logo3.gif (702 bytes)

HOME


ජීවිතයේ අරුත පිළිබඳ විද්‍යාත්මක සහ දාර්ශනික සාකච්ඡා - 09

අප සාකච්ජා කරමින් සිටින්නේ ජීවිතයේa අරුත පිළිබඳව විද්‍යාවෙන් සහ දර්ශනයෙන් (ආගම් ඇතුළු) ලබාගත හැකි කරුණු ගැන ය. අප පවසා සිටින්නේ ජීවිතයේa අරුත අප සඳහා සැකසුණු දෙයක්‌ නො ව විශ්වය/සවභාවධර්මය සඳහා පිළියෙල වූ දෙයක්‌ බව ය. එය විශ්වයට/ස්‌වභාවධර්මයට කුමක්‌ හෝ සඳහා අවශ්‍ය DNA, RNA, ප්‍රොaටීන් නිෂ්පාදනය විය හැකි ය. එම අවශ්‍යතාව කුමක්‌ දැයි පසුව සොයා බලමු. ජීවී පරිණාමය තුළ සත්ත්වයා ගේ යහපත පමණක්‌ දකින විද්‍යාඥයන් පරිණාම වාසිය (evolutionary advantage) යන අදහස පෙරදැරි කරගෙන එය තුළ සිදු වන සැම දෙයක්‌ දෙස ම එම දෘෂ්ටි කෝණයෙන් බලන බව පැවසිය හැකි ය. පසුගිය ලිපියේ දුක පිළිබඳව සාකච්ඡා කරන විට මේ බව අප සඳහන් කොට ඇත. අඬමින් හෝ එවැනි ක්‍රියාවකින් දුක පෙන්නුම් කරන විට ඥාතීන් සහ මිතුරන් දුක තුනී කිරීමට ඉදිරිපත් වීම දුක නමැති මිනිස්‌ ලක්‌ෂණයේ ඇති පරිණාම වාසිය හෝ ලාබය ලෙස සැලකේ. එහෙත් අප පවසා ඇත්තේ දුක සහ තෘෂ්ණාව එක ලෙස පරිණාමය මගින් වර්ධනය වී ඇත්තේ මිනිසා ලවා වහලකු ලෙස තව තවත් විශ්වයට/ස්‌වභාවධර්මයට අවශ්‍ය සේවය කර ගැනීම පිණිස බව ය. විශ්වයේ ක්‍රියාදාම අප සඳහා සැකසී ඇතැයි සිතන හෝ එම සිතිවිල්ල උපවිඥානයේ තබාගෙන සිටින විද්‍යාඥයන් දුක, සැප, තෘෂ්ණාව, ඥාණය, ප්‍රශ්න විසඳීමේ හැකියාව වැනි මිනිස්‌ ගුණාංග තුළ දකින්නේ අප ගේ යහපත සඳහා සැකසී ඇති ලක්‌ෂණ ය. ඥානය භාවිත කොට අප ගේ ජීවිතය අපට අවශ්‍ය පරිදි තෘප්තිමත් තේරුමක්‌ ඇති දෙයක්‌ බවට පත් කර ගත හැකි ය. බුදුන් පෙන්වා දී ඇති පරිදි මෙය කළ හැක්‌කේ භාවනාව උපයෝගි කොට මනස පාලනය කරගැනීමේ හැකියාව ප්‍රගූණ කොට තෘෂ්ණාව, ක්‍රෝධය, අවිද්‍යාව යන කෙළෙස්‌ මනසින් ඉවත් කිරීමෙනි. ඊට මෙහා කළ හැකි දෙයක්‌ ඇත් ද? ඥානය භාවිත කොට අප ගේ ජිවිත තෘප්තිමත් තේරුමක්‌ ඇති දෙයක්‌ බවට පත් කරගත හැකි ද? නිරෝගී ව සතුටින් ජීවිතය ගත කිරීම ජීවිතයේ අරුත ද? ලද දෙයින් සතුටු වී අවසානයේ මරණයට පත් වීම ජීවිතයේ අරුත ද? නැතිනම් අරමුණ ද?

