logo3.gif (702 bytes)

HOME


ජීවිතේ අරුත පිළිබඳ විද්‍යාත්මක සහ දාර්ශනික සාකච්ජා - 14

අප සාකච්ජා කරමින් සිටින්නේ ජීවිතයේ අරුත පිළිබඳව විද්‍යාවෙන් සහ දර්ශනයෙන් ගත හැකි කරුණු ය. අප ගේ මතවාදය වන්නේ ජීවිතයේ අරුත අප සඳහා සැකසුණු එකක්‌ නො ව විශ්වයේ ක්‍රියාදාමය සඳහා සැකසුණු එකක්‌ විය හැකි බව ය. මා එසේ පවසන්නේ අප ගේ ව්‍යqහය, ඤාණය, හැඟීම්, හැකියාව යන සියල්ල නිර්මාණය වී තිබෙන්නේ DNA, RNA, ප්‍රොaටීන දියුණු කරමින් නිෂ්පාදනය කිරීම පණිස වන නිසා ය. මෙහි වෙන අරුතක්‌ තිබිය නොහැකි ය. මක්‌ නිසා ද ඒවා නිෂ්පාදනය කොට ඒවා ඉතිරි කොට අප මරණයට පත් වන හෙයිනි. මේ මතවාදය බටහිර මතවාදවලට කිසිසේත් ම සමාන නො වන්නේ ය. එය මා විසින් නිර්මාණය කෙරෙන මතවාදයකි. බටහිර මතවාද යුදෙව් ක්‍රිස්‌තියානි ධර්මය මත පදනම් වූ මතවාද වන්නේ ය. විශ්වය දෙවියන් විසින් නිර්මාණය කෙරී ඇත්තේ මිනිසා සඳහා බව එම ධර්මය පවසයි. මා ඉදිරිපත් කරන මතවාදය ඊට හාත්පසින් විරුද්ධ ය. මා පවසන්නේ මිනිසා නිර්මාණය වී ඇත්තේ විශ්වය සඳහා බව ය. මා ගේ මතවාදය බුදු දහමට පටහැනි නැත. බුදු දහම පවසන්නේ ජීවිතය අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම බවයි. "මම ය මගේ ය" කියා දෙයක්‌ නැති බවයි. අපට අප ගේ ජීවිත අයිති නැත. මා පවසා ඇත්තේ විශ්වයට සේවය කිරීම පිණිස තෘෂ්ණාව විසින් මිනිසා වහලුන් සේ බැඳ තබනු ලැබ ඇති බවයි. ඉන් මිදෙන අන්දම බුදු දහම පෙන්වා දී ඇත. තෘෂ්ණාවෙන් අපට ඇති එලය කීම? ඉන් එලයක්‌ ලබන්නේ විශ්වය බව මා පෙන්වා දී ඇත. DNA, RNA, ප්‍රොaටීන නිෂ්පාදනය අප විසින් ඉටු කෙරෙන සේවය නම් එම ද්‍රව්‍ය පිළිබඳ වැටහීමක්‌ නොමැති ව මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යා නොහැකි ය.

පසුගිය ලිපියේ ප්‍රොaටීන සම්මිඤ්ජනය පිළිබඳ මොන්ටි කාලෝ ක්‍රමය මගින් සොයාගෙන තිබෙන කරුණු කිහිපයක්‌ ගෙන හැර දැක්‌වූයෙමි. ඒවා පහත සඳහන් ලෙස නැවැත ඉදිරිපත් කළ හැකි ය.

1. ප්‍රොaටීන සම්මිඤ්ජනය සිදු වන්නේ තාපගතික පද්ධතියක්‌ ලෙස ය.

2. ප්‍රොaටීන මූලිකව පොලිමර් (බහුඅවයවික) නිසා ඒවා ජලභීතික හැකිළීමට (hydropholic collapase) පාත්‍ර වන්නේ ය.

3. ප්‍රථමයෙන් ඇමයිනෝ අම්ල දම්වැල සෑදෙන්නේ DNA-RNA මගින් නිගමනය කරනු ලබන අනුපිළිවෙළට ය.

4. ඊට පසු සසම්භාවී දඟරය (random coil), ඇල්ෆා හිලික්‌සය (alpha helix) සහ බීටා පත්‍රය (beta sheet) සෑදෙන්නේ ජලභිතීක හැකිළීම නිසා ය.

