logo3.gif (702 bytes)

HOME


ද බෘලි ගේ ප්‍රතිභාව

ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා ගේ සහායට පැමිණි කැනඩාවේ ජ්‍යෙෂ්ඨ ද්විතීයික (උතුරු ඇමෙරිකානු වර්ගීකරණයට අනුව උසස්‌) පාසලක රසායන විද්‍යාව උගන්වන බවට වාර්තා වී ඇති බෝධි ධනපාල මහතාට අවශ්‍ය වූයේ මගේ ඊනියා නොදැනුවත්කම ප්‍රදර්ශනය කිරීම ය. ඔහු ඒ සඳහා යොදාගත් එක්‌ උදාහරණයක්‌ වූයේ හා ෆොaටෝනයකට ස්‌කන්ධ පැණවීම ය. මා මුල සිට ම කියා සිටියේ ෆොaටෝනයක නිශ්චලතා ස්‌කන්ධය ශූන්‍ය බව ය. එහෙත් වෙනත් අවස්‌ථිති සමුද්දේශ රාමුවක ෆොaටෝනයකට ස්‌කන්ධයක්‌ නියම කරන බව ද මම පැවසුවෙමි.

බෝධි ධනපාල මහතා ඒ සියල්ලට ම විරුද්ධ විය. ඔහු කියා සිටි කරුණු දෙකක්‌ විය. පළමුවෙන් ම ෆොaටෝනයකට නිශ්චලතා ස්‌කන්ධයක්‌ නැතැයි කියා සිටි ඔහු දෙවනුව ෆොaටෝනයකට ස්‌කන්ධයක්‌ නැතැයි කීවේ ය. අප කලින් ද උපුටා දක්‌වා ඇති ආකාරයට ධනපාල මහතා තම මාර්තු 04 වැනි දා ලිපියෙහි මෙසේ සඳහන් කළේ ය. "සිල්වා මහතා ගේ මතය අනුව එක ම ශක්‌තියක්‌ (E) ඇති මූල අංශූ දෙකකට එක ම ස්‌කන්ධයක්‌ (m) තිබිය යුතු ය. මෙය සම්පූර්ණයෙන් වැරැදි ය. එක ම ශක්‌තියක්‌ ඇති ඉලෙක්‌ට්‍රොaනයක්‌, ප්රෝටෝනයක්‌ (Proton) සහ ෆොටෝනයක්‌ (Photon) වෙනස්‌ ස්‌කන්ධයන් ඇති අංශු බව ද, ෆොටෝනයට ස්‌කන්ධයක්‌ නැති බව ද අපි දනිමු." මේ වාක්‍යවල ඇති පරස්‌පර කුමක්‌ වුවත් ධනපාල මහතා මෙයින් කියන්නේ කිසි ම අවස්‌ථිති රාමුවක ෆොටෝනයකට ස්‌කන්ධයක්‌ නොමැති බව ය.

එමෙන් ම ඔහු මූල අංශු ගැන ද යමක්‌ කීමට තැත් කළේ ය. ඉතා පැහැදිලි ව ඔහු පොතක පතක තිබූ දෙයක්‌ තමාට වැටහෙන ආකාරයෙන් හෝ කාගෙන් හෝ අසා දැනගත් දෙයක්‌ තමාට වැටහෙන ආකාරයෙන් හෝ ප්‍රකාශ කරයි. මෙය කාළාම සූත්‍රයට ද පටහැනි ය. මූල අංශු ගැන ඔහු කියන්නේ කුමක්‌ ද යන්න පැහැදිලි වන්නේ ධනපාල මහතා ගේ සහායට පැමිණි ආචාර්ය චන්ද්‍රසිරි ධර්මවර්ධන මහතා ගේ ලිපියෙනි. අපි ඔහු ගේ මාර්තු 11 වැනි දා ලිපියෙන් දීර්ඝ ව උපුටා දක්‌වමු. එහෙත් එයට පළමුව කාළාම සූත්‍රය ගැන වචනයක්‌ කියමු.

