logo3.gif (702 bytes)

HOME


විද්‍යාවේ දාර්ශනික පදනම (23)

අප සාකච්ජා කරමින් සිටින්නේ ජීවිතයේ අරුත පිළිබඳව යම්කිසි හෝඩුවාවක්‌ විද්‍යාව තුළින් ලබාගත හැකි ද යන්න ය. කවදත් කොතැනත් තිබුණේ එක ම විද්‍යාව බව මීට පෙර ලිපිවල මුල දී ම මා පෙන්වා දී ඇත. එසේ වන්නේ අපට විද්‍යාව කළ හැක්‌කේ එක ම විදියකට නිසා ය. මිනිස්‌ හැකියාවන්, විශේෂයෙන් Æණය පිළිබඳ හැකියාවන් කුල, ගෝත්‍ර, බේදවලට අනුව වෙනස්‌ වන්නේ නැත. තව ද අප ගේ ස්‌වභාවධර්මය කාටත් පොදු ය. එක ම ඤාණයකින් එක ම ස්‌වභාවධර්මය සොයා යා හැක්‌කේ එක ම ක්‍රමවේදයකට අනුව යන්න නො තේරෙන්නේ අඥනයන්ට ය. ඔවුනට බටහිර විද්‍යාව, නැෙගනහිර විද්‍යාව, උතුරු විද්‍යාව, දකුණු විද්‍යාව යනුවෙන් විද්‍යාවන් තොගයක්‌ ඇත. මාර්ටින් වික්‍රමසිංහ වැනි නැණවතුන්ට ඇත්තේ එක ම විද්‍යාවකි. එතුමා ගේ මුල් ම නවකතාව වන ලීලා යන කෘතියේ ප්‍රස්‌තාවනාවේ මේ අරුත ඇති සඳහනක්‌ වේ. "ආසියනුන්ට එක්‌ විද්‍යාවක්‌ ද, යුරෝපීයන්ට තවත් විද්‍යාවක්‌ ද ඇත්තේ නැත, තිබෙන්නටද නොහැක. ඊට සරල හේතුවක්‌ ඇත. ස්‌වභාවධර්මය සැමට පොදු ය".මාර්ටින් වික්‍රමසිංහයන් ගේ 125 වැනි උපන්දින සංවත්සරය මැයි 29 වැනි දාට යෙදී තිබුණු හෙයින් එතුමා ගේ මේ කියමන විදුසර සඟරාවේ සඳහන් වීම උචිත ය.

මගේ පසුගිය ලිsපියේ අවසානයේ සඳහන් වූයේ ජීවිතය සහ විශ්වය ශක්‌තියේ ක්‍රියාදාමයන් පමණක්‌ නො ව මිනිsසා මරණයට පත් වූවාට පසු යමක්‌ ඉතිරි වේ නම් එය ශක්‌තිය විය හැකි බව ය. කුමක්‌ නිසා ද? ශක්‌තිය විනාශ කළ නොහැකි බැවිනි. ශරිරයේ සහ මනසේ විනාශ නො වී ඉතිරි වන යමක්‌ ඇත්නම් එය ශක්‌තිය විය හැකි ය. ශක්‌තිය විනාශ නො වන්නේ ය. එහෙත් වෙනස්‌ විය හැකි ය. එම නිසා එය අනිත්‍ය ධර්මයට අනුකූල ය. පුනරුත්පත්තිය සඳහා අවශ්‍ය පුනර්භවිකො භවසංඛාරො නමැති සංඛාර ශරීරය සමඟ සම්බන්ධව ඇති බව පසුගිය ලිපියේ සඳහන් කළෙමි. ජීවිතය ශුද්ධ සංඛාර පුංජයක්‌ බව බුදුදහම පවසයි. ජීවිතය ශක්‌ති පුංජයක්‌ බව විද්‍යාව පෙන්නුම් කර දෙයි. මරණින් පසු නැවත උත්පත්තිය සඳහා විඤ්ඤාණ ශ්‍රොaතයක්‌ ඇති වේ. මෙය විනාශ නො වී පුනර්ජීවය සඳහා ක්‍රියාකාරී වේ. විද්‍යාවට අනුව ශක්‌තිය විනාශ නො වී පුනර්ජීවය සඳහා ක්‍රියාකාරී වේ යෑයි සිතිය හැකි ය. මක්‌ නිසා ද? විද්‍යාවට අනුව ශක්‌තිය විනාශ නො වී වෙනත් ශක්‌තියකට හැරෙන්නට පුළුවන් නිසා ය. සංඛාර පුංජය විනාශ වන විට විඤ්ඤාණ ශ්‍රොaතය මාර්ගයෙන් වෙනත් සංඛාර පුංජයක්‌ නිර්මාණය වේ. සංඛාර පුංජය අනිත්‍ය ය. ශක්‌තිය අනිත්‍ය ය. මේවායේ සමාන තත්ත්වයක්‌ දකින්නට පින් කර තිබිය යුතු ය. පාපීන්ට එය නො පෙනේ. සමානාත්වය දෙස බලන්නට ද ඔවුනට පිනක්‌ නැත.

