logo3.gif (702 bytes)

HOME


විද්‍යාවේ දාර්ශනික පදනම - 20

අප සාකච්ජා කරන්නේ විද්‍යාව මගින් ජීවිතයේ අරුත පිළිබඳව යම් අදහසක්‌ ලබා ගත හැකි ද යන්න ය. විද්‍යාවේ දාර්ශනික පදනම ජීවිතයේ අරුත සොයා යැමේ අරමුණ සමඟ සබැඳියාවක්‌ ඇති කරගත යුතු ය. විද්‍යාව සත්‍ය ගවේෂණය නම් ජීවිතයේ අරුත සොයා ගැනීම එහි අරමුණ විය යුතු ය. පසුගිය ලිපිවල සාකච්ජා කළේ ද්‍රව්‍ය, ස්‌කන්ධය සහ ශක්‌තිය යන සංකල්ප පිළිබඳව ය. අප පැවසුවේ ජීවිතයේ සහ විශ්වයේ බිහි වීම, පැවැත්ම, නැති වීම පාලනය කෙරෙන්නේ ශක්‌තිය විසින් බව ය. අප සහ විශ්වය සෑදී ඇත්තේ විශාල වශයෙන් ශක්‌තිය මගිනි. අණුවක්‌ තුළ, ද්‍රව්‍ය තුළ වැඩි වශයෙන් ඇත්තේ ශක්‌තිය බව සඳහන් කළෙමි. සැම ස්‌වාභාවික ක්‍රියාදාමයක්‌ තුළ ම ශක්‌තිය විශාල කාර්යභාරයක්‌ සිදු කරයි. අප ශරීරයේ ක්‍රියාදාමයන් පිළිබඳව ද කිව හැක්‌කේ මෙය ම ය. ශරීරයේ මානසික ක්‍රියාදාමයන්, මනසේ ක්‍රියාකාරී බව, විඤ්ණයේ ස්‌වභාවය යනාදිය තුළ ද ශක්‌තිය විශාල ලෙස සහභාගි වන බව කිව හැකි ය. මොළය (brain), මනස (mind), හැඟීම් (feelings), උද්වේගය (emotion), විඤ්ණය (consciousness) යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්‌ දැයි සොයා බැලිය යුතු ය. මේ සඳහා ස්‌නායු කායික විද්‍යාවේ (neurophysiology) සහාය මෙන්ම බුදු දහමේ මේ ගැන කර ඇති විග්‍රහයන් ද ප්‍රයෝජනයට ගත හැකි ය.

මොළය සහ මනස යනු එකක්‌ ද නැත හොත් දෙකක්‌ දැයි සොයා බැලිය යුතු ය. මෙය එතරම් ලෙහෙසි කරුණක්‌ නො වේ. මොළය ද්‍රව්‍යවලින් සෑදී ඇති බව පෙන්වා දිය හැකි ය. එහෙත් ද්‍රව්‍යවල වැඩි වශයෙන් ඇත්තේ ශක්‌තිය වන්නේ ය. මනස සෑදී ඇති දෙය ද්‍රව්‍ය නැත හොත් ඇසට දැකිය හැකි හෝ අතට දැනෙන දෙයක්‌ ලෙස සැලකිය නොහැකි ය. මනස ක්‍රියාකාරී වන කොටසක්‌ මොළයේ වෙන් කොට නැත. අපට හැඟීම් දැනෙන විට මොළයේ යම් කිසි කොටසක්‌ හෝ කොටස්‌ කිහිපයක්‌ හෝ ක්‍රියාකාරි වන බව පෙන්වා දිය හැකි ය. එහෙත් මනස යනුවෙන් වෙන් වූ පෙදෙසක්‌ මොළයේ සොයා ගත නොහැකි ය. අපට හැඟීම් දැනෙන විට මොළයේ කොටසක හෝ කොටස්‌ කිහිපයක ඇති වන ක්‍රියාදාමයන් තුළ ශක්‌තිය විශාල කාර්යභාරයක්‌ සිදු කරන බව පෙන්වා දිය හැකි ය. මනස යනුවෙන් හඳුනාගත හැකි කොටසක්‌ මොළයේ නැති නිසාත් හැඟීම් දැනෙන විට ශක්‌තිය ක්‍රියාකාරී වන නිසාත් මනස ශක්‌ති විශේෂයක්‌ ද යන ප්‍රශ්නය ඇසිය හැකි ය. මෙතැන දී හැඟීම් දැනීම මනසේ ක්‍රියාදාමයක්‌ යෑයි පූර්ව නිගමනය කොට ඇති බව පෙනේ. මෙය සම්පූර්ණයෙන් නිවැරැදි නො වේ.

