logo3.gif (702 bytes)

HOME


නැති අවස්‌ථිති සමුද්දේශ රාමු

ඩී එස්‌ සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතාට පඹයන් ඉදිකිරීම සඳහා නැවතත් බෝධි ධනපාල නමැත්තා ඉදිරිපත් වී ඇත. ඔහුට අමරතුංග මහතාට තරමට වත් යමක්‌ තේරුම්ගැනීමේ හැකියාව නැත. ඔහුට ලංකාවට පැමිණ මා සමග ප්‍රසිද්ධ වාදයකට එළඹෙන ලෙස කළ අභියෝගය ඔහු පළමුව පිළිගෙන පසුව මගහැර ගියේ ය. ඒ පිළිබඳ විස්‌තර මගේ 2015 දෙසැම්බර් 02 වැනි දා ලිපියෙහි සඳහන් වන බැවින් නැවතත් ඒ ගැන නො කියමි. ඒ මහතා මා සමග ප්‍රසිද්ධ විවාදයකට නො එළඹෙන බැවින් ඒ මහතා ගේ ගුරු ආචාර්ය චන්ද්‍රසිරි ධර්මවර්ධන මහතාට ලංකාවට පැමිණ මා සමග ප්‍රසිද්ධ වාදයකට එළඹෙන ලෙස අභියෝග කරමි. ඒ මහතාට ද නොහැකි නම් ලංකාවේ සිටින සෛද්ධාන්තික භෞතික විද්‍යාවෙන් ආචාර්ය උපාධි ලත් කොළඹ විශ්වවිද්‍යාලයෙහි ද සේවය කළ මහාචාර්ය විමලසේන ඈපාසිංහ වැනි ඔහු ගේ මිතුරකු වුව ද ඒ අභියෝගය ඔහු වෙනුවෙන් පිළිගන්නේ නම් මම සතුටු වෙමි.

මේ කැනඩාවේ හා වෙනත් පිටරට සිටින මහත්වරුන්ට එක්‌ කරුණක්‌ පමණක්‌ කිව යුතු ය. මා ආචාර්ය උපාධිය අවුරුදු එක හමාරකින් ලැබූයේ ජනප්‍රිය පොතපත පමණක්‌ කියවා නො වේ. මගේ නිබන්ධනයේ මාතෘකාව වූයේ තාරකා භෞතිකයේ සාපේක්‌ෂතාවාදී ගුරුත්වජ ආචරණ (Relativistic Gravitational Effects in Astrophysics) යන්න ය. එeබැවින් මම ගුරුත්වය පිළිබඳව දනිමි. ගුරුත්වය නැති බව ද දනිමි. මගේ නිබන්ධක උපදේශක වූයේ රාජකීය සංගමයේ අධිසාමාජිකයකු වූ (Fellow of the Royal Society) ද රාජකීය තාරකාවේදී සංගමයේ (Royal Astronomical Socity) සභාපතිවරයකු ව සිටියා වූ ද විශ්ව කීර්තියට පත් විශ්වවේදියකු (Cosmologist) වූ ද මහාචාර්ය විලියම් (ඉංගී්‍රසි ක්‍රමය අනුව බිල්) මැක්‌රේ ය. මට ආචාර්ය උපාධිය ලැබෙන විට වයස විසි හයක්‌ වත් සම්පූර්ණ වී නො තිබිණි. ලංකා සන්දර්භයෙහි ඒ අඩු වයසක්‌ විය. මහාචාර්ය මැක්‌රේ හා සසෙක්‌ස්‌ විශ්වවිද්‍යාලය මට ආචාර්ය උපාධියක්‌ දුන්නේ ඇතැමුන් කීමට උත්සාහ කරන පරිදි මා අදක්‌ෂ ශිෂ්‍යයකු ලෙස සලකා මා ආපසු යෑවීමට නො වේ. සසෙක්‌ස්‌ විශ්වවිද්‍යාලයයෙහි ආචාර්ය උපාධියක්‌ සඳහා අවම වශයෙන් අවුරුදු දෙකක්‌ ගත කළ යුතු බැවින් මහාචාර්ය මැක්‌රේ මට අවුරුදු එක හමාරකින් නිබන්ධනය ඉදිරිපත් කිරීමට විශ්වවිද්‍යාලයයෙහි සනාතන සභාවෙන් විශේෂ අවසරයක්‌ ලබා දුන්නේ ය. මා ආපසු එන විට මහාචාර්ය මැක්‌රේ මහත්සේ කණගාටු විය. ඔහු මගේ දක්‌ෂතා අගයමින් මට දී ඇති වර්ණනාත්මක සහතිකයක්‌ මා සතු වෙයි. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයයේ මට ඉගැන්වූ ඇතැම් ගුරුවරුන් මෙන් ඊර්ෂ්‍යා පරවශ නො වී ය. මේ කරුණු මා සඳහන් කරන්නේ පුරසාරමකට නො ව ඇතැමුන් ප්‍රචාරය කරන දුර්මත ඛණ්‌ඩනය කිරීම සඳහා ය. ඒ දුර්මත ප්‍රචාරය කරන්නන් අතර ඊර්ෂ්‍යා පරවශ ගුරුවරු ද වෙති.

