logo3.gif (702 bytes)

HOME


චන්ද්‍රසිරි ධර්මවර්ධන මහතා ගේ සූත්‍රය

ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා ගේ සහායට පැමිණි කැනඩාවේ ජීවත් වන පාසල් ගුරුවරයකු වූ බෝධි ධනපාල පහතා පසුගිය මාර්තු 04 වැනි දා ලිපියෙන් තම නොදැනුවත්කම ප්‍රදර්ශනය කරයි. දැන් ධනපාල මහතා ගේ සහායට ඔහු ගේ ගුරුවරයකු වූ ආචාර්ය චන්ද්‍රසිරි ධර්මවර්ධන මහතා පැමිණ සිටියි. ධනපාල මහතාට පිළිතුරු දීමට අපට තරමක්‌ ප්‍රමාද කිරීමට සිදු වන්නේ ධර්මවර්ධන මහතාට ප්‍රතිචාර දැක්‌වීමට සිදු ව ඇති බැවිනි.

එහෙත් ධනපාල මහතා ෆොaටෝනයේ ස්‌කන්ධය ගැන ලියා ඇති දේ නැවතත් උපුටා දැක්‌වීම අවශ්‍ය වන්නේ ඔහු ගේ නොදැනුවත්කම හෙළිදරව් කිරීමටත් අනවබෝධයෙන් අදහස්‌ ප්‍රකාශ කිරීමට යැමේ දී ධනපාල මහතා විසංවාදවල හිර වීම සඳහා ඒ කදිම උදාහරණයක්‌ ලෙස යොදාගැනීමත් ය. එයට තව හේතුවක්‌ වෙයි. ආචාර්ය චන්ද්‍රසිරි ධර්මවර්ධන මහතා තම මාර්තු 11 වැනි දින ලිපියෙන් සාකච්ඡා කරන්නේ ද ෆොaටෝනයේ ස්‌කන්ධය පිළිබඳව ය. ධනපාල මහතා අවුලට වැටී ඇත්තේ ධර්මවර්ධන මහතා ගේ ඇතැම් අදහස්‌ ඇතුළු තවත් අදහස්‌ අනවබෝධයෙන් ප්‍රකාශ කිරීමට ගොස්‌ ය.

අශෝක අමරතුංග මහතාට මෙන්ම බෝධි ධනපාල මහතාටත් චන්ද්‍රසිරි ධර්මවර්ධන මහතාටත් අමතක වී ඇති කරුණ නම් අප සාකච්ඡා කරන්නේ බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු ය යන්න ය. පසුගිය 18 වැනි දා ලිපියෙන් ද බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු ය යන අදහස නැවතත් සාකච්ඡා කළෙමි. මේ මහත්වරුන්, විශේෂයෙන් ම අමරතුංග මහතා හා ධනපාල මහත්වරුන්, මේ සම්බන්ධයෙන් අවුරුදු විසි පහකට වැඩි කාලයක්‌ විදුසරට හා වෙනත් පුවත්පත්වලට මා විසින් ලියනු ලැබ ඇති ලිපි හා පොත් නො කියවා බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු නො වේ යෑයි කීමට (පෙන්වීමට නො ව) ඉදිරිපත් වෙති.

මෙහි දී වඩාත් ම බලපානුයේ දැනුමේ දැනුම, ඥනවිභාගය, පිළිබඳ මා ඉදිරිපත් කර ඇති අදහස්‌, සංකල්ප හා ප්‍රවාද ය. එහි දී වැදගත් ම සංකල්පය වනුයේ චින්තනය යන්න ය. මෙය ගුණදාස අමරසේකර මහතා ඉදිරිපත් කර ඇති හුදු අදහසක්‌ පමණක්‌ වූ ජාතික චින්තනය සමග පටලවා ගත යුතු නො වේ. මගේ නම ද බොහෝ විට ජාතික චින්තනය නම් වූ විසිරුණු අදහස්‌ සමග කියෑවෙන නමුත් මම අදාළ ගුරුකුලයට අයත් නො වෙමි. ධර්මවර්ධන මහතා නම් දැනට ඒ පිළිබඳ කිසිවක්‌ කියා නැත. ඔහු ෆොaටෝනයේ ස්‌කන්ධය ගැන සඳහන් කරයි. එහෙත් ඒ මහතා වුව ද තේරුම් ගත යුතු කරුණ නම් ප්‍රශ්නය පැන නගින්නේ බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු ය යන්නෙන් බව ය.

