logo3.gif (702 bytes)

HOME


අහසින් පොළොවට

ඩී එස්‌ සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා අග්ගඤ්ඤ සූත්‍රය බටහිර විද්‍යව සමඟ සංසන්දනය කිරීමට ගොස්‌ මුසාවාදා වේරමණි අර්ථයෙන් ද පට්‌ටපල් බොරු කී හැටි අපි 2015 අප්‍රේල් 15 වැනි දා ලිපියෙන් හෙළිදරවු කළෙමු. ඔහු ජීවයේ හටගැනීම බුදුදහමෙහි සඳහන් වන බව කීමට ගොස්‌ අමාරුවේ වැටුණේ ය. අපි තවදුරටත් ඔහු ගේ බොරුව විමසමු. ඔහු තම අප්‍රේල් 8 වැනි දා ලිපියෙහි සඳහන් කළ කොටසක්‌ මා නැවත උපුටා දක්‌වන්නේ බොහෝ පාඨකයන් ඒ ලිපිය සොයාගෙන නො කියවන බව දන්නා බැවිනි.

"මහා පිපිරීම (Big Bang Theory) හෝ ජීව පරිනාමය හෝ ස්‌වාභාවික වරණය හෝ බුදුන් ගේ අග්ගඤ්ඤ සූත්‍රයට පටහැනි වන්නේ නැත. එම ක්‍රියාදාමයන් රේ‚ය වෙනුවට චක්‍රීය ලෙස සිදු වනවා යෑයි සිතාගැනීම ඉතා ම අපහසු ය. අග්ගඤ්ඤ සූත්‍රයට අනුව ද ජීවීන් හට ගැනෙන්නේ අද්‍ය සූපය (primordial soup) වැනි ජලය තුළ ය. එම ජලය තුළ පවා සුවඳ, රස, ගිතෙල්වල පාට, රසය, බටර්වල පාට රසය, පැණිවල රසය තිබුණු බව විස්‌තර කොට ඇත. මෙලෙස එම ජලය විස්‌තර කොට ඇත්තේ එහි ජීවීන් බිහි වීමට අවශ්‍ය දේ තිබෙන බව පහදා දීම සඳහා ය."

බටහිර විද්‍යාව අනුව මහා පිපුරුමෙන් බොහෝ කලකට පසු විශ්වය ප්‍රසාරණය වී තාරකා හටගැනී ග්‍රහවස්‌තු නිර්මාණය වී පෘථිවියේ ජීවය හටගැනීමක්‌ ගැන කියෑවෙයි. සූර්යයා නමැති තාරකාව ද එය වටා ගමන් කරන ග්‍රහවස්‌තුවක්‌ වූ පෘථිවිය ද නිර්මාණය වීමෙන් පසු බටහිර විද්‍යාවට අනුව පෘථිවියෙහි ජීවය හටගැනිණි යෑයි බටහිර විද්‍යාවේ ඉගැන්වෙයි. පෘථිවියෙන් බාහිර ව ජීවය ගැන කතා කළ ද, ෙµ්‍රඩ් හොයිල් නම් සුප්‍රසිද්ධ තාරකා භෞතික විද්‍යාඥයා ඒ ගැන යම් මත පළ කර තිබුණ ද, බටහිර විද්‍යාවෙහි ඒ පිළිබඳ පැහැදිලි එකඟතාවක්‌ නැත.

ඒ කුමක්‌ වුවත් බටහිර විද්‍යාවට අනුව ජීවය හටගැනෙන්නේ අජීවයෙනි. විශ්වය ආරම්භයේ කාබන් නම් මූලද්‍රව්‍යය නො තිබිණි. එය තාරකාවල න්‍යෂ්ටික ප්‍රතික්‍රියා හේතුවෙන් ඇති වූවකි. ඒ කාබන් තව තවත් මූලද්‍රව්‍ය සමග සංයෝග වී ඇමයිනෝ අම්ලය හටගත්තේ ය. ඒ අම්ලය රසායනික ප්‍රතික්‍රියාවලට භාජන වී ජීවය හටගත්තේ ය. බටහිර විද්‍යාවෙහි ජීවය හටගැනීම යනු අජීවයෙන් ඇති වීමකි. පළමුවරට ජීවය හටගැනීමට පෙර (බටහිර විද්‍යාවට රේ‚ය චින්තනයෙන් බැහැර විය නොහැකි ය) ලෝකයේ හටගැනීමක්‌ හා විකාශයක්‌ ගැන එහි කියෑවෙන්නේ චක්‍රීය ආකාරයකට නො ව ගී්‍රක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙහි හා යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි ය. එය කිසිසේත් ම චක්‍රීය චින්තනයකින් බිහි වූවක්‌ නො වේ.

