logo3.gif (702 bytes)

HOME


විද්‍යාවේ දාර්ශනික පදනම - 7

අප ගේ ජීවිතයේ අරුත විද්‍යාව මගින් සොයාගත හැකි ද යන ප්‍රශ්නය මීට පෙර ලිපියක සඳහන් කළෙමි. එය විද්‍යාවට අදාළ දාර්ශනික ප්‍රශ්නයක්‌ වන්නේ ය. එක්‌ පොදු මතවාදයක්‌ (
Theory of Everything) නිර්මාණය කිරීමට විද්‍යාඥයන් තැත් කරන අන්දම ද පෙර ලිපියේ විස්‌තර කළෙමි. මේ ප්‍රශ්න දෙක අතර සම්බන්ධයක්‌ ඇත් ද? එසේ නො වන්නේ නම් පළමු ප්‍රශ්නයට පිළිතුර ඇත්තේ දෙවැනි ප්‍රශ්නයේ පිළිතුර තුළ වන්නට බැරි ය. තව ද ස්‌වාභාවික වරණය (Natural Selection) මූලික මතවාදයක්‌ ලෙස පිළිගත හැකි බව සමහර දාර්ශනිකයන් ගේ මතය වී ඇත. එසේ නම් ජීවිතයේ අරුත සොයාගත හැක්‌කේ එවැනි මතවාදයක්‌ භාවිත කිරීමෙන් බව සමහර දාර්ශනිකයන් ගේ මතය වී ඇත. එසේ නම් ජීවිතයේ අරුත කුමක්‌ ද යන ප්‍රශ්නයට පිළිතුර පොදු මතවාදය තුළ තිබිය නොහැකි ය. පොදු මතවාදය නිර්මාණය වූවාට පසුව ගණිතමය මොඩලයකට එහා ගිය එකක්‌ නො වන බව විද්වත් ස්‌ටීවන් හෝකිනන්ග් පවසා ඇත. එසේ නම් එම ගණිතමය මොඩලය මාර්ගයෙන් අප ගේ ජීවිත අරුත කුමක්‌ දැයි සොයාගත හැකි ද?

අප ගේ ජීවිතයේ අරුතක්‌a ඇති ද? මෙය අප ගේ මූලික දාර්ශනික ප්‍රශ්නය වන්නේ ය. සැම ප්‍රශ්නයට ම උත්තරය ඇත්තේ එතැන ය. අරුතක්‌ නැතැයි පවසන දාර්ශනිකයන් ආඥෙනවාදීන් ලෙස නම් කෙරේ. බුදුන් ගේ කාලයේ ද ඉන්දියාවේ මෙවැනි පුද්ගලයෝ වාසය කළෝ ය. සංජය බෙල්ලට්‌ඨපුත්ත එවැන්නෙකි. ආතර් ෂොපන්හුවර් (
Arthur Shopenhuer), පෙඩ්රික්‌ නීට්‌ෂේ (Fedrick Nietzche) 19 වැනි ශත වර්ෂයේ විසූ ආඥවනාදීන් යෑයි සැලකෙන දර්ශනිකයෝ වූ හ. ලෝකය පිළිබඳ සම්පූර්ණ වූ දැනගැනීමක්‌ ලබාගත නොහැකි බව ඔවුහු පැවසූ හ. ඉන් හැඟෙන්නේ ජීවිතයේ අරුතක්‌ ඇත්තේ වුව ද එය දැනගැනීමට නොහැකි බව ය. අරුතක්‌ ඇතොත් එය දැනගත නොහැකි යෑයි පැවසිය හැකි ද? යමක්‌ ඇතොත් එය සොයාගත හැකි විය යුතු ය. තව ද යමක්‌ නො පවතින බව හරියට ම දැනගත නොහැකි ය. අපේ ජීවිතයේ අරුතක්‌ නැතැයි පැවසීම ලෝකය, විශ්වය සහ ජීවීන් ගේ පැවැත්ම ගැන විශ්වාසයක්‌ නො තැබීම ය. බුදුරදුන් අප ගේ ජීවිතයේ අරුත කුමක්‌ දැයි නො පැවසුවාට හොඳින් ජීවත් වන අන්දම ද අවසානයේ දුක දුරු කරගන්නා මාර්ගය ද පෙන්වා දුන් සේක. අප ගේ ජීවිතයේ වැදගත් වන්නේ අපි බව උන්වහන්සේ පිළිගත් බව මින් පැහැදිලි වේ. මැවුම්කාර දෙවි කෙනකු සිටින ආගම්වල උගන්වන්නේ අප ගේ ජීවිතයේ අරුත වන්නේ දෙවියන් සමග එක්‌ වීම බව ය.