සාමාන්‍ය සිංහල බෞද්ධයා ගේ චින්තනය සිංහල බෞද්ධ චින්තනය ය. ඔහු ගේ සංස්‌කෘතිය සිංහල බෞද්ධ සංස්‌කෘතිය ය. සිංහල බෞද්ධයන් ගේ දැනුම සිංහල බෞද්ධ චින්තනය මත පදනම් වන අතර සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි නිර්මාණය වෙයි. බටහිර විද්‍යාවේ චින්තනය ගී්‍රක යුදෙවු ක්‍රිස්‌තියානි වන අතර බටහිර විද්‍යාව එම චින්තනය පදනම් කරගනිමින් යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතියට සාපේක්‌ෂ ව නිර්මාණය වෙයි. කිසි ම දැනුමක්‌ චින්තනයකින් හෝ සංස්‌කෘතියකින් හෝ ස්‌වායත්ත (ස්‌වාධීන) නො වේ. එමෙන් ම වත්මන් ලෝකයෙහි බොහෝ සංස්‌කෘතීන් ආගමක්‌ සමඟ සම්බන්ධ වෙයි. එබැවින් වත්මන් දැනුම් පද්ධතීන් යම්කිසි ආගමක්‌ සමඟ බද්ධ වෙයි.

ධර්මවර්ධන මහතා ගේ ලිපිය සාකච්ඡා කිරීමට පෙර අපි ධනපාල මහතා ගේ පහත සඳහන් ඡේදය සලකා බලමු. "නලින් ද සිල්වා මහතා
E=mc2 බව සඳහන් කරමින් මෙවැනි ද්විත්වයක්‌ නොමැති බව කියයි. සිල්වා මහතා ගේ මතය අනුව එක ම ශක්‌තියක්‌ (E) ඇති මූල අංශු දෙකකට එක ම ස්‌කන්ධයක්‌ (m) තිබිය යුතු ය. මෙය සම්පූර්ණයෙන් වැරැදි ය. එක ම ශක්‌තියක්‌ ඇති ඉලෙක්‌ට්‍රොaනයක්‌, ප්‍රොaටෝනයක්‌ (Proton) සහ ෆොaටෝනයක්‌ (photon) වෙනස්‌ ස්‌කන්ධයන් ඇති අංශු බව ද, ෆොaටෝනයට ස්‌කන්ධයක්‌ නැති බව ද අපි දනිමු. මෙවැනි නොමඟ ගිය දේ කියන සිල්වා මහතා අමරතුංග මහතාට ගැරහිය නො යුතු ය."

මේ ඡේදය කලින් ලිපියෙහි ද සමාන ස්‌කන්ධ හා සමාන ශක්‌ති යටතෙහි සාකච්ඡා කෙරී ඇත. එහි දී ධනපාල මහතාට ස්‌කන්ධ හා ශක්‌ති පිළිබඳව පරස්‌පරයකින් තොර ව අදහසක්‌ ප්‍රකාශ කිරීමට නොහැකි බව පෙන්වා දුනිමු. මා මෙහි දී අවධාරණය කරනුයේ පහත සඳහන් වැකි ය. "එක ම ශක්‌තියක්‌ ඇති ඉලෙක්‌ට්‍රොaනයක්‌, ප්‍රොaටෝනයක්‌ (Proton) සහ ෆොaටෝනයක්‌ (photon) වෙනස්‌ ස්‌කන්ධයන් ඇති අංශු බව ද, ෆොaටෝනයට ස්‌කන්ධයක්‌ නැති බව ද අපි දනිමු." සාමාන්‍ය සිහි බුද්ධියක්‌ ඇති පාඨකයකු මේ වාක්‍යයට අනුව තේරුම්ගන්නේ කුමක්‌ ද? ප්‍රොaටෝනයකට හා ෆොaටෝනයකට වෙනස්‌ ස්‌කන්ධ ඇති බව කියන ධනපාල මහතා එසැණින් කියන්නේ ෆොaටෝනයකට ස්‌කන්ධයක්‌ නැති බව ය. ඇතැම් විට ධනපාල මහතා අදහස්‌ කරන්නට ඇත්තේ ෆොaටෝනයට ස්‌කන්ධයක්‌ නැතැයි කීම ශූන්‍ය ස්‌කන්ධයක්‌ ඇතැයි කීම විය හැකි ය. ෆොaටෝනයේ ශූන්‍ය ස්‌කන්ධය ප්‍රොaටෝනයේ නිශ්ශූන්‍ය ස්‌කන්ධයෙන් වෙනස්‌ වන බව නම් පිළිගත හැකි ය. ධනපාල මහතාට යමක්‌ අවබෝධ කරගැනීමෙහි ශක්‌තියක්‌ නැති බවත් ඒ හේතුවෙන් ම තමන් ගේ අනවබෝධය ප්‍රකාශ කිරීමට යැමේ දී පරස්‌පර අදහස්‌ ලියන බවත් පැහැදිලි ය.

