logo3.gif (702 bytes)

HOME


ජීවිතයේ අරුත පිළිබඳ විද්‍යාත්මක සහ දාර්ශනික සාකච්ඡා - 17

අප සාකච්ඡා කරමින් සිටින්නේ ජීවිතයේ අරුත පිළිබඳ විද්‍යාවෙන් සහ දර්ශනයෙන් ලබාගත හැකි කරුණු ය. කවදත් කොතැනත් තිබුණේ එකම විද්‍යාව යන්න පෙන්වා දුන් අප තැත් කරන්නේ බටහිර මතවාද පරාද කිරීමට ය. බටහිර විද්‍යාව යනුවෙන් විද්‍යාවක්‌ තිබිය නොහැකි බව පෙන්වා දුන් අප තැත් කරන්නේ බටහිර මතවාදයක්‌ වන දෙවියන් විශ්වය මැව්වේ මිනිසා ගේ ප්‍රයෝජනය පිණිස යන්න බොරුවක්‌ බව පෙන්වා දීමට ය. ඊට විරුද්ධ මතය වන මිනිසා නිර්මාණය වී ඇත්තේ විශ්වයේ ප්‍රයෝජනයට බව අපගේ මතවාදයේ පදනම වන්නේ ය. ජීවිතයේ අරමුණු කියා දුන් බුදුහු ජීවිතයේ අරුත කියා නුදුන් සේක. නිවන ජීවිතයේ අරමුණ මිස අරුත නො වේ. විශ්වය පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට බුදුන් උනන්දු වුයේ නැත. උන්වහන්සේ පවසා සිටියේ ඒ ගැන සිතනවාට වඩා අවශ්‍ය වන්නේ අපේ ශරීරයට ඇතුළු වූ තෘෂ්ණාව, ක්‍රෝධය, මෝඩකම නමැති විස පෙවූ ඊතලය ගලවා දැමීම බව ය. එම ඊතලය විද්දේ කවුද? එය සෑදුවේ කවුද? යනාදි වශයෙන් ප්‍රශ්න නො ඇසිය යුතු ය. එහෙත් ජීවිතයේ අරුත සාකච්ඡා කිරීමේ දී විශ්වය පිළිබඳ ප්‍රශ්නය සාකච්ඡා කළ යුතු ව ඇත. බුදුන්වහන්සේට මේ ප්‍රශ්න වටිනාකමින් අඩු බව පෙනී ගියේ ය. මිනිසා ගේ දුක නැති කරගැනීම ඊට වඩා වටිනා බව උන්වහන්සේ සිතූ සේක. තෘෂ්ණාව දුකට හේතුව බව බුදුහු පැවසූ හ. තෘෂ්ණාව විසින් මිනිසා වහලකු ලෙස විශ්වයට සේවය කිරීමට බැඳ තබා ඇති බව අපි පවසමු. ඉන් මිදෙන අන්දම නිවන් මාර්ගය වන්නේ ය. නිවන ජීවිතයේ අරුත නො වන්නේ ය. නිවන තෘෂ්ණාව නමැති මිනිසා ගේ මානසික බන්ධනය නැති කරන්නේ ය. අවශ්‍ය නම් එය අප ගේ උතුම් වූ අරමුණ කරගත හැකි ය. අප කළ යුත්තේ එය ය. එහෙත් පෘථග්ජන අප කරන්නේ තෘෂ්ණාවේ පෙලඹවීම නිසා නව මතවාද සොයා යැම ය.

