logo3.gif (702 bytes)

HOME


ජීවිතයේ අරුත පිළිබඳ විද්‍යාත්මක සහ දාර්ශනික සාකච්ඡා - 19

අප සාකච්ඡා කරමින් සිටින්නේ ජීවිතයේ අරුත පිළිබඳව විද්‍යාවෙන් සහ දර්ශනයෙන් ලබාගත හැකි කරුණු ය. ජීවිතයේ අරුත පිළිබඳව අප ඉදිරිපත් කොට ඇති මතවාදය සමග එකග වන සහ නො වන අදහස්‌ අප ගේ සාකච්ඡාවට භාජන වන්නේ ය. අප ගේ මතවාදයේ පදනම වන්නේ ජීවීන් නිර්මාණය වී ඇත්තේ විශ්වයට/ස්‌වභාව ධර්මයට සේවය කිරීමට ය යන අදහස ය. එම සේවය කිරීම සඳහා ජීවියා නිර්මාණය වී ඇති අන්දම අපි සාකච්ඡා කරන්නෙමු. පසුගිය ලිපියේ ජීව පරිණාමය අධ්‍යයනය කිරිම පිණිස භාවිත කළ හැකි කාලනිර්ණ ක්‍රමයක්‌ වන කාබන් කාලනිර්ණය පිළිබඳ කරුණු සඳහන් කළෙමු. යම්කිසි වස්‌තුවක හෝ ද්‍රව්‍යයක හෝ වයස නිගමනය කිරීම පිණිස භාවිත කළ හැකි සමස්‌ථානික (isotope) මූලද්‍රව්‍ය කිහිපයක ලැයිස්‌තුවක්‌ පසුගිය ලිපියේ සඳහන් කොට ඇත. භුගර්භයේ පාෂාණ ස්‌ථරවල වයස සහ ඒවා තුළ ඇති සත්ත්ව ෆොසිලවල වයස සොයාගැනීමට මේ සමස්‌ථානික මූලද්‍රව්‍ය භාවිත කළ හැකි ය. මෙලෙස සත්ත්ව ෆොසිලවල වයස සොයාගෙන එම සත්ත්වයන් ජීවත් වූ කාලවකවානු ඒ අනුව ගණනය කරගැනීමෙන් සත්ත්ව ලෝකය කාලවකවානුවලට අනුව වෘක්‌ෂයක්‌ ලෙස අතු ඉති සහිතව සකසාගත හැකි ය. මෙලෙස සාදාගන්නා වෘක්‌ෂය වෙනත් ක්‍රම මගින් ජීව පරිණාමය අධ්‍යයනය කොට ලබාගන්නා පරිණාම වෘක්‌ෂයට ඉතා කිට්‌ටු සමානත්වයක්‌ පෙන්නුම් කරන බව අප පවසා ඇත. නොයෙකුත් ක්‍රම මගින් ජිවී පරිණාමය පිළිබඳ සොයාගත් කරුණුවලට අනුව නිර්මාණය කරන ලද පරිණාම වෘක්‌ෂයන් අතර ඇති සමානත්වය පුදුමසහගත ය.

