logo3.gif (702 bytes)

HOME


සිතට කෙළෙස්‌ ගලා ඒම

ඩී එස්‌ සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා විද්‍යාව යනු කුමක්‌ දැයි තවමත් පැහැදිලි කර නැත. ඔහු ආනුභවිකය ගැන කතා කරයි. එහෙත් මේ ආනුභවිකය පංචෙන්ද්‍රියන් ඉක්‌මවා යන ආනුභවිකයක්‌ ද යන්නට ඔහු ගෙන් පිළිතුරක්‌ නැත. බටහිර විද්‍යාවේ ආනුභවිකය පංචෙන්ද්‍රිය ඉක්‌මවා නො යයි. බටහිර විද්‍යාවේ මනස යනු මොළය ආශ්‍රිත ව පවත්නා දෙයකි. ඔවුන් ගේ මනස පිළිබඳ ඊනියා පර්යේෂණ පංචෙන්ද්‍රිය අත්දැකීම් ආශ්‍රිත ය. එහෙත් බුදුන් වහන්සේ ගේ ආරිය පර්යේෂණය මනස හා සම්බන්ධ විය.

පසුගිය ජූලි 14 වැනි දා අමරතුංග මහතා තම ලිපිය අරඹන්නේ මෙසේ ය. අපි ඒ පළමු ඡේදය මුළුමනින් ම උපුටා දක්‌වමු. ඒ අමරතුංග මහතා ගේ පරස්‌පර පාඨකයාට දැනගැනීම සඳහා ය. "අප සාකච්ඡා කරමින් සිටින්නේ ජීවිතයේ අරුත පිළිබඳව ය. එය සාකච්ඡා නො කරන්නේ නම් කුමක්‌ සාකච්ඡා කරන්න ද? ආගම, සංස්‌කෘතිය, කලාව, විද්‍යාව, දර්ශනය යන දේවල් ජීවිතයේ අරුත සමඟ බැඳී ඇත. කලාව නිතර වෑයම් කරන්නේ ජීවිතයේ පැතිකඩක්‌ පෙන්වා දීමට ය. විද්‍යාව ජීවිතයේ අරුත සොයයි. දර්ශනයේ මූලික විභාගය ඒ ගැන ය. ආගම ඒ ගැන අදහස්‌ පළ කරයි. ජීවිතයේ අරුත අප දන්නවා නම් ආගම, විද්‍යාව, කලාව, දර්ශනය වෙන ම`ගක්‌ ගන්නවාට සැක නැත. ඒවා දැන් ගෙන ඇති මාර්ගයේ යන්නේ ජීවිතයේ අරුත අප නො දන්නා නිසා ය. ජීවිතයේ අරුත අප දැනගත් දාට අප තුළ විශාල වෙනසක්‌ සිදු වන්නට ඉඩ ඇත. අප ගේ මුල් ලිපිවල ජීවිතයේ සහ විශ්වයේ පටන් ගැන්ම පිළිබඳව විද්‍යාව, ආගම, බුදු දහම සඳහන් කරන කරුණු කාරණා සාකච්ඡා කළෙමු."

