logo3.gif (702 bytes)

HOME


ප්‍රොaටීන හා ෆොaටෝන

ඩී එස්‌ සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා තමා වෙනත් අයකු ගෙන් ගත් මත, අදහස්‌ ආදිය විස්‌තරාත්මක පිටු අංක සහිත ව කීමට මැළි වෙයි. ඔහු පිටු අංක තබා මූලාශ්‍රය වත් පැහැදැලි ව නො කියයි. ඔහු දැනට ඉදිරිපත් කරන ඊනියා ජීවිතයේ අරුත ගැන අදහස්‌ මා කලින් ද සඳහන් කර ඇති පරිදි බටහිර ලෝකයෙහි සාකච්ඡා කෙරී ඇත. විකිපීඩියා කියවීමෙන් වුවත් යමකුට ඒ බව දැනගත හැකි ය. එවැනි අදහසක්‌ ගත් තැන නො ව ඉතා සුළු කරුණක්‌ ගත් තැන පවා පාඨකයා ගෙන් හැකිතාක්‌ වසං කිරීමට අමරතුංග මහතා උත්සාහ දරයි.

පසුගිය දෙසැම්බර් 09 වැනි දින පළ වූ ඒ මහතාගේ ලිපියෙහි මෙසේ සඳහන් වෙයි. "ජීවිතයේ අරුත (meaning) සහ අරමුණු (purpose) යනුවෙන් දෙකක්‌ ඇති බව පෙනේ. ජීවිතයේ අරුත කුමක්‌ වුවත් අපට අරමුණක්‌ කරා යා හැකි ද? අරමුණ අප සඳහා යෑයි සිතිය හැකි ය. අරුත අප සඳහා නො වන්නට පුළුවන. අරමුණ සාක්‌ෂාත් කරගත්තත් නො ගත්තත් එය අප සඳහා අප ගේ හැකියාවන් මගින් සකසාගන්නා දෙයකි. ජීවිතයේ අරුත අප සඳහා යෑයි සිතා ගැනීමට හේතුවක්‌ නැත. ජීවිතයේ අරුත විශ්වය/ස්‌වභාවධර්මය සඳහා විය හැකි ය." මෙහි මුලින් ම කියෑවෙන වාක්‍යය අමරතුංග මහතා ලබාගෙන ඇත්තේ එක්‌තරා වෙබ් අඩවියක පළ වූ ලිපියකිනි. අමරතුංග මහතාට අරමුණ හා අරුත යනුවෙන් දෙකක්‌ ඇති බව පෙනේ යෑයි නො කියා අහවල් වෙබ් අඩවියෙහි පළ වූ අහවල් ලිපියෙහි එසේ සඳහන් කර ඇති බව කීමට තිබිණි.

අරුත හා අරමුණ ගැන අමරතුංග මහතා පවසන අදහස්‌ ගැන අපි එකඟ නො වෙමු. අරුත යන්න ඉංගිරිසි මීනිං (meaning) යන්නෙහිත්, අරමුණ යන්න ඉංගිරිසි පර්පස්‌ (purpose) යන්නෙහිත් පරිවර්තන වෙයි. එහෙත් මලලසේකර ශබ්දකෝෂයෙහි පර්පස්‌ යන්නට අරමුණ මෙන්ම අර්ථය යන්න ද සඳහන් වෙයි. කෙසේ වෙතත් අමරතුංග මහතාට දැන් අවශ්‍ය වන්නේ අරුත හා අරමුණ යන දෙකෙන් තමන් කතා කරන්නේ ජීවිතයේ අරුත ගැන බව පැවසීමට ය. ජීවිතයේ අරුත විශ්වය/ස්‌වභාවධර්මය සඳහා විය හැකි යෑයි අමරතුංග මහතා පවසයි. මෙහි හැකි යෑයි කීව ද අමරතුංග මහතා ඇතුළු යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි අය ද අනුකාරකයෝ ද අපේ ජීවිතවල අරුත/ අරමුණ විශ්වය/ ස්‌වභාවධර්මය සඳහා යෑයි නිශ්චිත ව කියති. ද සයන්ස්‌ ඩිල්‍යqෂන් පොත හා තවත් පොත් ලියා ඇති රූපට්‌ ෂෙල්ඩේ්‍රක්‌ මහතා ද ඉන් වෙනස්‌ නො වේ.