කාබන් කාලනිර්ණය කිරීම සඳහා ද්‍රව්‍යයකින් සෑහෙන ප්‍රමාණයක්‌ අවශ්‍ය වූ යුගය අවසන් වී ඇත. ද්‍රව්‍යයකින් ඉතා ම සුළු ප්‍රමාණයක්‌ පාවිචිචි කොට කාලනිර්ණය කරගැනීමේ නවීන ක්‍රම ඇති බව කිව හැකි ය. එවැනි එක්‌ ක්‍රමයක්‌ වන්නේ mass spectrometry යනුවෙන් හැඳින්වෙන ක්‍රමය ය. එය ස්‌කන්ධ වර්ණාවලිමිතිය යනුවෙන් සිංහලෙන් හැඳින්විය හැකි ය. වර්ණාවලිමිතිය නමින් හැඳින්වෙන ක්‍රමය මගින් සිදු කරන්නේ මූලද්‍රව්‍ය අයන (ions)වලට හරවා ඒවා හඳුනාගැනීම ය. අයනවල ස්‌කන්ධය සොයා ඒ මගින් මූලද්‍රව්‍ය කුමක්‌ දැයි හඳුනාගැනීම ය. අයනවල ස්‌කන්ධය සොයා ඒ මගින් මූලද්‍රව්‍යය කුමක්‌ දැයි හඳුනාගැනීම ස්‌කන්ධ වර්ණාවලිමිතිය භාවිත කොට සිදු කළ හැකි ය. මෙය කිරීම සඳහා කොටස්‌ තුනකින් යුත් උපකරණයක්‌ අවශ්‍ය ය. එම කොටස්‌ අයනීකරණය කිරීම සඳහා උපකරණයක්‌ (ionizer), ස්‌කන්ධ විශ්ලේෂකයක්‌ (mass analyzer) සහ අනාවරකයක්‌ (detector) යනුවෙන් හැඳිනගත හැකි ය. ඉතා කුඩා ද්‍රව්‍ය ප්‍රමාණයක්‌ මේ උපකරණය තුළට ඇතුළු කළ විට එහි ඇති මූලද්‍රව්‍ය හැඳිනගෙන ඒවා කුමන අනුපාතයකට ඇත් දැයි සොයාගනියි.

අප පවසා ඇත්තේ කුමන ආකාරයකට හෝ කරුණු රැස්‌ කරගෙන ජීව පරිණාම වෘක්‌ෂය නිර්මාණය කළ විට ලැබෙන්නේ සමාන ප්‍රතිඑල බව ය. උදාහරණයක්‌ ලෙස ජීවීන් ගේ නොයෙකුත් පද්ධතිවල ව්‍යqහය හෝ ක්‍රියාකාරත්වය පරිණාමය වී ඇත්තේ කෙසේ දැයි සොයාගත හැකි ය. මෙලෙස සොයාගත් කරුණුවලට අනුව නිර්මාණය කරන ජීවී පරිණාම වෘක්‌ෂය හෝ සැකිල්ල සැම විට සමාන වන්නේ ය. උදාහරණයක්‌ ලෙස අස්‌ථි පද්ධතියේ ව්‍යqහය සහ රුධිරවාහිනී පද්ධතියේ ව්‍යqහය පරිණාමය වී ඇත්තේ කෙසේ දැයි සොයා ඒ මත පදනම් ව පරිණාම වෘක්‌ෂ සාදාගත් විට ඒවා සමාන බව පෙනේ. මෙසේ සාදගත් පරිණාම වෘක්‌ෂ කාලනිර්ණය මත පදනම් ව සාදාගත් වෘක්‌ෂයට ද සමාන බව පෙනේ. ෆොසිල මත පදනම් ව සාදාගත් වෘක්‌ෂයට ද සමාන බව පෙනේ. මේවා පරිණාමය සත්තකින් ම සිදු වූ බවට ඉවත දැමිය නොහැකි සාක්‌ෂි වන්නේ ය. තව ද එකකට එකක්‌ එකග වන, එකකට එකක්‌ ආධාරකයක්‌ වන සාක්‌ෂි ගොන්නක්‌ සොයාගැනීම විද්‍යාත්මක ක්‍රමවේදයේ විශ්වසනීයත්වය තහවරු කරන්නේ ය.