ආගම්වල උගන්වන ජීවිතයේ අරුත වන්නේ ජීවීන් හෝ මිනිසුන් මුල් කරගත් අදහසකි. එසේ නම් මුළු විශ්වය පවතින්නේ ද අප ගේ ජීවිතයේ අරුත සාක්‌ෂාත් කරගැනීම පිණිස විය යුතු ය. විශ්වයේ ඇති දේවල් සමඟ මේ පෘථිවියේ ඇති ජීවීන් සැසඳීමේ දී පැහැදිලි වන්නේ සාගරයේ දිය බිංදුවකට අප සමාන කළ හැකි බව ය. අප දිය බිඳුවක්‌ නම් සාගරය අවශ්‍ය වන්නේ ඇයි ද යන ප්‍රශ්නය පැනනගී. මුළු විශ්වයේ තිබෙන ග්‍රහවස්‌තුන්වලින් 5%ක්‌ පමණ ජීවීන් ගේ පැවැත්මට අවශ්‍ය ද්‍රව්‍ය සහ යෝග්‍ය තත්ත්වයක්‌ ඇති බව පැවසේ. මෙවැනි ගණනයන්ට අනුව ග්‍රහ වස්‌තුන් මිලියනයක පමණ එවැනි තත්ත්වයක්‌ පවතින බව අනුමාන වශයෙන් පිළිගැනේ. එහෙත් නිශ්චිත වශයෙන් පෘථිවිය හැරුණු කොට වෙනත් ග්‍රහ ලෝකවල ජීවීන් සිටින බව දැනට පැවසිය නොහැකි ය. පෘථිවියේ පමණක්‌ ජීවීන් සිටීමට හේතුවක්‌ නැත. එම නිසා තර්ක කළ හැක්‌කේ ජීවීන් වෙනත් ලෝකවල ද සිටින බව ය. එසේ වුව ද මුළු විශ්වය අවශ්‍ය වන්නේ එවැනි ජීවීන් ස්‌වල්පයක පැවැත්ම පිණිස ද ?

මේ ප්‍රශ්නය වැදගත්කමින් ජීවීන් මුල් කරගෙන නැත හොත් කේන්ද්‍රිය කරගෙන අසන ප්‍රශ්නයක්‌ වන්නේ ය. ජීවීන් ස්‌වලපයක්‌ අවශ්‍ය වී ඇත්තේ විශ්වයට යෑයි සිතා එම ප්‍රශ්නය ඇසිය හැකි ය.

මේ තරම් විශාල වූ විශ්වයට ජල බිංදුවක්‌ තරම් වූ ජීවීන් අවශ්‍ය වන්නේ ඇයි දැයි ඇසිය හැකි ය. ජීවීන් විශ්වයට අත්‍යවශ්‍ය වූ යම් කිසි ක්‍රියාවක්‌ හෝ සේවයක්‌ ඉටු කරනවා ද? අපට අප වැදගත් වූවාට විශ්වයට වැදගත් වන්නේ අප නො වන්නට පුළුවන. ඊට වැදගත් වන්නේ අප ගේ සේවය වන්නට පුළුවන.

ජීවිතයේ අරුත කිම යන ප්‍රශ්නය මේ ලෙසින් වෙනස්‌ කොට අප විශ්වයට අවශ්‍ය සේවයක්‌ ඉටු කරනවා ද එය කුමක්‌ දැයි ඇසිය හැකි ය. මේ ප්‍රශ්නය මේ විදියට වෙනස්‌ කරන්නට හේතු කිහිපයක්‌ ඇත. ජීවීහු ටික කාලයක්‌ ජීවත් වී මරණයට පත් වෙති. එම නිසා ය අප නිතර ම ජීවිතයේ තේරුම කුමක්‌ දැයි අසන්නේ. අප අමරණීය නම් ජීවිතයේ තේරුමක්‌ ඒ තුළ ම ඇත. එහෙත් අප ජීවත් වන්නේ සතුටින් නො වේ. කුමන සැපක්‌ වුව ද දුකක්‌ බවට හැරෙන බව බුදුන් පෙන්වා දී ඇත. අප සතුටින් සැම දා ජීවත් වනවා නම් පමණි, අප වෙනුවෙන් සැකසී ඇති අරුතක්‌ එහි ඇතැයි කිව හැක්‌කේ. එම නිසා කෙටි කාලයක්‌ දුකින් පවතින මේ ජීවිතයේ අරුත ගැබ් වී ඇත්තේ විශ්වයේ අවශ්‍යතාවක්‌ තුළ බව සිතිය හැකි ය.

