logo3.gif (702 bytes)

HOME


ජීවිතයේ අරුත පිළිබඳ විද්‍යාත්මක සහ දාර්ශනික සාකච්ඡා - 21

අප සාකච්ඡා කරමින් සිටින්නේ ජීවිතයේ අරුත පිළිබඳව විද්‍යාවෙන් සහ දර්ශනයෙන් ලබාගත හැකි කරුණු ය. ජීවිතයේ අරුත පිළිබඳව අප විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති මතවාදය සමග එකග වන සහ නො වන කරුණු අපි සාකච්ඡා කරමින් සිටිමු. මෙපමණ කලක්‌ ඉදිරිපත් කළ විද්‍යාත්මක සහ දාර්ශනික කරුණු අප ගේ මතවාදය සමග එකග වනවා ද නැති ද යන්න අප සාකච්ඡා කොට ඇත. පැරැණි ශිෂ්ටාචාර තුළ තිබූ විද්‍යාව සහ දර්ශනය ද අප මේ අයුරින් සාකච්ඡා කොට ඇත. නවීන විද්‍යාව සහ දර්ශනය ද මේ අයුරින් සාකච්ඡා කොට ඇත. අප ගේ මතවාදය පදනම් වන්නේ විශ්වයේ පැවැත්මේ යම් අරුතක්‌ ඇතැයි යන පුළුල් දර්ශනය මත ය. විශ්වයට අරුතක්‌ නැතැයි යන දර්ශනය ද පැරැණි මෙන්ම නවීන දාර්ශනිකයන් පිළිගෙන ඇත. එවැනි දර්ශනයකින් උපදින මතවාද, ආගම ධර්ම ද තිබිය හැකි ය. අරුතක්‌ යෑයි හඳුනාගත හැකි යම් දෙයක්‌ විශ්වය තුළ නො දකින දාර්ශනිකයන් මිනිසා ගේ ජීවිතයේ අරමුණු පිළිබඳව නොයෙකුත් මතවාද ධර්මයන් ඉදිරිපත් කොට ඇත. බුදුන් විශ්වයේ අරුතක්‌ ඇතැයි පවසා නැත. එවැනි අරුතක්‌ පිළිබඳව බුදු දහමේ සඳහනක්‌ නැත. විශ්වයේ ස්‌වභාවය පැවැත්ම සහ උපත පිළිබඳ ගැඹුරු අදහස්‌ ඉදිරිපත් කොට ඇති බුදුදහම එහි අරුත කුමක්‌ දැයි පහදා දී නැත. මිනිසා විශ්වය තුළ දුකින් ජීවත් වන්නේ තෘෂ්ණාව, ක්‍රෝධය සහ අවිද්‍යාව නිසා යෑයි හඳුනාගන්නා බුදුදහම ඉන් මිදෙන ක්‍රමයක්‌ ඉදිරිපත් කොට ඇත. ජීවිතයේ අරමුණ එය යෑයි සිතා එම මාර්ගයේ ගමන් කිරීමේ නිදහස බුදුදහම මිනිසාට ලබා දී ඇත. එම අරමුණ කරා නො යන්නාට හොඳ ජීවිතයක්‌ ගත කරන අන්දම ද බුදුදහම පෙන්වා දී ඇත. එම අරමුණ කරා යා හැක්‌කේ ඥානවන්තයන්ට බව ද බුදුදහම පවසා ඇත. සැමට එවැනි හැකියාවක්‌ හෝ අවශ්‍යතාවක්‌ හෝ නො තිබෙන්නට ද පුළුවන. ඔවුන් ජීවත් විය යුතු අන්දම පැහැදිලි ය.