මොළය ක්‍රියා විරහිත වූ විට මනස ද ක්‍රියා විරහිත වේ. එවැනි අවස්‌ථාවක හැඟීම්, විඤ්ණය, උද්වේගය වැනි දේ ක්‍රියා කරන්නේ නැත. එහෙත් මනස ක්‍රියා විරහිත වූ විට මොළය ක්‍රියා විරහිත වන්නේ නැත. ණය, හැඟීම්, උද්වේගය, විඤ්ණය වැනි දේ මනසේ ක්‍රියාදාමයන් ලෙස ගත හැකි ය. හෘදය, ශ්වසනය, වැනි ක්‍රියාදාම මොළය විසින් පාලනය කෙරෙයි. එහෙත් හෘද ස්‌පන්දනය බියක්‌ වැනි හැඟීම් නිසා ද වෙනස්‌ වන බව පෙනේ. හැඟීම් දැනීම ඖෂධ මගින් අඩු කළ හැකි ය. එතැන දී සිදු වන්නේ මනසේ ක්‍රියාකාරිත්වය අඩු වීම ද නැතිනම් මොළයේ ක්‍රියාකාරිත්වය අඩු වීම ද? මොළය සහ මනස වෙන් කරගැනීම එතරම් ලෙහෙසි නැති බව පෙනී යයි. සාමාන්‍යයෙන් ශරීරයේ භෞතික ක්‍රියාවන් මොළය මගින් ද, මානසික ක්‍රියාවන් මනස මගින් ද සිදු කෙරෙන බව පැවසුව ද මොළය සහ මනස සංකීර්ණ වූ එක ම පද්ධතියක්‌ ලෙස හැඳිනගැනීම වඩා

නිවැරැදි විය හැකි ය.

රීන් ඩෙස්‌කාර්ටෙස්‌ (Rene Descartes) නමැති දාර්ශනිකයා පැවසුවේ මොළය (brain) භෞතික නැත හොත් ද්‍රව්‍යවලට අයත් වන දෙයක්‌ බව ද, මනස (mind) දෙවියන්ට අයත් දෙයක්‌ බව ද යන්න ය. ඔහු මනස සහ විඤ්ණය (consciousness) අතර වෙනසක්‌ නුදුටුවේ ය. මනස සහ මොළය වෙන් කොට හඳුනාගත් ඔහු ඥනය පැවතුණේ මනස නැත හොත් විඤ්ණය තුළ බව පැවසුවේ ය. මනස සහ ශරීරය අතර ද්වෛතයක්‌ (mind and body duality) බව පළමු වරට සඳහන් කරන ලද්දේ ඩෙස්‌කාර්ටෙස්‌ විසිනි.

සාමාන්‍යයෙන් මිනිසකු ගේ මොළයේ බර රාත්තල් තුනක්‌ පමණ ය. මෙහි ඇති න්‍යqරෝන (neurons) නමින් හැඳින්වෙන ස්‌නායු සෛල ගණනින් බිලියන 1000ක්‌ පමණ වන්නේ ය. මේ න්‍යqරෝන සෛල වටා පෝෂණය සහ ආරක්‌ෂාව පිණිස ග්ලියල් නමැති සෛල පිහිටා ඇත. මේ න්‍යqරෝන සෑදී ඇත්තේ ප්‍රධාන සෛල දේහය සහ ඉන් පිටත වන තන්තු වැනි කොටස්‌වලිනි. ඉන් එක්‌ තන්තුවක්‌ වඩා දිග ය. එය අක්‌සනය (axon) යන නමින් හැඳින්වේ. කෙටි තන්තු කිහිපය හැඳින්වෙන්නේ අනුශාකා (dendrite) යන නමිනි. සිතිවිලි, හැඟීම්, ඥනය, විඤ්ණය වැනි දේ ගැන සොයා බැලීම පිණිස මොළයේ ව්‍යqහය ගැන කෙටි විස්‌තරයක්‌ කළ යුතු ව ඇත. සෛල තුළට සංඥා ගෙන එන්නේ අනුශාකා මගිනි. ඉන් පිටතට ගෙන යන්නේ අක්‌සනය මගිනි. අනුශාකා කිහිපයක්‌ මගින් ගෙන එන සංඥා කිහිපය සෛලය විසින් එකතු කොට පොදු සංඥාවක්‌ බවට හරවා අක්‌සනය දිගේ යවයි. එසේ යෑවෙන සංඥා තවත් සෛලවලට ලබා දෙයි. අක්‌සනය අතු ඉතිවලට බෙදී ඇත්තේ මේ නිසා ය.