පසුගිය ලිපියේ අපි ජීවී පරිණාමයට අදාළ ෆොසිල, භූ ගර්භයේ පාෂාණ, ඒවායේ වයස සොයාගැනීම යනාදිය පිළිබඳව සාකච්ඡා කළෙමු. ඒවායේ කාල නිර්ණය කිරීම පිණිස භාවිත වන විකිරණශීලී සමස්‌ථානික (radioactive isotope) ක්‍ර්‍ර්‍රමය පිළිබඳ කෙටි සටහනක්‌ තැබුවෙමු. මෙය විස්‌තර වශයෙන් පැහැදිලි කළ යුතු ව ඇත. පළමුව සමස්‌ථානික යන්නෙන් හැඳින්වන්නේ කුමක්‌ දැයි සොයා බලමු. මෙය ආවර්තිතා චක්‍ර්‍ර්‍රයේ මුලද්‍රව්‍යවලට හිමි ස්‌ථානය පිළිබඳ කරුණකි. අණුවක න්‍යෂ්ටියේ ඇත්තේ න්‍යqට්‍රේ‍ර්‍රන සහ ප්‍රේ‍ර්‍රටෝන බව අපි දනිමු. මූලද්‍රව්‍ය අණුවක ඇති ප්‍රොaටෝන සංඛ්‍යාව එම මූලද්‍රව්‍යයට ආවේණික ය. එම සංඛ්‍යාව එම මූලද්‍රව්‍යයේ පරමාණුක ක්‍රමාංකය (atomic number) ලෙස සැලකේ. එම ක්‍රමාංකය විසින් එම මූලද්‍රව්‍යය ආවර්තිතා වගුවේ කුමන ස්‌ථානයක්‌ ගනී දැයි නිගමනය කරනු ලබන්නේ ය. හයිඩ්‍රජන්වල ඇත්තේ එක ප්‍රොaටෝනයක්‌ නිසා එහි පරමාණුක ක්‍රමාංකය 1 වන්නේ ය. එම නිසා ආවර්තිතා වගුව ආරම්භ කරන්නේ හයිඩ්‍රජන්වලිනි. දෙවැනියා හීලියම් ය. 92 වැනියා යුරේනියම් ය. මූලද්‍රව්‍යයේ ගුණාංග නිගමනය වන්නේ මූලිකව මේ ප්‍රේ‍ර්‍රdටෝන සංඛ්‍යාව මගිනි. එය වෙනස්‌ වූවොත් එම මූලද්‍රව්‍ය වෙනත් මූලද්‍රව්‍යයක්‌ බවට හැරේ. සාමාන්‍යයෙන් ප්‍රොaටෝන සහ න්‍යqට්‍රොaන සංඛ්‍යාව සමාන ය. එහෙත් මූලද්‍රව්‍යයක න්‍යqට්‍රොaන සංඛ්‍යාව වෙනස්‌ වී තිබෙන්නට පුළුවන. එසේ වෙනස්‌ වූ න්‍යqට්‍රොaන සංඛ්‍යාවක්‌ සහිත පරමාණුවලින් සමන්විත මූලද්‍රව්‍යයක්‌ සමස්‌ථානික (isotope) ලෙස හැඳින්වේ. ඒවා ආවර්තිතා වගුවේ එක ම ස්‌ථානය ගන්නා බැවින් සමස්‌ථානික ලෙස හැඳින්වේ. එක්‌ එක්‌ මූලද්‍රව්‍යවල සමස්‌ථානිකයන් සංඛ්‍යාවක්‌ තිබිය හැකි ය. ෆ්ලෝරීන්වල ඇත්තේ එක්‌ සමස්‌ථානිකයකි. ඊයම්වල පහකි. කාබන්වල තුනකි.

