logo3.gif (702 bytes)

HOME


විද්‍යාවේ දාර්ශනික පදනම (22)

අප සාකච්ජා කරන්නේ විද්‍යාව තුළිsන්, එහි දර්ශනය තුළින් ජීවිතයේ අරුත කුමක්‌ විය හැකි දැයි සොයා බැලීම පිළිබඳව ය. මෙය විසඳුමක්‌ තිබිය හැකි ප්‍රයත්නයක්‌ බව අපි එක හෙළා නො කියමු. එහෙත් දර්ශනය පිළිබඳව ද විද්‍යාව පිළිබඳව ද අපට වැදගත් දේ ඉන් ඉගෙනගත හැකි ය. තව ද විද්‍යාවෙන් සත්තකින් ම සත්‍ය ගවේෂණය වන්නේ දැයි සොයා බැලිය හැකි ය. අපි පසුගිය ලිපියෙන් මනස පිළිබඳ විද්‍යාත්මක කරුණු ද බුදුදහම ඒ ගැන දේශනා කොට ඇති කරුණු කිහිපයක්‌ ද සාකච්ජා කළෙමු. අප අවසානයේ පැවසුවේ විද්‍යාවට අනුව ද, බුදු දහමට අනුව ද, මනස ඉතා ම සංකීර්ණ දෙයක්‌ බව ය. විද්‍යාවට අනුව මනස මොළයේ ක්‍රියාදාමයක්‌ බව තහවුරු වන්නේ ය. එහෙත් එය කුමක්‌ දැයි විද්‍යාව සම්පූර්ණ වශයෙන් සොයාගෙන නැත. අපට යමක්‌ දැනෙනවා යන්න විද්යුත් ක්‍රියාදාමයක්‌ ද නැතිනම් රසායනික ප්‍රතික්‍රියාවක්‌ ද? එසේ නැතිනම් මේ දෙකේ ම එලයක්‌ ද? නැතිනම් වෙනත් ක්‍රියාදාමයක්‌ ද? ස්‌නායු පද්ධතියේ විද්යුත් ක්‍රියාදාමයන් ද රසායනික ක්‍රියාදාමයන් ද සිදු වන බව අපි දනිමු. එහි වෙනත් ක්‍රියාදාමයන් තිබිය හැකි ද? විද්යුත් මාර්ගයෙන් රසායනික ක්‍රියාදාමයන් පණගැන්වීම ද රසායනික ක්‍රියා මාර්ගයෙන් විද්යුත් ක්‍රියාදාමයන් ද ඇති කළ හැකි බව අපි දනිමු. මේ දෙක ම එක විට මොළයේ සිදු වන්නේ උපාගමය (synapse) නමැති ස්‌නායු සම්බන්ධීකරණ මධ්‍යස්‌ථානයේ ය. මෙතැනට පැමිණෙන සංඥා විද්යුත් රසායනික ධාරාවක්‌ ලෙස පැමිණේ. එතැන දී එහි ප්‍රතිඑලයක්‌ ලෙස රසායනික සම්ප්‍රේෂකයක්‌ නිපදවේ.

එසේ ම ස්‌නායු දිගේ සංඥා ගමන් කරන්නේ රසායනික ක්‍රියාදාමයකින් විද්යුත් ක්‍රියාදාමයක්‌ ඇති කිරීමෙනි. මෙය විද්යුත් රසායනික ක්‍රමයක්‌ බව කිව හැකි ය. ස්‌නායු පද්ධතියේ න්‍යqරෝන් සෛල සහ මාංශ පේශීන් ගේ සෛල ද විද්යුත් ක්‍රියාදාමයක්‌ වෙත උද්දීපනය කළ හැකි වන්නේ ය. (electrically excitable). මෙයින් පෙනී යන්නේ න්‍යqරෝනයටත් මාංශ පේශීන්ටත් විද්යුත් ස්‌නායු ආවේගයක්‌ (electrical nerve impulse) ඇති කිරීමේ හැකියාව තිබෙන බව ය. මෙය සිදු වන්නේ සෛල පටලයේ (cell membrane) ඇති වන ක්‍රියාවන් හේතු කොටගෙන ය. මේ පටලයේ ප්‍රොaටීනවලින් සැදුණු සෝඩියම්-පොටෑසියම් පොම්පයක්‌ ඇත. මේ පොම්පය ක්‍රියා කරන්නේ ATP (Adenosene Triphosphate) දෙකඩ වීමෙන් ලැබෙන ශක්‌තිය මගිනි. එම පොම්පය සෝඩියම් අයන තුනක්‌ සෛලයෙන් පිටතට ද පොටෑසියම් අයන දෙකක්‌ ඇතුළට ද පොම්ප කරයි. තව ද නාලියක්‌ මගින් මේ ක්‍රියාවලිය විරුද්ධ දිශාවට ද සිදු කරයි. මේ නිසා සෛල පටලය හරහා සෝඩියම් සහ පොටැසියම් අසමබරතාවක්‌ පවතී. මේ නිසා සෛලය ඇතුළ සහ පිටත අතර විද්යුත් විභව අන්තරයක්‌ පවතී. මෙය අක්‍රිය පටල විභවය ලෙස හැඳින්වේ (resting membrane potential). මෙහි අගය මිනිසා ගේ සෛලවල මිලිවෝල්ට්‌ -70 වන්නේ ය. අක්‍රීය සෛලය ඇතුළේ හැම විට මෙය සෘණ අගයක්‌ වන්නේ ය.