බුදුදහමෙහි ජීවය හටගැනීමක්‌ ගැන නො කියවෙයි. බුදුන් වහන්සේ එවැනි විෂය අචින්ත්‍ය යෑයි දේශනා කළ හ. හැකි නම් ජීවය හටගැනීමක්‌ ගැන විස්‌තර කෙරෙන සූත්‍රයකින්, සූත්‍රයෙහි හා නිකායෙහි නම් සහිත ව, කරුණු උපුටා දක්‌වන ලෙස අමරතුංග මහතාට අභියෝග කරමි. අමරතුංග මහතා ගේ අනවබෝධය අනුව සූත්‍ර විකෘති කළ හැකි නො වේ. ඔහුටත් බෝධි ධනපාල මහාතාටත් සිංහලෙන් හෝ ඉංගිරිසියෙන් හෝ ලියා ඇති දෙයක්‌ තේරුම්ගැනීමට අපහසුවක්‌ ඇත. ඒ ගැන අපි කුමක්‌ කරමු ද?

ආහස්‌සර බ්‍රහ්ම ලෝකයෙන් මෙහි (අහසින් පොළොවට) පැමිණි ජීවීන් බටහිර විද්‍යාවේ කියෑවෙන අරුතින් මෙහි හටගැනීමක්‌ ලෙස තේරුම්ගැනීමට මෙරට මහාචාර්යවරයකු වීම අනිවාර්ය යෑයි මම නො කියමි. බටහිර විද්‍යාවේ ජීවය හට ගැනෙන්නේ අජීවයෙනි. එසේ ජීවය හටගැනෙන තෙක්‌ ජීවය තිබී නැත. එහෙත් අග්ගඤ්ඤ සූත්‍රයෙහි දැක්‌වෙන ආකාරයට කොහොමටත් ජීවත් වන ආභස්‌සර බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයෝ මෙහි පැමිණෙති. ඒ බ්‍රහ්මයන්ට එහි ද්‍රව්‍යමය වූ ශරීර තිබිණි ද නැද්ද යන්න ප්‍රශ්නයක්‌ නො වේ. ඒ බ්‍රහ්මයන්, අමරතුංග මහතා ගේ වචනවලින් නම්, මනස මුල් කරගත් දිළිසෙන ක්‍රියාදාමයන් ලෙස හැසිරී ඇත. අපි නැවතත් අමරතුංග මහතා ගේ අප්‍රේල් 8 වැනි දා ලිපියෙන් උපුටා දක්‌වමු.

"ලෝකය විනාශ වන විට අභස්‌සර ලෝකයට සංක්‍රමණය වූ ජීවීන් එහි දී පැවතුණේ මනස මුල් කරගත් අවස්‌ථාවක්‌ හැටියට ය. ආහාරය වෙනුවට ඔවුහු සතුට භුක්‌ති වින්දොa ය. දිළිසෙන ක්‍රියාදාමයන් ලෙස ඔවුහු හැසුරුණෝ ය. ලෝකය නැවතත් පරිනාමය වී ජීවීන් ගේ ආපසු පැමිණීමට සුදුසු තත්ත්වයකට පත් වන විට පෙර සඳහන් කළ ජලය එහි තුළ වූ ගුණාංග සහිත ව නිර්මාණය විය."