ජිවීන් පරිසරයෙන් ලබාගන්නා ශක්‌තිය භාවිත කරන විට ඉන් විශාල ප්‍රමාණයක්‌ තාපය ලෙස මුදා හැරෙන බව මම පසුගිය ලිපියේ සඳහන් කළෙමි. එසේ සිදු වන්නේ ශක්‌තිය සමතුලිත ව විශ්වයේ ව්‍යාප්ත වී තිබිය යුතු නිසා ය. එක්‌ තැනක, එනම් ජීවියකු තුළ ශක්‌තිය එකතු වී සෛල වැඩීමක්‌ හෝ සංවිධාන වීමක්‌ ඇති වන විට ඊට සමබරව පරිසරයේ ශක්‌තිය ව්‍යාප්ත විය යුතු ය. මෙසේ ප්‍රයෝජනය සඳහා නො ලැබෙන ශක්‌තිය එන්ට්‍රොපි (entropy) ලෙස හැඳින්වේ. මෙය සිදු වන්නේ තාපගතික විද්‍යාවේ න්‍යායවලට අනුකුල ව ය. මෙසේ සිදු වන ක්‍රියාදාමය පෙන්නුම් කර දෙන්නේ ශක්‌තිය විසින් විශ්වයේ සැම ක්‍රියාදාමයක්‌ ම අන්තර්ජාලය වැන්නකින් සම්බන්ධ කොට පාලනය කෙරෙන බව ය. මේ ගැන පසුගිය ලිපියේ ද සඳහන් කළෙමි. මේ ගැන හොඳ වැටහීමක්‌ සඳහා විශ්වයේ ශක්‌aතිය විසින් කරනු ලබන නොයෙකුත් ක්‍රියාදාමයන් පිළිබඳව සොයා බැලිය යුතු ය. පළමුව ශක්‌ති ප්‍රභේද මොනවා දැයි සොයා බලමු. චාලක ශක්‌තිය - වස්‌තුවක චලනය නිසා ලබාගන්නා ශක්‌තිය වන්නේ ය. විභව ශක්‌තිය - මේ යටතට බොහෝ ශක්‌ති ක්‍රියාදාමයන් අයත් වේ. යාන්ත්‍රික ශක්‌තිය - චාලක සහ විභව ශක්‌තිවල එකතුවකි. රසායනික ශක්‌තිය - අණුවක්‌ තුළ තිබෙන ශක්‌තිය ය. විද්යුත් ශක්‌තිය - විද්යුත් ක්‍ෂේත්‍ර තුළ තිබෙන ශක්‌තිය ය. චුම්බක ශක්‌තිය - චුම්බක කේෂත්‍රවල පවතී. විකිරණ ශක්‌තිය - පරමාණුවක න්‍යෂ්ටිය සෑදී ඇති නියුක්‌ලියොන් (nucleons) බැඳ තබන ශක්‌තිය ය. අයනීකරණ ශක්‌තිය - ඉලෙක්‌ට්‍රොaනයක්‌ එහි පරමාණුවට බැඳ තබන ශක්‌තිය ය. ගුරුත්වාකර්ෂණ ශක්‌තිය - ගුරුත්වාකර්ෂණ කේෂත්‍රවල පවතින ශක්‌තිය ය. නිශ්චල ශක්‌තිය - වස්‌තුවක නිශ්චල ස්‌කන්ධයට සමාන ය. උෂ්ණතා ශක්‌තිය - මෙය අණ්‌වීක්‌ෂීය කැළඹීමක්‌ නිසා ඇති වන යාන්ත්‍රික ශක්‌තිය වන්නේ ය. තාප ශක්‌තිය - මෙය උෂ්ණතා ශක්‌තිය වැඩි උෂ්ණත්වයකින් අඩු උෂ්ණත්වයකට යැමේ දී ලැබෙන ශක්‌ති ප්‍රමාණය වන්නේ ය.