අමරතුංග මහතාට කිසිවක්‌ පැහැදිලි ව ලිවීමට නොහැකි වීම මේ සංවාදයෙහි ඇති ප්‍රධාන ම ගැටලුවකි. ඒ මහතාට නිරවුල් අදහස්‌ ද නැත. අමරතුංග මහතා ගේ ඒ ලිපියෙහි ම පහත සඳහන් වාක්‍ය සලකා බලන්න. "ජීවිතයේ අරුත සහ අරමුණු වශයෙන් වෙන් කොට දැක්‌වුව ද එසේ සම්පූර්ණයෙන් වෙන් කරන්නට නොහැකි ය. ජීවිතයේ අරුත විශ්වය විසින් නිගමනය කෙරෙනවා නම් අරමුණ ද ඒ සඳහා ම සැකසී ඇති ක්‍රියාදාමයක්‌ විය යුතු ය. කෙනකු ගේ ජීවිතයේ අරමුණ මිනිසාට සේවය කිරීම යෑයි සිතමු. ඔහු එම අරමුණ සාක්‌ෂාත් කරගන්නා විට ඔහු ගේ ජානවල යම්කිසි ඉතා කුඩා වූ වෙනසක්‌ ඇති වන්නට පිළිවන. එම වෙනස ජීවිතයේ අරුත හා සම්බන්ධ වී ඇත. කෙනකු ගේ ජීවිතයේ අරමුණ විද්‍යාව හදාරා අලුත් සොයාගැනීමක්‌ සිදු කරන්නට නම් එය සිදු කරන විට ද ඔහු සිදු කරන්නේ ඔහු ගේ ජානවල වෙනස්‌ වීම් මගින් ජීවිතයේ අරුතට අනුකූලව ක්‍රියා කිරීම ය. අප මෙතැන දී ඉදිරිපත් කරන අදහස ද අප ගේ මූලික මතවාදය වන ජීවිතයේ අරුත වනාහි DNA, RNA, ප්‍රොaටීන් නිෂ්පාදනය වන්නේ ය යන්නට අනුකූල බව පෙනී යා යුතු ය. එම නිසා කිව හැක්‌කේ යමකු තම ජීවිතයේ අරමුණු සාක්‌ෂාත් කරගැනීමට වෙහෙසන විට ඇත්තෙන් ම ඔහු සිදු කරන්නේ ජීවිතයේ අරුත වූ විශ්වයට/ස්‌වභාවධර්මයට සේවය කිරීම ය. සමහර අය ජීවිතයේ අරුත සහ අරමුණ පටලවාගෙන ඇති බව බෝධි ධනපාල මහතා පවසා ඇත. එසේ සිදු විය යුතු නැත. ඒ දෙකේ සම්බන්ධතාව මා පැහැදිලි කොට දී ඇත. එම පැහැදිලි කිරීමෙන් පෙන්නුම් වන්නේ ජීවිතයේ අරමුණ වනාහි ජීවිතයේ අරුත සඳහා ලැබෙන වේතනය බව ය."

