logo3.gif (702 bytes)

HOME


විද්‍යාවේ දාර්ශනික පදනම - 17

අප සාකච්ඡා කරමින් සිටින්නේ විද්‍යාවේ දාර්ශනිsක පදනම පිළිබඳව ය. ඊට පෙර යමක්‌ කිව යුතු ය. ආචාර්ය නලින් ද සිල්වා මහතා මට අපහාස කිරිම පිණිස විදුසර සඟරාවේ එක්‌ කොටසක්‌ වෙන් කොටගෙන ඇත. මා ලියන දේ ඔහුට අවශ්‍ය පරිදි වෙනස්‌ කොටගෙන එය වැරැදි බව පවසා මා කිසිවක්‌ නො දන්නකු බව ඔප්පු කිරීමට තම කාලය ශක්‌තිය සහ අවකාශය වැය කරමින්, පරිභව කිරීමට ඔහු තුළ ඇති සහජ හැකියාව විදහාපායි. ඔහු මෙසේ කරන බව මා පමණක්‌ නො ව ඒ ගැන විදුසර සඟරාවේ පළ වූ ලිපි මගින් බෝධි ධනපාල මහතා ද පෙන්වා දී ඇත. (විදුසර 04.03.2015 01.04.2015). නලින් මහතා
E=mc2 යන ප්‍රසිද්ධ සමීකරණය වත් හරියට වටහා නො ගෙන ඇති බව ද ඒ ලිපිවලින් පෙන්වා දෙයි. තව ද මහාචාර්ය චන්ද්‍රd ධර්මවර්ධන මහතා ද විදුසරට ලිපියක්‌ ලියමින් මේ බව පෙන්වා දී ඇත. (11.3.2015). මහාචාර්ය ධර්මවර්ධන මහතා කැනඩාවේ ජාතික පර්යේෂණ පරිසාදයේ ක්‌වොන්ටම්වාදය පිළිබඳ අංශයේ ද, මොන්ටි්‍රයෙල් විශ්වවිද්‍යාලයයේ සෛද්ධාන්තික භෞතික විද්‍යා අංශයේ ද සේවය කරයි. මේ විද්වත් මහතුන් ලිපි ලියන්නේ මා ගේ සහායට බව නලින් මහතා පවසයි. නැත. ඔවුන් ලිපි ලියන්නේ විද්‍යාව නලින් මහතා ගෙන් බේරාගැනීමට ය.

ඔහු ගේ ම කේෂත්‍රයේ එන සාපේක්‌ෂතාවාදය පිළිබඳව වූ නලින් ද සිල්වා මහතා ගේ මූලික දැනුමෙහි ගැටලු ඇති බව මා දීර්ඝ වශයෙන් විදුසර සඟරාවේ පළ වූ ලිපිවලින් පෙන්වා දී ඇත. ඔහු ගේ ම කේෂත්‍රයේ
E=mc2 ගැන වත් ඔහු වටහාගෙන නැති බව විද්වතුන් දෙදෙනකු දැන් පෙන්වා දී ඇත. ද්‍රව්‍ය, ස්‌කන්ධය, ශක්‌තිය, ක්‌වොන්ටම්වාදය, පරමාණුක අංශු පිළිබඳව මා කෙටියෙන් ලියන්නේ ඒවායේ මතවාද තුළින් විශ්වයේ ආරම්භය සහ ඒ මගින් ජීවිතයේ අරුත පිළිබඳව මතයක්‌ ඇත් දැයි සොයා බැලීමට මිස ඒවා ගැන උසස්‌ පෙළ ශිෂ්‍යයන්ට පාඩම් සැපයීමට නො වේ. නලින් මහතා මෙය වටහා නො ගෙන ඒවායේ නැති වැරැදි මවාගෙන පරිභව කරයි. ඔහුට අලුතින් කියන්නට දෙයක්‌ නැති නිසා අප කියූ දේ නැවත නැවත කියමින් විදුසර පිටු පුරවයි. ඔහුට හොඳින් කරන්නට පුළුවන් දේ කරන්නට ඉඩ දී අප ගේ සාකච්ඡාව ඉදිරියට ගෙන යමු.

අප පසුගිය ලිපියේ අවසානයේ පැවසුවේ විශ්වයේ ක්‍රියාදාම චක්‍රීය විය යුතු බව ය. එසේ වන්නේa ඒවා රේය නම් ද්‍රව්‍ය සෑදී ඇති අංශු සහ ශක්‌තිය මුල් වරට නිර්මාණය කළ නැතිනම් මැවූ කාරකයක්‌ සඳහා සාක්‌ෂි අවශ්‍ය වන්නේ ය. එවැනි සාක්‌ෂි නොමැති බැවින් එම ක්‍රියාදාම චක්‍රීය යෑයි සිතුවාට වරදක්‌ නැත. කරුණු මෙසේ හෙයින් ද්‍රව්‍ය සහ ඊට සමීප ස්‌කන්ධය ද ශක්‌තිය ද පිළිබඳව කෙටි සඳහනක්‌ කළ යුතු ය.

