logo3.gif (702 bytes)

HOME


පැරැණි ශිෂ්ටාචාරවල විද්‍යා දර්ශනය (10)

අප සාකච්ජා කරමින් සිටින්නේ ජීවිතයේ අරුත පිළිබඳව ය. විද්‍යාවෙන්, එහි දර්ශනයෙන් සහ එහි ඓතිහාසික වර්ධනය තුළින් මේ ගැන අදහස්‌ රාශියක්‌ අප රැස්‌ කරගෙන ඇත. පැරැණි ශිෂ්ටාචාරවල විද්‍යා දර්ශනය මාතෘකා කොටගෙන ලියෑවෙන ලිපි පෙළේ දසවැන්න මෙය ය. අද මෙන් එදා ද විද්‍යා දර්ශනය මත ඉමහත් බලපෑමක්‌ විවිධ වූ ආගම් ම`ගින් ඇති කළ බව අප පෙන්වා දී ඇත. ලෝකය, විශ්වය, එහි ආරම්භය, එහි පැවැත්ම සහ යථාර්ථය වාස්‌තවිකත්වය යන දේ විද්‍යා දර්ශනයට බෙහෙවින් අදාළ ය. එසේ ම ආගමට ද ඒවා වැදගත් ය. එම නිසා ය විද්‍යා දාර්ශනිකයන් ගේ ද ආගම් කර්තෘවරුන් සහ දාර්ශනිකයන් ගේ ද අවධානය මේ දේවල් වෙත යොමු වූයේ. ආගම සහ විද්‍යාව සම්පූර්ණයෙන් වෙන් කිරීම කළ යුතු යෑයි කියන, විද්‍යාව ම`ගින් ආගම පිළිබඳව සොයාබැලීමක්‌ කිරීම යෝග්‍ය නො වන්නේ යෑයි කියන අය මේ ගැන සිතා බැලිය යුතු ය. පසුගිය ලිපියේ අප දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේ ලෝකයේ යථාර්ථය පිළිබඳව ය. ආගම් කර්තෘවරුන්, නොයෙකුත් දාර්ශනිකයන් සහ චින්තකයන් ගේ අදහස්‌ අපි සලකා බැලුවෙමු. පසුගිය සතියේ ලිපියෙන් සාකච්ඡා කළේ බුදු දහමට සහ මහායාන ධර්මය තුළට විඤ්Æණවාදය ඇතුළු වූයේ කෙසේ ද යන්න ගැන ය. විඤ්Æණවාදය ලෝකයේ පැවැත්ම පිළිබඳ වැදගත් සංකල්පයක්‌ සපයන හෙයින් ඒ ගැන අප ගේ අවධානය යොමු විය යුතු ය. අප ගේ ජීවිතයේ අරුත පිළිබඳ යම් අදහසක්‌ ඉන් ලබාගත හැකි දැයි සොයා බැලිය යුතු ය.

