logo3.gif (702 bytes)

HOME


විද්‍යාවේ දාර්ශනික පදනම -18

අප සාකච්ජා කරමින් සිටින්නේ ජීවිතයේ අරුත කුමක්‌ විය හැකි දැයි යන්න පිළිබඳ ව ය. එම ප්‍රශ්නය විද්‍යාවේ දාර්ශනික පදනම මත විශාල බලපෑමක්‌ කරන බවට සැකයක්‌ නැත. විද්‍යාව සත්‍ය ගවේෂණය වන්නේ නම් ජීවිතයේ අරුත සෙවීම එහි මූලික අරමුණ විය යුතු ය. අප ගේ ජීවිතයේ අරුත අපට වටිනා ම දෙයකි. එය අරමුණ නො කරගන්නා සත්‍ය ගවේෂණයකින් ඇති එලය කිම? ජීවිතයේ ආරම්භය, විශ්වයේ ආරම්භය, ජීවිතයේ ස්‌වභාවය, විශ්වයේ ස්‌වභාවය මේ ප්‍රශ්නවලට අදාළ හෙයින් ඒවා ගැන පෙර ලිපිවල සාකච්ජා කළෙමු. අප පවසා සිටියේ විශ්වයේ ආරම්භය ලෙස ඉදිරිපත් වී ඇති මහා පිපිරුම (Big Bang Theory) නමැති මතවාදය විසින් එම ක්‍රියාදාමයන් රේය යෑයි තහවුරු නො කෙරෙන බව ය. එම මතවාදය විසින් ම මහා පිපිරීමට පෙර පැවැති තත්ත්වය සඳහන් කෙරෙන බැවින් මහා පිපිරීම විශ්වයේ ආරම්භය ලෙස සැලකිය නොහැකි ය. මෙතැන දී මා විශ්වයේ ආරම්භය ලෙස හඳුන්වන්නේ තාරකා, ග්‍රහලෝක, ගැලැක්‌සි වැනි දේවල ආරම්භය නො ව ඊටත් පෙර පැවැති තත්ත්වයේ ආරම්භය ය. කරුණු මෙසේ හෙයින් මහා පිපිරුම විසින් විශ්වයේ ක්‍රියාදාමය රේය බව තහවුරු නො කරයි. එය රේය ද නැති නම් චක්‍රීය දැයි නිගමනය කිරීමට අවශ්‍ය සාධක තවමත් අප සතු නැත. මේ ගැන බුදුරදුන් දේශනා කර ඇති කරුණු ද මම මීට පෙර ලිපියකින් ඉදිරිපත් කළෙමි (විදුසර - 08.04.2012).