20 වැනි ශත වර්ෂයට පෙර ද්‍රව්‍ය යනුවෙන් අදහස්‌ කළේ අණුවලින් සැදුණු දේවල් විය. එම සංකල්පය තුළ ආලෝක වැනි ශක්‌ති ප්‍රභේද මඟින් සිදු කළ හැකි බලපෑම සලකා බලා තිබුණේ නැත. එලෙස ද්‍රව්‍ය යන්න නිර්වචනය කරන විට නිශ්චල (අචංචල) අවස්‌ථාවේ ස්‌කන්ධයක්‌ (rest mass) ඇති වස්‌තු ඊට ඇතුළත් විය යුතු ය. එහෙත් ස්‌කන්ධය සෑදෙන්නේ එහි අඩංගු අංශු (particles)වලින් පමණක්‌ නො වේ. ඒවායේ චලනය (motion) මගින් ද එමෙන් ම ඒවායේ අන්තර්ක්‍රියා ශක්‌තිය (interaction energy) මගින් ද ස්‌කන්ධය එකතු වන්නේ ය. සැම වස්‌තුවක්‌ ම සෑදී ඇත්තේ පරමාණු (atom)වලිනි. මේ පරමාණු සෑදී ඇත්තේ අන්තර්ක්‍රියාවන් මගින් එකතු වන අනුපරමාණුක අංශුවලිනි (sub atomic particles). පරමාණුවක්‌ සෑදී ඇත්තේ ප්‍රොaටෝන සහ න්‍යqට්‍රොaනවලින් සෑදුණු න්‍යෂ්ටියක්‌ සහ ඒ වටා ඇති ඉලෙක්‌ට්‍රොaන වලාකුළකින් ය. මේ අංශුවලට නිශ්චල (අචංචල) අවස්‌ථාවේ ස්‌කන්ධයක්‌ ද පරිමාව ද ඇත. ස්‌කන්ධයක්‌ නැති අංශු ද ඇත. ෆොaටෝන (photon) එවැනි අංශුවකි. ඒවා ද්‍රව්‍ය ලෙස නො සැලකේ. තව ද ස්‌කන්ධයක්‌ ඇති සමහර අංශුවලට මැනිය හැකි පරිමාවක්‌ හෝ ප්‍රමාණයක්‌ නැත. උදාහරණ ලෙස ක්‌වෝක්‌ (quarks) සහ ලෙප්ටෝන් (lepton) දැක්‌විය හැකි ය. එහෙත් ක්‌වෝක්‌ සහ ලෙප්ටෝන අන්තර්ක්‍රියාවේ යෙදී පරිමාව තිබෙන ද්‍රව්‍ය සෑදේ.

ස්‌කන්ධය සංවෘත පද්ධතියක්‌ තුළ කාලය සමගින් වෙනස්‌ නො වී පවතින්නේ ය. මෙය Conservation of Mass Theory යනුවෙන් හැඳින්වෙන මතවාදයකි. ද්‍රව්‍ය මීට වෙනස්‌ ය. විශේෂ සාපේක්‌ෂතාවාදය පෙන්වා දෙන්නේ සංවෘත පද්ධතියක්‌ තුළ ද්‍රව්‍ය ශක්‌තිය බවට හැරවිය හැකි බව ද ශක්‌තිය නැවත ද්‍රව්‍ය බවට හැරවිය හැකි බව ද යන්න ය. තව ද ශක්‌තිය සංවෘත පද්ධතියක ස්‌කන්ධය වැඩි කිරීමට සමත් වේ. විද්යුත් චුම්බක කිරණ මෙලෙස හැසිරෙන බව පෙනේ. පෙටිටියක්‌ තුළ ආලෝකය හිර කොට තැබීමෙන් පෙට්‌ටියේ ස්‌කන්ධය වැඩි වන බව පැවසේ. ෆොaටෝනවලට ස්‌කන්ධයක්‌ නැතැයි විශ්වාස කෙරේ. එහෙත් ඊට සංවෘත පද්ධතියක ස්‌කන්ධය වැඩි කිරීමේ හැකියාව ඇත. එසේ ම ෆොaටෝන ද්‍රව්‍ය ලෙස ගණන් නො ගැනේ. එහෙත් ෆොaටෝන ඉලෙක්‌ට්‍රොaන සහ ප්‍රොaටෝනවලට හැරවීමට ද එම ක්‍රියාව ආපස්‌සට පෙරළීමට ද පුළුවන් බව පැවසේ.