පෙර අපර දෙදිග විඤ්Æණවාදීන් සිටිය බව අප පෙන්වා දී ඇත. මනසින් ස්‌වායත්ත වූ ලෝකයක්‌ නැතැයි පැවසීම විඤ්Æණවාදය (idealism) වන්නේ ය. ලෝකයක්‌ ඇත, එය අපට දැනගත නොහැකි ය යන්න අඥේයවාදීන් ගේ (skepticism) අදහසක්‌ විය හැකි ය. ඔවුන් පවසන්නේ කිසිවක්‌ ඔප්පු කොට දැනගත නොහැකි බව ය. උච්ඡේදවාදයට (Nihilism) අනුව කිසිවක්‌ පවතින්නේ නැත. මේ සැම මතවාදයක්‌ ම පැරැණි ඉන්දියාවේ තිබුණු බව ද ඒවා විසින් බටහිර දර්ශනය මත විශාල බලපෑමක්‌ සිදු කොට විඤ්Æණවාදී අදහස්‌ ඇති ප්‍රධාන ගණයේ දාර්ශනිකයන් කිහිප දෙනකු බිහි කෙරුණු බව ද අප පෙන්වා දී ඇත. ආතර් ෂොපන්හුවර්, ඉමානුවෙල් කාන්ට්‌, රීන් ඩෙස්‌කාර්ටෙ, නිට්‌ෂේ, හේගල්, හයිඩෙගර් වැනි අග්‍ර ගණයේ දාර්ශනිකයන් මේ සංවාදයට සහභාගි වී වැදගත් අදහස්‌ ඉදිරිපත් කොට ඇති බව අපි පෙන්වා දුන්නෙමු. මේ දාර්ශනිකයන් බුදු දහමේ ආභාෂය ලද බව පැවසේ. එහෙත් බුදු දහමේ විඤ්Æණවාදයක්‌ නැති බව මා පසුගිය සතියේ ලිපියෙන් පෙන්වා දී ඇත. මහායාන ධර්මය (එය බුදු දහමට විරුද්ධ ධර්මයක්‌ වුව ද) තුළ ද විඤ්Æණවාදයක්‌ නැති බව මා පසුගිය සතියේ ලිපියෙන් පෙන්වා දී ඇත.

අප දකින දෙයෙහි සත්‍යතාවක්‌ ඇත් ද යන්න ජීවිතයේ අරුත සොයා බැලීමේ දී ඉතා ම වැදගත් වන්නේ ය. පැරැණි ශිෂ්ටාචාරයෙන් මොහොතකට ඉවත් වී නවීන විදාවේ නවතම ප්‍රහේළිකාව වන ක්‌වොන්ටම් මතවාදය නිසා ඇති වී තිබෙන නිරීක්‌ෂණය පිළිබඳ අවිනිශ්චිතතාව දෙස බලමු. මේ පිළිබඳව පසුගිය සතියක විදුසර විද්‍යා සඟරාවට (විදුසර 19.8.2015) මහාචාර්ය කීර්ති තෙන්නකෝන් මහතා විසින් "දෙදික්‌ සිදුරු පරීක්‌ෂණය - වියුක්‌ත සංකල්ප ම`ගින් හෙළි වන යථා තත්ත්වය" යන මැයෙන් ලිපියක්‌ සපයා ඇත. සත්‍ය සොයා යැමට විද්‍යාව හැර වෙනත් විකල්පයක්‌ නැති බවත් අයින්ස්‌ටයින් විසින් නිව්ටන් වැරැදි යෑයි පෙන්වා දී නැති බවත් සිදු වී ඇත්තේ සත්‍යයට තවත් ළඟා වීමක්‌ බවත් එම ලිපිය පෙන්වා දෙයි. විද්‍යාත්මක දැනුම ප්‍රධාන වශයෙන් වියුක්‌ත වුව ද එය බොරුවක්‌ නො වන බව එම ලිපිය පෙන්වා දෙයි. ක්‌වොන්ටම් මතවාදය භාවිත කොට ඔප්පු කළ හැකි දේ බොහෝ යෑයි එය පෙන්වා දෙයි.