මෙරට උගත් බෞද්ධයන් අතින් මෙන්ම අබෞද්ධ කාලෝ ෆොන්සේකා වැනි මහතුන් අතින් ද කාළාම සූත්‍රය තරම් පට්‌ටා ගැසෙන වෙනත් සූත්‍රයක්‌ නැතැයි සිතමි. ඒ ඇතැමුන්ට අනුව කාළාම සූත්‍රයෙහි ඊනියා විද්‍යාත්මක ක්‍රමයක්‌ ඇත. එය මුසාවකි. කාළාම සූත්‍රයෙහි දෙවැනි කොටස ලෙස මා විසින් හැඳින්වෙන තැන කියෑවෙන්නේ මෙලොව පරලොව වැඩ සඳහා විඤ්න් ක්‍රියා කරන ආකාරය විමසා ඒ අනුව ක්‍රියා කරන ලෙස ය. එමෙන් ම එහි අනෙක්‌ පැත්ත ද වෙයි. විඤ්න් නො කරන දේ විමසා නො කෙරීමට ද කාළාම සූත්‍රයේ ඉගැන්වෙයි.

ඇතැම්හු එයටත් එහා ගොස්‌ බුදුදහම හා බටහිර විද්‍යාව යනු දෙක ම එක ම යෑයි කියති. එහෙත් එය එසේ නම් බුදුදහමෙහි නිවැරැදි බුද්ධ වචනය ලෙස හැඳින්වෙන ථෙරවාදය දන්නේ යෑයි කියන සිංහල බෞද්ධ කිසිවකුටත් නොබෙල් තෑග්ග තබා ලන්ඩන් රාජකීය සංගමයේ අධිසාමාජිකත්වයක්‌ වත් ලැබී නැත්තේ ඇයි? මට නොබෙල් තෑග්ග වත් රාජකීය සංගමයේ අධිසාමාජිකත්වය වත් වැදගත් නො වේ. මා ඒ ගැන සඳහන් කරන්නේ මෙරට උගතුන්ට විශේෂයෙන් ම විද්‍යාඥයන් යෑයි කියාගන්නා අයට වැදගත් වන බැවිනි. ඔවුන් වැදගත් යෑයි සිතන දේ ඔවුනට ලැබී නැත්තේ ඇයි?

බුදුදහම සහ බටහිර විද්‍යාව අතර ඔය කියන සමානත්වයක්‌ හෝ සමීප බවක්‌ හෝ ඇත්නම් මෙරට සිංහල බෞද්ධයන් අතරින් බුරුතු පිටින් බටහිර විද්‍යාඥයන් බිහි විය යුතු ය. එහෙත් සිංහල බෞද්ධයන් අතරෙන් හරිහමන් එකදු බටහිර විද්‍යාඥයකු වත් බිහි වී නැත. ලංකාවේ ජීවත් වන අයට ඒ සඳහා පහසුකම් නැතැයි සිතමු. එහෙත් ප්‍රශ්නය වනුයේ පහසුකම් ඇති බටහිර රටවල ජීවත් වන සිංහල බෞද්ධයන් අතරෙන් ද එකදු විද්‍යාඥයකු බිහි නො වීම ය. එහෙත් ලෝකයේ සිංහලයන්ට වඩා අඩු සංඛ්‍යාවක්‌ වන යුදෙවුවන් අතරෙන් නොබෙල් ත්‍යාගලාභීන් කෙතරම් සංඛ්‍යාවක්‌ බිහි වී ඇත් ද? බටහිර විද්‍යාවට සමීපත්වයක්‌ ඇත්තේ යුදෙවු සංස්‌කෘතියට ද? නැත්නම් සිංහල බෞද්ධ සංස්‌කෘතියට ද?