පැරැණි චීනයේ විසූ කොන්ෆියුසියස්‌ නමැති දාර්ශනිකයා ද විශ්වයේ අරුතක්‌ ඇතැයි පවසා නැත. එහෙත් හොඳ ජීවිතයක්‌ ගත කරන අන්දම, එහි අරමුණු පිළිබඳව දේශනා කොට ඇත. ගී්‍රසියේ විසූ සොක්‍රටීස්‌ පිළිබඳව ද මෙවැනි ම දෙයක්‌ කිව හැකි ය. ඇරිස්‌ටෝටල් පැවසුවේ විශ්වය හැම දා පැවතුණු බව ය. අරුතක්‌ ඇත්නම් එතැන ෙච්තානව (Intent) තිබිය යුතු ද? විශ්වයට අරුතක්‌ ඇත්නම් ඊට ෙච්තනාව තිබිය යුතු ද? ෙච්තනාව සහ අහඹු සිදුවීම් පිළිබඳව අප දීර්ඝ ලෙස සාකච්ඡා කොට ඇත. අරුතක්‌ ඇත්නම් එම අරුත සාක්‌ෂාත් කරගැනීම සඳහා ෙච්තනාව තිබිය යුතු ද? නැතිනම් විශ්වය අහඹු සිදුවීමක්‌ ද? විශ්වය තුළ ෙච්තනාව තිබේ නම් එය ඇති වන්නේ මැවුම්කාරයකු නිසා ද? විශ්වය පාලනය කරන මැවුම්කරුවකු ගේ ෙච්තනාව නිසා ද විශ්වය මේ අන්දමට ක්‍රියාකාරී වන්නේ? පෞද්ගලික මැවුම්කාර දෙවියකු පිළිබඳ සාක්‌ෂි නොමැත. එසේ නම් ෙච්තනාවකින් යුක්‌ත වූ පෞද්ගලික නො වූ වෙනත් දෙවියෙක්‌ සිටී ද? එම දෙවියා විශ්වය මවා එය පාලනය කරන්නේ උන්වහන්සේ ගේ වුවමනාවට මිස මිනිසා ගේ යහපතකට නො වේ යෑයි පැවසිය හැකි ද? එසේ නම් ඔහු දෙවියෙක්‌ නො වේ. විශ්වයට අරුතක්‌ තිබිය හැකි ය. එය දෙවියකු නිසා හෝ දෙවියකු විසින් හෝ සැකසුණු දෙයක්‌ යෑයි පැවසිය නොහැකි ය. තව ද විශ්වයට අරුතක්‌ සහ ෙච්තනාවක්‌ ඇතැයි පැවසීම එය දෙවියකු බවට පත් කිරීම ද නො වන්නේ ය. එසේ කිරීමට හේතුවක්‌ නැත. එම නිසා එසේ කිරීම හෝ විශ්වාස කිරීම හෝ මෝඩකමකි. අප පවසන්නේ ජීවිතය සහ විශ්වය ඉතා ම ක්‍රමානුකූලව ඉතා ම සංකීර්ණ ලෙස නිර්මාණය වී ඇත්තේ අරුතක්‌ සහ ෙච්තනාවක්‌ ඇති ව බව ය. එසේ වන්නට දෙවියකු ගේ අවශ්‍යතාවක්‌ නො තිබිය හැකි ය. මේ ගැන සාකච්ඡා කිරීම සඳහා ජීවීන් ගැන පමණක්‌ සලකා බැලීම ප්‍රමාණවත් නො වේ. විශ්වය ගැන ද සලකා බැලිය යුතු ය. මෙය ඉදිරි ලිපිවල දී සාකච්ඡා කරමු.

අප පසුගිය ලිපිවල සාකච්ඡා කළේ ජීවී පරිණාමය පිළිබඳ ව ය. මෙය අප ගේ මතවාදයට ඉතා ම වැදගත් ය. අණුක ක්‍රම මගින් ජාන සංසන්දනය කරන ක්‍රම සහ කාල නීර්ණය කරන ක්‍රම ගැන සාකච්ඡා අප විසින් ආරම්භ කරන ලදී. ඊට පෙර අප සාකච්ඡා කළේ වෘක්‌ෂ වළලූ, ෆොසිල භාවිතය සහ විකිරණශීලී සමස්‌ථානික භාවිත කොට කාල නීර්ණය කරන අන්දම ය. තව ද අප පෙන්වා දී ඇත්තේ මේ සෑම ක්‍රමයක්‌ ම භාවිත කොට ලබාගන්නා කරුණු අතර සමානත්වයක්‌ ඇති බව ය. එම කරුණු අනුව සාදාගන්නා ජීව පරිණාම වෘක්‌ෂ සමානත්වයක්‌ පෙන්නුම් කරන බව ය. එම වෘක්‌ෂවල අතු ඉති බෙදී යන අන්දම සහ සත්ත්වයන් ගේ ස්‌ථාන සැසඳීමේ දී පෙනී යන්නේ ඒවා අතර ඇති දැඩි සමානත්වයයි.