නැවතත් විඤ්Æණවාදය වෙත යොමු වෙමු. මනසින් ස්‌වායත්ත වූ ලෝකයක්‌ නැතැයි බුදුදහම පවසනවා ද? එසේ පවසනවා නම් ඇත්තේ මනස විසින් නිර්මිත ලෝකයක්‌ බව එම දහම පවසනවා ද? ඉන්ද්‍රිය සංජානනය ගැන විද්‍යාත්මකව ඉතා ම විශිෂ්ට වූ මතවාදයක්‌ බුදුන් දේශනා කොට ඇත. ඇසින් දැකීම පිළිබඳව බුදුන් පැවසුවේ වස්‌තුව සහ ඇස ගැටීම හේතු කොටගෙන චක්‌ඛු විඤ්Æණය හටගන්නා බව ය. එසේ නම් චක්‌ඛු විඤ්Æණය හටගන්නට පෙර වස්‌තුව පැවැතුණු බව පැහැදිලි ය. වස්‌තුව විඤ්Æණයේ නිර්මිතයක්‌ නො වන බව මින් පැහැදිලි වේ. එසේ නම් වස්‌තුව විඤ්Æණයේ නිර්මිතයක්‌ වන්නට බැරි ය. බුදුන් මෙය මධුපිණ්‌ඩික සූත්‍රය (මඡ්ජිම නිකාය) සහ වෙනත් සූත්‍රවල පැහැදිලි කොට ඇත. ඇසින් දකින දෙය පිළිබඳව ඇති කරගන්නා බැඳීම පිළිබඳව බුදුන් දේශනා කොට ඇත. පුද්ගලයා සහ වස්‌තුව අතර ඇති බැඳීම නිසා වස්‌තුවේ නියම ස්‌වභාවය පුද්ගලයාට දැනගන්නට බැරි ය. වස්‌තුව අයිති කරගන්නට ආශාවක්‌ එම බැඳීම නිසා හට ගත්තේ නම් එම වස්‌තුව අනිත්‍ය වූ අනාත්ම වූ ජරා මරණයට ගොදුරු වන එකක්‌ බව වැටහෙන්නේ නැත. බුදුන් දේශනා කළ යථාර්ථය ඇත්තේ මෙතැන ය. පුද්ගලයාත් වස්‌තුවත් අතර ඇති සම්බන්ධතාව නිසා දකින්නේ සත්‍යය නො වේ. එහෙත් වස්‌තුව ඇත්තේ මනසේ හෝ වස්‌තුව මනසේ නිර්මිතයක්‌ හෝ යෑයි බුදුන් පවසා නැත. වස්‌තුවේ නියම ස්‌වභාවය නො දකින්නේ අවිද්‍යාව නිසා ය.

බුදුන් දේශනා කොට වදාළ ඉන්ද්‍රිය සංජානනය පිළිබඳ මේ දේශනාව නිසා මුල් බුදු දහම විකෘති නො කොට කිසිවකුට විඤ්Æණවාදී අදහස්‌ බුදු දහම තුළ ඇති කළ නොහැකි ය. නාගර්ජුන හිමියන් හෝ වාසුබන්ධු හිමියන් හෝ බුදුදහම විකෘති කොට විඤ්Æණවාදී ගුරුකුල ආරම්භ කළේ නැත. උන්වහන්සේලා ගේ වචන විකෘති කොට විඤ්Æණවාදී ධර්මයන් නිර්මාණය කරන ලද්දේ පිළිවෙළින් චන්ද්‍රකීර්ති හිමියන් සහ ස්‌තිර්මනී හිමියන් විසිනි. තව ද බුදුන් ගේ මේ වචන නිසා කිසිවකුට බුදු දහමට අනුව මනසින් ස්‌වායත්ත වූ ලෝකයක්‌ නැතැයි පැවසිය නොහැකි ය. තව ද අපට සංජානනය කළ නොහැකි විශාල වූ ග්‍රහ වස්‌තු මෙන්ම ඉතා කුඩා වස්‌තු පිළිබඳව ද බුදුන් සඳහන් කිරීමෙන් පෙනී යන්නේ මනසින් ස්‌වායත්ත වූ ලෝකයක්‌ ඇති බවයි.