සමහර සමස්‌ථානික ස්‌ථාවර ය, සමහරක්‌ අස්‌ථාවර ය. ඊයම්වල Pb-202 (ස්‌කන්ධ ක්‍රාමංකය) අස්‌ථාවර ය. Pb-204ල Pb-206ල Pb-207 සහ Pb-208 ස්‌ථාවර ය. අස්‌ථාවර යනු එම මූලද්‍රව්‍ය විකිරණශීලී ක්‌ෂය (radioactive decay) වීමට භාජන වීම ය. එය සිදු විය හැකි ආකාර කිහිපයකි. න්‍යqට්‍රොaනයක්‌ ප්‍රොaටෝනයක්‌ බවට පත් විය හැකි ය. එවිට එම මූලද්‍රව්‍යයේ පරමාණුවක ඇති ප්‍රොaටෝන සංඛ්‍යාව වැඩි වේ. එවිට එය වෙනත් මූලද්‍රව්‍යයක්‌ බවට පත් වේ. ප්‍රොaටෝනයක්‌ න්‍යqට්‍රොaනයක්‌ බවට පත් විය හැකි ය. එවිට ප්‍රොaටෝන සංඛ්‍යාව අඩු වේ. මේ ලෙසින් ද විකිරණශීලී ක්‌ෂය වීම සිදු විය හැකි ය. එවිට ද එම මූලද්‍රව්‍ය වෙනත් එකක්‌ බවට පත් වේ. ප්‍රොaටෝන සංඛ්‍යාව වැඩි වූ විට එම මූලද්‍රව්‍ය වෙනස්‌ වන්නේ ආවර්තිsතා වගුවේ ඊට ඉහළින් තිබෙන මූලද්‍රව්‍ය ලෙස ය. අඩු වූ විට පහතට වැටේ. උදා(සෝඩියම් - 24, මැග්නීසියම් - 24 දක්‌වා අඩු වූ විට පහළින් තිබෙන මූලද්‍රව්‍ය ලෙස වෙනස්‌ වේ. න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවල දී ද විකිරණශීලී ක්‌ෂය වීම සිදු විය හැකි ය. උදාහරණයක්‌ ලෙස න්‍යqට්‍රොaනයක්‌ න්‍යෂ්ටිය මත පතිත වූ විට ප්‍රොaටෝනයක්‌ ගැලවී ගොස්‌ එම ස්‌ථානය න්‍යqට්‍රොaනය ලබාගනී. එවිට ප්‍රොaටෝන සංඛ්‍යාව අඩුවේ. මූලද්‍රව්‍ය චක්‍රයේ එක ස්‌ථානයක්‌ පහළට වැටී වෙනත් මූලද්‍රව්‍යයක්‌ බවට පත් වේ. මෙය සිදු වන තවත් ආකාරයක්‌ වන්නේ පරමාණුවක්‌ විසින් ඇල්µd අංශුවක්‌ (alpha particle) එළියට දමනු ලැබීමේ දී ය. ඇල්µd අංශුවක ප්‍රොaටෝන දෙකක්‌ සහ න්‍යqට්‍රොaන දෙකක්‌ එකට බැඳී ඇත. එවිට එම මූලද්‍රව්‍යය වගුවේ ස්‌ථාන දෙකකට පහළ සිටින මූලද්‍රව්‍ය බවට පත් වේ. උදාහරණයක්‌ ලෙස යුරේනියම් - 238, තෝරියම් - 234 බවට වෙනස්‌ වීම පෙන්විය හැකි ය.

විකිරණශීලී සමස්‌ථානිකයන් ක්‌ෂය වීම සිදු වන වේගය වෙනස්‌ ය. එමෙන් ම එම වේගය සමස්‌ථානිකවලට ආවේණික ය. එසේ ම එම ක්‍රියාදාමය ඝාතීය (exponential) වන්නේ ය. ඝාතීය යනුවෙන් මෙතැන තේරුම වන්නේ ග්‍රෑම් 100කින් පටත්ගත් විට එක්‌ කාල සීමාවක දී ග්‍රෑම් 10ක්‌ ක්‌ෂය වන බව නො ව මුල තිබූ ප්‍රමාණයෙන් යම්කිසි අනුපාතික ප්‍රමාණයක්‌ ක්‌ෂය වන බවයි. එම නිසා මේ ක්‌ෂය වීම මැනීමට අර්ධ ආයු කාලය (half life) නමැති ක්‍රමය භාවිත වේ. එහි තේරුම වන්නේ මුල දී තිබූ ප්‍රමාණයෙන් අර්ධයක්‌ ක්‌ෂය වීමට ගත වන කාලයයි. නැතිනම් මුල දී තිබූ පරමාණු සංඛ්‍යාවෙන් අර්ධයක්‌ ක්‌ෂය වීමට ගත වන කාලයයි. මෙලෙස ගණනය කිරීමේ දී මුලින් කොපමණ සංඛ්‍යාවක්‌ ක්‌ෂය වී තිබුණත් එතැන සිට අර්ධයක්‌ ක්‌ෂය වන්නට යන කාලය වෙනස්‌ නො වන්නේ ය. මෙය පහදා දීමට වෑයම් කරමු. එක ගොඩක යම්කිසි මූලද්‍රව්‍ය පරමාණු 100ක්‌ ද, තවත් ගොඩක එම මූලද්‍රව්‍යයේ ම පරමාණු 200ක්‌ ද ඇතැයි සිතමු. මේ ගොඩවල් දෙකෙන් 10 බැගින් ක්‌ෂය වන්නට ගත වන කාලය සමාන නැත. එහෙත් 100ක්‌ තිබෙන ගොඩෙන් 50ක්‌ ද, 200ක්‌ තිබෙන ගොඩෙන් 100ක්‌ ද ක්‌ෂය වන්නට යන කාලය සමාන ය.