කැනඩාවේ හා වෙනත් රටවල සිටින මහත්වරුන් සමහර විට සිතනු ඇත්තේ ලංකාවට පැමිණීමෙන් පසු අප පොතපත සගරා ආදිය නො කියවන බවත් ඊනියා පර්යේෂණ නො කරන බවත් ය. මම බටහිර විද්‍යාවෙන් සම්පූර්ණයෙන් කැඩෙන තෙක්‌ ඊනියා පර්යේෂණ පත්‍රිකා පළ කෙළෙමි. පොතපත කියවන්නේ තමන් පමණක්‌ යෑයි සමහර විට පිටරට සිටින මහත්වරුන් සිතනු ඇත. මම පසුගිය දිනවල ජොන් ගි්‍රබ්න් ලියා 2012 දී පළ කර ඇති අර්වින් ෂ්රොඩිංගර් හා ක්‌වොන්ටම් විප්ලවය (Erwin Schrodinger and the Quantum Revolution) නම් පොත කියවීමි. (එහි කඩදාසි කවර මුද්‍රණය නිකුත් වී ඇත්තේ 2013 දී ය). එහි ගණිතය නැත. එහෙත් එපමණකින් එහි වියුක්‌ත සංකල්ප නැතැයි කිව නොහැකි ය. කේම්බ්‍රිඡ් විශ්වවිද්‍යාලයයේ තාරකා විද්‍යා ආයතනයෙන් (Institute of Astronomy) ආචාර්ය උපාධියක්‌ ලබා ඇති ගි්‍රබ්න්, නේචර් හා නිව් සයන්ටිස්‌ට්‌ සගරාවල සේවය කර ඇත. ඔහු තම පොතෙහි මහාචාර්ය මැක්‌රේ ගැන ද සඳහන් කරයි. ඒ ෂ්රොඩිංගර් උතුරු අයර්ලන්තයේ බෙල්µdස්‌ට්‌හි සිටිය දී මහාචාර්ය මැක්‌රේ ඇසුරු කළ බව හා මහාචාර්ය මැක්‌රේ ගෙන් ෂ්රොඩිංගර් ගැන ලබාගත් ඇතැම් කරුණු ගැන කීමේ දී ය. මහාචාර්ය මැක්‌රේ කේම්බ්‍රිඡ් විශ්වවිද්‍යාලයයෙහි සිටිය දී පෝල් ඩිරැක්‌ ද ආශ්‍රය කර ඇත. මම මහාචාර්ය මැක්‌රේ ගෙන් ඒ විද්‍යාඥයන් හා ඔවුන් ගේ අදහස්‌ ගැන පමණක්‌ නො ව එංගලන්ත ඉතිහාසය හා දේශපාලනය ගැන ද අසා දැනගෙන ඇත්තෙමි. බටහිර විද්‍යාවේ සිදු වන දේ ගැන විමසිල්ලෙන් පසු වන අපි ප්‍රංශ ජාතික ඇස්‌පෙ (Aspect - මේ උච්චාරණය පිළිබඳව මම වග නො කියමි) විසින් 1980 දී පමණ පර්යේෂණ සිදු කෙරී 81 දී 82 දී පළ කෙරුණු පත්‍රිකාවල අඩංගු ප්‍රතිඵල ගැන 1986 දී පළ කළ මගේ ලෝකය කෘතියෙහි සඳහන් කෙළමි. ඒ පර්යේෂණවල ප්‍රතිඵල බෝම් ගේ අදහස්‌වලට පටහැනි වෙයි. එපමණක්‌ නො වේ. ජෝන් බෙල් ඉදිරිපත් කළ අසමානතාවලින් හා ඒ සම්බන්ධයෙන් පරීක්‌ෂණ කර ඇති ඇස්‌පෙ වැන්නන් ගේ පරීක්‌ෂණවලින් කියෑවෙන්නේ බෝම් ගේ අදහස්‌ සමග ඒ පරීක්‌ෂණ අනුගත නො වන බව ය. මේ ලිපියෙහි ගි්‍රබ්න් ගේ පොතෙන් ගත් කරුණක්‌ (ෂ්රොඩිංගර් කී වේදාන්ත අදහසක්‌) සඳහන් කිරීමට බලාපොරොත්තු වෙමි. ෂ්රොඩිංගර් වේදාන්ත දර්ශනය ගැන උනන්දුවක්‌ දැක්‌වී ය. ඔහු අද්වෛත වේදාන්තයේ බ්‍රහ්මන් ගැන උද්යෝගයෙන් කතා කර ඇත. ගි්‍රබ්න් සමඟ මා එකඟ නො වූවත් ඔහු කියන්නේ මහේක්‌ෂ වස්‌තුවලට ද (macroscopic objects) ශුද්‍ර අංශුවල (microscopic particles) මෙන් ක්‌වොන්ටම් ගුණ ඇති බව ය. ෂ්රොඩිංගර් ගේ සුප්‍රසිද්ධ බළලා ද ක්‌වොන්ටම් අනිශ්චයතා මූලධර්මය (uncertainty principle) හා තරංග ශ්‍රීතයේ කඩාවැටීම (collapse of the wave function) මහේක්‌ෂ වස්‌තුවලට යෙදීමේ ප්‍රතිඵලයකි. එහෙත් ඔහු බළලා උදාහරණය ගෙනාවේ කෝපන්හේගන් විවරණයට එරෙහි ව ය.