මිනිසා ගේ ජීනෝමය කියවීම සඳහා භාවිත කළ ක්‍රමවේදය භාවිත කොට ජාන වර්ග දෙකක සමානත්වය සොයාගැනීම ඉතා ම නවීන සහ නිවැරැදි ක්‍රමය වන්නේ ය. එහෙත් එම ක්‍රමය මිල අධික ය. ඒ වෙනුවට කළ හැක්‌කේ ජාන කීපයක සාම්පලයක්‌ සස බැලීම ය. මේ ලෙසින් සත්ත්වයන් දෙදෙනකු ගේ ඥාතීත්වය සොයාගත හැකි ය. මේ ක්‍රමය භාවිත කිරීමේ දී සිදු වන්නේ ජානවල ලියවී ඇති කේතන අනුපිළිවෙළ සංසන්දනය කිරීමෙන් සත්ත්වයන් දෙදෙනා ගේ ජාන අතර ඇති සමානත්වය සොයාගැනීම ය. චිම්පන්සියා වඳුරකුට වඩා මිනිසාට කිට්‌ටු බව මේ ආකාරයෙන් සොයාගත හැකි ය. ජාන කිssහිපයක්‌ භාවිත කොට සත්ත්වයන් කිහිප දෙනකු ගේ ඥාතීත්වය සොයා ජීව වෘක්‌ෂ කිහිපයක්‌ නිර්මාණය කරගත හැකි ය. මේ ජීව වෘක්‌ෂ කිහිපය එක ස්‌වරූපයක්‌ ගනී නම් පරිණාමය සිදු වූ බවට එය ඉතා ම අගනා සාක්‌ෂි වන්නේ ය.

මේ ක්‍රමය භාවිත කොට නවසීලන්තයේ මහාචාර්ය ඩේවිඩ් පෙනී (Professor David Penny) විසින් ක්‌ෂීරපායි වර්ගයට අයත් සත්ත්වයන් 11 දෙනකු ගේ ජාන 5ක්‌ භාවිත කොට ජීව පරිණාම වෘක්‌ෂ නිර්මාණය කරන ලදී. එවැනි පරීක්‌ෂණයක්‌ කළ පළමු වතාව එය වන්නේ ය. ඔවුන් තැනූ එම වෘක්‌ෂ සියල්ල ම පාහේ එක ම අතු ඉති බෙදී යැමක්‌ සහ සත්ත්වයන් ගේ ස්‌ථාන එක ම පිළිවෙළක්‌ පෙන්නුම් කළේ ය. මේ ජීව පරිණාම වෘක්‌ෂය පහත සඳහන් ලෙස සටහන් කළ හැකි යි. (රූපය 01)



මීට ඉහත ලිපිවල කාබන් කාල නීර්නය, වෙනත් විකිරණශීලී සමස්‌ථානික කාල නීර්ණය සිදු කරන ක්‍රම සහ වෘක්‌ෂ වළලූ භාවිත කොට ජීවීන් ගේ වයස සොයාගන්නා ක්‍රම පහද දී ඇත. තවත් නවීන ක්‍රමයක්‌ සඳහන් කළ යුතු ව ඇත. එය අණුක ක්‍රමයක්‌ වන්නේ ය. මේ ක්‍රමවලට ඔරලෝසුව යෑයි පටබැඳි නම පාවිච්චි කරන හෙයින් අනුක ක්‍රමය අණුක ඔරලෝසුව ලෙස හැඳින්වේ (Molecular Clock). මේ ක්‍රමය භාවිත කරන්නේ පරිණාම ක්‍රියාදාමයේ සමහර සිදුවීම් නියත වේගයකින් සිදු වන බව විශ්වාස කරමිනි. කාලය මනින්නට ඉටිපන්දමක්‌ හෝ සිරැරක්‌ හෝ ඇති වතුර බාල්දියක්‌ හෝ ඔරලෝසුවක පැද්දෙන බට්‌ටා හෝ භාවිත කරන විට එම දේවල් නියත වේගයකට අනුව සිදු වන බව අපි විශ්වාස කරමු. අණුක ඔරලෝසුව ෆොසිලවලින් ලබාගන්නා කාල නිර්ණ දත්ත යොදා ක්‍රමාංකනය (Calibrate) කළ යුතු වන්නේ ය. එසේ ම ෆොසිල විකිරණශීලී ඔරලෝසුව යොදා ක්‍රමාංකනය කළ යුතු ව ඇත. එසේ කළ පසු ෆොසිල යොදා කාල නීර්ණය කළ නොහැකි ජීවීන් සඳහා අණුක ඔරලෝසුව භාවිත කළ හැකි ය. උදාහරණයක්‌ ලෙස ඝන අස්‌ථි පද්ධතියක්‌ නැති හෝ ෆොසිල තත්ත්වයට පත් නො වන ජීවීන් සඳහා හෝ අණුක ඔරලෝසුව මේ ලෙස භාවිත කළ හැකි ය.