වවුලකු ගේ අත්තටුවල ඇති අස්‌ථි ව්‍යqහය සහ මිනිසා ගේ අත්වල ඇති අස්‌ථි ව්‍යqහය අතර සමප්‍රභවතාවක්‌ (homologons) පෙන්නුම් කරයි. වවුලා ගේ අත්තටු පියඹන්නටත් මිනිසා ගේ අත් අල්ලාගන්නටත් සැකසී ඇති අන්දම පැහැදිලි ය. මේ සඳහා එක්‌ එක්‌ අස්‌ථි ව්‍යqහයෙන් වෙනස්‌ වී ඇති අන්දම ද පැහැදිලි ය. මේවා රබර්වලින් සාදාගත හොත් එකක්‌ අනෙකට ලෙහෙසියෙන් වෙනස්‌ කළ හැකි ය. පෘෂ්ඨවංශික (vertebrate) සත්ත්වයන් ගේ අස්‌ථි පද්ධතියේ පරිණාමය සිදු වී ඇති අන්දම එම සත්ත්වයන් පරිසරයට අනුව වෙනස්‌ වූ අන්දම පැහැදිලි කරයි. පරිසරයට අවශ්‍ය පරිදි අස්‌ථි පද්ධතිය වෙනස්‌ වූ අන්දම සහ එම පරිසරයට අවශ්‍ය පරිදි අනෙකුත් පද්ධති වෙනස්‌ වූ අන්දම අතර ඇති සබඳතාව පැහැදිලි ය. පෘෂ්ඨවංශික සත්ත්වයන් ගේ අස්‌ථි පද්ධතිය එක්‌ මූලික සැකිල්ලකට අනුව නිර්මාණය වී ඇත. වෙනස්‌කම් පෙන්නුම් කරන්නේ පරිසරයට සරිලන අන්දමට සිදු වූ පරිණාම වෙනස්‌කම් ය.

ජීවීන් බිහි වූයේ ජලයේ බව අප පවසා ඇත. පසුව ජීවීන් පොළොව මතට සංක්‍රමණය විය. ප්‍රථමයෙන් හරිතප්‍රද සහිත ශාක පොළොව මතට පැමිණියේ ය. සත්ත්වයන් පැමිණියේ ඊට පසුව ය. මීට හේතුව අප පැහැදිලි කොට දී ඇත. වායුගෝලයේ ඇති කාබන්වලින් පමණි ජීවීනට අවශ්‍ය කාබන් සපයාගත හැක්‌කේ. මෙය කළ හැක්‌කේ හරිතප්‍රද ඇති ශාකවලට පමණි. එම නිසා ජලයේ සිට පොළොව මතට සංක්‍රමණය වීමේ දී පළමුව හරිතප්‍රද සහිත ශාක පැමිණියේ ය. ජලයේ සිට සත්ත්වයන් වර්ග බොහෝ සංඛ්‍යාවක්‌ පොළොව මතට සංක්‍රමණය වූයේ ය. මෙය පෙර ලිපිවල සඳහන් කොට ඇත. එය නැවත දක්‌වන්නේ තවත් වැදගත් කාරණයක්‌ සඳහන් කිරිම පිණිස ය. ජලයේ සිට සත්ත්වයන් වර්ග බොහෝ සංඛ්‍යාවක්‌ පොළොව මතුපිටට පැමිණියා සේ ම තවත් කාලයකට පසු තවත් සත්ත්වයන් ආපසු ජලයට සංක්‍රමණය විය.

සංක්‍රමණය වනවා යන්නෙන් මෙතැන දී අදහස්‌ වන්නේ එක සතකු ජලයේ සිට ගොඩබිමට හෝ ගොඩබිම සිට ජලයට පැනීම නො වේ. එය සිදු වන්නේ පරිණාමීය ක්‍රියාදාමයක්‌ ලෙස බව ය. ඊට අවශ්‍ය වෙනස්‌ වීම් ක්‍රමයෙන් සිදු වන බැවින් අතරමැදි සත්ත්වයන් සංඛ්‍යාවක්‌ බිහි වේ. ජලය තුළ සත්ත්වයන් පරිණාමය විය. ඔවුන් ගෙන් සමහරක්‌ පරිණාමය මාර්ගයෙන් ගොඩබිමට සංක්‍රමණය විය. ගොඩබිම සිටි සත්ත්වයන් ආපසු ජලයට සංක්‍රමණය වූයේ ද පරිණාමය මගිනි. තල්මහ මේ ලෙස සංක්‍රමණය වූ සත්ත්වයෙකි. එසේ ම බෙල්ලන්, මකුළුවන්, කුරුමිණියන්, කිඹුලන්, ඔටර්, දිය නයින්, මීයන්, පෙන්ගුයින් සහ කැස්‌බෑවන් මේ ලෙස සංක්‍රමණය වූ සත්ත්වයන් ගෙන් කිහිප දෙනෙකි. මෙලෙස ගොඩබිම සිට ජලයට ආපසු පරිණාමය මාර්ගයෙන් සංක්‍රමණය සිදු වූ බවට ඇති සාක්‌ෂි මොනවා ද? ජාන මාර්ගයෙන් ලබාගත් සාක්‌ෂි සහ ෆොසිලවලින් ලබාගත් සාක්‌ෂි සෑහෙන ප්‍රමාණයක්‌ ඇති බව කිව යුතු ය.