ගි්‍රබ්න් තම පොතෙන් පෙන්වා දෙන්නේ ක්‌වොන්ටම් භෞතිකය මහේක්‌ෂ වස්‌තුවලට යෙදීමෙන් ඒ වස්‌තු ද ක්‌වොන්ටම් පටලැවුමක (Quantum Entanglement) ඇතැයි සැලකිය හැකි බව ය. පටලැවුම යන සංකල්පය ක්‌වොන්ටම් භෞතිකයට ගෙනැවිත් ඇත්තේ ෂ්රොඩිංගර් ය. ගි්‍රබ්න් පෙන්වන්නේ එකිනෙක සමඟ පැටලී ඇති මහේක්‌ෂ වස්‌තු හා ශුද්‍ර අංශු එක්‌ සමස්‌තයක්‌ නිර්මාණය කරන බව ය. මේ සමස්‌තය ෂ්රොඩිංගර් සඳහන් කර ඇති අද්වෛත (දෙකක්‌ නො වන එකක්‌ ම පමණක්‌ වන) බ්‍රහ්මන් මෙන් යෑයි සැලකිය හැකි ය. මේ සියල්ල කප්රා ගේ ශිව නැටුම (Dance of Shiva) ද සිහිපත් කරයි. එකල ජනාධිපති වූ ඡේ. ආර්. ජයවර්ධන කප්රා ගේ අදහස්‌වලින් යම් උත්තේජනයක්‌ ලැබ (අඩු තරමින් ඡේ. ආර්. ජයවර්ධන අනෙක්‌ බොහෝ දේශපාලනඥයන් මෙන් නො ව කප්රා ගැන දැන සිටියේ ය.) ගුවන් ගමන් බලපත්‍ර දී කප්රා ලංකාවට සුළු කාලයකට ගෙන්වාගත්තේ ය. ථෙරවාද බුදුදහම බටහිර විද්‍යාව සමඟ එකඟ වන්නේ යෑයි කියන පිටරට හා මෙරට සිටින සිංහල බෞද්ධයනට ක්‌වොන්ටම් භෞතිකයට බෞද්ධ විවරණයක්‌ දීමට නොහැකි වී ඇත. අහෝ ඛෙදයකි.