අපි දැන් ධර්මවර්ධන මහතා ගේ උපුටා දැක්‌වීම විග්‍රහ කරමු. "ශක්‌තිය සහ ස්‌කන්ධය අතර පරිවර්තන කිරීමේ දී යෙදෙන නියමය E=m
c2 බව අයින්ස්‌ටයින් දැක්‌වී ය. තව ද, 1920 දී සාපේක්‌ෂතාවාදය පිළිබඳ ජනප්‍රිය පොතක්‌ ලියූ අයින්ස්‌ටයින් එහි E=mc2 යන නියමයේ එම ස්‌වභාවය කිහිප වරක්‌ සඳහන් කළේ ය. ප්‍රසිද්ධ ප්‍රංශ විද්‍යාඥයකු වූ ලොන්ජෙවෑන් ද මෙය සඳහන් කරමින්, එම සූත්‍රය මූල අංශුවක ස්‌කන්ධය ගණනය කිරීමට පාවිච්චි නො කළ යුතු බව එකලා ම සඳහන් කළේ ය. එසේ නම් මූල අංශුවක ස්‌කන්ධය එහි ශක්‌තියෙන් නිගමනය කිරීමට ආධාර වන සූත්‍රය කුමක්‌ දැයි පාඨකයා අසනු ඇත. මෙහි දී m=sqrt{E2/c4-p2/c2} නමැති සූත්‍රය පාවිච්චි කරමු. මෙහි දී sqrtවලින් හඳුන්වන්නේ වරහන් තුළ ඇති රාශියෙහි වර්ගමූලය ගත යුතු බව ය. මේ සූත්‍රයෙහි m යනු මූල අංශූවෙහි නිත්‍ය ස්‌කන්ධයයි. මෙහි p යනු මූල අංශූවේ ගම්‍යතාවයි. ස්‌කන්ධය යනු වස්‌තුවක ශක්‌තියෙන් ගම්‍ය ශක්‌තියට අමතර කොටස පමණක්‌ බව නූතන පිළිගැනීම වේ. ඉහත දැක්‌වූ සූත්‍රය අනුව ප්‍රොaටෝනයකට කිසි විටෙක ස්‌කන්ධයක්‌ නොමැත."

ධර්මවර්ධන මහතා අංශුවක නිත්‍ය ස්‌කන්ධය යනුවෙන් හඳුන්වන්නේ නිශ්චලතා ස්‌කන්ධය විය යුතු ය. ඒ මහතා මෙහි දී අයින්ස්‌ටයින් ගේ පොතක්‌ ගැන සඳහන් කරමින් E=m
c2 සූත්‍රයෙහි (ධර්මවර්ධන මහතා නියාමය යනුවෙන් කියන) ස්‌වභාවය පිළිබඳ කිහිප වරක්‌ කියා ඇති බව ප්‍රකාශ කරයි. ධර්මවර්ධන මහතා පොතේ නම වත් අයින්ස්‌ටයින් කියා ඇත්තේ කුමක්‌ ද යන්න වත් අපට නො කියයි. එබැවින් අපි එය දැනට අමතක කරමු. එහෙත් ඒ මහතා ලොන්ජෙවෑන් නම් ප්‍රංශ විද්‍යාඥයකු ගැන සඳහන් කරමින් කියන්නේ ඒ විද්‍යාඥයාට අනුව E=mc2 සූත්‍රය මූල අංශූවක ස්‌කන්ධය ගණනය කිරීමට යොදා නො ගත යුතු බව ය. මා කියවා ඇති ආකාරයට ද බෘලි ගේ ආචාර්ය උපාධි නිබන්ධනය සඳහා උපදේශකවරයා වූයේ ලොන්ජෙවෑන් නමැති විද්‍යාඥයෙකි. ඒ ලොන්ජෙවෑන් සහ ධර්මවර්ධන මහතා සඳහන් කරන මේ ලොන්ජෙවෑන් යනු එක්‌ අයකු ද නැත්නම් දෙදෙනකු ද යන්න නො දනිමි. ඒ කුමක්‌ වුවත් වෙතත් ධනපාල මහතා මූල අංශූ ගැන කතා කරන්නේ ඇයි ද යන්න ඒ මහතාට කෙසේ වෙතත් අපට දැන් තේරුම් යයි.

කෙසේ වෙතත් මා කියන ලොන්ජෙවෑන් නම් ෆොaටෝනයක ස්‌කන්ධය නිශ්චලතා ස්‌කන්ධය ශූන්‍ය ලෙස ගැනීමට ද බෘලි අනුබල දී ඇති බව පෙනෙයි. ජිම් බැගට්‌ 1992 දී ලියූ ක්‌වොන්ටම් ප්‍රවාදයේ අරුත (The Meaning of Quantum Theory) යන පොතෙහි ද බෘලි අංශූවකට තරංග ආයාමයක්‌ නියම කළ අන්දමත් ෂ්රොඩිංගර් තම සමීකරණය ව්‍යqත්පන්න කළ ආකාරයත් සඳහන් කරයි. මේ පොත 1992 දී ලියන ලද්දක්‌ වීම නිසා එහි දක්‌වා ඇති එම කරුණු කල්පැනීමක්‌ සිදු නො වෙයි. මේ පොතේ පිටපතක්‌ කැලණිය විශ්වවිද්‍යාලයයේ පුස්‌තකාලයේ ඇත. එහි ඉතා පැහැදිලිව ද බෘලි ගේ නියම කිරීමත් ඒ මත පදනම් ව ෂ්රොඩිංගර් තම නමින් කියෑවෙන සමීකරණය ව්‍යqත්පන්න කර (Derive) ඇති අකාරයත් සඳහන් වෙයි.