මොළය ප්‍රධාන වශයෙන් කොටස්‌ තුනකට බෙදේ. ඒ, පසු මොළය (hind brain), මැද මොළය (mid brain) සහ පෙර මොළය (fore brain) ලෙස ය. පසු මොළයේ පිටුපස පහළ කොටස වන අතර එය සුෂුම්නාවට (spinal cord) සම්බන්ධ වේ. හෘදය වස්‌තුව හුස්‌ම ගැනීම වැනි ක්‍රියාවන් පාලනය කරන මඡ්ජාව (medulla) තිබෙන්නේ පසු මොළයේ ය. ගමන් කිරීම වැනි සැම සංචලනයක්‌ ම ශරීරයේ සංවේදක (sensory) සහ චාලක (motor) දත්ත සමඟ සම්බන්ධීකරණය සිදු වන අනුමස්‌තිෂ්කය (cerebellum) පිහිටා ඇත්තේ ද පසු මොළයේ ය. මැද මොළයේ තිබෙන්නේ දෘෂ්ටි ප්‍රතීක (visual reflexes) හා සම්බන්ධ වූ ටෙක්‌ටම් (tectum) යන කොටස සහ මූලික ප්‍රබෝධ කිරීමට සම්බන්ධ වූ ජාලාකාර ස්‌තරය ද (reticular formation) බාහිකය (cortex) සංවේදක සහ චාලක දත්ත විසුරුවන තැලමසය ද (thalamus) වන්නේ ය.

පෙර මොළය සෑදී තිබෙන්නේ විශාල වූ බාහිකයෙනි (cortex). එය අනෙකුත් කොටස්‌වලට උඩින් ඒවා වසාගෙන පිහිටා ඇත. එය මහත් සේ නැමී වෙළී පැටලී ඇත. එහි කොටස්‌ ඉදිරියේ සිට පිටුපසට පහත සඳහන් ලෙස පිහිටා ඇත. එහි පළමුව ඉදිරි පසින් ඇත්තේ සැලසුම් මධ්‍යස්‌ථානය සහ චලනය පාලන කරන ලලාට ඛණ්‌ඩිකාව (frontal lobe) වන්නේ ය. ඊට පසුපසින් ඇත්තේ චලනය පාලනය කරන ප්‍රාථමික චාලක බාහිකය (primary motor cortex). ඊළඟට ඇත්තේ මුළු ශරීරයේ ම හටගන්නා සංවේදක දත්ත ලබා ගන්නා දෛහ සංවේදක බාහිකය (somatosensory cortex). මීට පිටුපසින් ඇත්තේ මතකය සහ සංවේදක දත්ත තේරුම් බේරුම් කරගන්නා පෙදෙස ය. ප්‍රාථමික දෘෂ්ටි බාහිකය (primary visual cortex) මොළයේ පිටුපසින් පිහිටා ඇති අතර ප්‍රාථමික ශ්‍රවණ බාහිකය (primary auditory cortex) ඇත්තේ මොළයේ පාර්ශ්විකව ශංඛක ඛණ්‌ඩිකාවෙහි (temporal lobe) ය.

මොළයේ මේ කොටස්‌ යම් කිසි ක්‍රියාවන් සඳහා එකතු වූ ස්‌නායු පුඤ්ජ (bundles of nerves) ලෙස සඳහන් කළ හැකි ය. එසේ ම මේවා යා කරන අන්තර් සම්බන්ධතා සඳහා විශේෂ වූ තන්තුවලින් ද මොළය සමන්විත ය. මීට අමතරව මොළයේ හයිපොතැලමස (hypothalamus), පිටියුටරි ග්‍රන්ථිය (pituitary
gland) සමඟ එක්‌ ව හෝමෝන මුදා හැර ශරීරයේ අනෙකුත් හෝමෝන ග්‍රන්ථි පාලනය කරන්නේ ය.

