logo3.gif (702 bytes)

HOME


ජීවිතයේ අරුත පිළිබඳ විද්‍යාත්මක සහ දාර්ශනික සාකච්ඡා - 01

අප සාකච්ඡා කරමින් සිටින්නේ ජීවිතයේa අරුත පිළිබඳව විද්‍යාවෙන්, ආගම්වලින් සහ දර්ශනයෙන් ගත හැකි කරුණු ගැන ය. විද්‍යාව පිළිබඳව ද එහි දර්ශනය පිළිබඳව ද සහ පැරැණි ශිෂ්ටාචාරවල විද්‍යා දර්ශන පිළිබඳව ද සොයා බැලීමෙන් අපි කරුණු රාශියක්‌ ලබා ගත්තෙමු. විද්‍යාවේ දර්ශනය පිළිබඳව ලියූ ලිපි පෙළ අවසන් කොට ඉහත මාතෘකාවක්‌ යටතේ ලිපි කිහිපයක්‌ ලියන්නට කාලය පැමිණ ඇත. ජීවිතයේ අරුත පිළිබඳ අප ගේ මතවාදය පාඨකයා ගේ මතකය අලුත් කිරීමට පහත සඳහන් ලෙස කෙටියෙන් දක්‌වමි.

1. අප කෙටි කලක්‌ දුකින් ජීවත් වී මරණයට පත් වන්නේ ය.

2. එම නිසා අප ගේ ජීවිතයේ අරුත කුමක්‌ ද යන ප්‍රශ්නය ඇසිය යුතු ය.

3. අප සතුටින් හැම දා ජීවත් වන්නේ නම් ජීවිතයේ අරුත එය වන්නේ ය.

4. මේ ප්‍රශ්නය අප මේ ලෙස අසන්නේ ජීවිතයේ අරුත අප සඳහා, අප ගේ ප්‍රයෝජනය සඳහා විය යුතු යෑයි යන මතයේ පිහිටා ය. එහෙත් අප ගේ ජීවිතයේ අරුත අප සඳහා නො විය හැකි ය. එය වෙනත් කාර්යයක්‌ සඳහා විය හැකි ය.

5. අප ජීවත් වන විශ්වය අප සමග සංසන්දනය කළ විට සිතාගන්නට බැරි තරම් එය අති විශාල ය. එය අප සඳහා නිර්මාණය වී ඇතැයි සිතිය නොහැකි ය. එසේ නම් අප විශ්වය සඳහා නිර්මාණය වී ඇතැයි සිතිය හැකි ය.

6. ජීවිතයේa අරුත විශ්වයට අවශ්‍ය යම් සේවයක්‌ කිරීම විය හැකි ය.

7. කුමක්‌ ද ඒ සේවය? අප මරණයට පත් වන විට අප ඉතිරි කරන්නේ ඊළඟ පරම්පරාවට දායාද කරන අප ගේ ජාන වන්නේ ය.

8. ජීවීහු පරිණාමය වෙමින් අලුතින් DNA, RNA, ප්‍රොaටීන් විශාල ප්‍රමාණයක්‌ නිෂ්පාදනය කරති. ජීවීන් නිර්මාණය වී ඇත්තේ මේ කාර්ය කිරීම සඳහා ය.

9. විශ්වය මේ ලෙස ජීවීන් ලවා DNA, RNA, ප්‍රොaටීන් විශාල ප්‍රමාණයක්‌ නිෂ්පාදනය කරන්නේ යම් හේතුවකට විය හැකි ය. හේතුව අප නො දනී. එහෙත් අප ගේ ජීවිතයේ අරුත DNA, RNA ප්‍රොaටීන් නිෂ්පාදනය විය හැකි ය.

10.ජීවීන් ගේ ප්‍රධාන ලක්‌ෂණ වන ප්‍රජනනයට ඇති ආශාව, අයිති කරගැනීමට ඇති තෘෂ්ණාව, ඤාණය සහ නිර්මාණශීලීත්වය පිහිටා ඇත්තේ මේ කාර්යය කිරීම සඳහා ය. විශ්වය විසින් තෘෂ්ණාව මගින් වහලුන් ලෙස අප බැඳ තබා ඇත්තේ ඊට සේවය කිරීම සඳහා ය.