ජීවීන් සිදු කරන්නේ විශ්වයට අවශ්‍ය සේවයක්‌ නම් ඒ සඳහා ජීවීන් නිර්මාණය වී තිබිය යුතු ය. එසේ නම් ජීවීන් ගේ ස්‌වභාවය ව්‍යqහය හැසිරීම වැනි දේවල් තුළින් ඔවුන් ඉටු කරන සේවය කුමක්‌ දැයි අඩු තරමින් ඉගියක්‌ වත් ලබාගත හැකි දැයි සොයා බැලිය හැකි ය. අවුරුදු මිලියන ගණනක්‌ වූ පරිණාමයේ ප්‍රතිඑලයක්‌ ලෙස දැන් පවතින තත්ත්වයට මිනිසා පැමිණ ඇති බව සොයාගෙන ඇත. ජීව පරිණාමවාදය ඉදිරිපත් කළ විද්වත් චාර්ල්ස්‌ ඩාවින් විසින් සත්ත්ව පරිණාමය පිළිsබඳව සොයා ගන්නට යෙදුණු සාක්‌ෂිවලට අමතරව විශාල ප්‍රමාණයක සාක්‌ෂි ජීව විද්‍යාඥයන් අද වන විට සොයාගෙන ඇත. කරුණු මෙසේ හෙයින් ජීව පරිණාමය තුළ සිදු වන්නේ මිනිසා නමැති සත්ත්වයා ඇති කිරීම ද යන ප්‍රශ්නය ඇසිය යුතු ව ඇත. පරිණාමය විසින් ඉටු කරනු ලැබුවේ මිනිසා නිර්මාණය කිරීම පමණක්‌ ද? ඉන්පසු එහි කාර්ය භාරය අවසන් වන්නේ ද?

මිනිසා ජීව පරිණාමයේ අවසාන අවස්‌ථාව ද? මිනිසා ගේ ව්‍යqහය සහ ඥානය තම පරිසරයට ඔබින පරිදි වෙනස්‌ වී ඇත. තවත් වෙනස්‌ වීමක්‌ ඉදිරියේ දී අවශ්‍ය වන්නට ඉඩ ඇති ද? අමරණීය තත්ත්වය සහ සැම විට ම පවතින සතුට ඇති කරගැනීමේ හැකියාව පරිණාමය නිසා ඉදිරියේ දී ඇති විය හැකි වෙනස්‌ වීම් විය හැකි ද?

මිනිසා සතුට සහ අමරණීයත්වය පරිණාමය තුළිsන් ළඟා කරගන්නේ නම් මිනිසා ගේ ජීවිතයේ අරුත එය විය හැකි ය. එහෙත් එසේ වනවා යෑයි සිතිය හැක්‌කේ මිනිසා ගේ ජීවිතයේ අරුත මිනිසා කේන්ද්‍ර කොටගත් එකක්‌ යෑයි පිළිගත් විට පමණි. මිනිසා පරිණාමය වී පවතින්නේ මිනිසා ගේ යහපතට විනා විශ්වයේ යහපත පිණිස නො වේ. විශ්වයට සේවයක්‌ කරන්නට නො වේ. මිනිසා අමරණීයත්වය සහ සතුට ළඟා කරගෙන ජීවත් වන්නට පුළුවන් යෑයි මොහොතකට සිතමු. මිනිසා නිර්මාණය වන්නේ ස්‌වභාවධර්මයේ ද්‍රව්‍ය එකතු වීමෙනි. විශ්වය අනන්ත නො වේ නම් එහි තුළ ඇති ද්‍රව්‍ය අසීමිත නො වන්නේ ය. මිනිසා ගේ මරණය සිදු වන විට මිනිසා සෑදී ඇති ද්‍රව්‍ය විශ්ලේෂණය වී කැඩී බිඳි තවත් ජීවියකු නිර්මාණය වීමට අවශ්‍ය මූල ද්‍රව්‍යවල තත්ත්වයට පත් වේ. එම නිසා ජීවීන් ගේ බිහි වීම සහ මරණය චක්‍රීය ක්‍රියාදාමයක්‌ වන්නේ ය. මෙය මිනිසා නිර්මාණය වී ඇති ද්‍රව්‍ය පිළිබඳව කිව හැකි සත්‍යයකි. බුදුදහමට අනුව ද එය සත්‍යයකි. පටිච්චසමුප්පාදයෙන් කියෑවෙන්නේ ඒ සත්‍යය ය. මිනිසා අමරණීය තත්ත්වයට පත් වන්නේ නම් විශ්වයේ ඇති ද්‍රව්‍ය සීමිත නම් එය සිදු විය හැකි දෙයක්‌ නො වන්නේ ය. එම නිසා සීමිත විශ්වයක අමරණීය මිනිසා බිහි වේ යෑයි සිතිය නොහැකි ය.