අමරතුංග මහතා අරුත හා අරමුණු අතර වෙනස පිළිබඳ මූලාශ්‍රය ගැන අපට ඉඟියක්‌ ලබා දෙයි. ඔවුන් ගේ වාදයකට අවතීර්ණ වීමට මා කිසිසේත් ම සූදානම් නැත. අමරතුංග මහතාට අනුව එක්‌ එක්‌ අය ගේ ජීවිතවල අරමුණු වෙනස්‌ විය හැකි ය. යමකුට ඒ අරමුණ මිනිසාට සේවය කිරීම විය හැකි ය. තවත් අයකුට අරමුණ (බටහිර) විද්‍යාව හදාරා අලුත් යමක්‌ සොයාගැනීම විය හැකි ය. (මේ කතා කරන්නේ සිංහල බෞද්ධයන් ගැන නම් විය නොහැකි ය. සිංහල බෞද්ධයකු අලුත් සොයාගැනීමක්‌ කර නැත. එහෙත් ඇතැම් සිංහල බෞද්ධයෝ මහත් ආඩම්බරයෙන් බටහිර විද්‍යාව හා ථෙරවාද බුදුqදහම අතර සම්බන්ධයක්‌ දකිති. එවැනි සම්බන්aධයක්‌ ඇත්නම් බටහිර විද්‍යාවේ නොබෙල් තෑගි යම් ප්‍රමාණයක්‌ සිංහල බෞද්ධයන්ට හිමි විය යුතු ය.) ඒ අරමුණ කුමක්‌ වුවත් ඒ ඒ අය ගේ ජානවල වෙනස්‌වීම මගින් කෙරෙන්නේ ජීවිතයේ අරුත යෑයි අමරතුංග මහතා හා ෂෙල්ඩේ්‍රක්‌ මහතා ඇතුළු යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයට අයත් අය හෝ අනුකරණය කරන අය හෝ කියන ආකාරයට විශ්වයට/ ස්‌වභාවධර්මයට සේවය කිරීම ය. මෙය කෙතරම් දුරට ඊනියා පරිණාමවාදය සමග එකග වන්නේ දැයි අමරතුංග මහතා අපට කියා දෙන්නේ ද? අපට අපේ ගතිගුණ අනුව ජාන වෙනස්‌ කළ හැකි ද? එසේ වෙනස්‌ කළත් ඒවා ඊළග පරම්පරාවට යන්නේ ද? විකෘතීන් හා ස්‌වාභාවික වරණය සමග මේ සියල්ල එකග වන්නේ ද? මෙය ලැමාර්ක්‌ ගේ (Lamarck මේ මා දන්නා උච්චාරණය ය) අදහස්‌ සමග වඩාත් ගැලපෙන්නේ ද? අමරතුංග මහතා මේ සියල්ල අපට පහදා දෙන්නේ ද?

අමරතුංග මහතාට අනුව මුළු මහත් සත්ත්ව සන්තතියට ම පොදු වූ ජීවිත අරුතක්‌ ඇත. එහෙත් ඒ ඒ මිනිසාට විශේෂිත වූ ජීවිත අරමුණු තිබිය හැකි ය. ජීවිතයේ අරුත යන පද අමරතුංග මහතා ගේ අදහසක්‌ නො වන බව විකිපීඩියා ලිපි කියවීමෙන් වුවත් දැනගත හැකි ය. ඒ පද මීනින් ඔෆ් ලයිෆ් (Meaning of life) යන ඉංගී්‍රසි ප්‍රකාශයෙහි සිංහල පරිවර්තනය ය. මෙය යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතික යෙදුමකි. එම සංස්‌කෘතියෙහි දෙවියන් වහන්සේට සේවය කිරීම විශ්වයට /ස්‌වභාවධර්මයට සේවය කිරීම ලෙස පමණක්‌ වෙනස්‌ කෙරී ඇත. දෙවියන් වහන්සේ ගේ තැනට විශ්වය පත් වී ඇත. දෙවියන් වහන්සේ ලෝකය මැවූ (නිර්මාණය කළ) සේක යන්න වෙනුවට විශ්වය ඊනියා මහා පිපුරුම සමග නිර්මාණය වී ඇත යන්න ආදේශ වී ඇත. බටහිර ගණිතයෙහි ඊනියා ස්‌වසිද්ධි හා අර්ථ නො දක්‌වන ලද ගණිතමය භූතාර්ථ (Mathematical entities) දෙවියන් වහන්සේ ගේ තැනට පත් වී ඇත. බටහිsර විද්‍යාවත් බටහිsර ගණිතයත් නිර්මාණය කෙරෙන්නේ යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙහි ය. එය රේය චින්තනයකි.

අමරතුංග මහතා ගේ ලිපි ගැන අපි නොවැම්බර් 11 වැනි දා මෙසේ කීවෙමු. "අමරතුංග මහතා අවුල් සහගත ව කීව ද අවුල නිරවුල් කරගත් පසු ඔහු ප්‍රධාන මාතෘකා හතරක්‌ ඔස්‌සේ කරුණු දක්‌වන බව පෙනෙයි. පළමුවෙන් ම ඔහු කියන්නේ ලෝකයේ කවදත් කොතැනත් තිබුණේ එක ම විද්‍යාව බව ය. දෙවැනුව ඔහු යථාර්ථයක්‌ ගැන සඳහන් කරයි. තුන්වැනුව නියතිවාදයක්‌ ගැන කතා කරයි. හතරවැනුව ඊනියා ජීවිතයේ අරුත ගැන ඔහු කියන පරිදි තමා ගේ ම මතයක්‌ ඉදිරිපත් කරයි. අප අමරතුංග මහතා ගේ එදිනෙදා ලිපිවලට පිළිතුරු දිමේ දී මේ මාතෘකා හතර සිහියේ තබා ගනිමු. " මෙහි කරුණු දැක්‌වීම් කෙරෙනුයේ හතරවැනි මාතෘකාව ඔස්‌සේ ය.