ජීවීන් ගේ ජානවල කාර්යභාරය වන්නේ ජීව පරිණාමය යන ක්‍රියාදාමයට දායක වීම මිස විශ්වයට අවශ්‍ය කාර්යයක්‌ කිරීම නො වේ යෑයි කෙනකුට තර්ක කළ හැකි ය. පරිණාමය නිසා පරිසරයට ස්‌වභාවධර්මයට විශ්වයට වඩා සුදුසු ජීවියකු නිර්මාණය වන බව සැබෑ ය. එසේ ම වඩා දියුණු වූ ජාන ද නිර්මාණය වේ. එහෙත් විශ්වයට අවශ්‍ය එම ජීවියා ද නැත හොත් එම ජීවියා බිහි කළ වඩා දියුණු වූ ජාන ද යන්න ඇසිය යුතු ප්‍රශ්නයකි. ජීවියා මරණයට පත් වන්නේ ය. එහෙත් ජාන පරම්පරාවෙන් පරම්පරාවට සංක්‍රමණය වෙමින් පවතින්නේ ය. විශ්වයට අවශ්‍ය ජාන මිස ජීවියා නො වේ. එම නිසා පරිණාමය සිදු වන්නේ ජීවියා ගේ යහපතට නො ව විශ්වයට අවශ්‍ය කාර්යභාරයක්‌ කිරීම සඳහා යෑයි සිතිය හැකි ය. ජීවියා පරිණාමය වි අලුත් ජීවියකු බිහි වන්නේ පරිසරයට සුදුසු ලෙස ය. පරිසරය නිර්මාණය කෙරෙන්නේ විශ්වය විසිනි. පරිණාමය පාලනය කෙරෙන්නේ ද විශ්වය විසින් ශක්‌තිය මගින් බව අප පෙන්වා දී ඇත. මේ ක්‍රියාදාමය පහත සඳහන් සටහනින් පෙන්නුම් කළ හැකි ය.

අප මෙතැන දී පවසන්නේ විශ්වය මඟින් සැම දෙයක්‌ ම පාලනය කරන බව ය. විශ්වය අන් කිසිවක්‌ නො ව ශක්‌තිය පමණක්‌ බව ද පෙන්වා දිය හැකි ය. DNA, RNA, ප්‍රොaටීන් ශක්‌ති විශේෂයන් ලෙස සැලකිය හැකි ය. මේවා විශ්වයට අවශ්‍ය වන්නේ ය. විශ්වයට සූර්යයා, තාරකා, සඳ, චක්‍රාවාට, බ්ලැක්‌ හෝල් යනාදී වශයෙන් ග්‍රහලෝක සහ ඒවායේ නොයෙකුත් ඒකරාශි වීම් අවශ්‍ය ය. මේවා ශක්‌තියේ එකතු වීම සහ ක්‍රියාදාමයන් යෑයි සිතුවාට වරදක්‌ නැත. එලෙස ම විශ්වයට DNA, RNA, ප්‍රොaටීන් යම් කිසි කාර්යයන් සඳහා අවශ්‍ය වන්නේ ය. ඒවා නිපදවෙන්නේ ජීවීන් විසිනි. ස්‌වභාවධර්මය/විශ්වය සැම දෙයක්‌ ම නිගමනය කරනවා නම් ස්‌වභාවවාදය (naturalism) සහ නියතිවාදය (determinism) අප සාකච්ඡා කළ යුතු වන්නේ ය.

නියතිවාදය පවසන්නේ සැම ක්‍රියාදාමයකට ම ප්‍රත්‍යයන් (conditions) ඇති බවත් එම ප්‍රත්‍යයන් වෙනයම් ක්‍රියාදාමයකට ප්‍රත්‍යයන් නො වන බවත් ය. නියතිවාදයේ ගුරුකුල බොහෝ ය. එහි ප්‍රධාන ගුරු කුලයක්‌ වන්නේ මුළු විශ්වය ම එක ම නියතිවාදී පද්ධතියක්‌ යන අදහස ඉදිරිපත් කරණ චින්තකයන් ය. මේ අදහස අප ගේ මතවාදයට ගැලපෙන බව පෙනෙන්නට ඇත. නියතිවාදීන් අතීතයේ ද වර්තමානයේ ද එසේ ම බටහිර ද නැෙගනහිර ද සිටිය බව පැවසිය හැකි ය. ස්‌වභාවවාදය (naturalism) පවසන්නේ සැම දෙයක ම ව්‍යqහය හා ක්‍රියාකාරීත්වය නිගමනය වන්නේ ස්‌වාභාවික නීතිවලට අනුව බව ය. එය අධිස්‌වභාවික (supernatural) ක්‍රි්‍රයාදාමයන් ප්‍රතික්‌ෂේප කරයි. ස්‌වභාවවාදයේ ප්‍රධාන අඩිතාලමක්‌ වන්නේ ජීව පරිණාමයයි. ස්‌වභාවවාදය දේවවාදයට විරුද්ධ නිසා දේවවාදීන් බොහොමයක්‌ ඊට විරුද්ධ ය.