අප දිගින් දිගට ම කියා සිටියේ ෆොaටෝනයේ නිශ්චලතා ස්‌කන්ධය (rest mass) ශූන්‍ය බව ය. එහෙත් අවස්‌ථිති සමුද්දේශ රාමුවක V සංඛ්‍යාතිය ඇති ෆොaටෝනයකට
hv/c2 ස්‌කන්ධයක්‌ නියම කළ හැකි බව ය. ධනපාල මහතා විරුද්ධ වන්නේ මෙතැන දී ය. ඔහුට අනුව ෆොaටෝනයක නිශ්චලතා ස්‌කන්ධය ගැන කතා කිරීම වැරැදි ය. එමෙන් ම කිසි ම රාමුවක ෆොaටෝනයකට ස්‌කන්ධයක්‌ නැත. එනම් ඕනෑ ම සමුද්දේශ රාමුවක ෆොaටෝනයක ස්‌කන්ධය ශූන්‍ය වෙයි. ෆොaටෝනයකට ස්‌කන්ධයක්‌ නැති බව අපි දනිමු යෑයි ඔහු කියන්නේ එබැවින් ය.

අංශූවක නිශ්චලතා ස්‌කන්ධය යනු කුමක්‌ ද? විශේෂ සාපේක්‌ෂතාවාදයෙහි නිශ්චලතා ස්‌කන්ධය ආදී වචන යෙදෙයි. මෙයින් කියෑවෙන්නේ අංශුව නිශ්චල ව පවතින සමුද්දේශ රාමුවක මැනෙන අංශූවෙහි ස්‌කන්ධය ය. එය සාමාන්‍යයෙන්
 m0 සංකේතයෙන් ප්‍රකාශ වෙයි. අවශ්‍ය නම් වෙනත් අංකනයක්‌ වුවත් යොදාගත හැකි ය. යම් සමුද්දේශ රාමුවක අංශුව V ප්‍රවේගයෙන් චලනය වන්නේ යෑයි සිතමු. එම රාමුවේ අංශූවේ ස්‌කන්ධය මැනෙන්නේ m ලෙස යෑයි ද සිතමු. එවිට විශේෂ සාපේක්‌ෂතාවාදයට අනුව m=m0/(1-v2/c2)1/2 වෙයි.

ෆොaටෝනයක්‌ කිසි ම අවස්‌ථිති සමුද්දේශ රාමුවක නිශ්චල ව නොමැති බව බටහිර භෞතික විද්‍යාවට එකග ය. ඒ අර්ථයෙන් ගත හොත් ෆොaටෝනයකට නිශ්චලතා ස්‌කන්ධයක්‌ නැත. ඒ වෙනත් කිසිවක්‌ නිසා නො ව ෆොaටෝනයක්‌ කිසි ම සමුද්දේශ රාමුවක නිශ්චලතාවෙහි නොමැති බැවිනි. එහෙත් ෆොaටෝනයකට යම් අවස්‌ථිති සමුද්දේශ රාමුවක ස්‌කන්ධයක්‌ නැතැයි එයින් නො කියෑවෙයි. අනෙක්‌ අතට ෆොaටෝනයක්‌ කිසි ම සමුද්දේශ රාමුවක නිශ්චලතාවෙහි නැති වුවත් ෆොaටෝනයක නිශ්චලතා ස්‌කන්ධය ශූන්‍ය ලෙස ගැනීමේ ද වරදක්‌ නැත. එසේ ගැනීම හා විශේෂ සාපේක්‌ෂතාවාදයෙහි අනෙක්‌ නියම හා සූත්‍ර අතර පරස්‌පර (විසංවාද) නැත.