ජීවිතයේ අරුත ගැන කතා කළ ද අරමුණ ගැන කතා කළ ද බටහිssර විද්‍යාව හැදැරීමෙන් බෞද්ධකම නැති කර නො ගත් සිංහල බෞද්ධයනට ඒ ප්‍රශ්නයක්‌ නො වේ. සිංහල බෞද්ධයනට ඇත්තේ ජීවිතයේ අරුත සෙවීම වත් අරමුණ දැනගැනීම වත් නො ව දුක නැති කිරීම ය. එහි දී අප ජාන වෙනස්‌ කරන්නේ ද නැද්ද ආදී ප්‍රශ්න කිසිසේත් ම අදාළ නො වේ. බටහිර විද්‍යාව හා බුදුදහම මිශ්‍ර කර මැලේ අච්චාරු දැමීමට උත්සාහ කරන අමරතුංග මහතා වැන්නවුන්ට නම් තණ්‌හාව ජාන වෙනස්‌ කිරීම (පරිණාමවාදය සමග එකග නො වුණ ද) ආදිය ගැන අතාර්කික කතා කියමින් පුවත්පත්වල පිටු පිරවිය හැකි ය.

මේ පිළිබඳව අපි පසුව තවදුරටත් කතා කරමු. ඒ අමරතුංග මහතා ගේ අවුල් පාඨකයාට දැනගැනීමට සැලැස්‌වීමට ය. ඔහු අවුලක සිටීම ගැන අපට ප්‍රශ්නයක්‌ නැත. එහෙත් ඔහු පාඨකයන් අවුල් කරන විට අපට මැදිහත් වීමට සිදු වෙයි. මෙහි දී රූපට්‌ ෂේල්ඩේ්‍රක්‌ මහතා ගේ ද සයන්ස්‌ ඩිල්‍යqෂන් පොතෙහි එක්‌ පරිච්ඡේදයක්‌ ගැන සඳහන් නො කර බැරි ය. ඒ පොතෙහි පස්‌වැනි පරිච්ඡේදය (2013 කඩදාසි කවර සහිත ප්‍රථම මුද්‍රණයෙහි 130-156 පිටු) නම් කර ඇත්තේ ඉස්‌ නේචර් පර්පස්‌ලස්‌ (ස්‌වභාවධර්මය අරමුණු රහිත ද?) යනුවෙනි. මෙහි ප්‍රොaටීන සම්මිඤ්ජනය (නැමුම) ගැන ද සඳහන් වෙයි.

ෂෙල්ඩේ්‍රක්‌ මහතා ගේ ඉහත සඳහන් පොතෙහි අදාළ පරිච්ඡේදය කරුණු කිහිපයක්‌ නිසා වැදගත් වෙයි. ඒ කරුණු සමහරක්‌ සාකච්ඡා කිරීමට පෙර ක්‌වොන්ටම් යාන්ත්‍රිකය ගැන යමක්‌ සඳහන් කළ යුත්තේ අමරතුංග මහතා ඒ සම්බන්ධයෙන් අදහස්‌ දක්‌වන ප්‍රාඥයකු වන බැවිනි. ඔහු තම දෙසැම්බර් 09 ලිපියෙහි පහත සඳහන් කරුණු ප්‍රකාශ කරයි. එය තරමක්‌ දීර්ඝ වුවත්, පාඨකයා ගේ දැනගැනීම සඳහා අපි එය උපුටා දක්‌වමු.