ප්‍රථමයෙන් නියතිවාදය දෙස යොමු වෙමු. ප්‍රත්‍ය මත පදනම් වූ නියතිවාද කිහිපයක්‌ ම ඇත. කාරක නියතවාදය ඉන් ප්‍රධාන වන්නේ ය. එක්‌ ක්‍රියා මාලාවක්‌ තුළ සිදු වන සිදුවීම් හේතු කාරකයන් ගේ බන්ධනයට නතු වන්නේ එම සිදුවීම ඊට ප්‍රථම සිදුවීමක්‌ විසින් නිගමනය කෙරෙන්නේ ය යන නීතිය මත පදනම් වී ය. මේ අදහස කාරක නියතිවාදය ලෙස පිළිගැනේ. එය අනෙකුත් නියතිවාදවලින් වෙනස්‌ වන්නේ ය. එසේ ම කාරක නියතිවාදය තුළ වුව ද විවිධ මතයන් තිබෙන බව පෙනේ. උදාහරණයක්‌ ලෙස දේව නියතිවාදය ගත හැකි ය. මින් අදහස්‌ වන්නේ සියලු සිදුවීම් නිගමනය කෙරෙන්නේ දෙවියකු විසින් බව ය. පූර්ව නියතිවාදය (predeterminism) පවසන්නේ සියලු සිදුවීම් පූර්ව නිගමනයකට අනුව සිදු වන බව ය. තාර්කික නියතිවාදයට (logical determinism) අනුව අතීත වර්තමාන සහ අනාගත සිදුවීම් පිළිබඳ ප්‍රස්‌තුත හරි හෝ වැරැදි හෝ විය හැකි ය.

ජෛව නියතිවාදය (Biological determinism) පදනම් වී ඇත්තේ ජාන මගින් ජීවින් තුළ සිදු වන ක්‍රියාදාමයන් නිගමනය වීම මත ය. සංස්‌කෘතික නියතිවාදය (cultural determinism) පවසන්නේ අප කවුරුන් දැයි නිගමනය කෙරෙන්නේ අප ගේ සංස්‌කෘතිය විසින් බව ය. මීට විරුද්ධ මතයක්‌ වන පාරිසරික නියතිවාදය (environmental determinism) පවසන්නේ අප ගේ ජීවිත හැඩගස්‌වනු ලබන්නේ සංස්‌කෘතිය නො ව අප ගේ පරිසරය විසින් බව ය. මේ නයින් බලන විට පෙනී යන්නේ විවිධ වූ නියතිවාදවල එකඟත්වයක්‌ ඇත්තේ සැම සිදුවීමකට ම ප්‍රත්‍යයන් තිබිය හැකි බව යන අදහස තුළ පමණක්‌ බව ය. ප්‍රත්‍යයන් (condition) වෙනස්‌ විය හැකි ය.