මේ නයින් බලන කල පෙනී යන්නේ බුදුන් අනුභුතිවාදියකු වූ (Empiricist) බවයි. විද්‍යාඥයන් ද අනුභූතිවාදී විය යුතු ය. ඔවුනට වෙන මාර්ගයක්‌ නැත. කොතැනත් කවදත් එය එසේ ම ය. අපට ඇත්තේ එක ම ඉන්ද්‍රිය පද්ධතියකි. අප අවට ඇත්තේ එක ම ස්‌වභාවධර්මයේ පද්ධතියකි. වෙනත් ක්‍රමයක්‌ ඇති බවට සාක්‌ෂි නැති බව මහාචාර්ය කීර්ති තෙන්නකෝන් මහතා ද පවසා ඇත. අනුභුතිවාදය යන්නෙන් අදහස්‌ වන්නේ කුමක්‌ ද? දැනුම ලබාගත හැක්‌කේ ඓන්ද්‍රිය අත්දැකීමෙන් පමණකි යන විශ්වාසය අනුභූතිවාදය ලෙස සැලකේ. දැනුම ලබා ගැනීමේ දී අත්දැකිම් සහ සාක්‌ෂි මත පදනම් වීම අනුභූතිවාදයේ ප්‍රධාන වගකීම ය. මනස තුළින් එන සහජ අදහස්‌ හෝ සාම්ප්‍රදායික විශ්වාස මත පදනම් නො වීම අනුභුතිවාදයේ ගුණාංග ය. බුදුන්ට අනුව දැනුම ලබාගත හැකි ක්‍රම තුනක්‌ උන්වහන්සේ ගේ කාලයේ පැවතිණි. ඒවා නම් (1) සාම්ප්‍රදායික විශ්වාස සහ පැරැණි ග්‍රන්ථ, (2) පාරභෞතික තර්කය, (3) අනුභුතිය නැත හොත් ඓන්ද්‍රිය අත්දැකීම්. බුදුන් පවසා සිටියේ උන්වහන්සේ අනුගමනය කළේ (3) වැනි ක්‍රමය ය (සංඝාරව සුත්ත). භාවනාව මනස පුහුණු කොට කෙලෙස්‌ දුරු කරන මාර්ගයකි. එය තුළ පරීක්‌ෂණය නිරීක්‌ෂණය ඓන්ද්‍රිය අත්දැකීම් භාවිත වන බව පෙන්වා දිය හැකි ය. බුදුහු නිවන ළ`ගා කරගැනීමට නොයෙකුත් පරීක්‌ෂණ සිදු කළ සේක. පළමුවැනි පස්‌වග මහණුන් සමග ධ්‍යාන වැඩූ සේක. ඊට පසු ශරීරයට දුක්‌ දීමෙන් නිවන ළඟා කරගත හැකි දැයි සොයා බලමින් එම ක්‍රමය ඊට පෙර කිසිවකු නො කළ තලයකට ගෙන ගිය සේක. එම ක්‍රමයෙන් උන්වහන්සේ ගේ අභිප්‍රාය ඉටු කරගත නොහැකි බව දැනගත් පසු ආලාර කාලාම සහ උද්දක රාමපුත්‍ර වෙත ගොස්‌ එම ගුරුවරුන් යටතේ ධ්‍යාන වැඩීම ප්‍රගුණ කිරීමට උත්සාහ ගත් සේක. ඒ ක්‍රමය ද සාර්ථක නො වන බව දැනගත් පසු එය අත්හැර දමා තමා විසින් ම ප්‍රගුණ කොට ගත් නව ක්‍රමයකට අවතීර්ණ වී ධ්‍යාන වැඩීමේ නිම්හිම් පසු කොට ඉතා ම උසස්‌ වූ මට්‌ටමකට ඒ ක්‍රමය ගෙන ගොස්‌ නිවන ප්‍රත්‍යක්‌ෂ කළ සේක. බුදුන් සොයා ගත් මාර්ගය වූයේ ක්‍රමයෙන් අවස්‌ථාවෙන් අවස්‌ථාවට දියුණු වන මනස පුහුණු කිරීමේ ක්‍රමවේදයකි. මනස පිරිසිදු කොට පිටතින් ගලා එන හා ඇතුළතින් උත්පාදනය වන ලෝභ, ද්වේෂ, මෝහ යන කෙලෙස්‌ සිඳ ලෑම නිවන් ම`ග වන්නේ ය. කෙලෙස්‌ වලින් දැවෙන මනස නිවා ලීම නිවන බව බුදුන් ඉතා පැහැදිලිව දේශනා කොට ඇත (සංයුත්ත නිකාය). මේ වනාහි මනස පිළිබඳව කරන ලද ඉතා ගැඹුරු පරීක්‌ෂණ, නිරීක්‌ෂණ සහ ඓන්ද්‍රිය අත්දැකීම්වල ප්‍රතිඑලයකි. අනුභුතික ක්‍රමවේදයක ප්‍රතිඑලයකි.

