logo3.gif (702 bytes)

HOME


ජීවිතයේ අරුත පිළිබඳ විද්‍යාත්මක සහ දාර්ශනික සාකච්ඡා - 12

අප සාකච්ජා කරමින් සිටින්නේ ජීවිතයේ අරුත පිළිබඳව විද්‍යාවෙන් සහ දර්ශනයෙන් ගත හැකි කරුණු ය. අප පවසා ඇත්තේ අප ගේ ජීවිතය අප සඳහා සැකසුණු එකක්‌ නො ව විශ්වය/ස්‌වභාවධර්මය සඳහා පිළියෙල වූ දෙයක්‌ බවයි. අපි විශ්වයට/ස්‌වභාවධර්මයට යම් සේවයක්‌ කරමින් සිටිමු. ඒ සේවය කිරීම සඳහා අප ඉපදී නොයෙකුත් ක්‍රියාවන් සිදු කොට මරණයට පත් වේ. අප සතුටින් හැම දා ජීවත් වනවා නම් අප ගේ ජීවිතය අප සඳහා සැකසුණු එකක්‌ යෑයි සිතිය හැකි ය. අප ඉපදී දුකින් කාලය ගත කොට මරණයට පත් වන්නේ විශ්වයට/ස්‌වභාවධර්මයට අවශ්‍ය සේවයක්‌ ඉටු කළාට පසුව ය. ඒ සේවය ඉටු කිරීම සඳහා අප ගේ ඥානය, නිර්මාණශීලීත්වය, තෘෂ්ණාව ඉතා ම වැදගත් වන බව අප පෙන්වා දී ඇත. තෘෂ්ණාව සහ දුක එක පද්ධතියක්‌ ලෙස ක්‍රියා කරන බව ද අප පෙන්වා දී ඇත. තෘෂ්ණාව වනාහි අප ගේ ඥානය සහ නිර්මාණශීලීත්වය ඉදිරියට ගෙන යන උත්තේජකය වන්නේ ය. තෘෂ්ණාව සමනය කළ නොහැකි තත්ත්වයට පත් කෙරෙන්නේ දුක විසිනි. තෘෂ්ණාව විසින් විශ්වයට/ස්‌වභාවධර්මයට සේවය කිරීම සඳහා අප වහලුන් ලෙස බැඳ තබනු ලැබ ඇත. ඉන් මිදෙන අන්දම බුදුහු පෙන්වා දුන් සේක. ඥානය සහ නිර්මාණශීලීත්වය භාවිත කොට අප සිදු කරන ක්‍රියාවන් හේතු කොටගෙන අප ගේ ජානවල යම්කිසි වෙනසක්‌ ඇති විය හැකි ය. ජීව පරිණාමය සිදු වී ඇත්තේ ඒ ලෙසිනි. එසේ වෙනස්‌ වන ජාන විසින් ප්‍රොaටින් නිෂ්පාදනය කරනු ලබන බව අපි දනිමු. අප ගේ මතවාදය වන්නේ එසේ වෙනස්‌ වන DNA, RNA ප්‍රොaටීන නිෂ්පාදනය අප විසින් විශ්වයට/ස්‌වභාවධර්මයට සිදු කෙරෙන සේවය බව ය. අප ගේ මරණයෙන් පසු ඉතිරි වන්නේ DNA, RNA ප්‍රොaටීන ය. අප ගේ මතවාදයට ප්‍රොaටීන ක්‍රියාකාරීත්වය ඉතා වැදගත් වන්නේ ය. එනිසා ය පසුගිය ලිපිවල ප්‍රොaටීන සම්මිඤ්ජනය පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කළේ. ප්‍රොaටීන සම්මිඤ්ජනය පිළිබඳ පරීක්‌ෂණවලට භාවිත වන ක්‍රමවේදයන් කිහිපයක්‌ විස්‌තර සහිතව ඉදිරිපත් කළෙමි. ඒ ක්‍රමවේදයන් වූයේ ලැටිස්‌ මොන්ටි කාලෝ ක්‍රමය සහ Spin glass ක්‍රමයන් ය. මේ ක්‍රමයන් හැරුණු විට අණුක ගතිකය (molecular dynamics) යන ක්‍රමය ද මේ සඳහා භාවිත කරන බව පසුගිය ලිපියේ සඳහන් කළෙමි. ඒ ක්‍රමය විස්‌තර කිරීමට පෙර ප්‍රොaටීන පිළිබඳ තවත් වැදගත් කරුණු කිහිපයක්‌ සලකා බැලිය යුතු වන්නේ ය.