ශක්‌තිය යන වචනය පළමුවෙන් ම ගී්‍රක බසින් විද්වත් ඇරිස්‌ටෝටල් ක්‍රි. පූ. 4 වැනි සියවසේ දී භාවිත කළ බව පැවසේ. 17 වැනි ශත වර්ෂයේ ගොට්‌µs්‍රඩ් ලීබ්නිෂ් (Gottfrid Leibniz) පවසා සිටියේ ජීවී බලය වනාහි වස්‌තුවක ස්‌කන්ධය එහි වේගයේ වර්ගඵලයෙන් ගුණ කළ විට ලැබෙන අගය වන බව ය. මෙය චාලක ශක්‌තිය බව ද එය චාලක ශක්‌තිය ගණනය කිරීමේ නවීන ක්‍රමවලින් වෙනස්‌ වන්නේ ස්‌වල්ප වශයෙන් බව ද පෙනේ. ශක්‌තිය (energy) යන වචනය පළමුවෙන් භාවිත කරන ලද්දේ තෝමස්‌ යන්ග් (Thomas Young, 1807) විසිනි. ඡේම්ස්‌ ප්‍රෙස්‌කොට්‌ ජූල් (James Prescott Joule, 1845) විසින් යාන්ත්‍රික ක්‍රියාවන් සහ තාපය ඇති වීම අතර සම්බන්ධය සොයාගන්නා ලදී. මේ සිදුවීම මුල් කරගෙන විලියම් තොම්සන් (William
Thomson) ශක්‌ති සංරක්‌ෂණ න්‍යාය වර්ධනය කරගත්තේ තාපගතික විද්‍යාවේ අන්තර්ගතය ලෙස ය. තාපගතික විද්‍යාව නිසා බොහෝ රසායනික ක්‍රියාදාමයන් පහදාගැනීමට හැකි විය. ශක්‌තිය නොයෙකුත් ප්‍රභේද වශයෙන් පවතින බව ද, එකකින් එකකට මාරු විය හැකි බව ද එය සිදු වන්නේ ශක්‌ති සංරක්‌ෂණ න්‍යායන්ට අනුකූලව බව ද සොයාගන්නා ලදී. යම් ක්‍රියාදාමයක්‌ ශක්‌ති සංරක්‌ෂණයට අනුකූලව නො වන්නේ නම් එම වෙනස පියවන්නට අලුත් ශක්‌ති ප්‍රභේද සොයාගැනිණ.