මෙය බටහිර විද්‍යාවේ දැක්‌වෙන ක්‍රමය නො වේ. එහි ජීවය ඇති වී ඉන්පසු බහුසෛලික සංකීර්ණ සත්ත්වයන් ඇති වී මොළය නම් ඉන්ද්‍රිය ඇති වී මනස ඇති වෙයි. අභස්‌සර ලෝකයෙහි බ්‍රහ්මයන්ට ද්‍රව්‍යමය වු මනසක්‌ මොළයක්‌ ඇතැයි නො කියෑවෙයි. ඔවුහු දිළිසෙන ක්‍රියාදාම වූ හ. ඔවුන් විකිරණ වී ද? ඔවුන් ෆොaටෝනවලින් සමන්විත විණි ද? ඔවුන්ට ස්‌කන්ධ තිබිණි ද? අමරතුංග මහතා හුදී ජනයා ගේ පහන් සංවේගය පිණිස ධනපාල මහතා ගෙන් හෝ වෙනත් අයකු ගෙන් හෝ දැනගෙන ඒ පිළිබඳ යමක්‌ පවසන්නේ ද?

පැහැදිලිව ම අමරතුංග මහතා ගේ අග්ගඤ්ඤ සූත්‍ර විවරණයට අනුව වුව ද එහි ජීවීන් හටගැනීමක්‌ ගැන නො කියවෙයි. එහි කියෑවෙන්නේ ආභස්‌සර බ්‍රහ්ම ලෝකයෙන් ජීවීන් පොළොවට පැමිණීමක්‌ ගැන ය. අමරතුංග මහතා එසේ ජීවීන් පැමිණීම ජීවීන් හටගැනීමක්‌ ලෙස දක්‌වන්නේ ඔහු ගේ නොතේරුම්කම නිසා ද? කරුණු විකෘති කිරීමට ද? බුදුදහම බටහිර විද්‍යාව සමඟ සංසන්දනය කිරීමට ඇති අවශ්‍යතාව නිසා ද? නැත්නම් වෙනත් දෙයක්‌ නිසා ද?

කෙසේ වෙතත් බටහිර විද්‍යාව සමග බුදුදහම සංසන්දනය කිරීම අවසානයේ දී අහිතකර ප්‍රතිඵල ගෙන දෙනු ඇත. බටහිර විද්‍යාවෙන් කෙරෙන්නේ පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි තේරුම් කිරීමට වියුක්‌ත කතාන්දර ගෙතීම ය. මේ කතාන්දරවලට, ධර්මවර්ධන මහතා වෙනත් අයකු ගෙන් ලබාගෙන ඉදිරිපත් කරන ඊනියා දිග් පරිමාණ හා කාල පරිමාණ විකාශයන් අනුව නො ව, ගොතන ලද කතාන්දර සංගත නො වීම නිසා අලුතෙන් ගොතන කතාන්දර ද ඇතුළත් වෙයි. බුද ග්‍රහ වස්‌තුව ද ඇතුළුව ග්‍රහ වස්‌තු සූර්යයා වටා අචල ඉලිප්සවල ගමන් නො කරයි. ඒ බව බොහෝ කලක සිට බටහිර විද්‍යාඥයෝ දැන සිටිය හ. ග්‍රහ වස්‌තූන් සූර්යයා වටා අචල ඉලිප්සවල ගමන් කළ යුතු යෑයි කියෑවෙන නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණ නියමය ඒ අර්ථයෙන් ද පට්‌ටපල් බොරුවකි. එහෙත් එයින් වැඩ ගත හැකි නිසා බටහිර විද්‍යාඥයෝ එය රැකගත් හ. අද සූර්යයා වටා ග්‍රහ වස්‌තූන් ගේ චලිතය අයිස්‌ටයින් ගේ ප්‍රවාදයෙන් විස්‌තර කෙරෙයි. එය සංකල්පීය වශයෙන් නිව්ටෝනීය ප්‍රවාදයෙන් සහමුලින් ම වෙනස්‌ ය.

බටහිර විද්‍යවේ අද කියෑවෙන දෙය සමග අග්ගඤ්ඤ සූත්‍රය සංසන්දනය කරන අමරතුංග මහතාට බටහිර විද්‍යාවෙහි අදාළ ප්‍රවාදය වෙනස්‌ වූ දිනයක මහත් ගැටලුවකට මුහුණපෑමට සිදු වනු ඇත. එදාට අග්ගඤ්ඤ සූත්‍රය බොරු යෑයි කීමට අමරතුංග මහතාට සිදු වනු ඇත. අද වුවත් අමරතුංග මහතා කියන ආකාරයට නො ව, අග්ගඤ්ඤ සූත්‍රය බටහිර විද්‍යාව සමග එකඟ නො වේ. බටහිර විද්‍යාවේ කියෑවෙන ජීවය හටගැනීමක්‌ ගැන බුදුදහමෙහි නො කියවෙයි.