5. ඊට පසු නැමෙන්නේ මොන පිළිවෙළට දැයි සොයාබැලීම සිදු වේ.

6. මෙතැන දී ශක්‌ති භූදර්ශකය (energy landscape) ක්‍රියාකාරී වන්නේ ය. අවම නිදැලි ශක්‌ති තත්ත්වයට පත් වීමට ඇමයිනෝ අම්ල දම්වැල තැත් කිරීම සිදු වන්නේ ය.

7. ප්‍රථමයෙන් සිතූ පරිදි නො ව එක සම්මිඤ්ජන පුනීලයක්‌ වෙනුවට මාර්ග කිහිපයක්‌ සහිත පුනීලයක්‌ ශක්‌ති භූදර්ශකය විසින් නිර්මාණය කෙරෙන්නේ ය.

8. ඉතා ම කෙටි කාලයකින් යා හැකි මාර්ගයේ ගමන් කොට ප්‍රොaටීනය සම්මිඤ්ජනය වන්නේ ය.

ඉහත සඳහන් කරුණු ලැටිස්‌ මොන්ටි කාලෝ ක්‍රමය භාවිත කොට සොයාගත් ඒවා ය. ලැටිස්‌ මොන්ටිකාලෝ ක්‍රමය පිළිබඳ විස්‌තරයක්‌ මීට පෙර ලිපිවල සපයා ඇත. මොන්ටි කාලෝ ක්‍රමය වැනි ප්‍රොaටීන සම්මිඤ්ජනය පිළිබඳ පරීක්‌ෂණ සිදු කර ඇති තවත් වැදගත් ක්‍රමයක්‌ වන්නේ අණුක ගතික (molecular dynamics) ක්‍රමය බව පසුගිය ලිපියේ සඳහන් කොට ඇත. එම ක්‍රමය පිළිබඳව ද විස්‌තරයක්‌ එම ලිපියේ සපයා ඇත. අණුක ගතික ක්‍රමය පරිගණක භාවිත කොට සමානකරණය සිදු කරන ක්‍රමයකි. අණුවක ඇති අංශුවල පිහිටීම, ව්‍යාප්තිය, ත්වරණය වැනි ගුණාංග ගණිත මොඩලයක මාර්ගයෙන් පරිගණකයේ සමානකරණය (simulation) වන්නේ ය. චලිතය පිළිබඳ නිව්ටන් ගේ න්‍යාම යොදාගෙන ගුණාංගවල නො දන්නා අගයන් ගණනය කළ හැකි ය. නිව්ටන් ගේ න්‍යාමයක්‌ වන F= ma යොදාගෙන මෙය කළ හැකි ය. මෙසේ සොයාගන්නේ අණුවක අංශුවල පිහිටීම, ව්‍යාප්තිය, ත්වරණය වැනි ගුණාංගවල අගයන් ය. එහෙත් එතැනින් නැවතිය නොහැකි ය. පද්ධතියේ තාපගතික අගයන් වන උෂ්ණත්වය, ශක්‌තිය, පීඩනය වැනි ගූණාංගවල අගයන් සොයාගත යුතු ය. එම තාපගතික ගුණාංග නිගමනය වන්නේ අංශුවල අණ්‌වීක්‌ෂීය ගුණාංගවල හැසිරීම අනුව ය. අණ්‌වික්‌ෂීය ගුණාංග විසින් මහේක්‌ෂ ගුණාංග නිගමනය කෙරෙන්නේ ය. අණ්‌වීක්‌ෂීය ගුණාංග සමග මහේක්‌ෂ ගුණාංග සම්බන්ධ කිරීමට සංඛ්‍යාන යාන්ත්‍රණය (statistical mechanics) නමැති ක්‍රමය භාවිත කළ යුතු වන්නේ ය. මෙතැන දී අගයන් විශාල සංඛ්‍යාවක්‌ වෙනුවට වෘන්දය සාමානකය (ensemble average) භාවිත කළ හැකි ය. මෙතැන වෘන්දය යනුවෙන් හැඳින්වන්නේ වෙනස්‌ අණ්‌වීක්‌ෂීය ගුණාංග ඇති නමුත් සමාන මහේක්‌ෂ ගුණාංග තිබෙන පද්ධති සමූහයකි. මෙවැනි පද්ධති සමූහයක අණ්‌වීක්‌ෂීය ගුණාංගවල අගයන්හි සාමානකය වෘන්දය සාමානකය වන්නේ ය. සංඛ්‍යාන යාන්ත්‍රණය භාවිත කරන්නේ වෘන්දය සාමානකය වන්නේ ය. අණ්‌වීක්‌ෂීය ගුණාංග සහ මහේක්‌ෂ ගුණාංගවල අගයන් සම්බන්ධ කිරීමට භාවිත කරන්නේ සංඛ්‍යාන යාන්ත්‍රණය වන්නේ ය.



