logo3.gif (702 bytes)

HOME


විද්‍යාවේ දාර්ශනික පදනම - 13

පසුගිය ලිපියේ සාකච්ජා කළේ මිනිසා ගේ ජීවිතයේ අරුත පිළිබඳ කරුණු ගැන ය. විශ්වය පිළිබඳව බුදුන් පැවසූ කරුණු ගැන ද සටහනක්‌ තැබිණි. ජීවිතයේ අරුත සෙවීමේ දී මිනිසා ගේ ගුණාංග සැලකිල්ලට ගත යුතු ය. කරුණාව, දයාව, ආදරය සේ ම තෘෂ්ණාව, ක්‍රෝධය, මෝහය මිනිසා තුළ ඇත්තේ කුමක්‌ අරමුණු කරගෙන දැයි සිතා බැලිය යුතු ය. එලෙස ම ඥානය, නිර්මාණාත්මක හැකියාව වැනි ගුණාංග පිළිබඳව ද සිතා බැලිය යුතු ය. මේවා ඇති වී තිබෙන්නේ ඇයි ද යන්න සිතා බැලිය යුතු ය. මේවා හොඳ ද නරක ද යන්න පමණක්‌ පිළිබඳව සිතා බැලීම ප්‍රමාණවත් නො වන්නේ ය. ඒවා නිෂේධ කිරීම හෝ වර්ධනය කිරීම හෝ පිළිබඳව පමණක්‌ සිතා බැලීම ප්‍රමාණවත් නො වන්නේ ය. එම ගුණාංග මිනිසා විසින් ඇති කරගැනුණු ඒවා නො වේ. ඒවා මිනිසා බිහි වූ දා පටන් තිබුණු බව පෙන්වා දිය හැක. තව ද එම ගති ගුණ සත්ත්වයන් තුළ පවා තිබෙන බව අපි දනිමු. මා පවසන්නේ එම ගුණාංග සහිත මිනිසා ස්‌වභාවධර්මයේ කොටසක්‌ බවත් එම ගුණාංග එලෙස පිහිටා ඇත්තේ ස්‌වභාවධර්මයට අවශ්‍ය නිසාත් බවත් ය. උදාහරණයක්‌ ලෙස ආදරය ගත හොත් එය සත්ත්ව ප්‍රජනනයට අවශ්‍ය බව පෙන්වා දිය හැකි ය. සත්ත්ව ප්‍රජනනය ස්‌වභාවධර්මයේ අත්‍යවශ්‍ය ක්‍රියාදාමයක්‌ බව ද පෙන්වා දිය හැකි ය. සත්ත්ව ප්‍රජනනය, පරිණාමය, ස්‌වාභාවික වරණය යනාදිය ගැන සිතන විට මේ ගුණාංග ගැන ද සලකා බැලිය යුතු වන්නේ ය. තෘෂ්ණාව ගැන ද එලෙස ම සිතා බැලිය යුතු ය. බුදුරදුන් තෘෂ්ණාව නැති කරගත යුතු ය යන මතයේ සිටි නිසා එම ධර්මය මේ සාකච්ජාවට අදාළ වන්නේ ය. එම නිසා ය පසුගිය ලිපියේ ඒ ගැන දීර්ඝ ලෙස සාකච්ජා කරන්නට සිදු වූයේ.

මේ ලිපිය මගින් ස්‌වාභාවික වරණය පිළිබඳව තවත් කරුණු ඉදිරිපත් කරන්නට සිතුවෙමි. ජාන වර්ධනය වීම සඳහා ස්‌වාභාවික වරණය ඉතා ම වැදගත් බව පෙන්වා දී ඇත. ස්‌වාභාවික වරණය දැනට පිළිගන්නා මූලික න්‍යාය (fundamental laws) මත පදනම් ව පහදා දිය හැකි යෑයි පවසන විද්‍යාඥයන් සිටින බව පෙර ලිපියක සඳහන් කළෙමි. ස්‌වාභාවික වරණය සිදු වීම සඳහා ජාන විකෘති වීම ද එA අනුව ප්‍රොටීන් සම්මිඤ්ජනය ද අවශ්‍ය වන්නේ ය. මේවා භෞතික න්‍යායවලට අනුකූලව සිදු වන බව වටහාගැනීම පිණිස පළමුව ශක්‌ති පරිදර්ශය (energy landscape) යන සංකල්පය කෙටියෙන් සහ සරලව සලකා බැලිය යුතු ය. මේ සංකල්පය භෞතික, රසායනික, සහ ජෛව රසායනික විද්‍යාවලට අදාළ ය. යම් අණුක පද්ධතියක (molecular system) පවතින අංශුවල නියම ස්‌ථානය සහ ඒවායේ තිබෙන ශක්‌ති ප්‍රමාණය අනුරූපණය (mapping) කර පෙන්වීම ශක්‌ති පරිදර්ශය ලෙස විස්‌තර කළ හැකි ය. සාමාන්‍යයෙන් landscape යන ඉංගී්‍රසි වචනය යොදන්නේ උද්‍යානයක හෝ ගෙවත්තක කළ හැකි භූ දර්ශනය තේරුම් කර දීමට ය. උද්‍යානයේ උස්‌ සහ පහත් ස්‌ථාන පිළිවෙළකට නිර්මාණය කිරීම එම කටයුත්තට අයත් වන්නේ ය. එලෙස ම අණුක පද්ධතියක ශක්‌තියෙන් උපරිම සහ අවම ස්‌ථාන නැත හොත් වස්‌තු තිබෙන්නට පුළුවන. උද්‍යානයේ උස්‌ සහ පහත් තැන් භූ දර්ශනය විසින් පෙන්නුම් කර දෙනු ලැබේ. ඒලෙස අණුක පද්ධතියක ශක්‌තිය උස්‌ සහ පහත් ලෙස විසිරී ඇත්තේ කෙසේ දැයි අනුරූපනය කර පෙන්වීම ශක්‌ති පරිදර්ශය (energy landscape) නම් වේ.

ප්‍රොaටීන් නැමීම හෝ සම්මිඤ්ජනය (protein folding) සිදු වන්නේ ශක්‌ති පරිදර්ශයේ බලපෑම පරිදි බව ජීව විද්‍යාඥයන් ගේ මතය වී ඇත. ස්‌වාභාවික වරණය සිදු වීමේ දී ප්‍රොaටීන් සම්මිඤ්ජනය වැදගත් වන නිසා ඒ ගැන සාකච්ජා කළ යුතු ය. ප්‍රොaටීන්වලට එහි ශක්‌ති පරිදර්ශයේ නොයෙකුත් සංන්‍යාස හෝ හැඩ (conformations)වලට අනුව පැවතිය හැකි වුවත් ඒවා හැකිළී අඩු ම නිදැලි ශක්‌තිය (free energy) ඇති අවස්‌ථාවට පත් වන බව පැවසේ. මේ ලෙස නිර්මාණය වන ප්‍රොaටීන් ව්‍යqහය පමණි එහි කාර්ය ඉටු කිරීමට සුදුසු වන්නේ. වෙනත් සංන්‍යාස හෝ හැඩවලට එම කාර්යය කළ නොහැකි ය. ප්‍රොaටීන්වල කාර්යයන් ජීවියා ගේ පැවැත්මට අත්‍යවශ්‍ය වන්නේ ය. ප්‍රොaටීන්වල ක්‍රියාකාරකම් නිගමනය වන්නේ ප්‍රොaටීන් සම්මිඤ්ජනය නිසා එය ගන්නා ත්‍රිමාන ස්‌වරූපවලිනි. සම්මිඤ්ජන පුනීලය (folding funnel) නමැති සංකල්පය ඉදිරිපත් වී ඇත්තේ ශක්‌ති පරිදර්ශය මගින් ප්‍රොaටීන් සම්මිඤ්ජනය පහදා දීමේ කාර්ය පහසු කිරීම සඳහා ය.

කාර්යයක්‌ කිරීම සඳහා ප්‍රොaටීන් සම්මිඤ්ජනය වන්නේ ඒවා ස්‌වාභාවික වරණයට භාජන වී ඇති නිසා මිස අහඹු ලෙස සිදු වන බහුඅවයවීකරණය (random polymerization) නිසා නො වන බව විද්‍යාඥයෝ විශ්වාස කරති. ඔවුන් තැත් කරන්නේ ප්‍රොaටීන් සම්මිඤ්ජනයේ භෞතික ගතිකය (physical dynamics) සත්ත්ව පරිණාමය සමග සම්බන්ධ වන්නේ කෙසේ ද කියා සොයා බැලීමට ය. සරලව කියනවා නම් ප්‍රොaටීන් නැමීම ගතික විද්‍යාවට අනුව පහදා දෙන විට ඊට අවශ්‍ය පරිසරයේ ඇති උත්තේජය (stimulus) එම ගතිකය සමග සම්බන්ධ කරන්නේ කෙසේ ද යන්න විසඳීමට ය.

මේ විද්‍යාඥයන් පවසන්නේ ස්‌වභාවධර්මය විසින් ජීව පරිණාමය සිදු කිරීම පිණිස ඉමහත් වූ කාල පාරාසයක්‌ තුළ ප්‍රොaටීන් දම්වැලක අනුපිළිවෙළ තෝරා ගැනෙන බව ය. තව ද ඒ සඳහා භාවිත කරන ශක්‌ති පරිදර්ශය වැනි ම ශක්‌ති පරිදර්ශයක්‌ එම ප්‍රොaටීනයේ කාර්යයන් කිරීම සඳහා ක්‌ෂණයකින් සම්මිඤ්ජනය කිරීමට ද යොදාගන්නා බව ය. සුදුසු ප්‍රොaටීන් තෝරාගැනීමට ස්‌වභාවධර්මය භාවිත කරන්නේ එම ප්‍රොaටීන් සම්මිඤ්ජනයට භාජන කිරීමට යොදා ගන්නා ශක්‌ති පරිදර්ශය වැනි ම එකක්‌ වන්නේ ය. (P.G.Wolynes, 2014). මේ ශක්‌ති පරිදර්ශය පුනීලයක හැඩයක්‌ ගන්නා බව ද පැවසේ. මේ ගැන දීර්ඝ ලෙස කරුණු දැක්‌වීමට සහ එAවා පිළිබඳ කර ඇති පරියේෂණ සහ ලබාගෙන ඇති ප්‍රතිඵල සාකච්ඡා කිරීමට ඉදිරියේ දී බලාපොරොත්තු වෙමි.

ප්‍රොaටීන් සම්මිඤ්ජනය සිදු වන්නේ ජීවී සෛලයක්‌ තුළ බව අපි දනිමු. සෛලය තුළ රසායනික ද්‍රව්‍ය විශාල සංඛ්‍යාවක්‌ ඇත. රසායනගාරයක මෙන් ඒවා වෙන් වෙන් වශයෙන් බෝතල්වල දමා නැත. රසායනික ද්‍රව්‍ය සෛලය තුළ සයිටොප්ලාස්‌මයේ විසිරී පවතී. එහෙත් ඒවා රසායනික ප්‍රතික්‍රියාවේ යෙදෙන්නේ ඊට අවශ්‍ය උත්ප්‍රේරකය (catalyst) ලැබුණොත් පමණි. උත්ප්‍රේරකය ලෙස ක්‍රියා කරන්නේ සම්මිඤ්ජනයට භාජන වූ ප්‍රොaටීන ය. යම්කිසි ප්‍රතික්‍රියාවක්‌ සඳහා අවශ්‍ය උත්ප්‍රේරකය ලැබෙන්නේ එම රසායනික ප්‍රතික්‍රියාවෙන් ලැබෙන එලය ශරීරයට අවශ්‍ය වූ විට පමණි. ශරීරයට අවශ්‍ය සැම ද්‍රව්‍යයක්‌ ම සෛල විසින් නිපදවෙන්නේ මෙලෙසිනි. ප්‍රොaටීන් සම්මිඤ්ජනය මගින් එක්‌තරා ත්‍රිමාන ව්‍යqහයක්‌ ලබාගන්නේ එම ප්‍රොaටීනයේ ඇමයිනෝ අම්ල අමුණා ඇති අනුක්‍රමික පිළිවෙළ අනුව ය. ඇමයිනෝ අම්ල අනුක්‍රමික පිළිවෙළකට මාලයක්‌ සේ අමුණා ගන්නේ DNAවලින් ලැබෙන උපදේශ අනුව ය. DNA මගින් RNA නිර්මාණය වී RNA විසින් ප්‍රොaටීන් නිර්මාණය කෙරෙන්නේ ය.

මේ ලෙස බලන විට ප්‍රොaටීන් වනාහි ජීව පරිණාමය නිසා නිර්මාණය වූ ද්‍රව්‍යයක්‌ බවත් එය අණුක (molecular) මට්‌ටමින් ද, ජීවියා ගේ මට්‌ටමින් ද, මුළු ජීවී ගහනය මට්‌ටමින් ද ප්‍රකාශයට පත් වන බවත් පෙනී යා යුතු ය. ප්‍රොaටීන් අණුක මට්‌ටමින් ක්‍රියාකාරී වන අන්දම ඉහත සඳහන් ලෙස සිදුවේ. ඒ ලෙසින් සිදු වූ ක්‍රියාදාමය නිසා ජීවියා ගේ ව්‍යqහය නිගමනය වන්නේ ය. ඒ ලෙසින් නිර්මාණය වූ ජීවියා සත්ත්ව ලෝකයේ නැත හොත් ජීවී ගහනය තුළ කෙසේ පැවැත්මක්‌ ඇති කරගන්නාවා දැයි යන්න ද නිගමනය වන්නේ ප්‍රොaටීන්වල ක්‍රිකාරීත්වය හේතු කොටගෙන ය.

ඇමයිනෝ අම්ල ඇමිණෙන අනුක්‍රමික පිළිවෙළ අනුව එකින් එක වෙනස්‌ වූ ප්‍රොaටීන් විශාල සංඛ්‍යාවක්‌ සෑදෙන්නට හැකි ය. එම ප්‍රොaටීන් සම්මිඤ්ජනය වී එකින් එක වෙනස්‌ වූ ත්‍රිමාන ව්‍යqහයක්‌ සෑදේ. මේවා ද විශාල සංඛ්‍යාවක්‌ සෑදෙන බව සොයාගෙන ඇත. ජීව ලෝකයේ ප්‍රොaටීන් ත්‍රිමාන ව්‍යqහ දැනට 30000ක්‌ පමණ ප්‍රොaටීන් දත්ත බැංකුවේ (protein data bank) තැන්පත් වී ඇත. මේ අයුරින් ප්‍රොaටීන් විශ්වය (protein universe) යන අදහස මතු වී තිබෙන්නේ එය එතරම් ම විශාල නිසා ය. මේ ප්‍රොaටීන් විශ්වය තුළ ප්‍රොaටීන් පවුල (protein
family) ලෙස හැඳිනගත හැකි සමාන ව්‍යqහය සහිත එමෙන් ම සමාන ක්‍රියාවන් ඉටු කරන ප්‍රොaටීන් තිබේ. ප්‍රොaටීන් පවුqල තුළ ඇති ප්‍රොaටීන් එකින් එක වෙනස්‌ වන්නේ ස්‌වල්ප වශයෙනි.

මෙවැනි විශාල ප්‍රොaටීන් විශ්වයක්‌ නිර්මාණය වී ඇත්තේ ජාන විකෘති වීම නිසා බව කිව හැකි ය. ජාන විකෘති වීම සිදු වන්නේ ස්‌වභාවධර්මය තුළ පවතින ක්‍රියාදාමයන් නිසා ය. ඒවා නොයෙකුත් විකිරණ (radiation), රසායනික ද්‍රව්‍ය, වයිරස්‌ වැනි දේ වන්නේ ය. මේ විකිරණ පැමිණෙන්නේ විශ්වයේ ඇති තාරකා, ග්‍රහ ලෝක, වැනි වස්‌තුවල ක්‍රියාදාමයන් නිසා ය. මෙය ස්‌වභාවධර්මයේ ක්‍රියාදාමයක්‌ බව පෙනේ. ඒ ක්‍රියාදාමය නිසා විකෘති වූ ජානවලින් ජීවියාට ප්‍රායෝජනවත් ජාන තෝරා ගැනෙන්නේ ස්‌වාභාවික වරණය විසිනි. විකෘති වූ ජාන සමහරක්‌ ජීවියා ගේ ව්‍යqහයේ වෙනසක්‌ සිදු කරන්නට සමත් වන්නේ ය. එම වෙනස නිසා ජීවියා තම පරිසරයේ ජීවත් වීමට වඩා සුදුසු වන්නේ ය.

ජීවියා ගේ ජාන එකතුවේ ස්‌වභාවය ප්‍රවේනි දර්ශය (genotype) නමින් ද ජීවියා ගේ පෙනෙන්නට තිබෙන ව්‍යqහය රූපානුදර්ශය (phenotype) නමින් ද හැඳින්වේ. මේ දෙක අතර ඇති සම්බන්ධය නොයෙකුත් පර්යේෂණ මගින් පෙන්වා දී ඇත. පරිසරයේ සාධක කෙළින් ම බලපාන්නේ රූපානුදර්ශය මත ය. ප්‍රොaටීන්වල ඇමයිනෝ අම්ල ඇමිණී ඇති පිළිවෙළ වෙනස්‌ වන්නේ ඉතා ම සෙමිනි. ප්‍රොaටීන් පරිනාමය ලෙස හැඳින්විය හැකි මේ ක්‍රියාදාමය දිගු කාලයක්‌ තුළ සිදු වන දෙයකි. මේ වෙනස්‌ වීම සිදු වන කාලය තුළ දී එම ප්‍රොaටීනයෙන් සිදු කළ ක්‍රියාව අඩු නො වී සිදු විය යුතු ය. එසේ නො වුණා නම් ජීවියා ගේ පැවැත්මට බාධා පැමිණේ. එවිට ප්‍රොaටීන් පරිණාමය සිදු විය නොහැකි ය. ජීව පරිණාමයට වැදගත් වන්නේ මෙවැනි ප්‍රොaටීන් වෙනස්‌ වීමකි. විශාල වෙනසක්‌ සිදු වී ජීවියා මරණයට පත් වන්නේ නම් පරිණාමය සිදු විය නොහැකි ය.

මේ ලෙස කරුණු සොයාගන්නා ජීව විද්‍යාඥයෝ පරිණාමය සිදු වන ආකාරය සොයා බැලීමට නොයෙකුත් මොඩල හෝ ආකෘති නිර්මාණය කොට පර්යේෂණ සිදු කළෝ ය. මෙවැනි මොඩලයක්‌ වූයේ ප්‍රවේණි දර්ශය තුළ ජාන ද්වීකරණය (gene duplication) සහ ජාන විකෘති වීම පිළිබිඹු කිරීම සහ රූපානුදර්ශය තුළ ප්‍රජනනය හෝ ප්‍රත්‍යqත්තරය (replication) සහ මරණය පිළිබිඹු කොට සිදු වන වෙනස සොයා බැලීම විය. වෙන වචනයෙන් කියනවා නම් මොඩලය තුළ පරිණාමයේ සිදු වන ජාන වෙනස්‌ වීම ද සත්ත්වයා තුළ සිදු වන ප්‍රජනනය සහ මරණය පිළිබිඹු එක විට ක්‍රියාකාරි විය. මේ පර්යේෂණ කරන ලද්දේ Zeldovich KB, Chen P, Shakhnovich BE සහ Shakhnovich EL යන විද්‍යාඥයන් විසින් 2007 වසරේ දී ය. මේ කණ්‌ඩායම පර්යේෂණ සිදු කළේ හාර්වර්ඩ් විශ්වවිද්‍යාලයේ ය. (Harvard University). මේ ආකෘති නැතිනම් මොඩල විසින් පරිණාමය තුළ සිදු වන බොහෝ දේවල් නිරූපනය කරන ලදී. එනම් ජාන විකෘති වීම සහ ද්වීකරණය මෙන්ම ප්‍රජනනය සහ මරණය එලෙස ආකෘතිය තුළ නිරූපණය විය. මේ පර්යේෂණයෙන් සොයා ගන්නා ලද්දේ ප්‍රොaටීන්වල ස්‌ථාවරත්වය දියුණු කරන ජාන විකෘති වීම් විසින් මරණය අඩු කෙරෙන බව ය. එලෙස ම ප්‍රොaටීන්වල ස්‌ථාවරත්වය දුර්වල කරන ජාන ද්වීකරණය විසින් මරණය වැඩි කෙරෙන බව ය. තව ද මරණය නිගමනය කරන්නේ ස්‌ථාවරත්වය අඩු ම ප්‍රොaටීන්වලින් බව ද සොයා ගන්නා ලදී. ජාන විකෘති වීම නිසා ම ජීවියා මරණයට පත් වන්නේ නැත.

තවත් මෙවැනි ම වූ පර්යේෂණවලින් සොයාගෙන ඇත්තේ ජීවීන් ගේ සංකීර්ණත්වය ඔවුන් ගේ පැවැත්ම සඳහා වැදගත් වන බව ය. වඩා සංකීර්ණ වූ ජීවියාට පරිසරයේ ජීවත් වීම සඳහා වැඩි සම්භාව්‍යතාවක්‌ ඇතැයි සොයාගෙන ඇත. ජීව පරිණාමය විසින් සිදු කරනු ලැබ ඇත්තේ ජීවියා ගේ සංකීර්ණත්වය වැඩි කිරීම ය. සංකීර්ණත්වය වැඩි වීම සඳහා වැඩි ප්‍රොaටීන් සංඛ්‍යාවක්‌ අවශ්‍ය වන්නේ ය. ප්‍රොaටීන් වැඩි වීම සඳහා වැඩි ජාන ප්‍රමාණයක්‌ අවශ්‍ය වන්නේ ය. ජීව පරිනාමයේ දී ජාන සංඛ්‍යාව ද වැඩි වී ඇත. එය කෙසේ සිදු වූයේ ද?

දැනට සොයාගෙන ඇති කරුණුවලට අනුව ජාන විකෘතිය සිදු වන්නේ සසම්භාවී ලෙස ය. එය පාලනය කරන ස්‌වාභාවික නීති රීති නැත්තේ නො වේ. එනමුත් එය සිදු වන්නේ ස්‌වභාවධර්මයෙන් ලැබෙන විශේෂී අණ කිරීමක්‌ නිසා නො වේ. එහෙත් එසේ විකෘති වන ජානවලින් සෑදෙන ප්‍රොaටීන් විශාල ප්‍රමාණයෙන් සුදුසු ප්‍රොaටීන් තෝරාගැනෙන්නේ ස්‌වාභාවික වරණය විසිනි. නුසුදුසු ප්‍රොaටීන් තිබෙන ජීවියා ස්‌වභාවධර්මයේ නිSතිරීතිවලට අනුව මරණයට පත් වේ. එවිට සුදුසු ප්‍රොaටීන් ඇති ජීවියා ඉතිරි වේ. එවිට ඒ සුදුසු ප්‍රොaටීන් නිර්මාණය කළ ජාන ජීවියා සමග ඉතිරි වේ. එම ජාන ඊළඟ පරම්පරාව මගින් ඉදිරියට ගෙන යයි.

මේ ක්‍රියාදාමය තුළ තේරුමක්‌ ඇත් ද? ජීවියා ගේ ජීවිතයට තේරුමක්‌ තිබේ නම් එම ක්‍රියාදාමය තුළ තේරුමක්‌ තිබිය යුතු ය. ජීවියා පරිණාමය වී මනුෂ්‍යයා බවට පත් වූයේ කුමක්‌ නිසා ද? එය අහඹුq සිදුවීමක්‌ ද? ජාන විකෘති වීම අහඹු සිදුවීමක්‌ වූ නිසා සියල්ල අහඹු සිදුවීම් යෑයි සිතිය හැකි ද? ජාන විකෘති වීම අහඹු සිදුවීමක්‌ වී ඇත්තේ ස්‌වභාවධර්මය එය එසේ සිදුවීමට ඉඩ දී ඇති නිසා ද? සසම්භාවී මාර්ගය ස්‌වභාවධර්මයේ විශ්වයේ මාර්ගය විය යුතු ය. ජාන විකෘති විම සිදු වන්නේ විශ්වයෙන් පැමිණෙන විකිරණ නිසා ය. මෙය මෙසේ නිර්මාණය වී ඇත්තේ තේරුමක්‌ ඇති ව ද? නැති ව ද? සසම්භාවී මාර්ගය විශ්වය විසින් උපයෝගි කරගනු ලැබ ඇත. ඒ නිසා ඊට තේරුමක්‌ නැතැයි පැවසිය නොහැකි ය. මෙය හේතු විද්‍යාව (Teleology) හෝ සාධ්‍යතාවාදය වන්නේ ද? හේතු විද්‍යාව පවසන්නේ විශ්වයේ සැම ක්‍රියාදාමයකට ම හේතුවක්‌ ඇති බව ය. සසම්භාවී ලෙස එය සිදුවීම පිsණිස බොහෝ කාලයක්‌ වැය වුවත් අවසානයේ උපරිම එල නෙළාගත හැකි විය යුතු ය. කාලය දිගු යෑයි කියන්නේ අප ය. විශ්වයට එය දිගු කාලයක්‌ නො වන්නේ ය. එම නිසා ජීවිතයේ අරුත සෙවීම පිණිස අපට තවත් දිරි ගැන්වීමක්‌ අලුතින් සොයා ගන්නා ලද මේ කරුණුවලින් ලැබෙන්නේ ය. මේ ගැන ඉදිරියේ දී සාකච්ජා කරමු

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග DSc.