එම ක්‍රමය තුළ අනුභුතිය මිස ගූඨ ගුප්ත කිසිවක්‌ නැත. අනඓන්ද්‍රිය වූ කිසිවක්‌ නැත. නිවනේ අවසාන අවස්‌ථාවට පැමිණෙන විට බුදුන් පැහැදිලි කරන්නේ එය ය. අජාසත්ත රජතුමාට නිවන් ම`ග පැහැදිලි කරන සමන්තපහල සූත්‍රය මේ මාර්ගය පහදා දී ඇත. වචනවලින් විස්‌තර කළ නොහැකි කිසිවක්‌ එහි නැත. ධ්‍යාන වැඩීම වනාහි මනස පවිත්‍ර කරගෙන ඒකාග්‍රතාවට පැමිණීම පිණිස සිදු කරන මානසික ක්‍රියාදාමයකි. එය මනස විකෘති කරන වෙනත් ක්‍රියාමාර්ගවලට භාවිත නො කළ යුතු බව බුදුන් දේශනා කොට ඇත.

විඤ්Æණවාදය ජීවිතයේ අරුත පිළිබඳ අප ගේ මතවාදය වන DNA, RNA සහ ප්‍රොaටීන් නිපදවීම පිණිස මිනිසා නිර්මාණය වී ඇති බව ද ඔහු ගේ ජීවිතයේ අරුත එය බව ද යන අදහස්‌වලට විරුද්ධ වන්නේ ය. විඤ්Æණවාදය පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක්‌ කළේ ඒ හෙයිනි. එසේ ම අඥෙයවාදය (skepticism) සහ සාශ්වතවාදය පිළිබඳව ද සාකච්ඡා කළ යුතු වන්නේ ය. බුදුන් ගේ කාලයේ ද ඊට පෙර ද අඥෙයවාදීනA සිටිය බව කිව හැකි ය. බුදුන් ගේ සමකාලීන චින්තකයකු වූ සංජය බෙල්ලට්‌ඨ§පුත්ත පුනරුත්පත්තිය, සදාචාරත්මක වගකීම, මෝක්‌ෂය වැනි දේ පිළිබඳව ද විශ්වාස කිරීම පදනම් රහිත බව පැවසුවේ ය. බටහිර අඥෙයවාදීන් ශ්‍රේෂ්ඨ දාර්ශනිකයකු වූ ප්ලේටෝ ගේ (Plato) අදහස්‌වලින් ආභාෂයක්‌ ලද බව පෙනෙන්නට ඇත. ඔහු පැවසුවේ පරම සත්‍ය යනුවෙන් දෙයක්‌ දැන ගැනීම කළ නොහැකි බව ය. පරම සත්‍ය යනු කුමක්‌ ද? ජීවිතයේ අරුත ද? ද්‍රව්‍යවල ව්‍යqහය ද? විශ්වයේ ආරම්භය ද? මේ කරුණු තුන ම ද? ප්ලේටෝ ගේ මතවාදය වනාහි භෞතික ලෝකයේ යථාර්ථය විශ්වාස කිරීම අසීරු කරුණක්‌ බව පවසන වාදයකි. එතුමා ගේ ගුරුවරයා වූ සොක්‍රටීස්‌ පැවසුවේ ඇසින් බලන්නා අන්ධ බව ය. පෙනෙන ලෝකය දැනගත නොහැකි බවත් නො පෙනෙන ලෝකය පැහැදිලි බවත් සොක්‍රටීස්‌ පවසා ඇතැයි ප්ලේටෝ සඳහන් කරයි. ප්ලේටෝ ගේ ශිෂ්‍යයකු වූ ඇරිස්‌ටෝටල් තම ගුරුවරයා අනුව යමින් සාර්වත්‍රික ලෝකය දෙස අවධානය යොමු කළේ ය. එහෙත් ගුරුවරයාට විරුද්ධ වෙමින් ඔහු පැවසුවේ සාර්වත්‍රිකය (universal), සුවිශේෂය (particular) තුළ ඇති බව ය. එම නිසා ඇරිස්‌ටෝටල් දැනුම ලබාගැනීමේ ක්‍රමය ලෙස සුවිශේෂී ක්‍රියාදාමයන් අධ්‍යයනය කළේ ය. ප්ලේටෝ බැලුවේ සුවිශේෂය දෙස නො ව සාර්වත්‍රී ලෝකය දෙස ය. ඇරිස්‌ටෝටල් ගේ තර්ක විද්‍යාව තවමත් භාවිත වන බව ද පැවැසිය යුතු ය. දැනුම ලබාගැනීම පණිස ඇරිස්‌ටෝටල් උද්ගාමී (inductive) සහ අපෝහන (deductive) යන ක්‍රම දෙක ම භාවිත කළ අතර ප්ලේටෝ භාවිත කළේ අපෝහන ක්‍රමය පමණකි. මින් පෙනී යන්නේ ඥාන විභාගය පිළිබඳ මතවාදය සොක්‍රටීස්‌ ගෙන් පටන්ගෙන ඇරිස්‌ටෝටල් වෙත පැමිණෙන විට සෑහෙන වෙනසක්‌ සිදු වී ඇති බවයි.