මූලද්‍රව්‍යවල අර්ධ ආයු කාලය අතිශය ලෙස වෙනස්‌ ය. උදාහරණයක්‌ ලෙස රුබිඩියම් - 87හි අර්ධ ආයුෂ අවුරුදු බිලියන 49කි. ෆර්මියම් - 244හි එය මිලිතත්පර 3.3කි. කාබන් - 15හි එය තත්පර 2.4කි. එහෙත් කාබන් - 14හි එය අවුරුදු 5730කි. එම නිසා කාබන් - 14, කාල නිර්ණය සඳහා භාවිත කළ හැකි ය. පොටෑසියම් - 40හි අර්ධ ආයුෂ අවුරුදු බිලියන 1.26කි. එම නිසා එම මූලද්‍රව්‍ය සමස්‌ථානිකය පරිණාම අධ්‍යයනයට අවශ්‍ය කාලනිර්ණය සඳහා ඉතා සුදුසු ය. මේ මූලද්‍රව්‍ය එනම් පොටෑසියම් - 40 තිබෙන පාෂාණ, පර්වත, ගල් මේ ලෙසින් කාල නිර්ණය කළ හැකි ය. පොටෑසියම් - 40 තිබෙන පාෂාණ ද්‍රව්‍යයක්‌ වන්නේ ආග්නේය පාෂාණ ය. (igneous rock). ආග්නේය පාෂාණ සෑදෙන්නේ ගිනි කඳු තුළ ලෝදිය බවට හැරෙන පාෂාණ සිසිල් වීමේ දී ය. මේවා තුළ තිබෙන ද්‍රව්‍යවල පොටෑසියම් තිබේ. ඒ අතර විකිරණශීලී පොටෑසියම් - 40 ද තිබෙන්නට පුළුවන. මේ පොටෑසියම් විකිරණශීලී ක්‌ෂය වීමට භාජන වීමේ දී අලුතින් සෑදෙන්නේ ආර්ගන් - 40 වන්නේ ය. (Argon - 40)ග එහෙත් ආග්නේය පාෂාණ සෑදෙන විට ඒ තුළ ආර්ගන් - 40 ඇත්තේ නැත. එය අලුතෙන් සෑදෙන්නේ ය. මේ නිසා කාලනිර්ණය බිංදුවේ සිට ආරම්භ කරන්නට පුළුවන. පොටෑසියම් - 40 නොමැති පාෂාණ ආදි ද්‍රව්‍යවල කාලනිර්ණය මේ ලෙසින් කළ නොහැකි ය. ආග්නේය පාෂාණ කැබැල්ලක කාල නිර්ණය කිරීමට කළ යුත්තේ එහි ඇති පොටෑසියම් - 40 ප්‍රමාණය සහ ආර්ගන් - 40 ප්‍රමාණය සොයාගැනීම ය. එවිට ඒ මූලද්‍රව්‍ය ප්‍රමාණවල අනුපාතය සොයාගත හැකි ය. පොටෑසියම් - 40යේ අර්ධ ආයුෂ එනම් එහි ප්‍රමාණය භාගය දක්‌වා ක්‌ෂය වීමට ගත වන කාලය දන්නා බැවින් කෙතරම් කලක්‌ එම පාෂාණ කැබැල්ලේ තිබුණු පොටෑසියම් - 40 ක්‌ෂය වෙමින් තිබුණේ දැයි සොයාගත හැකි ය. පාෂාණ මුලට ම සෑදුණු අවස්‌ථාවේ ආර්ගන් - 40 එය තුළ නො තිබිණි. එම නිසා විකිරණශීලී ක්‌ෂය වීම ආරම්භ වන්නේ පාෂාණය සෑදුණු වේලාවේ සිට ය. පාෂාණයේ ඇති ආර්ගන් - 40 ප්‍රමාණය පාෂාණය සෑදුණු වේලාවේ සිට එය මිනුම්කරණ වේලාව දක්‌වා ක්‌ෂය වීමේ හේතුවෙන් අලුතින් සෑදුණු ප්‍රමාණය වන්නේ ය. එම ප්‍රමාණය සෑදීමට ගත වූ කාලය සොයාගත හැකි ය. එම කාලය පාෂාණයේ වයස බව පැහැදිලි විය යුතු ය.