ද බෘලි තම හිතළුව කිසි ම ආකාරයකින් ව්‍යqත්පන්න කළේ නැත. හිතළු ව්‍යqත්පන්න කළ හැකි නො වේ. බටහිර විද්‍යාවේ ඇත්තේ යම් අර්ථයකින් සාර්ථක වූ වියුක්‌ත හිතළු ය. ඒ හිතළු මත පදනම් ව විවිධ සමීකරණ ව්‍යqත්පන්න කෙරෙයි. ක්‌වොන්ටම් භෞතිකයෙහි අදහස්‌ (හිතළු) ව්‍යqත්පන්න කළ නො හැකි ය. මේ හිතළු අනුමිති පමණ ය. මෙරට විද්‍යාඥයන්ට වියුක්‌ත හිතළු නැත. ඒ අප රටේ සංස්‌කෘතිය හා බටහිර විද්‍යාවේ චින්තනය අතර වූ ප්‍රශ්නයකි. ක්‌වොන්ටම් භෞතිකයෙහි හෝ වෙනත් බටහිර විද්‍යාවක හෝ හිතළු ව්‍යqත්පන්න කළ නොහැකි වුවත් ඒ හිතළු මත පදනම් ව විවිධ දේ ව්‍යqත්පන්න කළ හැකි ය. ඉහත සඳහන් පොතෙහි 17 සිට 23 දක්‌වා පිටු කියෑවීමෙන් ද බෘලි ගේ හිතළුව මත පදනම් ව ෂ්රොඩිංගර් තම සමීකරණය ව්‍යqත්පන්න කර ඇති ආකාරය දැනගත හැකි ය. ඒ පිටු නො කියවා ෂ්රොඩිංගර් සමීකරණය ව්‍යqත්පන්න කළ නොහැකි ය ආදී වශයෙන් තම (වියුක්‌ත නො වන) හිතළු පළ කිරීම හුදෙක්‌ පඩි බව ප්‍රකාශ කිරීමක්‌ පමණ ය.

ද බෘලි ගේ හිතළුව කුමක්‌ ද? තරංගවලට අංශූ ගුණ ඇති බව ප්ලෑන්ක්‌, අයින්ස්‌ටයින් ආදීහු 1900 ද 1905 දී වකවානුවල කියා තිබුණ හ. මෙහි අනෙක්‌ පැත්ත විය යුතු ව තිබුණේ අංශූවලට තරංග ගුණ ඇති බව ප්‍රකාශ කිරීම ය. එහෙත් 1927 පමණ වන තුරු කිසිවකු ඒ ගැන හිතා තිබූ බවක්‌ සඳහන් නො වේ. ද බෘලිට ඒ අදහස ඇති විය. ඒ ඔහු ගේ ප්‍රතිභාව විය. එවැනි ප්‍රතිභාවක්‌ ඇත්තේ අග්‍ර ගණයේ චින්තකයන්ට ය. ද බෘලි තම හිතළුව සඳහා පදනම් කරගත්තේ සමීකරණ දෙකකි. ඒ සමීකරණ දෙකෙන් එකක්‌ ප්ලෑන්ක්‌ ගේ හිතළුවක්‌ වූ E=hv යන්න ය. අනෙක E=pc යන්න ය.