ස්‌නායුවක්‌ උත්තේජනයට භාජන වූ විට මේ විභව අන්තරය ආපස්‌සට වෙනස්‌ වේ. මෙය මිලි තත්පරයකට සීමා වූ සිදු වීමකි. මෙය සක්‍රීය විභවය ලෙස හැඳින්වේ. මේ ක්‍රියාවලිය විධ්‍රැවණය (deplorization) සහ ප්‍රතිධ්‍රැවණය (repolarization) ලෙස හැඳින්වේ. විධ්‍රැවණය විමේ දී සෝඩියමි නාලිය විවෘත වී ස්‌නායු අක්‌සනය තුළට සෝඩියම් අයන ගමන් කරයි. මේ නිසා අක්‌සනය තුළ ධන ආරෝපනයක්‌ ඇති වේ. ධ්‍රැවණය සිදු වීමේ දී සෝඩියම් නාලිය වැසී පොටෑසියම් නාලිය විවෘත වී පොටෑසියම් අයන පිටතට යයි. මේ ලෙස න්‍යqරෝනයේ සෛල පටලය ආපසු අක්‍රීය පටල විභවය බවට ළඟා වේ. මේ ක්‍රියාවලිය දම්වැලක්‌ මෙන් අක්‌සනය දිගේ ගමන් කරයි. ස්‌නායු සංඥාවක්‌ විද්යුත් රසායනික ක්‍රියාදාමයක්‌ ලෙස ගමන් කරන්නේ මේ ආකාරයට ය. ගමන් කරන්නේ කුමක්‌ ද? විධ්‍රැවණය වීම සහ ප්‍රතිධ්‍රැවණය වීම යන ක්‍ෂණික වෙනස්‌ වීම පමණකි, ගමන් කරන්නේ. එම ධාරාව උපාගමයට ළඟා වූ විට එතැන දී රසායනික සම්ප්‍රේෂකයක්‌ මගින් එතෙර වන්නේ ය. මේ ක්‍රියාවලිය සඳහා ශක්‌තිය අවශ්‍ය වන්නේ ය.

මේ ක්‍රියාවලිය නොමැති ව මනසට කිසිවක්‌ කළ නොහැකි ය. ශක්‌තිය නොමැති ව මනසට ක්‍රියාකාරී විය නොහැකි ය. එහෙත් අපට දැනෙනවා යනුවෙන් හැඳින්වන්නේ කුමන ක්‍රියාදාමයක්‌ ද? එය ද්‍රව්‍යමය හෝ ශක්‌තිය සම්බන්ධ වූ ක්‍රියාදාමයක්‌ ද? විඤ්ඤාණය යනු ශක්‌ති විශේෂයක්‌ ද? විද්‍යාවට අනුව මනස ක්‍රියාදාම කිහිපයකින් සමන්විත ය. විඤ්ඤාණය ඉන් එකකි. එය මරණින් පසු පැවතීමේ හැකියාවක්‌ ඇති ක්‍රියාදාමයක්‌ බව බුදු දහම පවසයි. විඤ්ඤාණ ශ්‍රොaතයක්‌ නමින් හැඳින්වන්නේ එයයි. ශක්‌තිය විනාශ කළ නොහැකි දෙයක්‌ බව විද්‍යාව පවසයි. එසේ ම ශක්‌තිය ද්‍රව්‍ය බවට පත් විය හැකි බව විද්‍යාව පවසයි. බුදුදහමේ එන විඤ්ඤාණ ශ්‍රොaතය පුනරුත්පත්තිය සඳහා අවශ්‍ය වන්නේ ය. පුනරුත්පත්තිය සිදු වීමේ දී ද්‍රව්‍ය සහ ශක්‌තියේ එකතු වීමක්‌ සිදු වන්නේ ය. ජීවිතය ද්‍රව්‍ය සහ ශක්‌තියේ එකතුවීමකි. බුදුදහමට අනුව ජීවිතය ස්‌කන්ධ පහකින් සමන්විත වන්නේ ය - රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ. මෙහි ද්‍රව්‍ය හැටියට සැලකිය හැක්‌කේ රූප පමණි. සෙසු සියල්ල මානසික ක්‍රියාදාමයන් ය. මේ මානසික ක්‍රියාදාමයන් ද්‍රව්‍යමය දේවල් නො වේ. එසේ නම් ඒවා ශක්‌ති විශේෂ වන්නේ ද? ද්‍රව්‍ය සහ ශක්‌තිය හැරුණු විට විශ්වයේ වෙනත් දෙයක්‌ ඇත් ද?