ජීවිතයේ අරුත යන්න බෞද්ධ අදහසක්‌ නො වේ. ජීවිතයේ අරුත සකච්ඡා නො කරන්නේ නම් අප කුමක්‌ සාකච්ඡා කරන්න දැයි අමරතුංග මහතා අසයි. ඒ අතර ඔහු මෙසේ කියයි. "පෙර සඳහන් කාලයේ ඉන්දීය දාර්ශනිකයෝ විඤ්ඤාණය, මනස, ඥානය, ෙච්තනාව වැනි ගැඹුරු තේමාවන් අධ්‍යයනය කිරීමට පෙලඹුණ හ. චීන දාර්ශනිsකයන් මෙතරම් ගැඹුරු විෂයයන් පිළිබඳ අවධානය යොමු කළේ නැත. එදිනෙදා ජීවිතය හොඳින් ගත කරන්නේ කෙසේ ද? සදාචාරය වැනි විෂයයන් ඔවුන් ගේ සැලකිල්ලට භාජන විය. බුදුරදුන් ගේ සම්ප්‍රාප්තියත් සමග ඉන්දීය දර්ශනය තවත් ගැඹුරු අදියරකට පත් විය. උන්වහන්සේ ජීවිතයේ අරුත සොයා යැම පිළිබඳව තමන්වහන්සේ ගේ අවධානය යොමු කළේ නැත. උන්වහන්සේ ගේ සමකාලීන දාර්ශනිsකයෝa ජීවිතයේ අරුත, විශ්වයේ ආරම්භය වැනි විෂයයන් ගැන තම අවධානය යොමු කළෝ ය. බුදුන් ඒවා පිළිබඳ වැඩි අවධානයක්‌ නො කළේ ඒවා ආනුභාවික නො වූ විෂයයන් වූ නිසාත් ඊට වඩා වැදගත් ප්‍රශ්නවලට මුහුණ දී සිටි දුක්‌ත මිනිසුන් ගේ දුක නැති කිරීමේ මාර්ගයක්‌ සොයා යැම කළ යුතු දෙයක්‌ යෑයි සිතූ නිසාත් ය. උන්වහන්සේ ජීවිතයේ අනිත්‍යභාවය, ඒ නිසා ම දුක්‌තභාවය සහ ඒ නිසා ම මම ය මගේ ය යෑයි කිසිවක්‌ නැති බව ද, අනාත්ම බව ද ආනුභාවික මාර්ගයෙන් සොයාගත් සේක. දුකට හේතුව අධික තෘෂ්ණාව බව උන්වහන්සේ අත්දැකීමෙන් දැනගත් සේක. ඊට පසුව තෘෂ්ණාව නැති කරගැනීමේ මාර්ගය සොයා පරීක්‌ෂණ කළ සේක. තමා ගේ ම මනස පිළිබඳව පරික්‌ෂණ කළ සේක. ශරීරයට කිසි ම සුවයක්‌ සැපයක්‌ නො දී නොයෙකුත් දුෂ්කරක්‍රියා සිදු කොට තෘෂ්ණාව නැති කර ගත හැකි දැයි සොයා බැලූ සේක. එවැනි අධික වූ දුෂ්කර ක්‍රියා ඊට පෙර කිසිවකු සිදු කොට නැත. එම ක්‍රමය වැරැදි බව අත්දැකීමෙන් දැනගත් උන්වහන්සේ කාම සැපය ද අධික දුෂ්කර ක්‍රියා ද යන අන්ත දෙක තුළ ම තෘෂ්ණාව නැති කරගන්නා ක්‍රමයක්‌ නැති බව සොයාගත් සේක. ඊට පසු භාවනා ක්‍රම අත්හදා බලා එම ක්‍රමය අලුත් ම තලයකට ගෙන යන්නට උන්වහන්සේට පුළුවන් විය. එම ක්‍රමයෙන් මනස තුළට ගලා එන කෙළෙස්‌ නවතාලිය හැකි බව උන්වහන්සේ සොයාගත් සේක. එම අලුත් දැනුම නිවන ලෙස හැඳින්වූයේ ඊට සිත නිවන්නට හැකි වූ නිසා ය. ගිනිගෙන දැවෙන ඉන්ද්‍රිය නිවී ඇති බව උන්වහන්සේ පැවසූ සේක. තෘෂ්ණාව ක්‍රෝධය සහ මෝහය නමැති ගින්නෙක්‌ දැවෙන ඉන්ද්‍රිය සහ ඒවායේ විඥානය නිවී ඇති බව උන්වහන්සේ පැවසූ සේක - (සංයුක්‌ත නිකාය iv පිටු 19-20)."

