logo3.gif (702 bytes)

HOME


පෘථග්ජනයන් ගේ යථාර්ථයක්‌ ඇතැයි බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ කොහේ ද?

ඩී එස්‌ සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා තම අගෝස්‌තු 12 වැනි දා ලිපියෙහි මෙසේ කියයි. "පැවැත්ම (existence) ගැන බුදුන් දැක්‌වූ අදහස්‌ කච්චායන-ගොත්ත සූත්‍රයෙහි පහදා දී ඇත. එහි පැවසෙන්නේ සැම දෙයක්‌ ම පවතී යන්න එක්‌ අන්තවාදයක්‌ බව ය. එය අන්තවාදයක්‌ වන්නේa කෙසේ ද? සැම දෙයක්‌ ම නියත ව වෙනස්‌ නො වී සැම දා පවතී යන්න ඉන් අදහස්‌ වන්නේ නම් එය අන්තවාදයක්‌ වන්නේ ය. සැම දෙයක්‌ ම නො පවතී යන්න අනෙක්‌ අන්තවාදය බව පැවසීමෙන් බුදුහු තම අදහස පැහැදිලි කරති. මේ අන්තවාද දෙක එකල දාර්ශනිකයන් අතර පැවැති බව පෙන්වා දිය හැකි ය. උපනිෂද් පැවසුවේ නිත්‍ය වූ ආත්මයක්‌ පවතින බව ය. එය ශාස්‌වතවාදය විය. කාර්වක (එකල පැවැති ධර්මයක්‌) මතය වූයේ කිසිවක්‌ නො පවතින බව ය. එය උච්ඡේදවාදය ලෙස හැඳින්වේ. මේ නයින් බලන කල යථාර්ථයක්‌ බුදුන් නො පිළිගත් බව කිව නොහැකි ය. මක්‌ නිසා ද සැම දෙයක්‌ ම නො පවතී යන්න අන්තවාදයක්‌ බව උන්වහන්සේ පැවසූ හෙයිනි. තව ද ලෝකයේ යථාර්ථයක්‌ නැතැයි බුදුන් පවසා නැත."

අමරතුංග මහතාට අවශ්‍ය ලෝකයේ යථාර්ථයක්‌ නැතැයි බුදුන් වහන්සේ පවසා නැති බව පෙන්වීමට ය. එහෙත් අමරතුංග මහතා ඒ බව පෙන්වා දෙන්නේ ද? බුදුන් වහන්සේ යථාර්ථයක්‌ ඇති බව පවසා ඇත් දැයි ඇසුව හොත් අමරතුංග මහතා එයට දෙන පිළිතුර කුමක්‌ ද? බුදුන් වහන්සේ එලෙස පෙන්වූ තැනක්‌ අමරතුංග මහතාට පෙන්වා දිය නො හැකි ය. අමරතුංග මහතා ගේ තර්කය ඉතා දුර්වල ය. ඒ අතර අමරතුංග මහතා ශාස්‌වතවාදය හා උච්ෙච්දවාදය ගැන ද කියයි. මේ ප්‍රශ්න ගැන අප සාකච්ඡා කර පිළිතුරු දී ඇත්තේ 2013, 2014 තරම් ඈත කාලයක දී ය. අමරතුංග මහතා ඒ කිසිවකට පිළිතුරක්‌ නො දුන්නේ ය. මා ප්‍රකාශ කළ අදහස්‌ නැවතත් මා පළ කරන්නේ අමරතුංග මහතා අඩු තරමින් දැන් වත් ඒ ගැන පිළිතුරු සපයා වි ය යන බලාපොරොත්තුවෙනි.

සියල්ල පවතින්නේ ය යන්න මෙන් ම සියල්ල නො පවතින්නේ ය යන්න ද අන්ත දෙකක්‌ බව බුදුන් වහන්සේ දේශනා කළ හ. මෙය ශාස්‌වතවාදය හා උච්ඡේදවාදය සම`ග පටලවා ගත යුතු නො වේ. ශාස්‌වතවාදයෙන් කියෑවෙන්නේ යමක්‌, එනම් පවතින්නේ යෑයි කියන යමක්‌, දිගට ම, පවතින බව ය. බොහෝ ආගම්වල ඉගැන්වෙන ආත්මය ඒ සඳහා හොඳ ම උදාහරණයයි. ඒ ආගම්වලට අනුව ආත්මය, එය පවතින බව උපකල්පනය කරමින්, සදාකාලික ය. එය නැසීමට නො හැකි ය. බටහිsර විද්‍යාවේ ද ශක්‌තිය සදාකාලික ය. ශක්‌තිය නැසීමට නො හැකි ය.