යුරෝපයේ දැනුම පිළිබඳව අඥෙයවාදී ලෙස තිබූ අදහස්‌ විද්‍යාත්මක ක්‍රමවේදයකට අවතීර්ණ වූ අන්දම මෙලෙසින් පැහැදිලි වන්නේ ය. ග්‍රීසියේ මෙසේ සිදු වූයේ පයිතගරස්‌ ගේ ආභාෂය සහ ඉගැන්වීම් කරන කොට ගෙන යෑයි පැවසුවාට වරදක්‌ නැත. එලෙස ම ඉන්දියාවේ පැවැති විඤ්Æණවාදී සහ අඥෙයවාදී පමණක්‌ නො ව භෞතිකවාදී, දේවවාදී වැනි අනෙකුත් මතවාද පවා වෙනස්‌ විද්‍යාත්මක නැත හොත් අනුභුති මාර්ගයකට පිවිසියේ බුදුන් ගේ ආභාෂය සහ ඉගැන්වීම් කරන කොටගෙන යෑයි පැවසීම සර්ව සාධරණ ය. සොක්‍රටිස්‌ බුදුන් ගේ සමකාලීන ප`ඩිවරයකු යෑයි සැලකේ. එසේ නම් ඉන්දියාව එවැනි මිථ්‍යා මත ඉවත දමා අනුභුතික ක්‍රමය පිළිගන්නේ යුරෝපයේ ගී්‍රසියේ එසේ වන්නට පෙර ය. එහෙත් මෙවැනි මිථ්‍යා අදහස්‌ සම්පූර්ණයෙන් ඉවත දැමී නැත. අප ගේ ඉන්ද්‍රිය පද්ධතියේ ඇති සිමිත වූ හැකියාවන් කවදා හෝ වැඩි දියුණු කරගෙන විද්‍යාත්මක ක්‍රමවේදය තවත් දියුණු කරගෙන දැනට නො දන්නා දේ දැනගන්නා තෙක්‌ මේ මිථ්‍යා මත තිබෙන්නට පුළුවන. විද්‍යාව කෙතරම් දේ සොයාගත්තත් එය මිනිසාට කෙතරම් යහපතක්‌ සිදු කළත් එහි ඇති දුර්වලකම් පමණක්‌ දකින බහුභූතවාදීන් සිටින තාක්‌ කල් ද, විශ්වයේ සත්‍යය සෙවිය යුත්තේ මනස තුළින් මිස විද්‍යාව මාර්ගයෙන් නො වේ යෑයි සිතන අඥානයන් සිටින තාක්‌ කල් ද මේ මිථ්‍යා මත පවතින්නට පුළුවන.