තාපය (heat) සහ ක්‍රියාවන් (work) ශක්‌ති ප්‍රභේද නො ව ශක්‌තිය මාරු වන ක්‍රියාවලියක ගුණාංග වන්නේ ය. රසායනික ශක්‌තිය වනාහි ඉලෙක්‌ට්‍රොaන අතර තිබූ විද්යුත් විභව ශක්‌තිය මුදාහැරීමකි. රසායනික පරිවර්තනයක දී ඊට සහභාගි වන ද්‍රව්‍යවල අඩංගු ශක්‌තියේ අඩු වීමක්‌ හෝ වැඩි වීමක්‌ හෝ සිදු වේ. අණුවල හෝ පරමාණුවල හෝ ව්‍යqහයේ වෙනස්‌ වීමක්‌ මේ රසායනික පරිවර්තනයන්හි දී සිදු වන බැවින් ශක්‌තියේ වෙනස්‌ වීමක්‌ ද ඒ සමග ම සිදු වේ. එවිට යම් ශක්‌ති ප්‍රමාණයක්‌ එම ද්‍රව්‍ය සහ පරිසරය අතර හුවමාරු වීමක්‌ සිදු වේ. එම ශක්‌ති ප්‍රමාණය තාපය හෝ ආලෝකය ලෙස එම මාරු වීම සිදු කරයි. අලුතින් සෑදුණු ද්‍රව්‍ය ප්‍රථමයෙන් තිබුණු ද්‍රව්‍යවලට වඩා අඩු හෝ වැඩි ශක්‌ති ප්‍රමාණයක්‌ උසුලයි. රසායනික ප්‍රතික්‍රියා සිදු විය හැක්‌කේ ඊට සහභාගි වන ද්‍රව්‍ය ශක්‌ති බාධක අභිබවා සිටියි නම් පමණි. එම ශක්‌ති බාධක සක්‍රියන ශක්‌තිය නමින් හැඳින්වේ. රසායනික ප්‍රතික්‍රියාවකට අවශ්‍ය සක්‍රියන ශක්‌තිය බොහෝ විට තාප ශක්‌තිය විය හැකි ය.

මහාද්වීපික ප්ලාවිතය (continental drift), කඳු යාය, ගිනි කඳු, සහ භූචලන යන ක්‍රියාදාමයන් සිදු වන්නේ පෘථිවියේ අභ්‍යන්තරයේ සිදු වන ශක්‌ති විපර්යාස නිසා බව කිව හැකි ය. සුළඟ, වැස්‌ස, හිම, විදුලි කෙටීම, කුණාටු ඇති වන්නේ සූර්යයා ගේ ශක්‌තිය විසින් පෘථිවියේ ගුවන් ගැබ තුළ ඇති කෙරෙන විපර්යාස නිසා ය. නාය යැම, භුමිකම්පා (earthquake) වැනි සිදුවීම් භූගර්භයේ ශක්‌තිය මුදාහැරීමේ ප්‍රතිඑල ලෙස දැක්‌විය හැකි ය. මේ ශක්‌තිය භූගර්භයේ ගුරුත්වාකර්ෂණ විභව ශක්‌තිය ලෙස හෝ පර්වත තුළ ඇති ප්‍රත්‍යස්‌ථ ශක්‌තිය (elastic energy) ලෙස හෝ ගබඩා වී තිබී යම් හේතුවක්‌ නිසා ක්‌ෂණයකින් මුදා හැරේ.

තාරකා විද්‍යාවට අනුව තරු (stars) නව තරු (nova), සුපිරි නවතරු (super nova), ක්‌වේසර (quasars) සහ ගැමා කිරණ පිපිරීම් (gamma ray bursts) යනු විශ්වයේ විශාලතම ද්‍රව්‍ය ශක්‌තිය බවට හැරවීමේ ක්‍රියාදාමයන් ය. මේ ක්‍රියාදාමයන් වලට අවශ්‍ය ශක්‌තිය සපයන්නේ ද්‍රව්‍යවල ගුරුත්වාකර්ෂණ ඇකිළීම හේතු කොටගෙන ය. නැතිනම් න්‍යෂ්ටික සංයෝජනය (nuclear fusion) හේතු කොටගෙන ය. ද්‍රව්‍යවල ගුරුත්වාකර්ෂණ හැකිළීම සිදු වූ විට තරු, ග්‍රහ ලෝක, "බ්ලැක්‌ හෝල්" වැනි දේ නිපදවේ. මෙතැන ද්‍රව්‍ය ලෙස බොහෝ විට සහභාගි වන්නේ හයිඩ්‍රජන් වන්නේ ය. මින් පෙන්නුම් වන්නේ හයිඩ්‍රජන් වනාහි විශාල විභව ශක්‌ති ගබඩාවක්‌ බව ය. ඉන් ශක්‌තිය මුදාහැරෙන්නේ න්‍යෂ්ටික සංයෝජනය සිදුවිමේ දී ය. න්‍යෂ්ටික සංයෝජනය සිදු වන්නේ අධික තාපය සහ පීඩනය නිසා ය. අධික තාපය සහ පීඩනය ඇති වන්නේ හයිඩ්‍රජන් වලාකුළු ගුරුත්වාකර්ෂණ හැකිළීමට භාජන වීම හේතු කොටගෙන ය. එවිට තාරකා වැනි දේවල ද ශක්‌තිය ද නිෂ්පාදනය වන්නේ ය. ශක්‌තිය ආලෝකය ලෙස විහිදේ.