ජීවිතයේ අරුත (meaning) සහ අරමුණු (purpose) යනුවෙන් දෙකක්‌ ඇති බව පෙනේ. ජීවිතයේ අරුත කුමක්‌ වුවත් අපට අරමුණක්‌ කරා යා හැකි ද? අරමුණ අප සඳහා යෑයි සිතිය හැක. අරුත අප සඳහා නො වන්නට පුළුවන. අරමුණ සාක්‌ෂාත් කරගත්තත් නො ගත්තත් එය අප සඳහා අප ගේ හැකියාවන් මගින් සකසාගන්නා දෙයකි. ජීවිතයේ අරුත අප සඳහා යෑයි සිතා ගැනීමට හේතුවක්‌ නැත. ජීවිතයේ අරුත විශ්වය/ස්‌වභාවධර්මය සඳහා විය හැකි ය. මිනිසා මුළු විශ්වය සමඟ සසඳන විට අල්ප ක්‍රියාදාමයකි. සතුන් සංඛ්‍යාවෙන්, විවිධත්වයෙන් මුළු බරෙන් මිනිසාට වඩා අති විශාල ය. එහෙත් මිනිසා ගේ ඥානය සහ ඥානය පිහිටා තිබෙන මොළයේ කොටස්‌ සත්ත්වයන්ට වඩා විශාල වශයෙන් දියුණු වී වර්ධනය වී ඇත. මෙසේ සිදු වී ඇත්තේ පරිණාමය නිසා බව සොයාගෙන ඇත. එය මෙසේ සිදු වී ඇත්තේ පරිණාමය නිසා බව සොයාගෙන ඇත. එසේ සිදු වී ඇත්තේ මිනිසා ගේ යහපතට ද? එම ඥානය නිසා ප්‍රශ්න නිරාකරණය කරගැනීම, මමත්වය සහ භාෂාත්මක හැකියාවන් වර්ධනය වී ඇත. මේවා වර්ධනය වී ඇත්තේ මිනිසා ගේ යහපතට ද? නැතිනම් විශ්වයේ යම් කිසි අවශ්‍යතාවකට ද? ජීවිතයේ අරුත සහ අරමුණු වශයෙන් වෙන් කොට දැක්‌වුව ද එසේ සම්පූර්ණයෙන් වෙන් කරන්නට නොහැකි ය. ජීවිතයේ අරුත විශ්වය විසින් නිගමනය කෙරෙනවා නම් අරමුණ ද ඒ සඳහා ම සැකසී ඇති ක්‍රියාදාමයක්‌ විය යුතු ය. කෙනකු ගේ ජීවිතයේ අරමුණ මිනිසාට සේවය කිරීම යෑයි සිතමු. ඔහු එම අරමුණ සාක්‌ෂාත් කරගන්නා විට ඔහු ගේ ජානවල යම්කිසි ඉතා කුඩා වූ වෙනසක්‌ ඇති වන්නට පිළිවන. එම වෙනස ජීවිතයේ අරුත හා සම්බන්ධ වී ඇත. කෙනකු ගේ ජීවිතයේ අරමුණ විද්‍යාව හදාරා අලුත් සොයාගැනීමක්‌ සිදු කරන්නට නම් එය සිදු කරන විට ද ඔහු සිදු කරන්නේ ඔහු ගේ ජානවල වෙනස්‌ වීම් මගින් ජීවිතයේ අරුතට අනුකූලව ක්‍රියා කිරීම ය. අප මෙතැන දී ඉදිරිපත් කරන අදහස ද අප ගේ මූලික මතවාදය වන ජීවිතයේ අරුත වනාහි DNA, RNA, ප්‍රොaටීන් නිෂ්පාදනය වන්නේ ය යන්නට අනුකූල බව පෙනී යා යුතු ය. එම නිසා කිව හැක්‌කේ යමකු තම ජීවිතයේ අරමුණු සාක්‌ෂාත් කරගැනීමට වෙහෙසන විට ඇත්තෙන් ම ඔහු සිදු කරන්නේ ජීවිතයේ අරුත වූ විශ්වයට/ස්‌වභාවධර්මයට සේවය කිරීම ය. සමහර අය ජීවිතයේ අරුත සහ අරමුණ පටලවාගෙන ඇති බව බෝධි ධනපාල මහතා පවසා ඇත. එසේ සිදු විය යුතු නැත. ඒ දෙකේ සම්බන්ධතාව මා පැහැදිලි කොට දී ඇත. එම පැහැදිලි කිරීමෙන් පෙන්නුම් වන්නේ ජීවිතයේ අරමුණ වනාහි ජීවිතයේ අරුත සඳහා ලැබෙන වේතනය බව ය.