ප්‍රොaටීන සෑදී ඇත්තේ ඇමයිනෝ අම්ල දම්වැල් ලෙස ඇමිණී ඊට පසු නොයෙක්‌ අතට නැමී ක්‍රියාකාරී ව්‍යqහය ලබා ගැනීමෙනි. ඇමයිනෝ අම්ල සෑදී ඇත්තේ කාබොක්‌සයිල් කාණ්‌ඩයක්‌ (CO) සහ එමයිඩ් (NH‍ය) කාණ්‌ඩයකිනි. තව ද ඇමයිනෝ අම්ලයේ හැසිරීම ප්‍රධාන ලෙස නිගමනය කරන අංශ-දාමයක්‌ ද (side-chain) ඇත. ප්‍රොaටීන ව්‍යqහයේ අධ්‍යයනය කළ යුතු ව්‍යqහ අවස්‌ථා කිහිපයකි. එහි ප්‍රාථමික ව්‍යqහය වන ඇමයිනෝ අම්ල අනුපිළිවෙළ එක්‌ අවස්‌ථාවකි. ඇමයිනෝ අම්ල දම්වැල නැමී සෑදෙන ත්‍රිමාන ව්‍යqහය වන ද්විතීය ව්‍යqහය තවත් අවස්‌ථාවකි. එහි අවකාශීය සැලැස්‌ම වන තෘතීය ව්‍යqහය තවත් අවස්‌ථාවකි.

ප්‍රාථමික ව්‍යqහය වැදගත් වුව ද ද්විතීය ව්‍යqහය ද එලෙස ම වැදගත් වන්නේ ය. මේ ද්විතීය ව්‍යqහය සෑදෙන්නේ ඇමයිනෝ අම්ලවල ඇති කාබොක්‌සයිල් සහ එමයිඩ් කාණ්‌ඩ අතර පිහිටා ඇති හයිඩ්‍රජන් බන්ධනවලිනි. මේ ලෙස සෑදෙන ද්විතීය ව්‍යqහ වන්නේ සසම්භාවී දඟර (random coil), a-හිලික්‌සිය (a-helix) සහ B-පත්‍රය (B-sheet) ය. (මෙහි a = alpha and B = beta) සසම්භාවී දඟර සෑදෙන්නේ දම්වැල සැදෙන්නට පෙර සාමාන්‍ය පොලිමර් (polymer) සෑදෙන අන්දමට එන්ට්‍රොපිය entropy නිසා ය. හෙලික්‌සිය සෑදෙන්නේ කාබොක්‌සයිල් කාණ්‌ඩයක්‌ දම්වැලේ ඇමයිනෝ අම්ල හතරකට එහා ඇති එමයිඩි කාණ්‌ඩයක්‌ සමග හයිඩ්‍රජන් බන්ධන ඇති කරගැනීමෙනි. මෙසේ සිදු වූ විට අංශ දාමයන් (side-chain) එකිනෙකින් වෙන් වී එළියට නෙරා සිටියි. ඇමයිනෝ අම්ල දම්වැල එක පිට එක සමාන්තරව නැමී හයිඩ්‍රජන් බන්ධන ඇති වීමෙන් B-පත්‍රය සෑදේ.