යම්කිසි වස්‌තුවක්‌ වේගය බිංදුවේ සිට එක්‌තරා අගයකට වැඩි වන විට එහි චාලක ශක්‌තිය සාපේක්‌ෂතාවට අනුකූලව ගණනය කරන විට වේගය බිංදුවේ දී එම වස්‌තුවෙන් සම්පූර්ණයෙන් ශක්‌තිය නැති නො වන බව විද්වත් ඇල්බර්ට්‌ අයින්ස්‌ටයින් සොයාගත්තේ ය. ඔහු එය අචංචල ස්‌කන්ධ ශක්‌තිය (rest mass energy) ලෙස හැඳින්වී ය. මේ ලෙස ශක්‌තිය සෘජු ලෙස ස්‌කන්ධයට සමානුපාතික වන බව පෙන්නුම් කරන ලදී. ප්‍රසිද්ධ සමීකරණයක්‌ වන
E=mc2 මේ ලෙස විද්වත් අයින්ස්‌ටයින් විසින් නිර්මාණය කරන ලදී. උදාහරණයක්‌ ලෙස ඉලෙක්‌ට්‍රොaන සහ පොසිට්‍රොaන උච්ඡේදනය සිදු වන විට එම අංශුවල අචංචල ස්‌කන්ධය නැති වේ. එහෙත් එම අංශු පද්ධතියේ අවස්‌ථිත සමකය (inertia
equivalent) නොහොත් අවිචලක ස්‌කන්ධය (invariant mass) ෆොaටෝන විසින් රැගෙන යනු ලැබේ. මෙතැන දී සිදු වන්නේ ද්‍රව්‍ය ශක්‌තිය බවට පත් වීම ය. එහෙත් පද්ධතියේ සම්පූර්ණ ස්‌කන්ධය සහ ශක්‌තියේ වෙනසක්‌ සිදු වී නැත. ශක්‌තිය ස්‌කන්ධයට සමානුපාතික බව බොහෝ විට පැවසේ. එහෙත් වඩා නිවැරැදි වන්නේ සැම ශක්‌තියකට ම අවස්‌ථිති සහ ගුරුත්වාකර්ෂණ සමකයක්‌ ඇති බව සහ ස්‌කන්ධය ද ශක්‌ති විශේෂයක්‌ බැවින් එයට ද අවස්‌ථිති සහ ගුරුත්වාකර්ෂණ සමකයක්‌ ඇති බව ය.

තව ද ක්‌වොන්ටම් යාන්ත්‍රණයට අනුව ශක්‌තිය නිර්වචනය කරන විට අංශුවල තරංග ශ්‍රිතිය (wave function) සැලකිල්ලට ගත යුතු ය. අංශු තරංග ලෙස හැසිරෙන නිසා ය. මීට ෙෂ්‍රාaඩින්ජර් සමීකරණය ද (Schrodinger equation) අදාළ වන්නේ ය. මේ ගැන බාහිර වූ කිව යුත්තක්‌ ඇත. "අපි අමරතුංගට ෂ්රෝඩින්ජර් සමීකරණය කුමක්‌ දැයි පහදා දෙන්නැයි කියමු" යෑයි බහුභුතවාදියා email මාර්ගයෙන් වක්‍ර ව මා සමච්චලයට භාජන කිරීමේ අරමුණින් මට අභියෝග කොට ඇත. මේ පණිවිඩය ලැබුණු අනෙක්‌ අය එය අසාධාරණ බව පවසා ඇත. මා මේ සමීකරණය අධ්‍යයනය කළේ දැනට අවුරුදු 30කට පමණ පෙර ය. ඒ ක්‌වොන්ටම් යාන්ත්‍රණය පිළිබඳව මා ගේ අවධානය යොමු වූ කාලයේ ය. ඊට අවශ්‍ය ගණිතය ද මම ඉගෙනගත්තෙමි. අප ගේ මූලික සාකච්ඡාවට මේ සමීකරණයේ ගණිතමය විස්‌තර අවශ්‍ය නැත. අපට අවශ්‍ය ශක්‌තිය ක්‌වොන්ටම් න්‍යායන්ට අනුව නිර්වචනය වන්නේ කෙසේ ද සහ එම යාන්ත්‍රණය තුළ ශක්‌තිය හැසිරෙන්නේ කෙසේ ද යන්න පමණ ය. එහෙත් මා මේ ගැන කිසිවක්‌ නො දැන විද්‍යාවේ දාර්ශනික පදනම සාකච්ඡා කරනවා යෑයි බහුභූතවාදියා කියන්නට ඉඩ ඇත. එම නිසා හැකි තරම් කෙටියෙන් එම සමීකරණය පහදා දෙන්නට ඉඩ ලබා ගනිමි. මා මෙය මෙතැන සඳහන් කරන්නේ උඩගුකමක්‌ නිසා නො ව මේවා ගැන දන්නේ තමා පමණක්‌ බව බහුභූතවාදියා සිතන නිසා ය.