මැද මොළය විසින් දෘෂ්ටි සහ ශ්‍රවණ පද්ධතිය, ශරීරයේ චලනය පාලනය කෙරෙන ස්‌නායු සමඟ සම්බන්ධ කරයි. ප්‍රධාන ඉන්ද්‍රිය පද්ධතිවලට ප්‍රධාන වශයෙන් ප්‍රතියෝජන ස්‌ථානය (relay station) වන්නේ තැලමස (thalamus) ය. ජාලාකාර පද්ධතිය (reticular system) අප අවදි ලෙස සහ ලෝකය ගැන සංවේදී ව සිටීමට ක්‍රියා කරයි. එම නිසා එය ජාලාකාර සක්‍රීය කිරීමේ පද්ධතිය ලෙස හැඳින්වේ.

මොළයේ මේ සැම දේට ම ඉහළිsන් සිටින්නේ මස්‌තිෂ්ක බාහිකය (cerebral cortex) වන්නේ ය. මිනිසා සත්ත්වයන් ගෙන් වෙනස්‌ වන්නේ ප්‍රධාන ලෙස මේ අවයව කොටස නිසා ය. මිනිසා ගේ විඤ්ණය රැඳී පවතින්නේ මේ කොටසේ ය. එසේ ම මිනිසා ගේ ලෝකය පිළිබඳ විශිෂ්ට වූ සංවේදී හැකියාව ගැබ් වී ඇත්තේ මේ තුළ ය. මිනිසා ගේ කාරක හැකියාවන් ඇත්තේ ද මේ කොටසේ ය. තර්ක බුද්ධිය සහ කාල්පනිත හැකියාව ද එසේ ම මේ සැමට වඩා වැදගත් වූ භාෂා හැකියාව ද පිහිටා ඇත්තේ මස්‌තිෂ්ක බාහිකය තුළ ය.

ඉහත සඳහන් වන්නේ මොළයේ ව්‍යqහය සහ ක්‍රියාකාරිත්වය පිළිබඳ අපට අවශ්‍ය පරිදි සංක්‌ෂිප්ත වූ සටහනකි. මොළයේ සෑම ක්‍රියාවක්‌ ම සිදු කරන්නේ න්‍යqරෝන් සහ එහි තන්තු වන අක්‌සනය සහ අනුශාකා මගිනි. මොළයේ ව්‍යqහය එහි කාර්යයන් අනුව බෙදී වෙන් වී ඇති බව කිව හැකි ය. න්‍යqරෝනවලින් නිකුත් වන සංඥා අක්‌සනය දිගේ ගමන් කරමින් කිහිප විටක්‌ අතු ඉතිවලට බෙදී අවසානයේ දී තවත් න්‍යqරෝනයක අනුශාකාවකට පවරා දෙයි. මේ පවරා දීම සිදු වන්නේ උපාගමය (synapse) නමින් හැඳින්වෙන සම්ප්‍රේෂක ස්‌ථානයක ය. සංඥා එක්‌ ස්‌නායුවකික්‌ තවත් ස්‌නායුවකට මේ අන්දමින් සම්ප්‍රේෂණය වීමේ දී ස්‌නායු සම්ප්‍රේෂක (neuro transmitter) නමින් හැඳින්වෙන රසායනික ද්‍රව්‍යයක්‌ නිපදවී ඒ මගින් අනෙක්‌ ස්‌නායුවට සංඥ ගමන් කරන්නේ ය.

මේ රසායනික පණිවිඩකරුවන් 100කට වඩා ඇති බව සොයාගෙන ඇත. 20 වැනි ශත වර්ෂය දක්‌වා ස්‌නායු කායික විද්‍යාඥයන් සිතා සිටියේ ස්‌නායු අතර සංඥා ගමන් කරන්නේ විද්යුත් සම්ප්‍රේෂණ මාර්ගයෙන් බවයි. රසායනික ද්‍රව්‍යවල කාර්යභාරය සොයාගත්තේ පසු කාලයක ය. එහෙත් රසායනික ද්‍රව්‍ය නොමැති ව විද්යුත් මාර්ගයෙන් සම්ප්‍රේෂණය සිදු වන උපාගම ද තිබෙන බව පැවසිය යුතු= ය. රසායනික සම්ප්‍රේෂක බොහොමයක්‌ නිපදවන්නේ ඇමයිනෝ අම්ලවලිනි. මේ උපාගමවල කාර්යය වන්නේ උද්දීපනය (excitation) කිරීම හෝ නිෂේධ වීම (inhibit) හෝ විය හැකි ය. උද්දීපනය කිරීමේ දී සිදු වන්නේ ඒ ස්‌ථානයට පැමිණි සංඥා ඊළඟ න්‍යqරෝනයට යෑවීම ය. නිෂේධ වීමේ දී සංඥා ඉදිරියට යැම වැළැක්‌වේ. මේ ක්‍රියාවලට අදාළ රසායනික සම්ප්‍රේෂක වෙනස්‌ වන්නේ ය.

