logo3.gif (702 bytes)

HOME


පැරැණි ශිෂ්ටාචාරවල විද්‍යා දර්ශනය (04)

අප සාකච්ජා කරමින් සිටින්නේ ජීවිතයේa අරුත පිළිබඳව ය. මේ ගැන විද්‍යාවෙන් සොයාගත හැකි කරුණු රාශියක්‌ පසුගිය ලිපිවලින් සාකච්ජා කළෙමු. අප ගේ මූලික අදහස වන්නේ අප ස්‌වභාවධර්මයට අවශ්‍ය සේවයක්‌ ඉටු කරන බව ය. ස්‌වභාවධර්මය අපට සේවය කරන්නේ නැත. අප ස්‌වභාවධර්මයට අවශ්‍ය DNA, RNA සහ ප්‍රොaටීන් නිෂ්පාදනය කරමින් සිටියි. කුමක්‌ නිසා දැයි නො දනිමු. විද්‍යාවේ ද පැරැණි විද්‍යා දර්ශනයේ ද මේ අදහසට එකඟ වන කරුණු ඇති බව අප පෙන්වා දී ඇත. උදාහරණයක්‌ ලෙස පැරැණි චීනයේ යින් සහ යෑන්ග් සංකල්පය ස්‌වභාවධර්මය වෙත පුමුඛස්‌ථානය ලබා දී ඇත. ස්‌වභාවධර්මය මිනිසාට සේවය කරන්නේ යෑයි සිතනවා නම් එවැනි සංකල්පයක්‌ චීනයේ වර්ධනය වන්නේ නැත.

නැවතත් අප ඉදිරිපත් කොට ඇති අදහස්‌ දෙස බලමු. මිනිසා තුළ ඇති අධික තෘෂ්ණාව බිහි වූයේ කෙසේ ද? එය මිනිසා ගේ නිර්මාණයක්‌ නො වන බව කිව හැකි ය. එය වර්ධනය කරගැනීම හෝ තුනී කරගැනීමේ හෝ හැකියාව මිනිසාට ඇතත් එය ස්‌වභාවධර්මය විසින් මිනිසා තුළ බිහි කරන ලද බව කිව හැකි ය. තෘෂ්ණාව නිසා මිනිසා තම නිර්මාණ හැකියාව සහ ණය භාවිත කරමින් නොයෙකුත් නව නිර්මාණ සිදු කරන බව අප පෙන්වා දී ඇත. එහි ප්‍රතිඑලයක්‌ ලෙස මිනිස්‌ ඤාණය වර්ධනය වන්නේ ය. මිනිසා මරණයට පත් වන්නේ ය. එහෙත් එසේ වර්ධනය වූ ඤාණය විනාශ වන්නේ නැත. එය ජාන මාර්ගයෙන් පරම්පරාවෙන් පරම්පරාවට සංක්‍රමණය වන්නේ ය. මෙසේ වර්ධනය වන DNA,RNA, ප්‍රොaටීන් නිෂ්පාදනය සඳහා මිනිස්‌ තෘෂ්ණාව අත්‍යවශ්‍ය වන්නේ මෙලෙස ය. ස්‌වභාවධර්මය වෙනුවෙන් මිනිසා කරන සේවය සඳහා ඔහු වහලකු ලෙස බැඳ තබන්නේ මේ තෘෂ්ණාව ය. ස්‌වභාවධර්මය විසින් මිනිසා ස්‌වභාවධර්මයේ සේවය සඳහා වහලකු බවට පත් කොට ඇත්තේ තෘෂ්ණාව ම`ගිනි. මිනිසා තෘෂ්ණාවේ වහලකු වී ඇත්තේ ඒ ලෙසිනි.