මෙරට බටහිර විද්‍යා උගත් ඇතැම් සිංහල බෞද්ධයන්ට හීනමානයක්‌ ඇත. බටහිර විද්‍යාවේ ආධිපත්‍යය හමුවේ හිස නමන ඔවුහු බුදුදහම විද්‍යාත්මක යෑයි කීමට උත්සහ දරති. කාළාම සුතූය විද්‍යාත්මක යෑයි කියති. එසේ නැත හොත් එහි විද්‍යාත්මක ක්‍රමය ඇතැයි කියති. එය ද පට්‌ටපල් බොරුවකි. අප කිහිප වතාවක්‌ ම පෙන්වා දී ඇත්තේ කාළාම සූත්‍රයෙහි බටහිර විද්‍යාවක්‌ හෝ ඊනියා විද්‍යාත්මක ක්‍රමයක්‌ හෝ නැති බව ය. බුදුදහමෙහි වියුක්‌ත කතන්දර ගෙතීමක්‌ නැත. කාළාම සූත්‍රයෙහි ඇති වියුක්‌ත කතාන්දරය (ඊනියා විද්‍යාත්මක ප්‍රවාදය) කුමක්‌ ද?

ඒ කුමක්‌ වුවත් ඒ මහතාට ඒ පිළිබඳ වැඩිදුර කරුණු සොයාගැනීමට (විකෘති කිරීමට) ඉඩ දී අප ආචාර්ය චන්ද්‍රසිරි ධර්මවර්ධන මහතා ගේ මාර්තු 11 ලිපියට නැවතත් අවධානය යොමු කළ යුතු ය. එහෙත් එයට පළමු මහාචාර්ය කීර්ති තෙන්නකෝන් මහතා ගේ අප්‍රේල් 29 වැනි දා ආරම්භ කළ ලිපිය හෝ ලිපි පෙළ සම්බන්ධයෙන් ප්‍රශ්නයක්‌ ඇසිය ඇත. අවසානයේ දී මේ කතා සියල්ල ඊනියා ලෝකය සමග ගැටගැසෙයි. සමහර විට තෙන්නකෝන් මහතා ඒ එසේ නො වේ යෑයි කීමට ඉඩ දී ඇත. ඒ මහතා විද්‍යවේ වාද ගැන සඳහන් කරයි. මේ වාද යනු බටහිර විද්‍යාවේ ප්‍රවාද (theories) විය හැකි ය. බටහිර විද්‍යාවේ වාද ගොඩනඟන්නේ කුමක්‌ සඳහා ද?

ධර්මවර්ධන මහතා දක්‌වා ඇති
m=sqrt{E2/c4-p2/c2} සූත්‍රයෙන් ෆොaටෝනයක සාපේක්‌ෂතාවාදී ස්‌කන්ධය ශුන්‍යය යෑයි නිගමනය කළ හැකි නො වේ. ඒ සූත්‍රයෙහි ප යනු අංශුවක නිශ්චලතා හෙවත් අවිචලක ස්‌කන්ධය මිස සාපේක්‌ෂතාවාදී ස්‌කන්ධය නො වේ. ඒ සූත්‍රයෙන් කියෑවෙන්නේ ෆොaටෝනයක අවිචලක හෙවත් නිශ්චලතා ස්‌කන්ධය ශුන්‍ය බව පමණ ය. එහෙත් ධර්මවර්ධන මහතා ඉන් සාපේක්‌ෂතාවාදී ස්‌කන්ධය ශුන්‍යය යෑයි කියයි.