20 වැනි ශත වර්ෂයේ මුල් භාගයේ කළ පර්යේෂණ මගින් අණුක අංශු තරංග ලෙස ස්‌වාභාවිකව හැසිරෙන බව සොයාගන්නා ලදී. තරංග ශ්‍රිතිය (wave function) පහදා දීම සඳහා තරංග සමීකරණයක්‌ නිර්මාණය කිරීම මේ අවස්‌ථාවේ දී අවශ්‍ය විය. තරංග සමීකරණය (wave equation) යනු කුමක්‌ දැයි කෙටියෙන් සඳහන් කරමි. භෞතික විද්‍යාවේ එන ආලෝක තරංග, ශබ්ද තරංග, ජල තරංග, වැනි තරංග විස්‌තර කිරීමට මෙවැනි තරංග සමීකරණ යොදාගනී. ඒවා විද්යුත්-චුම්බකත්වය, ද්‍රවගතිකය, වනිය වැනි අධ්‍යයනයන්ට ඉතා වැදගත් වන්නේ ය. ඒකමානී, ත්‍රිත්වමානි සමීකරණ මෙලෙස නිර්මාණය විය. කැළඹීමක චලනය තරංග ලෙස සිදු වන බව අපි දනිමු. ජලය මත මෙය සිදු වේ. එම ක්‍රියාදාමයේ විස්‌තරයක්‌ මේ සමිකරණ මගින් ලබාගත හැකි ය.

අණුක අංශුවල තරංග ශ්‍රීතිය විස්‌තර කිරීම පිණිස පළමුවෙන් ම තරංග සමීකරණයක්‌ නිර්මාණය කළේ ඔස්‌ටි්‍රයානු ජාතික අර්වින් ෙෂ්‍රාaඩින්ජර් (Erwin Schrodinger, 1887-1961) වූයේ ය. මේ සමීකරණයේ නිවැරැදිභාවය ඔප්පු වූයේ හයිඩ්‍රජන් ශක්‌ති මට්‌ටම් ගණනය කිරීම පිණිස එය යොදාගනිද්දී ය. අංශුවක අණුක ව්‍යqහය සොයාගැනීමේ දී ඇති වන ගැටලු ලිහාගැනීමට මේ සමීකරණය භාවිත වේ. යම් අංශුවක්‌ යම් ස්‌ථානයක පැවතීමේ සම්භාව්‍යතාව මේ සමීකරණය යොදා සොයාගත හැකි ය. අප ගේ සාකච්ඡාවට මේ සමීකරණයේ ගණිතමය විස්‌තරයක්‌ අවශ්‍ය නැත. කාට හෝ එය අවශ්‍ය නම් සැපයිය හැකි ය. ඒ සඳහා අවශ්‍ය වීජ ගණිතය ඒ කාලයේ මා හදාරා ඇත.