ඒ සමඟ කැනඩාවේ සිටින මහත්වරුන් ගේ දැනගැනීම සඳහා කිව යුත්තේ මා මේ දිනවල කියවන්නේ ඔවුන් ගෙන් එක්‌ අයකු ගේ සමච්චලයට පාත්‍ර වූ ජිම් බැගට්‌ ගේ යථාර්ථයට ආයුබෝවන් (Farewell to Reality) නම් 2013 දී පළ කර ඇති කෘතියයි. මා යථාර්ථයට ආයුබෝවන් කීවේ 2013ට බොහෝ කලකට පෙර අසූවේ දශකයේ බව ද සඳහන් කළ යුතු ය. අපි ඇතැම් දැනුම් බටහිරයන් ගෙන් ලබාගෙන අපේ සංස්‌කෘතියට අවශෝෂණය කරන අතර අපේ ම දැනුම් ද නිර්මාණය කරමු. මම කලකට පෙර, මේ විවාදය ආරම්භයේ දී ෙµdaටෝනවලට ස්‌කන්ධයක්‌ පැනවිය හැකි ය යන මතයේ සිටියෙමි. මා ඉන්පසු කියවූ ලිපි අනුව කල්පනා කිරීමෙන් පසුව දැන් දරන මතය වනුයේ ෙµdaටෝනවලට යම් පද්ධතියක ස්‌කන්ධ කේන්ද්‍ර රාමුවෙහි ස්‌කන්ධයක්‌ (අවිචලක හෙවත් නිශ්චලතා ස්‌කන්ධයක්‌ නො වේ) ඇති බව ය. ෙµdaටෝන දොඹ ගෙඩි මෙන් නො වූවත් ඇතැම් අවශ්‍යතා යටතේ එකිනෙක සමඟ ගැටේ. ඉඩ ලැබෙන පරිදි මේ සියල්ල විස්‌තර කරමි. එහෙත් එයට පෙර ආචාර්ය චන්ද්‍රසිරි ධර්මවර්ධන සමඟ ප්‍රසිද්ධ වාදය කිරීමට හැකි නම් ඒ මහතාට කෘතඥ වෙමි.