ස්‌වෛරී කැමැත්ත (free will) මිනිසා තුළ ස්‌වාභාවිකව පිහිටා ඇති බවත් එය නියතිවාදයට පට හැනි විය හැකි බවත් දාර්ශනිකයන් ගේ මතය වී ඇත. මේ කරුණ පිළිබඳව විවිධ මත ප්‍රකාශයට පත් වී ඇත. සමහරකු පවසන්නේ නියතිවාදය පමණක්‌ ක්‍රියාකාරී වන බව ය. තවත් සමහරෙක්‌ ස්‌වෛරී කැමැත්ත පමණක්‌ පවතින බව පවසති. වෙනත් අය විශ්වාස කරන්නේ තිබිය හැක්‌කේ මේ දෙකේ මිශ්‍රණයක්‌ බවයි. පැරැණි ඉන්දියාවේ නියතිවාදයට සමාන සංකල්පයක්‌ වූයේ කර්මය ය. වෛදික සාහිත්‍යයේ ද, හින්දු ධර්මයේ ද, ජෛන ආගමේ ද, බුද්ධාගමේ ද කර්මය පිළිබඳ සංකල්ප තිබූ බව අපි දනිමු. මෙය එක ම මතවාදයක්‌ නො ව එකින් එක වෙනස්‌ ඒවා බව පෙනෙන්නට ඇත. වෛදික සාහිත්‍යයේ කර්මය පිළිබඳව සඳහන් වන්නේ සැම ක්‍රි්‍රයාවකටම සුදුසු වූ කර්ම එලයක්‌ ක්‍රියාකාරී වන බව ය. ජෛන ආගමට අනුව මිනිසා ගේ සදාචාරාත්මක සහ ආධ්‍යාත්මික ගුණයන් දියුණු වන්නට නම් ඔහු ගේ කර්ම එලයන් සම්පූර්ණයෙන් අවසන් කොට තිබිය යුතු ය. එසේ ම කර්මයක වටිනාකම පදනම් වූයේ සම්පූර්ණයෙන් ම ක්‍රියාව මත පමණ ය. බුදුදහම ෙච්තනාවට වඩා වටිනාකමක්‌ දී ඇත. ආර්වක මතවාදයට අනුව සියලු ක්‍රියාවන් සිදු වන්නේ පෙර සිදු වූ කර්මවල එලයක්‌ ලෙස ය. මෙය නියතිවාදී ධර්මයක්‌ බව පැහැදිලි ය. බ්‍රහ්මණ මතය වන්නේ මිනිසා ක්‍රියා කරන්නේ ස්‌වභාවධර්මයට අනුව බවත් ස්‌වභාවධර්මය පාලනය කරන්නේ දෙවියන් බවත් ය.

බුදුදහම පවසන්නේ මිනිසා ගේ සතුට හෝ දුක හෝ ඇති වන්නේ ප්‍රත්‍යයන්ට අනුව බව ය. මේ ප්‍රත්‍යයන් මවුපියන් ගෙන් ලැබෙන සහජ ලක්‌ෂණ මිනිසා ගේ භෞතික ව්‍යqහය ස්‌වභාව ධර්මයේ ක්‍රියාදාම සමාජීය විෂමතා ස්‌වෛරී කැමැත්ත සහ කර්මය වන්නේ ය. කර්මය යනු කුමක්‌ දැයි බුදු දහම විග්‍රහ කොට ඇත. උදාහරණයක්‌ ලෙස සත්ත්ව ඝාතනය ගෙන හැර දැක්‌විය හැකි ය. එය කර්මයක්‌ ලෙස හැඳිනගැනීමට නම් කරුණු පහක්‌ සම්පූර්ණ විය යුතු ය. ඒවා නම් 1. ජීවත් වන සත්ත්වයකු සිටීම 2. ඒ ගැන දැනගෙන සිටිම 3. මැරීමේ ෙච්තනාව 4. මරණය සිදුවීම

තව ද කර්මය පල දීම පිළිබඳව ද බුදුදහම ගැඹුරු විග්‍රහයක්‌ ඉදිරිපත් කොට ඇත. ඉහත සඳහන් ලෙස ප්‍රත්‍යයන් කිහිපයක බලපෑම ඒ සඳහා අවශ්‍ය වන්නේ ය. තව ද කර්මයට අනුව ජීවිතය ගත කරනවාට වඩා තම ස්‌වෛරී කැමැත්ත සහ හැකියාව යොදාගනිමින් කර්ම එලය වෙනස්‌කොට ජීවිතය හරි මගට හැරවිය හැකි බව ද බුදු දහම පෙන්වා දී ඇත. මේ නයින් බලන කල පෙනී යන්නේ බුදු දහම කර්මය මත පමණක්‌ පදනම් වූ නියතිවාදයක්‌ ඉදිරිපත් නො කරන බව ය. එසේ ම සම්පූර්ණයෙන් ස්‌වභාවවාදය මත හෝ ස්‌වෛරී කැමැත්ත මත හෝ පදනම් වූ මතවාදයක්‌ ඉදිරිපත් නො කරයි. මිනිසා ගේ සතුට, දුක, ජීවිතය නියතිවාදයකට යටත් වන්නේ නැත. එය ප්‍රත්‍යයන් කිහිපයක එලයක්‌ ලෙසින් සිදු වන ක්‍රියාදාමයකි. ආරය, ශරීරයේ ක්‍රියාකාරීත්වය සහ ව්‍යqහය පරිසරය සමාය කාරක සහ කර්මය මේ ප්‍රත්‍යයෙන් (condition) වන්නේ ය. එක ප්‍රත්‍යයක්‌ නො ව ප්‍රත්‍යයෙන් කිහිපයක සාමූහික ක්‍රියාදාමයක්‌ වන්නේ ය.