බුදුරදුන් මේ බව වටහා ගත් සේක. මේ වහල් බවෙන් මුදවා ගන්නා ක්‍රමයක්‌ බුදුන් සොයා ගත් සේක. තෘෂ්ණාව සහ දුක එක ම කාසියේ දෙපැත්ත ය. තෘෂ්ණාව සහ දුක එකිනෙක පෝෂණය කිරීමේ හැකියාව ඇති සේ නිර්මාණය වී ඇත. යම් දෙයක්‌ ලබාගන්නට ඇති තෘෂ්ණාව නිසා ඒ දෙය පසුපස යයි. එය නො ලැබුණු විට දුක ඇති වේ. එවිට ඒ දෙය පසුපස තවත් ලුහුබඳින්නට පෙලඹේ. මේ ලෙස ආශා කරන දේවල් නිෂ්පාදනය කිරීමේ කාර්යයේ මිනිසා නිරන්තර ව යොමු වී ඇත. ඒ ම`ගින් DNA, RNA, සහ ප්‍රොaටීන් වර්ධනය වන්නේ ය. ස්‌වභාවධර්මයට අවශ්‍ය එය වන්නේ ය. මිනිසා තෘෂ්ණාව නිසා දුකින් සිටීම පිළිබඳව ස්‌වභාවධර්මය කම්පා වන්නේ නැත. අවශ්‍ය සේවය සිදු වීම පමණි එහි වුවමනාව. බුදුරදුන් තෘෂ්ණාව නමැති වහල් භාවයෙන් මිදෙන මාර්ගය පෙන්වා දුන් සේක.

පැරැණි ශිෂ්ටාචාරවල විද්‍යා දර්ශනය සලකා බැලීමෙන් අප ගේ අදහස්‌වලට සහාය වන කරුණු චීනයෙන් සහ ඉන්දියාවෙන් සෑහෙන ප්‍රමාණයක්‌ ලබාගන්නට හැකි වී ඇත. මේ ලිපියෙන් පැරැණි මෙසපොතේමියාවේ පැවැති ශිෂ්ටාචාරය පිළිබඳව කරුණු සොයා බලන්නට කල්පනා කළෙමි. අද කාලයේ ලෝක සිතියමේ සඳහන් වන ඉරාකය, කුවේටය සහ සිරියාවේ කොටසක්‌ ද තුර්කියෙන් කොටසක්‌ ද මෙසොපොතේමියාව නමැති එම පැරැණි ශිෂ්ටාචාරයට අයත් විය. එහි ඉතිභාස කාල පරිච්ඡේදය ක්‍රි. පූ. 3100 සිට 539 දක්‌වා වන්නේ ය. ටයිග්‍රිස්‌ සහ යුප්‍රටිස්‌ නමැති ගංගාවල් දෙකින් මේ ප්‍රදේශය පෝෂණය විය. ලෝකයේ පැරැණි ගංගා නදී ශිෂ්ටාචාර හතරක්‌ වන්නේ චීනයේ කහ ගංගා නදී ශිෂ්ටාචාරය, ඉන්දියාවේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය, ඊජිප්තුවේ නයිල් නදී ශිෂ්ටාචාරය සහ මෙසොපොතේමියාවේ ටයිගී්‍රස්‌ යුප්‍රටිස්‌ ගංගා නදී ශිෂ්ටාචාරය ය.

මෙසොපොතේමියාවේ විද්‍යාව සහ ගණිතය පදනම් වූයේ ෂාෂ්ඨක (sexagesimal) ඉලක්‌කම් පද්ධතියක්‌ මත විය. පැයකට විනාඩි 60, පැය 24ක්‌ වන දිනය, අංශක 360 වෘත්තය මේ පද්ධතිය තුළිsන් බිහි විය. නොයෙකුත් හැඩයන් සහ ඝනයන්හි ප්‍රමාණය ගණනය කිරීම පිණිස ඔවුහු ප්‍රමේයයන් නිර්මාණය කළෝ ය. කවයක පරිධිය එහි විෂ්කම්භය මෙන් තුන් ගුණයක්‌ යෑයි ඔවුහු නිගමනය කළෝ ය. තව ද කවයක ක්‍ෂෙත්‍රඑලය පරිධියේ වර්ගයෙන් 1/12ක්‌ බව ද සොයා ගත්තෝ ය. මෙසොපොතේමියානුවෝ තාරකා විද්‍යාව ද දියුණු කළෝ ය. පළමු වතාවට බැබිලෝනියානු විද්‍යාඥයන් පරිපූර්ණ වූ විශ්වය නමැති දර්ශනය ඉදිරිපත් කළෝ ය. තාරකා විද්‍යාවේ අනාවැකි සඳහා තර්කය භාවිත කිරීම මේ සමග ම සිදු විය. මේ දර්ශනය ප්‍රථම විද්‍යාත්මක විප්ලවය බව පිsළිගැනේ. බැබිලෝනියානු රාජ්‍යය එක්‌ කාලයක මෙසොපොතේමියාවේ ප්‍රධාන රාජ්‍යයක්‌ විය. බැබිලෝනියානු විද්‍යාඥයන් නව සොයාගැනීම් අති විශාල සංඛ්‍යාවක්‌ සිදු කොට ඇත. ඔවුනට සූර්ය සහ චන්ද්‍රග්‍රහණය පිළිබඳ අනාවැකි පළ කිරීමේ හැකියාව තිබිණි. මේ සඳහා හොඳ ගණිතාවබෝධයක්‌ තිබිය යුතු ය. ඔවුහු පෘථිවිය සූර්යයා වටා ගමන් කරන බව විශ්වාස කළෝ ය. ලෝකයේ බොහෝ පැරැණි රටවල තාරකා විද්‍යාව පදනම් වී ඇත්තේ බැබිලෝනියානු තාරකා විද්‍යා දර්ශනය මත ය.