මහා පිපිරුම පිළිබඳව සැකෙවින් මීට පෙර ලිපියක සාකච්ඡා කළෙමි. එය පිළිබඳව ඉදිරිපත් වී ඇති සාක්‌ෂි සහ අප ගේ මූලික ප්‍රශ්නයට ඒවායේ ඇති බලපෑම ද සාකච්ඡා කළ යුතු ව ඇත. එහෙත් ඊට පෙර විශ්වයේ ක්‍රියාදාමයන් රේය නො ව චක්‍රීය වන්නේ ද්‍රව්‍ය (matter) සෑදී ඇති අංශු සහ ශක්‌තිය අලුතින් නිෂ්පාදනය කරන්නට හෝ විනාශ කරන්නට හෝ නොහැකි බැවින් ය යන මතය ගැන සලකා බැලිය යුතු ය. ද්‍රව්‍ය ස්‌කන්ධය සහ ශක්‌තිය පිළිබඳව පසුගිය ලිපියේ සාකච්ඡා කළෙමු. ද්‍රව්‍ය සෑදී ඇති දේවල් අලුතින් නිෂ්පාදනය කරන්නට නොහැකි නම් දෙවි කෙනකු ගේ හෝ ඒ දේවල් මැවිය හැකි කෙනකු ගේ හෝ මැදිහත් වීමක්‌ නොමැති ව රේය ක්‍රියාදාමයක්‌ ඇති විය නොහැකි ය. රේය ක්‍රියාදාමයක ආරම්භයක්‌ තිබිය යුතු ය. එසේ ම අවසානයක්‌ තිබිය යුතු ය. චක්‍රීය ක්‍රියාදාමයක ආරම්භයක්‌ හෝ අවසානයක්‌ හෝ තිබෙන්නට අවශ්‍යතාවක්‌ නොමැත. ද්‍රව්‍ය (matter) සෑදී ඇති දේවල් ඇති කරන්නට වත් නැති කරන්නට වත් නොහැකි නිසා සහ එසේ කිරීමට හැකි දෙවි කෙනකු පිළිබඳ සාධක නැති නිසා චක්‍රීය ක්‍රියාදාමයක්‌ ගැන වැඩි විශ්වාසයක්‌ තබා ගැනීම නුවණට හුරු ය. එහෙත් එය මතවාදයක්‌ පමණක්‌ බව මතක තබාගත යුතු ය.
ෆොaටෝනවලට ස්‌කන්ධයක්‌ නැතැයි විශ්වාස කෙරේ. එහෙත් ඊට සංවෘත පද්ධතියක ස්‌කන්ධය වැඩි කිරීමේ හැකියාව ඇත. එසේ ම ෆොaටෝන ද්‍රව්‍ය ලෙස ගණන් නො ගැනේ. ෆොaටෝන ඉලෙක්‌ට්‍රොaන සහ ප්‍රොaටෝනවලට හැරවීමට ද එම ක්‍රියාව ආපස්‌සට පෙරළීමට ද පුළුවන් බව පැවසේ. ස්‌කන්ධයක්‌ ඇත්තේ ද්‍රව්‍යවල පමණක්‌ ද? බොසොන් (boson) නමින් හැඳින්වෙන බලය ගෙන යන වාහකයට ද (force carriers) ස්‌කන්ධයක්‌ ඇත. ඒවා සෑදී ඇත්තේ ද්‍රව්‍ය සෑදී ඇති ක්‌වෝක්‌ සහ ලෙප්ටෝනවලින් නො වේ. අංශු සම්බන්ධ කර බැද තබාගැනීම සිදු කරන අන්තර්ක්‍රියා ශක්‌තිය ද (interaction energy) පරමාණුවක ස්‌කන්ධය ගොඩනැඟීමට දායක වේ. ඇත්තෙන් ම ද්‍රව්‍යවල ස්‌කන්ධයෙන් වැඩි පංගුවක්‌ සෑදී ඇත්තේ මේ ශක්‌තිය මගිනි.

