එම අතුවල මුල මැද අග සැම තැන ජීවීන් ඇති වෙමින් සිදු වූ ක්‍රියාදාමයකි. ඉන් එක අත්තක කෙළවර මිනිසා නිර්මාණය වී ඇත. මේ ලෙසින් නිර්මාණය වූ ජීවීන් විශාල ප්‍රමාණය කුමක්‌ සඳහා ද? මේ ජීවීන් එකිනෙකා මත යෑපෙන බව සත්‍යයකි. එහෙත් මිනිසා ගේ පැවැත්මට එම ජීවීන් සැමදෙන අවශ්‍ය නොවේ. ජීවී පරිනාමය අහඹු සිදුවීමක්‌ විය නොහැකි ය. එවැනි සංකීර්ණ සිදුවීමක්‌ අහඹු ලෙස නැතහොත් හේතුවක්‌ නොමැතිව සිදු විය නොහැකි ය. විශ්වය තම ශක්‌තිය යොදා මෙය සිදු කරන බව අප පෙන්වා දී ඇත. විශ්වය ශක්‌තිය වන්නේ ය. ද්‍රව්‍ය ශක්‌තිය වන්නේ ය. ජීවීන් ශක්‌තිය වන්නේ ය. ජීව පරිනාමය සහ එහි ක්‍රමවේදය වන ස්‌වාභාවික වරණය ශක්‌තිය විසින් පාලනය කෙරෙන බව අප පෙන්වා දී ඇත. භෞතික විද්‍යාවේ එන ශක්‌තිය මේ ලෙස සැම දේ පාලනය කරයි. DNA, RNA ප්‍රොaටීන් නිෂ්පාදනය සඳහා තෘෂ්ණාව මාර්ගයෙන් ජීවීන් බැඳ තබනු ලැබ ඇත්තේ ශක්‌තිය විසිනි. තෘෂ්ණාව ශක්‌තිය මගින් පාලනය වන්නේ ය. සැම හැඟීමක්‌ ම ශක්‌තිය විසින් පාලනය කෙරෙන බව පෙන්වා දිය හැකි ය. තෘෂ්ණාව ඇතුළු හැඟීම් ක්‍රියාකාරීවන්නේ මොළයේ ක්‍රියාකාරීත්වය මගිනි. මොළයේ ක්‍රියාකාරීත්වය පාලනය වන්නේ රසායනික ප්‍රතික්‍රියා සහ ශක්‌තිය මගිනි. අවසානයේ මේ සෑම දෙයක්‌ ම ශක්‌තිය බව පෙන්වා දිය හැකි ය.

පසුගිය ලිපියේ අප සාකච්ඡා කළේ ජීවීන් ගේ බිහි වීමේ මූලික අවස්‌ථාවල දී නිර්මාණය වූ ජීවීන් පිළිබඳව ය. මුල් පූර්වජයා ගෙන් බැක්‌ටීරියා සහ ආකියා වෙන් වී සුන්‍යෂ්ටිකයා (Eukaryote) නිර්මාණය වී ශාක සහ ප්‍රොටිස්‌ටා යන ජීවීන් සෑදෙන බව අපි සඳහන් කළෙමු. ප්‍රොටිස්‌ටාවලින් දිලීර සහ සත්ත්ව යන ජීවීන් හට ගැනෙන බව ද අප පවසා ඇත. එම නිසා සත්ත්වයන් ශාකවලට වඩා දිලීරවලට කිට්‌ටු ය. මිනිසා ගැන ද මෙය පැවසිය හැකි ය. මේ නව සොයාගැනීම් නිසා ජීවීන් ගේ වර්ගීකරණය විශාල ලෙස වෙනස්‌ වී ඇත. සත්ත්වයන් සහ දිලීර opisthokonta ලෙස හැඳින්වෙන එක්‌ පොදු කණ්‌ඩායමකට එකතු කරන ලදී. මෙයට හේතුව කුමක්‌ වී ද? හේතුව වංශප්‍රවේනික (phylogenetic) සොයාගැනීම් බව පැවසේ. මේ සොයාගැනීම් අණුක පරිමාණයේ පරීක්‌ෂණ (molecular studies) මගින් සිදු කළ සොයාගැනීම් ය. මෙවැනි සොයාගැනීම් නිසා එක්‌ ක්‍රමයකට ජීවීන් වර්ගීකරණය කිරීම ඉතා අසීරු කරුණක්‌ වී ඇත. එසේ කරනු වෙනුවට වංශප්‍රවේනික ලක්‌ෂණවලට අනුව ජීවීන් විස්‌තර කිරීම වඩා යෝග්‍ය වන බව විද්‍යාඥයෝ පවසති.

මෙවැනි පරීක්‌ෂණවල ප්‍රතිඑලයක්‌ ලෙස protozoa නමින් හැඳින්වූ ඒක සෛලීය ජීවීන් opisthokonta නමැති කණ්‌ඩයාමට එකතු කළ හැකි බව පැවසේ (Steenkamp et al 2006)ග තව ද ජීවීන් සහ දිලීර opisthokonta නමැති එක්‌ කණ්‌ඩායමකට එකතු කරන්නේ කුමන හේතුවක්‌ නිසා දැයි සොයා බැලිය යුතු ය. ඔවුන් අතර ඇත්තේ කුමන පොදු ලක්‌ෂණ ද? මිනිසා සහ ශාක අතර ඇති සමානකම්වලට වඩා වැඩි වූ සමා කම් මිනිසා සහ දිලීර අතර ඇති ද? මේ සමාන කම් අණුක වංශප්‍රවේනික (molecular phylogenetic) ලක්‌ෂණ විය යුතු ය. අණුක වංශ ප්‍රවේනික ලක්‌ෂණ යනු වංශයකට අයත් ජීවීන් ගේ සෛල තුළ ඇති කොටස්‌වල අණුක ව්‍යqහයේ ලක්‌ෂණ වන්නේ ය. සත්ත්වයන් සහ දිලීර අතර පොදු වංශප්‍රවේනික ලක්‌ෂණ හැරුණු විට තවත් පොදු ලක්‌ෂණ කිහිපයක්‌ ඇති බව පැවසේ. එවැනි ලක්‌ෂණයක්‌ වන්නේ ඒක කශික ප්‍රජනක අවස්‌ථාවක්‌ (uniflagellated reproductive stage) තිබීම ය.

ජීවීන් ගේ වර්ගීකරණය නැවතත් සලකා බලමු. ජීවීන් වර්ගීකරණය සිදු කර ඇත්තේ පහත සඳහන් අන්දමට ය.



මුල දී ජීව ලෝකයේ තිබුණේ වර්ග දෙකක්‌ පමණි. එවා සත්ත්ව සහ ශාක වූයේ ය. පසුව

ජීව ලෝකය යටතට සත්ත්ව ශාක දිලීර බැක්‌ටීරියා සහ ප්‍රොටිස්‌ටා යන වර්ග අයත් වූයේ ය. මෙලෙස වර්ගීකරණය සිදු කරන ලද්දේ රොබට්‌ විට්‌යකර් නමැති විද්‍යාඥයා විසින් 1969 දී ය. එහෙත් නව සොයාගැනීම්වලට අනුව ඔපිස්‌තොකොන්ටා නමැති ඒකවංශික කණ්‌ඩායමකට සත්ත්ව දිලීර සහ ප්‍රොටිස්‌ටාවලට අයත් වන ජීවීන් ඇතුළු කළ හැකි බව පැවසේ. එම නිසා ඉහත සඳහන් වර්ගීකරණය තවදුරට භාවිත කළ නොහැකි තත්ත්වයකට පත් වී ඇතැයි යන්න සමහර විද්‍යාඥයින්ගේ මතය වී ඇත.

වෙනත් විද්‍යාඥයන් ගේ පරීක්‌ෂණවලට අනුව ශාක සහ දිලීර එක කණ්‌ඩායමකට අයත් බව සොයාගෙන ඇතැයි පැවසේ (Philip et al, 2005). තවත් විද්‍යාඥයන් කණ්‌ඩායමක්‌ පවසන්නේ ශාක සහ සත්ත්වයන් එක ගොඩකට ඇතුළු කළ හැකි බව ය (Loytynoja, 2001). මේ අදහස්‌ දෙක ම ඉවත දමන විද්‍යාඥයෝ ඔපිස්‌තොකාන්ටා නමැති කණ්‌ඩායමට සත්ත්ව දිලීර සහ තවත් ප්‍රොටිස්‌ටා කොටස්‌ හතරක්‌ එකතු කළ හැකි බව පවසති. ඔවුන් ගේ පරීක්‌ෂණ මගින් ප්‍රොaටීන් අනුක්‍රම (protein sequence) අධ්‍යයනය කර ඇති බව පැවසේ (Steenkamp, 2006). එම අධ්‍යයනයට අනුව ඒක වංශික ඔපිස්‌තොකොන්ටා කණ්‌ඩායමට අයත් වන්නේ පහත සඳහන් ජීවීන් 1. සත්ත්ව 2. දිලීර සහ 3. ප්‍රොටිස්‌ටාවලට අයත් Ministeria,Choanoflagellates, Ichthysporeans  සහ Nuclearia‌ මේවායින් ප්‍රොටිස්‌ටාවලට නෑකම් කියන ඉහත සඳහන් ඉංගී්‍රසියෙන් ලියවී ඇති ජීවී කොටස්‌ හතරින් nuclearia දිලීරවලට වඩා කිට්‌ටු ය. ඉතිරි ජීවීන් කොටස්‌ තුන සත්ත්වයන්ට කිට්‌ටු ය.



ප්‍රොටිස්‌ටාවලට අයත් ජීවීන් නිසා සත්ත්වයන් සහ ශාකවල නොයෙකුත් රෝග හටගැනේ. උදාහරණයක්‌ ලෙස මැලේරියාව සෑදෙන්නේ ඒ ලෙස ය. ප්ලැස්‌මෝඩියම් නමැති පරපෝෂිත ජීවියා ශරීරයට ඇතුළුවීම නිසා මැලේරියාව සෑදේ. මේ පරපෝෂිතයා සාම්ප්‍රදායිකව වර්ගීකරණය වූයේ protozoa ලෙස ය. එහෙත් දැන් එම ජීවියා අයත් වන්නේ ප්‍රොටිස්‌ටා යන ජීව ලෝකයට ය. ප්‍රොටිස්‌ටාවලින් ප්‍රයෝජන ලබාගැනීමට ද පුළුවන. හානිකර සත්ත්ව සහ ශාක වද කිරීමට පරපෝෂිත ප්‍රොටිස්‌ටා යොදාගත හැකි ය.

ජීවීන් වර්ගීකරණය ඉතා අසීරු කාර්යයක්‌ බව පෙනේ. පිටත ව්‍යqහයට අනුව හෝ ඇතුළත ව්‍යqහයට අනුව හෝ ක්‍රියාකාරීත්වයට අනුව හෝ පරිනාමයට අනුව හෝ වර්ගීකරණය කළ හැකි ය. එහෙත් එම ක්‍රමවල දුර්වලකම් ඇති බව පෙනේ.

සත්ත්ව, දිලීර සහ ඉහත සඳහන් ප්‍රොටිස්‌ටා වර්ග හතර ඒක වංශික (monophyletic) යනුවෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ ද? ඔවුන් එක්‌ වංශයකට අයත් වනවා යෑයි පවසන්නේ කුමක්‌ නිසා ද? ඔවුන්ට පොදු ලක්‌ෂණයක්‌ වන්නේ ඒක කශික ප්‍රජනන අවස්‌ථාවක්‌ තිබීම බව ඉහත සඳහන් විය. Opisthokont යනුවෙන් හැඳින්වන්නේ ඉදිරියට චලනය වීම සඳහා පිටුපසින් එක්‌ කශිකාවක්‌ තිබෙන සෛල සහිත ජීවීන් ය. සත්ත්වයන් ගේ ශුක්‍රාණු මේ සෛල වර්ගයට අයත් වේ. මෙවැනි සෛල සහිත ප්‍රජනක අවස්‌ථාවක්‌ (reproductive stage) තිබෙන ජීවීන් ඔපිස්‌තොකොන්ටා (Opisthokont) යනුවෙන් වර්ගීකරණය වන්නේ ය. වෙනත් ජීවීන් ගේ චලනය සඳහා අවශ්‍ය කශිකා (flagellae) පිහිටා ඇත්තේ ඉදිරිපස ය.

සත්ත්ව සහ දිලීර අතර ඇති සමාන්තවය ප්‍රථමයෙන් හඳුනාගන්නා ලද්දේ Thomas Caralier-Smith විසින් 1987 දී ය. ඔහු ඔපිස්‌තොකොන්ට යන නම ද නිර්මාණය කළේ ය. පසුව ජාන පරීක්‌ෂණ මගින් මේ සම්බන්ධතාව ඔප්පු කරන ලදී. (Wainright er al; 1993)ග ව්‍යqහය මත පදනම් ව ජීවීන් වර්ගීකරණය කිරීම අතහැර දමා සෛල තුළ ඇති DNA, RNA ප්‍රොaටීන් මයිටොකොන්ඩි්‍රයා සහ වෙනත් කොටස්‌වල අණුක ව්‍යqහය සහ ක්‍රියාකාරීත්වය මත පදනම් ව එය සිදු කිරීම වඩා යෝග්‍ය බව පිළිගැනේ. Opisthokonta කොටස්‌ දෙකකට බෙදේ Holomycota සහ Holozoa යනුවෙනි.

සත්ත්වයන් පැවත එන්නේ Holozoa නමැති වර්ගයෙනි. Holomycota යටතට ගැනෙන්නේ සියලූ දිලීර සහ සත්ත්වයන්ට වඩා දිලීරවලට සමාන ජීවීන් ය. Holozoa යටතට ගැනෙන්නේ සියලු සත්ත්වයන් සහ දිලීරවලට වඩා සත්ත්වයන්ට සමාන ජීවීන් ය.

ඉහත සඳහන් රූපයෙන් දැක්‌වෙන වර්ගීකරණය ජාන අධ්‍යයන මත පදනම් වී ඇත. සත්ත්වයන් සහ දිලීර ඔපිස්‌තොකොන්ටා වර්ගයට අයත් වන හේතුව ඉහත සඳහන් ලෙස ඒක කශික ප්‍රජනක අවස්‌ථාවක්‌ තිබීම බව සඳහන් කළෙමි. ඊට අමතරව සත්ත්වයන් සහ දිලීර අතර සමානකම් ඇත. වැදගත් එකක්‌ වන්නේ ආහාර දාමයේ එම ජීවීන්ට අයත් වන ස්‌ථානය ය. සත්ත්ව සහ දිලීර ආහාර නිෂ්පාදනය කරන්නේ නැත. හරිත ලවයන් තිබෙන ශාක විසින් නිෂ්පාදනය කෙරෙන ආහාර ඔවුහු ලබාගනිති. ශාක සහ දිලීර අතර තිබෙන ව්‍යqහයේ සමානකම් සහ ඒවා නිදහසේ චලනය වීම නො කරන නිසා එම ජීවීන් එක්‌ කොට්‌ඨාශයකට දමනු ලැබූ කාලයක්‌ තිබිණි. එසේ කරන්නට පෙලඹෙන විද්‍යාඥයෝ වර්තමානයේ ද සිටිති. සත්ත්ව සහ දිලීර අතර ඇති තවත් සමානකමක්‌ වන්නේ කයිටින් (chitin) නමැති ද්‍රව්‍යය එම ජීවීන් තුළ තිබීම ය. දිලීරවල සෛල බිත්ති සෑදෙන්නේ chitin වලිනි. එසේ ම සත්ත්වයන් ගේ බාහිර සැකිල්ල (exoskeleton) සෑදී ඇත්තේ ද chitin වලිනි. දිලීර ප්‍රොaටීන් ශාක ප්‍රොaටීන්වලට සමාන ය. එම නිසා ඔවුන් ගේ පරිවෘත්තිය (metabolism) බොහෝ සෙයින් සමාන ය. මේ නිසා ය දිලීර නිසා සෑදෙන රෝගි තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීමට හැකි ඖෂධ නිර්මාණය කිරීම අසීරු වන්නේ. දිලීරවලට විරුද්ධ වන ඖෂධ සත්ත්වයාට ද හානිදායක විය හැකි ය. මේ සම්බන්ධව තවත් කිව යුතු දෙයක්‌ ඇත. Sterols නමැති ඇල්කොහොල් කාණ්‌ඩ (alcohol) ජීවීන් ගේ ශරීරයේ පණිවිඩ හුවමාරු පද්ධතියට ද සෛල බිත්ති සෑදීමට ද අත්‍යවශ්‍යය ය. මේ සඳහා දිලීරවල ඇත්තේ ergesterol නමැති sterol වර්ගය ය. සත්ත්වයන් ගේ මේ සඳහා ඇත්තේ cholesterol නමැති ඇල්කොහොල් කාණ්‌ඩය ය. මේ නිසා දිලීර සහ ශාක එක වංශයකට ඇතුළු විය යුතු බව සමහර විද්‍යාඥයන් ගේ මතය විය. එහෙත් පසු කලක දිලීර සහ සත්ත්වයන් තළ Lanosterol නමැති ඇල්කොහොල් කාණ්‌ඩය තිබෙන බව සොයාගැනින. ඔවුන් ගේ සමානකම් මෙයින් ද තහවුරු විය. පසුව ජාන අධ්‍යයනය මගින් තවත් සාධක බොහොමයක්‌ සොයාගෙන ඇත.

මින් පෙන්නුම් කරන්නේ ජාන අධ්‍යයනය කෙතරම් වැදගත් ද යන කාරණය ය. ජීවීන් ගේ සමානකම් සහ එමගින් ජීවී පරිණාමය පිළිබඳව ලබා දෙන නව අදහස්‌ මගින් ජීවීන් බිහි වූයේ කෙසේ ද යන්න පිළිබඳව ද ජීව වෘක්‌ෂය වර්ධනය කරගැනීම සඳහා ද බොහෝ කරුණු එම අධ්‍යයනයන් ගෙන් ලබාගත හැකි ය. මෙසේ ලබාගන්නා දැනුම අප ගේ මතවාදයට කිසිසේත් ම විරුද්ධ නො වන්නේ ය. ජානවලට ඇති ප්‍රාථමික වැදගත්කම එම අධ්‍යයන නිසා තහවුරු වීම අප ගේ මතවාදයට රුකුලක්‌ වන්නේ ය. ඉහත සඳහන් ලෙස අප ගේ මතවාදය වන්නේ ජීවිතයේ අරුත DNA, RNA ප්‍රොaටීන් නිෂ්පාදනය බව ය.

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග DSc