සංඛ්‍යාන යාන්ත්‍රණය යනුවෙන් අදහස්‌ වන්නේ කුමක්‌දැයි දැනගත යුතු ය. එය මතවාදී භෞතික විද්‍යාවේ එක්‌ අංශයකි. එය සම්භාවිතාවයේ මතවාද භාවිත කොට යාන්ත්‍රික පද්ධතියක සාමාන්‍ය හැසිරීම අධ්‍යයනය කරන්නේ ය. එවැනි පද්ධතියක්‌ කොටස්‌ රාශියකින් සමන්විත නිසා එම කොටස්‌වල අණ්‌වීක්‌ෂීය ස්‌වභාවය මගින් පද්ධතියේ ස්‌වභාවය දැනගැනීම අසීරු ය. එම නිසා මේ ක්‍රමය බහුලව භාවිත වන්නේ විශාල පද්ධතිවල තාපගතික හැසිරීම අධ්‍යයනය කිරීමට ය. මෙය තවදුරට වටහාගැනීමට කරුණු කිහිපයක්‌ දැනගත යුතු ය.

භෞතික විද්‍යාවේ යාන්ත්‍රණ දෙකක්‌ ඇත. එකක්‌ සම්භාව්‍ය යාන්ත්‍රණය ය. (classical mechanics). අනෙක ක්‌වොන්ටම් යාන්ත්‍රණය වන්නේ ය.

මේ දෙකේ ම ගණිත ක්‍රමය කරුණු දෙකක්‌ සැලකිල්ලට ගන්නේ ය. ඒවා නම් -

1. ඕනෑම අවස්‌ථාවක යාන්ත්‍රණ පද්ධතියේ සම්පූර්ණ ස්‌වභාවය.

මෙය සම්භාව්‍ය යාන්ත්‍රණයේ ගණිතමය ලෙස කේතාංකනය වන්නේ කලාප ලක්‌ෂ්‍යයක්‌ (phase point) ලෙස ය. ක්‌වොන්ටම් යාන්ත්‍රණයේ එය ක්‌වොන්ටම් දෛශිකය ලෙස ගැනේ.

2. පද්ධතිය කාලය සමග ඉදිරියට ගෙන යැම විස්‌තර කරන සමීකරණය.

සම්භාව්‍ය යාන්ත්‍රණයේ මේ සඳහා හැමිල්ටොනියානු සමීකරණය (Hamilton's equation) භාවිත වේ. ක්‌වොන්ටම් යාන්ත්‍රණයේ ෂ්රෝඩින්ජර් සමීකරණය (Schrodinger equation) භාවිත වේ.

මේ අංග දෙක භාවිත කොට පද්ධතියක අතීතයේ හෝ අනාගතයේ තත්ත්වයන් දැනගත හැකි ය. එහෙත් මේ යාන්ත්‍රණ දෙක අතර ඇති සම්බන්ධතාව දැනගත හැක්‌කේ සංඛ්‍යාන යාන්ත්‍රණය භාවිත කොට ය. සාමාන්‍ය යාන්ත්‍රණය සොයාගන්aනේ පද්ධතියක එක්‌ අවස්‌ථාවක හැසිරීම පමණ ය. එහෙත් සංඛ්‍යාන යාන්ත්‍රණය විසින් අවස්‌ථා විශාල සංඛ්‍යාවක දී පද්ධති හැසිරෙන අන්දම සොයා ගැනෙයි. මෙය සංඛ්‍යාන වෘන්දයක්‌ (statistical ensemble) ලෙස ඉදිරිපත් වේ. සංඛ්‍යාන වෘන්දය වනාහි පද්ධතියේ සියලු අවස්‌ථාවල සම්භාවිත ව්‍යාප්තියක්‌ වන්නේ ය. සම්භාව්‍ය සංඛ්‍යාන යාන්ත්‍රණයේ වෘන්දය වන්නේ කලාප ලක්‌ෂ්‍යයන් ගේ සම්භාවිත ව්‍යාප්තිය ය. ක්‌වොන්ටම් සංඛ්‍යාන යාන්ත්‍රණයේ වෘන්දය වන්නේ අසංකීර්ණ අවස්‌ථාවල සම්භාවිත ව්‍යාප්තිය ය. මේ වෘන්දයන් අතර සම්බන්ධතාවක්‌ තිබිය යුතු ය. මක්‌ නිසා ද මහේක්‌ෂ ගුණාංග ජනනය වන්නේ අණ්‌වීක්‌ෂීය ගුණාංගවල ක්‍රියාකාරීත්වය නිසා බැවිනි. මේ ක්‍රමවේදය පහත සඳහන් ලෙස ඉදිරිපත් කළ හැකි ය.

මේ වෘන්දයන් අතර ඇති සබඳතාව සොයාගන්නේ සංඛ්‍යාන යාන්ත්‍රණය මගිනි. අණුක ගතිකය අණ්‌වීක්‌ෂීය ගුණාංගවල පරිගණක සමාකරණය මගින් එම ගුණාංගවල වෘන්දය ලබා දෙන්නේ ය. මේවා මහේක්‌ෂ ගුණාංග සමග සම්බන්ධ කරන්නේ සංඛ්‍යාන යාන්ත්‍රණය මගිනි. ඒ සඳහා ඉතා සංකීර්ණ වූ ගණිත ඇල්ගොරිදමයක්‌ භාවිත කරන්නට සිදු වේ. මේ සමීකරණ සහ ඒවා විසඳන ආකාරය මේ ලිපියේ ලියන්නට බැරි ය. මා ගේ පරිගණකයෙන් එය කළ නොහැකි ය. තව ද එම සංකීර්ණ වීජ ගණිතය විදුසර සඟරාවේ විෂය පථය ඉක්‌මවා යන්නේ ය. ඒවා දැනගන්නට කැමැති අයට අදාළ පත පොත කියවිය හැකි ය. අණ්‌වීක්‌ෂීය ගුණාංගවල පරිගණක සමාකරණය මගින් අංක ගණිතය යොදා අංශුවල චලනය පිළිබඳ සමීකරණ විසඳීමට ද සංඛ්‍යාන යාන්ත්‍රණයේ සංකීර්ණ සමීකරණ විසඳීමට ද මගක්‌පෑදේ.

පසුගිය ලිපිවල මොන්ටි කාලෝ ක්‍රමය භාවිත කරන්නේ කෙසේ දැයි අදියරෙන් අදියරට පෙන්වා දුන්නෙමි. එලෙස ම අණුක ගතිකය භාවිත කරන අන්දම අදියරෙන් අදියරට පහත සඳහන් ලෙස ඉදිරිපත් කළ හැකි ය.



අප තැත් කරන්නේ ප්‍රොaටීනයේ අණ්‌වීක්‌ෂීය තත්ත්වය (microscopic state) තාප ගතිකත්වය (thermodynamic state) සමග සම්බන්ධ කිරීමට ය. එම නිසා තාප ගතික තත්ත්වය සහ අණ්‌වීක්‌ෂීය තත්ත්වය යනු කුමක්‌ දැයි පළමුවෙන් සොයා බලමු. පද්ධතියක තාප ගතික තත්ත්වය නිර්වචනය කරන්නේ එහි උෂ්ණත්වය, පීඩනය, ශක්‌තිය වැනි ගුණාංගවලිනි. පද්ධතිකයක අණ්‌වීක්‌ෂීය තත්ත්වය නිර්වචන කරන්නේ එහි අංශුවල පිහිටීම, ත්වරණය, ප්‍රවේගය, වැනි ගුණාංගවලිනි. මේවා බහුමානීය කලාප අවකාශයක ඛණ්‌ඩාංක ලෙස ද ගත හැකි ය. (coordinates of a multidimensional phase space). මේ කලාප අවකාශයේ එක්‌ ලක්‌ෂ්‍යයක්‌ කලාප ලක්‌ෂ්‍යයක්‌ (phase point) වන්නේ ය. මෙවැනි ලක්‌ෂ්‍ය එකතුවක්‌ වෘන්දයක්‌ ලෙස සැලකේ. අණුක ගතික ක්‍රමවේදය පරිගණක සමාකරණය මගින් මෙවැනි කලාප ලක්‌ෂ්‍ය කාලයේ ක්‍රියාවක්‌ ලෙස විශාල සංඛ්‍යාවක්‌ ජනනය කරන්නේ ය. මේවායේ සාමානකය වෘන්දය සාමානකය (ensemble averages) ලෙස ගණනය කරන්නේ ය. මේ අගයන් භාවිත කොට පරාචක්‍රයක්‌ (trajectory) සාදාගත හැකි ය. ඊට අවශ්‍ය වන්නේ අංශුවල පිහිටීම, ඒවායේ ප්‍රවේගය, ව්‍යාප්තිය සහ ත්වරණය ය. පරාචක්‍රය මගින් අනාගතයේ මේ අගයන් කෙසේ නිගමනය වේ දැයි සොයාගත හැකි ය. මේ ක්‍රමය භාවිත කරන අන්දම අදියරෙන් අදියරට පහත සඳහන් අන්දමට දැක්‌විය හැකි ය.

1. ප්‍රොaටීනයක අණුක අංශුවල මුල් පිහිටීම X-ray ක්‍රම මගින් සොයාගැනේ.

2. චලනය පිළිබඳ නිව්ටෝනියානු සමීකරණ (F=ma) යොදාගෙන අණුක ගතික ක්‍රමය මගින් අංශුවල ත්වරණය ලබාගත හැකි ය.

3. මේ සමීකරණ සංකලනය කිරීමෙන් පරාචක්‍රය (trajectory) සාදාගත හැකි ය.

4. පරාචක්‍රය අංශුවල පිහිටීම ප්‍රවේගය සහ ත්වරණය විස්‌තර කරන්නේ ය.

5. පරාචක්‍රය මාර්ගයෙන් මේ අගයන්වල සාමානක ලබාගත හැකි ය.

6. මේ ක්‍රමය නිර්ණය (deterministic) බැවින් පරාචක්‍රය මගින් අතීතයේ හෝ අනාගතයේ අගයන් නිගමනය කළ හැකි ය.

7. අසමාන අණ්‌වීක්‌ෂීය ගුණාංග ඇති නමුත් සමාන මහේක්‌ෂ ගුණාංග ඇති පද්ධති හඳුනාගෙන ඒවා වෘන්දයක්‌ ලෙස වෙන් කරගත හැකි ය.

8. මේ වෘන්දයේ සාමානක ගණනය කළ හැකි ය. එය වෘන්දය සාමානකය (ensemble average) වන්නේ ය.

9. මේ ලෙස ප්‍රොaටීන පද්ධතියේ අණ්‌වීක්‌ෂීය ගුණාංග සොයාගත හැකි ය. තව ද ඒවා කාලය සමග වෙනස්‌ වන අන්දම සොයාගත හැකි ය.

10. මෙතැනින් නො නැවතී ඇමයිනෝ අම්ල දම්වැලේ අණ්‌වීක්‌ෂීය ගුණාංග එහි මහේක්‌ෂ ගුණාංග (තාපගතික ගුණාංග) සමග සම්බන්ධ වන්නේ කෙසේ දැයි සංඛ්‍යාන යාන්ත්‍රණය යොදා සොයාගත හැකි ය.

11. ප්‍රොaටීන සම්මිඤ්ජන අවස්‌ථාවක තිබිය හැකි අණ්‌වීක්‌ෂීය ගුණාංග නිසා කුමන අන්දමේ මහේක්‌ෂ ගුණාංග එම අවස්‌ථාවේ පවතී දැයි සොයාගත හැකි ය.

12. අනාගතයේ මේ පද්ධතියේ අණ්‌වීක්‌ෂීය ගුණාංග කාලය සමග කෙසේ වෙනස්‌ වේ වි ද සහ එසේ වෙනස්‌ වීම නිසා කුමන අන්දමේ තාපගතික (මහේක්‌ෂ ගුණාංග) ඇති වේ දැයි සොයාගත හැකි ය.

13. මේ ලෙස තාපගතිත ක්‍රියාදාමය කෙසේ ප්‍රොaටීන සම්මිඤ්ජනය සඳහා දායක වනවා දැයි සොයා බැලිය හැකි ය.

මේ ක්‍රමවේදය භාවිත කරන විට වෘන්දය තනාගැනීම ද ඉතා ම වැදගත් වන්නේ ය. වෘන්දය තනාගැනීමේ ක්‍රම කිහිපයක්‌ ම ඇත. එම ක්‍රම සංකර්ණ සමීකරණවලින් සමන්විත ය. ඒවා මේ ලිපියේ සඳහන් කිරීම ඉහත සඳහන් ලෙස අසීරු කටයුත්තකි. ඊට අවශ්‍යතාවක්‌ ද නැත.

අණුක ගතික සමානකරණය මගින් ප්‍රොaටීන සම්මිඤ්ජනය පිළිබඳව බොහෝ දේ සොයාගෙන ඇත. (Amedeo Calthisch and Emanuela Paci, 2004). ප්‍රොaටීන සම්මිඤ්ජනය සිදු වන්නේ නැනෝ තත්පර කාල පරිමාණයක්‌ තුළ ය. අද තිබෙන පරිගණකවලට මේ කාල පරිමාණය ළඟා කරගත නොහැකි ය. එම නිසා පරිගණක සමාකරණයේ දී නොයෙකුත් අවිනිශ්චිතතාවන්ට භාජන විය හැකි ය. මේ ප්‍රශ්නය නිරාකරණය කරගැනීමට ප්‍රොaටීන බලහත්කාරයෙන් දිග හැර එය සිදු වන අන්දම සොයා බලා ඇත. ප්‍රොaටීන බලහත්කාරයෙන් දිග හැරෙන විට ඊට ගත වන කාලය ඒවා නැමෙන්නට යන කාලයට වඩා බොහෝ සෙයින් වැඩි ය. මේ අන්දමට ප්‍රොaටීනයේ ඇල්µd හිලික්‌සිය, බීටා පත්‍රය, වැනි ද්විතීය ව්‍යqහයන් සෑදෙන අන්දම සොයා බලා ඇත. තව ද එවායේ සම්පූර්ණ ස්‌වභාවය ද අණුක ගතික මාර්ගයෙන් අධ්‍යයනය කොට ඇත.

ප්‍රොaටීන සම්මිඤ්ජනය පිළිබඳ මූලික මතවාද දෙකක්‌ ඇත. ඉන් එකක්‌ තාපගතිකය මත පදනම් වූ එකකි. අනෙක චාලක මතවාදයක්‌ (kinetic theory of protein folding) වන්නේ ය. මුල සිට ම මේ මතවාද දෙක ම පැවතිණි. වර්තමානයේ ද ඒවා ඒ ලෙස ම පවතී. ඒවා ඔප්පු කිරීමට නොයෙකුත් සාධක ඉදිරිපත් වුව ද අවසාන නිගමනයකට පැමිණීම තවමත් සිදු වී නැත.

එනමුත් ප්‍රොaටීන සම්මිඤ්ජනය ගැන සොයා බැලීමේ වැදගත්කම තව තවත් වැඩි වෙමින් පවතින බව කිව හැකි ය. ප්‍රොaටීන සම්මිඤ්ජනය ජීව පරිණාමය සඳහා ඉටු කරන විශාල සේවය අප ගේ සාකච්ඡාවට ඉතා ම වැදගත් ය. ජීව පරිණාමයේ බොහෝ අවස්‌ථා පාලනය වන්නේ ශක්‌තියෙන් බව අප පවසා ඇත. ස්‌වාභාවික වරණය (natural selection) සිදු වන්නේ ශක්‌ති භුදර්ශකයක්‌ මත පදනම් ව බව සමහර විද්‍යාඥයන් ගේ (චන්ද්‍ර ධර්මවර්ධන) මතය වී ඇත. ප්‍රොaටීන සමිම්ඤ්ජනය පිළිබඳ ඉදිරිපත් වී ඇති චාලක මතවාදය ගැන අප ගැඹුරින් සාකච්ඡා කර නැත. ඒ ගැන සාකච්ඡා කිරීමට ඉදිරියේ දී බලාපොරොත්තු වෙමි. තව ද ජීව පරිණාමය අප ගේ මතවාදය වන ජීවිතයේ අරුත වන්නේ DNA, RNA, ප්‍රොaටීන නිෂ්පාදනය යන්නට කෙතරම් අදාළ ද යන්න ගැනද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග DSc