මේ නයින් බලන කල සතුට සහ අමරණීයත්වය හිමි කරගත් මිනිසකු බිහි කිරීම ජීවිතයේ අරුත විය නොහැකි ය. ජීවිතයේ අරුත එය නො වන්නේ නම් මිනිසා පරිණාමය තුළින් ලබාගෙන ඇති වර්තමාන තත්ත්වය විශ්වයේ වුවමනාවකට නැත හොත් අවශ්‍යතාවක්‌ ඉටු කිරීමට සිදු වූ දෙයක්‌ විය යුතු ය. ඉහත සඳහන් පරිදි මිනිසා ගේ ව්‍යqහය ස්‌වභාවය සහ හැසිරීම ගැන සොයා බැලීමෙන් ඒ පිළිබඳ ඉඟියක්‌ ලබා ගත හැකි ද? පරිණාමය නිසා අනෙකුත් සත්ත්වයන් තුළ දකින්නට නැති හෝ අඩුවෙන් වර්ධනය වී ඇති ගුණාංග කිහිපයක්‌ මිනිසා තුළ දක්‌නට ඇත. ඉන් පළමුවැන්න ඥානය වන්නේ ය. පරිණාම වෘක්‌ෂයේ මිනිසාට ළඟින් ම සිටින සත්ත්වයා වන චිම්පන්සියා ගේ මොළය මෙන් කිහිප ගුණයක්‌ විශාල වූ මොළයක්‌ මිනිසාට ඇත. එය ඥානය මුල් කරගෙන සිදු වූ වර්ධනයකි. ඥානයට අවශ්‍ය වූ මොළයේ කොටස්‌ බොහෝ සේ වර්ධනය වී ඇත්තේ මිනිසා ගේ මොළයේ ය. එසේ ම තෘෂ්ණාව සහ අයිති කරගැනීමට ඇති ආශාව සත්ත්ව ලෝකයේ වැඩියෙන් ම ඇත්තේ මිනිසාට ය. බුදුහු උන්වහන්සේ ගේ ධර්මයේ තෘෂ්ණාවට මුල් තැනක්‌ දුන් සේක. නිර්මාණාත්මක හැකියාව සහ ඊට අවශ්‍ය අත් පා ඇඟිලි සහ නිර්මාණ ඇගයීමේ හැකියාව පිහිටා ඇත්තේ මිනිසා තුළ ය. මේ ගුණාංග වර්ධනය වූයේ පරිණාමය නිසා ය.

පරිණාමය අවශ්‍ය විශ්වයට මිස ජීවීන්ට නො වන බව මෙතැන දී මතක්‌ කර දිය යුතු ය. කුමක්‌ නිසා ද? සතුට සහ අමරණීයත්වය ළඟා කරගත නොහැකි නිසා මිනිස්‌ ජීවිතයේ අරුත විශ්වයේ අවශ්‍යතාවක්‌ ඉටු කරගැනීමට විය යුතු යෑයි අප නිගමනය කර ඇති නිසා ය. ඥානය තෘෂ්ණාව සහ නිර්මාණාත්මක හැකියාව යන ත්‍රිත්වය විසින් සිදු කෙරෙන්නේ නව නිර්මාණ ය. තව තවත් නව නිර්මාණ ය.