දත්ත සැකසුම (information processing) සිදු වන්නේ න්‍යqරෝන තුළ ය. ඊට බලපාන කරුණු කිහිපයක්‌ ඇත. එකක්‌ න්‍යqරෝන වෙත අනුශාකා කීයක්‌ සංඥා එවනවා ද යන්න ය. එසේ ම පැමිණෙන සංඥා උපාගමයේ දී උද්දීපනය වූවා ද නැතිනම් නිෂේධ වූවා ද යන්න ද වැදගත් ය.

තව ද එම න්‍යqරෝනය ක්‍රියාකාරී වීම පිණිස දේහලීයට (threshold) ළඟා වී ද නැති ද යන්න ද ඉතා ම වැදගත් කරුණක්‌ වන්නේ ය. අවසානයේ අනුශාකාවලින් ලැබෙන සංඥාවල එකතුවේ පොදු හෝ සාමාන්‍ය අගයකට පැමිණීමට න්‍යqරෝනයට හැකි වන්නේ ය. සංඥාව තවත් එහාට යන්නේ ද නැද්ද සහ යනවා නම් කුමන අන්දමේ සංඥාවක්‌ ගමන් කරනවා ද යන්න මේ අන්දමින් නිගමනය වන්නේ ය.

මොළය පිළිබඳව ඉහත සඳහන් කෙටි විස්‌තරය භාවිත කොට මානසික හෝ ආත්මීය (subjective) පැත්ත ගැන සොයා බැලිය හැකි ය. මොළයේ ආත්මීය ක්‍රියාදාමය සිදු වන්නේ කෙසේ ද? අප වස්‌තුවක්‌ ඇසින් දුටු විට එය කුමක්‌ දැයි හඳුනාගැනීම පිණිස මතකය සටහන් වී ඇති ස්‌ථානය ක්‍රියාකාරී විය යුතු ය. මතකය සටහන් වී ඇත්තේ ප්‍රධාන වශයෙන් බාහිකයේ Association areas කියන කොටසේ ය. ඇසින් දුටු වස්‌තුව කුමක්‌ දැයි මතකයේ සටහන් වී ඇති නම් එය කුමක්‌ දැයි අපට හඳුනාගත හැකි ය. එම වස්‌තුව හදුනාගැනීමෙන් පසු එය ගැන යම් හැඟීමක්‌ ඇති වනවා නම් එසේ ඇති වන්නේ මොළයේ තවත් නොයෙකුත් ස්‌ථානවල යම් කිසි වෙනසක්‌ හෝ ක්‍රියාදාමයක්‌ සිදුවීම හේතු කොටගෙන ය. මේ සඳහා මොළයේ කොතැනක හෝ ස්‌නායු සහසම්බන්ධ (neural correlate) ක්‍ෂෙත්‍රයක්‌ තිබිය යුතු ය. එම ක්‍ෂෙත්‍රය බාහිකයේ ඇති සැම කොටසක්‌ සමඟ ම ස්‌නාසීය සම්බන්ධතාවක්‌ ඇති කරගත යුතු ය. මෙවැනි කොටසක්‌ මොළයේ ඇතොත් ඇත්තේ තැලමස (thalamus) නමින් හැඳින්වෙන කොටසේ විය යුතු ය. එය පිහිටා ඇත්තේ මැද මොළයේ ය. මේ කොටස තුළට මස්‌තිෂ්ක බාහිකය (cerebral cortex) නෙරා ඇති බව ඉහතින් සඳහන් කොට ඇත. මෙසේ සැදී ඇත්තේ එවැනි එකිනෙකට යා වන සම්බන්ධතාවක්‌ ඇති කරගැනීමට ය. මස්‌තිෂ්ක බාහිකය සහ තැලමස අතර මෙවැනි සම්බන්ධතාවක්‌ පිහිටා ඇත.