ජීව විද්‍යාඥයන් පරිණාම වාසිය හෝ ලාභය (evolutionary advantage) දකින්නේ සත්ත්වයන් තුළ සිදු වන වෙනස්‌වීම් සත්ත්වයන් ගේ යහපතට යෑයි සිතාගෙන ය. සත්ත්වයාට යහපතක්‌ සිදුවීමෙන් සත්ත්වයා ගේ පැවැත්ම ස්‌ථාපිත වන්නේ ය. මෙය සිදු වන විට වෙනත් සත්ත්වයකුට අයහපතක්‌ සිදු වන්නට ඉඩ ඇත. උදාහරණයක්‌ ලෙස කොටියකු ගේ පාදයන්හි මාංශපේශි වර්ධනය වීමෙන් උගේ දිවීමේ වේගය වැඩි වන්නට පිළිsවන. එහි ඇති පරිණාම වාසිය ගොදුරක්‌ ඩැහැගැනීමේ හැකියාව වැඩි වීම ය. එහෙත් ගොදුර වෙනත් සත්ත්වයකු නම් ඌට සිදු වී ඇත්තේ අයහපතකි. මේ නිසා පරිණාමය දෙස බලන දෘෂ්ටි කෝණය වෙනස්‌ කරන්නට අවශ්‍ය වන්නේ ය. පරිණාම ලාබය කුමක්‌ දැයි වටහාගත යුතු ය.

පරිණාමය සත්ත්වයන් සඳහා නො ව විශ්වය/ස්‌වභාවධර්මය සඳහා යෑයි සැලකුව හොත් සැම වෙනසක ම පරිණාම ලාභය හෝ වාසිය තිබේ දැයි සෙවීම අනවශ්‍ය ය. දුක ඇති වීමේ දී ලැබෙන පරිණාම ලාබය පිළිබඳව අප සාකච්ඡා කොට ඇත. නොයෙකුත් රෝගවල ද පරිණාම ලාබයක්‌ ඇතැයි සිතන විද්‍යාඥයන් සිටින බව පෙනේ. සමහර මානසික රෝග ඇති වී ඇත්තේ මිනිසාට මුහුණපාන්නට වන කාලගුණ විපර්යාසවලට මුහුණ දීමට හැකි වීම සඳහා යෑයි අදහසක්‌ ඉදිරිපත් වී ඇත. සමලිංගික සම්බන්ධතාවල ද පරිණාම ලාබයක්‌ ඇතැයි සිතන අය ද සිටිති. මේ විද්‍යාඥයන් මේ ලෙස සිතන්නේ පරිණාමය සිදු වන්නේ සත්ත්වයා ගේ යහපත සඳහා ය යන අදහස මත පදනම් වී ය. එසේ අදහසක්‌ ඇති කරගැනීමට සාධක තිබේ ද? පරිණාමය නිසා ඇති වන වෙනස හේතු කොටගෙන සත්ත්වයාට ඇති වන යහපත පරිණාම ලාබය ලෙස සිතිය හැකි ද? කොටියා ජීවත් වී මුවා මරණයට පත් වීම යහපතක්‌ වන්නේ කෙසේ ද? මුවා ගේ මරණයේ පරිණාම ලාබයක්‌ ඇත්තේ කාට ද? විශ්වයට විය හැකි ද? අප ගේ මතවාදයට අනුව සැම පරිණාම වෙනසක ම ඇත්තේ විශ්වය සඳහා වූ ලාබයකි. ජීවිතයේa අරුත එය ය. ජීවිතයේa අරමුණ ජීවීන්ට දී ඇති වේතනයයි. ඉන් ලැබෙන තෘප්තියක්‌ ඇතොත් වේතනය එය වන්නේ ය. අල්ලස ද එය වන්නේ ය. තව තවත් අරමුණු කරා යන්නට ඇති ආසාව එවිට වැඩි වේ. ජීවිතයේa අරුත සඳහා ඒ මගින් සේවයක්‌ ඉටු වේ. ජීවිතයේ අරුත DNA, RNA, ප්‍රොaටීන් නිෂ්පාදනය වන්නේ ය. ජීවිතයේ අරමුණු ලුහුබඳින විට සිදු වන්නේ DNA, RNA, ප්‍රොaටීන් වර්ධනය වීම ය. එනම් ජීවිතයේ අරුත සඳහා අවශ්‍ය සේවය ඉටු වීම ය. ජීවිතයේ අරුත සහ ජීවිතයේ අරමුණ අතර ඇති සම්බන්ධතාව එය වන්නේ ය.