මෙතරම් පරස්‌පර සංඛ්‍යාවක්‌ එක ම ලිපියක ඉදිරිපත් කිරීම පිළිබඳව අප අමරතුංග මහතාට පරස්‌පර පිළිsබඳ ත්‍යාගයක්‌, සම්මානයක්‌ පිරිනැමිය යුතු ය. ජීවිතයේ අරුත තබා ඉහත සඳහන් කළ ඡේදවල අරුතවත් පාඨකයාට වැටහෙන්නේ ද? අමරතුංග මහතාට ද ඒ නො වැටහෙන බව පැහැදිලි ය. අමරතුංග මහතාට අනුව අප ජීවිතයේ අරුත ගැන කතා කරන්නේ නැති නම් සාකච්ඡා කිරීමට දෙයක්‌ නැත. එහෙත් බුදුන් වහන්සේ අනෙක්‌ භාරතීය දාර්ශනිකයන් මෙන් නො ව ජීවිතයේ අරුත, විශ්වයේ ආරම්භය ආදිය ගැන කතා නො කළ හ. බුදුන් වහන්සේ ජීවිතයේ අරුත ගැන සාකච්ඡා නො කෙළේ ඒවා ආනුභවික නො වූ නිසාත් ජීවිතයේ දුක්‌ විඳින මිනිසුන් ගේ දුක නැති කිරීම එයට වඩා වැදගත් නිසාත් ය. එයින් කියන්නේ බුදුන් වහන්සේට අනුව ජිවිතයේ අරුත සෙවීමට වඩා වැදගත් ප්‍රශ්න ඇති බව ය. එහෙත් අමරතුංග මහතා සොයා යන්නේ ජිවිතයේ අරුත ය. ජීවිතයේ අරුත දැනගත් විට අප වෙනත් ආකාරයකට ලෝකය දෙස බලනු ඇතැයි, එනම් ආගම දර්ශනය විද්‍යාව කලාව අදිය වෙන ම`ගක්‌ ගන්නවාට සැකයක්‌ නැති බවත් අමරතුංග මහතා අපට කියා දෙයි. ජීවිතයේ අරුත දැනගත් විට බුදුදහම ද වෙනත් ම`ගක්‌ ගනු ඇත් ද? අමරතුංග මහතා බුදුන් වහන්සේ අනුගමනය නො කරන බව පැහැදිලි ය.

බුදුන් වහන්සේ අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම යන ත්‍රිලක්‌ෂණය ආනුභාවික මාර්ගයෙන් සොයාගත් බව අමරතුංග මහතා පවසයි. නැවතත් ප්‍රශ්නය වන්නේ ආනුභවික යන්නෙන් ඒ මහතා අදහස්‌ කරන්නේ කුමක්‌ ද යන්න ය. දුක්‌ඛ යනු කුමක්‌ දැයි අමරතුංග මහතා දන්නේ ද? ත්‍රිලක්‌ෂණයෙන් කියෑවෙන්නේ සියලු සංස්‌කාර හෙවත් සංඛත ධර්ම ගැන ය. දුක්‌ඛ යන්න අමරතුංග මහතා විස්‌තර කරන්නේ කෙසේ දැයි දැනගනු කැමැත්තෙමි. ඒ සංස්‌කාරවල ලක්‌ෂණයක්‌ ද? නැත්නම් අපට ඇති වන හැ`ගීමක්‌ ද? බුදුන් වහන්සේ ත්‍රිලක්‌ෂණය පසක්‌ කළේ ඊනියා ආනුභවික විද්‍යාත්මක ක්‍රමයක්‌ යොදා ගනිමින් ද? අමරතුංග මහතාට අනුව දුක ඇති වන්නේ අධික තෘෂ්ණාව නිසා ය. මේ අධික යන විශේෂණය අමරතුංග මහතාට ලැබුණේ කෙසේ ද? බුදුන් වහන්සේ ඒ බවක්‌ දේශනා කර ඇත් ද?