තල්මහ ක්‌ෂීරපායි ගණයට අයත් ජලයේ ජීවත් වන සත්ත්වයෙකි. ජලයේ ජීවත් වන වෙනත් සත්ත්වයන් මෙන් තල්මහ ජලයේ පරිණාමය වී ක්‌ෂිරපායි ගණයට පත් වූ සත්ත්වයෙක්‌ නො වේ. පොළොව මත ජීවත් වූ හිපොපොටේමස්‌ නමැති සතා පරිණාමය මාර්ගයෙන් ආපසු ජලයට සංක්‍රමණය වීමෙන් බිහි වූ සත්ත්වයෙකි තල්මහ. තල්මහට කිට්‌ටු ම සතා හිපොපොටේමස්‌ ය. ඊළඟට ඌරන් ය, ඊළඟට ගවයන් ය. මේ බව ඔප්පු කිරීමට අවශ්‍ය සාක්‌ෂි අණුක ජාන විද්‍යාව (molecular genetics) මාර්ගයෙන් ලබාගෙන ඇත. හිපොපොටේමස්‌ ඌරන්ට ගවයන්ට වඩා තල්මහට කිට්‌ටු බව ද සොයාගෙන ඇත්තේ අණුක ජාන විද්‍යාව මාර්ගයෙනි. මෙය පුදුමයට කාරණයක්‌ වන්නේ හිපොපොටේමස්‌ ගේ ශරීරය තල්මහ ගේ ශරීරයට වඩා ගවයන් ගේ ශරීරයට සමාන බවක්‌ පෙනෙන්නට තිබෙන නිසා ය.

හිපොපොට්‌මස්‌ ගෙන් පටන්ගෙන තල්මහ දක්‌වා පරිණාමය සිදු වූ ආකාරය ඔප්පු කිරීමට අවශ්‍ය ෆොසිල මගින් ලැබෙන සාක්‌ෂි අප්‍රිකාවෙන් සහ පකිස්‌තානයෙන් සොයාගෙන ඇත. මෙසේ සොයාගෙන ඇති ෆොසිලවල නම් පහත සඳහන් වේ.



මේ සත්වයන් ක්‍රමයෙන් පොළොව මත පරිසරයෙන් ජලය තුළ පරිසරයට සරිලන පරිදි වෙනස්‌ වී ඇති බව පෙන්වා දී ඇත. ඒ ලෙස ම පොළොව මතුපිට සිට ජලයට සංක්‍රමණය වූවා මිස විරුද්ධ අතට සංක්‍රමණය සිදු නො වුණු බව ද කාල නිර්ණය ක්‍රම මගින් එම ෆොසිලවල වයස සොයාගැනීමෙන් පැහැදිලි කරගෙන ඇත. ඉහත සඳහන් ෆොසිලවල ව්‍යqහය ඉතා ම  පැරැණි Archaeoectus නමැති තල්මහ ගේ ෆොසිලවල ව්‍යqහයට සමාන බව ද සොයාගෙන ඇත. මේ සත්ත්වයන් ගේ කන පෙදෙසේ අස්‌ථි ජලය තුළ දී ශබ්දය ඇසීම සඳහා වෙනස්‌ වී ඇති සැටි එම පරිණාමීය සංක්‍රමණය සිදු වූ බවට සාක්‌ෂි ලෙස පෙන්වා දී ඇත.