මොළය පාවිච්චි කොට නව නිර්මාණ කරන විට සිදු වන්නේ කුමක්‌ ද? මොළයේ දියුණු වීමකි. මොළයේ මේ දියුණු වීම ඉහත සඳහන් ත්‍රිත්වයේ ම දියුණුවක්‌ විය හැකි ය. ඥානය තෘෂ්ණාව සහ නිර්මාණශීලිත්වය වැනි ගුණාංගවල සිදු වන වෙනස නිසා ජානවල ද වෙනස්‌ වීමක්‌ අනුක්‍රමයෙන් සිදු විය හැකි ය. ජානවල සිදු වන මේ වෙනස ජීව පරිණාමය පුරා ම සිදු වූ දෙයක්‌ බව කිව හැකි ය. චිම්පන්සියා ගේ මොළයට වඩා මිනිසා ගේ මොළය දියුණු වූයේ මේ ලෙසිනි. අවශ්‍යතාව අනුව ජානවල වෙනස්‌ වීම සිදු වන බව සහ ජානවල සිදු වන එම වෙනස්‌ වීම ශරීර ව්‍යqහයේ සහ ක්‍රියාකාරීත්වයේ වෙනසක්‌ හැටියට ප්‍රකාශයට පත් වේ.

මේ වෙනස්‌ වීම අප ඇස්‌පනාපිට සිදු වෙමින් පවතින බව අපට වැටහී යා යුතු ය. විද්‍යාත්මක සහ තාක්‌ෂණික දියුණුවක්‌ ලෙස අප දකින්නේ එහි ප්‍රතිඑලය ය. මේ දියුණුව දියුණුවක්‌ ලෙස දකින්නේ අප ය. තෘෂ්ණාව යහපත් ගුණාංගයක්‌ නො වන බව කියන්නේ අප ය. ඥානය යහපත් දෙයක්‌ ලෙස දකින්නේ අප ය. එසේ වන්නේ මිනිසා කේන්ද්‍ර කරගත් දර්ශනයක්‌ අප ගොඩනගාගෙන ඇති නිසා ය. හොඳ හෝ නරක වේ වා එම ගුණාංග මිනිසා තුළ පිහිටා ඇත්තේ විශ්වයේ අවශ්‍යතාවක්‌ ඉටු කිරීම පිණිස විය යුතු ය. එනම් මිනිස්‌ මොළයේ දියුණුව පිණිස ය. එම දියුණුව මගින් ජානවල වර්ධනය වීම පිණිස ය.

මිනිස්‌ ජීවිතයේ අරුත ජාන වර්ධනය වීම පිණිස දෛශිකයක්‌ සැපයීම ද? ජාන වර්ධනය වීමේ යානය මිනිසා ද? මෙසේ ඇසීමට හේතුවත් ඇත. කෙටි කාලයක්‌ ජීවත් වන මිනිසා මරණයට පත් වන්නේ ජාන ඉතිරි කරමිනි. තමා තුළ වර්ධනය වූ ජාන තමා සමග මරණයට පත් නො වී තව කාලයක්‌ පැවතීමට ස්‌වභාවධර්මය සැලැස්‌මක්‌ යොදා ඇත. ලිංගික ප්‍රජනනය මගින් එය සිදු වීම එම සැලැස්‌ම වන්නේ ය. මේ ලෙස එක්‌ භවයක දී නිපැයුණු ජාන විනාශ නො වී ඊළඟ භවයට යැම හෝ සම්ප්‍රේෂණය වීම මේ ලෙස සිදු වේ. ලිංගික සම්බන්ධයට ඇති තෘෂ්ණාව කුඩා පැටවුන්ට ඇති ආදරය ඔවුන් හදා වඩා ඔවුන්ට ද ප්‍රජනනයට සහභාගි වීමට ඉඩ සැලසීමට ඇති කැමැත්ත වැනි සත්ත්ව ගුණාංග මෙතැන දී වැදගත් වේ.