බුදුන්වහන්සේ භාවනා ක්‍රම ම`ගින් මනස තුළට ගලා එන කෙළෙස්‌ නවතා දැමීම සොයාගත් බව අමරතුංග මහතා කියයි. කෙළෙස්‌ මනසට ගලා එන්නේ කොහේ සිට ද? කෙළෙස්‌ වෙනත් තැනක ඇති වී මනසට ගලා එන බව බුදුන් වහන්සේ සොයාගත්තේ ද? එවිට මනසෙහි ක්‍රියාකාරිත්වය කුමක්‌ ද? කෙළෙස්‌ ගලා ඒම නැවැත්වීම නිවන යෑයි බුදුන් වහන්සේ වදාළේ කොහේ ද? එය නිවන යනුවෙන් හඳුන්වන්නේ එයින් සිත නිවන නිසා යෑයි අමරතුංග මහතා කියයි. සිත නිවීම යනු කුමක්‌ ද? අමරතුංග මහතා මේ අවුල් ඇති කර ගන්නේ ඊනියා ආනුභාවිකයක්‌ බුදුදහම සම`ග ගැටගැසීමට යැමෙනි.

දැන් අපි අමරතුංග මහතා ගේ එකී ලිපියෙහි ම මේ ඡේදය සළකා බලමු. "ඉන්දීය දාර්ශනිකයෝ ද ජීවිතයේ දුක්‌ත බව අනිත්‍ය බව හැඳිනගත්තෝ ය. බුදුන් එය තුළ මම කියා දෙයක්‌ නැති බව හැඳිනගත් සේක. මිනිසා ගේ අසරණභාවය අපිළිසරණ භාවය බුදුහු හැඳිනගත් සේක. දුකින් මුදවාගැනීමට තමා ගේ ම ශක්‌තියෙන් යුතු ව ක්‍රියා කළ යුතු බව දේශනා කළ සේක. අප පවසා ඇත්තේ මිනිසා ස්‌වභාවධර්මයට වඩා ඉහළින් හිඳිමින් පුමුඛත්වයක්‌ ලබාගත නොහැකි බව ය. මිනිසා විඤ්ඤාණ පුංජයක්‌ පමණක්‌ බව බුදු දහම පවසයි. මිනිසා ශක්‌ති පුංජයක්‌ බව අප පෙන්වා දී ඇත. විඤ්ඤාණය ශක්‌ති වර්ගයක්‌ විය හැකි ය යන අදහස ද අප ඉදිරිපත් කර ඇත. එසේ නම් අප ගේ ජීවිත අපට අයිති නැති එකකි. එය විශ්වයේ පාලනයට නැතිනම් ශක්‌තියේ පාලනයට යටත් වන බව අප පවසා ඇත. අපේ ජීවිත විශ්වයට අවශ්‍ය පරිදි ජීවත් වනවා පමණක්‌ නො ව ඊට අවශ්‍ය සේවයක්‌ ද කරනවා විය හැකි ය. මේ දුක්‌ත වූ වහල් සේවයෙන් මිදෙන මාර්ගයක්‌ බුදුන් පෙන්වා දී ඇත."

අමරතුංග මහතා කියන්නේ කුමක්‌ ද? මේ ශක්‌ති පුංජ කතාව පට්‌ටපල් බොරු සංකල්පයක්‌ වන බව අපි කියා ඇත්තෙමු. මෙහි ශක්‌තිය යනුවෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ ද? මිනිසා විඤ්Æණ පුංජයක්‌ පමණක්‌ බව බුදුදහමෙහි සඳහන් වී ඇත්තේ කොතැනක ද? දුකින් මිදීමට හැකියාව ඇත්තේ සම්මුති අර්ථයකින් තමාට ම ය. එහෙත් තමා ගේ ම ශක්‌තියෙන් ඒ කළ හැකි ය යන්නෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ ද? අමරතුංග මහතා කියන්නේ අප ගේ ජීවිත අපට අයත් නැති බව ය. අප කියා අය නැති විට මෙය අරුතක්‌ නැති වාක්‍යයකි. අමරතුංග මහතා ජීවිතයේ අරුත සෙවීමට පළමු අරුතක්‌ ඇති වාක්‍ය ලිවීමට පුqරුදු විය යුතු ය. ඒ කෙසේ වෙතත් අපේ ජීවිත විශ්වයේ පාලනයට නැතිනම් ශක්‌තියේ පාලනයට යටත් වන බව අමරතුංග මහතා පවසා ඇත. එපමණක්‌ නො ව අපේ ජීවිත විශ්වයට අවශ්‍ය පරිදි ජීවත් වනවා පමණක්‌ නො ව ඊට අවශ්‍ය සේවයක්‌ ද කරනවා විය හැකි යෑයි අමරතුංග මහතා පවසයි.