DNA සෑදී ඇත්තේ පරමාණුවලින් නිසා එය ද්‍රව්‍ය ලෙස ගත හැකි ය. ආරෝපිත පරමාණු (charged atoms) ද්‍රව්‍ය ලෙස ගණන් ගැනේ. උදා - ප්ලාස්‌මා (plasma gases of ions) සහ ඉලෙක්‌ට්‍රොලයිට්‌ (electrolyte ionic solutions). ද්‍රව්‍ය තවත් අන්දමකට නිර්වචනය කළ හැක්‌කේ ද්‍රව්‍ය සෑදී ඇත්තේ පරමාණු සෑදී ඇති අංශුවලින් ලෙස ය. මේ අංශු ප්‍රොaටෝන න්‍යqට්‍රොaන සහ ඉලෙක්‌ට්‍රොaන වන්නේ ය. තව ද ප්‍රොaටෝන සහ න්‍යqට්‍රොaන සෑදී ඇත්තේ ක්‌වෝක්‌ස්‌ සහ ඒවා සම්බන්ධ කරන ග්ලුඔන් (gluons) නමැති බලක්‌ෂේත්‍ර (force fields)වලිනි. තවත් ගැඹුරට ගොස්‌ පැවසිය හැක්‌කේ ද්‍රව්‍ය සෑදී ඇත්තේ ක්‌වෝක්‌ස්‌ සහ ලෙප්ටෝනවලින් බව ය. ලෙප්ටෝනයක උදාහරණය ඉලෙක්‌ට්‍රොaනය වන්නේ ය. ප්‍රොaටෝන සහ නිHqට්‍රොaන සෑදී ඇත්තේ ක්‌වෝක්‌ස්‌වලින් බව ඉහත සඳහන් ය. අණුවක න්‍යෂ්ටිය සෑදී ඇත්තේ ප්‍රොaට්‍රොaන සහ නිHqට්‍රොaනවලිනි. ඒ වටා ඉලෙක්‌ට්‍රොaන වලාකුළක්‌ සේ පවතී. මින් පෙනී යන්නේ පරමාණුවක්‌ සෑදී ඇත්තේ ක්‌වෝක්‌ස්‌ සහ ලෙප්ටෝනවලින් බව ය. ද්‍රව්‍ය සෑදී ඇත්තේ පරමාණුවක්‌ සෑදී ඇති ක්‌වෝක්‌ස්‌ සහ ලෙප්ටෝනවලිනි. ද්‍රව්‍ය යන්නේ නිර්වචනය මෙය විය හැකි ය. ඉහත සඳහන් වන්නේ අප ගේ මූලික ප්‍රශ්නය සාකච්ඡා කරන විට ඊට අදාළ වන ද්‍රව්‍ය යන්න සලකා බැලීම පිණිස කෙටි විස්‌තරයකි. ද්‍රව්‍ය සහ ශක්‌තිය දෙකක්‌ නො ව එකක්‌ ලෙස සැලකීම පසුව සාකච්ඡා කරමු. දැනට අප ගේ සාකච්ඡාව ඉදිරියට ගෙන යැම සඳහා ඉහත සඳහන් කළ දේ ප්‍රමාණවත් ය.

ස්‌කන්ධය සහ ශක්‌තිය පිළිබඳව ද නිරවුල් අදහසක්‌ ලබාගත යුතු ය. ප්‍රථමයෙන් ස්‌කන්ධය ගැන සොයා බලමු. වස්‌තුවක්‌ ත්වරණයට ලක්‌ කිරීමට යොදන බලයට විරුද්ධ ව එය විසින් ඇති කෙරෙන ප්‍රතිරෝධය එහි ස්‌කන්ධය ලෙස සැලකේ. තව ද වස්‌තුවක්‌ විසින් ඇති කෙරෙන ගුරුත්වාකර්ෂණ බලය එහි ස්‌කන්ධය ලෙස සැලකිය හැකි ය. එසේ ම ගුරුත්වාකර්ෂණ ක්‌ෂේත්‍රයක තිබෙන වස්‌තුවක්‌ අත්විඳින ගුරුත්වාකර්ෂණ බලය එහි ස්‌කන්ධය ලෙස සැලකිය හැකි ය. එම නිසා අවස්‌ථිති ස්‌කන්ධය, සක්‍රීය ගුරුත්වාකර්ෂණ ස්‌කන්ධය, සහ අක්‍රීය ගුරුත්වාකර්ෂණ ස්‌කන්ධය වශයෙන් ස්‌කන්ධය හැඳිනගෙන මැනගත හැකි ක්‍රම කිහිපයකි. තව ද
E=mc2 යන සමීකරණයට අනුව ද ස්‌කන්ධය නිර්වචනය කිරීම හෝ මැනගැනීම හෝ කළ හැකි ය. මේ කුමන ක්‍රමයක්‌ යොදා මැනගත්තත් ලැබෙන්නේ සමාන උත්තරයකි.