නවීන විද්‍යාව තුළින් නියතිවාදය දෙස බැලිය හැකි ය. නිව්ටෝනියානු මතවාද නියතිවාදයට පටහැනි නො වේ. එම මතාවදවලට අනුව වස්‌තුවක හැසිරීම යම් කිසි නීතියකට යටත් ව අනාවැකි පළ කළ අන්දමට සිදු වේ. උදාහරණයක්‌ ලෙස ගෝලීය වස්‌තුවක්‌ මත තවත් ගෝලීය වස්‌තුවක්‌ ගැටීමේ දී සිදු වන දෙය එම නීතිවලට අනුව අනාවැකි පරිදි සිදු වේ. එදිනෙදා ජීවිතයේ ඇති විද්‍යාව සැලකිල්ලට ගත් විට පෙනෙන්නේ මේ සිදුවීම එලෙස සිදු වන බ වය. එහෙත් වස්‌තුවක වේගය ආලෝකයේ වේගයට කිට්‌ටු වූ විට මේ නීති සහ අනාවැකි බල රහිත වේ. භාවිත කළ නොහැකි තත්ත්වයකට පත් වේ. එවැනි වස්‌තු නිව්ටෝනියානු නීතිවලට යටත් වන්නේ නැත. ක්‌වොන්ටම් යාන්ත්‍රණය මේ කරුණු පහදා දීමට තැත් කරයි. ජීවීන් ගේ හෝ වස්‌තූන් ගේ හෝ හැසිරීම පෙර නිගමනයකට අනුව සිදු වන හෙයින් ඒ පිළිබඳව අනාවැකි පළ කළ හැකි යෑයි සිතීම නිව්ටෝනියානු මතවාදවලට අනුකූල ලෙස පෙනුණ ද ක්‌වොන්ටම් යාන්ත්‍රණයට අනුකූල නො වන බව පෙනේ. මෙතැන ඇත්තේ නියතිවාදය (determinism) නො ව නියති සම්භාවිතාවක්‌ (determined probability) බව ශේ්‍රෂ්ඨ භෞතික විදඥයකු වන ස්‌ටීවන් හෝකින්ග් (Stephen Hawking) පවසයි. ඉලෙක්‌ට්‍රොaනයක හැසිරීම අංශු ලෙස ද නැතිනම් තරංග ලෙස ද යන්න නියති සම්භාවිතාවකට යටත් ව සිදු වන බව එතුමා ගේ අදහස වන්නේ ය. මේ මතය භාවිත කොට නොයෙකුත් නියති සම්භාවිතාවන් සොයාගැනීම හේතු කොටගෙන ට්‍රාන්ස්‌සිස්‌ටර්, ලේසර්, පරිගණකය, අන්තර්ජාලය වැනි තාක්‌ෂණික නිපැයුම් සිදු කරන්නට හැකි වී ඇත.

විද්වත් ඇල්බර්ට්‌ අයින්ස්‌ටයින් ඇතුළු සමහර විද්‍යාඥයන් පවසන්නේ සම්භාවිතාවකට වඩා දෙයක්‌ විද්‍යාවට නිගමනය හෝ අනාවැකි ලෙස හෝ පළ කරන්නට බැරි අප ගේ නො දන්නාකම නිසා බව ය. ඔවුන් කියන්නේ විශ්වයේ පැවැත්ම සහ ඉදිරි ගමන සම්පූර්ණයෙන් ම නිගමනය වී ඇති බවයි. මේ නිගමනයට අදාළ සාධක විද්‍යාඥයන් ගෙන් තවමත් වසන් වී ඇති නිසා ඔවුනට සොයාගත හැක්‌කේ සම්භාවිතාව පමණකි. මෙසේ සැඟවී ඇති සාධක තිබේ නම් ක්‌වොන්ටම් යාන්ත්‍රණය විසින් සිදු කරන ලද අනාවැකි වැරදෙන්නට ඉඩ ඇත. එහෙත් එසේ සිදු වී නැති නිසා එලෙස සැඟවී ඇති සාධක තිබිය නොහැකි බව වෙනත් විද්‍යඥයන් ගේ මතය වී ඇත. මේ කරුණ පිළිබඳව එකඟතාවකට පැමිණීමට විද්‍යාඥයන්ට තවමත් නොහැකි වී ඇත. මේ කරුණු අප ගේ මතවාදයට අදාළ වන්නේ කෙසේ දැයි ඉදිරි ලිපි තුළින් සාකච්ඡා කරමු.

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග DSc