නැවතත් අප ක්‌වොන්ටම් යාන්ත්‍රණයේ ශක්‌තිය නිර්වචනය කරන්නේ කෙසේ දැයි සොයා බලමු. එය සිදු වන්නේ ශක්‌ති කාරකය (energy operator) යොදාගනිමිනි. ෙෂ්‍රාaඩින්ජර් සමීකරණය විසින් ශක්‌ති කාරකය අංශුවක හෝ පද්ධතියක මුළු ශක්‌ති ප්‍රමාණයට සමාන බව පෙන්වා දෙයි. එසේ ම ෙෂ්‍රාaඩින්ජර් සමීකරණය විස්‌තර කරන්නේ ක්‌වොන්ටම් පද්ධතියක තරංග ශ්‍රීතිය වෙනස්‌ වීම අවකාශය සහ කාලය මත ර¹ පවතින අන්දම ය. ක්‌වොන්ටම් පද්ධතියේ අංශුවල තරංග ගී්‍රතිය වෙනස්‌ වීම අවකාශය සහ කාලය මත රදා පවතී. මෙය විස්‌තර කිරීමට හෝ සොයාගැනීමට එම සමීකරණය භාවිත කළ හැකි ය. විද්යුත්-චුම්බක තරංග වැනි තරංගවල පවතින ශක්‌ති ප්‍රමාණය මේ සමීකරණයෙන් සොයාගත හැකි ය. එම ශක්‌ති ප්‍රමාණය තරංගයේ සංඛ්‍යාතයට (frequency) සම්බන්ධ කිරීමට ප්ලෑන්ක්‌ ගේ සම්බන්ධතාවට (Planck's Relation) පුළුවන. එය පහත සඳහන් ප්‍රසිද්ධ සමීකරණයෙන් පෙන්වා දිය හැකි ය. E=hv මෙහි E ශක්‌තිය ද, h ප්ලෑන්ක්‌ ගේ නියතය ද, v සංඛ්‍යාතය ද වන්නේ ය. මේ ශක්‌ති ප්‍රමාණයන් වෙන් වූ (discrete) ඒකක නැත හොත් quanta ලෙස පවතී. විද්යුත්-චුම්බක තරංගවල මේ ශක්‌ති මට්‌ටම් ආලෝක ක්‌වොන්ටා නැත හොත් ෆොටෝන වන්නේ ය.

අප ශක්‌තිය පිළිබඳව ඉහත සඳහන් අන්දමට සාකච්ජා කළේ එය සමඟ සම්භාව්‍ය යාන්ත්‍රණය, රසායනික ප්‍රතික්‍රියා, ජීව විද්‍යාව, භූ විද්‍යාව, තාරකා විද්‍යාව, ක්‌වොන්ටම් යාන්ත්‍රණය සහ සාපේක්‌ෂතාවාදය සම්බන්ධ වන්නේ කෙසේ දැයි කෙටියෙන් සොයා බලමිනි. එය එසේ විය යුතු ය. ශක්‌තිය දෙස නො බලා කිසි ම දෙයක්‌ සාකච්ජා කළ නොහැකි ය. හැම දෙයක්‌ ම සිදු වන්නේ ශක්‌තිය හේතු කොටගෙන ය. මේ ගැන මෙසේ සාකච්ඡා කළේ ශක්‌තිය පිළිබඳව අප දන්නා කරුණු තුළින් අප ගේ මුල් ප්‍රශ්නය වන ජීවිතයේ අරුත කුමක්‌ ද යන්න ගැන හෝඩුවාවක්‌ ලබා ගත හැකි දැයි බැලීමට ය. මනස ක්‍රියා කරන්නේ ශක්‌ති විශේෂයක්‌ ලෙස ද? විඤ්ඤාණය එවැනි ශක්‌ති විශේෂයක්‌ ද? පුනරුත්පත්තිය සඳහා අවශ්‍ය විඤ්ඤාණ ශ්‍රොaත එවැනි ශක්‌ති විශේෂයක්‌ ද? පුනර්භවිකො භවසංඛාරෝ යනුවෙන් බුදුදහමේ හැඳින්වෙන පුනර්භවයට අවශ්‍ය සංඛාර ශක්‌ති විශේෂයක්‌ ද? මෙසේ ප්‍රශ්න කිරීම පාපී ක්‍රියාවක්‌ ද? මේ ගැන ඉදිරි ලිපිවල සාකච්ඡා කරමු.

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග DSc