ශක්‌තිය එක්‌ ප්‍රභේදයකින් තවත් ප්‍රභේදයකට හැරවිය හැකි ය. විද්යුත් ශක්‌තිය තාප ශක්‌තිය බවට පත් කළ හැකි ය. එහෙත් ශක්‌තිය විනාශ කිරීමට නො හැකි ය. එසේ ම බටහිssර විද්‍යාවට අනුව අපට ශක්‌තිය නිර්මාණය කිරීමට ද නොහැකි ය. එහෙත් එහි නිර්මාණයක්‌ ඇත. එය මහා පිපිරුම යනුවෙන් හැඳින්වෙයි. ශාස්‌වතවාදයෙහි නිර්මාණයක්‌ ගැන නො කියෑවෙයි. එහෙත් නිර්මාණය වූ හෝ කෙරුණු හෝ යමක්‌ විනාශ නො වී දිගට ම පැවැත්මක්‌ ඉන් කියෑවෙයි. මහා පිපිරුමේ දි නිර්මාණය කෙරුණු ශක්‌තිය දිගට ම විනාශ නො වී පවතින්නේ යෑයි කියන බටහිsර විද්‍යාව ද එක්‌ අතකින් ගත් කල ශාස්‌වතවාදි වෙයි. අප එසේ කියන්නේ බටහිර විද්‍යාව අපේ සංස්‌කෘතියෙහි ඇති සංකල්ප ම`ගින් දකිමිනි.

උච්ඡේදවාදයෙන් කියෑවෙන්නේ පවතින්නේ යෑයි කියන යමක්‌ කලකට පසුව විනාශ වීම ය. මරණයත් සම`ග මම එනම් ආත්මය ද නැති වන්නේ යෑයි ගැනීම උච්ඡේදවාදී වෙයි. ආත්මය යන්න වෙනුවට මෙහි දී විඤ්ණය, මනස ආදී වෙනත් සංකල්පයක්‌ ආදේශ කළ හැකි ය. සත්ත්වයා ගේ මරණයත් සමග මනස නැති වන්නේ යෑයි ගැනීම උච්ඡේදවාදී වෙයි. බටහිර විද්‍යාව සමස්‌තය හෙවත් මුළු මහත් ශක්‌තිය ලෙස ගත් කල ශාස්‌වතවාදී වුව ද පුටුව ඉලෙක්‌ට්‍රොaනය ආදී වශයෙන් එක්‌ එක්‌ වස්‌තුව සැලකීමේ දී උච්ඡේදවාදී වෙයි.

පුටුවක්‌ පැවතී දිරාපත් වී විනාශ වීම උච්ඡේදවාදී වෙයි. ඉලෙක්‌ට්‍රොaනයක්‌ ශක්‌තිය අවශෝෂණය කිරීමෙන් හෝ මුදාහැරීමෙන් හෝ පසු වෙනත් ඉලෙක්‌ට්‍රොaනයක්‌ හෝ වෙනත් අංශූවක්‌ හෝ බවට පත් වෙයි. එසේ පත් වීමේ දී කලින් පැවතියේ යෑයි කියන ඉලෙක්‌ට්‍රොaනය විනාශ වී යයි. දැන් පවතින්නේ කලින් පැවැති ඉලෙක්‌ට්‍රොaනය නො වෙයි. ඒ උච්ඡේදවාදයට එකඟ ය. මෙය බුදුදහමෙහි පටිච්චසමුප්පාදය සමඟ පටළවාගත යුතු නො වේ.

පටිච්චසමුප්පාදයෙහි ද ජරා මරණ ගැන කියෑවෙයි. ඒ භවයක්‌ ඇති කරගත් සත්ත්වයාට ය. මෙහි දී කිව යුත්තේ භවය නිසා ජාති ජරා මරණ ආදිය ඇති වන බව ය. එහෙත් සත්ත්වයා ගේ විනාශයක්‌, කෙළවරක්‌ ගැන ඉන් නො කියෑවෙයි. මිය යන සත්ත්වයාට වෙනත් භවයක්‌ වෙයි. නිවන් අවබෝධ වී නොමැති නම් සත්ත්වයාට තවත් භව ඇති වෙයි. එහි උච්ඡේදවාදයක්‌ නැත. විනාශ වූ ඉලෙක්‌ට්‍රොaනයක්‌ වෙනත් අංශුවක්‌ ලෙස නූපදියි. බටහිර විද්‍යාවට අනුව ඉලෙක්‌ට්‍රොaනය මුළුමනින් ම විනාශ වෙයි. එය විනාශ වීමෙන් පසු ඇති වන්නේ වෙනත් ම අංශුවකි. එසේ ඇති වන්නේ ද කලින් පැවැති ඉලෙක්‌ට්‍රොaනයේ කිසියම් වූ අවස්‌ථාවක්‌ ලෙස නො වේ.