මෙහි E=pc යන්න ලැබුණේ කොහෙන් ද? කුමක්‌ සඳහා ද? එය ධර්මවර්ධන මහතා ද සඳහන් කරන
m=sqrt{E2/c4-p2/c2} සමීකරණයෙන් ලැබුණකි. මේ සමීකරණයෙහි m යනු අංශුවක නිශ්චලතා (ධර්මවර්ධන මහතා ගේ නිත්‍ය) ස්‌කන්ධය වෙයි. අපි එය සුපුරුදු අංකනය යොදා m0=sqrt{E2/c4-p2/c2} ලෙස ලියමු. මේ සමීකරණයෙන් E=pc ලැබෙන්නේ ධර්මවර්ධන මහතා සඳහන් කරන සමීකරණයේ m=0 ලෙස ගැනීමෙනි. එනම් අප ලියා ඇති සමීකරණයෙහි m0=0 ලෙස ගැනීමෙනි. වෙනත් අයුරකින් කියන්නේ නම් ධර්මවර්ධන මහතා සඳහන් කරන නිත්‍ය ස්‌කන්ධය, එනම් නිශ්චලතා ස්‌කන්ධය ශූන්‍ය ලෙස ගැනීමෙනි. ඒ ආලෝකය, ෆොaටෝන සඳහා ය. ධර්මවර්ධන මහතා ෆොaටෝනයක නිශ්චලතා ස්‌කන්ධය ශූන්‍ය වශයෙන් ගැනීමෙන් පමණක්‌ නො නැවතී එහි ස්‌කන්ධය සාධාරණ වශයෙන් ශූන්‍ය යෑයි කියයි. එය ඒ මහතාට ලැබුණේ කෙහෙන් දැයි නො කියයි.

E=pc සමීකරණය ලියන්නේ තරංග සඳහා ය. ආලෝකය සඳහා ද ඒ වලංගු වෙයි. එයින් කියෑවෙන්නේ අලෝකයෙහි (ෆොaටෝනවල) නිශ්චලතා ස්‌කන්ධය ශූන්‍ය ලෙස ගැනීම අනෙක්‌ නියම සමග සංගත වන බවයි. එහෙත් ඉහත සඳහන් සමීකරණයෙහි
m0 වෙනුවට m ලියා ෆොaටෝනයක ස්‌කන්ධය සාධාරණ වශයෙන් ශූන්‍ය යෑයි කීම වැරැදි ය.

දැන් ද බෘලි ඔහු ගේ නිබන්ධ උපදේශකවරයා ගේ අනුමැතිය ඇති ව ෆොaටෝනයක නිශ්චලතා ස්‌කන්ධය ශූන්‍ය බව කියන E=pc සමීකරණය ද E=hv සමීකරණය ද යොදාගනියි. ඉන්පසු ඔහු කරන්නේ කුමක්‌ ද? ඔහු අංශුවලට තරංග ගුණ ඇති බව කියයි. දැන් සාමාන්‍ය අංශූවකට ගම්‍යතාවක්‌ ඇත. ඔහු ඒ ගම්‍යතාව අදාළ තරංගයේ ගම්‍යතාව ලෙස ගනියි. ද බෘලිට අනුව E=pcහි p යන්නෙන් අංශුවේ ගම්‍යතාව ද අදාළ (තුල්‍යතා) තරංගයෙහි ගම්‍යතාව ද කියෑවෙයි. ඔහු ගේ ප්‍රතිභාව ඇත්තේ එතැන ය. එය තර්කානුකූල නො වේ. ප්‍රතිභාව තර්කයට හිස නො නමයි.

ඉන්පසු ද බෘලි E=pc හා E=hv යොදචා ගනිමින් යඩ=චජ ලියයි. එමගින් ච ගම්‍යතාවක්‌ ඇති අංශුවකට ඩ සංඛ්‍යාතියක්‌ ලබා දෙයි. අංශුවට තරංග ආයාමයක්‌ ලැබෙන්නේ එමගිනි. එනම් තරංගයක (ෆොaටෝනයක) නිශ්චලතා ස්‌කන්ධය ශූන්‍ය යෑයි ගැනීමෙනි. එහෙත් සාධාරණ වශයෙන් ෆොaටෝනයක ස්‌කන්ධය ශුන්‍ය යෑයි එයින් නො කියෑවෙයි. ෆොaටෝනයකට ශක්‌තියක්‌ ඇත. ගම්‍යතාවක්‌ ඇති අංශුවකට තරංග ආයාමයක්‌ ඇති ආකාරයට ශක්‌තියක්‌ ඇති ෆොaටෝනයකට ස්‌කන්ධයක්‌ තිබිය හැකි ය. අපි එය තවදුරටත් පසුව සාකච්ඡා කරමු.

නලින් ද සිල්වා