ක්‌වොන්ටම් භෞතිකයෙහිs තරංග - අංශූ ද්වෛතයට (ධනපාල මහතා අනුමත කරන අමරතුංග මහතා ගේ ඊනියා ද්‍රව්‍ය ශක්‌ති ද්වෛධයක්‌ නො වේ. මේ වන තුරු ඒ මහත්වරුන් ගෙන් එක්‌ අයකු වත් ඒ ද්වෛධය කුමක්‌ දැයි තේරුම් කර දී නැත) අනුව ඊනියා ලෝකය තරංග ලෙස හෝ අංශූ ලෙස හෝ ග්‍රහණය කෙරෙයි. වෙනත් වචනවලින් කිව හොත් ඊනියා අංශූවල ඊනියා තරංග ගුණ ද, ඊනියා තරංගවල ඊනියා අංශූ ගුණ ද වෙයි. නිව්ටන් ගේ කාලයෙහි ආලෝකය අංශූ (ලවක) ලෙස හඳුනාගෙන තිබිණි. නැත හොත් ආලෝකයට ප්‍රත්‍යක්‌ෂයක්‌ නො වන එවැනි කතාවක්‌ ගොතා තිබිණි. ඒ බටහිර විද්‍යාවේ ස්‌වභාවයට, එනම් කතන්දර ගෙතීමට එකග ය. පසුව තෝමස්‌ යං ආලෝකයට තරංග ගුණ ඇතැයි කී විට (එනම් ඒ කතන්දරය ගෙතූ විට) බටහිර විද්‍යාඥයෝ එය ප්‍රතික්‌ෂේප කළ හ. එහෙත් පසුව බටහිර විද්‍යාඥයෝ ආලෝකයේ තරංග ගුණ පිළිගත් හ. නැවතත් විසිවැනි සියවසේ දී බටහිර විද්‍යාඥයෝ ආලෝකයේ අංශූ ගුණ පිළිගත් හ. ඒ නව අංශූ කතාව නිව්ටන් ගේ අශූ කතාව ම නො වේ. එහෙත් තරංගවල (ආලෝකයෙහි) අංශූ ගුණ වේ ය යන්න විසිවැනි සියවසේ ක්‌වොන්ටම් භෞතික විද්‍යාවෙහි කතන්දරයකි. පසුව ද බෘලි අංශූවල තරංග ගුණ ඇතැයි කතාවක්‌ ගෙතුවේ ය. ෂ්රොඩිංගර් ඒ මත පදනම් ව තරංග යාන්ත්‍රිකය ගොඩැනැගුවේ තම නමින් ඇති සමීකරණය ව්‍යqත්පන්න කරමිනි.

මේ ඉතා කෙටියෙන් තරංගවල අංශූ ගුණ ද අංශූවල තරංග ගුණ ද ඇති බවට කියෑවෙන කතන්දරය ය. ඒ අනුව ආලෝකයට අංශූ ගුණ වෙයි. ඒ අංශුවලට ශක්‌තියක්‌ ඇත. වෙනත් වචනවලින් කිව හොත් ආලෝකය ශක්‌ති පුංජ ලෙස සැලකිය හැකි ය. ශක්‌තියක්‌ ඇති මේ තරංගවලට (ෆොaටෝනවලට) අංශු ගුණ අනුව යමින් ස්‌කන්ධයක්‌ නියම කෙරෙයි. ද බෘලි අංශුවලට තරංග ගුණ ඇති බව සලකමින් අංශුවකට තරංග ආයාමයක්‌ (wave length) නියම කළේ ය. අංශුවලට තරංග ආයාම ඇති පරිදි තරංගවලට ඉහත දැක්‌වූ පරිදි
hv/c2 ස්‌කන්ධ වෙයි.