"අනිත්‍ය යන්නේ අරුත සැම දෙයක්‌ ම වෙනස්‌ වනසුලු බව ය. වෙනස්‌ වන දෙයෙහි යථාර්ථයක්‌ නැති ද? වෙනස්‌ වන දෙය ඉන්ද්‍රිය සංජානනය ම`ගින් දැනගන්නට බැරි ද? බුදුන් ඒ බව නො කීව ද සැම දෙය වෙනස්‌ වන බව අපට ද ආනුභවික ව දැනගත හැකි ය" (2015 අගෝස්‌තු 26 අමරතුංග මහතා ගේ ලිපිය) සැම දෙයක්‌ ම වෙනස්‌ වන බව දැනගැනීම අනිත්‍ය නම් අප බොහෝ දෙනකු මේ වන විට නිවන් අවබෝධ කර තිබිය යුතු ය. අනෙක්‌ අතට වෙනස්‌ වන දෙයෙහි ඇති යථාර්ථය කුමක්‌ ද? ඇතැම් ප`ඩියන්ට අනුව අනිත්‍ය යනු යථාර්ථයයි.

ඒ අතර ඒ මහතා බොහෝ විට කතා කරන කච්චායනගොත්ත සූත්‍රය පිළිබඳව ද ප්‍රශ්නයක්‌ ඇසීමට කැමැත්තෙමි. අමරතුංග මහතා තම 2014 ජූලි 2 වැනි දා ලිපියෙහි මෙසේ සඳහන් කරයි. "කච්චායනගොත්ත පිළිබඳව මොන විකෘති ගෙනහැර පෑවත් එම සූත්‍රයේ බුදුරදුන් පවසා ඇති දෙය බොරු කරන්නට නලින් මහතාට නොහැකි ය. එම සූත්‍රයේ ඉතා පැහැදිලි ව බුදුන් පවසන්නේ කිසිවක්‌ නිත්‍ය වශයෙන් පවතින්නේ වත් නිත්‍ය වශයෙන් නො පවතින්නේ වත් නැති බව ය." කරුණාකර එම සූත්‍රයෙහි එසේ දේශනා කර ඇති බව උපුටාගැනීමක්‌ සහිත ව පෙන්වා දෙන්න. මා දන්නා කච්චායනගොත්ත සූත්‍රයෙහි නම් නිත්‍ය වශයෙන් යන්න නැත. මේ පිළිබඳ ව ද මා ප්‍රශ්න කර ඇති නමුත් අමරතුංග මහතා කිසි විටෙකත් සූත්‍රය උපුටා දක්‌වමින් කරුණු පැහැදිලි නො කරයි. ඒ වෙනුවට තමන්ට හිතෙන දෙයක්‌ හෝ ඒ මහතා හිතන ආකාරයට තමන් විසින් තේරුම්ගෙන ඇති දෙයක්‌ හෝ සඳහන් කිරීම ඒ මහතා ගේ පිළිවෙත වී ඇත.

අමරතුංග මහතා එම ලිපියෙහි ම මෙසේ ද සඳහන් කරයි. "කච්චායනගොත්ත සූත්‍රයේ පැවැත්ම ගැන බුදුන් දේශනා කොට නැති බව නලින් මහතා පවසයි. (විදුසර 25. 6. 2014) බුදුන් එම සූත්‍රයේ පවසන්නේ සැම දෙයක්‌ ම පවතී. මේ එක්‌ අන්තයකි. සැම දෙයක්‌ ම නො පවතී. මේ දෙවැනි අන්තයයි...... ලෝකයේ සහ ජීවිතයේ අනිත්‍ය වූ පැවැත්ම ගැන සඳහනක්‌ මෙහි නැතැයි කිව හැක්‌කේ සිහි බුද්ධියක්‌ නැති කෙනකුට ය..... සැම නාම රූපයක ම නිත්‍ය වූ හෝ ආත්මීය වූ හෝ කිසිවක්‌ නැති බව පැහැදිලි කිරීමට බුදුන් යොදාගත් තවත් වචනයක්‌ වන්නේ ශුන්‍ය යන වචනය ය. සුන්‍ය යන වචනය මේ අදහස්‌ ඉස්‌මතු කිරීම පිණිස උන් වහන්සේ යොදාගත් සේක."