දැන් අපි මහාචාර්ය අමරතුංග මහතා දෙසට හැරෙමු. ඒ මහතා තම 2015 නොවැම්බර් 18 වැනි දා ලිපියෙහි මෙසේ කියයි. "අප ගේ මතවාදය ක්‌වොන්ටම් මතවාදය සමඟ එකඟ වනවා දැයි සොයා බැලිය යුතු ය. ක්‌වොන්ටම් මතවාදය පිළිබඳව අර්ථකථන කිහිපයක්‌ ම තිබෙන බව අපි දනිමු. ඒවායින් පුමුඛස්‌ථානයක්‌ ගන්නේ කෝපන්හේගන් අර්ථකථනය සහ ඩි බ්‍රොග්ලි-බොහොම් අර්ථකථන වන්නේ ය. තවත් වැදගත් අර්ථකථන එකක්‌ හෝ දෙකක්‌ තිබිය හැකි ය. කෝපන්හේගන් අර්ථකථනයට අනුව ක්‌වොන්ටම් මතවාදය අනියතිවාදී ය. ඩි බ්‍රොග්ලි-බොහොම් අර්ථකථනයට අනුව එය නියතිවාදී වන්නේ ය. මේ නයින් බලන කල ක්‌වොන්ටම් මතවාදය නියතිවාදී හෝ අනියතිවාදී හෝ යෑයි නිත්‍ය වශයෙන් කිව නොහැකි ය. එම නිසා ක්‌වොන්ටම් මතවාදය අප ගේ මතවාදයට විරුද්ධ නො වන්නේ ය. එය බුදු දහමේ පටිච්චසමුප්පාදයට ද විරුද්ධ වන්නේ නැත. පටිච්චසමුප්පාදය නියතිවාදී නො වන්නේ ය. අනියතිවාදී ද නො වන්නේ ය."

අමරතුංග මහතා ගේ තර්කඥනය කෙබඳු දැයි ඉහත සඳහන් ඡේදය කියවීමෙන් පමණක්‌ වුව ද දැනගත හැකිය. ද බෘලි බෝම් (බෝම් ද ෂ්රොඩිංගර් මෙන් භාරතීය දර්ශනයෙන් ආභාසය ලැබීය. අර්නස්‌ට්‌ මාක්‌ බෞද්ධ දර්ශනයෙන් ද බෝර් චීන යිං යෑං දර්ශනයෙන් ද ආභාසය ලැබී ය. එහෙත් මාක්‌ තර්කානුසාරී අනුභූතිවාදයක - logical positivism - සිර විය. ඔහු පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධිවල පැවැත්ම විශ්වාස කළේ ය) අර්ථකථනය අනුව ක්‌වොන්ටම් භෞතිකය නියතිවාදී යෑයි ද කෝපන්හේගන් අර්ථකථනය අනුව එය අනියතිවාදී යෑයි ද කියන අමරතුංග මහතා ඉන් නිගමනය කරන්නේ ක්‌වොන්ටම් භෞතිකය නියතිවාදී හෝ අනියතිවාදී යෑයි නිත්‍ය වශයෙන් ම කිව නොහැකි බව ය. දෙදෙනකු යමක්‌ ගැන දෙවිදියකට බලන කල එයින් කියෑවෙන්නේ ඒ යමක්‌ දෙවිදියෙන් එක්‌ විදිහකට වත් නැතැයි නිත්‍ය වශයෙන් කිව නොහැකි බව නො වේ. එක ම තැනැත්තකු ක්‌වොන්ටම් භෞතිකය නියතිවාදී හෝ අනියතවාදී හෝ නො වේ යෑයි කරුණු සහිත ව කියා ඇත්නම් අමරතුංග මහතා ගේ නිගමනයට යම් ඉඩක්‌ දිය හැකි ය. එහෙත් දෙදෙනකු ක්‌වොන්ටම් භෞතිකය ගැන දෙකක්‌ කියන විට ඉන් ක්‌වොන්ටම් භෞතිකය ගැන කිසිවක්‌ නිගමනය කළ හැකි නො වේ. අමරතුංග මහතා පටිච්චසමුප්පාදය නියතිවාදී වන්නේ ය හෝ නො වන්නේ ය හෝ යනුවෙන් කියන්නේ දෙදෙනකු පටිච්චසමුප්පාදය ගැන එලෙස දෙවිදිහකට කියා ඇති බැවින් ද? පට්‌ච්චසමුප්පාදය නියතිවාදී නො වේ යෑයි කී අයෙක්‌ හා නියතවාදී වේ යෑයි කී තවත් අයෙක්‌ වෙත් ද? අමරතුංග මහතා කබරගොයා තලගොයා කරන්නේ යෑයි මම නො කියමි. ඔහුට තර්කඥනය ආගන්තුක ය.

