logo3.gif (702 bytes)

HOME


විද්‍යාවේ දාර්ශනික පදනම - 14

අප සාකච්ඡා කරමින් ඉන්නේ ජීවිතයේ අරුත පිළිබඳව පැනනැගී ඇති ප්‍රශ්න විද්‍යාවේ පොදු මතවාදයක්‌ (Theory of Everything) නොහොත් ජීවිත එකීකෘතවාදය (Grand Unified Theory) මගින් විසදගත හැකි ද යන්න ගැන ය. ජීවිතයේ අරුත පිළිබඳව කතා කරන විට ජීවිතයේ ආරම්භය, ජීවිතයේ පැවැත්ම සහ එහි ස්‌වභාවය අදාළ බැවින් ඒ කරුණු පිළිබඳව පසුගිය ලිපිවලින් සාකච්ඡා කළෙමු. විශ්වයේ ආරම්භය සහ ජීවීන් ගේ ආරම්භය පිළිබඳව මතවාද කිහිපයක්‌ ඉදිරිපත් වී ඇත. එහෙත් අවසාන තීරණයකට ඒමට සාක්‌ෂි සොයාගෙන නැත.

පසුගිය ලිsපියෙන් ඉදිරිපත් කළේ ස්‌වාභාවික වරණය සහ ප්‍රොaටීන සම්මිඤ්ජනය පිළිබඳව නවතම සොයාගැනීම් ගැන කරුණු ස්‌වල්පයකි. ඒ ලිපිය අවසානයේ දී මා පැවසුවේ ජාන විකෘති වීම මගින් ප්‍රොaටීන විශාල සංඛ්‍යාවක්‌ නිර්මාණය වී ඇති බවත් ප්‍රොaටීන ලෝකය නමින් එම ක්‍රියාදාමය හැඳින්වෙන බවත් ය. පරිසරයට සුදුසු ප්‍රොaටීන ස්‌වාභාවික වරණය විසින් තෝරාගැනෙන්නේ එම ප්‍රොaටීන ශරීරය තුළ තිබෙන ජීවියා ගේ පැවැත්ම හෝ ප්‍රජනනය ස්‌ථාපිත කිරීම මගිනි. ඒ මගින් එම ප්‍රොaටීන නිර්මාණය වීමට හේතු වූ ජාන විනාශ නො වී ඊළග පරම්පරාවේ සුරක්‌ෂිත වන්නේ ය. මේ ලෙස ජාන විකෘති වන්නේ සසම්භාවී (random) ලෙස බව ද පෙනී යන්නේ ය. එය සිදු වන්නේ විශ්වය තුළ නිරන්තරයෙන් විහිදෙන විකිරණ (radiation), රසායනික ද්‍රව්‍ය සහ වයිරස්‌ වැනි දේ නිසා ය. විකිරණ විශ්වයේ විහිදෙන්නේ තාරකා සහ ග්‍රහලෝකවල ක්‍රියාකාරකම් නිසා ය. මෙලෙස ජාන විකෘති වීම සසම්භාවී (random) නම් එම මාර්ගය තෝරාගනු ලැබ ඇත්තේ විශ්වය විසිනි. මා පවසන දෙය හේතුවාදය (Teleology) වන්නේ ද? ලොව සිදු වන සැම දෙයකට ම හේතුවක්‌ ඇතැයි යන මතය හේතුවාදය හෝ හේතු විද්‍යාව වන්නේ ය. සැම දේකට ම හේතුවක්‌ සෙවීම මෝඩකමක්‌ ද?