ඉහත සඳහන් අංශුවලටත් වඩා කුඩා වූ අංශු ඇති බව ද පැවසේ. සම්මත ආකෘතියට (The Standard Model) අනුව මේ අංශු පරම්පරා (generations) තුනකට බෙදේ. ගැඹුරට අධ්‍යයනය කරන විට පෙනී යන්නේ ක්‌වෝක්‌ස්‌ සහ ලෙප්ටෝන මූල අංශු (elementary particle) නො ව සංයුක්‌ත අංශු (composite particle) බව ය. මේ කරුණුවලින් පෙනී යන්නේ ද්‍රව්‍ය යන්න නිර්වචනය කිරීම එතරම් සරල කාරණයක්‌ නො වන බව ය. ද්‍රව්‍ය නො වන නමුත් ස්‌කන්ධයක්‌ ඇති දේවල් ඇත. එසේ ම ද්‍රව්‍යවල ස්‌කන්ධය සෑදී ඇත්තේ අංශුවලින් පමණක්‌ නො වේ. ශක්‌තිය ද විශාල ලෙස වැඩි පංගුවක්‌ ලෙසින් දායක වේ. මෙලෙස සොයා බලන විට පෙනී යන්නේ අප එදිනෙදා භාවිත කරන දේ බඩු භාණ්‌ඩ, ගෙවල් දොරවල්, පවුල් පන්සල්, සතා සිව්පාවා, ඉර හඳ සෑදී ඇත්තේ විශාල වශයෙන් ශක්‌තිය මගින් බව ය. මේ ශක්‌තිය දෙවියන්ට සම කිරීමට තැත් කරන දේව ධර්මධරයන් සිටින බව පෙනේ. මැවුම්කාර දෙවියකු තුළ මේ ඉමහත් වූ ශක්‌තිය තිබුණු බව ඔවුහු පවසති. ඔවුනට අනුව විශ්වයේ සැම තැන ම ව්‍යාප්ත වී ඇත්තේ දෙවියන් ගේ ශක්‌තිය වන්නේ ය. මේ ශක්‌තිය ද්‍රව්‍ය බවට හැරෙන්නට පුළුවන් බවට සාක්‌ෂි ඇත. එහෙත් එම ශක්‌තිය දෙවි කෙනකු හෝ උන්වහන්සේ මවා ඇති දෙයක්‌ හෝ බවට සාක්‌ෂි නැත. මේ ශක්‌තිය ඇති වුණේ කෙසේ ද යන්න හරි හැටි නො දැනීම එය දෙවියන්ගේ ක්‍රියාවක්‌ ලෙස පිළිගැනීම සඳහා සාක්‌ෂි නො වේ.

බුදුදහමේ පවසන්නේ ද්‍රව්‍ය (රූප) මනසේ ක්‍රියාදාමයක්‌ නො වන බව (අචෛතසික) සහ එය සිතිවිලිවලින් නිදහස්‌ බව ය. (චිත්තවිප්පයුත්ත). මෙලෙසින් බුදු දහම ද්‍රව්‍යවල වාස්‌තවිකභාවය තහවුරු කරයි. මීට විරුද්ධ වන්නේ අන්තවාදී වූ විඥානවාදීන් ය. ඔවුන් පවසන්නේ ලෝකය සහ එහි තුළ ඇති සියල්ල මනස විසින් මැවුණු මායාවක්‌ බවයි. හඳට යැම ද ඔවුනට මායාවකි. බුදුදහම, ද්‍රව්‍ය වර්ග තුනකට බෙදා හඳුනාගනියි. පළමුවෙන් ද්‍රව්‍ය හෝ ද්‍රව්‍ය ගුණාංග ඇති ඇසට පෙනෙන දේවල් ය (සනිදස්‌ස). මේවා අප ගේ ඉන්ද්‍රිය පද්ධතිය විසින් ග්‍රහණය කරගැනෙයි. පාට සහ හැඩ උදාහරණ ලෙස දැක්‌විය හැකි ය. දෙවනුව ඇසට නො පෙනෙන නමුත් සෙසු ඉන්ද්‍රිය පද්ධතියට දැනගත හැකි දේවල් ය. තෙවනුව ඇසට නො පෙනෙන සෙසු ඉන්ද්‍රිය පද්ධතියට ද නො දැනෙන දේවල් ය. මීට අමතරව පරමාණු ගැන ද බුදු දහම සඳහන් කොට ඇත. සමකාලීන චින්තකයන් ගේ අදහස්‌වලට වෙනස්‌ වූ බුදු දහමේ පරමාණු වාදය පැවසුවේ පරමාණුවක්‌ ස්‌ථිර ලෙස පවතින්නේ නැති බවත් වෙනස්‌ වනසුලු බවත් ය. මෙය විද්‍යානුකූලව ද ඔප්පු කළ හැකි ය. මින් පෙනී යන්නේ අප ගේ ඉන්ද්‍රිය පද්ධතිය විසින් ග්‍ර්‍රහණය කර ගැනෙන්නේ සත්‍ය වූ විශ්වය නො වන්නට පුළුවන් බව ය. අප ගේ ඉන්ද්‍රිය පද්ධතියට නො දැනෙන දෙයක්‌ විශ්වයේ ඇති බව බුදු දහමේ සඳහන් වී ඇත. එහෙත් අපි වාස්‌තවික වූ විශ්වයේ සත්‍යය සොයා යන්නෙමු. විද්‍යාව කරන්නේ එය ය. බුදුදහමේ එන අප ගේ ඉන්ද්‍රිය පද්ධතියට නො දැනෙන දෙය ව්‍යාප්ත වී ඇති ශක්‌ති විශේෂයක්‌ ද?