බුදුදහමට අනුව පුනරුත්පත්තිය සඳහා විඤ්ඤාණ ශ්‍රොaතය අවශ්‍ය වන්නේ ය. එය උත්පත්තියෙන් උත්පත්තියට නො කැඩී පවතින්නේ ය. මේ නිසා ය නැවත උපදින තැනැත්තා ඒ අය ම හෝ වෙන අයකු හෝ නො වන්නේ. මෙසේ ධාරාවක්‌ සේ ගලා යන විඤ්ඤාණ ශ්‍රොaතය ශම්වත්තනික විඤ්ඤාණය ලෙස ද නම් කෙරේ. බුදුදහමට අනුව මානසික ක්‍රියාදාමයක්‌ සඳහා ද්‍රව්‍යමය පදනමක්‌ ඇත. මේ දෙක අතර අෙන්‍යාන්‍ය සම්බන්ධතාවක්‌ ඇත. මේ මානසික ක්‍රියාදාමයන් ශරීරයත් පරිසරය සමගත් ද්‍රව්‍යමය දේවල් සමගත් න්‍යායාත්මක සංකල්ප සමගත් බැඳී ඇති බව බුදු දහම ඉතා පැහැදිලිව විස්‌තර කොට ඇත (අංගුත්තර නිකාය).

මනස ස්‌වාභාවික ක්‍රියාදාමයක්‌ බව මේ ලෙස පහදා දුන් පැරැණිතම ධර්මය බුදුදහම බව කිව හැකි ය. මනස පිළිබඳ බුදුදහම භාවිත කරන වචන තුනක්‌ ගැන පසුගිය ලිපියේ සඳහන් කළෙමි. එහි එන එක වචනයකි චිත්ත යන්න. සංයුත්ත නිකාය පවසන්නේ මැරුණු ශරීරය කපුටන් සහ වෙනත් සතුන් ගිල දැමුවාට මනාව පුහුණු කළ චිත්ත ඉහළ තලයට ගොස්‌ විශිෂ්ටත්වයට පත් වන්නේ ය යනුවෙනි. මින් පෙන්නුම් වන්නේ මනස හෝ එහි සමහර උපාංග හෝ මරණය සමග විනාශ නො වන බව ය. විද්‍යාව ද පවසන්නේ මීට බෙහෙවින් සමාන දෙයකි. අප ගේ ශරීරය නිර්මාණය වී ඇත්තේ ද්‍රව්‍ය සහ ශක්‌තිය එකතු වීමෙනි. ද්‍රව්‍ය ශක්‌තියටත් ශක්‌තිය ද්‍රව්‍ය බවටත් හැරවීම සිදු වේ. එහෙත් ඒවා විනාශ නො වේ. මරණයේ දී පවා විනාශ නො වේ.

මනස පිළිබඳව ද විඤ්ඤාණය පිළිබඳව ද විද්‍යාව සහ බුදුදහම දක්‌වා ඇති, අප මෙතෙක්‌ සාකච්ජා කළ කරුණු සැකෙවින් පහත සඳහන් ලෙස දැක්‌විය හැකි ය.