ප්‍රොaටීන අති විශාල සංඛ්‍යාවක්‌ තිබෙන නිසා ය ස්‌වාභාවික වරණය භාවිත කොට ඉතා ම සුදුසු ප්‍රොaටීන තෝරාගන්නට හැකි වන්නේ. තෝරාගැනීම සඳහා විශාල ප්‍රොaටීන සංඛ්‍යාවක්‌ සපයා දීම ස්‌වභාවධර්මය සිදු කර ඇත. අවශ්‍ය ප්‍රොaටීන වර්ගය එක වර නිර්මාණය කරගැනීම නො වේ ස්‌වභාවධර්මය විසින් සිදු කෙරෙන්නේ. වරණය පිණිස පුළුල් වූ ප්‍රොaටීන ලෝකයක්‌ නිර්මාණය වී ඇත්තේ ස්‌වභාවධර්මයට අවශ්‍ය වන්නේ ඒ ක්‍රමය නිසා ය. එනම් සසම්භාවී (random) මාර්ගය නිසා ය. අවශ්‍ය ප්‍රොaටීනය පමණක්‌ හෝ ප්‍රොaටීන ස්‌වල්ප සංඛ්‍යාවක්‌ නිෂ්පාදනය කිරීම ස්‌වභාවධර්මය සිදු කරන්නේ නැත. එසේ කරන්නේ සසම්භාවී මාර්ගය ඊට අවශ්‍ය වන නිසා ය. එය වඩා සුදුසු නිසා ය. මා කියන්නේ ස්‌වභාවධර්මයට ඥානය ඇතැයි කියා ද? තීරණ ගැනීමේ හැකියාව ඇතැයි කියාද? ප්‍රශ්න විසඳීමේ හැකියාව ඇතැයි කියා ද? ඥානය, තීරණ ගැනීමේ හැකියාව, ප්‍රශ්න විසඳීමේ හැකියාව ඇත්තේ ජීවීන්ට ය. විශේෂයෙන් මිනිසාට ය. එහෙත් මිනිසා ස්‌වභාධර්මයේ කොටසක්‌ ය. ඥානය, ප්‍රශ්න විසඳීමේ හැකියාව වැනි දේ මිනිසාට ලබා දී ඇත්තේ කවුරුන් ද? ස්‌වභාවධර්මය නො වේ ද? ස්‌වභාවධර්මයට තීරණ ගැනීමේ ඥානය තිබුණා නම් සත්ත්ව පරිණාමය වෙනුවට කෙළින් ම එක විට ම මිනිසකු නිර්මාණය කරන්නට පුළුවන්කමක්‌ තිබිය යුතු ය. එහෙත් එසේ සිදු විය යුත්තේ මිනිසකු නිර්මාණය කිරීම ස්‌වභාවධර්මයේ අවසාන අරමුණ වූවා නම් ය. එහි අවසාන අරමුණ ජාන වර්ධනය ද? ස්‌වභාවධර්මය මෙය සිදු කර ඇත්තේ අදියර විශාල සංඛ්‍යාවක්‌ උපයෝගි කරගනිමිනි.

හේතු විද්‍යාව අතීත කාලයේ පටන් පැවැති විද්‍යාවකි. එය මෑත කාලයේ සමහර විද්‍යාඥායන් සහ දර්ශනිකයන් සැලකිල්ලට නො ගත්තේ නමුදු ඉමානුවෙල් කාන්ට්‌ සහ ජෝර්ඡ් හේගල් වැනි දාර්ශනිකයෝ එය වැදගත් ලෙස පිළිගෙන ඔවුන් ගේ මතවාද තුළට ඇතුළු කරගත් හ. වර්තමානයේ පවා එම මතවාදය සැලකිල්ලට භාජන වන බව පෙනේ. උදාහරණයක්‌ ලෙස 2012 වර්ෂයේ තෝමස්‌ නේගල් නව ඩාර්වින් වාදයක්‌ ඉදිරිපත් කළේ ය. ස්‌වාභාවික හේතු විද්‍යාවේ නීති භාවිත කරමින් ඔහු ජීවිතයේ පැවැත්ම, විඥානය, තාර්කිතත්වය පහදා දීමට තැත් කළේ ය. ප්ලේටො පැවසුවේ හැම දේට ම හේතුවක්‌ ඇති බව ය. යම් කිසි ඥානවන්ත කෙනකු ලෝකය නිර්මාණය කොට ඇති බව ඔහු පැවසුවේ ය.