බැබිලෝනියානු වෛද්‍ය විද්‍යාඥයන් වෛද්‍ය විද්‍යාව පිළිබඳ ග්‍රන්ථ නිර්මාණය කළෝ ය.

පැරැණි ම ග්‍රන්ථ ක්‍රි. පූ. 2000 වර්ෂයේ දී පමණ නිර්මාණය වී ඇත. ඉතා ම විධිමත් ලෙස විස්‌තර සහිතව ලියෑවුණු වෛද්‍ය ග්‍රන්ථය වූයේ එසාර්ල්-කින්-ඇප්ලි (1060-1046 ඊC) විසින් ලියන ලද diagnostic handbook නමැති කෘතිය විය. මේ කෘතිය පවසා සිටින්නේ රෝග විනිශ්චය සහ ප්‍රතිකාරය සඳහා ආනුභාවය සහ තර්කය අවශ්‍ය බව ය. රෝග ලක්‌ෂණ ලැයිස්‌තුවක්‌ සපයන එම කෘතිය එම රෝග ලක්‌ෂණ නිරීක්‌ෂණය ම`ගින් සොයාගන්නා ක්‍රම පැහැදිලි කරයි. අද පවතින නවීන විද්‍යාවට බොහෝ සෙයින් සමාන වූ ක්‍රමවේදයක්‌ වන රෝගියා පරීක්‌ෂා කිරීම, රෝග ලක්‌ෂණ හැඳිනගැනීම, රෝග විනිශ්චය සහ ප්‍රතිකාරය මේ ග්‍රන්ථය විස්‌තර කරයි. ඊජිප්තුවේ ද මේ කාලයේ දී ම මෙවැනි ම වූ වෛද්‍ය විද්‍යාවක්‌ වර්ධනය වූ බව කිව හැකි ය. පසු කාලයක දී යුරෝපයේ දියුණු වූයේ මේ වෛද්‍ය විද්‍යාව ම බව ද පැවසිය යුතු ය. එපමණක්‌ නො ව ලොව සැම තැන තිබුණේ මේ වෛද්‍ය විද්‍යාව ම විය. කවදත් කොතැනත් තිබුණේ එක ම විද්‍යාව නම් වෙනස්‌ වෛද්‍ය විද්‍යාවක්‌ තිබිය නොහැකි ය.

මෙසොපොතේමියානුවෝ දෙවිවරුන් කිහිප දෙනකු විශ්වාස කළ හ. එක්‌ දෙවි කෙනකු ගේ නම "අන්" විය. එක්‌ දිව්‍යාංගනාවක ගේ නම "කි" විය. මෙසොපොතේමියානු භාෂාවෙන් විශ්වය හැඳින්වන්නේ "අන්කී" යනුවෙනි. දෙවියන්ට දී ඇති නම් විශ්වයට භාවිත කර වචනයෙන් නිරුක්‌ති වී ඇති බව පෙනේ. මින් අදහස්‌ වන්නේ දෙවියන්ට වඩා ඉහළින් විශ්වය තබා ඇති බව ය. ඔවුන් ඥානවන්ත ජාතියක්‌ බව කිව හැකි ය. ඔවුන් නිතර ඇසූ ප්‍රශ්න වූයේ "අප සිටින්නේ කොහේ ද?" අප මෙහි ආවේ කොහි සිට ද?" "අප ජීවත් වන්නේ කුමක්‌ පිණිස ද?" ආදියයි. මේවා දාර්ශනික ප්‍රශ්න වූ බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. අප ද අසා ඇත්තේ මේ ප්‍රශ්න ම ය.

Dialogue of Pessimism නමැති කෘතිය පෙන්නුම් කරන්නේ බැබිලෝනියානු දර්ශනය පැරැණි ගී්‍රක දර්ශනයට ආභාෂයක්‌ ලබා දුන් බව ය. ප්ලේටෝ සහ සොක්‍රටීස්‌ ගේ අදහස්‌ ඉහත සඳහන් ග්‍රන්ථයේ එන අදහස්‌වලට සමාන බව පෙනේ.

මේ නයින් බලන කල පෙනී යන්නේ ක්‍රි. පූ. 3000ක්‌ පමණ පැරැණි ඉතිභාසයක්‌ ඇති මෙසොපොතේමියාව විද්‍යාව අතින් විශාල වර්ධනයක්‌ පෙන්නුම් කළ බව ය. තාරකා විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, ගණිතය, ගෘහ ශිල්පය වැනි ක්‍ෂෙත්‍රවල දියුණු තත්ත්වයක්‌ පැවැති බව පිsළිගත හැකි ය. තව ද අප මෙතෙක්‌ සාකච්ඡා කළ පැරැණි ශිෂ්ටාචාරවල විද්‍යාව බොහෝ ලෙස සමාන වූ බව ද පෙනේ. කොතැනත් කවදත් තිබුණේ එක ම විද්‍යාව ය. මේ විද්‍යාව ආනුභාවය මත පදනම් විය. ඉන්ද්‍රිය ම`ගින් ලබාගන්නා දත්ත තුළ විශ්වාසයක්‌ තැබිය හැකි යම් කිසි යථාර්ථයක්‌ වේ යෑයි සලකන දර්ශනය විසින් මේ විද්‍යාව පෝෂණය කරන ලදි. සැම දින සැම තැන තිබූ විද්‍යාවේ දර්ශනය මෙය විය. විද්‍යාඥයා දකින දෙයෙහි යම්කිසි සත්‍යයක්‌ ඇතැයි සිතා එසේ ලබාගත් දැනුමින් යම්කිසි ප්‍රයෝජනයක්‌ ලබාගැනීම එම දර්ශනයේ අර්ථය විය. ඉන්ද්‍රිය හැරෙන්නට පරිසරය පිළිබඳ දැනුමක්‌ ලබාගැනීමට වෙනත් ක්‍රමයක්‌ ස්‌වභාවධර්මය මිනිසාට ලබා දී නැත. ස්‌වභාවධර්මයට අවශ්‍ය සේවය සිදු කරගැනීමට වුවමනා කරන පද්ධති සියල්ල එය විසින් මිනිසාට ලබා දෙනු ලැබ ඇත.

පැරැණි ඊජිප්තුවේ විද්‍යාව සහ තාක්‌ෂණය අනෙකුත් පැරැණි ශිෂ්ටාචාරවලට සමාන විය. නයිල් ගංගා නිම්නයේ බිහි වූ මේ ශිෂ්ටාචාරය ක්‍රි. පූ. වර්ෂ 5000 පමණ පැරැණි විය හැකි ය. ඔවුන් ගේ විද්‍යාව සහ තාක්‌ෂණය දියුණු වූයේ කඩදාසි නිෂ්පාදනය, මුද්‍රණය, විශාල ගොඩනැ`ගිලි නිර්මාණය, විශාල සිහිවටන නැව් සෑදීම සහ යාත්‍රණය, වීදුරු කර්මාන්තය, තාරකා ශාස්‌ත්‍රය, වෛද්‍ය විද්‍යාව යන ක්‍ෂේත්‍ර තුළ ය. මේ තාක්‌ෂණය සහ විද්‍යාව හේතු කොටගෙන ඊජිප්තුව ඒ ප්‍රදේශයේ පොහොසත් ම රට බවට ද කයිරෝ විශාල ම නගරය බවට ද පත් විය. ඒ හා සමාන නගරයක්‌ වූයේ බැග්ඩෑඩ් නගරයයි. ඉස්‌ලාමීය දේශයක්‌ බවට පත් වූ පසු ද ඊජිප්තුව දියුණු රටක්‌ වශයෙන් පැවතිණි.

මා පවසා ඇත්තේ මේ ශිෂ්ටාචාරවල තිබූ විද්‍යාව විශේෂයෙන් එහි ක්‍රමවේදය එකක්‌ ම වූ බව ය. ඉන්ද්‍රිය පද්ධතියෙන් සහ මොළයෙන් සිදු කළ හැකි නිරීක්‌ෂණය පරීක්‌ෂණය සහ නිගමනය එම ක්‍රමවේදය විය. මීට වෙනස්‌ වූ ක්‍රමවේදයක්‌ ඇති විද්‍යාවක්‌ ඇති බව කිසිවකු පෙන්වා දී නැත. මේ ක්‍රමවේදය වර්ධනය කිරීමේ හැකියාව පමණි ස්‌වභාවධර්මය මිනිසාට ලබා දී ඇත්තේ. ඇස්‌, කණ, නාසය, දිව සහ ස්‌පර්ශය මේ ඉන්ද්‍රිය වන්නේ ය. මොළය මේවායින් ලබා ගන්නා දැනුම විශ්ලේෂණය කොට ඒවා ඔප්පු කරගන්නට අවශ්‍ය පර්යේෂණ නිර්මානය කොට ඒවා ක්‍රියාවට යොදවා ලැබෙන නිරීක්‌ෂණ භාවිත කොට නිගමනයකට පැමිණේ. විද්‍යාත්මක ක්‍රමවේදය කොතැනත් කවදත් මෙය විය. වෙන ක්‍රමවේදයක්‌ තිබිය නොහැකි ය. එවැනි වෙනස්‌ වූ ක්‍රමවේදයක්‌ තිබෙන බවට සාක්‌ෂි කිසිවකු ඉදිරිපත් කොට නැත.

මෙසොපොතේමියාවේ සහ ඊජිප්තුවේ පැවැති ශිෂ්ටාචාරය පසු කාලයක දී ඉස්‌ලාමීය ශිෂ්ටාචාරය ලෙස විශාල ප්‍රදේශයක ව්‍යාප්ත විය. 8 වැනි ශත වර්ෂයේ සිට 13 වැනි ශත වර්ෂය දක්‌වා ද ඊටත් පසු කාලයක්‌ දක්‌වා ද විශාල භුමි ප්‍රමාණයක්‌ වසාගෙන එම රාජ්‍යය පැවතිණි. මේ ප්‍රදේශයේ විසූ මුස්‌ලිම් විද්‍යාඥයන් වෙනස්‌ වූ ජාතින්ට අයත් වූයේ ය. පර්සියානු, අරාබි, ඇසිරියානු, කුර්දුන් සහ ඊජිප්තු ජාතිකයෝ ඒ අතර වූ හ. ඒ අතර ස්‌වල්ප දෙනෙක්‌ ක්‍රිස්‌තියානි සහ යුදෙව්වෝ ද වූ හ.

මේ කාලයේ දී සිදු වූ ඉතා ම වැදගත් සිදුවීමක්‌ විද්‍යාවේ ද, ශිෂ්ටාචාරයේ ද, දේශපාලනයේ ද, යුරෝපයේ ද විශාල වෙනසකට හේතු විය. මේ කාලයේ දී ඉන්දියානු, ඇසිරියානු ඉරාන සහ ගී්‍රක දැනුම අරාබි භාෂාවට පරිවර්තනය කරන ලදී. මධ්‍ය කලින අරාබි විද්‍යාවේ දියුණුවට විශාල වශයෙන් උර දුන්නේ මේ දැනුම විය. මේ පිළිබඳව ඉදිරි ලිපි තුළින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග D.Sc.