"මෑත දී (2011 වර්ෂයේ) චීනයේ මොන්ගෝලියානු විශ්වවිද්‍යාලවල සිදු කරන ලද පරීක්‌ෂණවලින් පෙනී යන්නේ ඇමයිනෝ අම්ල දම්වැල් සරලව තිබී අතරමැදි ව්‍යqහවලට නො යා කෙළින් ම ක්‍රියාකාරී සංකිර්ණ ව්‍යqහයට ක්‌ෂණයකින් ළඟා වන්නේ ක්‌වොන්ටම් පිනුම (quantum jump) උපයෝගි කරගැනීමෙන් යෑයි එම විද්‍යාඥයන් පවසන බව ය. Liaotu Luo සහJun Lu නමැති විද්‍යාඥයන් දෙදෙන ගණිතමය මොඩල නිර්මාණය කිරීමෙන් මේ බව පෙන්වා දී ඇත. එම ගණිතමය මොඩල සම්මිඤ්ජන වේගය සහ උෂ්ණත්වය සටහන් ප්‍රස්‌තාර සමග පෑහෙන බව ඔවුන් පෙන්වා දී ඇත. ඇමයිනෝ අම්ල දම්වැල අතරමැදි ව්‍යqහයන් රාශියක්‌ මඟහැර ඉතා ම සංකීර්ණ වූ ව්‍යqහයකට ක්‍ෂණයකින් ළඟා වන්නේ ක්‌වොන්ටම් යාන්ත්‍රණය උපයෝගි කරගනිමින් යෑයි මේ විද්‍යාඥයෝ පෙන්වා දෙති. මෙහි සත්‍යයක්‌ නැතැයි කියන විද්‍යාඥයන් ද සිටින බව පෙනේ.

ක්‌වොන්ටම් පිනුම යනුවෙන් හැඳින්වෙන්නේ අණුවක්‌ තුළ ඉලෙක්‌ට්‍රොaනයක්‌ එක්‌ ශක්‌ති මට්‌ටමකින් වෙනත් ශක්‌ති මට්‌ටමකට සංක්‍රමණය වීම ය. ඒවා එක්‌ ශක්‌ති මට්‌ටමකින් වෙනත් ශක්‌ති මට්‌ටමකට ක්‌ෂණයකින් සංක්‍රමණය වන්නේ ය. එසේ සිදු වන විට විද්යුත් චුම්බක විකිරණ පිට වීමක්‌ හෝ උරාගැනීමක්‌ හෝ සිදු වේ. එම විකිරණ ක්‌වොන්ටිකරණය වී ෆොaටෝන් ලෙස පිට වීම හෝ උරාගැනීම හෝ සිදු වේ. මෙය නැනෝ තත්පර කිහිපයකින් සිදු වේ.

ප්‍රොaටීන් සම්මිඤaජනය වන විට මෙවැනි දෙයක්‌ සිදු වනවා ද? එක්‌ සරල ව්‍යqහයකින් අතරමැදි ව්‍යqහයන් මඟහැර සංකීර්ණ ක්‍රියාකාරී ව්‍යqහයට ප්‍රොaටීන සම්මිඤaජනය වීම ක්‌වොන්ටම් යාන්ත්‍රණයට අනුව සිදු වන දෙයක්‌ ද? ප්‍රොaටීන් සම්මිඤaජනය සිදු වීමේ දී ඉලෙක්‌ට්‍රොaන එක්‌ ශක්‌ති මට්‌ටමක සිට තවත් ශක්‌ති මට්‌ටමකට සංක්‍රමණය වීමක්‌ සිදු වනවා ද?"

ඇමයිනෝ අම්ල සරල ව තිබී සංකීර්ණ ව්‍යqහයක්‌ ගන්නේ කෙසේ දැයි අමරතුංග මහතා අසයි. එය ඒ මහතා අසන ප්‍රශ්නයක්‌ නො වන බව පළමුවෙන් කිව යුතු ය. එහෙත් ඒ ප්‍රශ්නය වැරදි ප්‍රශ්නයක්‌ විය හැකි ය. ප්‍රොaටීන අණුවක්‌ දඟර ගැසුණු, නැමුණු ඇමයිනෝ අම්ලවලින් සමන්විත වී ඇත. ඇමයිනෝ අම්ල සරලව තිබී පසුව ප්‍රොaටීන අණු බවට පත්වන්නේ කෙසේ ද යන්න අපි පළමුවෙන් මෙතැනින් පටන් ගනිමු යන යුදෙවු ක්‍රිස්‌තියානි රේය චින්තනයෙන් ගලා එන්නකි. පටිච්චසමුප්පාදයෙහි චක්‍රීය බව (චක්‍රීය චින්තනය මත පදනම් වීම) ගැන කෙතරම් කතා කළ ද සිංහල බෞද්ධ විද්‍යාඥයන් යෑයි කියාගන්නා අයට තමන්ට සංස්‌කෘතියෙන් උරුම නො වුණු එහෙත් බටහිර අධ්‍යාපනයෙන් අනුකරණය කිරීමට පුරුදු කෙරී ඇති යුදෙවු ක්‍රිස්‌තියානි රේය චින්තනයෙන් කැඩීමට නොහැකි ය.