ඇමයිනෝ අම්ල දම්වැලේ අනුපිළිවෙළ විසින් ප්‍රොaටීනයක ව්‍යqහය බොහෝ දුරට නිගමනය කරනු ලබන බව අපි දනිමු. එම අනුපිළිවෙළ නිගමනය කරන්නේ DNA විසින් නිර්මාණය කෙරෙන RNA මගින් බව ද අපි දනිමු. ප්‍රොaටීන තෘතීය ව්‍යqහය ලබාගන්නේ සම්මිඤ්ජනය වීමෙනි. එසේ සම්මිඤ්ජනය වීමට යන කාලය නැනෝ තත්පරවලින් මැනිය හැකි ය. ඉතා කෙටි ඇමයිනෝ අම්ල දම්වැලක වුව ද විවිධ ලෙස නැමී ලබාගත හැකි ස්‌වරූප සංඛ්‍යාවෙන් අති විශාල ය. ඒ ස්‌වරූප සසම්භාවී ලෙස න්‍යාදර්ශකරණය කොට අවශ්‍ය ව්‍යqහය නිගමනය කරනවා නම් ඊට අවශ්‍ය වන කාලය අති විශාල ය. උදාහරණයක්‌ ලෙස ඇමයිනෝ අම්ල 100කින් පමණ සමන්විත ප්‍රොaටීනයක්‌ එලෙස සම්මිඤ්ජනය වීමට අවුරුදු බිලියන 30ක්‌ පමණ කාලයක්‌ අවශ්‍ය වන්නේ ය. එනිසා මෙය සිදු වන්නේ පූර්ව නිගමනයකට අනුව නිර්මාණ වූ සම්මිඤ්ජන මාර්ගයක්‌ (folding pathway) අනුගමනය කිරීමෙන් බව සී. ලෙවින්තාල් (C.Levinthal 1968) නමැති විද්‍යාඥයා පැවසුවේ ය. ඔහු ගේ මතවාදය ගොඩනැගී ඇත්තේ ශක්‌තිය මත පදනම් ව ය. ප්‍රොaටීනයේ ක්‍රියාකාරී ව්‍යqහය එහි නිසග අවස්‌ථාව (native state) ලෙස ගෙන එහි ශක්‌ති ප්‍රමාණය ඇති විය හැකි අනෙකුත් ව්‍යqහවල ශක්‌ති මට්‌ටම සමග සාපේක්‌ෂව බැලීමේ ප්‍රයත්නයක එම විද්‍යාඥයා යෙදුණේ ය. ඔහු ප්‍රොaටීන සම්මිඤ්ජනය පිළිබඳව චාලක (kinetic) මතවාදය සහ තාපගතික (thermodynamic) මතවාදය යනුවෙන් අදහස්‌ ඉදිරිපත් කළේ ය.

මේ මතවාද තේරුම්ගැනීමට ද්‍රව්‍යවල තිබෙන ශක්‌තිය සහ එම ද්‍රව්‍යවල ස්‌ථාවරත්වය ශක්‌තිය මත රඳා පවතින්නේ කෙසේ දැයි යන්න දැන සිටිය යුතු ය. අප පවසා ඇත්තේ විශ්වය වනාහි ශක්‌තිය පමණක්‌ බව ය. විශ්වය/ස්‌වභාවධර්මය සමන්විත වන්නේ ශක්‌තිවලින් පමණක්‌ නම් අප සේවය කරන්නේ එම ශක්‌තිය සඳහා ය. ශක්‌තිය නොයෙකුත් ස්‌වරූප, වෙස්‌, ප්‍රභේද ආරූඪ කර ගනී. ජීවීන් ග්‍රහලෝක සූර්යයා, පුන්සඳ වැනි දේ ශක්‌තියේ නොයෙකුත් ස්‌වරූප මිස වෙනත් දෙයක්‌ නො වේ. එපමණක්‌ නො ව අප ගේ හැඟීම්, ඥානය, හැකියාව, දයාව, ක්‍රෝධය, ආදරය වැනි දේ ශක්‌තිය මගින් සිදු වන ක්‍රි්‍රයාදාම වන්නේ ය. මේ විශ්වය නමැති ශක්‌තිය වෙනුවෙන් අප ගෙන් සිදු වන සේවය DNA RNA ප්‍රොaටීන නිපදවීම ය. ශක්‌තිය විසින් නොයෙකුත් දේ නිර්මාණය කෙරී ඇත. විශ්වය/ස්‌වභාවධර්මය යනුවෙන් හැඳින්වෙන්නේ එය ය. හැම ක්‍රියාදාමයක්‌ ම, මිනිසුන්, සතා සිව්පාවා, ගස්‌ ගල්a, ඉර හඳ, තාරකා ශක්‌ති එකතුවක්‌ හෝ ඝන වීමක්‌ හෝ පුඤ්ජයක්‌ ලෙස සිතිය හැකි ය. එවැනි එක්‌ ශක්‌ති එකතුවක්‌ විනාශ වූ විට ශක්‌තිය විනාශ වන්නේ නැත. එය වෙනත් ශක්‌ති එකතුවක්‌ නිපැයීමට ඉතිරි ව ඇත.