උදාහරණයක්‌ යොදාගෙන එය තවත් පැහැදිලි කර ගනිමු. ආග්නේය පාෂාණ කැබැල්ලක්‌ තුළ තිබෙන පොටෑසියම් - 40හි අර්ධ ආයුෂ අවුරුදු බිලියන 1.26 වන බව දන්නේ ය. ඒ කියන්නේ පොටෑසියම් - 40 ( ආර්ගන් - 40 අනුපාතය 1(1 යන අවස්‌ථාවට පාෂාණය පැමිණෙන්නේ පාෂාණයේ වයස අවුරුදු බිලියන 1(26 වන විට ය.

පාෂානයේ පොටෑසියම් - 40 ආර්ගන් - 40 අනුපාතය සොයාගත් විට එය 6(1 යෑයි සිතමු. පාෂාණයේ වයස x නම් පහත සඳහන් සමීකරණය ලබාගෙන එය විසඳිය හැකි ය.



පාෂාණයේ වයස අවුරුදු බිලියන 0.21 වන බව පැහැදිලි ය.

ප්‍රශ්නය විසඳී හමාර නැත. මක්‌නිසා ද ඉහත සඳහන් ආග්නේය පාෂාණවල ෆොසිල තැන්පත් වන්නේ නැත. ඒවා තැන්පත් වන්නේ මුහුදු, වැව්, මෝයවල පතුලේ කාලයක්‌ තිස්‌සේ එකතු වී සම්පිණ්‌ඩනය වූ රොන් මඩවලින් සෑදෙන හුණු ගල් සහ වැලිගල් තුළ ය. (Limestone, sand stone). එහෙත් හුණුගල් සහ වැලිගල් සෑදෙන ක්‍රමය ආග්නේය ගල් සෑදෙන ක්‍රමයෙන් වෙනස්‌ නිසා ඒවා සෑදෙන විට ඒ තුළ තිබිය හැකි ආර්ගන් - 40 බිංදුව දක්‌වා පහත වැටෙන්නේ නැත. එම නිසා හුණුගල් හෝ වැලිගල්වල ෆොසිල සෑදෙන විට තිබූ ආර්ගන් - 40 ප්‍රමාණය නො දන්නේ ය. ආග්නේය ගල් සෑදෙන විට එහි තිබෙන ආර්ගන් - 40 ප්‍රමාණය බිංදුව බව දන්නේ ආග්නේය ගල් සෑදෙන විට ආර්ගන් - 40 බිංදුවට වැටෙන නිසා ය. මේ නිසා ආග්නේය ගල්වල පොටෑසියම් - 40 ( ආර්ගන් - 40 අනුපාතය සොයාගත් විට එම අනුපාතය ගලේ වයස සෙවීමට යොදාගත හැකි ය. එහෙත් ෆොසිල සෑදෙන්නේ හුණුගල් සහ වැලිගල් තුළ ය. ඒවායේ වයස මේ ක්‍රමයෙන් සොයාගත නොහැකි ය. එසේ නම් මේ ප්‍රශ්නය විසඳිය හැක්‌කේ කෙසේ ද? එය පහදා දීම සඳහා පළමුව පාෂාණ ගැන පැහැදිලි කිරීමක්‌ කළ යුතු ය. රොන්මඩ එකතු වී සම්පිණ්‌ඩනය වී සෑදෙන පාෂාණ ගල් ස්‌ථර තට්‌ටු පෘථිවියේ කොතැනත් එක අනුපිළිවෙළකට සැකසී ඇති බව සොයාගෙන ඇත. මේවායේ එක්‌ එක්‌ තට්‌ටුව ඒ අන්දමට පතුලේ සිට ඉහළට සෑදුණු කාල වකවානු සොයාගත හැකි ය. පතුලේ ම තිබෙන තට්‌ටුව වයසින් වැඩි ය. ඉහළට තිබෙන තට්‌ටුව ළඟ දී සෑදුණු තට්‌ටුවකි. එම තට්‌ටුවල තිබෙන ආග්නේය ගල්වල කාල නිර්ණය කරගැනීමෙන් එම තට්‌ටු මොන කාලයට අයත් දැයි සොයාගත හැකි ය. මේ තට්‌ටු හැඳින්වෙන්නේ Cambrian, Ordovician, Devonian, Jurassi, Creataceous, Eocene, Olegocene, Mocene ආදි වශයෙනි. මේ පාෂාණ තට්‌ටු පෘථිවියේ කොහෙත් ඇත්තේ උඩ සිට යටට එක ම අනුපිළිවෙළකට ය. තව ද මේ ස්‌ථරවල තිබී හමු වන ෆොසිල වර්ග පෘථිවියේ සැම තැන ම පාහේ සමාන වන්නේ ය. එක ස්‌ථරයක්‌ ගත් විට එහි තුළ තිබිය හැකි ෆොසිල මොන වර්ගයට අයත් දැයි පූර්වකථනය කළ හැකි ය. එලෙස එම ෆොසිල මොන කාල වකවානුවට අයත් දැයි සොයාගත හැකි ය. ක්‍ෂීරපායි වර්ගය ඇත්තේ මොන ස්‌ථරයේ ද? උභයජීවීන් ඇත්තේ මොන ස්‌ථරයේ ද? ආදී වශයෙනි. මෙලෙස එක්‌ එක්‌ ජීවී වර්ග අවශ්‍ය නම් ශාක ඇතුළුව එක්‌ එක්‌ ස්‌ථරවල තැන්පත් වී ඇති බව සොයාගෙන ඇත. එක ස්‌ථරයකට අයත් වන ජීවීන් ගේ ෆොසිල වෙනත් ස්‌ථරයක කවදා වත් සොයාගෙන නැත. මෙලෙස ස්‌ථරවල තැන්පත් වී සිටින සත්ත්ව ෆොසිල අනුපිළිවෙළ පරිණාමයේ අනුපිළිවෙළට ඉතා සමාන ය. පතුලේ තිබෙන ස්‌ථරයේ සිට උඩ ම තිබෙන ස්‌ථරයේ ඇති ෆොසිලවල කාල වකවානුවලට අනුව සෑදෙන අනුපිළිවෙළ ජීවී පරිණාම වෘක්‌ෂයේ ජීවීන් ගේ අනුපිළිවෙළට ඉතා සමාන ය. මින් ඔප්පු වන්නේ ජීව පරිණාමය නමැති මතවාදය වන්නේ ය. කවදා හෝ ක්‍ෂීරපායි වර්ගයට අයත් සත්ත්ව ෆොසිලයක්‌ Cambrian ස්‌ථරයක තිබි සොයාගැනුණොත් එම මතවාදය බොරුවක්‌ වන්නේ ය. එම නිසා එම මතවාදය අසත්‍යකරණයට භාජන කිරීමට හැකි මතවාදයකි. එම නිසා එය කාල් පොපර්ට (Karl Popper 1902-1994) අනුව විද්‍යාත්මක ය. එම මතවාදය බොරු නම් එය බොරුවක්‌ බව ඔප්පු කළ හැකි ය. විද්‍යාව සහ අවිද්‍යාව වෙන් කර හඳුනාගන්නා අසත්‍යකරණය නමැති පොපර් ගේ සංකල්පය මෙලෙස යොදාගනිමු. සමහර බොරු බොරුවක්‌ යෑයි ඔප්පු කළ හැකි ක්‍රමයක්‌ නැත. එවැනි බොරු අවිද්‍යාවට අයත් වන්නේ ය. පොටෑසියම්-ආගන් යොදාගෙන ෆොසිලවල වයස සොයාගන්නේ ඒ ලෙස ය.

පොටෑසියම් - ආගන් ඔරලෝසුව හැරුණු විට විද්‍යාඥයින් කාල නිර්ණය සඳහා භාවිත කරන තවත් එවැනි විකිරණශීලී සමස්‌ථානික ක්‍රම බොහොමයකි. පෘථිවියේ තිබෙන මූලද්‍රව්‍යවලින් ස්‌ථාවර සමස්‌ථානික 150ක්‌ ඇත. අස්‌ථාවර ඒවා 158කි. අස්‌ථාවර ඒවායින් 121ක්‌ ක්‌ෂය වී හමාර ය. එහෙත් අලුතින් සෑදෙන නිසා සමහරක්‌ තවමත් පවතී. නැති වී ගිය සමස්‌ථානික 121හි අර්ධ ආයුෂ අවුරුදු මිලියන 200ට අඩුය. නැති වී නො ගිය 37හි අර්ධ ආයුෂ අවුරුදු මිලියන 700ට වැඩි ය. පෘථිවියේ වයසින් 10්‍ර වඩා අඩු අර්ධ ආයුෂ ඇති සමස්‌ථානික ක්‌ෂය වී හමාර ය. එහෙත් විශේෂ හේතු නිසා තවමත් පවතින එවැනි සමස්‌ථානිකයන් ඇත. කාබන් - 14 එවැනි මූලද්‍රව්‍යයකි. විශේෂ හේතුව වන්නේ එය නිතර ම අලුතින් නිෂ්පාදනය වන බව ය. මේ ක්‍රියාදාමය හොඳින් අවබෝධ කරගැනීම වැදගත් වන්නේ කාල නිර්ණය සඳහා පමණක්‌ නො වේ. ජීවීන් ගේ පැවැත්ම සහ කාබන් චක්‍රය වටහාගැනීමට එය වැදගත් ය.

එම නිසා කාබන් චක්‍රය ගැන වචනයක්‌ සඳහන් කර සිටිමු. පෘථිවියේ ජීවින්ට නැති ව ම බැරි මූලද්‍රව්‍ය වන්නේ කාබන් ය. එය එසේ වන්නේ වෙනත් මූලද්‍රව්‍ය සමඟ නොයෙකුත් දම්වැල්, වළලු වැනි සංකීර්ණ අණුක ව්‍යqහයන් සෑදීමට කාබන්වලට ඇති හැකියාව නිසා ය.

ආහාර දාමය තුළට කාබන් ඇතුළු වන්නේ හරිතපත්‍ර ලවයන් තිබෙන ශාක විසින් වායුගෝලයේ තිබෙන කාබන්ඩයොක්‌සයිඩ් උරාගෙන හිරු එළියෙන් ශක්‌තිය ලබාගෙන ප්‍රභාසංශ්ලේෂණය මගින් කාබොහයිඩේ්‍රට්‌ සාදාගැනීමෙනි. ජීවීන්ට අවශ්‍ය කාබන් ලබාගැනීමට වෙනත් ක්‍රමයක්‌ නැත. එම නිසා ය සත්ත්වයන් ජලයේ සිට ගොඩබිමට ඒමට පෙර ශාක ගොඩබිමට පැමිණියේ. මේ බව කාල නිර්ණය මාර්ගයෙන් සහ වෙනත් ක්‍රමවලින් ඔප්පු කළ හැකි ය. ජිවීන් මෙසේ ලබාගන්නා කාබන් නැවතත් වායුගෝලයට මුදාහැරීමෙන් කාබන් ප්‍රතිචක්‍රීකරණය සිදු වේ. කාබන් නැවතත් වායුගෝලයට මුදා හැරෙන්නේ ජීවීන් ප්‍රශ්වාස කරන විට ය. තව ද මළපහ සහ ජීවීන් ගේ මළ සිරුරු ශාක කොටස්‌ දිරාපත් වීමේ දී කාබන්ඩයොක්‌සයිඩ් ලෙස කාබන් වායුගෝලයට එක්‌ වේ.