අණුක ඔරලෝසුව ක්‍රියා කරන්නේ කෙසේ ද? ඉහත සඳහන් අන්දමට ඉටිපන්දමක්‌ දැවෙන්නේ එක ම වේගයකට යෑයි ද, භාජනයක සිරැරකින් ජලය වැගිරෙන්නේ එක ම වේගයකින් යෑයි ද,s වැලි පිරවූ බෝතලයකින් වැලි එළියට එන්නේ එක ම වේගයකින් යෑයි ද, ඔරලෝසුවක බට්‌ටා දෝලනය වන්නේ එක ම වේගයකින් යෑයි ද සිතා ඒවා කාලය මනින්නට භාවිත කළ හැකි ය. ඒ ලෙස ම අණුක ඔරලෝසු භාවිතයේ දී ජීවී පරිණාමයේ යම්කිසි වෙනස්‌වීම් එක ම වේගයකට සිදු වනවා යෑයි සිතන්නට සිදු වේ. එහෙත් පරිණාමයේ එවැනි එක ම වේගයකට සිදු වන වෙනස්‌වීම් ඇත් ද? සත්ත්ව පරිණාමයේ එවැනි එක ම වේගයකට සිදු වන වෙනස්‌වීම් ඇත් ද? සත්ත්වයන් පරිණාමය වන වේගය මනින්නට භාවිත කරන මිම්ම ඩාර්වින් ඒකක වන්නේ ය. මෙය J.B.S.Haldane නමැති ජීව විද්‍යාඥයා විසින් නිර්මාණය කරන ලද මිනුම් ක්‍රමයකි. (මීට ඉහත ලිපිවල මේ විද්‍යාඳයා පිළිබඳව දීර්ඝ ලෙස සඳහන් කොට ඇත). මේ ක්‍රමයට අනුව අශ්වයකු ගේ පරිණාම වේගය මිලිඩාර්වින් 40ක්‌ වන්නේ ය. ගප්පියා නමැති මත්ස්‍ය වර්ගය පරිණාමය වන වේගය කිලෝ ඩාර්වින් 45කි. ඒ ලෙස ම පාද, ඇස්‌, කන් වැනි දේ පරිණාමය වන වේගය බොහෝ ලෙසින් වෙනස්‌ ය. එසේ නම් පරිණාමයේ අංගෝපාංග යොදා අණුක ඔරලෝසු තැනිය හැක්‌කේ කෙසේ ද? අණුක ජාන විද්‍යාව ප්‍රයෝජනයට ගත හැක්‌කේ මේ අවස්‌ථාවේ දී ය.

පාදයක්‌, ඇසක්‌, කනක්‌ වෙනස්‌ වන්නේ පිටතට පෙනෙන ලෙස ය. එම වෙනස්‌වීම්වලට අදාළ ජානවල වෙනස්‌වීම අණුක වෙනස්‌ වීම්ය. එහෙත් මේ වෙනස්‌වීම් ද එක ම වේගයකට සිදු නො වේ. එම නිසා ඒවා ඔරලෝසු ලෙස භාවිත කළ නොහැකි ය. සතකු ගේ කකුලක්‌ දික්‌ වීමට ගිය කාලය මැනගෙන සැම විට ම එය සිදු වන්නේ ඒ ලෙස යෑයි සිතිය නොහැකි ය. ඒ ලෙස ම එම වෙනසකට අදාළ ජාන වෙනස්‌ වීමට යන කාලය මැනගෙන එය ඔරලෝසුවක්‌ ලෙස භාවිත කළ නොහැකි ය. එහෙත් තවත් වර්ගයේ ජාන වෙනස්‌වීම් ඇත. ජාන වෙනස්‌වීම් සැම විට සත්ත්වයා ගේ ව්‍යqහයේ වෙනස්‌ වීමක්‌ ඇති නො කරයි. බොහෝ විට එම වෙනස්‌වීම් උදාසීන (Neutural Mutation) වෙනස්‌ වීමක්‌ වන්නේ ය. මේ වෙනස්‌වීම් ස්‌වාභාවික වරණයේ අවධානයට භාජන වන්නේ නැත. එම නිසා එම වෙනස්‌වීම එක ම වේගයකට සිදු වේ යෑයි සිතිය හැකි ය. මෙසේ උදාසීන ලෙස වෙනස්‌ වන ජානවල වෙනස්‌වීම් වන වාර ගණන කාලයත් සමග වැඩි වේ. එසේ වැඩි වී එය 100්‍ර වූ විට තවත් වෙනස්‌ වන්නේ නැත. මේ ලෙස සම්පූර්ණ ලෙස වෙනස්‌ වූ උදාසීන ජාන ස්‌ථාවර ජාන (Fixed Genes) ලෙස නම් කර ඇත. අණුක ඔරලෝසුව පිණිස භාවිත වන්නේ මේ ස්‌ථාවර ජාන ය. සත්ත්වයන් දෙදෙනකු ගේ ජීනෝමය සංසන්දනය කරන විට එම ජීනෝමවල ඇති ස්‌ථාවර ජාන සැලකිල්ලට ගනියි. එසේ කිරීමෙන් එම සත්ත්වයන් දෙදෙනා පරිණාම වෘක්‌ෂයේ වෙන් වූයේ මොන කාල වකවානුවේ දැයි සොයාගත හැකි ය.