විද්වත් සී. ලෙවින්තාල් පවසා සිටියේ ප්‍රොaටීන සම්මිඤ්ජනය සඳහා ගමන් මාර්ගයක්‌ සැකසී ඇති බවයි. ඔහු ගේ එක්‌ අදහසක්‌ වූයේ තාපගතිකයට අනුව එය සිදු වන බව ය. මෙය වටහාගැනීමට ගිබ්ස්‌ ගේ නිදැලි ශක්‌තිය (Gibb's Free Energy) යනු කුමක්‌ දැයි දැනගත යුතු ය. මෙය අදාළ වන්නේ තාපගතික විද්‍යාවට ය. ගිබ්ස්‌ ගේ නිදැලි ශක්‌තිය තාපගතික විභවයකි (potential). ආවෘත තාපගතික පද්ධතියක්‌ මගින් නියත උෂ්ණත්වය හා පීඩනයකට යටත් ව සිදු කළ හැකි උපරිම කාර්යය ගිබ්ස්‌ ගේ නිදැලි ශක්‌තිය වන්නේ ය. ප්‍රොaටීන සම්මිඤ්ජනය වන්නේ ආවෘත තාපගතික පද්ධතියක්‌ තුළ යෑයි ලෙවින්තාල් ගේ ප්‍රොaටීන සම්මිඤ්ජනය පිළිබඳ තාපගතික මතවාදයේ සඳහන් වේ. සාමාන්‍ය ජීව විද්‍යාත්මක ක්‍රියාකාරී තත්ත්වයක පවතින ප්‍රොaටීන එහි නිසඟ අවස්‌ථාව ලෙස හැඳින්වේ. මේ අවස්‌ථාවට පැමිණෙන විට එහි ශක්‌ති මට්‌ටම අවම මට්‌ටමකට ගොස්‌ එහි ගිබ්ස්‌ ගේ නිදැලි ශක්‌තිය අනන්‍ය අවම මට්‌ටමට (unique minimum) පත් වේ. මින් හැඟෙන්නේ පද්ධතියේ ගිබ්ස්‌ ගේ නිදැලි ශක්‌තිය නව පහළ මට්‌ටමකට පත් වන බව ය. මෙසේ ගිබ්ස්‌ ගේ නිදැලි ශක්‌තිය අඩු වන්නේ ඇමයිනෝ අම්ල දම්වැල නැමී ක්‍රියාකාරී නිසග අවස්‌ථාවට පැමිණෙන විට ය. ඇමයිනෝ අම්ල දම්වැල අවම නිදැලි ශක්‌තිය ඇති අවස්‌ථාවට පත් වන්නේ එහි අනුපිළිවෙළට අනුව ය. මෙය තාපගතික පද්ධතියක්‌ තුළ සිදු වන ස්‌වාභාවික ක්‍රියාදාමයකි.

ලෙවින්තාල් ගේ අනෙක්‌ මතවාදය චාලක (kinetic) මතවාදයක්‌ වන්නේ ය. ඊට අනුව නිසඟ අවස්‌ථාව තුළ ඇති අවම ශක්‌තිය මුළු පද්ධතිය පුරා ව්‍යාප්ත (global) වන්නේ නැත. ඒ වෙනුවට එය ස්‌ථානීය (local) වශයෙන් අවම මට්‌ටමකට පත් වන්නේ සම්මිඤ්ජන ගමන් මාර්ගය නිසා ය. මෙතැන දී ස්‌ථානීය ශක්‌ති අවමය (local energy minimum) සහ වර්තුල ශක්‌ති අවමය (global energy minimum) යන සංකල්ප කුමක්‌ දැයි දැනගත යුතු ය. තාපගතික පද්ධතියක්‌ තුළ ස්‌ථානීය වශයෙන් පවතින ශක්‌ති මට්‌ටම් කිහිපයක්‌ තිබිය හැකි ය. ඒවා ස්‌ථානීය ශක්‌ති අවම ලෙස හැඳින්වේ. මුළු පද්ධතිය තුළ ව්‍යාප්ත වී ඇති ශක්‌ති ප්‍රමාණය වර්තුල ශක්‌ති අවමය වන්නේ ය.