වායුගෝලයේ ඇති
CO2වල ඇති කාබන්වලින් විශාල ප්‍රමාණයක්‌ කාබන් - 12 ය. එය විකිරණශීලී නො වේ. එහෙත් කාබන් අනු ටි්‍රලියනයකින් එකක්‌ පමණ කාබන් - 14 වන්නේ ය. එය විකිරණශීලී වන අතර එහි අර්ධ ආයුෂ අවුරුදු 5730ක්‌ වැනි කෙටි කාලයකි. එය ක්‌ෂය වන්නේ නයිට්‍රජන් - 14 ලෙස ය. ශාක කාබන් ලබාගැනීමේ දී මේ දෙක අතර වෙනසක්‌ නො පෙන්වයි. කාබන් වර්ග දෙක ම වායුගෝලයේ පවතින අනුපාතයට අනුව ලබාගනියි. මේ අනුපාතයට අනුව ම ආහාර දාමයට ඇතුළු වූ කාබන් මුළු සත්ත්ව ලෝකය පුරා පැතිරෙන්නේ ය. ජීවත් වන සත්ත්වයන් ගේ ශරීරය තුළ මේ අනුපාතය සැම විට වායුගෝලයේ අනුපාතයට සමාන ව පවතින්නේ අලුතින් කාබන් - 14 ආහාර සමග එකතු වන නිසා ය. සත්ත්වයකු මරණයට පත් වූ විට අලුතින් ලැබෙන කාබන් - 14 නො ලැබී යන්නේ ය. ඊට පසු කාබන් - 12 ( කාබන් - 14 අනුපාතයේ වෙනස්‌ වීම සිදු වන්නේ කාබන් -14 ක්‌ෂය වන නුමුදු අලුතින් එකතු නො වන නිසා ය. මළ සිරුරේ කාබන් - 12 ( කාබන් - 14 අනුපාතය සොයාගත් විට සත්ත්වයා මරණයට පත් වූ කාල වකවානුව සොයාගත හැකි ය.

කාබන් - 14වල ඇත්තේ කෙටි අර්ධ ආයු ප්‍රමාණයක්‌ නිසා එය පෘථිවියෙන් නැති වී යා හැකි ය. එහෙත් එසේ නො වී තිබෙන්නේ අලුතින් එම මූලද්‍රව්‍ය නිෂ්පාදනය වන නිසා ය. මෙය සිදු වන්නේ මෙසේ ය. අභ්‍යවකාශයෙන් පැමිණෙන විකිරණ විසින් වායුගෝලයේ තිබෙන අණුවලින් න්‍යqට්‍රොaන ගලවා දැමෙයි. මෙසේ ගැලවුණු න්‍යqට්‍රොaන වායුගෝලයේ බෙහෙවින් ඇති නයිට්‍රජන් වායුවේ න්‍යෂ්ටිය මත පතිත වේ. එවිට එහි ඇති එක ප්‍රොaටෝනයක්‌ න්‍යqට්‍රොaනයක්‌ බවට පත් වේ. එවිට නයිට්‍රජන් කාබන් බවට පත් වේ. නයිට්‍රජන්වල ස්‌කන්ධ ක්‍රමාංකය කාබන් - 14වල මෙන් 14 ය. වෙනසකට ඇත්තේ කාබන් -14හි ප්‍රොaටෝන 6ක්‌ සහ න්‍යqට්‍රොaන 8ක්‌ තිබෙන අතර නයිට්‍රජන් - 14හි ප්‍රොaටෝන 7ක්‌ සහ න්‍යqට්‍රොaන 7කි. නයිට්‍රජන්වල න්‍යqට්‍රොaන සංඛ්‍යාව 8 සහ ප්‍රොaටෝන සංඛ්‍යාව 6ක්‌ බවට ඝට්‌ඨනය නිසා වෙනස්‌ වූ විට අලුතින් කාබන් - 14 නිෂ්පාදනය වේ. එවිට වායුගෝලයේ ඇති කාබන්ඩයොක්‌සයිඩ් වායුවේ තිබෙන කාබන් - 14 සමස්‌ථානිකයේ අනුපාතය වෙනස්‌ නො වී පවතී. මේ නිසා කාබන් කාල නිර්ණය ක්‍රමය භාවිත කරන්නට හැකි වී තිබේ. පෙර කාලයේ මේ සඳහා කාබනික ද්‍රව්‍ය සෑහෙන ප්‍රමාණයක්‌ අවශ්‍ය විය. දැන් කාලයේ නවීන තාක්‌ෂණික ක්‍රම නිසා ඉතා ස්‌වල්ප කාබනික ද්‍රව්‍ය ප්‍රමාණයක්‌ වුව ද කාල නිර්ණය සඳහා සෑහෙන්නේ ය.

කාබන් -14 යොදාගනිමින් ජීව පරිණාමය පිළිබඳව සොයාගත් තොරතුරු ඉදිරි ලිපිවල සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග DSc