logo3.gif (702 bytes)

HOME


ජීවිතයේ අරුත පිළිබඳ විද්‍යාත්මක සහ දාර්ශනික සාකච්ඡා - 20

අප සාකච්ජා කරමින් සිටින්නේ ජීවිතයේ අරුත පිළිබඳව විද්‍යාවෙන් සහ දර්ශනයෙන් ගත හැකි කරුණු ය. ජීවිතයේ අරුත පිළිබඳ අප ගේ මතවාදය පදනම් වන්නේ විශ්වය පවතින්නේ යම් කිසි අරුතක්‌ ඇති ව ය යන දර්ශනය මත ය. විශ්වයට අරුතක්‌ ඇත යන දර්ශනය මත පිහිටා තවත් නොයෙකුත් දර්ශන සහ ආගම් බිහි වී ඇත. යුදෙව් ක්‍රිස්‌තියානි දර්ශනය බිහි වූයේ ලෝකය පවතින්නේ මිනිසා සඳහා ය යන අදහස පෙරදැරි කරගෙන ය. විශ්වය පවතින්නේ මිනිසා සඳහා නම් විශ්වයේ පැවැත්මට හේතුවක්‌ ඇත. විශ්වයේ පැවැත්මට හේතුවක්‌ නැතැයි කිසි ම ආගමක්‌ පවසා නැත. එහෙත් එසේ පවසන දර්ශනයක්‌ ඇත. ආගම පිළිබඳව විශ්වාසයක්‌ නැති ජීවිතයට අරුතක්‌ නැතැයි පවසන එවැනි දාර්ශනිකයෝ අද මෙන්ම පෙර කල ද සිටියෝ ය. ඔවුන් විශ්වය නමැති ක්‍රියාදාමයේ අරුතක්‌ දකින්නේ නැත. අරුතක්‌ තිබිය යුතු ද යන ප්‍රශ්නය ඔවුහු අසයි.