ධර්මවර්ධන මහතා තම 11 වැනි දා ලිපියෙහි මෙසේ කියයි. "ශක්‌තිය සහ ස්‌කන්ධය අතර පරිවර්තනය කිරීමේ දී යෙදෙන නියාමය
E=mc2  බව අයින්ස්‌ටයින් දැක්‌වී ය. තව ද, 1920 දී සාපේක්‌ෂතාවාදය පිළිබඳ ජනප්‍රිය පොතක්‌ ලියූ අයින්ස්‌ටයින් එහි E=mc2  යන නියාමයේ එම ස්‌වභාවය කිහිප වරක්‌ සඳහන් කළේ ය. ප්‍රසිද්ධ ප්‍රංශ විද්‍යාඥෙයෙක්‌ වූ ලොන්චෙවෑන් ද මෙය සඳහන් කරමින්, එම සුත්‍රය මූල අංශුක ස්‌කන්ධය ගණනය කිරීමට පාවිච්චි නො කළ යුතු බව එකලා ම සඳහන් කළේ ය. එසේ නම්, මූල අංශුවක ස්‌කන්ධය එහි ශක්‌තියෙන් නිගමනය කිරීමට ආධාර වන සූත්‍රය කුමක්‌ දැයි පාඨකයා අසනු ඇත. මෙහි දී m=sqrt{E2/c4-p2/c2} නමැති සූත්‍රය පාවිච්චි කරමු. මෙහි sqrtවලින් හඳුන්වන්නේ වරහන් තුළ ඇති රාශියෙහි වර්ගමූලය ගත යුතු බව ය. මේ සූත්‍රයෙහි m යනු මූල අංශුවේ නිත්‍ය ස්‌කන්ධයයි. මෙහි p යනු මූල අංශුවේ ගම්‍යතාවයි. ස්‌කන්ධය යනු වස්‌තුවක ශක්‌තියෙන් ගම්‍ය ශක්‌තියට අමතර කොටස පමණක්‌ බව නූතන පිළිගැනීම වේ. ඉහත දැක්‌වූ සූත්‍රය අනුව ප්‍රොaටෝනයකට කිසි විටෙක ස්‌කන්ධයක්‌ නොමැත."

ඉහත දැක්‌වූ සූත්‍රය අනුව ප්‍රොaටෝනයකට කිසි විටෙක ස්‌කන්ධයක්‌ නැතැයි ධර්මවර්ධන මහතා නිගමනය කරන්නේ කෙසේ ද? ධර්මවර්ධන මහතා තම සූත්‍රයට පොඩි සූත්‍රයක්‌ එක්‌ කරයි.
m=sqrt{E2/c4-p2/c2} සූත්‍රයෙහි m යනු කුමක්‌ ද? මේ සුත්‍රය ඕනෑ ම අංශුවකට පොදු සූත්‍රයකි. ධර්මවර්ධන මහතා කියන ආකාරයට m යනු මූල අංශුවේ නිත්‍ය ස්‌කන්ධයක්‌ වෙයි. ධර්මවර්ධන මහතා ගේ නිත්‍ය ස්‌කන්ධය යනු කුමක්‌ ද? ඒ නිශ්චලතා ස්‌කන්ධය යෑයි සිතමි. ඉහත සඳහන් සූත්‍රය යෙදෙන්නේ ඕනෑ ම ස්‌කන්ධයක්‌ සඳහා නො ව නිශ්චලතා ස්‌කන්ධය සඳහා ය. එය සාමාන්‍යයෙන් ලියන්නේ m=sqrt{E2/c4-p2/c2} ආකාරයෙනි. මෙහි ප0 යනු නිශ්චලතා ස්‌කන්ධය ය. එම සූත්‍රයෙන් ගම්‍ය වන්නේ ෆොaටෝනයක නිශ්චලතා ස්‌කන්ධය ශුන්‍ය බව ය. ඒ E=pc ලෙස ගැනීමෙනි. ෆොaටෝනවලට E=pc වලංගු වෙයි. අපි ලබන සතියෙහි මෙය තවදුරටත් විග්‍රහ කරමු.

නලින් ද සිල්වා