ප්ලේටෝ ගේ අදහස්‌ ප්‍රතික්‌ෂේප කළ ඇරිස්‌ටෝටල් කියා සිටියේ ස්‌වභාවධර්මයේ අවසාන ප්‍රතිඑල නිර්මාණය කෙරෙන්නේ ස්‌වභාවධර්මය විසින් බව ය. දැන් පෙනී යන්නේ ඇරිස්‌ටෝටල් ගේ අදහස්‌ වර්තමානය දක්‌වා පැවැත එන බවයි. ඉමානුවෙල් කානට්‌ ඔහු ගේ (Critique of Judgement) නමැති කෘතියේ බොහෝ ලෙස හේතුවාදය භාවිත කොට ඇති බව පෙනේ. එහෙත් ස්‌වභාවධර්මය තුළ නිගමනය වූ අරමුණක්‌ අනුව සිදු වන ක්‍රියාදාම නො තිබෙන බව රිචඩ් ඩෝකින්ස්‌, ජෝන් රීස්‌ (Richard Dawkins, John Reiss) වැනි ජීව විද්‍යාඥයන් විශ්වාස කරන බව පෙනේ. ඥානවන්ත නිර්මාණය (Intelligent Design) නමැති සංකල්පය සහ දෙවියන් ලෝකය මැවීම යන අදහස්‌ පිටුදැකීම පිණිස මේ විද්‍යාඥයන් මෙවැනි තර්ක ඉදිරිපත් කරන බව පෙනේ. ඩෝකින්ස්‌ තම Blind Watchmaker නමැති පොතෙන් පෙන්වා දෙන්නේ විශ්වය නිර්මාණය වී ඇත්තේ දෙවි කෙනකු හෝ වෙනයම් කාරකයකු අතින් නො ව ස්‌වභාවධර්මය තුළ තිබෙන ස්‌වභාවය නිසා බව ය. එයට හේතුවක්‌ නැත. මේ අදහස්‌වලට විරුද්ධ මත දරන වෙනත් දාර්ශනකයන් දෙවි කෙනකු ගැන විශ්වාසයක්‌ නො තබා හේතු විද්‍යාව ඉදිරියට ගෙන යන බව පෙනේ. කේaර්න් නිඇන්ඩර් (Karen Neander) පවසන්නේ ජීවියකු ගේ ක්‍රියාකාරිත්වය ස්‌වාභාවික වරණය මත ර\ පවතින බවයි. ක්‍රියාකාරිත්වයට අවශ්‍ය අවයව ස්‌වාභාවික වරණය විසින් තෝරාගනු ලැබ ඇති නිසා ඩෝකින්ස්‌ ගේ මතයක්‌ වන හේතුවක්‌ නැතැයි යන්න පැවසිය නොහැකි බවයි. ආද්‍ය සූපය (primordial soup) පිළිබඳව ප්‍රසිද්ධියට පත් වූ ඡේ. බී. එස්‌. හැල්ඩේන් (J.B.S.Haldane) පවසන්නේ හේතුවාදය ජීව විද්‍යාඥයාට අනියම් බිරිඳක්‌ හා සමාන බව ය. ඔහුට ඇය නැති ව ම බැරි නමුත් ඇය සමග එළිපිට ගමන් යැමට බිය යෘ ඡේ. බී. එස්‌. හැල්ඩේන් ගේ ආද්‍ය සූපය යන අදහස පිළිබදව පෙර ලිපියක සඳහනක්‌ කර ඇත. පෘථිවිය මත ජීවීන් ප්‍රථමයෙන් ඇති වූයේ එවැනි සූපයක ස්‌වභාවය ගෙන තිබූ ප්‍රාග් ජෛවී සාගරය තුළ බව හැල්ඩේන් පැවසුවේ ය. ඊට සමාන ද්‍රව්‍යයක්‌ තුළ මීතේන්, ඇමෝනියා සහ හයිඩ්‍රජන් භාවිත කොට ඇමයිනෝ අම්ල නිපදවීමට සමත් වූයේ ස්‌ටැන්ලි මිලර් සහ හැරල්ඩ් යුරි බව මා එම ලිපියේ සඳහන් කොට ඇත. (විදුසර 18.2.2015). හැල්ඩේන් ගේ අදහස වන්නේ ජීව විද්‍යාඥයන්ට හේතු විද්‍යාව නැති ව ම බැරි බව ය. සැම දෙයක ම අරුත අප සොයාගත යුතු ය. හේතුවක්‌ නැතැයි කිව නොහැකි ය. හේතුව දන්නේ නැතැයි පැවසීම වෙන ම දෙයකි.