අප ගේ ජීවිතයේ අරුතක්‌ ඇත් ද නැත් ද යන්න පවා අපි නො දනිමු. අපට හැකි වන්නේ ඒ පිළිබඳ නොයෙකුත් අදහස්‌ ඉදිරිපත් කිරීම පමණි. එවැනි එක්‌ අදහසක්‌ වන්නේ මෙතරම් සංකීර්ණ විශ්වය මෙතරම් සංකීර්ණ ජීවීන් බිහි වීම සඳහා මෙතරම් සංකීර්ණ පෘථිවිය නිර්මාණය කළේ ඇයි ද යන්න ය. කිසි ම අරුතක්‌ නොමැති ව එවැනි දෙයක්‌ සිදු විය හැකි ද යන්න ය. අපට අවශ්‍ය ශක්‌තිය සූර්යයා නිපදවන්නේ ඇයි ද? එම ශක්‌තිය ලබාගැනීම පිණිස හරිතප්‍රද සහිත ශාක අපේ උදව්වට නිර්මාණය වූයේ ඇයි? Supernova නමැති ක්‍රියාදාමය විසින් අපට අවශ්‍ය මූලද්‍රව්‍ය විශාල ප්‍රමාණයක්‌ මුදාහැරියේ ඇයි? ඒවා ඝන වී පෘථිවිය සැදුණේ ඇයි? එම පෘථිවියේ කක්‌ෂය සූර්යයා වටා ඇති ගෝල්ඩිලොක්‌ නමැති ජීවීන්ට හිතකර ප්‍රදේශයේ පිහිටා ඇත්තේ ඇයි? ප්‍රථම ජීවියා DNA හෝ RNA හෝ විය හැකි ය. එය අභ්‍යවකාශයේ උෂ්ණත්වය ඉතා අධික ස්‌ථානයක නිපදවන්නට ඇත. නැතිනම් අවුරුදු බිලියන ගණනකට පෙර පෘථිවියේ තිබූ Primordial soup යනුවෙන් හැඳින්වෙන ද්‍රdවණය තුළ බිහි වන්නට ඇත. පසුව පරිණාමය නිසා ජීවීන් අද පවතින තත්ත්වයට වෙනස්‌ වන්නට ඇත. මේවා මේ ලෙස සිදු වූයේ ඇයි? අපි මැවුම්කරුවකු සොයා නො යන්නෙමු. එහෙත් මෙහි අරුතක්‌ තිබිය යුතු ය. යුදෙව් ක්‍රිස්‌තියානි දර්ශනයේ සහ මැවුම්කාර දෙවියකු අදහන අනිකුත් ආගමික දර්ශන තුළ ඇත්තේ පෞද්ගලික මැවුම්කාර දෙවි කෙනෙකි. උන්වහන්සේ ඕනෑ දෙයක්‌ කළ හැකි, හැම දේ දන්නා, සැම තැන සිටින, කරුණා දයාවෙන් පූර්ණ පෞද්ගලික දෙවියෙකි. එවැනි දෙවියකු ගැන විශ්වාස කිරීමට තරම් සාක්‌ෂි නොමැත. එහෙත් විශ්වය නමැති ක්‍රියාදාමය ක්‍රියා කරන්නේ අරුතක්‌ ඇති ව යෑයි සිතීමට සාක්‌ෂි එමට ඇත. ජීවී පරිණාමය සිදු වූයේ ඇයි? එහි අරුත කුමක්‌ ද? පරිණාමය සිදු වන විට අලුතින් විවිධ DNA, RNA, ප්‍රොaටීන් විශාල ප්‍රමාණයක්‌ නිෂ්පාදනය විය. මෙසේ සිදු වූයේ ඇයි? පරිණාමය නිසා ජීවීන්ට සිදු වූ යහපත කුමක්‌ ද? පරිසරයට ඔබින ජීවියකු නිර්මාණය වීම ද? මිනිසා කෘමියාට වඩා පරිසරයට සරිලන ලෙස හැඩගැසී ඇත් ද? කෘමි වර්ග සංඛ්‍යාවෙන් අති විශාල ය. මුළු ලොව වාසය කරන කෘමීන් ගේ බර මුළු ලොව වාසය කරන මිනිසුන් ගේ බරට වඩා වැඩි ය. එසේ නම් මිනිසා කෘමියාට වඩා පරිසරයට සරිලන ලෙස පරිණාමය වී ඇතැයි කෙසේ කිව හැකි ද? මිනිසා ගේ මොළය ශරීරයේ බරේ අනුපාතයක්‌ ලෙස ගත් විට කෘමියා ගේ මොළයට වඩා බොහෝ සෙයින් විශාල ය. මේ අන්දමට සත්ත්ව ලෝකයේ සත්ත්වයන් වඩා දියුණු ද නැති ද යෑයි සංසන්දනය කිරීම උගහට ය. එක්‌ දෙයකින් දියුණු සත්ත්වයා තවත් දෙයකින් නොදියුණු වන්නට ඉඩ ඇත. මිනිසාට කොටියකු තරම් වේගයෙන් දිවිය නොහැකි ය. අලියකු කරන වැඩ කළ නොහැකි ය. එහෙත් මිනිසා ගේ මොළය ඒ සතුන් දෙදෙනා ගේ ම මොළයට වඩා විශාල ය. පරිණාමයේ අරමුණ මිනිසකු තැනීම නො වන්නට පුළුවන. අලියා සහ කොටියා එක්‌ අතකින් මිනිසාට වඩා දියුණු ය. එම නිසා පරිණාමය නිසා සිදු වී ඇත්තේ විවිධ DNA, RNA, ප්‍රොaටීන් අති විශාල ප්‍රමාණයක්‌ නිෂ්පදානය වීම ය. පරිණාම ක්‍රියාදාමයේ අවසාන අරමුණ එය විය යුතු ය.