අපි දැන් ගුරුත්වාකර්ෂණය පට්‌ටපල් බොරුවක්‌ බවට පසුගිය ලිපියෙන් (දෙසැම්බර් 23) කී දේ තවත් ඉදිරියට ගෙන යමු. අපි එහි දී අයින්ස්‌ටයින් සාපේක්‌ෂතාවාදය ( විශේෂ හා සාධාරණ නම් පොතෙහි කර ඇති ප්‍රකාශයක්‌ සඳහන් කළෙමු. ඒ ප්‍රකාශය නැවත උපුටා දක්‌වන්නේ පාඨකයන් ආපසු එකී ලිපිය කියවීමට ඇති ඉඩකඩ අඩු බැවිනි. "We have already stated several times that classical mechanics starts out from the following law: Material particles sufficiently far removed from other material particles continue to move uniformly in a straight line or continue in a state of rest. We have also repeatedly emphasised that this fundamental law can only be valid for bodies of reference K which possess certain unique states of motion, and which are in uniform translational motion relative to each other. Relative to other reference-bodies K’ the law is not valid. Both in classical mechanics and in the special theory of relativity we therefore differentiate between reference-bodies K relative to which the recognised “laws of nature“ can be said to hold, and referencebodies K’ relative to which these laws do not hold.”

අයින්ස්‌ටයින් මෙයින් කියන්නේ නිව්ටෝනීය හා විශේෂ සාපේක්‌ෂතාවාදී චලිත නියම වලංගු වන සමුද්දේශ රාමු (K) හා එසේ නො වන රාමු (K') වශයෙන් රාමු වර්ග දෙකක්‌ ඇති බව ය. මේ K රාමු යනු කවරේ ද? ඒ අන් කිසිවක්‌ නො ව ඊනියා අවස්‌ථිති සමුද්දේශ රාමු (inertial frames of reference) ය. ඒ රාමු අනෙක්‌ වස්‌තුවලින් ඉතා ඈත පවතින්නේ යෑයි සිතමු. එහෙත් එවැනි රාමු අපට සොයාගත හැකි ද? නිව්ටන් තම සූත්‍රගත කිරීමේ දී ඊනියා නිරපේක්‌ෂ අවකාශයක්‌ සඳහන් නො කළ ද මේ රාමු තිබිය හැක්‌කේ වෙනත් කිසි ම වස්‌තුවක්‌ නැති නිරපේක්‌ෂ අවකාශයක ය. අනෙක්‌ වස්‌තුවලින් ඉතා ඈතට ඇති රාමු යනු හුදු සන්නිකර්ෂණයක්‌ පමණකි. කෙතරම් ඈතට ගියත් ඒ වස්‌තුවල බලපෑම මුළුමනින් ම නැති කළ නොහැකි ය. එබැවින් ඊනියා අවස්‌ථිති සමුද්දේශ රාමු යනු පංචෙන්ද්‍රිය ගෝචර නො වන වියුක්‌ත රාමු විශේෂයකි. ඒ රාමු තිබිය හැක්‌කේ ඇතැම් විද්‍යාඥයන් ගේ මනස්‌වල පමණකි. අර්නස්‌ට්‌ මාක්‌ ඊනියා අවස්‌ථිති රාමු යොදාගෙන භෞතික විද්‍යා නියම සූත්‍රගත කිරීමට විරුද්ධ විය. ඔහු කියා සිටියේ බටහිර භෞතික විද්‍යාවේ පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි එවැනි ම පංචෙන්ද්‍රිය ගෝචර සංකල්ප හා ප්‍රවාද මගින් පමණක්‌ තේරුම් කළ යුතු බව ය. ඒ ඔහු ගේ තර්කානුසාරී අනුභූතිවාදය සමඟ එකඟ විය.