හිපොපොටේමස්‌ ගේ කිට්‌ටු ඥාතීන් වන්නේ තල්මහ පමණක්‌ නො වේ. ඩොල්ෆින් සහ සීල් යන ජලයේ ජීවත් වන සත්ත්වයන් ද හිපොපොටේමස්‌ ගෙන් පැවත එන සත්ත්වයන් වන්නේ ය. මේ බව ෆොසිලවලින් ලබාගන්නා සාක්‌ෂිවලින් පමණක්‌ නො ව අණුක ජාන විද්‍යාව (molecular genetics) මගින් ද ලබාගත් සාක්‌ෂිවලින් ඔප්පු කොට ඇත. Pezosiren නමැති ෆොසිලය ඇවිදින තල්මහ ලෙස හඳුන්වයි. හිපොපොටේමස්‌ සහ තල්මහ අතර හරිමැද සිටින සතා එම සතා විය හැකි ය. හිපොපොටේමස්‌ට ජලය පතුලේ පොළොව මත ඇවිදින්නට පුළුවන. උන් ගේ පැටවුන් උපදින්නේ ජලය තුළ ය. පැටවුන්ට ජලය තුළ කිරි උරා බොන්නට පුළුවන. මේ ලෙස ජීවත් වනවාට වඩා සම්පූර්ණයෙන් ජලයේ වාසය වඩා හොඳ විය හැකි බැවින් ඔවුන් ජලයේ ජීවිතයට සරිලන අන්දමට ටිකෙන් ටික වෙනස්‌ වී ඇති බව පෙනේ. තල්මහ ආශ්වාස ප්‍රශ්වාස කරන්නේ වාතය ය. ඔක්‌සිජන් ලබාගන්නේ වාතයෙනි. මත්ස්‍යයන් මෙන් ජලයෙන් නො වේ. තල්මහ පිහිනන්නේ මත්ස්‍යයන් මෙන් වල්ගය දෙපැත්තට පද්දමින් නො වේ. ඉහළ පහළ පද්දමින් ය. ඩොල්ෆින්, සීල්, ඔටර් යන සත්ත්වයන් ද පිහිනන්නේ ඒ ලෙස ය.

පොළොව මතුපිට සිට ජලයට පරිණාමය වූ තවත් සතකු වන්නේ මුහුදු කැස්‌බෑවා ය. මේ සතා පොළොවේ සිට ජලයටත් නැවතත් ආපසු ජලයේ සිට පොළොවටත් සංක්‍රමණය වූ බවට සාක්‌ෂි සොයාගෙන ඇත. මුහුදු කැස්‌බෑවා තල්මහ ලෙස සම්පූර්ණයෙන් ජලයට හුරු වි නැත. ඌ බිත්තර දමන්නට පොළොවට පැමිණෛ. කැස්‌බෑවා ද තල්මහ සේ වාතයෙන් ඔක්‌සිජන් ලබාගනී. කැස්‌බෑවා මෙලෙස ජලයේ සිට පොළොවටත් පොළොවේ සිට ජලයටත් කිහිප විටක්‌ සංක්‍රමණය වී ඇත්තේ ඇයි ද යන ප්‍රශ්නය පැනනගී. ඊට උත්තර සැපයීම එතරම් ලෙහෙසි නො වන්නේ ය. ආහාර සෙවීමට සතුරන් ගෙන් බේරීමට ආරක්‌ෂාවට වැනි හේතු ඉදිරිපත් කළ හැකි ය. පරිණාමය සිදු වන ආකාරය පිළිබඳව නැෙගන ප්‍රශ්නවලට උත්තර සැපයීමේ දී විද්‍යාඥයන් නිතර සොයන්නේ සත්ත්වයාට ඉන් ලැබෙන ප්‍රයෝජනය කුමක්‌ ද යන්න ය. ඔවුන් විශ්වයට ඉන් ලැබෙන ප්‍රයෝජනයක්‌ ගැන සිතා බලන්නේ නැත. අප ගේ මතවාදය මත පදනම් ව අප අසන ප්‍රශ්නය එය වන්නේ ය. පරිණාමය නිසා විශ්වයට ලැබෙන ප්‍රයෝජනය කුමක්‌ ද? පැහැදිලි ව ම පරිණාමය නිසා DNA, RNA, ප්‍රොaටීන අලුතින් නිෂ්පාදනය වන්නේ ය. විශ්වයට ලැබෙන ප්‍රයෝජනය මෙය වන්නේ ය. පරිණාමය නිසා DNA, RNA, ප්‍රොaටීන කෙතරම් වෙනස්‌ වී ඇත් දැයි අපි පසුව සොයා බලමු.