තව ද ශක්‌ති භූදර්ශනය (energy landscape) නමින් හැඳින්වෙන්නේ කුමක්‌ දැයි වටහාගත යුතු ය. භූමියක්‌ මත ඇති කඳු ගැට මිටියාවත්වල ස්‌ථානය සහ ඒවායේ උස, ගැඹුර, දිග, පළල මැන එහි ආකෘතියක්‌ නැතිනම් අනුරූපනයක්‌ (mapping) තැනීම භූදර්ශනය නමින් හැඳින්වේ. ඒ ලෙස ම පද්ධතියක්‌ තුළ ඇති අන්තර් ක්‍රියාවේ යෙදෙන අණුවල අවකාශීය පැවැත්ම සහ ඒවායේ ශක්‌ති මට්‌ටම අනුරූපනය කිරීම ශක්‌ති භූදර්ශනය ලෙස හැඳින්විය හැකි ය. මේ ශක්‌ති මට්‌ටම ගිබ්ස්‌ ගේ නිදැලි ශක්‌තිය වන්නේ ය. ප්‍රොaටීනයක්‌ සම්මිඤ්ජනය වී ක්‍රියාකාරී ව්‍යqහය ලබාගත් විට එහි නිදැලි ශක්‌ති මට්‌ටම අඩු ම මට්‌ටම විය යුතු ය. එලෙසින් බලන විට සම්මිඤ්ජනය යනු යම්කිසි විදියේ අඩු ම ශක්‌ති වැය වීමේ අවස්‌ථාවක්‌ ලෙස සැලකිය හැකි ය. මෙය තාපගතික විද්‍යාවේ දෙවැනි නීතියට අනුකූල ය. ශක්‌ති සංරක්‌ෂණය (energy conservation) යනුවෙන් හැඳින්වෙන්නේ මේ ක්‍රියාදාමයන් ය.

ඇමයිනෝ අම්ල දම්වැලක්‌ නොයෙක්‌ අන්දමට නැමෙන්නට පුළුවන. එසේ නැමෙන විට එක්‌ එක්‌ අවස්‌ථාවල දී තිබෙන ශක්‌ති මට්‌ටම ඒ පද්ධතියේ ශක්‌ති භූදර්ශනය ලෙස සැලකිය හැකි ය. මේවා භූමියක ඇති කඳු සහ මිටියාවත්වලට සම කළ හැකි ය. කඳුවල ශක්‌ති මට්‌ටම වැඩි වන අතර මිටියාවත්වල ශක්‌ති මට්‌ටම අඩු ය. ප්‍රොaටීන සම්මිඤ්ජනය වන්නේ අවම ශක්‌ති මට්‌ටමක්‌ ලබාගැනීමෙනි. ඇමයිනෝ අම්ල දම්වැල නැමෙමින් වැඩි ශක්‌ති මට්‌ටම් පසු කරමින් අවම ශක්‌ති මට්‌ටම ඇති ව්‍යqහය දක්‌වා සම්මිඤ්ජනය වේ. එසේ වීමෙන් සෑදෙන්නේ උත්ප්‍රේරකයක්‌ (catalyst) නම් එය ක්‍රියාකාරී නිසඟ අවස්‌ථාව (native state) වන්නේ ය. ඇමයිනෝ අම්ල දම්වැල සම්මිඤ්ජනය වී ලබාගන්නා ක්‍රියාකාරි ව්‍යqහය ඉහත සඳහන් තෘතීය ව්‍යqහය (tertiary structure) වන්නේ ය. මේ අවස්‌ථාවේ එය තුළ ඇත්තේ අවම නිදැලි ශක්‌තිය වන්නේ ය. මේ අවස්‌ථාවට එන්නට පෙර එහි ශක්‌ති ඉහළ මට්‌ටමක පැවතිණි. ඇමයිනෝ අම්ලවල ශක්‌තිය ඉහළ මට්‌ටමක තිබිණි. ශක්‌තියෙන් ඉහළ මට්‌ටමක තිබූ දම්වැලේ ඇමයිනෝ අම්ල ඈත් වී තිබිණි. පහළ මට්‌ටමක තිබූ ඇමයිනෝ අම්ල කිට්‌ටු වී තිබිණි. ශක්‌ති මට්‌ටමින් සහ පිහිටීමෙන් මෙලෙස සැකසුණු ශක්‌ති භූදර්ශනය පුනීලයක හැඩය ගෙන තිබිණි. එම භූදර්ශනය සම්මිඤ්ජන පුනීලය (folding tunnel) යනුවෙන් හැඳින්වේ. සම්මිඤ්ජන මාර්ගය ද මෙය වන්නේ ය.