ඒ කුමක්‌ වුවත් එම චින්තනයෙහි හැදී වැඩී ඇති ෂෙල්ඩේ්‍රක්‌ මහතා ඔවුන්ට ආවේණික වූ ආකාරයට සංකීර්ණ ව්‍යqහ සහිත ප්‍රොaටීන අණු සෑදෙන්නේ කෙසේ ද යන ප්‍රශ්නය අසයි. ක්‌වොන්ටම් යාන්ත්‍රිකය අනුව ප්‍රොaටීන අණු යනු විභව ළිඳක අවම ශක්‌ති ව්‍යqහයක්‌ සහිත ස්‌ථායි අවසන් අවස්‌ථා ය. (ඉහත සඳහන් අදාළ පරිච්ඡේදයෙහි 144 වැනි පිටුව) පටන්ගැනීම, අවසානය ආදිය යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයට අදාළ කරුණු මිස සිංහල බෞද්ධයනට අවශ්‍ය දේ නො වේ. ප්‍රශ්නය වන්නේ ඇමයිනෝ අම්ල මේ අවසන් අවස්‌ථාව දැනගන්නේ කෙසේ ද යන්නය. එහෙත් මෙය ද වැරදි ප්‍රශ්නයක්‌ යෑයි සිතමි.

කෙසේ වෙතත් මෙයට ඊනියා ක්‌වොන්ටම් පිනුම සමඟ ඇති සම්බන්ධය කුමක්‌ ද? අමරතුංග මහතා අර මොංගෝලියානු පරීක්‌ෂණ හා සම්බන්ධ විද්‍යාඥයන් දෙදෙනා ඊනියා ක්‌වොන්ටම් පිනුම යන්නෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ දැයි පැහැදිලිව නො කියන බැවින් ඒ ගැන යමක්‌ ප්‍රකාශ නො කර සිටීම වැදගත් ය. එයින් කියෑවෙන්නේ ඇමයිනෝ අම්ලවල sපරමාණුවල (අණුවල යෑයි කීම නිවැරදි නො වේ) ඇති ඉලෙක්‌ට්‍රොaන එක්‌ ශක්‌ති මට්‌ටමක සිට තවත් ශක්‌ති මට්‌ටමකට මාරු වීමෙන් ප්‍රොaටීන අණු සෑදෙන බව ද? සියලු ප්‍රොaටීන සැකසීමේ දී මේ පිනුම් ඇති වන්නේ ද? ඇමයිනෝ අම්ල ඊනියා අතරමැදි අවස්‌ථා මඟහරින්නේ ය යන්නෙහි තේරුම කුමක්‌ ද? ඇමයිනෝ අම්ලවලට ඒ අතරමැදි අවස්‌ථා ගැන දැනුමක්‌ වේ ද?

අමරතුංග මහතා එවැනි සංකීර්ණ ප්‍රශ්න ගැන නො ව සරල ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙන්නේ ද? ඊනියා ක්‌වොන්ටම් පිනුමක දී ඉලෙක්‌ට්‍රොaනය චලනය වන්නේ ද? එසේ චලනය වන්නේ අවකාශ කාලයෙහි ද? අමරතුංග මහතා නැනෝ තත්පර ගැන කියන බැවින් ඒ ප්‍රශ්නය අදාළ ය. කෙසේ වෙතත් ඉලෙක්‌ට්‍රොaනය එක්‌ කයකින් චුත වී වෙනත් කයක ප්‍රතිසන්ධිය ලබාගන්නේ ද? එසේ කරන්නේ එක ම ඉලෙක්‌ට්‍රොaනය ද? වෙනත් ඉලෙක්‌ට්‍රොaන ද? ඉලෙක්‌ට්‍රොaනය නො නැසී පවතින්නේ ද? අර විමෝචනය කරන හෝ අවශෝෂණය කරන හෝ විකිරණයට (ෆොaටෝන) ශක්‌තියක්‌ වේ ද? ෆොaටෝනවලට ගම්‍යතාවක්‌ වේ ද?

නලින් ද සිල්වා