අප ක්‌වොන්ටම් මතවාදය පිළිබඳව විස්‌තර වශයෙන් සාකච්ඡා කොට නැවතත් පරිණාමය ගැන සාකච්ඡා කිරීමට පටන් ගෙන ඇත. මේවා අතර ඇති සම්බන්ධතාව කුමක්‌ ද? පරිණාමය සිදු වන්නේ ශක්‌තිය සංරක්‌ෂණය (energy conservation) පිළිබඳව ක්‍රියාකාරී වන න්‍යාමවලට අනුව බව අප පෙර ලිපිවල පෙන්වා දී ඇත. මුළු විශ්වය ම ශක්‌තියේ ක්‍රියාදාමයක්‌ බව පෙන්වා දී ඇත. ශක්‌තිය ද්‍රව්‍ය බවට ද හැරවෙන බව පෙන්වා දී ඇත. සැම ක්‍රියාදාමයක්‌ ම ශක්‌තිය විසින් පාලනය කෙරෙන බව ද පවසා ඇත. මිනිසා, සතා සිව්පාවා, ගහ කොළ, ඉර හඳ තාරකා, ශක්‌ති පුංජ ලෙස පැවතෙන බව පවසා ඇත. මේ ක්‍රියාදාම තුළ ක්‌වොන්ටම් යාන්ත්‍රණය ක්‍රියාකාරී වන්නේ ද? එහි න්‍යාම ක්‌වොන්ටම් යාන්ත්‍රණයේ තරංග ශ්‍රීතය විස්‌තර කරයි. ෂ්රෝඩින්ජර් සමීකරණය ශක්‌තියට ඉතා වැදගත් ස්‌ථානයක්‌ දී ඇත. ක්‌වොන්ටම් මතවාදය කිහිප ආකාරයකට අර්ථකථනය කර ඇති බව පෙන්වා දී ඇත. වැදගත් වන්නේ කෝපන්හේගන් සහ ඩි බ්‍රොග්ලි අර්ථකථන වන්නේ ය. කෝපන්හේගන් අර්ථකථනයට අනුව ක්‌වෝන්ටම් යාන්ත්‍රණය අනියතවාදී ය. එහෙත් ඩි බ්‍රොග්ලි අර්ථකථනයට අනුව එය නියතවාදී වන්නේ ය. ජීවී පරිණාමය සිදු වන්නේ නියතවාදී ලෙස ද නැතිනම් අනියතවාදී ලෙස ද? මේ ගැන සොයා බැලීම සඳහා ප්‍රථමයෙන් ක්‌වොන්ටම් යාන්ත්‍රණය සහ පරිණාමය අතර සම්බන්ධතාවක්‌ ඇති දැයි සොයා බැලිය යුතු ය. පරිණාමය සිදුවීමේ දී ප්‍රොaටීන් සම්මිඤ්ජනය (Protein Folding) වීම ඉතා ම වැදගත් කාරණයක්‌ වන්නේ ය. ප්‍රවේණි දර්ශය (Genotype) සහ රූපානුදර්ශය (Phenotype) සම්බන්ධ වන්නේ ප්‍රොaටීන් සම්මිඤaජනය මගිනි. ප්‍රවේණි දර්ශය නැතිනම් ජාන තුළ ඇති තොරතුරු රූපානුදර්ශය තුළ නැතිනම් ජීවියා තුළ ප්‍රකාශ වන්නේ ප්‍රොaටීන් නිර්මාණය වන ඇමයිනෝ අම්ල දම්වැලේ ව්‍යqහයට නැත හොත් අනුපිළිවෙළට අනුකූලව ය. ඇමයිනෝ අම්ල දම්වැලේ අනුපිළිවෙළ නිගමනය කරන්නේ ජාන මගිනි. ප්‍රොaටීන් සම්මිඤaජනය සිදුවීමේ දී පවතින උෂ්aණත්වය එම ක්‍රියාවලිය මත බලපෑමක්‌ ඇති කරයි. උෂ්ණත්වය අඩු වීගෙන යන විට සම්මිඤaජනය සිදුවීම ද උෂ්ණත්වය වැඩි වන විට දිග හැරීම ද (Unfolding) සිදු වේ යෑයි සිතිය හැකි ය. මක්‌නිසා ද රසායනික ප්‍රතික්‍රියාවල දී උෂ්ණත්වය විසින් ඇති කෙරෙන වෙනස එවැන්නක්‌ නිසා ය. එහෙත් ප්‍රොaටීන් සම්මිඤaජනය වීමේ දී උෂ්ණත්වය නිසා ඇති වන වෙනස එතරම් සරල නැත. මෙය තේරුම් කරගැනීමට නොයෙක්‌ අදහස්‌ ඉදිරිපත් වුව ද ඒවා එතරම් සතුටුදායක නො වී ය. ප්‍රශ්නය වන්නේ ඇමයිනෝ අම්ල දම්වැල් නොයෙකුත් අන්දමට නැමෙන්නට පුළුවන. එසේ නැමී සෑදෙන සංකිර්ණ ව්‍යqහයන් ගේ සංඛ්‍යාව අති විශාල ය. එහෙත් එය අවශ්‍ය ව්‍යqහය සකසාගන්නේ නැනෝ තත්පරයකටත් අඩු කාලයක දී ය. මීට ගත වන කාලය උෂ්ණත්වය අනුව වෙනස්‌ වන්නේ ය. මේ කාලය උෂ්ණත්වය සමග වෙනස්‌ වන අන්දම ප්‍රස්‌තාරයක සටහන් කළ විට ලැබෙන්නේ බලාපොරොත්තු නො වුණ වක්‍රයන් ය. මෙය පැහැදිලි කර දීම අසීරු කාරණයක්‌ විය.