උප පරමාණුක අංශු (sub atomic particles) පිළිබඳව වැඩි විස්‌තර ලියන්නට අවශ්‍ය නො වන්නේ අප ගේ සාකච්ඡාවට එය දැනට අදාළ නැති නිසා ය. පසුව එය අදාළ වුව හොත් ඒ ගැන සාකච්ඡා කළ හැකි ය. දැනට පැවසිය යුතු වන්නේ සම්මත ආකෘතියට (Standard Model) අනුව හිග්ස්‌ බොසොන් (Higg's Boson) ඇතුළුව උපපරමාණුක අංශු 25ක්‌ සොයාගෙන ඇති බව ය. තවත් තිබෙන බවට අනාවැකි පළ වී ඇත. මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යැමට දැනට අවශ්‍ය වන්නේ (සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිත වන) ද්‍රව්‍ය ශක්‌තිය බවට ද ශක්‌තිය ද්‍රව්‍ය බවට ද පත් විය හැකි ක්‍රියාදාමයක්‌ තුළ අප ජීවත් වන බව පැවසීම ය. (සමහර අංශු ශක්‌තිය බවට ද ශක්‌තිය අංශු බවට ද වෙනස්‌ විය හැකි ය). දැනට මේ ක්‍රියාදාමය තුළ අප ගේ ජීවිතයේ අරුත ඇති දැයි සොයා බැලිය හැකි ය.

අංශුවක අන්තර්ගත අචංචල ශක්‌තිය (rest energy) වෙනත් ශක්‌ති ප්‍රභේදවලට හැරවීම සිදු කළ හැකි ය. ඒ ශක්‌ති ප්‍රභේදවල චලනය ගැබ් ව ඇත්තේ ය. උදා( චාලක ශක්‌තිය, තාප ශක්‌තිය, විකිරණ ශක්‌තිය. එසේ ම චාලක හෝ විකිරණ ශක්‌තිය වෙනත් අංශුවලට හැරවීමට ද පුළුවන. මෙසේ පරිවර්තනය සිදු වන විට මුළු ස්‌කන්ධ ප්‍රමාණයේ හෝ ශක්‌ති ප්‍රමාණයේ වෙනසක්‌ සිදු නො වේ. මින් අදහස්‌ වන්නේ යම් පද්ධතියකින් ශක්‌තිය හෝ ස්‌කන්ධය හෝ අන්තර්ධාන වුව හොත් ඒවා වෙනත් ස්‌ථානයකට මාරු වී ඇති බවත් ඒවායේ වැඩි වීමක්‌ ලෙස අලුත් ස්‌ථානයේ මිනිය හැකි බවත් ය. ස්‌කන්ධයක්‌ නැති අංශු සංවෘත පද්ධතියකට එකතු වීමේ දී එම පද්ධතියේ ස්‌කන්ධය වැඩි වන බව මීට ඉහත දී පෙන්වා දී ඇත. මෙය මෙසේ සිදු වන බවට පැවසිය හැක්‌කේ සාපේක්‌ෂතාවාදය ඉවහල් කරගනිමිනි. නිව්ටෝනියානු භෞතිකය මාර්ගයෙන් එය කළ නොහැකි ය. මේ නයින් බලන කල පෙනී යන්නේ නොයෙක්‌ ප්‍රතික්‍රියාවල දී ද්‍රව්‍ය ඇති වන්නට ද නැති වන්නට ද පුළුවන් වුව ද ස්‌කන්ධය සහ ශක්‌තිය ඒ අවස්‌ථාවල දී නො වෙනස්‌ ව පවතින බව ය. එසේ ම ශක්‌තිය අංශුවලට හැරවීමටද අංශු ශක්‌තියට හැරවීමට ද පුළුවන් බව පෙන්වා දී ඇත.