හේතුවාදය ඉදිරියට ගෙන යන සමහර විද්‍යාඥයන් දේවවාදය ඒ තුළින් මතු කරන්නට වෑයම් කරන බව පෙනේ. දෙවි කෙනකු ලෝකය මැව්වා නම් ජීවී පරිණාමය සහ ස්‌වාභාවික වරණය වැනි ක්‍රියාදාමයන් අවශ්‍ය නො වන්නේ ය. පරිණාමය සහ ස්‌වාභාවික වරණය යන ක්‍රියාදාමයන් තුළින් පෙනී යන්නේ ස්‌වභාවධර්මය දෙවි කෙනකු හෝ මැවුම්කාරකයකු හෝ ලෙස ක්‍රියා කරන්නේ නැති බව ය. එය ඥානවන්ත නිර්මාණයක (Intelligent Design) යෙදී සිටින්නේ ද නැත. ස්‌වභාවධර්මයේ ක්‍රියාදාමයන් ඥානවන්ත නිර්මාණයන් ලෙස හඳුන්වන්නට තැත් කරන්නේ දේවවාදය පස්‌ස දොරෙන් ගෙන ඒමට තැත් කරන අය ය. ස්‌වභාවධර්මයේ දැකිය හැකි නොයෙකුත් අරුම පුදුම නිර්මාණයන් ඥානවන්ත නිර්මාණ කාරකයක කෘතීන් විය යුතු බව ඔවුහු පවසති. එහෙත් මේ සියලු අරුම පුදුම ලෙස පෙනෙන දේ නිර්මාණය වී ඇත්තේ පරිණාමයේ ප්‍රතිඑල ලෙස බව පෙන්වා දිය හැකි ය. එසේ ම ස්‌වභාවධර්මය තුළ සිදු වන වැරැදි ඥානවන්ත නිර්මාණයක්‌ තුළ සිදු විය නොහැකි බව කිව යුතු ය.

කරුණු මෙසේ හෙයින් ජීවිතයේ අරුත සෙවිය යුත්තේ දෙවි කෙනකු හෝ ස්‌වභාවධර්මයට උඩින් සිටින නැණවත් කාරකයක්‌ හෝ තුළ නො වන බව පැවසිය හැකි ය. ඒ නිසා පොදු මතවාදය නැත හොත් ගර්වික එකීකෘතවාදය (Grand Unified Theory) මෙන්ම ජීව පරිණාමය, ස්‌වාභාවික වරණය අවබෝධ කරගැනීම පමණක්‌ නො ව ඒවා අතර ඇති සම්බන්ධතා විමසා බැලිය යුතු ය. ජීවිතයේ අරුතක්‌ නැතැයි අපට කිව නොහැකි ය. එසේ කීමට අවශ්‍ය දැනුම අපට නැත. අරුත අපට සොයාගත නොහැකි යෑයි පැවසීම ද කළ නොහැකි ය. එම නිසා විද්‍යාත්මක දැනුම ආගමික දැනුම දර්ශනිකයන් ගේ මතවාද යොදාගනිමින් අඩු තරමින් මේවා ගැන සාකච්ඡා කළ යුතු ය. එවිට අඩු තරමින් අප ගේ දැනුම සහ තර්ක ඥානය වර්ධනය කරගත හැකි වන්නේ ය.

අප පවසා ඇත්තේ ජීව පරිනාමය තුළ සිදු වන ජාන විකෘති වීම සසම්භාවී (random) ලෙස සහ ඉතා පුළුලA වශයෙන් සිදු වන බව ය. එවිට ජාන විකෘති වීම තුළින් නිර්මාණය වූ ප්‍රොaටීන විශාල සංඛ්‍යාවක්‌ වරණය සඳහා පැවතේ. සුදුසු ප්‍රොaටීන හිමි ජීවියා නැත හොත් එම ප්‍රොaටීන නිසා පරිසරයට වඩා සුදුසු වූ ජීවියා ගේ පැවැත්ම සහතික වන්නේ එලෙස පරිසරයට සුදුසු ආකාරයට වෙනස්‌ නො වූ ජීවියා ඉවත් වීම නිසා ය. මෙලෙසින් උසස්‌ යෑයි සැලකිය හැකි ප්‍රොaටීන ද ඒවායේ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ජාන ද ස්‌වභාවධර්මය තුළ එකතු වන්නේ ය. ජීවියා මරණයට පත් වුව ද ඊළග පරම්පරාවෙන් පරම්පරාවට ඒවා ඉතුරු වී තිබේ. තව තවත් දියුණු යෑයි සැලකිය හැකි ජාන සහ ප්‍රොaටීන මේ ලෙසින් නිර්මාණය වේ. ප්‍රොaටීන නිර්මාණය සසම්භාවී ලෙස සිදුෙ ව්. එය සසම්භාවී ක්‍රියාදාමයක්‌a වුවත් එය ස්‌වභාවධර්මයට අවශ්‍ය නැතැයි කිව නොහැකි ය. විශාල සංඛ්‍යාවක්‌ අතරින් තෝරාගැනීම කුඩා සංඛ්‍යාවක්‌ අතරින් තෝරාගන්නවාට වඩා හොඳ ක්‍රමයක්‌ විය හැකි ය. කමිසයක්‌ තෝරාගන්නා විට කමිස දෙක තුනකට වඩා සිය ගණනක්‌ ඉදිරිපත් කරන්නේ ඒ නිසා ය.

ස්‌වභාවධර්මයට නිගමනය කිsරීමේ හැකියාවක්‌ ඇත්නම් අවශ්‍ය ප්‍රොaටීන අවශ්‍ය ලෙස නිෂ්පාදනය කොට අවුරුද්දෙන් දෙකෙන් තම අරමුණ කරා ළඟා විය හැකි ය. ස්‌වභාවධර්මය තුළ අරමුණක්‌ තිබිය හැකි ය. එය අප ගේ ජීවිතයේ අරමුණ ද විය හැකි ය. එහෙත් අරමුණ කරා යැමේ මාර්ගය ඉතා ම දීර්ඝ වූ එකක්‌ පමණක්‌ නො ව මාර්ගය නො දැන යන ගමනක්‌ විය හැකි ය. ස්‌වභාවධර්මය තම අරමුණ කරා යන මාර්ගය සොයමින් සිටිනවා විය හැකි ය. ඒ ක්‍රියාදාමයේ කොටස්‌කරුවන් අප විය හැකි ය. එම මාර්ගය සොයාගැනීමට උදව් කිරීමට අප යම් කිසි කාර්යයක්‌ කරමින් සිටිනවා විය හැකි ය. මාර්ගය නො දන්නා නිසා ය සසම්භාවී මාර්ගය තෝරාගෙන ඇත්තේ. මාර්ගය දන්නවා නම් එවැනි ක්‍රමයක්‌ වෙනුවට අවශ්‍ය ප්‍රොaටීන එක විට සොයාගන්නට පුළුවන් විය යුතු ය.

ස්‌වභාවධර්මයට අවශ්‍ය වී ඇත්තේ ප්‍රොaටීන වර්ධනය ද නැතිනම් ජාන වර්ධනය ද නැතිනම් දෙක ම ද යන ප්‍රශ්නය ඇසිය යුතු ව ඇත. ඒ ප්‍රශ්නය දෙස බැලීමට පෙර පරිනාමය මගින් ප්‍රොaටීන සම්මිඤ්ජනය සහ ව්‍යqහය නිර්මාණය කිරීමට යම්කිසි ක්‍රියා මාර්ගයක්‌ ගෙන ඇත් දැයි සොයා බැලිය යුතු ය. ඇමයිනෝ අම්ල අමුණා සෑදෙන පොලිපෙප්ටයිඩ් වැලක්‌ තුළ සම්මිඤ්ජනය වීමට අවශ්‍ය ගුණාංග සහජයෙන් පිහිටා නැති බව සොයාගෙන ඇත. ත්‍රිමාන ව්‍යqහයක්‌ ගැනීමට අවශ්‍ය ගුණාංග එවැනි පොල්පෙප්ටයිඩ් තුළ දකින්නට නැත. එම ගූණාංග ලැබෙන්නේ ජීවී පරිනාමය මාර්ගයෙනි. ඇමයිනෝ අම්ල ඕනෑ ම පිළිවෙළකට අමුණාගැනීමෙන් පමණක්‌ සම්මිඤ්ජනය විය හැකි පොලිපෙප්ටයිඩ් වැලක්‌ සෑදෙන්නේ නැත. ජීවී පරිණාමය විසින් දිගු කාලයක්‌ තුළ ඇමයිනෝ අම්ල එකින් එක එක්‌තරා අනුක්‍රමයකට අමුණාගැනීමෙන් සම්මිඤ්ජනය විය හැකි ප්‍රොaටීන සාදාගනු ලැබ ඇත. එය ජීවී පරිණාමයේ මුල් අවස්‌ථාවල සිදු වූ දෙයක්‌ බවට සැක පහළ කළ හැකි ය. එනමුත් පරිණාමයේ මුල් අවධියේ සිදු වූ මේ ක්‍රියාදාමය ඔප්පු කිරීමට සාධක සොයාගෙන නැත. එය පෙන්වා දිය හැක්‌කේ පරිගණක මොඩල මාර්ගයෙන් බව පැවසිය යුතු ය.

මීට පෙර ලිපිවල මිථසථායි (metabsable) යන වචනය කෙටියෙන් හඳුන්වා දී ඇත. යම් පද්ධතියක්‌ එහි අවම ශක්‌ති අවස්‌ථාව (state of least energy) වෙනුවට වෙනත් ශක්‌ති අවස්‌ථාවක (energy state) යම් කාල පාරාසයක්‌ ගත කරනවා නම් එම අවස්‌ථාව මිථස්‌ථායි අවස්‌ථාවක්‌ ලෙස හැඳින්වේ. මා මේ කරුණ නැවතත් සඳහන් කරන්නට සිතුවේ ප්‍රොaටීන සෑදී ඇති ඇමයිනෝ අම්ලවල රසායනික බන්ධන මිථස්‌ථායි අවස්‌ථාවේ පවතින බව වැදගත් වන නිසා ය. ජාන විකෘති වීමේ මාර්ගයෙන් ප්‍රොaටීන නිපදවීමේ දී මේ මිථස්‌ථායි බන්ධන වැදගත් වන්නේ ය. සම්මිඤ්ජනය විය හැකි ප්‍රොaටීන ජීවී පරිණාමය විසින් නිර්මාණය කිරීමේ දී මිථස්‌ථායි අවස්‌ථාව යොදාගැනෙන බව ඉහත සඳහන් කළ පරිගණක මොඩල මාර්ගයෙන් සොයාගෙන ඇත. ජාන සෑදී ඇති නියුක්‌ලියොටයිඩ් එකිනෙකට බැදී ඇත්තේ ද මිථස්‌ථායි අවස්‌ථාවේ පවතින බන්ධන විසිනි. ප්‍රොaටීන සම්මිඤ්ජනය විය හැකි අවස්‌ථාවට ඒමට පරිණාමය විසින් යම් කටයුත්තක්‌ කෙරෙන බව ඉහත සඳහන් කොට ඇත. ඒ කටයුත්ත කරන්නේ ජාන මාර්ගයෙන් විය යුතු ය. ජාන තිබිය හැක්‌කේ සෛල තුළ ය. සෛල සෑදෙන්නට ප්‍රොaටීන අවශ්‍ය ය. පළමුව ඇති වූයේ කුමක්‌ ද යන ප්‍රශ්නය මෙතැන දී පැනනගී. ප්‍රොaටීන සෑදීමට ජාන අවශ්‍ය ය. ජාන සෑදීමට ප්‍රොaටීන අවශ්‍ය ය.

DNAල RNA සහ ප්‍රොaටීන ජීවියාට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වන්නේ ය. ඒවායින් පළමුව ඇති වූයේ කුමක්‌ ද? අප ගේ මුල් ප්‍රශ්නය එනම් ජීවිතයේ අරුත කුමක්‌ ද යන්න සලකා බැලීමේ දී ස්‌වභාවධර්මය විසින් පළමුව නිර්මාණය කෙරුණේ DNA ද RNA ද නැත හොත් ප්‍රොaටීන ද යන ප්‍රශ්නය ගැන සාකච්ඡා කළ යුතු වන්නේ ය. DNA සෑදීමට ප්‍රොaටීන යම් ප්‍රමාණයක්‌ අවශ්‍ය වන්නේ ය. ප්‍රොaටීන සෑදීමට DNA අවශ්‍ය වන්නේ ය. පිටපත් කිරීම හෝ ප්‍රතිකෘතිය (රුචකසජ්එසදබ) සිදුවීමට හැකියාව ඇත්තේ DNAවලට ය. ප්‍රථමයෙන් ඇති වූයේ DNA ද නැතිනම් ප්‍රොaටීන ද යන ප්‍රශ්නය මෙතැන දී පැනනගී. මීට පිළිතුරක්‌ වශයෙන් RNA ලෝකය (RNA උදරකා ඤබජැචඑ) නමැති සංකල්පය ඉදිරිපත් වී ඇත. RNAවලට ප්‍රතිකෘතිය වීමේ හැකියාව සහ ප්‍රොaටීන සෑදීමේ හැකියාව යන දෙක ම පිහිටා ඇත. එම නිසා මුලින් ම ඇති වූ ප්‍රතිකෘතිය හැකියාව ඇති දෙය වීම සඳහා සුදුසුකම් ලබන්නේ RNA විය හැකි ය. අප ගේ මුලික ප්‍රශ්නය වන ජීවිතයේ අරුත කුමක්‌ ද යන්නට ජීවියා ගේ මුල් බිහි වීම අදාළ නිසා RNA ලෝකය ගැන දැන ගැනීම වැදගත් වන්නේ ය. මේ ගැන ඉදිරි ලිපිවල සාකච්ඡා කරමු.

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග DSc