මෑත දී (2011 වර්ෂයේ) චීනයේ මොන්ගෝලියානු විශ්වවිද්‍යාලවල සිදු කරන ලද පරීක්‌ෂණවලින් පෙනී යන්නේ ඇමයිනෝ අම්ල දම්වැල් සරලව තිබී අතරමැදි ව්‍යqහයවලට නො යා කෙළින් ම ක්‍රියාකාරී සංකිර්ණ ව්‍යqහයට ක්‌ෂණයකින් ළඟා වන්නේ ක්‌වොන්ටම් පිනුම (quantum jump) උපයෝගි කරගැනීමෙන් යෑයි එම විද්‍යාඥයන් පවසන බව ය. Liaotu Luo සහ Jun Lu නමැති විද්‍යාඥයන් දෙදෙන ගණිතමය මොඩල නිර්මාණය කිරීමෙන් මේ බව පෙන්වා දී ඇත. එම ගණිතමය මොඩල සම්මිඤ්ජන වේගය සහ උෂ්ණත්වය සටහන් ප්‍රස්‌තාර සමග පෑහෙන බව ඔවුන් පෙන්වා දී ඇත. ඇමයිනෝ අම්ල දම්වැල අතරමැදි ව්‍යqහයන් රාශියක්‌ මඟ හැර ඉතා ම සංකීර්ණ වූ ව්‍යqහයකට ක්‍ෂණයකින් ළඟා වන්නේ ක්‌වොන්ටම් යාන්ත්‍රණය උපයෝගි කරගනිමින් යෑයි මේ විද්‍යාඥයෝ පෙන්වා දෙති. මෙහි සත්‍යයක්‌ නැතැයි කියන විද්‍යාඥයන් ද සිටින බව පෙනේ.