අප විශ්වයට අවශ්‍ය පරිදි ජීවත් වනවා යන්න ම ක්‍රිස්‌තියානි සංකල්පයකි. මෙහි විශ්වය ශක්‌තිය ආදිය වෙනුවට දෙවියන් වහන්aසේ යන්න ආදේශ කරන්න අප එලෙස විශ්වයට සේවය කරන්නේ නම් එයට අවශ්‍ය අන්දමට ජීවත් වන්නේ නම් එයින් මිදීම යන්නෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ ද? එයින් කියෑවෙන්නේ විශ්වයට අවශ්‍ය නොවන අන්දමකට ජීවත් වීම ද? එසේත් නැත්නම් ජීවත් නො වීම ද? අමරතුංග මහතා සංකල්ප ගැන කිසි දිනෙක නිරවුල් ව කල්පනා කර නැත. අප සංසාරයේ සැරිසරන්නේ කුමක්‌ නිසා ද? ජීවිතයේ අරුත සොයාගැනීමට නොහැකි නිසා ද? එසේත් නැත්නම් විශ්වයට සේවය කිරීමට ද? අප සසර සැරිසරන්නේ විශ්වයට අවශ්‍ය නිසා ද? මේ බුදුදහම නම් නො වන බව පැහැදිලි ය.

පැරැණි භාරතයේ තිබූ ගණිතය වත්මන් බටහිර ගණිතය නො වන බව අප පෙන්වා දී ඇත. භාරතීයයන් ගේ ගණිතය වියුක්‌ත නො වී ය. ඔවුහු සාධාරණීකරණය දැන නො සිටිය හ. භාරතයේ ජ්‍යාමිතියක්‌ ගොඩ නො නැඟිණි. ඔවුන් දැන සිටි පෛතගරස්‌ ප්‍රමේයයක්‌ නැත. ඔවුහු එහි ප්‍රතිඵලය සූත්‍ර ලෙස දැන සිටිය හ. වෛදික ගණිතය වියුක්‌ත නො වී ය. වෛදිකයෝ සාධනය කිරීම යනු කුමක්‌ දැයි නො දැන සිටිය හ.

භාරතීයයෝ යම් යම් ප්‍රතිඵල දැන සිටිය හ. ඒ ප්‍රතිඵල අරාබින් මාර්ගයෙන් වක්‍ර ව ද ඇතැම් විට සෘජු ව ද යුරෝපයට ගියේ ය. බටහිරයෝ ඒ ප්‍රතිඵල තම නව චින්තනය මත පදනම් ව නව සංස්‌කෘතියට අවශෝෂණය කරගත් හ. එම`ගින් වෙන ම වියුක්‌ත ගණිතයක්‌ ගොඩනැඟූ හ. අද බටහිර ගණිතය වෛදික ගණිතයේ වර්ධනයක්‌ නො වේ. බටහිර ගණිතය හා වෛදික ගණිතය අතර ඇත්තේ අහසට පොළොව වැනි වෙනසකි.

අමරතුංග මහතා නො කීව ද චීන විද්‍යාව භාරතීය විද්‍යාවෙන් වෙනස්‌ විය. ඒ බව අමරතුංග මහතා ඉදිරිපත් කරන කරුණුවලින් ම පැහැදිලි වෙයි. චීන ගණිතයක්‌ ගැන අමරතුංග මහතාට කිව හැක්‌කේ කුමක්‌ ද? චීන ගණිතයක්‌ වර්ධනය නො වූයේ ඇයි දැයි අමරතුංග මහතා අපට කියා දෙන්නේ ද?

නලින් ද සිල්වා