විකිරණශීලී සමස්‌ථානික (Radioactive isotope) යොදාගෙන සාදාගන්නා ඔරලෝසු භාවිත කොට කාල නිර්ණය කරගැනීමේ පරාසය තත්පර ගණන්වල සිට අවුරුදු බිලියන දක්‌වා පුළුල් විය හැකි ය. එසේ ම ස්‌ථාවර ජාන යොදාගනිමින් කාල නිර්ණය කරගැනීමේ ක්‍රමයේ කාල පරාසයන් ද ඉතා ම පුළුල් වේ. ඒ සඳහා භාවිත වන ජාන විශාල සංඛ්‍යාවක්‌ ඇත. හිස්‌ටොන් (Histone) සඳහා වූ ජානය ස්‌ථාවර ජානයක්‌ බවට පත් වීමට අවුරුදු බිලියනයක්‌ ගත වේ. ෆයිබ්‍රිනොපෙප්ටයිඩ් (Fibrinopeptide) ජානය fixed ජානයක්‌ බවට පත් වන්නේ අවුරුදු මිලියනයකින් ය. හිස්‌ටොන් ජානයට වඩා ෆයිබ්‍රිනොපෙප්ටයිඩ් ජානය දහස්‌ වාරයක්‌ වේගයෙන් ස්‌ථාවර ජානයක්‌ බවට පත් වේ. සයිටොක්‍රොම් සහ හිමොග්ලොබින් ජානවල වේගය ඊට අතරමැදි වන්නේ ය.

අණුක ඔරලෝසුව භාවිත කොට ජීවීන් ගේ පමණක්‌ නො ව ෆොසිලවල වයස ද සොයාගත හැකි ය. එමෙන් ම ඔවුන් අතර ඇති ඥාතීත්වය සොයාගත හැකි ය. මෙලෙස ජීවී පරිණාම වෘක්‌ෂයක්‌ අණුක ක්‍රම මගින් ද තනාගත හැකි ය. මේ වෘක්‌ෂය වෙනත් ක්‍රමවලින් පද්ධති ව්‍යqහය, ෆොසිල පවතින භූගර්භයේ ස්‌ථිර, සහ ඒවායේ කාල නිර්ණය වැනි ක්‍රම යොදා සාදාගන්නා පරිණාම වෘක්‌ෂ සමග සමාන විය යුතු ය. එසේ නො වන්නේ නම් ජීවී පරිණාම මතවාදය බොරුවක්‌ වන්නේ ය. එම නිසා මේ මතවාදය බොරුවක්‌ නම් බොරුවක්‌ ලෙස ඔප්පු කළ හැකි ය. නැත හොත් විද්වත් කාර්ල් පොපර් ගේ අදහසක්‌ වන අසත්‍යකරණයට භාජනය කළ හැක. එම නිසා එම මතවාදය විද්‍යාත්මක වන්නේ ය. විද්‍යාව මිථ්‍යාවෙන් වෙනස්‌ වන්නේ මේ නිසා ය. මිථ්‍යාවේ බොරු, බොරු ලෙස ඔප්පු කිරීමට ක්‍රමයක්‌ නැත. අපට පරිණාමය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන්නට සිදු වී ඇත්තේ එය අප ගේ මතවාදයට ඉතා ම වැදගත් වන හෙයිනි. මේ ගැන ඉදිරියේ දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග DSc