අප පසුගිය ලිපියේ සාකච්ඡා කළේ සත්ත්වයන් ගේ ජීනෝමය සංසන්දනය කොට සත්ත්වයන් පරිණාම වෘක්‌ෂයේ කෙතරම් එකිනෙකුට කිට්‌ටු ද, ඥාතිත්වය කෙතරම් දුර ද යන්න සොයාගැනීම පිළිබඳව ය. මිනිසා ගේ ජීනෝමය චිම්පන්සියා ගේ ජීනෝමයට කෙතරම් සමාන ද යන්න මේ ලෙස සොයා බැලිය හැකි ය. මේ ක්‍රමයෙන් සොයාගන්නා කරුණුවලට අනුව සකසාගන්නා පරිණාම වෘක්‌ෂය සත්ත්වයන් ගේ ව්‍යqහයට අනුව සකසාගන්නා පරිණාම වෘක්‌ෂයට අතිශයින් සමාන ය. මේ කරුණ ජීව පරිණාමය ඇත්තට ම සිදු වූ දෙයක්‌ බවට තහවුරු කරයි. මිනිසා සහ චිම්පන්සියා අතර ඇති ඥාතිත්වය කුමන අන්දමේ එකක්‌ දැයි සොයා බැලීමට ඔවුන් ගේ DNA ව්‍යqහය සංසන්දනය කළ හැකි ය. මෙය කරන එක්‌ ක්‍රමයක්‌ පසුගිය ලිපියේ සඳහන් කොට ඇත. එක ම සත්ත්වයකු ගෙන් ලබාගත් DNA උණු කරන විට උෂ්ණත්වය 850C දී ද්විත්ව හීලික්‌සය දෙකට වෙන් වන්නේ ය. එසේ වෙන් කළ තනි හීලික්‌ස වැල් නැවත ශීතල කළ විට නැවතත් එකතු වී ද්විත්ව හීලික්‌සය සාදයි. මිනිසා ගේ සහ චිම්පන්සියා ගේ DNA මිශ්‍රණයක්‌ මේ ලෙස උෂ්ණත්වය 85
0 C දක්‌වා උණු කර ශීතල කරන විට මිනිසා ගේ සහ චිම්පන්සියා ගේ DNA එකට එකතු වී ද්විත්ව හීලික්‌ස සෑදෙන්නට ඉඩ ඇත. එසේ සෑදුණු DNA ද්විත්ව හීලික්‌ස නැවත උණු කළ විට 850 C දක්‌වා ඉහළ නගින්නට පෙර දෙකට වෙන් වේ. උෂ්ණත්වය 85 0C වඩා එක අංශයක්‌ අඩුව තිබිය දී එය සිදු වේ නම් එම DNA හිමි සත්ත්වයන් දෙදෙනා ගේ DNAවල 99%ක සමානත්වයක්‌ පෙන්නුම් කරන බව පැවසේ. 850 C වඩා අඩු උෂ්ණත්වයක දී සත්ත්වයන් දෙදෙනකුට අයත් DNAවලින් සෑදුණු ද්විත්ව හීලික්‌ස වෙන් වන්නේ ඒවායේ බන්ධනය කෙතරම් ශක්‌තිමත් ද යන්නට අනුව ය. මේ බන්ධනයේ ශක්‌තිමත්භාවය සත්ත්වයන් දෙදෙනා ගේ පරිණාමීය ඥාතිත්වය මත ර¹ පවතී. මේ ලෙසින් පරීක්‌ෂණ සිදු කොට මිනිසා සහ ච්ම්පන්සියා ගේ DNA 98%ක ප්‍රමාණයකට සමාන බව සොයාගෙන ඇත. මෙසේ සමාන වන්නේ කුමක්‌ ද? DNAවල යම්කිසි උපදෙස්‌ මාලාවක්‌ කේතාංක වී ඇති බව අපි දනිමු. සමාන වන්නේ මේ උපදෙස්‌ ද? කොහෙත් ම නැත. මෙය උදාහරණයක්‌ මාර්ගයෙන් පහදාගනිමු. අකුරු සහ වචන යොදා යම්කිසි පණිවිඩ දෙකක්‌ ලියා ඇතැයි සිතමු. එම පණිවිඩ දෙකේ යොදාගෙන ඇති වචන සමාන විය හැකි ය. එවිට පණිවිඩය ද බොහෝ දුරට සමාන විය හැකි ය. වචන නො වූ යොදාගෙන ඇති අකුරු සමාන විය හැකි ය. එවිට පණිවිඩ සමාන නො වේ. පණිවිඩ දෙකේ අකුරු 100 බැගින් තිබෙනවා යෑයි සිතමු. ඉන් 98ක්‌ සමාන නම් අකුරු 98%ක ප්‍රමාණයක්‌ සමාන ය. පණිවිඩ දෙක සමාන නො වුණාට ඒවා ලියා තිබෙන අකුරු 98% සමානතාවක්‌ පෙන්නුම් කරයි. මිනිසා ගේ සහ චිම්පන්සියා ගේ DNAවල 98%ක සමානත්වයක්‌ පෙන්නුම් කරනවා යෑයි යන්නෙන් හැඟෙන්නේ එවැනි දෙයකි. DNAවල තිබෙන අකුරු ලෙස ගත හැක්‌කේ Base pairs නමින් හැඳින්වෙන කොටස ය. එය භෂ්ම යුගලය ලෙස සිංහලෙන් හැඳින්වේ. භෂ්ම යුගලය අකුරු ලෙස ගත හැක්‌කේ ප්‍රොaටීන් සෑදෙන අන්දම නිගමනය වන්නේ ඒවායේ ව්‍යqහයට අනුව නිසා ය. මීටත් වඩා නිවැරදි ලෙස මේ කරුණු සොයාගැනීමේ ක්‍රම දැන් විද්‍යාඥයන් සතු ය. ජීනෝමයේ කොටසක්‌ ගෙන DNAවල කේතනය වී ඇති දේ කියවා වෙනත් DNA සමග සංසන්දනය කළ හැකි ය. එහෙත් එය පිළිබඳව සාකච්ඡා කිරීමට පෙර සඳහන් කළ යුතු කරුණු කිහිපයක්‌ ඇත. එකක්‌ මීට පෙර ලිපියේ සඳහන් වූ තල්මහ පැවත එන්නේ හිපපොටේමස්‌ ගෙන් යෑයි යන කරුණ ය. අනික මිනිසා සහ චිම්පන්සියා ගේ DNAවල ඇති භෂ්ම යුගලයන් Base pairs 98%ක ප්‍රමාණ්‍යක්‌ සමාන වේ නම් එම වර්ග දෙක අතර ඇති සමානත්වය කෙබඳු එකක්‌ ද යන්න ය. ව්‍යqහයේ, ඥානයේ සහ හැකියාවන් ගේ ඇති සමානත්වය හෝ වෙනස කුමක්‌ ද? ප්‍රථමයෙන් හිපොපොටේමස්‌ පැවත එන්නේ කුමන සත්ත්ව වර්ගයකින් දැයි සොයා බලමු. තල්මහ සහ හිපොපොටේමස්‌ ගේ පොදු පූර්වජයා (ancestor) හෝ මුතුන්මිත්තා කවුදැයි සොයා බැලිය යුතු ය. මක්‌ නිසා ද පුදුමය ගෙන දෙන ලෙස හිපොපොටේමස්‌ ගේ කිට්‌ටු ම ඥාතියා තල්මහ නිසා ය. දැනට සොයාගෙන ඇති පැරැණි ම හිපොපොටේමස්‌ ෆොසිල අවුරුදු මිලියන 16ක්‌ පැරැණි ය. මේ දෙදෙනා ගේ පොදු පූර්වජයන් පාදවල කුර සහිත වෙනත් සතුන් ගෙන් (ungulates) වෙන් වී ඇත්තේ අවුරුදු මිලියන 60කට පෙර ය. ෆොසිල සහ DNA පරීක්‌ෂණවලින් සොයාගත් කරුණුවලට අනුව හිපොපොටේමස්‌ සහ තල්මහ ගේ පරිණාමය පහත සඳහන් ලෙස දැක්‌විය හැකි ය.

(01 රූපය)



ඉහත සඳහන් සටහනේ Hippopotamidae සහ Cetacea යනුවෙන් සඳහන් සත්ත්ව වර්ග දෙක පිළිවෙළින් හිපොපොටේමස්‌ සහ තල්මහ අයිති වන වර්ග දෙක වන්නේ ය. ඔවුන් ගේ පොදු පූර්වජයා වන්නේ Whippomorpha නමැති අර්ධ ජලජ සත්ත්වයෙකි. මොවුන් පැවත එන්නේ පාදවල කුර ඇති සතුන් ගෙන් වෙන් වූ මුතුන්මිත්තකු ගෙනි. එසේ වෙන් වූ සත්ත්වයා පසු කාලයක දී තල්මහ දක්‌වා පරිණාමය මාර්ගයෙන් වෙනස්‌ වී ඇත. මෙය විස්‌මයජනක සිදුවීමකි. පරිණාමයේ යාන්ත්‍රණය වන්නේ ස්‌වාභාවික වරණය ය. එම යාන්ත්‍රණය නිසා මෙවැනි දෙයක්‌ සිදු වූයේ කෙසේ ද? ජලයේ සිට ගොඩබිමට පැමිණි සත්ත්වයා අහසේ පියඹා යැමට පරිණාමය විය. පොළොව මත සිටි උරගයා පියාපත් ලබාගෙන අහසේ පියාඹන්නට වූයේ ය. පාදයේ කුර තිබෙන ගවයන් වැනි සතුන් ගෙන් වෙන් වූ හිපොපොටේමස්‌ වැනි සතකු ජලය තුළට යන්නට ගියේ තල්මහ ලෙස වෙනස්‌ වී ය. මේ ආශ්චර්යවත් සිදුවීම් පරිණාමය මාර්ගයෙන් පැහැදිලි කළ හැකි ය. එහෙත් ප්‍රශ්නය වන්නේ මෙහි අරුත කුමක්‌ ද යන්න ය.

මිනිසා සහ චිම්පන්සියා ගේ DNA 98% පමණ සමානත්වයක්‌ පෙන්නුම් කරන බව පවසා ඇත. මෙහි තේරුම කුමක්‌ ද? ඇපල් ගෙඩියක DNA සහ මිනිසා ගේ DNA අතර 50% සමානත්වයක්‌ තිබෙන බව ද පැවසිය හැකි ය. මිනිසා 50% ප්‍රමාණයකට ඇපල් ගෙඩියට සමාන බව මින් අදහස්‌ වනවා ද? DNAවල කේථනය වී තිබෙන විඥාපන බොහොමයක්‌ අදාළ වන්නේ සෛලවල ක්‍රියාකාරීත්වය සඳහා ය. සෛලවල ක්‍රියාකාරිත්වයේ සමානකම් ඇත්තේ ශ්වසනය, ශක්‌තිය භාවිත කිරීම වැනි දේවල ය. එම නිසා ඇපල් ගෙඩිය සහ මිනිසා ගේ DNAවල 50% සමානත්වයක්‌ තිබිය හැකි ය. සැම ජීවීන්ට ම පොදු සෛල ව්‍යqහයක්‌ සහ ක්‍රියාකාරීත්වයක්‌ ඇත. මේවා නිගමනය කරන ජාන සැමට පොදු ය. මේ ගැන ඉදිරි ලිපිවල සාකච්ඡා කරමු.

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග DSc