අප සොයා බලන්නේ මරණින් පසු විඤ්ඤාණය ධාරාවක්‌ ලෙස පැවතීම විද්‍යාවේ සොයාගැනීම් සමග ද එකඟතාවක්‌ පෙන්නුම් කරන්නේ ද යන්න ය. ඉහත සඳහන් පරිදි විද්‍යාව පවසන්නේ මරණයේ දී ශරීරය විනාශ වුව ද එහි තුළ ඇති ශක්‌තිය සහ ද්‍රව්‍ය විනාශ නො වන බව ය. බුදු දහම පවසන්නේ මරණින් පසු විඤ්ඤාණ ශ්‍රොaතය ධාරාවක්‌ ලෙස පවතින බව ය. ශක්‌තිය නොයෙකුත් ප්‍රභේද ලෙස හැසිරෙන බව අපි දනිමු. එක ප්‍රභේදයකින් තවත් එකකට මාරු වන්නට ශක්‌තියට හැකියාව ඇත. එක්‌ ස්‌ථානයකින් තවත් ස්‌ථානයකට ගමන් කරන්නට ද හැකි ය. විඤ්ඤාණ ශ්‍රොaතය මෙවැන්නක්‌ ද? ශක්‌තිය එක තැනකින් තවත් තැනකට ගොස්‌ ද්‍රව්‍ය බවට හැරෙන්නට ද පුළුවන. විඤ්ඤාණ ශ්‍රොaතය එක්‌ ශරීරයකින් මිදී තවත් උත්පත්තියක්‌ තුළට ගොස්‌ ද්‍රව්‍ය බවට හැරෙනවා ද? නැතිනම් ඒ තුළ විඤ්ඤාණ ශ්‍රොaතය ලෙස ම ඊළඟ උත්පත්තිය සඳහා වෙනස්‌ වෙමින් පවතිනවා ද?

ශක්‌තිය වනාහි වස්‌තුවල ගුණයක්‌ බව පැවසේ. යම් පද්ධතියකට ඇති ක්‍රියාවක්‌ කිරීමේ හැකියාව මේ ගුණය වන්නේ ය. ඊට වඩා දෙයක්‌ ශක්‌තිය යන්නේ නිර්වචනය පිළිබඳව කිව නොහැකි ය. ජීවීන්ට අත්‍යවශ්‍ය වන ශක්‌තිය ඒ තුළ හැසිරෙන්නේ කෙසේ ද? එය සිදු කරන්නේ කුමන කාර්යභාරයක්‌ ද? ජීවීන්ට ශක්‌තිය අවශ්‍ය වන්නේ ඇයි? ජීවී සෛලයක්‌ නිපදවීමට ද එය තුළ කාර්ය කිරීමට ද ශක්‌තිය අවශ්‍ය වන්නේ ය. ජීවීන් පරිසරයෙන් ශක්‌තිය ලබාගත යුතු ය. හරිත පැළෑටි කෙළිsන් ම හිරු එළියේ ඇති විකිරණ ශක්‌තිය ලබාගනී. සත්ත්වයෝ රසායනික ශක්‌තිය ආහාර මාර්ගයෙන් ලබාගනිති. මිනිසාට ශක්‌තිය ලැබෙන්නේ කාබෝහයිඩේ්‍රට්‌ සහ මේදවලිනි. කාබෝහයිඩේ්‍රට්‌ සඳහා උදාහරණයක්‌ වන්නේ ග්ලූකෝස්‌ ය (
C6H12O6). මේද සඳහා උදාහරණයක්‌ වන්නේ ස්‌ටියරින් ය (C57H110O6)ග මේවා ඔක්‌සිකරණය වීම හේතුවෙන් කාබන් ඩයොක්‌සයිඩ්, ජලය සහ ශක්‌තිය නිපදවේ. එය සිදු වන්නේ සෛල තුළ ඇති මයිටොකොන්ඩි්‍රයා තුළ ය. මේ රසායනික ප්‍රතික්‍රියාව සිදු වන විට ලැබෙන ශක්‌තියෙන් කොටසක්‌ ADP (Adenosene Disphosphate), ATP (Adenosene Triphosphase) වලට හැරවීම පිණිස භාවිත වේ. ඉතිරි ශක්‌තිය තාපය බවට පත් වේ. ශරීරයේ නොයෙකුත් කාර්යන් සඳහා ATP ශක්‌ති කාසි (energy currency) හැටියට යොදාගනී. මේ ATP දෙකඩ කොට ජලය සමග ප්‍රතික්‍රියා වීමේ දී ලැබෙන ශක්‌තියෙන් ඉතා ම කුඩා කොටසක්‌ ශරීරයේ පරිවෘත්තීය (metabolic) ක්‍රියාවන්ට භාවිත වේ. ඉතිරි කොටස තාපය බවට හැරවේ. මෙය සිදු වන්නේ තාපගතික විද්‍යාවේ දෙවැනි න්‍යායට අනුකූලව ය. මේ අයුරින් මුළු විශ්වයේ ම ශක්‌තිය එම න්‍යායට අනුව එකට බැඳී තබනවා වන්නට පුළුවන.