අප ද්‍රව්‍ය බැවින් එය ශක්‌තිය බවට පත් විය හැකි වය. අපට ජීවත් වීමට ශක්‌තිය අවශ්‍ය බව අපි දනිමු. එම ශක්‌තිය අප ශරීරයේ ද්‍රව්‍ය බවට පත් වන බව පෙන්වා දිය හැකි ය. ද්‍රව්‍ය ශක්‌තිය බවට ද ශක්‌තිය ද්‍රව්‍ය බවට ද පත් වීම බුදුදහමේ එන චක්‍රීය ක්‍රියාදාමය සමඟ පටහැනි නො වන බව පැවසිය හැකි ය.

අප පවසා ඇත්තේ ද්‍රව්‍යවලින් විශාල කොටසක්‌ පවතින්නේ ශක්‌තිය ලෙස බව ය. ප්‍රොaටීන් සම්මිඤ්ජනය වන අවස්‌ථාවේ දී ශක්‌තිය විශාල වශයෙන් ක්‍රියාකාරි වන්නේ ය. මෙය සිදු වන ශක්‌ති පරිදර්ශය (energy landscape) තුළ ශක්‌තිය වැඩි සහ අඩු ස්‌ථාන භාවිතයෙන් සම්මිඤ්ජන පුනීලයක්‌ (folding tunnel) සෑදෙන බව පෙර ලිපිවල සඳහන් වී ඇත. ප්‍රොaටීන් සම්ම්ඤ්ජනය ජීවීන්ට කෙතරම් වැදගත් වන්නේ දැයි පෙන්නුම් කර ඇත. සම්මිඤ්ජනය මගින් ඉතා ම ශක්‌ති සංස්‌ථිතික (most energy conservative) ව්‍යqහය දක්‌වා ප්‍රොaටීන් නැමී ත්‍රිමාන ස්‌වරූපය ලබාගනී. මේ අවස්‌ථාවට පත් වීමෙන් එය ශක්‌තිය අඩු ම ලෙසින් වැය වන ව්‍යqහය ලබා ගන්නේ ය.

ස්‌වාභාවික වරණයේ දී ද සිදු වන්නේ ශක්‌තිය වැඩියෙන් වැය වන අවස්‌ථාවල පවතින නැත හොත් අවම ශක්‌ති සංස්‌ථිතික අවස්‌ථාවේ නො පවතින ජීවීන් නැති වී යැම ය. ජීවින් ගේ මුල් පටන් ගැන්ම එනම් පොලිපෙප්ටයිඩ් ආද්‍ය සූපයේ සෑදෙන ප්‍රාග් ජෛවී අවස්‌ථාවේ දී ද මේ ක්‍රියාදාමය තිබෙන්නට ඇත. මේ ගැන පෙර ලිපිවල සඳහන් වී ඇත. පරමාණුක අංශු ගැන මේ ලිපියේ සාකච්ඡා කිරීමෙන් අප දැනගත්තේ ශක්‌තිය කොපමණ වැදගත් ද එය කෙතරම් ව්‍යාප්ත වී ඇත් ද යන්න ය. එය ස්‌වාභාවික වරණය යන ක්‍රියාදාමයේ ද වැදගත් කාර්යභාරයක්‌ ඉටු කරන බව ඉහත සඳහන් වේ. ශක්‌තිය මෙතරම් වැදගත් හෙයින් මේ ගැන ඉදිරි ලිපිවල තවත් සාකච්ජා කරමු.

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග DSc