තාපගතික විද්‍යාවේ එන එන්ට්‍රොපි (entropy) නමැති සංකල්පය ගැන ද මූලික දැනුමක්‌ ප්‍රොaටීන සම්මිඤ්ජනය වටහාගැනීමට අවශ්‍ය වන්නේ ය. එන්ට්‍රොපි යනුවෙන් හැඳින්වෙන්නේ පද්ධතියක්‌ කොපමණ ප්‍රමාණයක අක්‍රමතාවක (disorder) පවතී ද යන්න ය. යම් කිසි පද්ධතියක්‌ යම්කිසි ක්‍රියාවක්‌ කරන විට යම්කිසි තාප ප්‍රමාණයක්‌ නිෂ්එල ශක්‌තිය ලෙස අපතේ යයි. මේ නිශ්එල අපතේ යැම පද්ධතියේ අක්‍රමවත් බව පෙන්නුම් කරයි. මේ අපතේ යැම ගණනය කළ විට ලැබෙන එලය පද්ධතියේ අක්‍රමතාවයේ (disorder) මිනුම ලෙස සැලකිය හැකි ය. ඒ එලය පද්ධතියේ එන්ට්‍රොපිය ලෙස සැලකේ. තවත් විදියකට මෙය පහදා දිය හැකි ය. අයිස්‌ වතුර වීදුරුවක්‌ සාමාන්‍ය උෂ්ණත්වය ඇති කාමරයක තැබූ විට ටික වේලාවකට පසු වතුර වීදුරුවේ උෂ්ණත්වය කාමරයේ උෂ්ණත්වයට සමාන වේ. කාමරයේ තාපයෙන් ප්‍රමාණයක්‌ වතුර වීදුරුව තුළට සංක්‍රමණය වීමේ ප්‍රතිඑලයක්‌ ලෙස මෙය සිදු වේ. එහෙත් වතුර වීදුරුව කාමරයේ උෂ්ණත්වය දක්‌වා වැඩි කිරීමට අවශ්‍ය තාප ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක්‌ වැය වී ඇති බව ගණනය කළ හැකි ය. මෙය එන්ට්‍රොපිය නිසා සිදු වන දෙයකි.

ඕනෑ ම පද්ධතියක ඇති එන්ට්‍රොපි ප්‍රමාණය ගණනය කළ හැකි ය. ඒ පද්ධතිය යම්කිසි ක්‍රියාවක්‌ සිදු කරන විට අපතේ යන ශක්‌ති ප්‍රමාණය ඒ පද්ධතියේ එන්ට්‍රොපිය ලෙස සැලකිය හැකි ය. ඉහත සඳහන් අයිස්‌ වතුර වීදුරුවේ යම්කිසි එන්ට්‍රොපි ප්‍රමාණයක්‌ ඇත. එසේ ම කාමරයේ ද එන්ට්‍රොපි ප්‍රමාණයක්‌ ඇත. වතුර වීදුරුවේ උෂ්ණත්වය කාමරයේ උෂ්ණත්වයට සමාන වන විට වතුර වීදුරුවේ එන්ට්‍රොපි ප්‍රමාණය වැඩි වේ. කාමරයේ අඩු වේ. එහෙත් කාමරයේ අඩු වූ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකින් වතුර වීදුරුවේ එන්ට්‍රොපි ප්‍රමාණය වැඩි වන බව පැවසේ. එනිසා කාමරයේ සහ වතුර වීදුරුවේ එන්ට්‍රොපි එකතුව පෙරට වඩා වැඩි වී ඇත. උෂ්ණත්වය වැඩි පද්ධතියකින් උෂ්ණත්වය අඩු පද්ධතියකට තාපය සංක්‍රමණය වීමේ දී පද්ධති දෙකේ එන්ට්‍රොපි එකතුවේ වැඩි වීමක්‌ සිදු වේ.

පොලිමර් (බහුඅවයවික) සෑදෙන විට එන්ට්‍රොපිය වැඩි වේ. ප්‍රොaටීන ද මූලිකව පොලිමර් නිසා එන්ට්‍රොපිය පිළිබඳ දැනගැනීම වැදගත් ය. ප්‍රොaටීන සම්මිඤ්ජනය සිදු වන විට ඒ පද්ධතිය තුළ එන්ට්‍රොපි වැඩි වීමක්‌ සිදු වන බව පැවසේ. ශක්‌ති මට්‌ටම (ගිබ්ස්‌ ගේ නිදැලි ශක්‌තිය) පහළ මට්‌ටමකට පත් වේ. මේ ක්‍රියාදාමය පහත සඳහන් රේඛා සටහනින් පෙන්නුම් කළ හැකි ය.

මේ කරුණු පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම අවශ්‍ය වන නිසා ඉදිරි ලිපි තුළින් ඒ ගැන සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග