logo3.gif (702 bytes)

HOME


ජීවිතයේ අරුත පිළිබඳ විද්‍යාත්මක සහ දාර්ශනික සාකච්ඡා - 22

අප සාකච්ඡා කරමින් සිටින්නේ ජීවිතයේa අරුත පිළිබඳ විද්‍යාවෙන් සහ දර්ශනයෙන් ගත හැකි කරුණු ය. අප ඉදිරිපත් කොට ඇති මතවාදය සමග එකඟ වන සහ නොවන කරුණු අපි සාකච්ඡා කරමු. අප ගේ මතවාදය වන්නේ ජීවිතයේa අරුත විශ්වයට අවශ්‍ය DNA, RNA සහ ප්‍රොaටීන නිෂ්පාදනය කිරීම බව ය. මේ මතවාදය පහත සඳහන් දාර්ශනික අදහස්‌ දෙක මත පදනම් වන්නේ ය.

1. විශ්වයට අරුතක්‌ ඇත. එම නිසා ජීවිතයට අරුතක්‌ ඇත.

2. විශ්වය නිර්මාණය වී ඇත්තේ ජීවීන් සඳහා නො වේ. ජීවීන් නිර්මාණය වී ඇත්තේ විශ්වය සඳහා ය.

මෙතැන දී අප විශ්වය/ස්‌වභාවධර්මය ජීවීන්ට වඩා ඉහළිsන් තබා ඇත. පුමුඛස්‌ථානය දී ඇත්තේ විශ්වය/ ස්‌වභාවධර්මයට ය. මේ දාර්ශනික අදහස පැරැණි ශිෂ්ටාචාර බොහොමයක තිබෙන බව එම ශිෂ්ටාචාර පිළිබඳව අප විසින් ලියන ලද ලිපිවල සඳහන් කොට ඇත. මේ ශිෂ්ටාචාරවලින් පුමුඛස්‌ථානය දී තිබුණේ ස්‌වභාවධර්මයට ද මිනිසාට ද යන්න පහත සඳහන් වේ.

පැරැණි ශිෂ්ටාචාර පිළිබඳ සාකච්ඡාවට පසුව අප නවීන විද්‍යාවේ සෑම වැදගත් අංශයක්‌ ම විග්‍රහ කොට අප ගේ මතවාදය සමග එකඟ වන සහ නොවන කරුණු සලකා බැලීම පිණිස ලිපි පෙළක්‌ පළ කොට ඇත. භෞතික විද්‍යාවේ සම්භාවනීය යෑයි සැලකෙන මතවාද මෙන්ම ක්‌වොන්ටම් මතවාදය ද මෙලෙස සාකච්ඡා කළෙමු. ජීව විද්‍යාවේ අපට අදාළ වැදගත් මතවාදයක්‌ වන ජීවී පරිණාමය දීර්ඝ ලෙස සාකච්ඡා කොට ඇත. භෞතික විද්‍යාව පිළිබඳ සාකච්ඡාවල අපට අදාළ අවසාන එලය ලෙස සඳහන් කළ හැක්‌කේ සැම වස්‌තුවක්‌ ම, ද්‍රව්‍යයක්‌ ම සහ ඒවායේ ක්‍රියාකාරීත්වය ශක්‌තිය මිස වෙන දෙයක්‌ නො වන බව ය. ජීවීන් ඇතුළු සැම වස්‌තුවක්‌ ම සෑදී ඇත්තේ ද, ක්‍රියා කෙරෙන්නේ ද ශක්‌තිය විසිනි. මුළු විශ්වය ම ශක්‌තියේ ක්‍රියාදාමයකි. එසේ නම් ජීවීන් සඳහා විශ්වය සෑදී ඇතැයි කිව නොහැකි ය. ශක්‌තිය විශ්වය ය. අප ද එහි කොටසකි. ශක්‌ති එකතු වීමකි. එසේ නම් පැරැණි ශිෂ්ටාචාර ද භෞතික විද්‍යාව ද, අප ද පුමුඛස්‌ථානය දී ඇත්තේ විශ්වයට ය. එම කරුණු අප ගේ මතවාදය සමග එකග නො වන්නේ නැත. එම නිසා විශ්වයට අරුතක්‌ ඇතොත් එය ජීවීන් සඳහා නො ව ජීවීන් එය සඳහා විය යුතු ය.

පසුගිය ලිපියේ අප සාකච්ඡා කළේ ජීව පරිණාමය පිළිබඳව ය. ඒක සෛලීය ජීවියකු ගෙන් පටන් ගෙන ශාක සහ සත්ත්ව වශයෙන් වෙන් වුව ද සත්ත්ව ලෝකය යෑපෙන්නේ ශාක ලෝකය මත ය. යෑපෙනවා යන්නෙන් මෙතැන දී අදහස්‌ වන්නේ සත්ත්වයන්ට අවශ්‍ය කාබන්, හරිතප්‍රද සහිත ශාක වෙතින් මිස වෙන අයුරකින් ලබාගත නොහැකි බව ය. ජීවීන් ගේ ව්‍යqහය සහ ක්‍රියාකාරීත්වයේ කේන්ද්‍රිය මුලද්‍රව්‍ය වන්නේ කාබන් ය. වෙනත් මුලද්‍රව්‍යයන් සමග සම්බන්ධ වී නොයෙකුත් සංකීර්ණ ද්‍රව්‍යයන්, දම්වැල්, විශාල අණුවලින් යුක්‌ත ද්‍රව්‍ය සෑදීමට කාබන් නැති ව ම බැරි ය.

හරිතලවය ඇති වූයේ කෙසේ ද යන්න ද සොයා බැලිය යුතු ය. සූර්ය කිරණවලින් හිරු එළියෙන් හරිතප්‍රද මාර්ගයෙන් ශක්‌තිය ලබාගෙන වායුගෝලයේ ඇති කාබන්ඩයොක්‌සයිඩ් භාවිත කොට කාබෝහයිඩේ්‍රට්‌ සෑදීමට ශාකවලට හැකියාව ඇත. හරිතලවයන් ඇති වුණේ සෛලයක්‌ මුල්වරට ඇති වූ පසුව විය යුතු ය. හරිතලවයන් නොමැති ව ජීවත් විය හැකි සත්ත්වයන් සිටිය හැකි ද? ප්‍රථමයෙන් බිහි වූ DNA, RNAවලට හරිතප්‍රද නොමැති ව පැවතිය හැකි ව තිබුණා ද? ජීවීන් ඇති වුයේ කවදා ද? හරිතප්‍රද ඇති වුයේ කවදා ද?

හරිතප්‍රත මාර්ගයන් ප්‍රභාසංශ්ලේෂණ ක්‍රමය ජීවීන් ප්‍රගුණ කරගත්තේ අවුරුදු බිලියන 3.5 සහ 2.3 අතර කාලයකට පෙර ය. ඊට ප්‍රථමයෙන් ජීවීන්ට ආකාබනික කාබන් (inorganic carbon) ස්‌වීකරණය වන අන්දමකට සිදු කළ හැකි ව තිබුණු බව පැවසේ. මේ කරුණු ද අප ගේ සාකච්ඡාවට ඉතා ම වැදගත් ය. එය අධ්‍යයනය කිරීම පණිස සත්ත්වයන් බිහි වීමට පෙර විසු ජීවීන්ගේ පරිණාමය සිදු වූයේ කෙසේ දැයි සොයා බැලිය යුතු ය.

අවුරුදු මිලියන 4600කට පෙර පෘථිවිය බිහි වූයේ වයසින් බාල සූර්යයා වටා චලනය වූ දුවිලි එකතු වීමෙනි. මේ දුවිලි අතර ජීවීන් ඇතිවීමට අවශ්‍ය කාබනික සංයෝග ද තිබෙන්නට ඇත ජීවජනක (biogenic) යෑයි සිතිය හැකි කාබනික ද්‍රව්‍ය ඕස්‌ට්‍රෙලියාවේ පාෂාණවල තිබී සොයාගෙන ඇත. (Bell et al 2015) අවුරුදු මිලියන 3900-2500කට පෙර සෛල ඇති වූ බව පිළිගැනේ (Woese C et al 1999)ග මේ සෛල වායුගෝලයේ කාබන්ඩයොක්‌සයිඩ්වලින් කාබන් ලබාගත්තේ ය. තව ද එම සෛල ශක්‌තිය ලබාගත්තේ අකාබනික ද්‍රව්‍ය ඔක්‌සීකරණය කිරීමෙනි. මේ සෛල ප්‍රාග්න්‍යෂ්ටිකයන්ට (Prokaryotes) සමානකමක්‌ පෙන්වී ය. පසුව මේ සෛල ග්ලූකෝස්‌ වැනි කාබනික ද්‍රව්‍යවලින් ශක්‌තිය ලබාගන්නා ක්‍රමයක්‌ වන ග්ලයිකොලිසිය (glycolysis) වර්ධනය කරගත්තේ ය. එසේ ලබාගන්නා ශක්‌තිය ATP වල තැන්පත් කරන්නට ද විය. එම කිs්‍රයාවලිය අද ජීවත් වන ජීවීන් සිදු කරන ක්‍රියාවලිය ම වන්නේ ය.

සොයාගෙන ඇති මුල් ම ජීවීන් ජෛවජනක ග්‍රැµයිට්‌ (biogenic graphite) ලෙස සැලකේ. ඒවා සොයාගැනුණේ ගී්‍රන්ලන්තයේ අවුරුදු බිලියන 3.7ක්‌ පැරැණි පාෂාණ තුළ තිබී ය. එසේ ම ඕස්‌ට්‍රෙලියාවේ අවුරුදු බිලියන 3.48ක්‌ පැරණි වැලිගල් (sandstone) වල තිබු ක්‌ෂුද්‍ර ජීවී ෆොසිල ද මුල් ජීවීන් ලෙස සැලකේ. අවුරුදු මිලියන 3500කට පෙර බැක්‌ටීරියා සහ ආර්කියා (bacteria and archaea) වෙන් වුයේ ය. තවමත් හරිතප්‍රද නිර්මාණය වී නැත. ප්‍රභාසංශ්ලේෂණය සිදු කිරීමට හැකි බැක්‌ටීරීයා මේ කාලයේ දී බිහි විය. එහෙත් එම බැක්‌ටීරියා ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලියේ දී ඔක්‌සිජන් නිපදවුයේ නැත. මේ ගැන ඉදිරි ලිපිවලින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග DSc