බටහිර භෞතික විද්‍යාඥයන්ට ස්‌කන්ධය යන්න ගැන පැහැදිලි අවබෝධයක්‌ නැත. ඔවුන් ගේ ලෝකය ද්‍රව්‍ය හා විකිරණවලින් සමන්විත වෙයි. බටහිරයන් ලෝකය බලන්නේ මේ ද්වෛතය ආධාර කරගනිමිනි. ක්‌වොන්ටම් භෞතිකයෙහි මුල මේ ද්වෙවතය ඇත. ප්ලෑන්ක්‌, අයින්ස්‌ටයින් ආදීහු විකිරණවල ද්‍රව්‍යාත්මක ගුණ ගැන කතා කළ හ. ද බෘලි ද්‍රව්‍යවල තරංග ගුණ ගැන කතා කළේ ය. අමරතුංග මහතා තමන් නො දන්නා දෙයක්‌ ගැන කතා කරමින් ක්‌වොන්ටම් භෞතිකයෙහි ලෝකය ද්‍රව්‍යය හා ශක්‌තිය යන ද්වෛධය (මෙය කුමක්‌ දැයි අද වන තුරු අමරතුංග මහතා කියා නැත) ඇසුරෙන් විස්‌තර කරන බවක්‌ කීවේ ය. එය මුළුමනින් ම වැරැදි ය. බෝධි ධනපාල කුමක්‌ කීවත් ක්‌වොන්ටම් භෞතිකයෙහි ද්‍රව්‍යය (matter) හා ශක්‌තිය (energy) ද්වෛධයක්‌ ඇසුරෙන් ලෝකය විස්‌තර නො කෙරෙයි.

අපි ෆොaටොන පැත්තකට මමු. අනෙක්‌ සාමාන්‍ය අංශු සම්බන්ධයෙන් ද්‍රව්‍යය හා ශක්‌තිය ද්වෛධයක්‌ ඇසුරෙන් ලෝකය විස්‌තර කිරීමක්‌ වේ ද? අමරතුංග මහතා ගේ පටලැවිල්ල ධනපාල මහතාට ලිහීමට නොහැකි ය. බටහිර භෞතික විද්‍යාඥයන් ස්‌කන්ධය ගැන මුලින් ම සිතුවේ වස්‌තුවක ද්‍රව්‍ය ප්‍රමාණය ලෙස ය. එය ඔවුන් ගේ මනස්‌වලින් තවමත් තුරන් වී නැත. ඔවුන් තම කතාන්දර ගොතන්නේ ඒ අදහස්‌ සිතෙහි කොනක රඳවා ගනිමිනි.
ෆොaටෝනවල අල්ලාගත හැකි ද්‍රව්‍යයක්‌ නැත. ස්‌කන්ධය යනු ද්‍රව්‍ය ප්‍රමාණය යෑයි කියෑවෙයි. ද්‍රව්‍ය නො වන ෆොaටෝනවල ස්‌කන්ධය පිළිබඳ ප්‍රශ්නයේ මුල එතැන ය. හිග්ස්‌ බෝසෝනය ආදිය පසුව නිර්මාණය කරගත් කතාන්දර ය. විකිරණවලට ශක්‌තියක්‌ ඇත. ප්‍රශ්නය මේ ශක්‌තියට ස්‌කන්ධයක්‌ තිබේ ද යන්න ය. අනෙක්‌ සාමාන්‍ය අංශු සම්බන්ධයෙන් ශක්‌තිය හා ස්‌කන්ධය අතර

E=mc2=m0c2/(1-v2/c2)1/2 සම්බන්ධයක්‌ වෙයි. මෙහි E, m, m0 යනු යම් අවස්‌ථිති රාමුවක පිළිවෙළින් මැනෙන ශක්‌තිය සාපේක්‌ෂතාවාදී ස්‌කන්ධය හා නිශ්චලතා ස්‌කන්ධය වෙයි. ඩ යනු අවස්‌ථිති රාමුවෙහි අංශුවෙහි ප්‍රවේගය වෙයි. මෙය හුදෙක්‌ ග්‍රෑම් රාත්තල් බවට හරවන සම්බන්ධයක්‌ නො වේ. යම් අවස්‌ථිති රාමුවක මැනෙන අංශුවක ශක්‌තියෙහි අවිචලක හෙවත් නිශ්චලතා ස්‌කන්ධය මෙන්ම චාලක ශක්‌තිය ද අඩංගු වෙයි. මේ පිළිබඳව ලබන සතියේ තවදුරටත් සාකච්ඡා කරමු.

නලින් ද සිල්වා