මා 2014 ජුනි 25 වැනි දින ලිපියෙහි සඳහන් කළේ මෙසේ ය. "කච්චායනගොත්ත සූත්‍රයෙහි නිත්‍ය වූ පැවැත්මක්‌ හෝ නිත්‍ය වූ නො පැවැත්මක්‌ ගැන නො කියෑවෙයි. ඓහි කියෑවෙන්නේ සියල්ල ඇත (පවතී) යනුවෙන් ගැනීම මෙන්ම සියල්ල නැත (නො පවතී) යනුවෙන් ගැනීම ද අන්ත දෙකක්‌ බව ය. කච්චායනට අවශ්‍ය වූයේ සම්‍යක්‌දෘෂ්ටිය යනු කවරේ දැයි දැනගැනීමට ය. කච්චායනගොත්ත සූත්‍රයෙහි සන්දර්භය එය ය. සම්‍යක්‌දෘෂ්ටිය ලෙස බුදුන් වහන්සේ වදාළේ පටිච්චසමුප්පාදය ය. කච්චායනගොත්ත සූත්‍රයෙහි නිත්‍ය හා නිත්‍ය නො වන යන වචන අමරතුංග සංස්‌කරණයෙන් මිස බුදුන් වහන්සේ වදාළ සූත්‍රයෙන් නො වේ." මෙහි වැදගත් වන්නේ සන්දර්භය ය. බුදුන් වහන්සේට අවශ්‍ය වූයේ කච්චායනට සම්‍යක්‌දෘෂ්ටිය කුමක්‌ දැයි තේරුම් කර දීම ය. කෙසේ වෙතත් මෙහි දී අවධාරණය කළ යුත්තේ සම්‍යක්‌දෘෂ්ටිය වුව ද දෘෂ්ටියක්‌ පමණක්‌ බව ය. එය සසරෙන් එතෙර වීමට යොදාගන්නා පහුරකට වැඩි දෙයක්‌ නො වේ. පහුර කරගහගෙන යැම අවශ්‍ය නො වේ.

අනිත්‍ය දුක්‌ඛ අනාත්ම යන්නෙහි තේරුම ම කිසිවක්‌ නො පවතී යන්න මිස අනෙකක්‌ නො වේ. නිත්‍ය වූ හෝ ආත්මීය වූ හෝ කිසිවක්‌ නැත යන්නෙහි තේරුම කුමක්‌ ද? එයින් ගම්‍ය වන්නේ නිත්‍ය නො වන ආත්මීය නො වන යමක්‌ පවතින බව ද? එසේ නිත්‍ය නො වී ආත්මීය නො වී පවත්නා දෙයක්‌ ඇත්නම් ඒ කුමක්‌ දැයි අමරතුංග මහතා 2014 අගෝස්‌තු 20 වැනි දින ලිපියෙන් විස්‌තර කරන්නේ ද? එමෙන් ම අමරතුංග මහතාට අගෝස්‌තු 20 වැනි දින ලිපියෙන් පිළිතුරු දීම සඳහා තවත් ප්‍රශ්නයක්‌ යොමු කරමි. මේ ප්‍රශ්නය ද මා කලින් අසා ඇත. ප්‍රශ්නය මෙසේ ය. කච්චායනගොත්ත සූත්‍රය අනුව (සන්දර්භයෙන් පිටත) යමත් පවතින්නේ යෑයි ගැනීම ද එක්‌ අන්තයක්‌ නම් අමරතුංග මහතා ගුරුත්වාකර්ෂණය ද ඇතුළු බොහෝ දේ පවතින්නේ යෑයි ගැනීම එක්‌ අන්තයක්‌ නො වන්නේ ද? එවිට අමරතුංග මහතා අන්තවාදියෙකු වන්නේ ද? ඉහත සඳහන් ප්‍රශ්නවලට කච්චායනගොත්ත සූත්‍රය උපුටා දක්‌වමින් පිළිතුරු බලාපොරොත්තු වෙමි. ප්‍රශ්නවලට පිළිතුරු නො දෙන්නේ නම් සංවාදය දිගින් දිගට ම කරගෙන යැමේ තේරුමක්‌ නැත. අමරතුංග මහතාට ඉහත සඳහන් සියලු ප්‍රශ්නවලට එක්‌ ලිපියකින් පිළිතුරු දීමට නොහැකි නම් ලිපි කිහිපයකින් පිළිතුරු දීමට හැකි ය.

2013 හා 2014 ඇසූ මේ ප්‍රශ්නවලට අමරතුංග මහතාට දැන් වුවත් පිළිතුරු දීමට හැකි ය. කච්චායනගොත්ත සූත්‍රයෙන් අමරතුංග මහතා ඉදිරිපත් කර ඇති තර්ක අපි ඊළ`ග සතියේ සාකච්ඡා කරමු.

නලින් ද සිල්වා