ස්‌කන්ධය සහ ශක්‌තිය යන්න ද්වෛතය (duality) ලෙස ගැනෙන්නේ ඒ දෙක අතර ඇති තුල්‍යතාව (equivalence) හේතු කොටගෙන ය. යම්කිසි වස්‌තුවක හෝ පද්ධතියක ස්‌කන්ධය එහි ඇති ශක්‌ති ප්‍රමාණයේ මිනුමක්‌ වන්නේ ය. (mass of an object or system is a measure of its energy content)ග කිලෝවොට්‌ පැය 25ක්‌ වැනි ශක්‌ති ප්‍රමාණයක්‌ යම් වස්‌තුවකට එකතු කළ හොත් එහි ස්‌කන්ධය මයික්‍රොග්‍රෑම් එකකින් වැඩි වන බව පෙන්වා දිය හැකි ය. එම වස්‌තුවට ද්‍රව්‍ය එකතු කොට නැත. වස්‌තුවේ ශක්‌ති ප්‍රමාණය වැඩි වීමෙන් එහි ස්‌කන්ධය වැඩි වී ඇත. ශක්‌තිය ද ස්‌කන්ධය මෙන් ත්වරණය කිරීමට යෙදෙන බලයකට ප්‍රතිරෝධය දක්‌වයි. එසේ ම ශක්‌තියට ද ගුරුත්වාකර්ෂණයක්‌ ඇත. ශක්‌තිය එක්‌ ප්‍රභේදයකින් තවත් එකකට වෙනස්‌ කළ හැකි ය. එහෙත් ශක්‌තිය විනාශ කරන්නට හෝ අලුතින් නිපදවන්නට හෝ නොහැකි ය. සාමාන්‍යයෙන් වස්‌තූවක කාර්යයක්‌ කිරීමට ඇති හැකියාව ශක්‌තිය ලෙස සැලකේ. ස්‌කන්ධය මනින්නේ කිලෝග්‍රෑම්වලිනි. ශක්‌තිය මනින්නේ කිලෝ වොට්‌ පැයවලිනි.

සැම භෞතික පද්ධතියක ස්‌කන්ධය සහ ශක්‌තිය ඇත. සැම විට ඒවායේ ප්‍රමාණය එකිනෙකට සමානුපාතික (constant proportion) ලෙස පවතී. මේ සමානුපාතික අගය ආලෝකයේ වේගය හා බැඳේ. විද්වත් ඇල්බට්‌ අයින්ස්‌ටයින් ගේ
E=mc2 යන ප්‍රසිද්ධ සමීකරණයෙන් මේ බව පෙන්නුම් කරයි. යම් වස්‌තුවක්‌ අචංචල ශක්‌තිය (rest energy) සහ අචංචල ස්‌කන්ධය (rest mass) යනුවෙන් හැඳින්වන්නේ නිශ්චල ව තිබෙන වස්‌තුවක ශක්‌තිය සහ ස්‌කන්ධය හඳුනාගැනීමට ය. මේ අවස්‌ථාවේ දී ශක්‌තිය සහ ස්‌කන්ධය සමානුපාතික වේ. වස්‌තුවක්‌ චලනය වන විට එහි අඩංගු ශක්‌ති ප්‍රමාණය වැඩි වන්නේ ය. එහෙත් ස්‌කන්ධය වෙනස්‌ නො වී පවතී. වස්‌තුවේ වේගය අධික වුව ද ගුරුත්වාකර්ෂණයට භාජන වුව ද ස්‌කන්ධය වෙනස්‌ නො වී පවතී. චලනය වස්‌තුවේ අන්තර්ගත ශක්‌තිය මත බලපාන අන්දම මින් පහදා දෙයි. ඒ අවස්‌ථාවල දී ස්‌කන්ධය වෙනස්‌ නො වන නිසා එය අවිචලක ස්‌කන්ධය (invariant mass) නමින් ද හැඳින්වේ.

ද්‍රව්‍ය සහ ශක්‌තිය ජීවීන් ගේ ක්‍රියාදාම මත බලපාන්නේ කෙසේ දැයි ඉදිරි ලිපිවල සාකච්ඡා කරමු.

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග DSc