අපි ඊනියා අවස්‌ථිති රාමුවක්‌ තිබේ යෑයි උපකල්පනය කරමු. දැන් නිරීක්‌ෂකයා ද නිරීක්‌ෂ්‍ය (නිරීක්‌ෂණය කරනු ලබන්න) ද මේ රාමුවට සාපේක්‌ෂව පැවතිය යුතු ය. නැත හොත් නිරීක්‌ෂණය කරන්නේ කවුද? කුමක්‌ ද? එහෙත් ප්‍රශ්නය වනුයේ එසේ නිරීක්‌ෂකයකු හා නිරීක්‌ෂ්‍ය ඇති විට අර රාමුව තවදුරටත් අවස්‌ථිති සමුද්දේශ රාමුවක්‌ වන්නේ ද යන්න ය. ඒ රාමුව දැන් අනෙක්‌ වස්‌තූන් ගෙන් ඉතා ඈත පවතින රාමුවක්‌ නො ව නිරීක්‌ෂකයකු හා නිරීක්‌ෂ්‍ය ද රැගත් රාමුවකි. මෙයින් කියෑවෙන්නේ පංචෙන්ද්‍රිය ගෝචර ලෝකයෙහි ඊනියා අවස්‌ථිති රාමු නොමැති බව ය. එහෙත් නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි මෙන් ම විශේෂ සාපේක්‌ෂතාවාදී යාන්ත්‍රිකයෙහි ද එවැනි රාමු යොදාගැනෙයි. එනම් නැති අවස්‌ථිති සමුද්දේශ රාමු ඇතැයි එහි දී සැලකෙයි. එසේ වුවත් යාන්ත්‍රිකය ගැන කතා කරන්නන්ට මේ නැති රාමු යොදාගෙන ඉන් වැඩ ගත හැකි ය. ඒ නැති මම යොදාගෙන අප ඉන් (නැති මා ගෙන්) වැඩ ගන්නා ආකාරයට ය. යමකින් වැඩක්‌ ගත් පමණින් ඒ පවතින්නේ යෑයි කිව නොහැකි ය.

අප කලින් ද කියා ඇති ආකාරයට මාක්‌ ගේa අදහස්‌ තරුණ අයින්ස්‌ටයින්ට බලපෑවේ ය. අයින්ස්‌ටයින් ගේ ඊනියා අවස්‌ථිති සමුද්දේශ රාමුවලට සීමා නො වී සාධාරණ ව ඕනෑ ම සමුද්දේශ රාමුවක භෞතික විද්‍යාවේ නියම සූත්‍රගත කිරීම ගැන තම අවධානය යොමු කෙළේ ය. අවුරුදු දහයකින් 1915 දී සාපේක්‌ෂතාවාදය බිහි විය. නිව්ටන්ට තිබූ ප්‍රශ්නය වූයේ අත්හරිනු ලැබූ වස්‌තුවක්‌ එක ම ත්වරණයකින් පොළොවට එන්නේ ඇයි (ගැලීලියෝ කළා යෑයි කියන ඇල වන කුලුනේ පරීක්‌ෂණය) ග්‍රහ වස්‌තු සූර්යයා වටේ චලනය වන්නේ ඇයි ආදිය ය. ඒ තේරුම් කිරීම සඳහා නිව්ටන් ගුරුත්වාකර්ෂණය ඉදිරිපත් කළේ ය. එහෙත් එසේ කෙළේ ඊනියා අවස්‌ථිති සමුද්දේශ රාමුවල ය. නිව්ටන් වැටෙන ඇපල් ගෙඩියක්‌ සඳහා සමීකරණය ලියුවේ නැති අවස්‌ථිති රාමුවල ය.

නලින් ද සිල්වා