සැම පෘෂ්ඨවංශික (vertebrates) සත්ත්වයන් ගේ ම අස්‌ථි පද්ධතිය සෑදී ඇත්තේ එක ම මූලික සැලැස්‌මකට අනුව බව යෑයි ඉහත සඳහන් වී ඇත. එහෙත් එක්‌ එක්‌ සත්ත්ව වර්ගවල එක්‌ එක්‌ අස්‌ථි වෙනස්‌ වන්නට අවශ්‍ය ය. ඒ ලෙස ම ඉස්‌සා, පොකිරිස්‌සා වැනි සත්ත්වයන් ගේ බාහිර අස්‌ථි පද්ධතිය එක ම සැලැස්‌මකට නිර්මාණය වී ඇත. එහෙත් ඒ සතුන් ගේ ද එම පද්ධතියේ එක්‌ එක්‌ කොටස්‌ වෙනස්‌ ය. මෙලෙස ම මුළු ජීවී ලෝකයේ ම DNA කේතය (code) එක ම සැලැස්‌මකට සෑදී ඇත. එහෙත් එක්‌ එක්‌ වර්ගයා ගේ ජාන වෙනස්‌ ය. මින් පෙනී යන්නේ මුළු ජීවී ලෝකය ම පැවත එන්නේ එක්‌ පූර්වජයකු ගෙන් වන බව ය. එම මුල් පූර්වජයා ගෙන් සත්ත්ව, ශාක, දිලීර, බැක්‌ටීරියා, ආකියා, වයිරස්‌ යනුවෙන් අතු ඉති බෙදි පරිණාමය වීමෙන් ජීවී ලෝකය ඇති විය. ජානවල කේතය එක ම වුව ද එහි ලියවී තිබෙන පණිවිඩ ජීවී වර්ගවලට අනුව වෙනස්‌ ය. මෙලෙස කේතනය වී ඇති දේ අධ්‍යයනය කළ විට පෙනී යන්නේ ජීවී පරිණාම වෘක්‌ෂයට අතිශයින් සමාන ධුරාවලියක්‌ සැකසෙන බව ය. ජීවීන් ගේ ව්‍යqහයට අනුව සකසන පරිණාම වෘක්‌ෂයට අතිශයින් සමාන පරිණාම වෘක්‌ෂයක්‌ ජාන විද්‍යාව මගින් සකසාගත හැකි ය. එක සත්ත්වයකු වෙනත් සත්ත්වයකුට කොපමණ කිට්‌ටු දැයි සොයා ගැනීම සඳහා ව්‍යqහය පරීක්‌ෂා කරනවා මෙන් ජාන පරීක්‌ෂා කිරීම ද කළ හැකි ය. දෙවිදියෙන් ලැබෙන්නේ එක ම ප්‍රතිඑලයක්‌ නම් සාක්‌ෂිවල වටිනාකම වැඩි වන්නේ ය.

මිනිසා ගේ ජිනෝමය කියවා තේරුම්ගැනීමට අවුරුදු දහයක පමණ කාලයක්‌ ගත විය. නවීන ක්‍රම මගින් ඉතා කෙටි කාලයකින් මෙය සිදු කළ හැකි ය. සත්ත්ව වර්ගයක්‌ තවත් සත්ත්ව වර්ගයකට කොපමණ කිට්‌ටු ද යන්න සොයා බැලීමට සම්පූර්ණ ජිනෝමය කියවිය යුතු නැත. ඉන් කොටසක්‌ සාම්පලයක්‌ ලෙස භාවිත කළ හැකි ය. උදාහරණයක්‌ ලෙස මිනිසා සහ චිම්පන්සියා කෙතරම් කිට්‌ටු දැයි සොයා බැලීම මේ ලෙස සිදු කළ හැකි ය.

නවීන ක්‍රම සොයාගැනීමට පෙර මෙය සිදු කළේ ප්‍රතිශක්‌ති පද්ධතියේ (immune system) ආධාරයෙනි. එක්‌ සත්ත්ව වර්ගයක ප්‍රොaටීන් වෙනත් සත්ත්ව වර්ගයක ශරීරයට ඇතුළු කළ විට ප්‍රතිශක්‌ති පද්ධතිය ක්‍රියා කරන්නේ කෙසේ ද යන්න සොයා බැලීමෙන් සත්ත්ව වර්ග දෙක තෙරම් කිට්‌ටු දැයි සොයා බැලිය හැකි ය. ඇත්තෙන් ම මිනිසා සහ චිම්පන්සියා ඉතා කිට්‌ටු බව 1960 වර්ෂයේ දී Vincent Sarich සහ Allan Wilson කැලිෆොaනියා විශ්වවිද්‍යාලයේ දී සොයා ගත්තේ මේ ක්‍රමය භාවිත කොට ය. එසේ ම මෙලෙස සත්ත්ව ඥාතිත්වය සොයාගැනීම සඳහා භාවිත කරන තවත් ක්‍රමයක්‌ වන්නේ DNA දෙමුහුම් ක්‍රමය ය. (DNA Hybridization). එම ක්‍රමය පහත සඳහන් ය. DNA උණු කළ විට උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 85 දී පමණ ද්විත්ව හිලික්‌සිය දෙකට බෙදේ. නැවත ශීතල කළ විට ළගින් තිබෙන තනි හිලික්‌සියක්‌ සමග එකතු වී ද්විත්ව හීලික්‌සියක්‌ තැනේ. සත්ත්ව වර්ග දෙකක DNA මිශ්‍රණයක්‌ මේ ලෙස උණු කොට නැවත ශීතල කළ විට වෙන් වූ හීලික්‌ස වැලක්‌ වෙනත් සත්ත්ව වර්ගයක DNA තනි හීලික්‌ස වැලක්‌ සමග එකතු විය හැකි ය. මෙසේ එකතු වූ ද්විත්ව හීලික්‌ස නැවත උණු කළ විට වෙන් වන්නේ අඩු උෂ්ණත්වයක දී ය. එසේ වන්නේ එකතු වූ හීලික්‌ස වැල් දෙක සත්ත්ව වර්ග දෙකකට අයත් නිසා ය. ඥතිත්වයෙන් කිට්‌ටු වූ තරමට එසේ එකතු වන වැල් දෙක අතර බන්ධනය ශක්‌තිමත් ය. එවිට ඒවා වෙන් කිරීමට අවශ්‍ය උෂ්ණත්වය වැඩි ය. උෂ්ණත්වය සෙන්ටිගේ්‍රඩ් 85 සිට අංශක එකක්‌ පහළ උෂ්ණත්වයේ දී ද්විත්ව හීලික්‌සිය වෙන් වේ නම් එම DNA අයිති සත්ත්ව වර්ග දෙක අතර 1%ක DNA සමානත්වයේ අඩු වීමක්‌ ඇතැයි ගණන් බලා ඇත. මිනිසා සහ චිම්පන්සියා ගේ DNA අතර 98%‍ර සමානත්වයක්‌ ඇතැයි ගණන් බලා ඇත්තේ මේ ක්‍රමය භාවිත කොට ය.

මේ සඳහා යොදාගන්නා නවීන ක්‍රම පිළිබඳව ඉදිරි ලිපිවල සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග DSc