ක්‌aවොන්ටම් පිනුම යනුවෙන් හැඳින්වෙන්නේ අණුවක්‌ තුළ ඉලෙක්‌ට්‍රොaනයක්‌ එක්‌ ශක්‌ති මට්‌ටමකින් වෙනත් ශක්‌ති මට්‌ටමකට සංක්‍රමණය වීම ය. ඒවා එක්‌ ශක්‌ති මට්‌ටමකින් වෙනත් ශක්‌ති මට්‌ටමකට ක්‌ෂණයකින් සංක්‍රමණය වන්නේ ය. එසේ සිදු වන විට විද්යුත් චුම්බක විකිරණ පිට වීමක්‌ හෝ උරාගැනීමක්‌ හෝ සිදු වේ. එම විකිරණ ක්‌වොන්ටිකරණය වී ෙÁdaටෝන් ලෙස පිට වීම හෝ උරාගැනීම හෝ සිදු වේ. මෙය නැනෝ තත්පර කිහිපයකින් සිදු වේ.

ප්‍රොaටීන් සම්මිඤaජනය වන විට මෙවැනි දෙයක්‌ සිදු වනවා ද? එක්‌ සරල ව්‍යqහයකින් අතරමැදි ව්‍යqහයන් මඟහැර සංකීර්ණ ක්‍රියාකාරී ව්‍යqහයට ප්‍රොaටීන සම්මිඤaජනය වීම ක්‌වොන්ටම් යාන්ත්‍රණයට අනුව සිදු වන දෙයක්‌ ද? ප්‍රොaටීන් සම්මිඤaජනය සිදු වීමේ දී ඉලෙක්‌ට්‍රොaන එක්‌ ශක්‌ති මට්‌ටමක සිට තවත් ශක්‌ති මට්‌ටමකට සංක්‍රමණය වීමක්‌ සිදු වනවා ද?

ප්‍රොaටීන සහ ප්‍රොaටීන සම්මිඤaජනය පිළිබඳව පෙර ලිපිවල සඳහන් වී ඇත. මේ විෂය නවීන විද්‍යාඥයන්ට ඉතා වැදගත් වන්නේ ය. ජීවී පැවැත්ම සහ වර්ධනය ප්‍රොaටීන මත විශාල වශයෙන් ර╣ පවතින නිසා ය. ජීවියා තුළ ප්‍රොaටීන විසින් සිදු කෙරෙන කාර්යයන් බොහෝ ය. අප ගේ මතවාදය පිළිබඳ සාකච්ඡා කිරීමේ දී ප්‍රොaටීන විශේෂ ස්‌ථානයක්‌ ගනී. එම නිසා මේ ගැන සිදු වී ඇති නවීනතම සොයාගැනීම් සඳහන් කරමින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි. සෛලයක්‌ තුළ ප්‍රධාන කාර්යයන් ඉටු කෙරෙන්නේ ප්‍රොaටීන විසිනි. ජානවල කේතාංකරණය වී ඇති ක්‍රියාවන් ඉටු කරන්නේ විශාල වශයෙන් ප්‍රොaටීන ය. සෛලයක වියළිs බරෙන් බාගයක්‌ පමණ සැදී ඇත්තේ ප්‍රොaටීනවලිනි. සෛලයක්‌ තුළ තිබෙන ජීව රසායනික ද්‍රව්‍ය, RNA හැරුණු කොට, කාර්යයන් කිසිවක්‌ නො කරයි. ප්‍රොaටීන ඒවා මත තම ක්‍රියාවන් ඉටු කරයි. මේ ක්‍රියාවන් සිදු කිරීමට ප්‍රොaටීනවලට ඇති හැකියාව ර╣ පවතින්නේ එහි ව්‍යqහය සහ නොයෙකුත් ද්‍රව්‍ය සමග තදින් බැඳීමට ඇති හැකියාව මත ය. මේ නිසා ප්‍රොaටීන ව්‍යqහය පිළිබඳව සාකච්ඡා කිරීම අවශ්‍ය වන්නේ ය. තව ද මේ දේවල් මත ක්‌වොන්ටම් යාන්ත්‍රණය යම් ක්‍රියාවන් සිදු කරනවා ද? මේවා ගැන ඉදිරි ලිපිවල සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.

මහාචාර්ය එන්. එ. ද එස්‌. අමරතුංග DSc