මෙම අන්තර් සම්බන්ධතාවය ඉතාම වැදගත් කාර්යයක්‌ ඉටු කරන බව පෙනේ. චල්කය වෙතට ගලා එන සංඥා පාලනය කොට ක්‌ෂණයෙන් ක්‌ෂණයට අවශ්‍ය සංඥා පමණක්‌ ලබා ගැනීමට අවශ්‍ය ප්‍රතිපෝෂණය (feed back) ඇති කළ හැක්‌කේ එවැනි අන්තර් සම්බන්ධතාවකට බව පැවසේ. අනවශ්‍ය සංඥා නවතා අවශ්‍ය සංඥා පමණක්‌ බාහිකයේ අරවධානයට යොමු කළ හැක්‌කේ මෙලෙස ය. අපට අවදි ව සංවේදී ව සිහියෙන් සිටීමට අත්‍යවශ්‍ය සංඥා මේ ලෙස තෝරා බේරාගනු ලැබේ. එසේ නැති වුවොත් බාහිකය වෙත ගලා එන සංඥා නිසා අත්‍යවශ්‍ය සංඥා දියාරු වී යන්නට ඉඩ ඇත.

එහෙත් මෙසේ පාලනය වන්නේ අපට අවදි ව සිහියෙන් සිටීමට අවශ්‍ය සංඥා පමණක්‌ ද? අප තුළ සිතිවිලි හැඟීම් ඇති වන්නේ කෙසේ ද? ඥානය භාවිත වන්නේ කෙසේ ද? ආත්මීය ක්‍රියාදාමය සිදු වන්නේ කෙසේ ද? තැලමසයේ තිබෙන විශේෂ වූ කොටසක්‌ වන intralaminar nuclei වනාහි ආත්මීය ක්‍රියාදාමය සිදු වන ස්‌ථානය බව විශ්වාස කරන විද්‍යාඥයෝ සිටිති (J.Bogen, B. Baa, J. Newman). මේ අදහස ඔප්පු කිරීමට අවශ්‍ය සාක්‌ෂි ලෙස ඔවුන් පවසන්නේ එම ස්‌ථානයට සුළු රෝගයක්‌ වුව සෑදුණොත් මුළු විඤ්ණය ම ක්‍රියා විරහිත වන බව ය. මොළයේ වෙනත් ස්‌ථානවලට රෝග පීඩා තුවාල සිදු වූ විට විඤ්ණය වෙනස්‌ වනවා මිස සම්පූර්ණයෙන් ක්‍රියා විරහිත වන්නේ නැත.

මොළයේ සහ අනෙකුත් ස්‌නායු පද්ධතියේ සංඥා ගමන් කරන්නේ කෙසේ ද යන්න සොයා බලන විට පෙනී යන්නේ එය විද්යුත් ක්‍රියාදාමයක්‌ බව ය. විදුලිය ශක්‌ති විශේෂයක්‌ නිසා එම ක්‍රියාදාමය ශක්‌තිය මගින් සිදු වන්නක්‌ විය යුතු ය. අප ගේ ශරීරයේ වැඩි වශයෙන් පවතින්නේ ශක්‌තිය බව මීට ඉහත ලිපිවලින් පෙන්වා දී ඇත. ඉහත සඳහන් ආත්මීය ක්‍රියාදාමය ශක්‌තිය මගින් සිදු කරන දෙයක්‌ විය යුතු ය. අප ගේ ශරීරය තුළ ඇත්තේ විශාල ලෙස ශක්‌තිය ද ස්‌වල්ප ලෙස ද්‍රව්‍යය ද වන්නේ ය. ස්‌වල්ප වූ ද්‍රව්‍යය ද ශක්‌තිය බවට හැරවිය හැකි ය. එසේ නම් ජීවියා ද ඔහු ගේ ක්‍රියාවන් ද, සිතුම් පැතුම් ද ශක්‌තියේ එකතුවක්‌ යෑයි කීවාට වරදක්‌ නැත. මේ කරුණු පිළිබඳව ඉදිරියේ දී සාකච්ජා කරමු.

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග D.Sc