එහෙත් මේ අය අමතක කරන්නේ කවදත් කොතැනත් තිබුණු විද්‍යාව මේ මිථ්‍යා මත නිසා අධෛර්යට පත් වී නොමැති බවයි. එය දියුණුවෙන් දියුණුවට පත් වෙමින් තිබෙන බවයි. සත්‍ය සෙවීම පිණිස මනස පමණක්‌ භාවිත කළ යුතු යෑයි පැවසීම මනස තුළ සත්‍ය ඇතැයි සිතීම වන්නේ ය. නැත හොත් මනසේ ක්‍රියකාරීත්වය දියුණු කොට හැම දෙයක්‌ ම දැකගැනීමේ හැකියාව ලබාගෙන විශ්වයේ ආරම්භය එහි භෞතික ව්‍යqහය සහ එහි අරුත සොයාගත හැකි යෑයි සිතීම වන්නේ ය. බුදුන් තරම් මනස මේ ලෙස දියුණු කළ වෙන කිසිවෙක්‌ නොමැත. නමුත් බුදුන් පවා කියා සිටියේ තමා හැම දෙයක්‌ ම දන්නා බව කිව නොහැකි බව ය (තෙවිඡ්ජ-වච්චගොත්ත සුත්ත). මනස පමණක්‌ යොදාගෙන වෙනත් ඉන්ද්‍රිය භාවිත නො කර අනුභූතිය භාවිත නො කර දැනුම ලබාගත නොහැකි බව මෙලෙස බුදුන් පෙන්වා දී ඇත. එම ක්‍රමය වෙනයම් දෙයක්‌ නො ව කවදත් කොතැනත් තිබුණු විද්‍යාව ය.

පැරැණි ශිෂ්ටාචාරවල විද්‍යා දර්ශනය යටතේ ලියෑවුණු ලිපි 10යෙන් අප ගේ මතවාදය වන DNA, RNA ප්‍රොaටීන සෑදීම ජීවිතයේ අරුත විය යුතු ය යන්න ඉදිරියට ගෙන යැම පිණිස කරුණු රැසක්‌ සොයා ගත හැකි විය. පළමුවෙන් ම

පැරැණි ශිෂ්ටාචාර බොහොමයක්‌ ස්‌වභාවධර්මය/විශ්වය වෙත පුමුඛත්වය දී මිනිසා ඊට පහතින් තබන ලද බව ය. තව ද ස්‌වභාවධර්මය/විශ්වය සැම දෙයක්‌ ම පාලනය කරන බව පැරැණි ශිෂ්ටාචාරවල දර්ශනය ද පෙන්වා දී ඇති බව ය. මේ අදහස්‌ ස්‌වභාව වාදය (naturalism) සහ නියතිවාදය (eterminism) ලෙස ද සමහර චින්තකයන් සඳහන් කොට ඇත. මේ මතවාද සහ අප ගේ මතවාදය පිළිබඳව ඉදිරියේ දී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙමි. ඒ සඳහා නව මාතෘකාවක්‌ වන - " ජීවිතයේ අරුත පිළිබඳ විද්‍යාත්මක සහ දාර්ශනික සාකච්ඡා" - යටතේ ලිපි ලියන්නට අදහස්‌ කරමි.

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග DSc