ඉහත සඳහන් ක්‍රියාදාමය ගැන මීට පෙර ලිපියක කෙටියෙන් සඳහන් කොට ඇත. ඒ ගැන විස්‌තර සහිත ව සිතා බැලීමට දැන් කාලය පැමිණ ඇත. ජීවීන් ගේ පරිවෘත්තීය ක්‍රියාවන් සිදු වන විට නිකුත් වන ශක්‌තියෙන් වැඩි ප්‍රමාණයක්‌ තාපය ලෙස මුදා හැරේ. මෙය නාස්‌තියක්‌ ද? කිසිසේත් ම නැත. මෙය සිදු වන්නේ තාපගතික විද්‍යාවේ දෙවැනි න්‍යායට අනුකූලව ය. මේ න්‍යාය පවසන්නේ ශක්‌aතිය (හෝ ද්‍රව්‍ය) විශ්වයේ සමානාත්මකව විසිරෙන්නට ලැදියාවක්‌ දක්‌වන්නේ එක්‌ නියත ස්‌ථානයක ශක්‌තිය (හෝ ද්‍රව්‍ය) එක්‌කාසු කිරීමේ අවශ්‍යතාව සපුරාලීම පිණිස බව ය. එක්‌ නියත ස්‌ථානයක ශක්‌තිය හෝ ද්‍රව්‍ය (දෙක ම එක ය) යම් කාර්යයක්‌ සඳහා එකතු කිරීම අවශ්‍ය වූ විට සමබරතාව පවත්වාගැනීම පිණිස ශක්‌ති ප්‍රමාණයක්‌ විශ්වයේ ව්‍යාප්ත වීමට මුදා හැරිය යුතු ය. ජීවියකු වැඩෙන්නට හෝ දියුණු ලෙස සංවිධානය වීමට ශක්‌තියේ එකතු වීමක්‌ අවශ්‍ය ය. එසේ ශක්‌තිය එකතු වන විට විශ්වයේ ශක්‌ති සමබරතාව පවත්වාගැනීමට ජීවියාට අවශ්‍ය ශක්‌ති ප්‍රමාණයට වඩා විශාල ශක්‌ති ප්‍රමාණයක්‌ මුදවා හැරේ.

ජීවීන් ශක්‌ති එකතුවේ පුංජයක්‌ (bundle) බව මා පසුගිය ලිපියේ පවසා ඇත. එපමණක්‌ නො ව මේ ශක්‌ති පුංජයන් ශක්‌ති විශ්වය සමග බැඳී පවතී. විශ්වය නමින් හැඳින්වෙන ක්‍රියාදාමය විශාල ශක්‌ති ප්‍රමාණයක්‌ පමණි. එක්‌ එක්‌ නිශ්චිත ස්‌ථානවල එම ශක්‌තිය විවිධ උප ක්‍රියාදාමයන් පවත්වාගනියි. ඒවා ද ස්‌ථිර වන්නේ නැත. ඒවා වෙනස්‌ වනසුලු ය. සැම ජීවියෙක්‌ ම, වස්‌තුවක්‌ ම මේ උප ක්‍රියාදාමයන් වන්නේ ය. "මම" යනුවෙන් මා හැඳිනගන්නේ මේවායින් එකක්‌ පමණි. බුදුදහමේ පටිච්චසමුප්පාදය සමග එකඟත්වයක්‌ මේ විශ්ව ක්‍රියාදාමය පෙන්නුම් කරයි.

බුදුදහම දෙස විද්‍යාත්මක ඇසින් බැලීම සහ එමෙන් ම විද්‍යාව දෙස බුදුදහමේ ඇසින් බැලීම කළ යුතු කළ හැකි උතුම් වූ ක්‍රියාවක්‌ බව මගේ හැඟීමයි. විද්‍යාව යනු සත්‍ය ගවේෂණයයි. බුදුදහමේ සත්‍ය වූ ධර්මය ද එසේ ම සත්‍ය නො වන අධර්මය ද තිබෙන බව අපි දනිමු. අසත්‍ය ඒවා මුල් බුදු දහමට පසුව ඇතුළු වූ දේවල් බව ද අපි දනිමු. එලෙස ම විද්‍යාව තුළ ද සත්‍ය ද අසත්‍ය ද තිබේ. මේවා ගැන සොයා බැලීම ජීවිතයේ අරුත සොයා යන අප කළ යුතු වන්නේ ය.


මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග D.Sc.