මිනිසා ගේ හොඳ නරක ගති ගුණ ඥානය මිනිසා සමඟ මරණයට ගොදුරු වූවාට ඒවා සම්පූර්ණයෙන් නැති නො වී පවතින්නේ ජාන මගිනි. පරම්පරාවෙන් පරම්පරාවට ඒවා උරුම වීමේ දී සිදු වන්නේ ඒවා සදාකල්හි දියුණු වෙමින් පැවතීම ය. මෙතැන දී දියුණුව යනුවෙන් අදහස්‌ වන්නේ වෙනස්‌ වීමක්‌ සහ හැකියාවේ වර්ධනයකි. එම ජාන පවතිනවා පමණක්‌ නො ව ඒවා තුළ වෙනස්‌ වීමක්‌ ද සිදු වේ. කාලෝස්‌ බුස්‌ටමාන්ටෙර් ගේ (
Carlos Bustamante 2005 Oct 20 Nature) ප්‍රධානත්වයෙන් සිදු කළ පර්යේෂණවල දී ඔප්පු වූයේ මිනිසා වර්තමානයේ ද පරිණාමය වන බව ය. ඔවුන් ගේ පර්යේෂණයට අයත් වූයේ මිනිසුන් 39 දෙනකු සහ චිම්පන්සියකු විය. ඔවුන් සොයාගෙන ඇත්තේ මිනිසා ගේ ප්‍රතිශක්‌ති පද්ධතිය (Immune system), ශුක්‍රාණු බීජ නිෂ්aපාදනය සහ ඉන්ද්‍රිය සංජානනය (sensory perception) පරිණාමය මගින් වර්ධනය වන බවයි. මුළු ජාන සංඛ්‍යාවෙන් 9%ක්‌ පමණ වේගයෙන් පරිණාමය වන බව ඔවුන් සොයාගෙන ඇත.



සජීවි වස්‌තු අජීවි වස්‌තුන් ගෙන් මූලික ව වෙනස්‌ වන්නේ DNA නමැති ද්‍රව්‍ය සජීවීන් තුළ ඇති නිසා ය. ජාන සෑදී ඇති මේ DNAවලට එහි ප්‍රතිකෘතියක්‌ (
Replication) නිර්මාණය කිරීමේ හැකියාව ඇත. ජීවීන් ගේ ව්‍යqහය නිර්මාණය කිරීම සහ ක්‍රියාකාර්ය පිණිස අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක්‌ වන ප්‍රොටීන් නිෂ්aපාදනය සඳහා අච්චුව (Template) මේ DNAවල පිsහිටා ඇත. සෑදෙන ප්‍රොaටීනවලින් එම සත්ත්වයාට අනන්‍ය සහ විශේෂී වූ ව්‍යqහය නිගමනය වේ. DNA මුලට ම සෑදෙන්නට ඇත්තේ අභ්‍යවකාශයේ විය යුතු යෑයි විද්‍යාඥයන් සැක පහළ කොට ඇත. ජීවීන් ගේ රහස ඇත්තේ අභ්‍යවකාශයේ විය හැකි ය. සැමට පොදු මතවාදයේ (Theory of Everything) රහස ද ඇත්තේ අභ්‍යවකාශයේ විය හැකි ය. ජීවීන් ගේ බිහි වීම DNAවල බිහි වීම විය යුතු ය. DNA හෝ ඊට සමාන RභAවලින් පමණක්‌ සමන්විත වයිරස්‌ නමැති ක්‌ෂුද්‍ර ජීවීන් සිටින බව අපි දනිමු.

ජීව විද්‍යාවේ ජාන (නැතිනම් DNA)වල ව්‍යqහය සහ ක්‍රියාකාරීත්වය සොයාගැනීමේ දී භෞතික විද්‍යාවේ ද්‍රව්‍ය මූල අංශුවල හැසිරීම පැහැදිලි කරගැනීම ඉතා වැදගත් වන බව අමුතුවෙන් කිවමනා නො වේ. මේ අංශු ගැන හොඳ අවබෝධයක්‌ ලබාගැනීමට තන්තුවාදය යම් කිසි දුරකට විද්‍යාඥයා රැගෙන යන බව ඉහත සඳහන් කළෙමි. ජීවියා ගේ මුල් බිහි වීම සොයාගැනීමට මේ මතවාද සහ ඒවායේ සම්බන්ධතා මේ නිසා ඉතා ම වැදගත් වන්නේ ය. තන්තුවාදය මගින් පරිණාමවාදය පැහැදිලි කළ හැකි නම් උත්තරයට අප තවත් ළං වන බව කිව හැකි ය. මිනිස්‌ ජීවිතයේ අරුත ජාන වර්ධනය වීමට යානයක්‌ (
Vehicle) සැපයීම නම් ප්‍රථමයෙන් DNA බිහි වූයේ කොහේ ද කොහොම ද යන ප්‍රශ්නය සහ ජාන සෑදී ඇති ද්‍රව්‍ය මූල අංශුවල ව්‍යqහය හැසිරීම ගැන සම්පූර්ණ පැහැදිලි කිරීමක්‌ අවශ්‍ය වන්නේ ය. මේ කරුණු ඉදිරියේ දී සාකච්ජා කිරීමට බලාපොරොත්තු වෙමි.

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග D.Sc.